Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි

මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි – රංජිත් හේනායකආරච්චි

by Admin 01 · February 21, 2015

වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි. පසුගිය වකවානුවේ එවැනි වන්දනාවලට තවත් අලුත් දේවල් එක්කෝ වෙහෙරක කොත් කැරැල්ලෙන් රැස් විහිදීම, එසේ නැත්නම් පිලිමයකින් රැස් විහිදීම, දෙවි රුවකින් කිරි හෝ කදුළු ගැලීම ආදී දේ එක්වූ බව පුවත්පත්වලින් දැක්කෙමු. එවැනි ආශ්චර්යන් දැක ගැනීම සඳහා වැඳ පුදා ගැනීම සඳහා මිනිසුන් දහස් ගණනින් ආ අයුරුද වාර්තා විය. එමෙන්ම යුද්ධයෙන් පසු උතුරුකරය වන්දනාවටද වැල නොකැඩී යන අයුරු දකින්නට ලැබුනි. දැන් අලුත්ම තත්වය මහින්ද වන්දනාව වී ඇත. මේ වන විට මහින්ද වන්දනාව සඳහා කාල්ටන් නිවසට වැල නොකැඩී මිනිසුන් ඔහු දැක බලා ගැනීමට එන බවත් පේලි ගැසී කාස්ඨක අව්වේ හිටගෙන තමාගේ වාරය එනතුරු සිටින අයුරුත් ලියවෙති. ඒ අතරම මහින්ද වන්දනාවේ එන අය ඔහුට වැඳ පැදකුණු කර යන අයුරුත් වීඩියෝ අන්තර්ජාලයේ දකින්නට ලැබේ. හිටපු ජනාධිපති (ඔහුට සහ ඔහුගේ කල්ලියට අනුව තාමත් සිංහලයාගේ ජනාධිපති) තවත් අයට මහරජාණෝ තවත් අතකින් ජාතියේ ගැලවුම්කරු ලෙස හඳුන්වන මහින්ද අලුත්ම වන්දනා ඒකකය ලෙස දක්නට ලැබේ.

මහින්දගේ බැලයන් කියන අයුරින් ලක්ෂ 25 ක් මේ වන විට වන්දනාවේ ආවා හෝ නැතා සත්‍ය නම් රටේ විශාල පිරිසක් තාමත් මහින්ද වන්දනාවේ යන බවයි. මේ වන්දනාකරුවන් පවසන අයුරින් එතුමා රට බේරාගත් විරුවා වන අතර එතුමා නිසා අපිට අද නිදහසේ පාරක තොටක බැස යන තත්වයක් ඇති වී ඇත. එතුමාට පිං සිදුවන්නට සිංහලයෙකු ලෙස මේ රටේ ජීවත් වීමට හැකිවී ඇත. මේ ඔවුන් එය ඉදිරිපත් කරන ආකාරයයි.

මහින්ද කල්ලිය පසුගිය ජනාධිපතිවරණය පුරාවට ප්‍රචාරය කරනු ලැබුවේ ‘යුධ අපරාධ චෝදනාවට විදුලි පුටුවට ගෙනයාමට ඉඩ නොදෙමු!’ වැනි සටන් පාඨයි. විමල් වීරවංශලා තවදුරටත් ප්‍රචාරය කරන්නේද එයම වේ. රට බෙදීම, විදුලි පුටුව ආදිය ඔවුන්ගේ ප්රචාරක න්‍යාය පත්‍රයේ මුලින්ම තිබෙන වගන්ති වේ. උතුරුකරයේ ජනයාට ලංකා රජය සලසන මොනයම් හෝ පහසුකමක්, එම ජනයාගේ අයිතීන් තහවුරු කිරීමක්, රට දෙකඩ කිරීමේ කුමන්ත්රණයක කොටසක් ලෙස ඔවුන් හුවා දක්වයි. මෛත්‍රී දිනා ඇත්තේ බෙදුම්වාදී ඡන්දවලින් බවත් පුන පුනා පවසමින් රට ඉන්දියාවට පාවා දෙයි යන පැරණි ඉන්දියන් විරෝධය නැවත උලුප්පමින් දිගින් දිගටම සාපරාධී අයුරින් මොවුන් ජාතිවාදයම අවුස්සති. ජාතිවාදය තම පටු ලාභ සඳහා ජීවිත දහස් ගණන් බිලිදීමට සැදුනු කිසිම හරයක් නැති පටු නීරස දෙයකි. නමුත් මහින්දලා සහ වීරවංශලා එය තවදුරටත් තලු මරන්නටත් එතුලින් දැනෙන ලේ රස රස විදින්නටත් පටන් ගෙන ඇත. තමුන්ගේ පටු වාසිය සඳහා රටේ මිනිසුන් දහස් ගණනක ජීවිත ඔවුන් එසේ ජාතිවාදය ඇවිස්සීම තුල අවධානමකට පත්කරනු ලබයි. මේ සියල්ල ඔවුන් කරනුයේ තමන්ගේ හිතවතුන් වන කුඩු වෙළදුන්, දූෂකයින්, මිනීමරුවන්, වංචා කාරයින් ආදීන් නැවත බලයට ගෙනඒම අරමුණු කරගෙනය.

ඒ අතරම ’මහින්ද අගමැතිවිය යුතුය’ ඔවුන් මන්ත්‍රයක් ලෙස ජප කරයි. ඔවුන් රටපුරාම මහින්ද වන්දනාව සඳහා නඩ සූදානම් කරමින් අලුතින් පත්වූ රජයට එරෙහිව වෛරී ආකල්පයක් සමාජ ගත කරමින් සිටී. පසුගිය සන්ධාන ආණ්ඩුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල බොහෝ දෙනෙකු පසුගිය වකවානුවේ ජීවත් වූයේ මහින්දලාගේ එහෙයියන් ලෙසිනි. ඔවුන්ට එය කොතරම් හුරුකර, එතුල ඔවුන් හීලෑකර ඇත්ද යත් මහින්ද යනු ඔවුන්ගේ හෘද සාක්ෂිය යන්න හිතන මට්ටමට ඔවුන්ව පත්කර හමාරය. ඇත්තෙන්ම එය දීර්ඝ කාලීනව වහලුන් ලෙස ජීවත් වූ වහලා කාලයාගේ ඇවෑමෙන් තම වහල් බැමි වලට ප්‍රේමකරන ආකරයක් පෙන්නුම් කරයි.

මහින්දලා ඇතුළු කල්ලිය කළ වැරදි ගැන මෙතරම් එළිදරව් වෙත්දීත් ඒ පිළිබඳ ඔවුනට වගේ වගක් නොමැත. ඒ මහින්ද නැවත බලයට ගෙනඒම ඔවුන්ගේ ජාවාරම් කරගෙන යාමට අත්‍යාවශ්‍ය නිසාය. ඔවුන් මහින්දලාගේ එහෙයියන් වී ඇත්තේ එක පැත්තකින් පමණක් නොවෙති. ඔවුන්ද මහින්දලා අනුකරණය කරමින් මහින්දලා තම පවුල් පරපුරට රාජ්‍ය දේපළ පවරා ගත්තා මෙන් මේ මැති ඇමතියන්ද එසේ කළ බව දැන් දිනෙන් දින එළවෙමින් පවතී. මේ වන විට විදේශ සේවයේ පමණක් එවැනි අයුතු නීතිවිරෝධී පත්වීම් ලබාගොස් තිබී සුදුසු කම් නැති නිලධාරීන් පනස් දෙනෙකුට වැඩිය ආපසු කැඳවා ඇත. රාජ්‍ය ආයතනයන්හි ඉහල තලයේ තනතුරු මෙම කල්ලියේ ඥාතීන් අතර බෙදාගෙන ඇති බව හෙලිවෙයි. ඉතින් මේ තරම් නොපනත්කම් කරමින් සිටි මේ කල්ලිය මහින්ද වන්දනාවට තම පාක්ෂිකයන් යොමු කරවීම, රටේ ජනයා යොමු කරවීමට උත්සාහ කිරීම නිකම්ම සිදුවන්නක් නොවෙති. එතුලින් ඔවුන් උත්සාහ කරන්නේ නැවත අර ෆැසිස්ට් හා වැඩවසම් අත්තනෝමතික බලයම නැවත බලයට ගෙන ඒම සඳහාය. එතුලින් තමනට රිසි පරිදි දිගින් දිගටම රටේ දේපළ තම සැතැඟි අයුරු අපයෝජනය කිරීම සඳහාය. ඔවුන් උත්සාහ ගන්නේ මහින්දලාගේ බල අවතාරය ලංකා සමාජය මත දිගින් දිගටම හොල්මන් කරවීමටයි. මහින්ද අගමැතිකිරීමේ වැඩසටහන මෙම අවතාරය හොල්මන් කිරීමේ විධික්රමය වේ.

මහින්ද බලයේ සිටි අවධියේ කිසිවෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නොදෙනු ලැබූ අතර විවේචනාත්මක අදහසක් දැරීම සහ ඉදිරිපත් කිරීම මරණයට හේතුවිය. අතුරුදන්වීමට හේතු විය. මහින්දලා තවදුරටත් බලය අතහැර නොමැත. 18 වෙනි දින නුගේගොඩ පත්‍රිකා බෙදූ ප්රජාතන්ත්රවාදි ජනතා මණ්ඩපයේ සාමාජිකයන්ට පහර දී පත්‍රිකා උදුරා ගැනීමෙන් ඔවුන් පෙන්නුම් කරන්නේ තාමත් ඔවුන් තම ෆැසිස්ට් ක්‍රමවේදයන්ට ජීවය දෙමින් පවත්වා ගන්නා බවයි. අලුතින් පත්වූ රජය වැරදි කළවුන් වෙත නීතිය මත පාලනය සිදුකිරීම මේ ෆැසිස්ට්වාදීන් තේරුම් ගන්නේ දුබල කමක් අයුරිනි. මිනීමරුවන්, කුඩු වෙළදුන්, ස්ත්‍රී දූෂකයන් පිරිවරා සිටින මේ බලවේගයන් උත්සාහ කරන්නේ නැවත ලංකාව තමාගේ සිතැඟි අනුව නැටවිය හැකි භූමි භාගයක් කර ගැනීමේ චේතනාවෙනි.

නුගේගොඩට එක්වූ පසුගාමී ෆැසිස්ට්වාදී මහින්ද ගැත්තන් තමනට නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය වන්නේ පසුගිය වසර 10 ක් තිස්සේ රට විනාශ කළ වැඩවසම් ඒකාධිපති කල්ලිය බවට මොරදෙති. ඔවුන්ගේ භාෂාව තුල ඇත්තේ වෛරය සහ ජාතිවාදය ඇවිස්සවීමේ පහත් රසයයි. ඕනෑම මිනිසෙකු තුල මෙන්ම සතුන් තුල පවා තමා ඉපදුනු හැදුණු වැඩුණු ප්‍රදේශයට, භූමිභාගයට ඇල්මක් සහ ආදරයක් පවතී. ඔවුන් මෙම ස්වභාවික බැඳීම පටු ජාතිවාදයක් දෙසට උලුප්පමින් ජාති ආලය, දේශප්‍රේමය සහ දේශහිතෛශීබව ආදී පටු සීමාවන්ට කොටු කරමින් එතුලින් ජාතිවාදී පහත් හැඟීම් සමුදායක් කුළු ගැන්වීම දිගින් දිගටම කරනු ලබයි. ස්වාභාවිකව තමා ඉපදුණු දේශයට ඇති ආලය අන්තවාදී පටු වෛරී දේශප්‍රේමයක් බවට පත්කිරීමට ඔවුන් යොදා ගන්නා ක්‍රමවේදය, වාග්මාලාව, යොදා ගන්නේ ඔවුන්ගේ නුගාමිකයන්ට තමන්ගේ ජාතිය විනාශ කිරීමට නිරන්තර කැස කවන සතුරන්, බිල්ලන් ඔවුන් වටකොට ඇති බවට මොර දීමයි. (අධිරාජ්‍යවාදය, බටහිර, ක්‍රිස්තියානිය, මුස්ලිම් ආදී මෙකී නොකී බිල්ලන්) ඒ අතරම මේ බිල්ලන්ගෙන් රට නිදහස් කර ගැනීමේ වීරත්වය මහින්ද වෙත ආරූඨ කරන ඔවුන් මහින්දට විරුද්ධ වීම ජාතියට ද්‍රෝහිවීමක් ලෙස හදුන්වන අතර තම මව්බිම සහ ජාතිය යනු මහින්ද බවට ලඝුකර හුවා දක්වන්නට උත්සාහ කරයි.

සමහර මැති ඇමතිවරුනට මහින්දට ඇති මේ ගැතිබව කොතරම් දුරට, කොතරම් ගැඹුරට කිදා බැස ඇත්ද යත් මහින්ද වෙනුවෙන් ඔවුන්ගේ හෘද සාක්ෂිය ක්‍රියාත්මක වන බව ඔවුන් පවසයි. ඇත්තෙන්ම ඔවුන්ට තමන්ට කොන්දක් නැති බව මෙතුලින් කියවෙන අතර එයට හේතු වී ඇත්තේ වසර 10කටත් වඩා කාලයක් තිස්සේ ඔවුන් එහෙයියන්, බත්බැලයන්, ගැත්තන්,ආවතේව කරුවන් සහ සුවච කීකරු අණ පිළිපදින්නන් වී සිටීම තුල ඇතිවී ඇති දීන බවයි. ඒ දීන බවෙන් ගොඩ ඒමට නොහැකියාව තුල හිරවී සිටීම මොවුන් ඒ තම නොහැකියාව හදුන්වන්නේ තමන්ගේ හෘද සාක්ෂිය ලෙසයි. මෙවැන්නන්ට ප්රජාතන්ත්රවාදය, නිදහස සහ නිදහස් සමාජය හිසරදයකි. ඒ තමන් කාලාන්තරයක් තිස්සේ ආවතේව කරුවන්ව සිටීම නිසා දීන වී ඇති මනසට විධානයක් අනුගමනය කිරීමකින් තොරව ස්වාධීනව සිතීමට ඇති නොහැකියාව, තීරණයක් ගැනීමට ඇති නොහැකියාව නිසාවෙනි. මොවුන් මේ හෘදසාක්ෂිය ලෙස හදුන්වන දෙය මහින්ද කල්ලිය පසුගිය කාලයේ රටක සමාජයක් දීනත්වයට ඇද දමා ඇති ප්‍රමාණය පෙන්නුම් කරන කැඩපතකි. මොවුන් සාමාන්‍ය ජනයා නොවේ. මේ මන්ත්‍රීවරුය. ඇමතිවරුය. මහ ඇමතිවරුය. මේ රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමට පත්කරනු ලැබ ඇති නියෝජිතයන්ය. මොවුන් මෙසේ දීන බවින් මිරිකේ නම් මොවුන් තීරණ ගන්නා රටකට දෙවියන්ටවත් පිහිට විය නොහැක.

මොවුන් ක්‍රියාත්මක වන්නේ නින්දෙන් ඇවිදින මිනිසුන් මෙනි. යක්ෂ දෝෂයකට හසුව ඇති ආතුරයන් මෙනි. මොවුන් තව තවත් පතන්නේ තමන් මත ආධිපත්‍ය පවත්වා ගන්නා බලයක දීනයින් වී සිටීමට එතුලින් ඔවුන් ලබාදෙන තෑගි බෝගයකින් සතුටු වීමටය. ඒ සඳහා රටේ ජනයා එයින් එහා ගිය දීනයින් රැලක් කර ගැනීම මොවුන්ගේ අත්‍යන්ත ප්‍රාර්ථනය හා උත්සාහයයි. නුගේගොඩදී මොවුන් උත්සාහ කරන්නේ රටේ ජනයා ඔවුනට අවශ්‍ය ලෙස තව දුරටත් එහෙයියන් ලෙස පවත්වා ගැනීමට කරන උත්සාහයකි. ඔවුන් උත්සාහ කරන්නේ මහින්දට ඡන්දය දුන් පනස් අට ලක්ෂයක් බැටළු රෑනක් කර දැක්කීමටයි. ඔවුන් බැඳ ගෙන යන රැහැන් පොට ලෙස බෙදුම්වාදී බිල්ලා නැවත පාවිච්චි කරමින් පවතී.

ජනවාරි 08 ජනයාගෙන් වැඩි ප්‍රමාණයක් මෙසේ දීන බවින් මිදී පුරවැසියන් ලෙස කොදු කෙලින් කර ගෙන සිටීමට ගෙන ඇති තීරණය මොවුනට දැරිය නොහැක. ඔවුන් උත්සාහ කරනුයේ ඉතිහාසයේ රෝදය නැවත ආපසු කැරකවීමටයි. පරාදයෙන් වියරුව තමන්ගේ උපරිම ශක්තිය යොදමින් තාමත් දීන බවින්ම සිටින, දෙපයින් සිට ගැනීමට හෝ තම මනසින් තීරණ ගැනීමට ආත්ම ශක්තියක් නැති, වැල නොකැඩී තාමත් මහින්ද වන්දනාවට යන ගැත්තන්ගෙන් කොටසක් ගෙන්වා එතුලින් ඔවුන්ට විශාල බලයක් ඇති බව පෙන්වීමටයි. මෙහිදී ඔවුන් දිගින් දිගටම පුනරුච්ඡාරණය කරනුයේ 58 ලක්ෂයක් ගැනයි. නමුත් මේ ගොන් තකතීරු මොලවලට නොවැටහෙන කාරණය වන්නේ 58 ට වඩා 62 වැඩි බවයි. ඒත් කාගේ ගණිත ක්‍රමයට ගණන් කර පෙන්නුවත් හැට දෙක පනස් අටට වඩා වැඩි බව මේ දීන මොලවලට නොපෙනෙන සත්‍යයයි. බත්බැල දීන, ගැති, මනසින් සිටින අය මිස මහින්ද වන්දනා නඩවලට ස්වාධීන මනසක් ඇති හැට දෙලක්ෂයකට අධික ජනයාගෙන් එකෙකු හෝ කිසිදිනෙක එකතු නොවන බව අපට සහතිකය.

රංජිත් හේනායකආරච්චි

[QUOTE="kolla elakiri, post: 17940214, member: 363248"] [b]මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි[/b] [CENTER][B][SIZE=4]මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි – රංජිත් හේනායකආරච්චි[/SIZE][/B] [SIZE=4]by [URL="http://lankaevoice.com/?author=2"]Admin 01[/URL] · February 21, 2015[/SIZE] [SIZE=4][IMG]http://lankaevoice.com/wp-content/uploads/2015/02/Wimal-720x340.jpg[/IMG][/SIZE] [B][SIZE=4]වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි. පසුගිය වකවානුවේ එවැනි වන්දනාවලට තවත් අලුත් දේවල් එක්කෝ වෙහෙරක කොත් කැරැල්ලෙන් රැස් විහිදීම, එසේ නැත්නම් පිලිමයකින් රැස් විහිදීම, දෙවි රුවකින් කිරි හෝ කදුළු ගැලීම ආදී දේ එක්වූ බව පුවත්පත්වලින් දැක්කෙමු. එවැනි ආශ්චර්යන් දැක ගැනීම සඳහා වැඳ පුදා ගැනීම සඳහා මිනිසුන් දහස් ගණනින් ආ අයුරුද වාර්තා විය. එමෙන්ම යුද්ධයෙන් පසු උතුරුකරය වන්දනාවටද වැල නොකැඩී යන අයුරු දකින්නට ලැබුනි. දැන් අලුත්ම තත්වය මහින්ද වන්දනාව වී ඇත. මේ වන විට මහින්ද වන්දනාව සඳහා කාල්ටන් නිවසට වැල නොකැඩී මිනිසුන් ඔහු දැක බලා ගැනීමට එන බවත් පේලි ගැසී කාස්ඨක අව්වේ හිටගෙන තමාගේ වාරය එනතුරු සිටින අයුරුත් ලියවෙති. ඒ අතරම මහින්ද වන්දනාවේ එන අය ඔහුට වැඳ පැදකුණු කර යන අයුරුත් වීඩියෝ අන්තර්ජාලයේ දකින්නට ලැබේ. හිටපු ජනාධිපති (ඔහුට සහ ඔහුගේ කල්ලියට අනුව තාමත් සිංහලයාගේ ජනාධිපති) තවත් අයට මහරජාණෝ තවත් අතකින් ජාතියේ ගැලවුම්කරු ලෙස හඳුන්වන මහින්ද අලුත්ම වන්දනා ඒකකය ලෙස දක්නට ලැබේ.[/SIZE][/B] [B][SIZE=4]මහින්දගේ බැලයන් කියන අයුරින් ලක්ෂ 25 ක් මේ වන විට වන්දනාවේ ආවා හෝ නැතා සත්‍ය නම් රටේ විශාල පිරිසක් තාමත් මහින්ද වන්දනාවේ යන බවයි. මේ වන්දනාකරුවන් පවසන අයුරින් එතුමා රට බේරාගත් විරුවා වන අතර එතුමා නිසා අපිට අද නිදහසේ පාරක තොටක බැස යන තත්වයක් ඇති වී ඇත. එතුමාට පිං සිදුවන්නට සිංහලයෙකු ලෙස මේ රටේ ජීවත් වීමට හැකිවී ඇත. මේ ඔවුන් එය ඉදිරිපත් කරන ආකාරයයි.[/SIZE][/B] [B][SIZE=4]මහින්ද කල්ලිය පසුගිය ජනාධිපතිවරණය පුරාවට ප්‍රචාරය කරනු ලැබුවේ ‘යුධ අපරාධ චෝදනාවට විදුලි පුටුවට ගෙනයාමට ඉඩ නොදෙමු!’ වැනි සටන් පාඨයි. විමල් වීරවංශලා තවදුරටත් ප්‍රචාරය කරන්නේද එයම වේ. රට බෙදීම, විදුලි පුටුව ආදිය ඔවුන්ගේ ප්රචාරක න්‍යාය පත්‍රයේ මුලින්ම තිබෙන වගන්ති වේ. උතුරුකරයේ ජනයාට ලංකා රජය සලසන මොනයම් හෝ පහසුකමක්, එම ජනයාගේ අයිතීන් තහවුරු කිරීමක්, රට දෙකඩ කිරීමේ කුමන්ත්රණයක කොටසක් ලෙස ඔවුන් හුවා දක්වයි. මෛත්‍රී දිනා ඇත්තේ බෙදුම්වාදී ඡන්දවලින් බවත් පුන පුනා පවසමින් රට ඉන්දියාවට පාවා දෙයි යන පැරණි ඉන්දියන් විරෝධය නැවත උලුප්පමින් දිගින් දිගටම සාපරාධී අයුරින් මොවුන් ජාතිවාදයම අවුස්සති. ජාතිවාදය තම පටු ලාභ සඳහා ජීවිත දහස් ගණන් බිලිදීමට සැදුනු කිසිම හරයක් නැති පටු නීරස දෙයකි. නමුත් මහින්දලා සහ වීරවංශලා එය තවදුරටත් තලු මරන්නටත් එතුලින් දැනෙන ලේ රස රස විදින්නටත් පටන් ගෙන ඇත. තමුන්ගේ පටු වාසිය සඳහා රටේ මිනිසුන් දහස් ගණනක ජීවිත ඔවුන් එසේ ජාතිවාදය ඇවිස්සීම තුල අවධානමකට පත්කරනු ලබයි. මේ සියල්ල ඔවුන් කරනුයේ තමන්ගේ හිතවතුන් වන කුඩු වෙළදුන්, දූෂකයින්, මිනීමරුවන්, වංචා කාරයින් ආදීන් නැවත බලයට ගෙනඒම අරමුණු කරගෙනය.[/SIZE][/B] [B][SIZE=4]ඒ අතරම ’මහින්ද අගමැතිවිය යුතුය’ ඔවුන් මන්ත්‍රයක් ලෙස ජප කරයි. ඔවුන් රටපුරාම මහින්ද වන්දනාව සඳහා නඩ සූදානම් කරමින් අලුතින් පත්වූ රජයට එරෙහිව වෛරී ආකල්පයක් සමාජ ගත කරමින් සිටී. පසුගිය සන්ධාන ආණ්ඩුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල බොහෝ දෙනෙකු පසුගිය වකවානුවේ ජීවත් වූයේ මහින්දලාගේ එහෙයියන් ලෙසිනි. ඔවුන්ට එය කොතරම් හුරුකර, එතුල ඔවුන් හීලෑකර ඇත්ද යත් මහින්ද යනු ඔවුන්ගේ හෘද සාක්ෂිය යන්න හිතන මට්ටමට ඔවුන්ව පත්කර හමාරය. ඇත්තෙන්ම එය දීර්ඝ කාලීනව වහලුන් ලෙස ජීවත් වූ වහලා කාලයාගේ ඇවෑමෙන් තම වහල් බැමි වලට ප්‍රේමකරන ආකරයක් පෙන්නුම් කරයි.[/SIZE][/B] [B][SIZE=4]මහින්දලා ඇතුළු කල්ලිය කළ වැරදි ගැන මෙතරම් එළිදරව් වෙත්දීත් ඒ පිළිබඳ ඔවුනට වගේ වගක් නොමැත. ඒ මහින්ද නැවත බලයට ගෙනඒම ඔවුන්ගේ ජාවාරම් කරගෙන යාමට අත්‍යාවශ්‍ය නිසාය. ඔවුන් මහින්දලාගේ එහෙයියන් වී ඇත්තේ එක පැත්තකින් පමණක් නොවෙති. ඔවුන්ද මහින්දලා අනුකරණය කරමින් මහින්දලා තම පවුල් පරපුරට රාජ්‍ය දේපළ පවරා ගත්තා මෙන් මේ මැති ඇමතියන්ද එසේ කළ බව දැන් දිනෙන් දින එළවෙමින් පවතී. මේ වන විට විදේශ සේවයේ පමණක් එවැනි අයුතු නීතිවිරෝධී පත්වීම් ලබාගොස් තිබී සුදුසු කම් නැති නිලධාරීන් පනස් දෙනෙකුට වැඩිය ආපසු කැඳවා ඇත. රාජ්‍ය ආයතනයන්හි ඉහල තලයේ තනතුරු මෙම කල්ලියේ ඥාතීන් අතර බෙදාගෙන ඇති බව හෙලිවෙයි. ඉතින් මේ තරම් නොපනත්කම් කරමින් සිටි මේ කල්ලිය මහින්ද වන්දනාවට තම පාක්ෂිකයන් යොමු කරවීම, රටේ ජනයා යොමු කරවීමට උත්සාහ කිරීම නිකම්ම සිදුවන්නක් නොවෙති. එතුලින් ඔවුන් උත්සාහ කරන්නේ නැවත අර ෆැසිස්ට් හා වැඩවසම් අත්තනෝමතික බලයම නැවත බලයට ගෙන ඒම සඳහාය. එතුලින් තමනට රිසි පරිදි දිගින් දිගටම රටේ දේපළ තම සැතැඟි අයුරු අපයෝජනය කිරීම සඳහාය. ඔවුන් උත්සාහ ගන්නේ මහින්දලාගේ බල අවතාරය ලංකා සමාජය මත දිගින් දිගටම හොල්මන් කරවීමටයි. මහින්ද අගමැතිකිරීමේ වැඩසටහන මෙම අවතාරය හොල්මන් කිරීමේ විධික්රමය වේ.[/SIZE][/B] [B][SIZE=4]මහින්ද බලයේ සිටි අවධියේ කිසිවෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නොදෙනු ලැබූ අතර විවේචනාත්මක අදහසක් දැරීම සහ ඉදිරිපත් කිරීම මරණයට හේතුවිය. අතුරුදන්වීමට හේතු විය. මහින්දලා තවදුරටත් බලය අතහැර නොමැත. 18 වෙනි දින නුගේගොඩ පත්‍රිකා බෙදූ ප්රජාතන්ත්රවාදි ජනතා මණ්ඩපයේ සාමාජිකයන්ට පහර දී පත්‍රිකා උදුරා ගැනීමෙන් ඔවුන් පෙන්නුම් කරන්නේ තාමත් ඔවුන් තම ෆැසිස්ට් ක්‍රමවේදයන්ට ජීවය දෙමින් පවත්වා ගන්නා බවයි. අලුතින් පත්වූ රජය වැරදි කළවුන් වෙත නීතිය මත පාලනය සිදුකිරීම මේ ෆැසිස්ට්වාදීන් තේරුම් ගන්නේ දුබල කමක් අයුරිනි. මිනීමරුවන්, කුඩු වෙළදුන්, ස්ත්‍රී දූෂකයන් පිරිවරා සිටින මේ බලවේගයන් උත්සාහ කරන්නේ නැවත ලංකාව තමාගේ සිතැඟි අනුව නැටවිය හැකි භූමි භාගයක් කර ගැනීමේ චේතනාවෙනි.[/SIZE][/B] [B][SIZE=4]නුගේගොඩට එක්වූ පසුගාමී ෆැසිස්ට්වාදී මහින්ද ගැත්තන් තමනට නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය වන්නේ පසුගිය වසර 10 ක් තිස්සේ රට විනාශ කළ වැඩවසම් ඒකාධිපති කල්ලිය බවට මොරදෙති. ඔවුන්ගේ භාෂාව තුල ඇත්තේ වෛරය සහ ජාතිවාදය ඇවිස්සවීමේ පහත් රසයයි. ඕනෑම මිනිසෙකු තුල මෙන්ම සතුන් තුල පවා තමා ඉපදුනු හැදුණු වැඩුණු ප්‍රදේශයට, භූමිභාගයට ඇල්මක් සහ ආදරයක් පවතී. ඔවුන් මෙම ස්වභාවික බැඳීම පටු ජාතිවාදයක් දෙසට උලුප්පමින් ජාති ආලය, දේශප්‍රේමය සහ දේශහිතෛශීබව ආදී පටු සීමාවන්ට කොටු කරමින් එතුලින් ජාතිවාදී පහත් හැඟීම් සමුදායක් කුළු ගැන්වීම දිගින් දිගටම කරනු ලබයි. ස්වාභාවිකව තමා ඉපදුණු දේශයට ඇති ආලය අන්තවාදී පටු වෛරී දේශප්‍රේමයක් බවට පත්කිරීමට ඔවුන් යොදා ගන්නා ක්‍රමවේදය, වාග්මාලාව, යොදා ගන්නේ ඔවුන්ගේ නුගාමිකයන්ට තමන්ගේ ජාතිය විනාශ කිරීමට නිරන්තර කැස කවන සතුරන්, බිල්ලන් ඔවුන් වටකොට ඇති බවට මොර දීමයි. (අධිරාජ්‍යවාදය, බටහිර, ක්‍රිස්තියානිය, මුස්ලිම් ආදී මෙකී නොකී බිල්ලන්) ඒ අතරම මේ බිල්ලන්ගෙන් රට නිදහස් කර ගැනීමේ වීරත්වය මහින්ද වෙත ආරූඨ කරන ඔවුන් මහින්දට විරුද්ධ වීම ජාතියට ද්‍රෝහිවීමක් ලෙස හදුන්වන අතර තම මව්බිම සහ ජාතිය යනු මහින්ද බවට ලඝුකර හුවා දක්වන්නට උත්සාහ කරයි.[/SIZE][/B] [B][SIZE=4]සමහර මැති ඇමතිවරුනට මහින්දට ඇති මේ ගැතිබව කොතරම් දුරට, කොතරම් ගැඹුරට කිදා බැස ඇත්ද යත් මහින්ද වෙනුවෙන් ඔවුන්ගේ හෘද සාක්ෂිය ක්‍රියාත්මක වන බව ඔවුන් පවසයි. ඇත්තෙන්ම ඔවුන්ට තමන්ට කොන්දක් නැති බව මෙතුලින් කියවෙන අතර එයට හේතු වී ඇත්තේ වසර 10කටත් වඩා කාලයක් තිස්සේ ඔවුන් එහෙයියන්, බත්බැලයන්, ගැත්තන්,ආවතේව කරුවන් සහ සුවච කීකරු අණ පිළිපදින්නන් වී සිටීම තුල ඇතිවී ඇති දීන බවයි. ඒ දීන බවෙන් ගොඩ ඒමට නොහැකියාව තුල හිරවී සිටීම මොවුන් ඒ තම නොහැකියාව හදුන්වන්නේ තමන්ගේ හෘද සාක්ෂිය ලෙසයි. මෙවැන්නන්ට ප්රජාතන්ත්රවාදය, නිදහස සහ නිදහස් සමාජය හිසරදයකි. ඒ තමන් කාලාන්තරයක් තිස්සේ ආවතේව කරුවන්ව සිටීම නිසා දීන වී ඇති මනසට විධානයක් අනුගමනය කිරීමකින් තොරව ස්වාධීනව සිතීමට ඇති නොහැකියාව, තීරණයක් ගැනීමට ඇති නොහැකියාව නිසාවෙනි. මොවුන් මේ හෘදසාක්ෂිය ලෙස හදුන්වන දෙය මහින්ද කල්ලිය පසුගිය කාලයේ රටක සමාජයක් දීනත්වයට ඇද දමා ඇති ප්‍රමාණය පෙන්නුම් කරන කැඩපතකි. මොවුන් සාමාන්‍ය ජනයා නොවේ. මේ මන්ත්‍රීවරුය. ඇමතිවරුය. මහ ඇමතිවරුය. මේ රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමට පත්කරනු ලැබ ඇති නියෝජිතයන්ය. මොවුන් මෙසේ දීන බවින් මිරිකේ නම් මොවුන් තීරණ ගන්නා රටකට දෙවියන්ටවත් පිහිට විය නොහැක.[/SIZE][/B] [B][SIZE=4]මොවුන් ක්‍රියාත්මක වන්නේ නින්දෙන් ඇවිදින මිනිසුන් මෙනි. යක්ෂ දෝෂයකට හසුව ඇති ආතුරයන් මෙනි. මොවුන් තව තවත් පතන්නේ තමන් මත ආධිපත්‍ය පවත්වා ගන්නා බලයක දීනයින් වී සිටීමට එතුලින් ඔවුන් ලබාදෙන තෑගි බෝගයකින් සතුටු වීමටය. ඒ සඳහා රටේ ජනයා එයින් එහා ගිය දීනයින් රැලක් කර ගැනීම මොවුන්ගේ අත්‍යන්ත ප්‍රාර්ථනය හා උත්සාහයයි. නුගේගොඩදී මොවුන් උත්සාහ කරන්නේ රටේ ජනයා ඔවුනට අවශ්‍ය ලෙස තව දුරටත් එහෙයියන් ලෙස පවත්වා ගැනීමට කරන උත්සාහයකි. ඔවුන් උත්සාහ කරන්නේ මහින්දට ඡන්දය දුන් පනස් අට ලක්ෂයක් බැටළු රෑනක් කර දැක්කීමටයි. ඔවුන් බැඳ ගෙන යන රැහැන් පොට ලෙස බෙදුම්වාදී බිල්ලා නැවත පාවිච්චි කරමින් පවතී.[/SIZE][/B] [B][SIZE=4]ජනවාරි 08 ජනයාගෙන් වැඩි ප්‍රමාණයක් මෙසේ දීන බවින් මිදී පුරවැසියන් ලෙස කොදු කෙලින් කර ගෙන සිටීමට ගෙන ඇති තීරණය මොවුනට දැරිය නොහැක. ඔවුන් උත්සාහ කරනුයේ ඉතිහාසයේ රෝදය නැවත ආපසු කැරකවීමටයි. පරාදයෙන් වියරුව තමන්ගේ උපරිම ශක්තිය යොදමින් තාමත් දීන බවින්ම සිටින, දෙපයින් සිට ගැනීමට හෝ තම මනසින් තීරණ ගැනීමට ආත්ම ශක්තියක් නැති, වැල නොකැඩී තාමත් මහින්ද වන්දනාවට යන ගැත්තන්ගෙන් කොටසක් ගෙන්වා එතුලින් ඔවුන්ට විශාල බලයක් ඇති බව පෙන්වීමටයි. මෙහිදී ඔවුන් දිගින් දිගටම පුනරුච්ඡාරණය කරනුයේ 58 ලක්ෂයක් ගැනයි. නමුත් මේ ගොන් තකතීරු මොලවලට නොවැටහෙන කාරණය වන්නේ 58 ට වඩා 62 වැඩි බවයි. ඒත් කාගේ ගණිත ක්‍රමයට ගණන් කර පෙන්නුවත් හැට දෙක පනස් අටට වඩා වැඩි බව මේ දීන මොලවලට නොපෙනෙන සත්‍යයයි. බත්බැල දීන, ගැති, මනසින් සිටින අය මිස මහින්ද වන්දනා නඩවලට ස්වාධීන මනසක් ඇති හැට දෙලක්ෂයකට අධික ජනයාගෙන් එකෙකු හෝ කිසිදිනෙක එකතු නොවන බව අපට සහතිකය.[/SIZE][/B] [B][SIZE=4] රංජිත් හේනායකආරච්චි[/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom