Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මහින්ද රාජපක්ෂ හෙලිකල මතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට පවුලේ වැඩිමලා වූ චමල්..?

1992 පාද යාත්‍රාවෙන් පස්සේ බැසිල්, මම, චමල් අයියා, අපේ සමීප හිතවතුන් එකතු වෙලා සාකච්ඡාවක් කළා ඉදිරි දේශපාලන කටයුතු කරන්නේ කොහොමද කියලා. එතනදී මම ජාතික දේශපාලන කාරණා ගැන පෙනී සිටින්නත්, චමල් අයියා රුහුණේ දේශපාලනය ගැන බලා ගන්නත් තීන්දු කළා. චමල් අයියා තමයි දකුණේ බොහෝ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණේ. එයා රුහුණේකම හොඳින්ම තේරුම් ගත්ත කෙනා. එයාට අපේ පවුලේ සියලු දෙනා වගේම ප්‍රදේශයේ ජනතාවත් ආදරෙයි. එයා එක්තරා විදියට නියෝජනය කරන්නේ අපේ තාත්තාගේ තිබුණු අව්‍යාජකම වගේම නිරහන්කාර කම.

ගෝඨාභය රාජපක්ෂ වතාවක් කියලා තිබුණා එයා තමයි පවුලේ අහිංසකම ළමයා කියලා. ඇත්තද ඒ කතාව.?

සම්පූර්ණ ඇත්ත. ගෝඨා අහිසංක විතරක් නෙවෙයි. බොහොම සංවේදී කෙනෙක්. බාල කාලෙ ඉඳලම කොළඹ ආනන්දෙ බෝඩිමේ හැදුණේ. පුංචි කාලෙ ගෙදර ආවහම අම්මා දාලා කොළඹ යන්න කැමැති නෑ. මමයි තාත්තයි අඬද්දි බලෙන් කාරෙකේ දාගෙන කොළඹ ඇවිත් මාමා කෙනකුට ගෝල්ෆේස් පෙන්වන්න කියලා භාර දෙනවා. මාමා ගෝල්ෆේස් පෙන්නලා එක්කගෙන ගිහින් ආනන්දෙ බෝඩිමට භාර දෙනවා.

ගෝඨා ආනන්දෙන් ලොකු හැදියාක් ඇතිව හැදුණා. ඒ කාලෙත් විශාල වශයෙන් පොත් කියවනවා. වැඩක් කරන්න කලින් ඒකෙ අවසාන නිමාව ගැන හිතනවා. ඒකට අනුව සැලසුම් කරනවා. වචනයක් කතා කළත් දෙපාරක් හිතනවා. අහිංසකකම වගේම තමයි නිර්භීතකම. හතර වටෙන් ගහනකොට සේනාවක් එක්ක යාපනේ කොටුවට යන්න තරම් නිර්භීතකමක් එයාට තිබුණා. හමුදා බලධාරියෙක් නිසා එයාට හොඳ විනයක් තිබුණා. උදේ නැගිටින කොට පළමුවෙන් තමන් නිදා ගත්ත ඇඳ පිළිවෙළට හදලා ඇඳෙන් බහින්න ඕනෑ කියන හැඟීම එයාට තිබුණා.

නිදාගත්ත ඇඳ උදේට හදලා වැඩ පටන් ගත්ත පරපුරකට රටක් හදන්න පුළුවන් කියලා එයා ඒ කාලෙ ඉඳන් කිව්වා. ඒකනේ එයා විශ්වවිද්‍යාලේ යන හැම කෙනකුටම නායකත්ව පුහුණුව දෙන්න පටන් ගත්තේ.

ඔබ ජන සමූහයක් සමග නිතරම ජීවත් වුණ කෙනෙක්. හොඳම යාළුවා කවුද?

මඟුල් ගෙදර හොඳම යාළුවාට හිටියේ අනුර බණ්ඩාරනායක. අනුර හොඳ යාළුවෙක්. මඟුල් පින්තූරෙ අනෙක් පැත්තේ හිටියේ සරත් නන්ද සිල්වා. මාත් එක්කම 1970 පාර්ලිමේන්තු ආව වාසුත් ඒ වාගේම යාළුවෙක්. අනුර මට වඩා බාලයි. අනුර තරහ වුණහම ලොකු ලියුම් එවනවා. මම ඒවා කියවන්නෙවත් නෑ. මොකද ආයෙත් යාළු මිත්‍රකම් පවත්වන්න ඕනෑ නිසා. යාළුවන්ව ආශ්‍රය කරන්න ඕනෑ ඒ අයගෙ දුර්වලකම් භාර ගන්න බලාගෙන. එහෙම නැතුව හොඳ යාළුවො වෙන්න බෑ. 1992 මම පාද යාත්‍රාව ගියෙත් අනුරව බලයට ගේන්න හිතාගෙන.

ඔබ නෙවෙයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔටුන්න හිමි කුමාරයා අනුර. ඇයි අනුරට ඔටුන්න මග හැරුණේ..?

මැතිනියට අනුරව කවදත් පෙනුණේ පොඩි පුතා හැටියට. පොඩි එකෙක් හැටියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුරට භාර දෙන්න මැතිනිය කවදාවත් කැමැති වුණේ නෑ. අනුර ජේ.ආර්. ජයවර්ධනගෙ උගුලට වැටිලා පක්ෂය විනාශ කරයි කියලා මැතිනිය හිතුවේ. අනුරත් හිතාගෙන හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රටේ නායකත්වයත් එයාට උරුමයෙන් ලැබෙයි කියලා.

මට මතකයි 1983 මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ මුල්කිරිගල ශ්‍රීලනිප අපේක්ෂකයා වුණේ චමල් අයියා. කොළඹ හිටපු ඔක්කොම merayo ජේ.ආර්. මුල්කිරිගල අතුරු මැතිවරණයට එවලා තිබුණා. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට එළියට බහින්න නොදී merayo පහර දුන්නා. අපිට සිද්ධ වුණා මුල්කිරිගල ලොකු සටනක් කරන්න. කොළඹින් ආව merayo පැනලා ගියා. මාව ඡන්ද දවසෙම අත්අඩංගුවට ගන්න හැදුවා. මම කොළඹ ඇවිත් උසාවියට භාර වෙලා රිමාන්ඩ් වුණා. 2015 වාගේම තමයි ශ්‍රීලනියේ කවුරුවත් මාව බලන්න බන්ධනාගාරයට ආවේ නෑ. අනුර ඔය ඉලෙක්ෂන් එක වෙනුවෙන් කොළඹ හිතවතුන්ට ලොකු පාටියක් දීලා තිබුණා. අපේ පාක්ෂිකයො ඒ පාටිය ගැන අනුරට හොඳට දොස් කියලා පාටියේ අයගේ කාර්වලත් හුළං අරලා. එයා හිරගෙවල්වලට බයයි. මම ඒක දන්නවා. අන්තිමට අනුර බන්ධනාගාරයට ඇවිත් මාව බලලා ඇඬුවා. ඒ මගෙ යාළුවාගෙ හැටි. මම රිමාන්ඩ් එකේ ඉන්න කොට අම්මාට ගොඩක් අසනීප වෙලා රෝහල් ගත කර තිබුණා. අම්මාගේ අවසන් මොහොතේ මම අම්ම බලන්න ඇඳ ළඟට යන්න අවසර ඉල්ලුවා. එදා ඒ අවසරය දුන්නේ ගොඩක් පරක්කු වෙලා. රෝහල ළඟට මාව ගෙනිච්චෙ කසි කබල් බස් එකක. බස් එක මගදි කැඩුණා. එතකොට සරත් නන්ද සිල්වා නීතිපති දෙපාර්තමේන්තුවේ. සරත් නන්ද සිල්වාත් එයාගේ වාහනෙන් බැහැල ඇවිත් බස් එක තල්ලු කළා මාව අම්මාගෙ ඇඳ ළඟට ඉක්මනට ගෙනියන්න. ඒත් මම අම්මගෙ ඇඳ ළඟට යනකොට අම්මා ඇස් දෙක පියාගෙන. යූ.එන්.පී.ය බලයට ආවහම විරුද්ධවාදීන්ගේ ඇස්වල කඳුළු දකින්න හරි කැමැතියි.

1992 පැවැත්වූ පාද යාත්‍රාවෙන් නේද මහින්ද රාජපක්ෂ ජන නායකයෙක් හැටියට උඩට ආවේ?

පාද යාත්‍රාව මම උඩට එන්න කළ දෙයක් නෙවෙයි. පක්ෂය ඒ වෙනකොට කෑලිවලට බෙදිලා වෙන් වෙලා. පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මාස හතරකින් පහකින් රැස් වෙලා නෑ. මධ්‍යම කාරක සභාව මාස තුනකින් රැස් කරන්න පුළුවන් වෙලා තිබුණේ නෑ. චන්ද්‍රිකාල, විජයල පක්ෂෙ කඩාගෙන ගිහින්. අපිට බලය ගන්න පුළුවන් කියන විශ්වාසය ජනතාවට තිබුණේ නෑ. ජේවීපී එකත් කැරලි ගහලා දහස් ගණනක්නැතිවෙලා කාලා ප්‍රේමදාසව හොලවන්නවත් පුළුවන් වෙලා තිබුණේ නෑ. ඒ වෙලාවේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ටත් වඩා මාත් එක්ක හිටියේ යූඑන්පී විරෝධී බලවේග. කුසල් පෙරේරාව අමතක කරන්න බෑ. ඒ වාගේ පක්ෂයට පිටස්තර බලවේග තමයි අපට ලොකු ජවයක් දුන්නේ. පාද යාත්‍රාව පටන් ගත්තේ විහාර මහා දේවි උද්‍යානය ළඟින්. හැමෝම හිතුවේ පටන් ගන්නකොට අපිව ගහලා විසිරුවා හරියි කියලා. සෙනඟ පාර දෙපැත්තට වෙලා ඈතට වෙලා බලා හිටියා මිස ආවේ නෑ. මට මතකයි මුල හරියේ යන කොට මන්ත්‍රී කෙනෙක් කිව්වා මෙහෙම යනවාට වඩා හොඳයි පොලිස් නිලධාරියකුගේ ඇඟේ හැපිලා ගහගෙන ප්‍රේමදාස පාද යාත්‍රාව විසුරුවා හරී කියලා කියවාගමු. නැතිනම් වස ලජ්ජාව කියලා කිව්වා. නමුත් අපි අල්ලාගෙන බම්බලපිටිය පසුකරගෙන යන කොට ටික ටික සෙනඟ එකතු වුණා. ඊට පස්සේ අනුරත් චන්ද්‍රිකාත් පාද යාත්‍රාවට ආවා. මේ දෙන්නත් දෙපැත්තක තියාගෙන තමයි අපිට පාද යාත්‍රාව යන්න පුළුවන් වුණේ. පානදුර, කළුතර පසු කරගෙන යන කොට දහස් ගණනක් ජනතාව පාද යාත්‍රාවට ආවේ. දරුවො නැතිවුණු, ටයර් සෑ උඩ දාපු අම්මලා අඬ අඬා පාද යාත්‍රාවේ ආවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ පාද යාත්‍රාවට විරුද්ධව පෝස්ටර් ගැහුවා. ඒක තමයි ඒ ගොල්ලන්ගේ දේශපාලනය.

මාතරදි පාදයාත්‍රා ජන හමුවේදී ඔබතුමා චන්ද්‍රිකා කුමාරතුංගට බැන්නා. ඒක පසු කාලීන දේශාපාලනයටත් බලපෑවා. මම හරිද?

ඔව්..ඒ රාජිත නිසා. රාජිත තමයි පාදයාත්රාවේ ලවුස්ස්පීකර් බඳින වෑන් එක දුන්නේ. නමුත් මාතර වේදිකාවේදි රාජිතට කතාවක් දෙන්න බෑ කියලා චන්ද්‍රිකා කීවා. මම ඒ වෙලාවේ බලෙන් රාජිතට කතාවක් දුන්නා. මම චන්ද්‍රිකාට දොස් කියන පින්තූරෙ පසුදා ඉංග්‍රීසි පත්තරේක මුල් පිටේ පළ වුණා.

එදා ඉඳන් එතුමිය වෛර බැන්දා?

ඒක මම දන්නේ නෑ. හැබැයි එතුමිය ඒ ගැන පසුකාලීනව ජනාධිපති වුණහම මතක් කළා. මට ලැබුණෙත් කම්කරු ඇමැතිකම.ඊළඟට ධීවර ඇමැතිකම ‘‘හොඳ ඇමැතිකමක් ලැබුණේ නෑනේ.’’ ඒ නිසා මට වැඩ කරන්න බැරි වුණානේ. ලොක්කා මට වැඩ කරන්න දුන්නේ නෑනේ කියලා සමහර ඇමැතිවරු කියන කොට මම එදා වැඩ කළ හැටි පෙන්නලා දෙනවා. තමන්ගේ දේශපාලන ගමන යන්න ඇමැතිකම ඕනම නෑ.

දේශපාලන ලෝකයේ උගුල් බොරු වළවල් බොහොමයි. වසර පනහ තුළ එහෙම ඔබේ මග කපලා තිබුණ බොරු වළවල් මොනවද?

70 ලංකාවේ ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රී වුණ වෙලාවේ මම පෞද්ගලක මන්ත්‍රී යෝජනාවක් ගෙනාව ඉන්දියාවේ ලුම්බිණිය සංවර්ධනය කරන්න කියලා. විපක්ෂ නායක ජේ.ආර්. ඒක අහලා මට ප්‍රශංසා කරලා කීවා ඔබතුමා ගේන්න. මම ස්ථිර කරන්නම් කියලා. මට අගමැති සිරිමාවෝ මැතිනිය පණිවුඩයක් එවලා තිබුණා ඔය යෝජනාව විදේශ අමාත්‍යාංශයේ වැඩක්. ඕක ඉවත් කර ගන්න කියලා. මම මේ යෝජනාව ඉල්ලා අස් කර ගන්න යන කොට ජේ.ආර්. ඒක හොඳ යෝජනාවක්. ඉල්ලා අස් කර ගන්න එපා කිව්වා. ඒත් මම නායිකාවගේ කීමට යෝජනාව ඉල්ලා අස් කර ගත්තා. මම ඒක ඉල්ලා අස් කර ගන්න හදනකොට ජේ.ආර්. ඒ යෝජනාව එයා පාර්ලිමේන්තුවට ගේන්න හැදුවා. නමුත් කතානායක ස්ටැන්ලි තිලකරත්න ඒකට ඉඩ දුන්නේ නෑ. ජේ.ආර්. එහෙම කළේ ඇයි කියන්න අදටත් අපි දන්නෙ නෑ. මම මුලින්ම කළ යෝජනාව 2005 ජනාධිපති වුණාම ක්‍රියාත්මක කළා.

1994 දී චන්ද්‍රිකා මට යෝජනා කළා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා දකුණේ මහ ඇමැතිකමට තරග කරලා දකුණ භාර ගන්න කියලා. මම එතුමියට කිව්වා ඔබතුමිය මට කරන්න හදන්නේ ඩී.එස්.ලා බාරොන් ජයතිලකව රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් අයින් කරලා ඉන්දියවේ මහ කොමසාරිස් හැටියට යවලා කළ දේම තමයි කියලා. නෑ නෑ එහෙම එකක් නොවෙයි, ඔයාට විතරයි දකුණ දිනන්න පුළුවන් කියලා චන්ද්‍රිකා යෝජනාව අයින් කර ගත්තා.

ඊළඟට මම හම්බන්තොට අතහැරලා කොළඹට ඇවිත් තරග කරන්න ඕනෑ කියලා යෝජනා කළා. කොළඹ ලොකු ප්‍රධාන දිස්ත්‍රික්කය හම්බන්තොට වගේ නොවෙයි. ඒකේ මන්ත්‍රී කෙනෙක් එන්නේ විශාල ඡන්ද ගණනකින්. ඒ වගේම ජන වර්ග රාශියක නියෝජනය තියෙනවා. අගමැතිවරු ජනාධිපතිවරු බිහි වෙන්නේ ඒ වාගේ ප්‍රදේශවලින් කියලා කිව්වා. හම්බන්තොට කියන්නේ ඒ කිසිවක් නැති දුප්පත්ම දිස්ත්‍රික්කය. ඒත් මම ඒ ලණුව කෑවෙත් නෑ. 2004 මහ මැතිවරණයේදී ජේ.වී.පෙ. එක තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ බුලත් කොළය ලකුණ යටතේ. ඡන්ද ප්‍රතිඵල ආවා. කොළඹ දිස්ත්‍රික්කයේ පළමු වැනියත් ජේ.වී.පී. දෙවැනියත් ජේ.වී.පී. තුන්වැනියත් ජේ.වී.පී. ගම්පහ පළමුවැනියා විජිත හේරත්. දෙවැනියා අනුර බණ්ඩාරනායක. කළුතර පළවැනියත් ජවිපෙ නන්දන ගුණතිලක. හම්බන්තොටින් ඉල්ලපු මමත් පොළොන්නරුවෙ මෛත්‍රිත් පුත්තලමේ ද.මු.ත් විතරයි දිස්ත්‍රික්කයේ පළමුවැනියා වුණේ. ඒක මට අගමැතිකම ගන්න ලොකු ශක්තියක් වුණා. ගම නිසයි මම බේරුණේ.

2004 අගමැති හැටියට දිවුරුම් දුන්නම චන්ද්‍රිකා මට උපදෙස් දුන්නා මහින්ද ඔයා අගමැති. ඒ නිසා සිංහල බෞද්ධකම අමතක කරලා අනෙක් ජාතීන්වත් අමතන්න කියලා. මම ඒක අහගෙන ජනාධිපති මැදුරෙන් එළියට එනකොට මංගල හමු වුණා.

මංගල මට කීවා අපිට සුළු ජාතීන්ට ජනාධිපතිනිය ලවා අමතන්න පුළුවන්. මහින්ද සිංහල බෞද්ධකමට කතා කරලා ඒ ඡන්ද ටික රැක ගන්න කියල.

මම දෙන්නටම හා කීවා. දේශපාලනයේ තියෙන බොරු වළවල් උඩ ලස්සන මල් වවලා තියෙනවා. ඒ නිසා තමයි අපි කටු අකුල් මාවතේ යන්න පුරුදු වෙන්න ඕනෑ.

[QUOTE="yosh371, post: 25447411, member: 329295"] [CENTER]එතකොට පවුලේ වැඩිමලා වූ චමල්..? 1992 පාද යාත්‍රාවෙන් පස්සේ බැසිල්, මම, චමල් අයියා, අපේ සමීප හිතවතුන් එකතු වෙලා සාකච්ඡාවක් කළා ඉදිරි දේශපාලන කටයුතු කරන්නේ කොහොමද කියලා. එතනදී මම ජාතික දේශපාලන කාරණා ගැන පෙනී සිටින්නත්, චමල් අයියා රුහුණේ දේශපාලනය ගැන බලා ගන්නත් තීන්දු කළා. චමල් අයියා තමයි දකුණේ බොහෝ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණේ. එයා රුහුණේකම හොඳින්ම තේරුම් ගත්ත කෙනා. එයාට අපේ පවුලේ සියලු දෙනා වගේම ප්‍රදේශයේ ජනතාවත් ආදරෙයි. එයා එක්තරා විදියට නියෝජනය කරන්නේ අපේ තාත්තාගේ තිබුණු අව්‍යාජකම වගේම නිරහන්කාර කම. ගෝඨාභය රාජපක්ෂ වතාවක් කියලා තිබුණා එයා තමයි පවුලේ අහිංසකම ළමයා කියලා. ඇත්තද ඒ කතාව.? සම්පූර්ණ ඇත්ත. ගෝඨා අහිසංක විතරක් නෙවෙයි. බොහොම සංවේදී කෙනෙක්. බාල කාලෙ ඉඳලම කොළඹ ආනන්දෙ බෝඩිමේ හැදුණේ. පුංචි කාලෙ ගෙදර ආවහම අම්මා දාලා කොළඹ යන්න කැමැති නෑ. මමයි තාත්තයි අඬද්දි බලෙන් කාරෙකේ දාගෙන කොළඹ ඇවිත් මාමා කෙනකුට ගෝල්ෆේස් පෙන්වන්න කියලා භාර දෙනවා. මාමා ගෝල්ෆේස් පෙන්නලා එක්කගෙන ගිහින් ආනන්දෙ බෝඩිමට භාර දෙනවා. ගෝඨා ආනන්දෙන් ලොකු හැදියාක් ඇතිව හැදුණා. ඒ කාලෙත් විශාල වශයෙන් පොත් කියවනවා. වැඩක් කරන්න කලින් ඒකෙ අවසාන නිමාව ගැන හිතනවා. ඒකට අනුව සැලසුම් කරනවා. වචනයක් කතා කළත් දෙපාරක් හිතනවා. අහිංසකකම වගේම තමයි නිර්භීතකම. හතර වටෙන් ගහනකොට සේනාවක් එක්ක යාපනේ කොටුවට යන්න තරම් නිර්භීතකමක් එයාට තිබුණා. හමුදා බලධාරියෙක් නිසා එයාට හොඳ විනයක් තිබුණා. උදේ නැගිටින කොට පළමුවෙන් තමන් නිදා ගත්ත ඇඳ පිළිවෙළට හදලා ඇඳෙන් බහින්න ඕනෑ කියන හැඟීම එයාට තිබුණා. නිදාගත්ත ඇඳ උදේට හදලා වැඩ පටන් ගත්ත පරපුරකට රටක් හදන්න පුළුවන් කියලා එයා ඒ කාලෙ ඉඳන් කිව්වා. ඒකනේ එයා විශ්වවිද්‍යාලේ යන හැම කෙනකුටම නායකත්ව පුහුණුව දෙන්න පටන් ගත්තේ. ඔබ ජන සමූහයක් සමග නිතරම ජීවත් වුණ කෙනෙක්. හොඳම යාළුවා කවුද? මඟුල් ගෙදර හොඳම යාළුවාට හිටියේ අනුර බණ්ඩාරනායක. අනුර හොඳ යාළුවෙක්. මඟුල් පින්තූරෙ අනෙක් පැත්තේ හිටියේ සරත් නන්ද සිල්වා. මාත් එක්කම 1970 පාර්ලිමේන්තු ආව වාසුත් ඒ වාගේම යාළුවෙක්. අනුර මට වඩා බාලයි. අනුර තරහ වුණහම ලොකු ලියුම් එවනවා. මම ඒවා කියවන්නෙවත් නෑ. මොකද ආයෙත් යාළු මිත්‍රකම් පවත්වන්න ඕනෑ නිසා. යාළුවන්ව ආශ්‍රය කරන්න ඕනෑ ඒ අයගෙ දුර්වලකම් භාර ගන්න බලාගෙන. එහෙම නැතුව හොඳ යාළුවො වෙන්න බෑ. 1992 මම පාද යාත්‍රාව ගියෙත් අනුරව බලයට ගේන්න හිතාගෙන. ඔබ නෙවෙයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔටුන්න හිමි කුමාරයා අනුර. ඇයි අනුරට ඔටුන්න මග හැරුණේ..? මැතිනියට අනුරව කවදත් පෙනුණේ පොඩි පුතා හැටියට. පොඩි එකෙක් හැටියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුරට භාර දෙන්න මැතිනිය කවදාවත් කැමැති වුණේ නෑ. අනුර ජේ.ආර්. ජයවර්ධනගෙ උගුලට වැටිලා පක්ෂය විනාශ කරයි කියලා මැතිනිය හිතුවේ. අනුරත් හිතාගෙන හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රටේ නායකත්වයත් එයාට උරුමයෙන් ලැබෙයි කියලා. මට මතකයි 1983 මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ මුල්කිරිගල ශ්‍රීලනිප අපේක්ෂකයා වුණේ චමල් අයියා. කොළඹ හිටපු ඔක්කොම merayo ජේ.ආර්. මුල්කිරිගල අතුරු මැතිවරණයට එවලා තිබුණා. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට එළියට බහින්න නොදී merayo පහර දුන්නා. අපිට සිද්ධ වුණා මුල්කිරිගල ලොකු සටනක් කරන්න. කොළඹින් ආව merayo පැනලා ගියා. මාව ඡන්ද දවසෙම අත්අඩංගුවට ගන්න හැදුවා. මම කොළඹ ඇවිත් උසාවියට භාර වෙලා රිමාන්ඩ් වුණා. 2015 වාගේම තමයි ශ්‍රීලනියේ කවුරුවත් මාව බලන්න බන්ධනාගාරයට ආවේ නෑ. අනුර ඔය ඉලෙක්ෂන් එක වෙනුවෙන් කොළඹ හිතවතුන්ට ලොකු පාටියක් දීලා තිබුණා. අපේ පාක්ෂිකයො ඒ පාටිය ගැන අනුරට හොඳට දොස් කියලා පාටියේ අයගේ කාර්වලත් හුළං අරලා. එයා හිරගෙවල්වලට බයයි. මම ඒක දන්නවා. අන්තිමට අනුර බන්ධනාගාරයට ඇවිත් මාව බලලා ඇඬුවා. ඒ මගෙ යාළුවාගෙ හැටි. මම රිමාන්ඩ් එකේ ඉන්න කොට අම්මාට ගොඩක් අසනීප වෙලා රෝහල් ගත කර තිබුණා. අම්මාගේ අවසන් මොහොතේ මම අම්ම බලන්න ඇඳ ළඟට යන්න අවසර ඉල්ලුවා. එදා ඒ අවසරය දුන්නේ ගොඩක් පරක්කු වෙලා. රෝහල ළඟට මාව ගෙනිච්චෙ කසි කබල් බස් එකක. බස් එක මගදි කැඩුණා. එතකොට සරත් නන්ද සිල්වා නීතිපති දෙපාර්තමේන්තුවේ. සරත් නන්ද සිල්වාත් එයාගේ වාහනෙන් බැහැල ඇවිත් බස් එක තල්ලු කළා මාව අම්මාගෙ ඇඳ ළඟට ඉක්මනට ගෙනියන්න. ඒත් මම අම්මගෙ ඇඳ ළඟට යනකොට අම්මා ඇස් දෙක පියාගෙන. යූ.එන්.පී.ය බලයට ආවහම විරුද්ධවාදීන්ගේ ඇස්වල කඳුළු දකින්න හරි කැමැතියි. 1992 පැවැත්වූ පාද යාත්‍රාවෙන් නේද මහින්ද රාජපක්ෂ ජන නායකයෙක් හැටියට උඩට ආවේ? පාද යාත්‍රාව මම උඩට එන්න කළ දෙයක් නෙවෙයි. පක්ෂය ඒ වෙනකොට කෑලිවලට බෙදිලා වෙන් වෙලා. පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මාස හතරකින් පහකින් රැස් වෙලා නෑ. මධ්‍යම කාරක සභාව මාස තුනකින් රැස් කරන්න පුළුවන් වෙලා තිබුණේ නෑ. චන්ද්‍රිකාල, විජයල පක්ෂෙ කඩාගෙන ගිහින්. අපිට බලය ගන්න පුළුවන් කියන විශ්වාසය ජනතාවට තිබුණේ නෑ. ජේවීපී එකත් කැරලි ගහලා දහස් ගණනක්නැතිවෙලා කාලා ප්‍රේමදාසව හොලවන්නවත් පුළුවන් වෙලා තිබුණේ නෑ. ඒ වෙලාවේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ටත් වඩා මාත් එක්ක හිටියේ යූඑන්පී විරෝධී බලවේග. කුසල් පෙරේරාව අමතක කරන්න බෑ. ඒ වාගේ පක්ෂයට පිටස්තර බලවේග තමයි අපට ලොකු ජවයක් දුන්නේ. පාද යාත්‍රාව පටන් ගත්තේ විහාර මහා දේවි උද්‍යානය ළඟින්. හැමෝම හිතුවේ පටන් ගන්නකොට අපිව ගහලා විසිරුවා හරියි කියලා. සෙනඟ පාර දෙපැත්තට වෙලා ඈතට වෙලා බලා හිටියා මිස ආවේ නෑ. මට මතකයි මුල හරියේ යන කොට මන්ත්‍රී කෙනෙක් කිව්වා මෙහෙම යනවාට වඩා හොඳයි පොලිස් නිලධාරියකුගේ ඇඟේ හැපිලා ගහගෙන ප්‍රේමදාස පාද යාත්‍රාව විසුරුවා හරී කියලා කියවාගමු. නැතිනම් වස ලජ්ජාව කියලා කිව්වා. නමුත් අපි අල්ලාගෙන බම්බලපිටිය පසුකරගෙන යන කොට ටික ටික සෙනඟ එකතු වුණා. ඊට පස්සේ අනුරත් චන්ද්‍රිකාත් පාද යාත්‍රාවට ආවා. මේ දෙන්නත් දෙපැත්තක තියාගෙන තමයි අපිට පාද යාත්‍රාව යන්න පුළුවන් වුණේ. පානදුර, කළුතර පසු කරගෙන යන කොට දහස් ගණනක් ජනතාව පාද යාත්‍රාවට ආවේ. දරුවො නැතිවුණු, ටයර් සෑ උඩ දාපු අම්මලා අඬ අඬා පාද යාත්‍රාවේ ආවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ පාද යාත්‍රාවට විරුද්ධව පෝස්ටර් ගැහුවා. ඒක තමයි ඒ ගොල්ලන්ගේ දේශපාලනය. මාතරදි පාදයාත්‍රා ජන හමුවේදී ඔබතුමා චන්ද්‍රිකා කුමාරතුංගට බැන්නා. ඒක පසු කාලීන දේශාපාලනයටත් බලපෑවා. මම හරිද? ඔව්..ඒ රාජිත නිසා. රාජිත තමයි පාදයාත්රාවේ ලවුස්ස්පීකර් බඳින වෑන් එක දුන්නේ. නමුත් මාතර වේදිකාවේදි රාජිතට කතාවක් දෙන්න බෑ කියලා චන්ද්‍රිකා කීවා. මම ඒ වෙලාවේ බලෙන් රාජිතට කතාවක් දුන්නා. මම චන්ද්‍රිකාට දොස් කියන පින්තූරෙ පසුදා ඉංග්‍රීසි පත්තරේක මුල් පිටේ පළ වුණා. එදා ඉඳන් එතුමිය වෛර බැන්දා? ඒක මම දන්නේ නෑ. හැබැයි එතුමිය ඒ ගැන පසුකාලීනව ජනාධිපති වුණහම මතක් කළා. මට ලැබුණෙත් කම්කරු ඇමැතිකම.ඊළඟට ධීවර ඇමැතිකම ‘‘හොඳ ඇමැතිකමක් ලැබුණේ නෑනේ.’’ ඒ නිසා මට වැඩ කරන්න බැරි වුණානේ. ලොක්කා මට වැඩ කරන්න දුන්නේ නෑනේ කියලා සමහර ඇමැතිවරු කියන කොට මම එදා වැඩ කළ හැටි පෙන්නලා දෙනවා. තමන්ගේ දේශපාලන ගමන යන්න ඇමැතිකම ඕනම නෑ. දේශපාලන ලෝකයේ උගුල් බොරු වළවල් බොහොමයි. වසර පනහ තුළ එහෙම ඔබේ මග කපලා තිබුණ බොරු වළවල් මොනවද? 70 ලංකාවේ ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රී වුණ වෙලාවේ මම පෞද්ගලක මන්ත්‍රී යෝජනාවක් ගෙනාව ඉන්දියාවේ ලුම්බිණිය සංවර්ධනය කරන්න කියලා. විපක්ෂ නායක ජේ.ආර්. ඒක අහලා මට ප්‍රශංසා කරලා කීවා ඔබතුමා ගේන්න. මම ස්ථිර කරන්නම් කියලා. මට අගමැති සිරිමාවෝ මැතිනිය පණිවුඩයක් එවලා තිබුණා ඔය යෝජනාව විදේශ අමාත්‍යාංශයේ වැඩක්. ඕක ඉවත් කර ගන්න කියලා. මම මේ යෝජනාව ඉල්ලා අස් කර ගන්න යන කොට ජේ.ආර්. ඒක හොඳ යෝජනාවක්. ඉල්ලා අස් කර ගන්න එපා කිව්වා. ඒත් මම නායිකාවගේ කීමට යෝජනාව ඉල්ලා අස් කර ගත්තා. මම ඒක ඉල්ලා අස් කර ගන්න හදනකොට ජේ.ආර්. ඒ යෝජනාව එයා පාර්ලිමේන්තුවට ගේන්න හැදුවා. නමුත් කතානායක ස්ටැන්ලි තිලකරත්න ඒකට ඉඩ දුන්නේ නෑ. ජේ.ආර්. එහෙම කළේ ඇයි කියන්න අදටත් අපි දන්නෙ නෑ. මම මුලින්ම කළ යෝජනාව 2005 ජනාධිපති වුණාම ක්‍රියාත්මක කළා. 1994 දී චන්ද්‍රිකා මට යෝජනා කළා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා දකුණේ මහ ඇමැතිකමට තරග කරලා දකුණ භාර ගන්න කියලා. මම එතුමියට කිව්වා ඔබතුමිය මට කරන්න හදන්නේ ඩී.එස්.ලා බාරොන් ජයතිලකව රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් අයින් කරලා ඉන්දියවේ මහ කොමසාරිස් හැටියට යවලා කළ දේම තමයි කියලා. නෑ නෑ එහෙම එකක් නොවෙයි, ඔයාට විතරයි දකුණ දිනන්න පුළුවන් කියලා චන්ද්‍රිකා යෝජනාව අයින් කර ගත්තා. ඊළඟට මම හම්බන්තොට අතහැරලා කොළඹට ඇවිත් තරග කරන්න ඕනෑ කියලා යෝජනා කළා. කොළඹ ලොකු ප්‍රධාන දිස්ත්‍රික්කය හම්බන්තොට වගේ නොවෙයි. ඒකේ මන්ත්‍රී කෙනෙක් එන්නේ විශාල ඡන්ද ගණනකින්. ඒ වගේම ජන වර්ග රාශියක නියෝජනය තියෙනවා. අගමැතිවරු ජනාධිපතිවරු බිහි වෙන්නේ ඒ වාගේ ප්‍රදේශවලින් කියලා කිව්වා. හම්බන්තොට කියන්නේ ඒ කිසිවක් නැති දුප්පත්ම දිස්ත්‍රික්කය. ඒත් මම ඒ ලණුව කෑවෙත් නෑ. 2004 මහ මැතිවරණයේදී ජේ.වී.පෙ. එක තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ බුලත් කොළය ලකුණ යටතේ. ඡන්ද ප්‍රතිඵල ආවා. කොළඹ දිස්ත්‍රික්කයේ පළමු වැනියත් ජේ.වී.පී. දෙවැනියත් ජේ.වී.පී. තුන්වැනියත් ජේ.වී.පී. ගම්පහ පළමුවැනියා විජිත හේරත්. දෙවැනියා අනුර බණ්ඩාරනායක. කළුතර පළවැනියත් ජවිපෙ නන්දන ගුණතිලක. හම්බන්තොටින් ඉල්ලපු මමත් පොළොන්නරුවෙ මෛත්‍රිත් පුත්තලමේ ද.මු.ත් විතරයි දිස්ත්‍රික්කයේ පළමුවැනියා වුණේ. ඒක මට අගමැතිකම ගන්න ලොකු ශක්තියක් වුණා. ගම නිසයි මම බේරුණේ. 2004 අගමැති හැටියට දිවුරුම් දුන්නම චන්ද්‍රිකා මට උපදෙස් දුන්නා මහින්ද ඔයා අගමැති. ඒ නිසා සිංහල බෞද්ධකම අමතක කරලා අනෙක් ජාතීන්වත් අමතන්න කියලා. මම ඒක අහගෙන ජනාධිපති මැදුරෙන් එළියට එනකොට මංගල හමු වුණා. මංගල මට කීවා අපිට සුළු ජාතීන්ට ජනාධිපතිනිය ලවා අමතන්න පුළුවන්. මහින්ද සිංහල බෞද්ධකමට කතා කරලා ඒ ඡන්ද ටික රැක ගන්න කියල. මම දෙන්නටම හා කීවා. දේශපාලනයේ තියෙන බොරු වළවල් උඩ ලස්සන මල් වවලා තියෙනවා. ඒ නිසා තමයි අපි කටු අකුල් මාවතේ යන්න පුරුදු වෙන්න ඕනෑ. [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom