Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මහින්ද රාජපක්ෂ හෙලිකල මතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං අම්මා ගාවට යද්දි අම්මා මේ ලෝකෙ දාලා යන්නම ගිහිල්ලා – මහින්ද රාජපක්ෂ හෙලිකල මතකය

[ATTACH=full]81629[/ATTACH]

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දී වසර 50 සපිරෙයි. අඩ සියවස තුළ ලංකාවේ සිදුවූ විපර්යාස බොහෝය.

1971 කැරැල්ලත්, 1989 කැරැල්ලත් ඔහු දුටුවේය. 1976න් ඇරඹි වසර තිහක් පුරා ඇදී ගිය යුද්ධය මුළුමනින්ම ඔහුගේ ජීවිත කාලය තුළ දුටුවේය. 2004 ආ මහා සුනාමි ව්‍යසනය ඇතුළු ඛේදවාචකවලින් ජනතා ජීවිත විනාශ වීමද ඒවායින් රට නැගිටීමද ඔහුගේ දේශපාලන ජීවිත කාලය තුළ සිදුවූ දේය. රාජ්‍ය මැදිහත් වීමකින් තොර ආවෘත ආර්ථික ක්රමයක ස්වරූපද ඊට පටහැනි මුළුමනින්ම විවෘත ආර්ථික ක්රමයක ස්වරූපද ඔහුගේ ජීවිත කාලය තුළ අත් දුටුවේය. අතීත පාර්ලිමේන්තුවේ සිටි දේශපාලන දැවැන්තයන් වූ කොල්වින්, ඇන්.ඇම්., ටී.බී. ඉලංගරත්න, බර්නාඩ් සොයිසා, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, පීලික්ස් ඩයස් බණ්ඩාරනායක ආදී දේශපාලන දැවැන්තයන් සමග ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මේසා මහත් අත්දැකීම් රාශියක් ඇති දැවැන්ත දේශපාලනඥයකු අද ආසියානු ප්රජාතන්ත්රවාදී දේශපාලන ධාරාවේ හිදී ද යනු සැක සහිතය. මේ ගෙවුණ අඩසියවසෙන් ඇබිත්තක් ගැන ඔහු හා කළ අතීතාවර්ජනයයි.

* ඔබගේ පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයට අදට වසර පනහ සම්පූර්ණ වෙනවා. ඔබ වාර දෙකක් ජනාධිපති ධුරයේ තේරී පත් වී කටයුතු කළා. අවස්ථා තුනක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූවා. අවස්ථා දෙකක් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළා. කම්කරු ඇමැති, ධීවර ඇමැති, අධිවේගී හා මහා මාර්ග මුදල් ඇමැති, බුද්ධ ශාසන ඇමැති ආදී අමාත්‍ය ධුර රාශියක් හොබවා තිබෙනවා. ලංකාවේ ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් 1970 දිවුරුම් දුන් ඔබට සම කළ හැකි දේශපාලනඥයකු දැන් ලංකාවේ නෑ. මේ දැවැන්ත දේශපාලන ගමන ගැන මොනවද හිතෙන්නේ?

මේ සේරම තනතුරුනේ. මේවට ඕනෑ කෙනකුට පත් වෙන්න පුළුවන්. මම මහින්ද රාජපක්ෂ. ඒකයි රටට වටින්නේ. එච්චරයි අන්තිමට ඉතුරු වෙන්නේ.

*ඔබ පැවත එන්නේ ලොකු දේශපාලන ඉතිහාසයක් තියෙන පරපුරකින්. දේශපාලනයට එන්න මුලින්ම පාර කැපුණේ කොහොමද?

කවුරුත් දන්නවා ඩී.එම්. රාජපක්ෂ. එයා මගේ ලොකු තාත්තා. එයාට කිව්වේ ‘‘රුහුණේ සිංහයා’’. අධිරාජ්‍ය විරෝධී හැඟීම් එයාගේ ඇඟේ තිබුණා. 1937 බ්රේස්ගල්ඩ් සිද්ධිය වෙලාවේ ගෝල්ෆේස් පිට්ටනියේ මහ රැලියේදී සුද්දො පන්නන්න අපි ලේත් මසුත් පූජා කරන්න ඕනෑ කියලා කිව්වා.

ලොකු තාත්තා මළාට පස්සේ අපේ තාත්තා ඩී.ඒ. රාජපක්ෂ තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගියේ. කුඹුරෙන් ගොඩවෙලා නාම යෝජනාවට අත්සන් කළේ අපේ තාත්තා. බණ්ඩාරනායක ළඟට යූ.එන්.පී.ය අතහැරලා 1951 විපක්ෂයට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිහිටුවන්න මුල් වුණේ අපේ තාත්තා. තාත්තා මිය ගියාට පස්සේ තුන් මාසෙ දානේ දවසේ සිරිමාවෝ මැතිනිය අපේ මැදමුලන ගෙදරට ආවා.

“මිසිස් ඩී.ඒ. මට පවුලේ කෙනෙක් ඕනෑ බෙලිඅත්තට ලොකු පුතා චමල්ව දෙන්න” කියලා කීවා. නමුත් චමල් අයියා දේශපාලනයට එන්න කැමැති වුණේ නෑ. අම්මා මැතිනියට භාර දුන්නේ මාව.

* ළමා කාලේ ලැබුණ දේශපාලන ඇත්දැකීම් මොනවාද?

ලොකු තාත්තා දේශපාලනය කරන්න ගිහින් අපේ දේවල් සෑහෙන්න නැති කරගෙන තිබුණා. අපේ තාත්තා ලොකු තාත්තාට දේශපාලන වැඩවලට සල්ලි ඕන වුණාම ඉඩම් උකස් කරලා සල්ලි අරන් දෙනවා. දැන් මහ ඉඩමට යා වෙලා තියෙන අක්කර 200ක් ඒ කාලෙම දේශපාලන වැඩවලට සින්න වෙලා ගියා. අපේ මැදමුලන මහ ගෙදරත් ලොකු තාත්තා මැරෙනකොට උකස් කරලා තිබුණේ. ගේ සින්න වෙන්න යනකොට නෑයොයි, පසුකලෙක ශ්‍රීලනිපයේ එදා හිටපු මන්ත්‍රීවරුනුත් බණ්ඩාරනායක මහත්තයයි සල්ලි දීල තමයි උකස බේරා ගත්තේ.

අපේ පවුල ලොකු එකක්. එදා කොයි පවුලත් එහෙමයි. අපේ ගෙදර තිබුණා නව රියන කියලා කොටසක්. ඒක දිග එළිමහන් ශාලාවක්. පිරිමි ඔක්කොම නිදා ගත්තේ ඒකේ. කාර් එක ඉල්ල ගන්න මහරෑටත් ඔය ශාලාවට තමයි අපිව හොයාගෙන එන්නේ.

ඒ වෙනකොට අපේ ලොකු තාත්තාගේ පුත්තු දෙන්නත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගිහින්. ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ. මේ දෙන්නා අතරින් මම වඩා කැමැති ලක්ෂ්මන් අයියාට. එයා මුල්කිරිගල ජනතාව අතරේ වැඩ කළ හැටි. මිනිස්සු දිනාගත්ත හැටි මට පාඩමක් වුණා.

ඔබගේ පවුලේ සහෝදරයෝ දෙන්නෙක් දේශපාලනයට ආවා. ඒක ඔබේ දේශපාලන ගමනට බලපෑවේ කොහොමද?

බැසිල් මාත් එක්කම වාගෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට ආවේ. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම් වුණා. නමුත් මම ඒ තරුණ සංවිධානයේ තනතුරකට තරග කරලා පරාද වුණා. බැසිල්ට හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා. ඒක අපේ ගෙදරත්, ගෙදර දාන මාන උත්සව මොන දේ තිබුණත් සංවිධානය කළේ බැසිල්. දානයක් දුන්නත් වුවමනා පුටු, පිඟන්, හැඳි, පඩික්කම්, තිර ඇතිරිලි, බුලත් අත පවා එයා ලිස්ට් හදලා පිළිවෙළට කරනවා. මම ඒ වැඩවලට එනවාට එයා කැමැති නෑ. මොකද වැඩ කරන අයව මම ගිහින් කතාවට අල්ල ගන්නවයි කියලා. බැසිල්ගෙ කවුරුත් නොදන්න ආසාවක් හැකියාවක් තියෙනවා. ඒ තමයි ගොවිතැන. ඉස්කෝලේ යන කාලේ මිරිහානේ නතර වෙලා ඉන්න නිසා එයා ගෙදර වත්ත වැව්වා. නුවරඑළියෙ වැවෙන හැම දෙයක්ම ඉතාම හොඳට ඒ වත්තේ වැව්වා. තවත් වතාවක් වීරකැටියේ වත්ත බැසිල් වැව්වා. ඒ පළාතේ තිබුණ ආදර්ශමත්ම පොල් වත්තට ඒ වත්ත තේරුණා. එදා ඒ වත්තෙ තිබුණ හැම පොල් ගහකටම ෆයිල් එකක් දාලා තිබුණා. පෝර දාපු දිනය, වවපු දිනය, ගෙඩි ගාණ රෝග ඒ ෆයිල් එකේ තිබුණා. ඒ පුරුද්ද අද හැම ගමකම විස්තර තියෙන ෆයිල් එකක් බැසිල් ගාව තියෙනවා. (සිනාසී) සමහර විට හැම මිනිහගෙම ෆයිල් එකකුත් ඇති. උතුරේ යුද්ධෙ කරන කොට නැගෙනහිරම ගොඩනගන්න පුළුවන් වුණේ බැසිල් නිසා.

[QUOTE="yosh371, post: 25447410, member: 329295"] [CENTER][SIZE=7][B]මං අම්මා ගාවට යද්දි අම්මා මේ ලෝකෙ දාලා යන්නම ගිහිල්ලා – මහින්ද රාජපක්ෂ හෙලිකල මතකය[/B][/SIZE] [ATTACH type="full"]81629[/ATTACH] මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දී වසර 50 සපිරෙයි. අඩ සියවස තුළ ලංකාවේ සිදුවූ විපර්යාස බොහෝය. 1971 කැරැල්ලත්, 1989 කැරැල්ලත් ඔහු දුටුවේය. 1976න් ඇරඹි වසර තිහක් පුරා ඇදී ගිය යුද්ධය මුළුමනින්ම ඔහුගේ ජීවිත කාලය තුළ දුටුවේය. 2004 ආ මහා සුනාමි ව්‍යසනය ඇතුළු ඛේදවාචකවලින් ජනතා ජීවිත විනාශ වීමද ඒවායින් රට නැගිටීමද ඔහුගේ දේශපාලන ජීවිත කාලය තුළ සිදුවූ දේය. රාජ්‍ය මැදිහත් වීමකින් තොර ආවෘත ආර්ථික ක්රමයක ස්වරූපද ඊට පටහැනි මුළුමනින්ම විවෘත ආර්ථික ක්රමයක ස්වරූපද ඔහුගේ ජීවිත කාලය තුළ අත් දුටුවේය. අතීත පාර්ලිමේන්තුවේ සිටි දේශපාලන දැවැන්තයන් වූ කොල්වින්, ඇන්.ඇම්., ටී.බී. ඉලංගරත්න, බර්නාඩ් සොයිසා, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, පීලික්ස් ඩයස් බණ්ඩාරනායක ආදී දේශපාලන දැවැන්තයන් සමග ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මේසා මහත් අත්දැකීම් රාශියක් ඇති දැවැන්ත දේශපාලනඥයකු අද ආසියානු ප්රජාතන්ත්රවාදී දේශපාලන ධාරාවේ හිදී ද යනු සැක සහිතය. මේ ගෙවුණ අඩසියවසෙන් ඇබිත්තක් ගැන ඔහු හා කළ අතීතාවර්ජනයයි. * ඔබගේ පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයට අදට වසර පනහ සම්පූර්ණ වෙනවා. ඔබ වාර දෙකක් ජනාධිපති ධුරයේ තේරී පත් වී කටයුතු කළා. අවස්ථා තුනක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූවා. අවස්ථා දෙකක් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළා. කම්කරු ඇමැති, ධීවර ඇමැති, අධිවේගී හා මහා මාර්ග මුදල් ඇමැති, බුද්ධ ශාසන ඇමැති ආදී අමාත්‍ය ධුර රාශියක් හොබවා තිබෙනවා. ලංකාවේ ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් 1970 දිවුරුම් දුන් ඔබට සම කළ හැකි දේශපාලනඥයකු දැන් ලංකාවේ නෑ. මේ දැවැන්ත දේශපාලන ගමන ගැන මොනවද හිතෙන්නේ? මේ සේරම තනතුරුනේ. මේවට ඕනෑ කෙනකුට පත් වෙන්න පුළුවන්. මම මහින්ද රාජපක්ෂ. ඒකයි රටට වටින්නේ. එච්චරයි අන්තිමට ඉතුරු වෙන්නේ. *ඔබ පැවත එන්නේ ලොකු දේශපාලන ඉතිහාසයක් තියෙන පරපුරකින්. දේශපාලනයට එන්න මුලින්ම පාර කැපුණේ කොහොමද? කවුරුත් දන්නවා ඩී.එම්. රාජපක්ෂ. එයා මගේ ලොකු තාත්තා. එයාට කිව්වේ ‘‘රුහුණේ සිංහයා’’. අධිරාජ්‍ය විරෝධී හැඟීම් එයාගේ ඇඟේ තිබුණා. 1937 බ්රේස්ගල්ඩ් සිද්ධිය වෙලාවේ ගෝල්ෆේස් පිට්ටනියේ මහ රැලියේදී සුද්දො පන්නන්න අපි ලේත් මසුත් පූජා කරන්න ඕනෑ කියලා කිව්වා. ලොකු තාත්තා මළාට පස්සේ අපේ තාත්තා ඩී.ඒ. රාජපක්ෂ තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගියේ. කුඹුරෙන් ගොඩවෙලා නාම යෝජනාවට අත්සන් කළේ අපේ තාත්තා. බණ්ඩාරනායක ළඟට යූ.එන්.පී.ය අතහැරලා 1951 විපක්ෂයට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිහිටුවන්න මුල් වුණේ අපේ තාත්තා. තාත්තා මිය ගියාට පස්සේ තුන් මාසෙ දානේ දවසේ සිරිමාවෝ මැතිනිය අපේ මැදමුලන ගෙදරට ආවා. “මිසිස් ඩී.ඒ. මට පවුලේ කෙනෙක් ඕනෑ බෙලිඅත්තට ලොකු පුතා චමල්ව දෙන්න” කියලා කීවා. නමුත් චමල් අයියා දේශපාලනයට එන්න කැමැති වුණේ නෑ. අම්මා මැතිනියට භාර දුන්නේ මාව. * ළමා කාලේ ලැබුණ දේශපාලන ඇත්දැකීම් මොනවාද? ලොකු තාත්තා දේශපාලනය කරන්න ගිහින් අපේ දේවල් සෑහෙන්න නැති කරගෙන තිබුණා. අපේ තාත්තා ලොකු තාත්තාට දේශපාලන වැඩවලට සල්ලි ඕන වුණාම ඉඩම් උකස් කරලා සල්ලි අරන් දෙනවා. දැන් මහ ඉඩමට යා වෙලා තියෙන අක්කර 200ක් ඒ කාලෙම දේශපාලන වැඩවලට සින්න වෙලා ගියා. අපේ මැදමුලන මහ ගෙදරත් ලොකු තාත්තා මැරෙනකොට උකස් කරලා තිබුණේ. ගේ සින්න වෙන්න යනකොට නෑයොයි, පසුකලෙක ශ්‍රීලනිපයේ එදා හිටපු මන්ත්‍රීවරුනුත් බණ්ඩාරනායක මහත්තයයි සල්ලි දීල තමයි උකස බේරා ගත්තේ. අපේ පවුල ලොකු එකක්. එදා කොයි පවුලත් එහෙමයි. අපේ ගෙදර තිබුණා නව රියන කියලා කොටසක්. ඒක දිග එළිමහන් ශාලාවක්. පිරිමි ඔක්කොම නිදා ගත්තේ ඒකේ. කාර් එක ඉල්ල ගන්න මහරෑටත් ඔය ශාලාවට තමයි අපිව හොයාගෙන එන්නේ. ඒ වෙනකොට අපේ ලොකු තාත්තාගේ පුත්තු දෙන්නත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගිහින්. ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ. මේ දෙන්නා අතරින් මම වඩා කැමැති ලක්ෂ්මන් අයියාට. එයා මුල්කිරිගල ජනතාව අතරේ වැඩ කළ හැටි. මිනිස්සු දිනාගත්ත හැටි මට පාඩමක් වුණා. ඔබගේ පවුලේ සහෝදරයෝ දෙන්නෙක් දේශපාලනයට ආවා. ඒක ඔබේ දේශපාලන ගමනට බලපෑවේ කොහොමද? බැසිල් මාත් එක්කම වාගෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට ආවේ. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම් වුණා. නමුත් මම ඒ තරුණ සංවිධානයේ තනතුරකට තරග කරලා පරාද වුණා. බැසිල්ට හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා. ඒක අපේ ගෙදරත්, ගෙදර දාන මාන උත්සව මොන දේ තිබුණත් සංවිධානය කළේ බැසිල්. දානයක් දුන්නත් වුවමනා පුටු, පිඟන්, හැඳි, පඩික්කම්, තිර ඇතිරිලි, බුලත් අත පවා එයා ලිස්ට් හදලා පිළිවෙළට කරනවා. මම ඒ වැඩවලට එනවාට එයා කැමැති නෑ. මොකද වැඩ කරන අයව මම ගිහින් කතාවට අල්ල ගන්නවයි කියලා. බැසිල්ගෙ කවුරුත් නොදන්න ආසාවක් හැකියාවක් තියෙනවා. ඒ තමයි ගොවිතැන. ඉස්කෝලේ යන කාලේ මිරිහානේ නතර වෙලා ඉන්න නිසා එයා ගෙදර වත්ත වැව්වා. නුවරඑළියෙ වැවෙන හැම දෙයක්ම ඉතාම හොඳට ඒ වත්තේ වැව්වා. තවත් වතාවක් වීරකැටියේ වත්ත බැසිල් වැව්වා. ඒ පළාතේ තිබුණ ආදර්ශමත්ම පොල් වත්තට ඒ වත්ත තේරුණා. එදා ඒ වත්තෙ තිබුණ හැම පොල් ගහකටම ෆයිල් එකක් දාලා තිබුණා. පෝර දාපු දිනය, වවපු දිනය, ගෙඩි ගාණ රෝග ඒ ෆයිල් එකේ තිබුණා. ඒ පුරුද්ද අද හැම ගමකම විස්තර තියෙන ෆයිල් එකක් බැසිල් ගාව තියෙනවා. (සිනාසී) සමහර විට හැම මිනිහගෙම ෆයිල් එකකුත් ඇති. උතුරේ යුද්ධෙ කරන කොට නැගෙනහිරම ගොඩනගන්න පුළුවන් වුණේ බැසිල් නිසා. [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom