Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මහ ඉතිහාසයක් දරාගෙන වැසීගිය බෝගම්බර වැව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]90114[/ATTACH]මහ ඉතිහාසයක් දරාගෙන වැසීගිය බෝගම්බර වැව..

බෝගම්බර වැව කිව්වාම අපට සිහිපත් වෙන්නේ ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්ලවීමේ ශෝචනීය සිදුවීමයි.ඒ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදි.

ඉතින් ඒ බෝගම්බර වැව අද කොහේද තිබෙන්නේ. දැනට මාලිගාව අසල තිබෙන්නේ ඒ බෝගම්බර වැව කියලා ඇතැමුන් සිතනවාත් විය හැකියි. නමුත් ඔබ දන්නවාද රජ සමයේ තිබු ඒ බෝගම්බර වැව අද දකින්නවත් නැහැ. අද දළදා මාලිගාව අසල තිබෙන වැව ඉදිකර ඇත්තේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා. ඒ 1810 -1812 අතර කාලයේදි.

මේ ඉපැරණි බෝගම්බර වැව මුළුමනින්ම විනාශව ගිහින්. ඒ වැව ගැන සටහනක් ලියන්නයි මේ සුදානම. පැරැණි බෝගම්බර වැව පළමු විමලධර්මසූරිය (1592 - 1604) රජු ඉදිකරවූවක් බවයි සදහන් වෙන්නේ. ඒ කියන්නේ දළදා මාලිගාව මහනුවර ඉදිකරපු රජතුමා.

ඒ වගේම මේ වැව දෙවැනි රාජසිංහ (ක්‍රි. ව. 1636 - 1687) රජසමයේ ඉදිවුවක් බවත් කියවෙනවා. මන්දාරම්පුර පුවත ඉතිහාස කාව්‍යයේ සදහන් වෙන පරිදි දෙවැනි රාජසිංහ රජු ඉදිකළ වැව් 32 කට බෝගම්බර වැවත් අයත් බව කියනවා.

මේ බෝගම්බර වැවට ජලය අරන් තිබුණේ දුනුමඬලා ඔය හරස් කරලයි. දුනුමඬලා කන්ද, හන්තාන කන්ද, බහිරව කන්ද, උඩවත්ත කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ වතුරත් වැවට ලැබිලා තිබෙනවා.

ඉතින් මේ බෝගම්බර වැව තිබුණේ කොහේද කියා ඔබ දන්නවාත් ඇති. ඔබ දන්නවා වර්තමානයේ මහනුවර බස් නැවතුම්පළ, එතකොට ඔරලෝසු කණුව, පොදු වෙළෙඳපොළ, බෝගම්බර ක්‍රීඩාපිටිය, මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ප්‍රධාන තැපැල් කාර්යාලය, දුම්රිය ස්ථානය, මහනුවර පොලිස් ගොඩනැඟිල්ල, ගණදෙවි කෝවිල තිබෙන ප්‍රදේශය එදා පැරැණි බෝගම්බර පැතිර තිබෙනවා.

එතකොට එදා බෝගම්බර වැව සාගරයක් වගේ විශාලව තිබෙන්න ඇති. වැව් මණ්ඩියේ සිට බලනකොට ඈතින් දළදා මාලිගාව ලස්සනට දිස්වෙන්න ඇති. ඔය ඉහත කිව්ව අද තිබෙන ගොඩැනැගිලි ඇති තැන්වල පොළව වැඩිපුර හෑරුවොත් තවමත් උල්පත් මතුවන බව සදහන්.

මේ වැවේ ඉපැරණි විස්තර පිළිබඳ වගේ මහනුවර නගරයේ ඉපැරණි විස්තර බොහෝ්මයක් හොඳින් දැන සිටියා මල්වතු විහාරයේ වැඩසිටි අලුත්ගම ධම්මානන්ද නායක හාමුදුරුවෝ. මහනුවර පාරවල්වලට ඉපැරණි නම්වැටුණු හැටි වගේ විස්තර පොතක ලියන්නත් උන් වහන්සේට උවමනාව තිබුණා. උන් වහන්සේ අපවත්විමට පෙර අප සමඟ කළ විස්තරය අනුව පැරැණි වැවේ එක් මායිමක් තමයි වර්තමානයේ කැප්පෙටිපොල ශාලාව අසළ ඇත්තේ.

ගණදෙවි කෝවිල (සෙල්ව විනායගර් කෝවිල) පිටුපස පැරැණි වැවේ කෙළවර තවත් ස්වභාවික පැරැණි නාන තොටුපල හා පොකුණක් තිබී ඇත. ගණදෙවි කෝවිල ළඟ පැරණි වැව පාර කියලත් හදුන්වනවා. දෙයියන්නේවෙල, මුල්ගම්පල, ගැටඹේ කඹුරුයායවල් වලට වතුර අරන් තියෙන්නෙත් ඉපැරණි බෝගම්බර වැවෙන් තමයි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමී ඇතුළු ස්ත්‍රීන් ගෙලේ ගල් බැඳ ගිල්වා මැරුවේ මේ පැරණි බෝගම්බර වැවේනේ. මේ වැවේ රජු කිඹුලන් ඇතිකළ බවකුත් කියනවා. ඒ බව රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයේත් සදහන් වෙනවා.

ඉතින් මහ සයුරක් වගේ තිබු බෝගම්බර වැව විනාශවුණේ කොහොමද කියලා අදහස් කීපයක්ම තිබෙනවා.කොළඹ - මහනුවර පාරේ වැඩ නිමවුණේ 1841 දි. එහි අවසන් කොටසට වැවේ කොටසක් ගොඩකර තිබෙනවා.ඒ වගේම 1867 දි නිමවු කොළඹ - මහනුවර දුම්රිය පාරටත් වැවේ කොටසක් ගොඩකර තිබෙනවා.

මහ බ්‍රිතාන්‍යයේ 7 එඩ්වඩ් කුමරා ලංකාවට ආවේ 1875 දි. කුමාරයා පිළිගන්න මහනුවර නගරයේ ගොඩක් වෙනස්කම්කර තිබෙනවා. අන්න එහිදි තමයි පැරැණි වැව සම්පුර්ණයෙන්ම ගොඩකර තිබෙන්නේ.වැව ගොඩකරලා තමයි බෝගම්බර ක්‍රීඩා පිටිය හැදුවේ.

ඉතින් මහ ඉතිහාසයක් දරාගත් බෝගම්බර වැව මත තමයි අද මහනුවර බොහෝ ගොඩනැගිලි ඉදිවි තිබෙන්නේ. ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්වනවා දුටු කැප්පෙටිපොළ විරුවාගේ හිස ගසා දමනවා දුටු ඒ මහ වැව මතින් අද අපි ඇවිද යනවා.

තොරතුරු ~ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමි.

සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන.

පරිවර්තනය | රධිකා නඩේසන්.

ඡායාරූප | මාධ්‍ය කාර්යාංශය.

#sridaladamaligawa #daladalipi #දළදාලිපි

www.sridaladamaligawa.lk

[QUOTE="nirogoodboy, post: 25611539, member: 81186"] [ATTACH type="full"]90114[/ATTACH]මහ ඉතිහාසයක් දරාගෙන වැසීගිය බෝගම්බර වැව.. බෝගම්බර වැව කිව්වාම අපට සිහිපත් වෙන්නේ ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්ලවීමේ ශෝචනීය සිදුවීමයි.ඒ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදි. ඉතින් ඒ බෝගම්බර වැව අද කොහේද තිබෙන්නේ. දැනට මාලිගාව අසල තිබෙන්නේ ඒ බෝගම්බර වැව කියලා ඇතැමුන් සිතනවාත් විය හැකියි. නමුත් ඔබ දන්නවාද රජ සමයේ තිබු ඒ බෝගම්බර වැව අද දකින්නවත් නැහැ. අද දළදා මාලිගාව අසල තිබෙන වැව ඉදිකර ඇත්තේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා. ඒ 1810 -1812 අතර කාලයේදි. මේ ඉපැරණි බෝගම්බර වැව මුළුමනින්ම විනාශව ගිහින්. ඒ වැව ගැන සටහනක් ලියන්නයි මේ සුදානම. පැරැණි බෝගම්බර වැව පළමු විමලධර්මසූරිය (1592 - 1604) රජු ඉදිකරවූවක් බවයි සදහන් වෙන්නේ. ඒ කියන්නේ දළදා මාලිගාව මහනුවර ඉදිකරපු රජතුමා. ඒ වගේම මේ වැව දෙවැනි රාජසිංහ (ක්‍රි. ව. 1636 - 1687) රජසමයේ ඉදිවුවක් බවත් කියවෙනවා. මන්දාරම්පුර පුවත ඉතිහාස කාව්‍යයේ සදහන් වෙන පරිදි දෙවැනි රාජසිංහ රජු ඉදිකළ වැව් 32 කට බෝගම්බර වැවත් අයත් බව කියනවා. මේ බෝගම්බර වැවට ජලය අරන් තිබුණේ දුනුමඬලා ඔය හරස් කරලයි. දුනුමඬලා කන්ද, හන්තාන කන්ද, බහිරව කන්ද, උඩවත්ත කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ වතුරත් වැවට ලැබිලා තිබෙනවා. ඉතින් මේ බෝගම්බර වැව තිබුණේ කොහේද කියා ඔබ දන්නවාත් ඇති. ඔබ දන්නවා වර්තමානයේ මහනුවර බස් නැවතුම්පළ, එතකොට ඔරලෝසු කණුව, පොදු වෙළෙඳපොළ, බෝගම්බර ක්‍රීඩාපිටිය, මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ප්‍රධාන තැපැල් කාර්යාලය, දුම්රිය ස්ථානය, මහනුවර පොලිස් ගොඩනැඟිල්ල, ගණදෙවි කෝවිල තිබෙන ප්‍රදේශය එදා පැරැණි බෝගම්බර පැතිර තිබෙනවා. එතකොට එදා බෝගම්බර වැව සාගරයක් වගේ විශාලව තිබෙන්න ඇති. වැව් මණ්ඩියේ සිට බලනකොට ඈතින් දළදා මාලිගාව ලස්සනට දිස්වෙන්න ඇති. ඔය ඉහත කිව්ව අද තිබෙන ගොඩැනැගිලි ඇති තැන්වල පොළව වැඩිපුර හෑරුවොත් තවමත් උල්පත් මතුවන බව සදහන්. මේ වැවේ ඉපැරණි විස්තර පිළිබඳ වගේ මහනුවර නගරයේ ඉපැරණි විස්තර බොහෝ්මයක් හොඳින් දැන සිටියා මල්වතු විහාරයේ වැඩසිටි අලුත්ගම ධම්මානන්ද නායක හාමුදුරුවෝ. මහනුවර පාරවල්වලට ඉපැරණි නම්වැටුණු හැටි වගේ විස්තර පොතක ලියන්නත් උන් වහන්සේට උවමනාව තිබුණා. උන් වහන්සේ අපවත්විමට පෙර අප සමඟ කළ විස්තරය අනුව පැරැණි වැවේ එක් මායිමක් තමයි වර්තමානයේ කැප්පෙටිපොල ශාලාව අසළ ඇත්තේ. ගණදෙවි කෝවිල (සෙල්ව විනායගර් කෝවිල) පිටුපස පැරැණි වැවේ කෙළවර තවත් ස්වභාවික පැරැණි නාන තොටුපල හා පොකුණක් තිබී ඇත. ගණදෙවි කෝවිල ළඟ පැරණි වැව පාර කියලත් හදුන්වනවා. දෙයියන්නේවෙල, මුල්ගම්පල, ගැටඹේ කඹුරුයායවල් වලට වතුර අරන් තියෙන්නෙත් ඉපැරණි බෝගම්බර වැවෙන් තමයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමී ඇතුළු ස්ත්‍රීන් ගෙලේ ගල් බැඳ ගිල්වා මැරුවේ මේ පැරණි බෝගම්බර වැවේනේ. මේ වැවේ රජු කිඹුලන් ඇතිකළ බවකුත් කියනවා. ඒ බව රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයේත් සදහන් වෙනවා. ඉතින් මහ සයුරක් වගේ තිබු බෝගම්බර වැව විනාශවුණේ කොහොමද කියලා අදහස් කීපයක්ම තිබෙනවා.කොළඹ - මහනුවර පාරේ වැඩ නිමවුණේ 1841 දි. එහි අවසන් කොටසට වැවේ කොටසක් ගොඩකර තිබෙනවා.ඒ වගේම 1867 දි නිමවු කොළඹ - මහනුවර දුම්රිය පාරටත් වැවේ කොටසක් ගොඩකර තිබෙනවා. මහ බ්‍රිතාන්‍යයේ 7 එඩ්වඩ් කුමරා ලංකාවට ආවේ 1875 දි. කුමාරයා පිළිගන්න මහනුවර නගරයේ ගොඩක් වෙනස්කම්කර තිබෙනවා. අන්න එහිදි තමයි පැරැණි වැව සම්පුර්ණයෙන්ම ගොඩකර තිබෙන්නේ.වැව ගොඩකරලා තමයි බෝගම්බර ක්‍රීඩා පිටිය හැදුවේ. ඉතින් මහ ඉතිහාසයක් දරාගත් බෝගම්බර වැව මත තමයි අද මහනුවර බොහෝ ගොඩනැගිලි ඉදිවි තිබෙන්නේ. ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්වනවා දුටු කැප්පෙටිපොළ විරුවාගේ හිස ගසා දමනවා දුටු ඒ මහ වැව මතින් අද අපි ඇවිද යනවා. තොරතුරු ~ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමි. සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන. පරිවර්තනය | රධිකා නඩේසන්. ඡායාරූප | මාධ්‍ය කාර්යාංශය. #sridaladamaligawa #daladalipi #දළදාලිපි [URL="http://www.sridaladamaligawa.lk"]www.sridaladamaligawa.lk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom