Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මළවුන්ගේ ආත්ම මෝහනය මගින් ගෙන්විය හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළවුන්ගේ ආත්ම මෝහනය මගින් ගෙන්විය හැකිද?

මළවුන්ගේ ආත්ම මෝහනය මගින් ගෙන්විය හැකිද?

මෑත කාලයේ මුළු ලෝකයේම අවධානයට ලක් වූ සුවිසල් ඛිෙදවාචකයක් වූයේ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානය සේවක මණ්ඩලයේ 12 දෙනා සහ මගීන් 227 දෙනා සමග 2014 මාර්තු 8 වැනිදා අතුරුදන්වීමේ සිදුවීමය. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බිජිං නුවර දක්වා පියාසර කරමින් තිබූ මෙහි සිටි බහුතරයක් වූයේ චීන ජාතිකයින්ය.

මෙය දිනෙන් දින ජාත්‍යන්තර ප්රවෘත්ති අතර සෑම විටම ප්රථමයටම පැමිණෙන්නට හේතු වූයේ යානයට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවීම නිසාය. යොදා ගත හැකි සියලු තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ලෝකය පීරුවද සියලු ප්රයත්නයන් නිරර්ථක විය. මේ අතර එහි සිටි ඇතැම් මගීන්ගේ ජංගම දුරකථන නාද වන බැව් හිටි හැටියේ එක් ප්‍රවෘත්තියකින් පැවසිණ. එවිට බොහෝ දෙනා අනුමාන කරන ලද්දේ ගුවන් යානය අනතුරකට ලක් නොවී පැහැර ගැනීමට ලක්වන්නට ඇතැයි යන්නය. නමුත් ජංගම දුරකථන පුවත ද කිහිප දිනකින් යටපත් විය.

තාක්ෂණය සහ විද්‍යාව පිළිබඳ නිරන්තරව විශ්වාසය තැබුව ද එයින් පිහිටක් ද නොලැබුණ බවක් හැඟෙන කල මිනිසා සිය මනැසේ තැන්පත්ව පවතින ඇතැම් ගුප්ත විශ්වාසයන් වෙත යොමුවීම පැහැදිලිව දක්නට ලැබෙන දෙයකි. නූතන වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ නොහැකි රෝගයක් වැළඳුණු කල ඒ සඳහා ඉපැරණි වෛද්‍ය ක්‍රම හා ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන අය ඕනෑ තරම් දක්නට ලැබේ.

අවසානයේ අවිද්‍යාත්මක වුව ද මෙම ගුවන් යානයේ ඇතැම් සෙවුම් කණ්ඩායම් එවැනි ක්‍රමවලින් හෝ සහනයක් ලබාගන්නට හැකිවේදැයි අත්හදා බලන්නට තීරණය කළහ. මේ අතර අප රටේ වෙසෙන ආධ්‍යාත්මවේදියකු වශයෙන් ජනමාධ්‍ය හමුවේ පෙනී සිටින එක්තරා පුද්ගලයකු ද මෙම යානය අතුරුදන්වීම ජ්යොතීර්ය පැහැදිලි කරනු දක්නට හැකි විය. ඔහු කීයේ ජ්‍යොතිෂවේදයට අනුව තමන් එය ප්‍රකාශ කරන බවකි. ඊට පසු පුවත්පත් සහ අන්තර් ජාල වබේ අඩවි මගින් ද ඔහුගේ එම මතය ප්‍රසිද්ධ කෙරිණ. මෙම යානය ඒ වන විට පිහිටිය යුතු අක්ෂාංශ දේශාංශ පිළිබඳව පවා ඔහු විසින් සඳහන් කර තිබූ අතර ඔහුගේ එම ප්‍රකාශයට අනුව එය නියමුවාගේ දැනුවත්කම මතින් සිදු වූ පැහැර ගැනීමකි. නමුත් ඔහුගේ මෙම අදහස පිළිබඳ අප රටේ අනෙක් සියලුම ජ්‍යොතීර්වේදීන් පාහේ දැක්වූයේ විරෝධය මුසු අදහසකි.

ඔවුන් සියලු දෙනාගේම පාහේ පොදු මතය වූයේ මෙවැනි අනාවැකි ජ්‍යොතීර් විද්‍යාත්මකව ඉදිරිපත් කරන්නට නොහැකි බවය. එමෙන්ම එවැනි අදහස් ප්‍රකාශ කිරීම තුළින් මෙවැනි වටිනා ශාස්ත්‍රයක් හෑල්ලුවට ලක්වන බවය. කෙසේ මුත් මෙම ජ්‍යොතීර් විද්‍යාත්මක අදහස් දැක්වීම උපහාසයට ලක්කරමින් පසුදා සිටම විවිධ වබේ අඩවිවල අදහස් උදහස් පළවන්නට පටන් ගැනුණි.

මේ අතර අප අසල්වැසි ඉන්දියාවෙන් තවත් අපූරු පුවතක් වාර්තා විය. ඒ එහි ප්‍රකට අධ්‍යාත්මික රෝග සුවකරන්නකු හා මෝහනවේදියකු වන රාමචන්ද්‍ර ගුරුජි මේ පිළිබඳ කළ පර්යේෂණයක් නිසාය. ඔහු පැවැසුයේ තමා මෝහන විද්‍යාව ඔස්සේ මෙම යානයට අත් වූ ඉරණම සොයා ගත් බවය.

ඔහු මෙහිදී අනුගමනය කොට තිබුණේ අපූරු ක්රමවේදයකි. එනම් තරුණියක හා තරුණයකු මෝහනයට ලක් කළ අතර ඔවුන් ඔස්සේ යමින් මෙම යානයේ සිටි මියගිය කාන්තාවකගේ ‘ආත්මයක්’ ගෙන්වා ගන්නට කටයුතු කළේය.

ඔහුට මෙම කටයුත්ත සඳහා ලෝක ප්‍රකට මෝහන චිකිත්සකයකු වන ආචාර්ය බෘෘස් ගෝල්ඩ්බර්ගේ සහාය ද ලැබිණි. මෙවැනි ක්‍රියාවන් ඔහු ඉන්දීය රූපවාහිනී නාලිකා ඔස්සේ නිරන්තරයෙන්ම සිදු කරන බැවින් අවිද්‍යාත්මක කටයුත්තක් වුව ද ෆේස්බුක් හා ගූගල් ප්ලස් යන සමාජ ජාල වබේ අඩවි ඔස්සේ ද මෙම සිදුවීම සජීවීව විකාශනය කරන්නට කටයුතු යොදා තිබිණි. ඒ ඇතැම් විට අන් කිසිවක් නිසා නොව විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ යානය සොයා ගැනීමේ කටයුතු අසාර්ථක වෙමින් පැවැති නිසා වන්නට ඇත.

මෝහනයට ලක් වූවන් ඔස්සේ පැමිණි මෙම මියගිය ‘ආත්මය’ පවසා සිටියේ ගුවන් යානය පැහැර ගැනීමකට ලක්වී පසුව එය කෙළින්ම මහ සයුරට කඩා වැටෙන්නට සලස්වා ඇති බවය. මෝහනයට ලක් වූ තරුණිය හා තරුණයා ඔස්සේ පැමිණි මෙම මියගිය කාන්තාවගේ ආත්මය පැවැසූ කරුණු ඇසුරින් ගුවන් යානය අහසට නැංවූ අවස්ථාවේ සිට අනතුරට පත්වන තුරු සියලු සිදුවීම් පහත පරිදි ගළපා ගන්නට හැකිය.

ගුවන් යානය සාමාන්‍ය ලෙස අහස් කුසට ඇතුළු විය. ඉන්පසුව මෙම කාන්තාව වැසිකිළියට ගොස් ඇත. ඇය වැසිකිළියට යාමෙන් පසු තවත් පුද්ගලයකු ද වැසිකිළියට ගොස් තිබේ. මේ අවස්ථාවේදී ගුවන් සේවිකාවන් කතා බහේ යෙදෙමින් සිට ඇති අතර මැලේ බසින් ‘ස්තුතියි‘ යන්න පවසනු ද ඇයට ඇසී තිබේ. ගුවන් ගත වීමෙන් පැය හතරකට පමණ පසු යානයේ පැවැතී ඇත්තේ කලබලකාරී ස්වභාවයකි.

මෙම කාන්තාව අල්ලාගත් එක් පුද්ගලයකු ඇගේ අතපය හා මුඛය බැඳ දමා තිබේ. මෙය සිදුකොට ඇත්තේ ඇයට පසුව වැසිකිළියට ගිය පුද්ගලයාය. ඔහු අතේ යමක් තබාගෙන එය වනමින් සිටි බව ද ඇය පවසයි. යානයේ ඒ වන විට පැවැතී ඇත්තේ ත්‍රාසයෙන් පිරුණු වටපිටාවකි.

මේ අවස්ථාවේදී තවත් පුද්ගලයකු නියමු කුටියට ඇතුළු වී ඇය ගුවන් යානය වැරදි මාර්ගයක ගමන් කරන්නට වූ අතර ගැස්සෙන්නට ද පටන් ගෙන තිබේ. එය පොළොව දෙසට වේගයෙන් ගමන් ගත් අතර අවසානයේ මහ සයුරට කඩා වැටී ඇත. මේ අවස්ථාවේදී කහ පැහැති ආලෝකයන් තුනක් ඇය දැක ඇත. ගුවන් යානයේ දොර විවෘත වී ඇති අතර යානය තුළට ජලය කඳක් පැමිණ තිබේ. කාන්තාව මියගොස් ඇත්තේ එම අවස්ථාවේදීය.

ඇයගේ කතාවේ සියලු කොටස් ගෙන පෙළ ගැස්වූ විට ඇසෙන්ට ලැබෙන්නේ මෙවැනි කතාවකි. මෙම මෝහන වැඩසටහන පැවැත්වූ රාමචන්ද්‍ර ගුරුජි මෙන්ම ගෝල්ඩ්බර්ග් ද ‘මෝහනය ඔස්සේ අනාගත ජීවිත’ මැයෙන් ග්රන්ථ කිහිපයක් ද රචනා කොට තිබේ. ඔවුන් මෙම මෝහන අත්දැකීමෙන් ලබාගත් තොරතුරු තහවුරු කරන්නට එක් සිදුවීමක් ද ගෙන හැර දක්වයි. ඒ මෙම ගුවන් යානය මාලදිවයිනට ඉහළින් අහසේ පියාසර කළ බව දුටු බවට පවසන සිදුවීමය. මෙම මෝහන සිදුවීම සම්බන්ධව තවත් අය පවසන දෙයක් නම් මෙහි පැවැසූ ලෙස යානය ඉන්දියානු සාගරයට කඩා වැටුණ බවට, මැලේසියානු අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශය අතිශයින් ගැළපෙන බවයි. බැලූ බැල්මට මේ සිදුවීම්වලින් මෝහනයෙන් පැවසුණු කාරණා තහවුරු වන බැව් පෙනේ.

සැබැවින්ම මෝහනයෙන් මෙවැනි සිදුවීම් පිළිබඳව දැනගත හැකිද? මෙහිදී කෙටියෙන්ම ලබාදිය හැකි පිළිතුර නම් ‘නැත’ යන්නය. කවුරුන් කෙසේ කීවද මෝහන විද්‍යාවෙන් මෙබඳු හපන්කම් කළ නොහැකිය. අප එසේ කියන්නේ ඇයි ?

යම් පුද්ගලයකුගේ යටි සිතෙහි ඇති දෑ තීව්ර ලෙසින් ඉස්මතු කරගැනීම විනා අප කිසිදා නොදුටු ස්ථානයකට යාමට, කිසිදා නොලද අත්දකීමක් ලබන්නට මෝහන විද්‍යාව යොදාගත නොහැකි බව නවීන විද්‍යාත්මකව තහවුරු වී තිබේ. ඒ ලොව පුරා ඒ සම්බන්ධයෙන් සිදු කෙරුනු විද්‍යාත්මක පරීක්ෂණවලට අනුවය. අපි කෙටි නිදසුනක් ගනිමු.

යම්කිසි ස්ථානයකට කිසිදා නොගිය පුද්ගලයන් කිහිප දෙනෙකු මෝහනය කර වීම මගින් එම ස්ථානයට යවා එම ස්ථානය පිළිබඳ විමසූ බොහෝ අවස්ථාවල මෝහන විද්‍යාඥයන්ට අසන්නට ලැබුණේ එකි’නෙකට හාත්පසින්ම වෙනස් තොරතුරුය. යම් හෙයකින් මෝහනය ඔස්සේ එබඳු ස්ථානයකට යැවීමට හැකියාව තිබුණේ නම් ඔවුන්ගේ ප්‍රකාශ සියල්ල එක සමාන විය යුතුය.

මෙවැනි මෝහන සිදුවීමකදී ඉස්මතු වන්නේ අප යටි සිතෙහි තැන්පත්ව ඇති සිදුවීම්ය. ඒ සමගම අප සිත තුළ ඇති පරිකල්පන ද මෙහි දී ඉස්මතු වෙයි. මෝහනය කරන්නා අපගෙන් අසන යම් යම් දේට ගැළපෙන පරිදි අප ලත් අතීත අත්දැකීම් අප සතු විෂයානු බද්ධ දැනීම් ඔස්සේ යම් කිසි විස්තරයක් පැවැසීම මෙහිදී සිදුවේ. රාමචන්ද්‍ර ගුරුජිගේ සිදුවීමේදී මෝහනයට ලක් වූ තරුණයා සහ තරුණිය සිය යටි සිතෙහි තැන්පත්ව තිබූ විවිධ සිදුවීම් අනුසාරයෙන් පැවැසූ කරුණු මත මෙම අනතුර පිළිබඳ සිදුවීම ගළපන්නට ඇත.

ඉන්දීය සාගරයේ ගුවන් යානයට අයත් යැයි සැලකෙන කොටස් කිහිපයක් හමුවීමත්, චීන රජය මෙම ගුවන් යානයට සිදුවූයේ කුමක්දැයි මැලේසියාවෙන් දැඩිව අසන්නට වීමත් නිසා එයින් ගැළවෙන්නට මෙන් මෙම යානය ඉන්දීය සාගරයට කඩා වැටුණු බවත්, එහි කිසිදු මගියකු ජීවතුන් අතර නොමැති බවත් මැලේසියානු අගමැතිවරයා පැවැසීමත් නිසා මෙම මෝහන සිදුවීම එකවරම සත්‍යයක් යැයි බොහෝ දෙනෙක් පවසන්නට පටන් ගත්හ.

නමුත් සැබැවින්ම මෙම යානය කඩා වැටී ඇති මුත් එය ඉන්දීය සාගරයටම කඩා වැටුණාද යන්න පිළිබඳව නැවතත් සැක සංකා පහළවනට පටන් ගෙන තිබේ. ඒ හැරුනු කොට ගුවන් නියමුවාගේ අනුදැනුමකින් යුතුව මෙම යානය පැහැර ගැනුණු බවට පැවැති මුල් අනුමානය (අප රටේ ජ්‍යොතීර්වේදියා තම මතය පළ කරන ලද්දේ ද ඉහත සඳහන් ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ වීමෙන් පසුවය) මේ වන විට මුළුමනින් දුරු වී තිබේ.

කෙසේ හෝ මෙහිදී පැවැසිය හැක්කේ ජ්‍යොතිෂයෙන් හෝ මෝහනයෙන් හෝ මෙවැනි හාස්කම් පෑ නොහැකි බවය. කවුරුන් හෝ ලාබ ප්‍රයෝජන හා ප්‍රසිද්ධිය පතා මෙවැනි සටකපට ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ජ්‍යොතීර්වේදය සහ මෝහන ශාස්ත්‍රය යන විෂයන් හි ගරුත්වය සිඳීගොස් ඒවාට සම්බන්ධ වී හිඳින කපටි කයිරාටිකයන් වෙතින් ඒවා කාණු පල්ලට ඇද වැටීම පමණි.

Source : Lakbima

[QUOTE="signshop, post: 16470354, member: 358740"] [b]මළවුන්ගේ ආත්ම මෝහනය මගින් ගෙන්විය හැකිද?[/b] [B][SIZE="4"]මළවුන්ගේ ආත්ම මෝහනය මගින් ගෙන්විය හැකිද?[/SIZE][/B] [SIZE="3"]මෑත කාලයේ මුළු ලෝකයේම අවධානයට ලක් වූ සුවිසල් ඛිෙදවාචකයක් වූයේ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානය සේවක මණ්ඩලයේ 12 දෙනා සහ මගීන් 227 දෙනා සමග 2014 මාර්තු 8 වැනිදා අතුරුදන්වීමේ සිදුවීමය. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බිජිං නුවර දක්වා පියාසර කරමින් තිබූ මෙහි සිටි බහුතරයක් වූයේ චීන ජාතිකයින්ය. මෙය දිනෙන් දින ජාත්‍යන්තර ප්රවෘත්ති අතර සෑම විටම ප්රථමයටම පැමිණෙන්නට හේතු වූයේ යානයට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවීම නිසාය. යොදා ගත හැකි සියලු තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ලෝකය පීරුවද සියලු ප්රයත්නයන් නිරර්ථක විය. මේ අතර එහි සිටි ඇතැම් මගීන්ගේ ජංගම දුරකථන නාද වන බැව් හිටි හැටියේ එක් ප්‍රවෘත්තියකින් පැවසිණ. එවිට බොහෝ දෙනා අනුමාන කරන ලද්දේ ගුවන් යානය අනතුරකට ලක් නොවී පැහැර ගැනීමට ලක්වන්නට ඇතැයි යන්නය. නමුත් ජංගම දුරකථන පුවත ද කිහිප දිනකින් යටපත් විය. තාක්ෂණය සහ විද්‍යාව පිළිබඳ නිරන්තරව විශ්වාසය තැබුව ද එයින් පිහිටක් ද නොලැබුණ බවක් හැඟෙන කල මිනිසා සිය මනැසේ තැන්පත්ව පවතින ඇතැම් ගුප්ත විශ්වාසයන් වෙත යොමුවීම පැහැදිලිව දක්නට ලැබෙන දෙයකි. නූතන වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ නොහැකි රෝගයක් වැළඳුණු කල ඒ සඳහා ඉපැරණි වෛද්‍ය ක්‍රම හා ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන අය ඕනෑ තරම් දක්නට ලැබේ. අවසානයේ අවිද්‍යාත්මක වුව ද මෙම ගුවන් යානයේ ඇතැම් සෙවුම් කණ්ඩායම් එවැනි ක්‍රමවලින් හෝ සහනයක් ලබාගන්නට හැකිවේදැයි අත්හදා බලන්නට තීරණය කළහ. මේ අතර අප රටේ වෙසෙන ආධ්‍යාත්මවේදියකු වශයෙන් ජනමාධ්‍ය හමුවේ පෙනී සිටින එක්තරා පුද්ගලයකු ද මෙම යානය අතුරුදන්වීම ජ්යොතීර්ය පැහැදිලි කරනු දක්නට හැකි විය. ඔහු කීයේ ජ්‍යොතිෂවේදයට අනුව තමන් එය ප්‍රකාශ කරන බවකි. ඊට පසු පුවත්පත් සහ අන්තර් ජාල වබේ අඩවි මගින් ද ඔහුගේ එම මතය ප්‍රසිද්ධ කෙරිණ. මෙම යානය ඒ වන විට පිහිටිය යුතු අක්ෂාංශ දේශාංශ පිළිබඳව පවා ඔහු විසින් සඳහන් කර තිබූ අතර ඔහුගේ එම ප්‍රකාශයට අනුව එය නියමුවාගේ දැනුවත්කම මතින් සිදු වූ පැහැර ගැනීමකි. නමුත් ඔහුගේ මෙම අදහස පිළිබඳ අප රටේ අනෙක් සියලුම ජ්‍යොතීර්වේදීන් පාහේ දැක්වූයේ විරෝධය මුසු අදහසකි. ඔවුන් සියලු දෙනාගේම පාහේ පොදු මතය වූයේ මෙවැනි අනාවැකි ජ්‍යොතීර් විද්‍යාත්මකව ඉදිරිපත් කරන්නට නොහැකි බවය. එමෙන්ම එවැනි අදහස් ප්‍රකාශ කිරීම තුළින් මෙවැනි වටිනා ශාස්ත්‍රයක් හෑල්ලුවට ලක්වන බවය. කෙසේ මුත් මෙම ජ්‍යොතීර් විද්‍යාත්මක අදහස් දැක්වීම උපහාසයට ලක්කරමින් පසුදා සිටම විවිධ වබේ අඩවිවල අදහස් උදහස් පළවන්නට පටන් ගැනුණි. මේ අතර අප අසල්වැසි ඉන්දියාවෙන් තවත් අපූරු පුවතක් වාර්තා විය. ඒ එහි ප්‍රකට අධ්‍යාත්මික රෝග සුවකරන්නකු හා මෝහනවේදියකු වන රාමචන්ද්‍ර ගුරුජි මේ පිළිබඳ කළ පර්යේෂණයක් නිසාය. ඔහු පැවැසුයේ තමා මෝහන විද්‍යාව ඔස්සේ මෙම යානයට අත් වූ ඉරණම සොයා ගත් බවය. ඔහු මෙහිදී අනුගමනය කොට තිබුණේ අපූරු ක්රමවේදයකි. එනම් තරුණියක හා තරුණයකු මෝහනයට ලක් කළ අතර ඔවුන් ඔස්සේ යමින් මෙම යානයේ සිටි මියගිය කාන්තාවකගේ ‘ආත්මයක්’ ගෙන්වා ගන්නට කටයුතු කළේය. ඔහුට මෙම කටයුත්ත සඳහා ලෝක ප්‍රකට මෝහන චිකිත්සකයකු වන ආචාර්ය බෘෘස් ගෝල්ඩ්බර්ගේ සහාය ද ලැබිණි. මෙවැනි ක්‍රියාවන් ඔහු ඉන්දීය රූපවාහිනී නාලිකා ඔස්සේ නිරන්තරයෙන්ම සිදු කරන බැවින් අවිද්‍යාත්මක කටයුත්තක් වුව ද ෆේස්බුක් හා ගූගල් ප්ලස් යන සමාජ ජාල වබේ අඩවි ඔස්සේ ද මෙම සිදුවීම සජීවීව විකාශනය කරන්නට කටයුතු යොදා තිබිණි. ඒ ඇතැම් විට අන් කිසිවක් නිසා නොව විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ යානය සොයා ගැනීමේ කටයුතු අසාර්ථක වෙමින් පැවැති නිසා වන්නට ඇත. මෝහනයට ලක් වූවන් ඔස්සේ පැමිණි මෙම මියගිය ‘ආත්මය’ පවසා සිටියේ ගුවන් යානය පැහැර ගැනීමකට ලක්වී පසුව එය කෙළින්ම මහ සයුරට කඩා වැටෙන්නට සලස්වා ඇති බවය. මෝහනයට ලක් වූ තරුණිය හා තරුණයා ඔස්සේ පැමිණි මෙම මියගිය කාන්තාවගේ ආත්මය පැවැසූ කරුණු ඇසුරින් ගුවන් යානය අහසට නැංවූ අවස්ථාවේ සිට අනතුරට පත්වන තුරු සියලු සිදුවීම් පහත පරිදි ගළපා ගන්නට හැකිය. ගුවන් යානය සාමාන්‍ය ලෙස අහස් කුසට ඇතුළු විය. ඉන්පසුව මෙම කාන්තාව වැසිකිළියට ගොස් ඇත. ඇය වැසිකිළියට යාමෙන් පසු තවත් පුද්ගලයකු ද වැසිකිළියට ගොස් තිබේ. මේ අවස්ථාවේදී ගුවන් සේවිකාවන් කතා බහේ යෙදෙමින් සිට ඇති අතර මැලේ බසින් ‘ස්තුතියි‘ යන්න පවසනු ද ඇයට ඇසී තිබේ. ගුවන් ගත වීමෙන් පැය හතරකට පමණ පසු යානයේ පැවැතී ඇත්තේ කලබලකාරී ස්වභාවයකි. මෙම කාන්තාව අල්ලාගත් එක් පුද්ගලයකු ඇගේ අතපය හා මුඛය බැඳ දමා තිබේ. මෙය සිදුකොට ඇත්තේ ඇයට පසුව වැසිකිළියට ගිය පුද්ගලයාය. ඔහු අතේ යමක් තබාගෙන එය වනමින් සිටි බව ද ඇය පවසයි. යානයේ ඒ වන විට පැවැතී ඇත්තේ ත්‍රාසයෙන් පිරුණු වටපිටාවකි. මේ අවස්ථාවේදී තවත් පුද්ගලයකු නියමු කුටියට ඇතුළු වී ඇය ගුවන් යානය වැරදි මාර්ගයක ගමන් කරන්නට වූ අතර ගැස්සෙන්නට ද පටන් ගෙන තිබේ. එය පොළොව දෙසට වේගයෙන් ගමන් ගත් අතර අවසානයේ මහ සයුරට කඩා වැටී ඇත. මේ අවස්ථාවේදී කහ පැහැති ආලෝකයන් තුනක් ඇය දැක ඇත. ගුවන් යානයේ දොර විවෘත වී ඇති අතර යානය තුළට ජලය කඳක් පැමිණ තිබේ. කාන්තාව මියගොස් ඇත්තේ එම අවස්ථාවේදීය. ඇයගේ කතාවේ සියලු කොටස් ගෙන පෙළ ගැස්වූ විට ඇසෙන්ට ලැබෙන්නේ මෙවැනි කතාවකි. මෙම මෝහන වැඩසටහන පැවැත්වූ රාමචන්ද්‍ර ගුරුජි මෙන්ම ගෝල්ඩ්බර්ග් ද ‘මෝහනය ඔස්සේ අනාගත ජීවිත’ මැයෙන් ග්රන්ථ කිහිපයක් ද රචනා කොට තිබේ. ඔවුන් මෙම මෝහන අත්දැකීමෙන් ලබාගත් තොරතුරු තහවුරු කරන්නට එක් සිදුවීමක් ද ගෙන හැර දක්වයි. ඒ මෙම ගුවන් යානය මාලදිවයිනට ඉහළින් අහසේ පියාසර කළ බව දුටු බවට පවසන සිදුවීමය. මෙම මෝහන සිදුවීම සම්බන්ධව තවත් අය පවසන දෙයක් නම් මෙහි පැවැසූ ලෙස යානය ඉන්දියානු සාගරයට කඩා වැටුණ බවට, මැලේසියානු අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශය අතිශයින් ගැළපෙන බවයි. බැලූ බැල්මට මේ සිදුවීම්වලින් මෝහනයෙන් පැවසුණු කාරණා තහවුරු වන බැව් පෙනේ. සැබැවින්ම මෝහනයෙන් මෙවැනි සිදුවීම් පිළිබඳව දැනගත හැකිද? මෙහිදී කෙටියෙන්ම ලබාදිය හැකි පිළිතුර නම් ‘නැත’ යන්නය. කවුරුන් කෙසේ කීවද මෝහන විද්‍යාවෙන් මෙබඳු හපන්කම් කළ නොහැකිය. අප එසේ කියන්නේ ඇයි ? යම් පුද්ගලයකුගේ යටි සිතෙහි ඇති දෑ තීව්ර ලෙසින් ඉස්මතු කරගැනීම විනා අප කිසිදා නොදුටු ස්ථානයකට යාමට, කිසිදා නොලද අත්දකීමක් ලබන්නට මෝහන විද්‍යාව යොදාගත නොහැකි බව නවීන විද්‍යාත්මකව තහවුරු වී තිබේ. ඒ ලොව පුරා ඒ සම්බන්ධයෙන් සිදු කෙරුනු විද්‍යාත්මක පරීක්ෂණවලට අනුවය. අපි කෙටි නිදසුනක් ගනිමු. යම්කිසි ස්ථානයකට කිසිදා නොගිය පුද්ගලයන් කිහිප දෙනෙකු මෝහනය කර වීම මගින් එම ස්ථානයට යවා එම ස්ථානය පිළිබඳ විමසූ බොහෝ අවස්ථාවල මෝහන විද්‍යාඥයන්ට අසන්නට ලැබුණේ එකි’නෙකට හාත්පසින්ම වෙනස් තොරතුරුය. යම් හෙයකින් මෝහනය ඔස්සේ එබඳු ස්ථානයකට යැවීමට හැකියාව තිබුණේ නම් ඔවුන්ගේ ප්‍රකාශ සියල්ල එක සමාන විය යුතුය. මෙවැනි මෝහන සිදුවීමකදී ඉස්මතු වන්නේ අප යටි සිතෙහි තැන්පත්ව ඇති සිදුවීම්ය. ඒ සමගම අප සිත තුළ ඇති පරිකල්පන ද මෙහි දී ඉස්මතු වෙයි. මෝහනය කරන්නා අපගෙන් අසන යම් යම් දේට ගැළපෙන පරිදි අප ලත් අතීත අත්දැකීම් අප සතු විෂයානු බද්ධ දැනීම් ඔස්සේ යම් කිසි විස්තරයක් පැවැසීම මෙහිදී සිදුවේ. රාමචන්ද්‍ර ගුරුජිගේ සිදුවීමේදී මෝහනයට ලක් වූ තරුණයා සහ තරුණිය සිය යටි සිතෙහි තැන්පත්ව තිබූ විවිධ සිදුවීම් අනුසාරයෙන් පැවැසූ කරුණු මත මෙම අනතුර පිළිබඳ සිදුවීම ගළපන්නට ඇත. ඉන්දීය සාගරයේ ගුවන් යානයට අයත් යැයි සැලකෙන කොටස් කිහිපයක් හමුවීමත්, චීන රජය මෙම ගුවන් යානයට සිදුවූයේ කුමක්දැයි මැලේසියාවෙන් දැඩිව අසන්නට වීමත් නිසා එයින් ගැළවෙන්නට මෙන් මෙම යානය ඉන්දීය සාගරයට කඩා වැටුණු බවත්, එහි කිසිදු මගියකු ජීවතුන් අතර නොමැති බවත් මැලේසියානු අගමැතිවරයා පැවැසීමත් නිසා මෙම මෝහන සිදුවීම එකවරම සත්‍යයක් යැයි බොහෝ දෙනෙක් පවසන්නට පටන් ගත්හ. නමුත් සැබැවින්ම මෙම යානය කඩා වැටී ඇති මුත් එය ඉන්දීය සාගරයටම කඩා වැටුණාද යන්න පිළිබඳව නැවතත් සැක සංකා පහළවනට පටන් ගෙන තිබේ. ඒ හැරුනු කොට ගුවන් නියමුවාගේ අනුදැනුමකින් යුතුව මෙම යානය පැහැර ගැනුණු බවට පැවැති මුල් අනුමානය (අප රටේ ජ්‍යොතීර්වේදියා තම මතය පළ කරන ලද්දේ ද ඉහත සඳහන් ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ වීමෙන් පසුවය) මේ වන විට මුළුමනින් දුරු වී තිබේ. කෙසේ හෝ මෙහිදී පැවැසිය හැක්කේ ජ්‍යොතිෂයෙන් හෝ මෝහනයෙන් හෝ මෙවැනි හාස්කම් පෑ නොහැකි බවය. කවුරුන් හෝ ලාබ ප්‍රයෝජන හා ප්‍රසිද්ධිය පතා මෙවැනි සටකපට ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ජ්‍යොතීර්වේදය සහ මෝහන ශාස්ත්‍රය යන විෂයන් හි ගරුත්වය සිඳීගොස් ඒවාට සම්බන්ධ වී හිඳින කපටි කයිරාටිකයන් වෙතින් ඒවා කාණු පල්ලට ඇද වැටීම පමණි.[/SIZE] Source : Lakbima [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom