මාතර හෙද විදුහල විවෘත කිරීම සේවකයින් අතින්

$onny

Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    රුපියල් මිලියන 167ක වියදමින් මාතර හෙද විදුහල සඳහා ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශන ශාලා සංකීර්ණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද අධ්‍යාපන කටයුතු සඳහා පැවරිමේ උත්සවයක් ඊයේ පැවති අතර නව ගොඩනැඟිල්ල විවෘත කිරීමට ලේකම්වරයාට ආරාධනා ලැබුණ ද ඒ අවස්ථාව රෝහලේ හෙද නිලධාරිනියන් වෙත පැවරීමට කටයුතු කළ අතර ඔවුන් සිනහමුසු මුහුණින් පීත්ත පටිය කපා නව ගොඩනැඟිල්ල විවෘත කළ අයුරු මේ ඡායාරූපයේ දැක්වේ.
    උත්සව, සමරුපලකවලින් තොර විවෘත කිරීම් සිදු කරන අළුත් සංස්කෘතියක් සෞඛ්‍ය සේවාව තුළ ඇති කර තිබෙන බව ලේකම්වරයා කීය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලින් සමින්විතව ඉදිකරන ලද මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සිව්මහල් පරිපූර්ණ දේශන ශාලා සංකීර්ණය සංවර්ධනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා රුපියල් මිලියන 410 ක මුල්‍ය ප්‍රතිපාදන යොදවා තිබේ.
    මෙම දේශන ශාලා සංකීර්ණය ලබාදීමත් සමග මාතර හෙද විදුහල අංග සම්පූර්ණ හෙද විදුහලක් බවට පත්වේ.

    මීට ප්‍රථමව ද රුපියල් මිලියන 165ක වියදමින් නේවාසිකාගාර සංකීර්ණයක් සහ රුපියල් මිලියන 65 ක වියදමින් පරිපාලන ගොඩනැගිල්ලක් ලබාදීම ද සිදු කර තිබුණි.
    ළමුන් 425 ක් පමණ හෙද අධ්‍යාපනය ලබන මෙම මාතර හෙද විදුහලේ නව දේශන ශාලා සංකීර්ණය දේශන ශාලා 04 කින් සමන්විතය. එක් දේශන ශාලාවක එකවර ළමුන් 100 කට ආසන්න ප්‍රමාණයකට දේශනවලට සවන් දීමේ හැකියාව ඇත. පුස්තකාලයක්, තාක්ෂණික ඒකකයක්, ප්‍රායෝගික ක්‍රියාකාරම් අංශ 02 ක් සහ නවීන උපකරණවලින් සමන්විත 200 කට පමණ රැස්විය හැකි ශ්‍රවණාගාරයක් ද මෙහි වේ.
    2.jpg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    ඉතින් රනිලුත් ඕක කරන්නයි හිටියෙ කෝ ඉතින් තොපිට .....See more