Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මළ සිරුරක් හෙළි කළ අභිරහසක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළ සිරුරක් හෙළි කළ අභිරහසක්!

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා අධ්‍යයන කටයුත්තක් සඳහා ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවරට ගොස් සිටියේය. ඒ මීට වසර කිහිපයකට පමණ ඉහතදිය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙල්බර්න් නුවර පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක සිය අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් සිටියේය. මෙකී රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය වයස අවුරුදු දෙකහමාරක කුඩා දරුවකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට සිදුවූයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතාටය. ඕස්ටේ්රලියාව වැනි රටවල පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමේදි ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයෝගය ලබා ගැනිමට එරට අධිකරණ වෛද්‍යවරුන් ක්‍රියා කරති. ඒ අනුව මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා එරට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ සහයෝගය ලබාගැනීමට රෝහාන් රුවන්පුර මහතාද කටයුතු කළේය.

දරුවාගේ මරණය වී ඇත්තේ දරුවාගේ දෙමව්පියන් විසින් ඔහුට පහරදීම නිසා ඇතිවූ තුවාල වලින් බවට එරට පොලිසිය තුළද සැකයක් ඇති වී තිබුණි. දරුවන් වෙනුවෙන් පෙනී සිටින එරට රාජ්‍ය නොවන සංවිධාන ද දරුවාගේ මරණය සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා එල්ලකොට තිබුණි. පොලිසිය විසින් ඒවනවිට දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබුණේය. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා විසින් මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පෙර දරුවාගේ රෝග ඉතිහාසය විමර්ශනය කළේය. මෙම දරුවා රෝහලට ඇතුළත් කරණවිට සිහිසුන්ව සිට අතර දරුවා ශල්‍යකර්මයකට භාජනය කොට තිබූ බව දරුවාගේ රෝග ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදි අනාවරණය විය. මෙකී රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසින් දරුවාගේ මොළය ආශ්රිත ප්‍රදේශය පැය තුනක පමණ කාලයක් ශල්‍යකර්මයට භාජනය කොට තිබුණි. දරුවා ශල්‍යකර්මයට ලක් කොට පැය තුනකට පමණ පසු මියගියේය.

දරුවාගේ රෝග ඉතිහාසය නිරීක්ෂණය කිරිමෙන් පසු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දරුවාගේ සිරුර බාහිරව පරීක්ෂා කළේය. දරුවාගේ දෑත්වල මෙන්ම හිසේ තැනින් තැන තැලීම් තුවාල දක්නට ලැබුණේය. දරුවාගේ සිරුර පුරාම ඇඟිලි සලකුණු දක්නට ලැබුණි. ඇඟිලි සලකුණු අනුව කිසියම් අයකු විසින් දරුවාගේ ඇඟ පසඟ මිරිකා ඇති බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.

දරුවාගේ පිට ප්‍රදේශය සිරීම්වලට ලක්ව තිබු අතර තුවාල ද දක්නට විය. එමෙන්ම මෙම දරුවාගේ මුහුණ ප්‍රදේශයේ වම් කම්මුලේ ත්‍රිකෝණාකාර තැලීමක්ද දක්නට විය. මෙකි තුවාල බැලූ බැල්මට පහරදීමකින් සිදු වූ තුවාල වැනිය. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් මෙම දරුවාගේ මළ සිරුර එක්ස්කිරණ පරීක්ෂාවට භාජනය කළේය. මියගිය දරුවාගේ සිරුරේ ඇති තුවාල මරණයට පෙර සිදුවූ එවාද නැතහොත් මරණයෙන් පසුව වූ තුවාල ද යන්න දැන ගැනීම සදහා අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය දරුවාගේ සිරුරේ ඇති තුවාල පටකවේද පරීක්ෂාවට ලක් කළේය

දරුවාගේ සිරුරේ තිබූ තුවාල මරණයට පෙර සිදු වූ තුවාල බව එම පටකවේද පරික්ෂාවේදි තහවුරු විය. සාමාන්‍ය වැඩිහිටියකුගේ මෙන් නොව ළමයකුගේ තුවාල පිළිබඳ නිරික්ෂණය කිරීමේදි එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වන්නේය. තුවාල වී ඇත්තේ සැබවින්ම පහරදීමකින්ද නැතහොත් වැටීමකින්ද යන්න අර්ථ දැක්වීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වන්නේය. මෙවැනි අවස්ථාවලදී අධිකරණ වෛද්‍යවරුන් විසින් තුවාල වී ඇති ආකාරය තුවාලවල මෝස්තරය පිළිබඳ දැඩි ලෙස විශ්ලේෂණය කරති. සැබවින්ම මෙය සංකීරණ ක්‍රියාවලියකි. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය දරුවාගේ තුවාලවල වකවානු නිරීක්ෂය කිරීමට කටයුතු කළේය.

මෙම දරුවා රෝහලට ඇතුළත් කළ දිනයේ සිට මිය යනතෙක් කළ ප්‍රතිකාර සහ ශල්‍යකර්මය පිළිබඳ තොරතුරු මේවන විට ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාගෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා විසින් ලබාගෙන තිබුණේය. මියගිය දරුවාගේ හිස අභ්‍යයන්තර පරීක්ෂාවේ දී තැලූම් තුවාල දක්නට විය. හිස්කබල හා මොළය අතර අවකාශය තුළ රුධිරය ගලාගෙන ගොස් තිබුණි. ශල්‍යකර්මයේ දී මොළයේ තිබූ ලේ කැටි ඉවත්කොට තිබුණි. මොළයට සිදු වූ තුවාල නිසා අභ්‍යයන්තර රුධිරය වහනය වීමකින් මෙම දරුවාගේ මරණය සිදු වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය.

එහෙත් දරුවාගේ මරණය සිදුවූයේ දෙමව්පියන් විසින් කළ පහරදීමකින්ද නැතහොත් ඇද වැටීමකින්ද යන්න සොයා ගැනීම අධිකරණ වෛද්‍යවරයාගේ ඊළඟ අරමුණ විය. මෙවැනි පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණය කරගැනිම සඳහා ස්ථානීය පරික්ෂණ රෝග ඉතිහාසය විවිධ වූ පුද්ගලයින් සාක්ෂි පර්යේෂණවලින් ලැබුණු දත්ත ඉතා වැදගත් වේ. මියගිය දරුවාගේ දෑත්වල හා සිරුරේ තැනින් තැන කිසියම් පුද්ගලයකුගේ ඇඟිලි සලකුණු නිසා වූ තැලීම් තිබූ බව මෙම ලිපියේ මුලදී අපි සඳහන් කළෙමු. එම තැලීම් ඇතිවූයේ කෙසේද යන්න අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්ෂාකොට බැලූවේය .

මෙම දරුවා රෝහලට ඇතුළත් කරණවිටත් සිහිසුන්ව සිටි බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව තිබුණි. මෙකි දරුවා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයකුගේ පරික්ෂාවටද ලක්ව තිබුණේය. විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව සියුම් ලෙස කරුණු විමසා බැලූවේය. දරුවා සිහිසුන්ව සිටි නිසා ඔහුගේ දැනීම හා සංවේදිභාවය දැන ගන්නට මෙම ස්නායු වෛද්‍යවරයා කටයුතු කර තියෙනවා. එම නිසා තමයි දරුවාගේ දෑත්වල තැලීම් වගේ ලක්ෂණ දක්නට තිබුණේ. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර කීවේය.

පසුව මෙම ළමයාගේ මුහුණෙහි වම් කම්මුලේ ත්‍රිකෝණාකාර තැල්මක් ඇතිවුයේ කෙසේද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍යවරයා විසින් සොයා බැලූවේය. මෙය බැලූබැල්මට නම් දක්නට ලැබුණේ දරුවගේ කම්මුලට කිසියම් අයකු විසින් පහරදි ඇති බවකි. ඒ පිළිබඳව රුවන්පුර මහතා කරුණු සොයා බැලූවේය. දරුවාට ශල්‍යකර්මය කර ඇත්තේ ශල්‍ය වෛද්‍යවරයකු විසිනි. දරුවාගේ හිස පසෙක හරවා කම්මුලට ග්ලෝස් කැබැල්ලක් තබා ශල්‍යකර්මය කොට තිබුණි. ඒ සඳහා පැය තුනක කාලයක් ගතවී තිබුණි. කම්මුලේ ත්‍රිකෝණාකාර තැලීමක් ඇති වී තිබුණේ මේ නිසා බව අධිකරණ වෛද්‍යවරයා ඒ අනුව තහවුරු කරගත්තේය.

මෙම දරුවාගේ මොළයට තුවාල සිදුවූ ආකාරය අධිකරණ වෛද්‍යවරයාට විසඳා ගත යුතු ඊළග ප්රශ්නය විය. මෙහිදී ඉතා නිවැරැදි තීරණයකට පැමිණිම ඉතා වැදගත් විය. මක්නිසාදයත් මෙම ළමයාගේ මරණය සැකකටයුතු එකක් බවට එරට පොලිසිය මෙන්ම ළමා රක්ෂක සංවිධානද ඒ වනවිට සැක පහළ කර තිබූ බැවිනි.

මරණය පිළිබද දරුවාගේ දෙමව්පියන් වෙත ද චෝදනා එල්ල වී තිබුණි. ඒ නිසා සියලූ දෙනා අධිකරණ වෛද්‍යවරයාගේ තීන්දුව ගැන දැඩි අවධානයක් යොමුකර සිටියේය. මෙවැනි සැකකටයුතු මරණවලදි සත්‍ය ලෙසම තොරතුරු අනාවරණය කරගැනිම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනාවරණය කරගත් විද්‍යාත්මක තොරතුරු මෙන්ම සිද්ධිමය කරුණු ඉතා වැදගත් වන්නේය.

ඒ අනුව අධිකරණ වෛද්‍යවරයා මියගිය ළමයාගේ දෙමව්පියන්ද කැඳවා ඔවුුන්ගෙන්ද ප්‍රශ්න කළේය. ඉන්පසුව එම ගැටලූව නිරාකරණය වන්නේ මේ අයුරිනි.

ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටි මෙම යුවළට පුතුන් තිදෙනෙකි. වැඩිමහල් පුතුගේ වයස අවුරුදු හයකි. මද්දුමයාගේ වයස අවුරුදු හයකි. මියගිය බාලයාගේ වයස අවුරුදු දෙකහමාරකි. මෙම සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ පියා නිවසේ නොසිටියේය. ඔහු පුද්ගලික සමාගමක විධායක නිලධාරියකු ලෙස රැකියාව කළේය. එදින ඔහු රැකියාවට ගොස් සිටි බැවින් නිවසේ සිටියේ මවත් පුතුන් තිදෙනාත් පමණි. කුඩා පුතු කාමරයක තිබු ඇඳක් මත සුව නින්දේ පසුවුයේය. අනික් පුතුන් තිදෙනා කාමරයේ සෙල්ලම් කරමින් සිටියෝය. මොවුන් සෙල්ලම්කරමින් සිටියදී ඇඳේ සිටි කුඩා දරුවා ඇඳෙන් බිමට වැටුණේය. නාන කාමරයේ සිටි මව මේ කිසිවක් දැන සිටියේ නැත. ළමයා ඇඳෙන් බිමට ඇද වැටීමෙන් පසු වැඩිමහල් දරුවා විසින් ඔහු පාදවලින් අල්ලා නානකාමරයේ දොර ළගට ඇදගෙන ගියේය..

මව නාන කාමරයෙන් පිටතට එනවිට කුඩා පුතු නාන කාමරයේ දොර අසල සිටියේය.. ඇය දියනාමින් සිටි නිසා ළමයා වැටුණු ශබ්දය ඇයට නෑසිණි. අනික් ළමුන් දෙදෙනාද මේ බව මවට කිවේ නැත. සිහිසුන්ව සිටි පුතු කඩිනමින් රෝහලට ඇතුළත් කිරීමට මව පියවර ගත්තාය. දරුවාට වූ දේ ගැන කීමට ඇය කිසිවක් නොදැන සිටියාය. මේ නිසා පොලිසිය මෙන්ම රෝහලේ වෛද්‍යවරුද දරුවාගේ මරණය ගැන සැකකරනු ලැබීය. දරුවාගේ පිට ප්‍රදේශය තුළ සීරීම් තුවාල ඇතිවී තිබුණේ ඔහු ඇදගෙන යාම නිසාය. මොළයට තුවාල වී ඇත්තේ ඇදෙන් වැටීම නිසා බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. මෙකි සිද්ධිය තුළින් නියම අපරාධකරුවන් සොයා ගැනීමට මෙන්ම නිවැරැදි කරුවන් බවට ඔප්පු කිරීම සදහා අධිකරණ වෛද්‍ය විද්‍යාවෙන් ලැබෙන පිටුවහල මනාව පැහැදිලි වන්නේය.

ළමුන්ට සිදුවන තුවාලවලදී ඇතමුන් ඒ ගැන විවිධ අර්ථකතන ලබා දෙනවා. ඔවුන් ඇතැම්විට ප්‍රසිද්ධියේම තම නිගමන දෙනවා. දෙම්ව්පියන් පහරදීම නිසා තුවාල ඇති වන බව කියනවා. ඇත්තෙන්ම කුඩා දරුවන්ගේ තුවාල පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ දැනුමක් අවශ්‍යයි. එය ඉතා ප්‍රවේශමෙන් කළයුතුයි. මනා ලෙස කරණු ලැබු විධිමත් පරික්ෂණයකින් තොරව මේ ආකාරයට ලබාදෙන නිගමන නිසා දරුවන් හොඳින් රැකබලා ගන්නා දෙමව්පියන්ට ඔවුන් හා දරුවන් අතර පවතින සම්බන්ධතා පවා බිඳ වැටීමට හේතු වී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා කීවේය.

divaina.com

[QUOTE="Dr.Amdan, post: 24061568, member: 549909"] [b]මළ සිරුරක් හෙළි කළ අභිරහසක්![/b] [SIZE="3"][COLOR="Blue"]කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා අධ්‍යයන කටයුත්තක් සඳහා ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවරට ගොස් සිටියේය. ඒ මීට වසර කිහිපයකට පමණ ඉහතදිය. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙල්බර්න් නුවර පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක සිය අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් සිටියේය. මෙකී රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය වයස අවුරුදු දෙකහමාරක කුඩා දරුවකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට සිදුවූයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතාටය. ඕස්ටේ්රලියාව වැනි රටවල පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමේදි ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයෝගය ලබා ගැනිමට එරට අධිකරණ වෛද්‍යවරුන් ක්‍රියා කරති. ඒ අනුව මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා එරට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ සහයෝගය ලබාගැනීමට රෝහාන් රුවන්පුර මහතාද කටයුතු කළේය. දරුවාගේ මරණය වී ඇත්තේ දරුවාගේ දෙමව්පියන් විසින් ඔහුට පහරදීම නිසා ඇතිවූ තුවාල වලින් බවට එරට පොලිසිය තුළද සැකයක් ඇති වී තිබුණි. දරුවන් වෙනුවෙන් පෙනී සිටින එරට රාජ්‍ය නොවන සංවිධාන ද දරුවාගේ මරණය සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා එල්ලකොට තිබුණි. පොලිසිය විසින් ඒවනවිට දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබුණේය. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා විසින් මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පෙර දරුවාගේ රෝග ඉතිහාසය විමර්ශනය කළේය. මෙම දරුවා රෝහලට ඇතුළත් කරණවිට සිහිසුන්ව සිට අතර දරුවා ශල්‍යකර්මයකට භාජනය කොට තිබූ බව දරුවාගේ රෝග ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදි අනාවරණය විය. මෙකී රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසින් දරුවාගේ මොළය ආශ්රිත ප්‍රදේශය පැය තුනක පමණ කාලයක් ශල්‍යකර්මයට භාජනය කොට තිබුණි. දරුවා ශල්‍යකර්මයට ලක් කොට පැය තුනකට පමණ පසු මියගියේය. දරුවාගේ රෝග ඉතිහාසය නිරීක්ෂණය කිරිමෙන් පසු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දරුවාගේ සිරුර බාහිරව පරීක්ෂා කළේය. දරුවාගේ දෑත්වල මෙන්ම හිසේ තැනින් තැන තැලීම් තුවාල දක්නට ලැබුණේය. දරුවාගේ සිරුර පුරාම ඇඟිලි සලකුණු දක්නට ලැබුණි. ඇඟිලි සලකුණු අනුව කිසියම් අයකු විසින් දරුවාගේ ඇඟ පසඟ මිරිකා ඇති බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. දරුවාගේ පිට ප්‍රදේශය සිරීම්වලට ලක්ව තිබු අතර තුවාල ද දක්නට විය. එමෙන්ම මෙම දරුවාගේ මුහුණ ප්‍රදේශයේ වම් කම්මුලේ ත්‍රිකෝණාකාර තැලීමක්ද දක්නට විය. මෙකි තුවාල බැලූ බැල්මට පහරදීමකින් සිදු වූ තුවාල වැනිය. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් මෙම දරුවාගේ මළ සිරුර එක්ස්කිරණ පරීක්ෂාවට භාජනය කළේය. මියගිය දරුවාගේ සිරුරේ ඇති තුවාල මරණයට පෙර සිදුවූ එවාද නැතහොත් මරණයෙන් පසුව වූ තුවාල ද යන්න දැන ගැනීම සදහා අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය දරුවාගේ සිරුරේ ඇති තුවාල පටකවේද පරීක්ෂාවට ලක් කළේය දරුවාගේ සිරුරේ තිබූ තුවාල මරණයට පෙර සිදු වූ තුවාල බව එම පටකවේද පරික්ෂාවේදි තහවුරු විය. සාමාන්‍ය වැඩිහිටියකුගේ මෙන් නොව ළමයකුගේ තුවාල පිළිබඳ නිරික්ෂණය කිරීමේදි එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වන්නේය. තුවාල වී ඇත්තේ සැබවින්ම පහරදීමකින්ද නැතහොත් වැටීමකින්ද යන්න අර්ථ දැක්වීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වන්නේය. මෙවැනි අවස්ථාවලදී අධිකරණ වෛද්‍යවරුන් විසින් තුවාල වී ඇති ආකාරය තුවාලවල මෝස්තරය පිළිබඳ දැඩි ලෙස විශ්ලේෂණය කරති. සැබවින්ම මෙය සංකීරණ ක්‍රියාවලියකි. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය දරුවාගේ තුවාලවල වකවානු නිරීක්ෂය කිරීමට කටයුතු කළේය. මෙම දරුවා රෝහලට ඇතුළත් කළ දිනයේ සිට මිය යනතෙක් කළ ප්‍රතිකාර සහ ශල්‍යකර්මය පිළිබඳ තොරතුරු මේවන විට ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාගෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා විසින් ලබාගෙන තිබුණේය. මියගිය දරුවාගේ හිස අභ්‍යයන්තර පරීක්ෂාවේ දී තැලූම් තුවාල දක්නට විය. හිස්කබල හා මොළය අතර අවකාශය තුළ රුධිරය ගලාගෙන ගොස් තිබුණි. ශල්‍යකර්මයේ දී මොළයේ තිබූ ලේ කැටි ඉවත්කොට තිබුණි. මොළයට සිදු වූ තුවාල නිසා අභ්‍යයන්තර රුධිරය වහනය වීමකින් මෙම දරුවාගේ මරණය සිදු වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය. එහෙත් දරුවාගේ මරණය සිදුවූයේ දෙමව්පියන් විසින් කළ පහරදීමකින්ද නැතහොත් ඇද වැටීමකින්ද යන්න සොයා ගැනීම අධිකරණ වෛද්‍යවරයාගේ ඊළඟ අරමුණ විය. මෙවැනි පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණය කරගැනිම සඳහා ස්ථානීය පරික්ෂණ රෝග ඉතිහාසය විවිධ වූ පුද්ගලයින් සාක්ෂි පර්යේෂණවලින් ලැබුණු දත්ත ඉතා වැදගත් වේ. මියගිය දරුවාගේ දෑත්වල හා සිරුරේ තැනින් තැන කිසියම් පුද්ගලයකුගේ ඇඟිලි සලකුණු නිසා වූ තැලීම් තිබූ බව මෙම ලිපියේ මුලදී අපි සඳහන් කළෙමු. එම තැලීම් ඇතිවූයේ කෙසේද යන්න අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්ෂාකොට බැලූවේය . මෙම දරුවා රෝහලට ඇතුළත් කරණවිටත් සිහිසුන්ව සිටි බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව තිබුණි. මෙකි දරුවා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයකුගේ පරික්ෂාවටද ලක්ව තිබුණේය. විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව සියුම් ලෙස කරුණු විමසා බැලූවේය. දරුවා සිහිසුන්ව සිටි නිසා ඔහුගේ දැනීම හා සංවේදිභාවය දැන ගන්නට මෙම ස්නායු වෛද්‍යවරයා කටයුතු කර තියෙනවා. එම නිසා තමයි දරුවාගේ දෑත්වල තැලීම් වගේ ලක්ෂණ දක්නට තිබුණේ. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර කීවේය. පසුව මෙම ළමයාගේ මුහුණෙහි වම් කම්මුලේ ත්‍රිකෝණාකාර තැල්මක් ඇතිවුයේ කෙසේද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍යවරයා විසින් සොයා බැලූවේය. මෙය බැලූබැල්මට නම් දක්නට ලැබුණේ දරුවගේ කම්මුලට කිසියම් අයකු විසින් පහරදි ඇති බවකි. ඒ පිළිබඳව රුවන්පුර මහතා කරුණු සොයා බැලූවේය. දරුවාට ශල්‍යකර්මය කර ඇත්තේ ශල්‍ය වෛද්‍යවරයකු විසිනි. දරුවාගේ හිස පසෙක හරවා කම්මුලට ග්ලෝස් කැබැල්ලක් තබා ශල්‍යකර්මය කොට තිබුණි. ඒ සඳහා පැය තුනක කාලයක් ගතවී තිබුණි. කම්මුලේ ත්‍රිකෝණාකාර තැලීමක් ඇති වී තිබුණේ මේ නිසා බව අධිකරණ වෛද්‍යවරයා ඒ අනුව තහවුරු කරගත්තේය. මෙම දරුවාගේ මොළයට තුවාල සිදුවූ ආකාරය අධිකරණ වෛද්‍යවරයාට විසඳා ගත යුතු ඊළග ප්රශ්නය විය. මෙහිදී ඉතා නිවැරැදි තීරණයකට පැමිණිම ඉතා වැදගත් විය. මක්නිසාදයත් මෙම ළමයාගේ මරණය සැකකටයුතු එකක් බවට එරට පොලිසිය මෙන්ම ළමා රක්ෂක සංවිධානද ඒ වනවිට සැක පහළ කර තිබූ බැවිනි. මරණය පිළිබද දරුවාගේ දෙමව්පියන් වෙත ද චෝදනා එල්ල වී තිබුණි. ඒ නිසා සියලූ දෙනා අධිකරණ වෛද්‍යවරයාගේ තීන්දුව ගැන දැඩි අවධානයක් යොමුකර සිටියේය. මෙවැනි සැකකටයුතු මරණවලදි සත්‍ය ලෙසම තොරතුරු අනාවරණය කරගැනිම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනාවරණය කරගත් විද්‍යාත්මක තොරතුරු මෙන්ම සිද්ධිමය කරුණු ඉතා වැදගත් වන්නේය. ඒ අනුව අධිකරණ වෛද්‍යවරයා මියගිය ළමයාගේ දෙමව්පියන්ද කැඳවා ඔවුුන්ගෙන්ද ප්‍රශ්න කළේය. ඉන්පසුව එම ගැටලූව නිරාකරණය වන්නේ මේ අයුරිනි. ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටි මෙම යුවළට පුතුන් තිදෙනෙකි. වැඩිමහල් පුතුගේ වයස අවුරුදු හයකි. මද්දුමයාගේ වයස අවුරුදු හයකි. මියගිය බාලයාගේ වයස අවුරුදු දෙකහමාරකි. මෙම සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ පියා නිවසේ නොසිටියේය. ඔහු පුද්ගලික සමාගමක විධායක නිලධාරියකු ලෙස රැකියාව කළේය. එදින ඔහු රැකියාවට ගොස් සිටි බැවින් නිවසේ සිටියේ මවත් පුතුන් තිදෙනාත් පමණි. කුඩා පුතු කාමරයක තිබු ඇඳක් මත සුව නින්දේ පසුවුයේය. අනික් පුතුන් තිදෙනා කාමරයේ සෙල්ලම් කරමින් සිටියෝය. මොවුන් සෙල්ලම්කරමින් සිටියදී ඇඳේ සිටි කුඩා දරුවා ඇඳෙන් බිමට වැටුණේය. නාන කාමරයේ සිටි මව මේ කිසිවක් දැන සිටියේ නැත. ළමයා ඇඳෙන් බිමට ඇද වැටීමෙන් පසු වැඩිමහල් දරුවා විසින් ඔහු පාදවලින් අල්ලා නානකාමරයේ දොර ළගට ඇදගෙන ගියේය.. මව නාන කාමරයෙන් පිටතට එනවිට කුඩා පුතු නාන කාමරයේ දොර අසල සිටියේය.. ඇය දියනාමින් සිටි නිසා ළමයා වැටුණු ශබ්දය ඇයට නෑසිණි. අනික් ළමුන් දෙදෙනාද මේ බව මවට කිවේ නැත. සිහිසුන්ව සිටි පුතු කඩිනමින් රෝහලට ඇතුළත් කිරීමට මව පියවර ගත්තාය. දරුවාට වූ දේ ගැන කීමට ඇය කිසිවක් නොදැන සිටියාය. මේ නිසා පොලිසිය මෙන්ම රෝහලේ වෛද්‍යවරුද දරුවාගේ මරණය ගැන සැකකරනු ලැබීය. දරුවාගේ පිට ප්‍රදේශය තුළ සීරීම් තුවාල ඇතිවී තිබුණේ ඔහු ඇදගෙන යාම නිසාය. මොළයට තුවාල වී ඇත්තේ ඇදෙන් වැටීම නිසා බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. මෙකි සිද්ධිය තුළින් නියම අපරාධකරුවන් සොයා ගැනීමට මෙන්ම නිවැරැදි කරුවන් බවට ඔප්පු කිරීම සදහා අධිකරණ වෛද්‍ය විද්‍යාවෙන් ලැබෙන පිටුවහල මනාව පැහැදිලි වන්නේය. ළමුන්ට සිදුවන තුවාලවලදී ඇතමුන් ඒ ගැන විවිධ අර්ථකතන ලබා දෙනවා. ඔවුන් ඇතැම්විට ප්‍රසිද්ධියේම තම නිගමන දෙනවා. දෙම්ව්පියන් පහරදීම නිසා තුවාල ඇති වන බව කියනවා. ඇත්තෙන්ම කුඩා දරුවන්ගේ තුවාල පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ දැනුමක් අවශ්‍යයි. එය ඉතා ප්‍රවේශමෙන් කළයුතුයි. මනා ලෙස කරණු ලැබු විධිමත් පරික්ෂණයකින් තොරව මේ ආකාරයට ලබාදෙන නිගමන නිසා දරුවන් හොඳින් රැකබලා ගන්නා දෙමව්පියන්ට ඔවුන් හා දරුවන් අතර පවතින සම්බන්ධතා පවා බිඳ වැටීමට හේතු වී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා කීවේය. [/COLOR][/SIZE] divaina.com [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom