Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාගා මැවූ මහා මිනිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගා මැවූ මහා මිනිසා

මාගා මැවූ මහා මිනිසා

අභියෝග ජයගත් මිනිස්සු

එම්. ජී. කුලරත්න (කැප්ටන් කුලරත්න)

ලෝකය තරමට මිනිසා විශාල නොවේ. භෞතික ස්වරූපය එසේ වුවද, ලෝකයට වඩා විශාලව පෙනෙන මිනිසුන් විටෙක අපට දැකගත හැකිය. නිර්මාණශීලී සිතිවිලි, ඵලදායී අදහස් නිසා එලෙසින් ලෝකයට - ලෝකයක් වූ මිනිසුන් අපට හමුවේ.

මේ එවන් වූ මිනිසෙකි. අතීතයේ වැඩිදෙනෙක් ඔහු හඳුනාගෙන සිටියේ කැප්ටන් කුලරත්න නමිනි. පසුකලෙක ශ්‍රී ලාංකීය භූමියට පමණක් සීමා නොවී, ජාත්‍යන්තරය පවා ඔහු ගැන දැන ගන්නේ මාගා කුලරත්න නමිනි. දැන් ඔබට ඔහු කවුදැයි යන්න තවත් සඳහනක් අවැසි නොවේ. මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වෙන මාගා (MAGA) සමාගමේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය.

ඔහුගේ ජීවිත කතාව සැකෙවින් හෝ කියැවීම බොහෝදෙනාට ආදර්ශයක් ගෙනදෙනු ඇතැයි අපගේ හැඟීමය. මාහින්කන්දේ ගම්ලද්දලාගේ කුලරත්න හෙවත් එම්.ජී. කුලරත්න ලෙස ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ ප්රකටව සිටින මේ නිර්මාණශීලී ප්රතාපවත් මිනිසාගේ ජීවිතයේ පටන්ගැන්ම දෙසට අපි මොහොතකට හැරී බලමු.

පාසල් ජීවිතය බොහෝ ළමුන් පටන් ගන්නේ, ප්‍රීතිමත් මෙන්ම ප්‍රබෝධවත් බවකිනි. නව ගමනක ඇරඹුමේ ස්වභාවය එයම වේ. එහෙත් කුලරත්න දරුවා පාසල් ගමනට එතරම් කැමැත්තක් නොදැක්වීය. සහෝදර - සහෝදරියන් සත්දෙනෙකුගෙන් යුතු පවුලේ පස්වැනියා වූ ඔහු මවට බෙහෙවින් සමීපව සිටි දරුවා වීම ඊට හේතුවය. අම්මා යන යන තැන යාමට පුරුදුව සිටි මේ දරුවා මවගේ සෙවණේ කාලය ගත කරමින්, ඒ සෙනෙහස මැද දිවි ගෙවීමට වඩා ප්‍රියතාවයක් දැක්වීය. මෙනිසා උදෑසන පාසල් නොයා සිටීමට හේ එක් එක් උප්පරවැට්ටි කළේය. එහෙත් එය සැමදා කළ හැකි දෙයක් නොවේ. දිනෙක බාලාංශ පංතියේ ළමුන් තෝරා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්වුණි. විදුහල්පති ළමුන් දෙපැත්තකට පෙළ ගැස්වීම කළේය. ඔහු ඇතුළත් වූයේ තෝරා නොගත් පෙළටය. එනම් පංතියට ඇතුළත් කර නොගත් පිරිස අතරටය. මේ අසමත්වීම කුලරත්න හට ගෙන දුන්නේ නව පන්නරයකි.

එය මගේ හිතට තදින්ම බලපෑවා. ඇයි මට එහෙම වුෙණ් කියලා මම කල්පනා කළා.

එසේ කල්පනා කළ ඔහු එයින් පසුබට නොවී අලුත් හුස්මක් ගත්තේය. මම අම්මාගේ උණුහුමේ, හිටියා දැන් ඇති. පුංචි වුවද ඔහු මහ මිනිසෙක් මෙන් එඩිතර තීරණයක් ගත්තේය. මම හොඳට ඉගෙන ගනිමි. යන අදිටන ඇතිව නැවතත් පාසල් ගමන ඇරඹි පසු හතරවැනි කැලෑසියට පැමිණෙන විට පංතියේ පළවැනියා වීමටද ඔහුට හැකිවුණි. සිතිවිල්ලක බලය යනු එයම යැයි සිතා අධ්‍යාපනයේ නිරත වුවද, ඔහු පොත පතේ වැඩට පමණක් සීමා නොවූ බව සඳහන් කරයි.

ළමා කාලය ගෙවුවේ ඉතා සුන්දර වටපිටාවක, කැලණි නදියේ ලොකුම ශාඛාවක් ලෙස සීතාවක අතුගංගාව ගලාගියේ අපේ ගම අසලින්. ගඟේ වතුර අඩු සමයේදී ගඟ දිගේ දුව පැන ඇවිද සෙල්ලම් කළා. අම්මා නිසා බොහෝ දේ කිරීමටත් පෙලැඹ සිටියා. නොයෙකුත් නිර්මාණ කිරීම පුරුද්දක් වුණා. අපේ අම්මා කොසු ඉදල් හදන හැටිත් මට කියලා දුන්නා. නිවාඩු කාලයේදී ඒ වගේ නිර්මාණ කරලා ඒවා කඩයටත් දුන්නා. තාත්තා කළේ ව්‍යාපාර. අක්කර හතක විතර තේ වත්තක් අප සතුව තිබුණා. ඒ වතු මැද දුව පැන ගත කළ අවදිය හරිම සුන්දරයි. අපේ වත්තේ ගල්වැටි බඳිද්දි මම අම්මාට උදව් කළා. කුඩා කාලයේ මවගෙන් ඉගෙන ගත් දේ බොහෝමයි.

ජීවිතයේ සොඳුරුතම වූ ළමා කාලයේදී කුලරත්නගේ ජීවිතය ගලා ගියේ එලෙසිනි. ගැමි සුන්දරත්වය නෙතපුරා හිතපුරා ආස්වාදය කළ ඔහු දැරණියගල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී වරෙක සිසුන් කීපදෙනෙකුගේ අඩන්තේට්ටම්වලට ලක්විණි. විසේකාරවූ උන්ට හොඳ පාඩමක් ඉගෙන්වීම කළ යුතු යැයි සිතාගෙන දිනෙක මේ විසේකාර කොලු රෑන පැමිණෙන මග කුලරත්න රැකවල්ලාගෙන සිටියේය. ඒ නිකම්ම නොවේ, ඇල්බීසියා දණ්ඩක්ද අතැතිවය. එලෙසින් මග රැක සිට ඔවුනට එළව එළවා පහර දුන්නේය. අසාධාරණයට එරෙහිව එලෙසින් නැගී සිටි කුලරත්න ශිෂ්යාහට එතැන් සිට එම විද්‍යාලයේ අනෙකුත් සියලුම දෙනාගෙන් ලැබුණේ වීරත්වයකි. ඉන්පසු කිසිවෙකු හෝ ඔහුට කිසිදු කරදරයක් කිරීමට ආවේ නැත. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකොට ළමා විය ගතකළ කුලරත්න සිසුවා දඟයකු වූවේ අසාධාරණය හා අකටයුතුකම් හමුවේ පමණකි. එවැනි ස්වභාවයකදී ඔහු කාටවත් නොනැමෙන චරිතයක් වීය. ප්‍රාථමික අධ්‍යාපනය ගමේදී හැදෑරූ ඔහු ඊළඟට පැමිණියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය වෙතය. ඊට පාර කියාදුන්නේ දෙවැනි පියකු මෙන්වූ ලොකු අයියාය.

ඒ වන විට තාත්තා ටිකක් අසනීප තත්ත්වයෙන් හිටියෙ. අයියා උසස් අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් සඳහා කොළඹ ඇවිත් සිටියා. මාව ෙකාළඹ පාසලකට යොමු කරවීමට ඔහුට තිබුණෙ ලොකු උනන්දුවක්. තාත්තාවත් කැමති කරවාගෙන මාව කොළඹ පාසලකට ඇතුළත් කිරීමට කටයුතු කළේ අයියා. කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේදී ඉගෙනීමට වගේම ක්‍රීඩා අංශයටත් මම බෙහෙවින් දක්ෂතා පෙන්වුවා. මම විශ්වාස කරන විදියට මගේ ජීවිතයේ මේ පෙරැළිය ඇති වුණේ අයියා එදා ගත්ත තීරණය නිසයි. එසේ නොවූවා නම්, සමහර විට ගමේ සිට අධ්‍යාපනය හැදෑරූ මම ජීවිතයේ මේ තරම් දුර ගමනක් නොඒවි.

පිදියයුත්තන් හට පුදන සහ විනය ගරුක ජීවිතයක් ගත කරන කුලරත්න ස්වකීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන මතක ලිහා දැමුවේ එලෙසිනි. අයියා පෙන්වා දුන් මාවතේ ඔහු ගමන් කළේ වඩා සක්‍රීය චරිතයක් ලෙසිනි.

ආනන්ද ශාස්ත්රාලයේදී, අත්පන්දු දැල්පන්දු සහ මලල ක්‍රීඩා අංශයේ ඉසව්වලට බෙහෙවින් දක්ෂතා පෙන්වූවා. 1956 උසස් පෙළ විභාගයට පෙනී සිටියත්, සරසවි පිවිසුම් ලැබුවේ නැහැ. ඇයි එහෙම වුණේ කියලා එදා බාලාංශයේදී අසමත් වූ මොහොතේ ඇතිවූ සිතිවිල්ලම යළි සිහිගැන්වුණා. උසස් පෙළ විෂයයන් සමත්ව තිබුණත්, සරසවි පිවිසුම් නොලැබුවේ මම විභාගය හොඳින් නොකළ නිසයි.

එසේ විශ්වාස කළ කුලරත්න යළි ගමට ගියේ, බලාපොරොත්තු සුන්ව නොවේ. ඒ වන විට ශාරීරික යෝග්‍යතා පුහුණුකරු තනතුර සඳහා අවධානය ඔහුට තිබිණි. එහෙත් පවුලේ වූ කතාබහ අවසන අයියාගේ පෙරැත්තය වූයේත්, නැවත විභාගයට පෙනී සිටින ලෙසය. දෙවැනි වතාවේ දැරණියගල කනිෂ්ඨ මහා විද්‍යාලයක් බවට පරිවර්තනය වී තිබුණි. එහි සිට කුලරත්න නැවත වතාවක් ආනන්ද ශාස්ත්රාලයට ඇතුළත් වූයේය. එදා ක්‍රීඩා තරුවක් වූ ඔහු යළිත් ක්‍රීඩා පිටියට අවතීර්ණව කටයුතු කළේය. 19 න් පහළ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වයස 14 දී ක්‍රීඩා කිරීමට පවා සුදුසුකම් ලබා සිටියේය. උසස් පෙළ ගණිත අංශයෙන් දුර යාමට අරමුණු කරගත්ත ද පසුව ඒ විෂයයන් අත්හැර ඔහු කලා අංශය තෝරාගෙන තිබිණි. ඒ තෝරාගැනීම හරියටම හරි ගියේ කලා අංශයෙන් සරසවි වරම් ලැබීම නිසාය.

‘සරසවි යාමට මට එදා හැකි වුණේ, ඉතාම විනයකින් සහ සංයමයක් ඇතිව කටයුතු කළ නිසයි. ඕනෑම කෙනෙකුට ඒ විදියට හිතුවොත් අනිවාර්යයෙන්ම ඵල නෙළා ගන්න පුළුවනි.

එනයින් සරසවි පිවිසුම ලබා උපාධිය ලබාගත් කුලරත්න හට ඒ වන විට තවත් අරමුණක් තිබිණි.

හරියන්න හෝ වරදින්න යන අවදානම ඇතිව තමයි පටන්ගත්තෙ. හැබැයි අපට අරමුණක් තිබුණා. එක ලොරියක්වත් නොමැතිව අපට වරායේ සිට සිමෙන්ති ලොරි 200 ක් විතර වෙනත් සමාගමකට ප්‍රවාහනය කරවීමට හැකිවුණා. ඒ වගේ දැක්මක් සහිතවයි අපි කටයුතු කළේ.

‘‘එදා ලුම්බිණියෙ නාට්‍යයක් බලන්න ගොස් සිටියා. එදා මට හමුදාවේ උසස් නිලදැරූ පිරිසක් දැකගන්න ලැබුණා. හමුදාවේ ගරු ගාම්භීර බව සහ විනය ගැන මට කොහොමටත් කැමැත්තක් තිබුණා. ඒ අනුව දෙවැනි ලුතිනන්වරයකු ලෙස තමයි මම මගේ මුල්ම රැකියාව ආරම්භ කළේ. පසුව කපිතාන් දක්වා නිලයේ සිට එයින් සමුගත්තා.’’

බොහෝදෙනා අතර ඔහු කැප්ටන් කුලරත්න නමින් ජනප්‍රිය වූයේ එයින් පසුවය. ව්‍යවසායකත්වයක් ගැන සිහින මවා නොතිබුණද, කුලරත්නගේ නිර්මාණශීලී දැක්ම සමග වූ ගමන ඇරඹෙන්නේ හමුදා සේවයෙන් ඉවත්ව ජාත්‍යන්තර ප්‍රකට ඉදිකිරීම් සමාගම්වල සේවයට එක්වීමත් සමගය. ජපාන සමාගමක් වූ මිට්ෂුයි, ටාටා ඉංජිනියරින් සහ කජීමා යන සමාගම්වල විවිධ තනතුරු දැරූ ඔහුට ඔහුතේ තරම තේරුම් ගැනීමට හැකිවුණි. එනම් ඉදිකිරීම් ක්ෂේත්රයේ ලැබූ අත්දැකීම් සමගය. අත්දැකීම් ලබමින් ජාත්‍යන්තරව ප්‍රකට ඉදිකිරීම් සමාගම්වල සේවය කළද ඔහුගේ හිත නිතරම ඔහුට ඇවිටිලි කළේ, මේක තාවකාලික සේවයක්, මම මගේම ගමනක් යා යුතුය යන්නය. කුලරත්නගේ නිර්මාණශීලීත්වය හඳුනාගෙන සිටි ජපාන සමාගම් නිරන්තරයෙන් ඔහු රඳවා තබා ගැනීමට උත්සුක වූවේය. එහෙත් දැක්මක් ඇති මිනිසෙකු එක් තැනකින් නතර වේද?

‘‘එ් වෙනකොට ජපාන ආකෘතියේ හැඩතල රැගත් ඉදිකිරීම් සමාගම් අපේ රටේ ව්‍යාප්තව තිබුණෙ නැහැ. ඒ වගේම අපේ රටේ ඉදිකිරීම් අංශය එතරම් දියුණුවක් ලබා තිබුණෙත් නැහැ. නව පන්නයේ, අපට අපේ ශ්‍රී ලංකාවට ගැළපෙන ඉදිකිරීම් සමාගමක් ගොඩනැගිය යුතු බවට මගේ ආකල්පයක් තිබුණෙ. එදා අසූව දශකයේ මුල් කාලයේදී ජපාන ඉදිකිරීම් සමාගමට සම්බන්ධ වූ කාලයේදීම වාගේ මට මේ අදහස ඇතිව තිබුණෙ.’’

මේ අදහස ඇතිව එදා කටයුතු කළ කුලරත්න මල්ලි ඔහුගේ ලොකු අයියාට මේ ගැන කීය. ලොකු අයියා එම්.ජී. චන්ද්‍රසේකර. එවකට විදෙස්ගතව සේවය කරමින් සිටි අතරේ නිවාඩුවකට පැමිණ සිටියේය. අයියා හැකි පමණින් ආයෝජන යොදවන්න, මම මල්ලි සහ අයියා එකතුව අපි මේ වැඩේ පටන් ගනිමු. යන යෝජනාව මුල්වරට ඔහු ඉදිරිපත් කළේය. මාගා (MAGA) නමැති පසු කලෙක යෝධ ඉදිකිරීම් සමාගම එදා අංකුරයක් ලෙස ඊළඟට ඇරඹියේ 1984 දී එහි ඵලයක් ලෙසිනි.

අපි එදා මාගා සමාගම පටන් ගැනීමට අති විශාල මුදලක් වැය කළේ නැහැ. එ් තරම් මුදලක් අපට තිබුණෙත් නැහැ. රුපියල් විසිපන්දහසක පනස්දහසක වගේ ඉතාම සුළු ප්‍රාග්ධනයකින් පටන් ගත්තෙ. අපේ අක්කා පදිංචිව හිටියෙ බත්තරමුල්ලෙ. එයාගෙ ගංගොඩවිල නිවසක් තිබුණා. අංක 588, එතැනින් තමයි අපි මේ ගමන පටන් ගත්තෙ. අක්කගෙ සැමියා එදා ඒ ආරම්භයේදී ලිපි ලේඛන කටයුතු සියල්ල වෙනුවෙන් සම්පාදන කටයුතු කළා. අද ඔහු ජීවතුන් අතර නැහැ. එදා අපි මෙය පටන් ගත්තේ මාගා නමින් නෙවෙයි. මගේ ජීවිතේ මේ මහා හැරවුමට පාර කපා දුන්නේ අයියා. ඒ නිසා චන්ද්‍රසේකර සහ සමාගම නමින් තමයි එදා මෙම සමාගම බිහිවුණේ.

එදා මිට්ෂුයි සමාගමෙන් එළියට පැමිණ මහා අභියෝගයක් ගෙන ස්වකීය නව ව්‍යවසායකත්වයේ ගමන කුලරත්න නමැති මහා මිනිසා පටන් ගත්තේ එලෙසිනි. එදා ඔහුගේම සමාගම පටන් ගැනීමේදී වාහනයක් නොතිබූ අතර, එතෙක් සේවය කළ ජපන් සමාගම මසක් පමණ යනතෙක් ඔවුන් ලබා දී තිබූ වාහනය භාවිතා කරන්නැයි ඉඩ ලබා දී තිබිණ. කුලරත්න සතු නිර්මාණශීලීත්වය ඔවුන් හොඳින් දැන සිටීම ඊට හේතුව වන්නට ඇත.

ඇත්තවශයෙන්ම මේ බාරගත් අභියෝගය, සුළුපටු නොවේ. හරියන්න හෝ වරදින්න යන අවදානම ඇතිව තමයි පටන්ගත්තෙ. හැබැයි අපට අරමුණක් තිබුණා. එක ලොරියක්වත් නොමැතිව අපට වරායේ සිට සිමෙන්ති ලොරි 200 ක් විතර වෙනත් සමාගමකට ප්‍රවාහනය කරවීමට හැකිවුණා. ඒ වගේ දැක්මක් සහිතවයි අපි කටයුතු කළේ.

එම්.ජී. කුලරත්න යනු ‘‘මම’’ යන වචනයේ සිට කටයුතු කරන චරිතයක් නොවේ. කෘතගුණය ඉහළින්ම අගය කරන මිනිසෙකි. මේ මහා ව්‍යාපාර සමාගම ගොඩ නැගීමට දායක වූ සියලුදෙනා ගැන ඔහු එකිනෙක නම් සඳහන් කරයි. එමෙන්ම මේ තරම් දුරට මාගා නමැති ආයතනය සාර්ථක වීමට එදා සිට සේවය කළ සියලුදෙනාගේ ශක්තිය, දහදිය නිසා යැයි නිහතමානීව ඔහු සඳහන් කරයි.

සමාගමක් ලෙස වඩා ස්ථාවර වීමට නම් හොඳ න්‍යෂ්ටියක් නැතහොත් හොඳ පුරුක් ටිකක් සිටිය යුතුය. ඒ අනුව ඉතා ශක්තිමත් අත්තිවාරමක් දැමිය හැකිය. සමාගමේ ලාභ ඉපයීමට වඩා කුලරත්නයන්ගේ ප්‍රධාන අරමුණව තිබුණේ මේ න්‍යෂ්ටිය ඇති කිරීමය. පියදාස මදරසිංහ නමැති ඔහුගේ මිතුරාගේ මෙන්ම බිරිඳගේ සහෝදරයාගේ දායකත්වය ලබාගැනීමට ඔහුට හැකිවූයේ තියුණු දැක්මක් තිබූ නිසාවෙන්මය. ඉදිකිරීම් සමාගමක් රටක ස්ථාපිත කිරීම යනු මටසිලුටු වූ කටයුත්තක් නොවේ. දිවා රාත්‍රී නිදි වරා සේවය කරමින් රළු කඨෝර ගමනක් යා යුතුය. හමුදාවෙන් ලද ශික්ෂණයත්, සරසවියෙන් ලද දැනුමත්, ආදි දේට අමතරව ඔහු සතුවූයේ අනාගත දැක්මකි. මාගා ගොඩනැගුණේ අපට හොඳ කණ්ඩායමක් සිටි නිසා යැයි නිරන්තරයෙන් සපථ වීමට ඔහු මැළි නොවන්නේය.

එදා චන්ද්‍රසේකර නමින් ඇරඹි මෙම සමාගම පසුව චන්ද්‍රනායක ලෙස ව්‍යාප්ත වූ අතර, මාගා බවට පරිවර්තනය වූයේ ඉනික්බිතිවය. මානින්කන්ද ගම්ලද්දලාගේ යන නාමයෙහි මුලකුරු යොදාගෙන MAGA යන අපූරු නාමය යෙදීමට ඔහුට හැකිවිණි. එහෙත් එම්. ජී. කුලරත්න යන මේ අපූරු මිනිසා මුල්තැන දෙන්නේ ඒ නාමයට වඩා එහා ගිය අරුතකටය.

මාගා කියන්නේ අපේ අනන්‍යතාව සඳහා වූ සංකේතයක් පමණයි. අපේ පරමාදර්ශී යථාර්ථය වන්නේ මාගා පවුලයි. මාගා පවුල කීවාම එය මගේ පුද්ගලික පවුල නෙවෙයි. පුද්ගලික පවුලකට සතු සමාගමක් නිර්මාණය වීම අපේ අරමුණ වුණේ නැහැ. මාගා පවුල කියන්නේ එහි සේවය කරන සියලුදෙනාගෙම ආයතනයයි. මේක විශිෂ්ට කණ්ඩායමක්, ඒ කණ්ඩායම බිහිකළ සමාගම තමයි මාගා.

එම්. ජී. කුලරත්නයන් මාගා ආයතනය ගැන පවසන්නේ එවන්වූ අභිමානයක් ඇතිවය. එක් පුද්ගලයකු, එක් ආර්ථික පදනමක් යන සංකල්පයට වඩා අපි සහ කණ්ඩායම මෙන්ම කණ්ඩායම් හැඟීම යන දේ ඔහු දර්ශනයක් කරගෙන සිටී. එය වචන වලට පමණක් සීමා වූවක් නොවේ. ප්රායෝගිකවම ක්‍රියාත්මක වූවකි. මේ මාගා නමැති ශක්තිමත් දැක්මක් ඇති කණ්ඩායමේ නිර්මාණශීලීත්වයෙන් ශ්‍රී ලාංකීය භූමියට ඉදිකිරීම් ක්ෂේත්රයේ මහා නිර්මාණ රැසක් දායක කරවීමට හැකිව තිබේ. අධිවේගී මාර්ග, සුවිසල් ගොඩනැගිලි මන්දිර ආදී බොහෝ නිමැවුම් රැසක් ඉදිකළ මහා සමාගම මාගා වන්නේය. ඔවුන් දිනෙන් දින ජනතා ප්‍රසාදය ලබමින්, ව්‍යවසායකත්වයේ සම්මාන ලබමින් ගමනක් යමින් සිටින්නේ බාරගත් වැඩේ සියයට සීයයකින් නොවී සියයට දාහකින් එය ඉතා විශිෂ්ට ලෙස කළ නිසාවෙනි. එමෙන්ම නියමිත වෙලාවටත් කලින් විශිෂ්ට නිමාවකින් යුතුව ඉදිකිරීම් නිමකරදීම නිසාවෙනි.

මිනිසකුට තවත් මිනිසකු විය නොහැකි බව සැබෑය. එකිනෙකාගේ සිතිවිලි වෙනස්ය. සාර්ථක වූ මිනිසකුගේ ජීවිතය වෙතින් සමාජයට ගත හැකි ආදර්ශය වෙතින්, ජීවිත සාර්ථක කරගත හැකිය. එම්.ජී. කුලරත්න නමැති මේ ව්‍යවසායක චරිතය වෙතින් සමාජයට ගත හැකි ආදර්ශ බොහෝ යැයි අපි හඟිමු.

අපේ අම්මා කොසු ඉදල් හදන හැටිත් මට කියලා දුන්නා. නිවාඩු කාලයේදී ඒ වගේ නිර්මාණ කරලා ඒවා කඩයටත් දුන්නා. තාත්තා කළේ ව්‍යාපාර. අක්කර හතක විතර තේ වත්තක් අප සතුව තිබුණා. ඒ වතු මැද දුව පැන ගත කළ අවදිය හරිම සුන්දරයි. අපේ වත්තේ ගල්වැටි බඳිද්දි මම අම්මාට උදව් කළා. කුඩා කාලයේ මවගෙන් ඉගෙන ගත් දේ බොහෝමයි.

කෙනෙකුට යම්කිසි මගපෙන්වීමක්, නායකත්වයක් සැපයිය හැකියි. නිසිඵල ලබාගැනීමට නම් සාමූහික ක්‍රියාදාමය ඉතා වැදගත්. ඔහු ඉඟියෙන් පවසන්නේ සමස්ත අපේ රට ශක්තිමත් රටක් ලෙස නැගී සිටීමට නම් එවැනි සංකල්පයක් අවැසි බවය.

මම මේක කළා, මම තමයි කියන ආදර්ශය අපි ලෝකෙට සපයන වැරදි දෙයක්. ගොඩනැංවූ මේ ලෝකයෙන් මට ලැබුණු දේ පරම්පරා ගණනාවක් විසින් නැවත මම ලෝකයට ලබාදිය යුතුයි. එසේ නොමැති නම් ඒ මනුෂ්‍යත්වයේ කිසිදු අරුතක් නැත.

ඇල්බට් අයින්ස්ටයින් විශ්වීය මානවයාගේ ඒ දර්ශනයට අනුව එලෙසින් කටයුතු කරන එදා කැප්ටන් කුලරත්න වූ අද ව්‍යවසායකත්වයේ ශ්‍රී ලාංකීය භූමියේ මහා පුරුකක් වූ එම්.ජී. කුලරත්නගෙන් මේ සටහන නිම කිරීමට පෙර අප ඇසුවේ ඔබ ජීවිතය වින්දනය කරන්නේ කෙසේද යනුවෙනි.

‘‘බොහෝ දේ තනි මිනිසකු විසින් කළ දේ නෙවෙයි, එදා සාර්ථක වූ විප්ලව ගත්තද, වෙනත් භෞතිකමය දේ දිහා විමර්ශනය කළද අපට පෙනී යන්නේ එයයි.’’ ශක්තිමත් පදාර්ථයක් ඇති ආයතනයක් බිහිකළ පුරෝගාමියා වූ එම්.ජී. කුලරත්න එසේ යළි යළිත් කියයි.

මහා දාර්ශනික ඇල්බට් අයන්ස්ටයින් කී දේ ඔහු බෙහෙවින් විශ්වාස කරන්නේය. එනම්, පරම්පරා සියදහස් ගණනක් නිසා මම පෝෂණය වී ආවෙක්මි. එනිසා පොත්පත් කියවීම, ලෝකයේ සිදුවන දේ ගැන පුවත් දැනගැනීම, සංගීතය, කලාව ඒ සියල්ල මා වින්දනය කරමින් පරිහරණයේ යෙදෙනවා. සමහරදාට අදටත් මම එදිනෙදා මට කරන්න තියෙන වගකීම් රාජකාරි වෙනුවෙන් කැපවෙනවා. ඊට ඉරිදාද සෙනසුරාදාද කියා වෙනසක් නැහැ.

සැබැවින්ම එම්.ජී. කුලරත්න හෙවත් මාගා නිර්මාතෘ යනු වචනයේ පරිසමාප්ත අයුරින්ම පරමාදර්ශීව පෙනී සිටින අපූරු මානවයෙකි.

සටහන : සඳුන් ගමගේ

[QUOTE="araki, post: 23421491, member: 360239"] [b]මාගා මැවූ මහා මිනිසා[/b] [B][SIZE=5]මාගා මැවූ මහා මිනිසා[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#FFFFFF][B][/B][/COLOR][COLOR=#B22222][B][SIZE=5]අභියෝග ජයගත් මිනිස්සු[/SIZE][/B][/COLOR] [COLOR=#FFFFFF][B][SIZE=5]එම්. ජී. කුලරත්න (කැප්ටන් කුලරත්න)[/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#FFFFFF][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b6b94584f8.jpg[/IMG][/SIZE][/B][/COLOR] [COLOR=#FFFFFF][B][/B][/COLOR][B][SIZE=5]ලෝකය තරමට මිනිසා විශාල නොවේ. භෞතික ස්වරූපය එසේ වුවද, ලෝකයට වඩා විශාලව පෙනෙන මිනිසුන් විටෙක අපට දැකගත හැකිය. නිර්මාණශීලී සිතිවිලි, ඵලදායී අදහස් නිසා එලෙසින් ලෝකයට - ලෝකයක් වූ මිනිසුන් අපට හමුවේ. [/SIZE][/B] [SIZE=5]මේ එවන් වූ මිනිසෙකි. අතීතයේ වැඩිදෙනෙක් ඔහු හඳුනාගෙන සිටියේ කැප්ටන් කුලරත්න නමිනි. පසුකලෙක ශ්‍රී ලාංකීය භූමියට පමණක් සීමා නොවී, ජාත්‍යන්තරය පවා ඔහු ගැන දැන ගන්නේ මාගා කුලරත්න නමිනි. දැන් ඔබට ඔහු කවුදැයි යන්න තවත් සඳහනක් අවැසි නොවේ. මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වෙන මාගා (MAGA) සමාගමේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය. [/SIZE] [SIZE=5]ඔහුගේ ජීවිත කතාව සැකෙවින් හෝ කියැවීම බොහෝදෙනාට ආදර්ශයක් ගෙනදෙනු ඇතැයි අපගේ හැඟීමය. මාහින්කන්දේ ගම්ලද්දලාගේ කුලරත්න හෙවත් එම්.ජී. කුලරත්න ලෙස ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ ප්රකටව සිටින මේ නිර්මාණශීලී ප්රතාපවත් මිනිසාගේ ජීවිතයේ පටන්ගැන්ම දෙසට අපි මොහොතකට හැරී බලමු. [/SIZE] [SIZE=5]පාසල් ජීවිතය බොහෝ ළමුන් පටන් ගන්නේ, ප්‍රීතිමත් මෙන්ම ප්‍රබෝධවත් බවකිනි. නව ගමනක ඇරඹුමේ ස්වභාවය එයම වේ. එහෙත් කුලරත්න දරුවා පාසල් ගමනට එතරම් කැමැත්තක් නොදැක්වීය. සහෝදර - සහෝදරියන් සත්දෙනෙකුගෙන් යුතු පවුලේ පස්වැනියා වූ ඔහු මවට බෙහෙවින් සමීපව සිටි දරුවා වීම ඊට හේතුවය. අම්මා යන යන තැන යාමට පුරුදුව සිටි මේ දරුවා මවගේ සෙවණේ කාලය ගත කරමින්, ඒ සෙනෙහස මැද දිවි ගෙවීමට වඩා ප්‍රියතාවයක් දැක්වීය. මෙනිසා උදෑසන පාසල් නොයා සිටීමට හේ එක් එක් උප්පරවැට්ටි කළේය. එහෙත් එය සැමදා කළ හැකි දෙයක් නොවේ. දිනෙක බාලාංශ පංතියේ ළමුන් තෝරා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්වුණි. විදුහල්පති ළමුන් දෙපැත්තකට පෙළ ගැස්වීම කළේය. ඔහු ඇතුළත් වූයේ තෝරා නොගත් පෙළටය. එනම් පංතියට ඇතුළත් කර නොගත් පිරිස අතරටය. මේ අසමත්වීම කුලරත්න හට ගෙන දුන්නේ නව පන්නරයකි. [/SIZE] [SIZE=5]එය මගේ හිතට තදින්ම බලපෑවා. ඇයි මට එහෙම වුෙණ් කියලා මම කල්පනා කළා. [/SIZE] [SIZE=5]එසේ කල්පනා කළ ඔහු එයින් පසුබට නොවී අලුත් හුස්මක් ගත්තේය. මම අම්මාගේ උණුහුමේ, හිටියා දැන් ඇති. පුංචි වුවද ඔහු මහ මිනිසෙක් මෙන් එඩිතර තීරණයක් ගත්තේය. මම හොඳට ඉගෙන ගනිමි. යන අදිටන ඇතිව නැවතත් පාසල් ගමන ඇරඹි පසු හතරවැනි කැලෑසියට පැමිණෙන විට පංතියේ පළවැනියා වීමටද ඔහුට හැකිවුණි. සිතිවිල්ලක බලය යනු එයම යැයි සිතා අධ්‍යාපනයේ නිරත වුවද, ඔහු පොත පතේ වැඩට පමණක් සීමා නොවූ බව සඳහන් කරයි. [/SIZE] [SIZE=5]ළමා කාලය ගෙවුවේ ඉතා සුන්දර වටපිටාවක, කැලණි නදියේ ලොකුම ශාඛාවක් ලෙස සීතාවක අතුගංගාව ගලාගියේ අපේ ගම අසලින්. ගඟේ වතුර අඩු සමයේදී ගඟ දිගේ දුව පැන ඇවිද සෙල්ලම් කළා. අම්මා නිසා බොහෝ දේ කිරීමටත් පෙලැඹ සිටියා. නොයෙකුත් නිර්මාණ කිරීම පුරුද්දක් වුණා. අපේ අම්මා කොසු ඉදල් හදන හැටිත් මට කියලා දුන්නා. නිවාඩු කාලයේදී ඒ වගේ නිර්මාණ කරලා ඒවා කඩයටත් දුන්නා. තාත්තා කළේ ව්‍යාපාර. අක්කර හතක විතර තේ වත්තක් අප සතුව තිබුණා. ඒ වතු මැද දුව පැන ගත කළ අවදිය හරිම සුන්දරයි. අපේ වත්තේ ගල්වැටි බඳිද්දි මම අම්මාට උදව් කළා. කුඩා කාලයේ මවගෙන් ඉගෙන ගත් දේ බොහෝමයි. ජීවිතයේ සොඳුරුතම වූ ළමා කාලයේදී කුලරත්නගේ ජීවිතය ගලා ගියේ එලෙසිනි. ගැමි සුන්දරත්වය නෙතපුරා හිතපුරා ආස්වාදය කළ ඔහු දැරණියගල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී වරෙක සිසුන් කීපදෙනෙකුගේ අඩන්තේට්ටම්වලට ලක්විණි. විසේකාරවූ උන්ට හොඳ පාඩමක් ඉගෙන්වීම කළ යුතු යැයි සිතාගෙන දිනෙක මේ විසේකාර කොලු රෑන පැමිණෙන මග කුලරත්න රැකවල්ලාගෙන සිටියේය. ඒ නිකම්ම නොවේ, ඇල්බීසියා දණ්ඩක්ද අතැතිවය. එලෙසින් මග රැක සිට ඔවුනට එළව එළවා පහර දුන්නේය. අසාධාරණයට එරෙහිව එලෙසින් නැගී සිටි කුලරත්න ශිෂ්යාහට එතැන් සිට එම විද්‍යාලයේ අනෙකුත් සියලුම දෙනාගෙන් ලැබුණේ වීරත්වයකි. ඉන්පසු කිසිවෙකු හෝ ඔහුට කිසිදු කරදරයක් කිරීමට ආවේ නැත. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකොට ළමා විය ගතකළ කුලරත්න සිසුවා දඟයකු වූවේ අසාධාරණය හා අකටයුතුකම් හමුවේ පමණකි. එවැනි ස්වභාවයකදී ඔහු කාටවත් නොනැමෙන චරිතයක් වීය. ප්‍රාථමික අධ්‍යාපනය ගමේදී හැදෑරූ ඔහු ඊළඟට පැමිණියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය වෙතය. ඊට පාර කියාදුන්නේ දෙවැනි පියකු මෙන්වූ ලොකු අයියාය. [/SIZE] [SIZE=5]ඒ වන විට තාත්තා ටිකක් අසනීප තත්ත්වයෙන් හිටියෙ. අයියා උසස් අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් සඳහා කොළඹ ඇවිත් සිටියා. මාව ෙකාළඹ පාසලකට යොමු කරවීමට ඔහුට තිබුණෙ ලොකු උනන්දුවක්. තාත්තාවත් කැමති කරවාගෙන මාව කොළඹ පාසලකට ඇතුළත් කිරීමට කටයුතු කළේ අයියා. කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේදී ඉගෙනීමට වගේම ක්‍රීඩා අංශයටත් මම බෙහෙවින් දක්ෂතා පෙන්වුවා. මම විශ්වාස කරන විදියට මගේ ජීවිතයේ මේ පෙරැළිය ඇති වුණේ අයියා එදා ගත්ත තීරණය නිසයි. එසේ නොවූවා නම්, සමහර විට ගමේ සිට අධ්‍යාපනය හැදෑරූ මම ජීවිතයේ මේ තරම් දුර ගමනක් නොඒවි. [/SIZE] [SIZE=5]පිදියයුත්තන් හට පුදන සහ විනය ගරුක ජීවිතයක් ගත කරන කුලරත්න ස්වකීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන මතක ලිහා දැමුවේ එලෙසිනි. අයියා පෙන්වා දුන් මාවතේ ඔහු ගමන් කළේ වඩා සක්‍රීය චරිතයක් ලෙසිනි. ආනන්ද ශාස්ත්රාලයේදී, අත්පන්දු දැල්පන්දු සහ මලල ක්‍රීඩා අංශයේ ඉසව්වලට බෙහෙවින් දක්ෂතා පෙන්වූවා. 1956 උසස් පෙළ විභාගයට පෙනී සිටියත්, සරසවි පිවිසුම් ලැබුවේ නැහැ. ඇයි එහෙම වුණේ කියලා එදා බාලාංශයේදී අසමත් වූ මොහොතේ ඇතිවූ සිතිවිල්ලම යළි සිහිගැන්වුණා. උසස් පෙළ විෂයයන් සමත්ව තිබුණත්, සරසවි පිවිසුම් නොලැබුවේ මම විභාගය හොඳින් නොකළ නිසයි. [/SIZE] [SIZE=5]එසේ විශ්වාස කළ කුලරත්න යළි ගමට ගියේ, බලාපොරොත්තු සුන්ව නොවේ. ඒ වන විට ශාරීරික යෝග්‍යතා පුහුණුකරු තනතුර සඳහා අවධානය ඔහුට තිබිණි. එහෙත් පවුලේ වූ කතාබහ අවසන අයියාගේ පෙරැත්තය වූයේත්, නැවත විභාගයට පෙනී සිටින ලෙසය. දෙවැනි වතාවේ දැරණියගල කනිෂ්ඨ මහා විද්‍යාලයක් බවට පරිවර්තනය වී තිබුණි. එහි සිට කුලරත්න නැවත වතාවක් ආනන්ද ශාස්ත්රාලයට ඇතුළත් වූයේය. එදා ක්‍රීඩා තරුවක් වූ ඔහු යළිත් ක්‍රීඩා පිටියට අවතීර්ණව කටයුතු කළේය. 19 න් පහළ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වයස 14 දී ක්‍රීඩා කිරීමට පවා සුදුසුකම් ලබා සිටියේය. උසස් පෙළ ගණිත අංශයෙන් දුර යාමට අරමුණු කරගත්ත ද පසුව ඒ විෂයයන් අත්හැර ඔහු කලා අංශය තෝරාගෙන තිබිණි. ඒ තෝරාගැනීම හරියටම හරි ගියේ කලා අංශයෙන් සරසවි වරම් ලැබීම නිසාය. [/SIZE] [SIZE=5]‘සරසවි යාමට මට එදා හැකි වුණේ, ඉතාම විනයකින් සහ සංයමයක් ඇතිව කටයුතු කළ නිසයි. ඕනෑම කෙනෙකුට ඒ විදියට හිතුවොත් අනිවාර්යයෙන්ම ඵල නෙළා ගන්න පුළුවනි. [/SIZE] [SIZE=5]එනයින් සරසවි පිවිසුම ලබා උපාධිය ලබාගත් කුලරත්න හට ඒ වන විට තවත් අරමුණක් තිබිණි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_525693f13b.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [INDENT] [COLOR=#B22222][B][SIZE=5]හරියන්න හෝ වරදින්න යන අවදානම ඇතිව තමයි පටන්ගත්තෙ. හැබැයි අපට අරමුණක් තිබුණා. එක ලොරියක්වත් නොමැතිව අපට වරායේ සිට සිමෙන්ති ලොරි 200 ක් විතර වෙනත් සමාගමකට ප්‍රවාහනය කරවීමට හැකිවුණා. ඒ වගේ දැක්මක් සහිතවයි අපි කටයුතු කළේ.[/SIZE][/B][/COLOR] [/INDENT] [SIZE=5] [/SIZE] [SIZE=5]‘‘එදා ලුම්බිණියෙ නාට්‍යයක් බලන්න ගොස් සිටියා. එදා මට හමුදාවේ උසස් නිලදැරූ පිරිසක් දැකගන්න ලැබුණා. හමුදාවේ ගරු ගාම්භීර බව සහ විනය ගැන මට කොහොමටත් කැමැත්තක් තිබුණා. ඒ අනුව දෙවැනි ලුතිනන්වරයකු ලෙස තමයි මම මගේ මුල්ම රැකියාව ආරම්භ කළේ. පසුව කපිතාන් දක්වා නිලයේ සිට එයින් සමුගත්තා.’’ [/SIZE] [SIZE=5]බොහෝදෙනා අතර ඔහු කැප්ටන් කුලරත්න නමින් ජනප්‍රිය වූයේ එයින් පසුවය. ව්‍යවසායකත්වයක් ගැන සිහින මවා නොතිබුණද, කුලරත්නගේ නිර්මාණශීලී දැක්ම සමග වූ ගමන ඇරඹෙන්නේ හමුදා සේවයෙන් ඉවත්ව ජාත්‍යන්තර ප්‍රකට ඉදිකිරීම් සමාගම්වල සේවයට එක්වීමත් සමගය. ජපාන සමාගමක් වූ මිට්ෂුයි, ටාටා ඉංජිනියරින් සහ කජීමා යන සමාගම්වල විවිධ තනතුරු දැරූ ඔහුට ඔහුතේ තරම තේරුම් ගැනීමට හැකිවුණි. එනම් ඉදිකිරීම් ක්ෂේත්රයේ ලැබූ අත්දැකීම් සමගය. අත්දැකීම් ලබමින් ජාත්‍යන්තරව ප්‍රකට ඉදිකිරීම් සමාගම්වල සේවය කළද ඔහුගේ හිත නිතරම ඔහුට ඇවිටිලි කළේ, මේක තාවකාලික සේවයක්, මම මගේම ගමනක් යා යුතුය යන්නය. කුලරත්නගේ නිර්මාණශීලීත්වය හඳුනාගෙන සිටි ජපාන සමාගම් නිරන්තරයෙන් ඔහු රඳවා තබා ගැනීමට උත්සුක වූවේය. එහෙත් දැක්මක් ඇති මිනිසෙකු එක් තැනකින් නතර වේද? [/SIZE] [SIZE=5]‘‘එ් වෙනකොට ජපාන ආකෘතියේ හැඩතල රැගත් ඉදිකිරීම් සමාගම් අපේ රටේ ව්‍යාප්තව තිබුණෙ නැහැ. ඒ වගේම අපේ රටේ ඉදිකිරීම් අංශය එතරම් දියුණුවක් ලබා තිබුණෙත් නැහැ. නව පන්නයේ, අපට අපේ ශ්‍රී ලංකාවට ගැළපෙන ඉදිකිරීම් සමාගමක් ගොඩනැගිය යුතු බවට මගේ ආකල්පයක් තිබුණෙ. එදා අසූව දශකයේ මුල් කාලයේදී ජපාන ඉදිකිරීම් සමාගමට සම්බන්ධ වූ කාලයේදීම වාගේ මට මේ අදහස ඇතිව තිබුණෙ.’’ මේ අදහස ඇතිව එදා කටයුතු කළ කුලරත්න මල්ලි ඔහුගේ ලොකු අයියාට මේ ගැන කීය. ලොකු අයියා එම්.ජී. චන්ද්‍රසේකර. එවකට විදෙස්ගතව සේවය කරමින් සිටි අතරේ නිවාඩුවකට පැමිණ සිටියේය. අයියා හැකි පමණින් ආයෝජන යොදවන්න, මම මල්ලි සහ අයියා එකතුව අපි මේ වැඩේ පටන් ගනිමු. යන යෝජනාව මුල්වරට ඔහු ඉදිරිපත් කළේය. මාගා (MAGA) නමැති පසු කලෙක යෝධ ඉදිකිරීම් සමාගම එදා අංකුරයක් ලෙස ඊළඟට ඇරඹියේ 1984 දී එහි ඵලයක් ලෙසිනි. [/SIZE] [SIZE=5]අපි එදා මාගා සමාගම පටන් ගැනීමට අති විශාල මුදලක් වැය කළේ නැහැ. එ් තරම් මුදලක් අපට තිබුණෙත් නැහැ. රුපියල් විසිපන්දහසක පනස්දහසක වගේ ඉතාම සුළු ප්‍රාග්ධනයකින් පටන් ගත්තෙ. අපේ අක්කා පදිංචිව හිටියෙ බත්තරමුල්ලෙ. එයාගෙ ගංගොඩවිල නිවසක් තිබුණා. අංක 588, එතැනින් තමයි අපි මේ ගමන පටන් ගත්තෙ. අක්කගෙ සැමියා එදා ඒ ආරම්භයේදී ලිපි ලේඛන කටයුතු සියල්ල වෙනුවෙන් සම්පාදන කටයුතු කළා. අද ඔහු ජීවතුන් අතර නැහැ. එදා අපි මෙය පටන් ගත්තේ මාගා නමින් නෙවෙයි. මගේ ජීවිතේ මේ මහා හැරවුමට පාර කපා දුන්නේ අයියා. ඒ නිසා චන්ද්‍රසේකර සහ සමාගම නමින් තමයි එදා මෙම සමාගම බිහිවුණේ. එදා මිට්ෂුයි සමාගමෙන් එළියට පැමිණ මහා අභියෝගයක් ගෙන ස්වකීය නව ව්‍යවසායකත්වයේ ගමන කුලරත්න නමැති මහා මිනිසා පටන් ගත්තේ එලෙසිනි. එදා ඔහුගේම සමාගම පටන් ගැනීමේදී වාහනයක් නොතිබූ අතර, එතෙක් සේවය කළ ජපන් සමාගම මසක් පමණ යනතෙක් ඔවුන් ලබා දී තිබූ වාහනය භාවිතා කරන්නැයි ඉඩ ලබා දී තිබිණ. කුලරත්න සතු නිර්මාණශීලීත්වය ඔවුන් හොඳින් දැන සිටීම ඊට හේතුව වන්නට ඇත. ඇත්තවශයෙන්ම මේ බාරගත් අභියෝගය, සුළුපටු නොවේ. හරියන්න හෝ වරදින්න යන අවදානම ඇතිව තමයි පටන්ගත්තෙ. හැබැයි අපට අරමුණක් තිබුණා. එක ලොරියක්වත් නොමැතිව අපට වරායේ සිට සිමෙන්ති ලොරි 200 ක් විතර වෙනත් සමාගමකට ප්‍රවාහනය කරවීමට හැකිවුණා. ඒ වගේ දැක්මක් සහිතවයි අපි කටයුතු කළේ. [/SIZE] [SIZE=5]එම්.ජී. කුලරත්න යනු ‘‘මම’’ යන වචනයේ සිට කටයුතු කරන චරිතයක් නොවේ. කෘතගුණය ඉහළින්ම අගය කරන මිනිසෙකි. මේ මහා ව්‍යාපාර සමාගම ගොඩ නැගීමට දායක වූ සියලුදෙනා ගැන ඔහු එකිනෙක නම් සඳහන් කරයි. එමෙන්ම මේ තරම් දුරට මාගා නමැති ආයතනය සාර්ථක වීමට එදා සිට සේවය කළ සියලුදෙනාගේ ශක්තිය, දහදිය නිසා යැයි නිහතමානීව ඔහු සඳහන් කරයි. [/SIZE] [SIZE=5]සමාගමක් ලෙස වඩා ස්ථාවර වීමට නම් හොඳ න්‍යෂ්ටියක් නැතහොත් හොඳ පුරුක් ටිකක් සිටිය යුතුය. ඒ අනුව ඉතා ශක්තිමත් අත්තිවාරමක් දැමිය හැකිය. සමාගමේ ලාභ ඉපයීමට වඩා කුලරත්නයන්ගේ ප්‍රධාන අරමුණව තිබුණේ මේ න්‍යෂ්ටිය ඇති කිරීමය. පියදාස මදරසිංහ නමැති ඔහුගේ මිතුරාගේ මෙන්ම බිරිඳගේ සහෝදරයාගේ දායකත්වය ලබාගැනීමට ඔහුට හැකිවූයේ තියුණු දැක්මක් තිබූ නිසාවෙන්මය. ඉදිකිරීම් සමාගමක් රටක ස්ථාපිත කිරීම යනු මටසිලුටු වූ කටයුත්තක් නොවේ. දිවා රාත්‍රී නිදි වරා සේවය කරමින් රළු කඨෝර ගමනක් යා යුතුය. හමුදාවෙන් ලද ශික්ෂණයත්, සරසවියෙන් ලද දැනුමත්, ආදි දේට අමතරව ඔහු සතුවූයේ අනාගත දැක්මකි. මාගා ගොඩනැගුණේ අපට හොඳ කණ්ඩායමක් සිටි නිසා යැයි නිරන්තරයෙන් සපථ වීමට ඔහු මැළි නොවන්නේය. [/SIZE] [SIZE=5]එදා චන්ද්‍රසේකර නමින් ඇරඹි මෙම සමාගම පසුව චන්ද්‍රනායක ලෙස ව්‍යාප්ත වූ අතර, මාගා බවට පරිවර්තනය වූයේ ඉනික්බිතිවය. මානින්කන්ද ගම්ලද්දලාගේ යන නාමයෙහි මුලකුරු යොදාගෙන MAGA යන අපූරු නාමය යෙදීමට ඔහුට හැකිවිණි. එහෙත් එම්. ජී. කුලරත්න යන මේ අපූරු මිනිසා මුල්තැන දෙන්නේ ඒ නාමයට වඩා එහා ගිය අරුතකටය. [/SIZE] [SIZE=5]මාගා කියන්නේ අපේ අනන්‍යතාව සඳහා වූ සංකේතයක් පමණයි. අපේ පරමාදර්ශී යථාර්ථය වන්නේ මාගා පවුලයි. මාගා පවුල කීවාම එය මගේ පුද්ගලික පවුල නෙවෙයි. පුද්ගලික පවුලකට සතු සමාගමක් නිර්මාණය වීම අපේ අරමුණ වුණේ නැහැ. මාගා පවුල කියන්නේ එහි සේවය කරන සියලුදෙනාගෙම ආයතනයයි. මේක විශිෂ්ට කණ්ඩායමක්, ඒ කණ්ඩායම බිහිකළ සමාගම තමයි මාගා. [/SIZE] [SIZE=5]එම්. ජී. කුලරත්නයන් මාගා ආයතනය ගැන පවසන්නේ එවන්වූ අභිමානයක් ඇතිවය. එක් පුද්ගලයකු, එක් ආර්ථික පදනමක් යන සංකල්පයට වඩා අපි සහ කණ්ඩායම මෙන්ම කණ්ඩායම් හැඟීම යන දේ ඔහු දර්ශනයක් කරගෙන සිටී. එය වචන වලට පමණක් සීමා වූවක් නොවේ. ප්රායෝගිකවම ක්‍රියාත්මක වූවකි. මේ මාගා නමැති ශක්තිමත් දැක්මක් ඇති කණ්ඩායමේ නිර්මාණශීලීත්වයෙන් ශ්‍රී ලාංකීය භූමියට ඉදිකිරීම් ක්ෂේත්රයේ මහා නිර්මාණ රැසක් දායක කරවීමට හැකිව තිබේ. අධිවේගී මාර්ග, සුවිසල් ගොඩනැගිලි මන්දිර ආදී බොහෝ නිමැවුම් රැසක් ඉදිකළ මහා සමාගම මාගා වන්නේය. ඔවුන් දිනෙන් දින ජනතා ප්‍රසාදය ලබමින්, ව්‍යවසායකත්වයේ සම්මාන ලබමින් ගමනක් යමින් සිටින්නේ බාරගත් වැඩේ සියයට සීයයකින් නොවී සියයට දාහකින් එය ඉතා විශිෂ්ට ලෙස කළ නිසාවෙනි. එමෙන්ම නියමිත වෙලාවටත් කලින් විශිෂ්ට නිමාවකින් යුතුව ඉදිකිරීම් නිමකරදීම නිසාවෙනි. [/SIZE] [SIZE=5]මිනිසකුට තවත් මිනිසකු විය නොහැකි බව සැබෑය. එකිනෙකාගේ සිතිවිලි වෙනස්ය. සාර්ථක වූ මිනිසකුගේ ජීවිතය වෙතින් සමාජයට ගත හැකි ආදර්ශය වෙතින්, ජීවිත සාර්ථක කරගත හැකිය. එම්.ජී. කුලරත්න නමැති මේ ව්‍යවසායක චරිතය වෙතින් සමාජයට ගත හැකි ආදර්ශ බොහෝ යැයි අපි හඟිමු. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_35f0489b47.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [INDENT] [B][COLOR=#B22222][SIZE=5]අපේ අම්මා කොසු ඉදල් හදන හැටිත් මට කියලා දුන්නා. නිවාඩු කාලයේදී ඒ වගේ නිර්මාණ කරලා ඒවා කඩයටත් දුන්නා. තාත්තා කළේ ව්‍යාපාර. අක්කර හතක විතර තේ වත්තක් අප සතුව තිබුණා. ඒ වතු මැද දුව පැන ගත කළ අවදිය හරිම සුන්දරයි. අපේ වත්තේ ගල්වැටි බඳිද්දි මම අම්මාට උදව් කළා. කුඩා කාලයේ මවගෙන් ඉගෙන ගත් දේ බොහෝමයි.[/SIZE][/COLOR][/B] [/INDENT] [SIZE=5] [/SIZE] [SIZE=5]කෙනෙකුට යම්කිසි මගපෙන්වීමක්, නායකත්වයක් සැපයිය හැකියි. නිසිඵල ලබාගැනීමට නම් සාමූහික ක්‍රියාදාමය ඉතා වැදගත්. ඔහු ඉඟියෙන් පවසන්නේ සමස්ත අපේ රට ශක්තිමත් රටක් ලෙස නැගී සිටීමට නම් එවැනි සංකල්පයක් අවැසි බවය. [/SIZE] [SIZE=5]මම මේක කළා, මම තමයි කියන ආදර්ශය අපි ලෝකෙට සපයන වැරදි දෙයක්. ගොඩනැංවූ මේ ලෝකයෙන් මට ලැබුණු දේ පරම්පරා ගණනාවක් විසින් නැවත මම ලෝකයට ලබාදිය යුතුයි. එසේ නොමැති නම් ඒ මනුෂ්‍යත්වයේ කිසිදු අරුතක් නැත. [/SIZE] [SIZE=5]ඇල්බට් අයින්ස්ටයින් විශ්වීය මානවයාගේ ඒ දර්ශනයට අනුව එලෙසින් කටයුතු කරන එදා කැප්ටන් කුලරත්න වූ අද ව්‍යවසායකත්වයේ ශ්‍රී ලාංකීය භූමියේ මහා පුරුකක් වූ එම්.ජී. කුලරත්නගෙන් මේ සටහන නිම කිරීමට පෙර අප ඇසුවේ ඔබ ජීවිතය වින්දනය කරන්නේ කෙසේද යනුවෙනි. [/SIZE] [SIZE=5]‘‘බොහෝ දේ තනි මිනිසකු විසින් කළ දේ නෙවෙයි, එදා සාර්ථක වූ විප්ලව ගත්තද, වෙනත් භෞතිකමය දේ දිහා විමර්ශනය කළද අපට පෙනී යන්නේ එයයි.’’ ශක්තිමත් පදාර්ථයක් ඇති ආයතනයක් බිහිකළ පුරෝගාමියා වූ එම්.ජී. කුලරත්න එසේ යළි යළිත් කියයි. [/SIZE] [SIZE=5]මහා දාර්ශනික ඇල්බට් අයන්ස්ටයින් කී දේ ඔහු බෙහෙවින් විශ්වාස කරන්නේය. එනම්, පරම්පරා සියදහස් ගණනක් නිසා මම පෝෂණය වී ආවෙක්මි. එනිසා පොත්පත් කියවීම, ලෝකයේ සිදුවන දේ ගැන පුවත් දැනගැනීම, සංගීතය, කලාව ඒ සියල්ල මා වින්දනය කරමින් පරිහරණයේ යෙදෙනවා. සමහරදාට අදටත් මම එදිනෙදා මට කරන්න තියෙන වගකීම් රාජකාරි වෙනුවෙන් කැපවෙනවා. ඊට ඉරිදාද සෙනසුරාදාද කියා වෙනසක් නැහැ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]සැබැවින්ම එම්.ජී. කුලරත්න හෙවත් මාගා නිර්මාතෘ යනු වචනයේ පරිසමාප්ත අයුරින්ම පරමාදර්ශීව පෙනී සිටින අපූරු මානවයෙකි.[COLOR=#FFFFFF][B][/B][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන : සඳුන් ගමගේ[/SIZE][/B] [COLOR=#FFFFFF][B][SIZE=5][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom