Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාතෘභූමිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි..(වෛද්‍ය දිලිප් චාමර මදනායක)

මාතෘභූමිය

සාමාන්‍යපෙළ විභාගය වෙනකන් තවලම ඉස්කෝලේ ඉගෙන ගත්ත මම උසස්පෙළෙ කරන්න ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට එනවා..

ඒ 2008 අවුරුද්දේ විතර.. ඉපදුන දා ඉඳලාම ගමේ ඇල දොළ, ගස් කොලන් එක්ක හැදුන වැඩුන මට එක පාර ගාලු ඇවිත් ඉස්කෝලෙන් බෝඩිමටත් බෝඩිමෙන් ඉස්කෝලෙටත් යන එන ගමන හිරේ දැන්ම වගේ වෙනවා.

මුලින්ම රිච්මන්ඩ් එකට ගිය මට තියෙන ලොකුම ප්රශ්නය උගන්වන්නේ නැති වෙලාවට පන්තියෙන් එලියට යන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක සහ මං හැමදාම එකට ජීවත් උන ඇල දොළ, ගස් කොලන් නැතුව කවදා වෙනකන් ඉන්න වෙයිද කියන එක.. ඒක කොච්චර අමාරුද කියනවනම් පත්තර පිටුවක තිබුන කලපුවක් එක්ක කැලයක් තියෙන ලොකු පිංතූරයක් මං පාඩම් කරන මේසේ ඉස්සරහ බිත්තියේ අලවාගෙන කාමරේට වෙලා ඉන්න අමාරු වෙනකොට මං ඒක දිහා බලන් ඉන්නවා..

කොහොමින් කොහොම හරි ඒ අවුරුදු කිහිපය අමාරුවෙන් ගිහින් මම කරාපිටියෙ වෛද්‍ය පීඨයට ඇතුලත් වෙනවා.. ඒ තියෙන වැඩ කන්දරාවත් එක්ක ඉඳලා හිටලා විතරක් මාස 3 කට සැරයක් විතර කලබලෙන් ගෙදර ගිහින් එන්න මට පුලුවන් වෙනවා. ඒ හැමදාම මගේ ඔලුවේ මහා බරක් තියෙනවා.. කැම්පස් එකේ ඉන්නකොට ලෝකේ එක එක රටවල් වල සෞඛ්‍ය පහසුකම් ගැන, ඒවයි දොස්තරලට ලැබෙන වැටුප් ගැන, උසස් ජීවන තත්වයන් ගැන එක එක කතා අපිට ඇහෙනවා. ඒවට ආසා හිතෙන මාත් Computer lab එකට ගිහින් ඉන්ටර්නෙට් එකේ ඒවා හොයලා මාත් කැම්පස් out උනාම මේ රටෙන් ඒ කියන හොඳ රටකට යනවා කියලා හිතනවා..

ඔහොම අවුරුදු 5 ක් විතර ගිහින් වෛද්‍ය පීඨයෙන් වෛද්‍යවරයෙක් විදියට එලියට එන මම 2017 අවුරුද්ද අන්තිමට සීමාවාසික පත්වීම අරන් කොලඹ ජාතික රෝහලේ වැඩට එනවා.. අවුරුදු ගානක් තිස්සේ හැමදේම මඟහැරල හීන ගොඩක් පස්සේ දිව්ව මං ඒ වෙනකොට යාන්ත්‍රික වෙලා වගේ මට දැනෙනවා.. හැම පැත්තෙම පේන උස ගොඩනැගිලි දිහා කිසි හැඟීමක් නැතුව ඔහේ බල බලා ආපු දවසේ ඉඳලා ක්වාටස් එකෙන් වාට්ටුවටත් වාට්ටුවෙන් ක්වාටස් එකටත් යන මට ඉස්පිරිතාලෙයි ලෙඩ්ඩුන්වයි හැර වෙන ජීවිතයක් නැති වෙනවා..ඒ අතරත් මේ රටේ ඉඳන් මෙහෙම දුක් විඳින්නේ නැතුව වෙන රටවල් වලට ගිහින් මේ තරම් වැඩ නොකර ලොකු salary එකක් අරන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා නිතර ඇහෙනවා..

එතකොට ආපහු මාත් එහෙම යනවා කියලා මං හිතනවා.. ඒ ගියත් මට මගේ පවුලේ අය, යාළුවෝ, මං ජීවත් උන ගම රට අමතක කරලා ඉන්න පුලුවන් වෙයිද කියලා මට දෙගිඩියාවක් එනවා.. මං අයිති මේ මහ පොලවට, මේ සංස්කෘතියට නේද කියලා හිතේ පොඩි වේදනාවක් වගේ ඇති වෙනවා.. කොලඹ ඇවිත් මාස ගානකට පස්සේ යන්තම් දවසකට ගෙදර යන්න පුලුවන් වෙනවා.

සෙනසුරාදා වරුවෙන් වැඩ ඉවර කරලා අහු උන දේවල් ටිල බෑග් එකේ දාගෙන කොටුවට ගිහින් නෙළුවට යන බස් එකකට ගොඩ වෙලා ජනේලයක් අයිනෙන් වාඩි වෙලා බස් එක යනකන් ජනේලෙන් එලිය බලන් ඉන්නවා. හතර වටේම මහා ගොඩනැගිලි අහසේ ගෑවි ගෑවි ඔහේ තියෙනවා. තොරතෝන්චියක් නැතුව හෝන් ගහ ගහ වාහන දුම් දාගෙන එහේ මෙහේ යනවා. මිනිස්සු සිය දහස් ගානක් ගිනි අව්වේ හෙට ලෝකේ විනාසා වෙනවා වගේ කලබලෙන් එහේ මෙහේ දුවනවා.. පලතුරු, පැනි බීම, පොත්පත් උස්ස ගත්ත මිනිස්සු බස් එකට නැගලා ඉස්සර ඉඳලා පස්සට ඒවගේ ගනන් කිය කියා විකුනන්න එනවා.. ඒවා අහන් ඉන්න මට මහා කම්මැලිකමක් දැනෙනවා..ටික වෙලාවකින් බස් එක යන්න පටන් ගන්නවා. අව්වේ රස්නෙට දාඩිය නාගෙන ඉන්න මට ජනේලෙන් එන හුලන් පාරට ලොකු සනීපයක් දැනෙනවා..මං අමාරුවෙන් බාගෙට ඇස් ඇරගෙන එලිය බලාගෙන ඔහේ ඉන්නවා. බස් එක කොල්ලුපිටියට යන්නත් කලින් මට හොඳටම නින්ද යනවා. ටිකට් ගන්න කොන්දොස්තර කතා කරාම ඇහරෙන මට ආපහු බස් එක එක පාර බ්‍රෙරේක් ගහපු වෙලාවක ඔලුව කොහේ හරි හයියෙන් වැදිලා ඇහරෙනවා..වටේම සෙනඟ පිරිලා ඉන්න නිසා ඇස් ඇරලා බලන්න ලැජ්ජා හිතෙන මං ඇස් පියාගෙනම තාමත් නිදි වගේ ඉන්නවා.. බස් එක මතුගමත් පහු කරලා හොරවලින් හරවලා යනකොට මට පොඩි සතුටක් දැනෙනවා.. පැලවත්තත් පහු කරාම මං හුස්ම ගන්නවා කියලා මට දැනෙනවා..

යන්තම් රෑ 7 ට විතර නෙළුවට ඇවිත් ගෙදර ගියාම මහා සැනසීමක් දැනෙනවා.. රෑට කාලා නිදාගෙන පහුවෙනිද උදේ 8 විතර වෙනකන් නිදාගෙන ටිකක් දවල් වෙලා නාන්න කියලා වටේ පිටේ ඉන්න පොඩි උන් ටිකකුත් අරගෙන කිට්ටුව තියෙන ගඟට යනවා. ගඟට පැනලා පීනගෙන ගිහින් ගං කණ්ඩියේ තියෙන ජම්බි ගහක් දිගේ නැගලා මුදුනෙම අත්තක ඉඳන් ජබුන් ගාල ගඟට පනිනවා. වතුර යට ගිහින් උඩට එන මට මං ආපහු ජීවත් වෙනවා කියලා හිතෙනවා. මං මොකටද මේ රට දාලා යන්නේ.....

මේ රටින් යනවද නැද්ද කියා කියා දෙගිඩියාවෙන් හිටිය මට ඒකට උත්තරය මේ දවස් වල ලෝකෙටම මහා වසන්ගතයක් වෙලා තියෙන කොරෝනා රෝගයත් එක්ක ලැබෙනවා..

ලෝක බලවත්තු කියපු රටවල් ඇහැට පේන්නේ නැති වෛරසයක් ඉස්සරහ අන්ත අසරණ වෙලා ඉන්නවා. ලෝකේ හොඳම සෞඛ්‍ය සේවාවන් තියෙනවා කියපු රටවල් වල දහස් ගනන් මිනිස්සු දවසට දෙකට මැරෙනවා. ඒ රටවල් වල සෞඛ්‍ය සේවකයෝ තමන් අසරණ වෙලා ඉන්න තරම් ඉන්ටර්නෙට් එකට වීඩියෝ දදා අඬ අඬා කියනවා. ලංකාවේන් ගිහින් වෙන රටවල් වල ජීවත් වෙන විශේෂඥ වෛද්‍යවරුන් පවා අපේ රටේ වැඩපිළිවෙල ගැන ආඩම්බරෙන් කතා කරනවා. මේ රටේ ඉඳලා ගියා විදේශීකයනුත් ඒකම කියනවා. අවුරුදු ගානකින් ලංකාවට ආපු නැති දියුණුයැයි කියන රටවල් වල හිටිය අපේ ගොඩක් මිනිස්සු කොහොම කොහොම හරි තමන්ගේ මව්රටට එනවා..

වෛද්‍යවරයෙක් වෙලා ලංකාවේ තියෙන ලොකුම රෝහලේ වැඩ කරන කාලෙත් හෙම්බිරිස්සාවක් හැදුනත් කිලෝමීටර් 130 ක් විතර ඈත තියෙන ගෙදර යන්න මට හිතෙනවා. පුතා දොස්තර කෙනෙක් කියල දැන දැනත් මට පොඩි ලෙඩක් හැදුනත් ගෙදර එන්න කියලා අම්මයි තාත්තයි කතා කරනවා. එතකොට මං පණ්ඩිතයා වගේ මං ඉන්නේ ඉස්පිරිතාලෙක කියලා කියනවා. එහෙම කිවුවට ගෙදර ගියානම් අම්මා හදලා දෙන කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කොල කැඳ බිවුවම මේ ලෙඩ ගොඩක් හොඳ වෙනවා කියල හිත ඇතුලෙන් මං දන්නවා..

රූපවාහිනී වැඩ සටහනකට ආපු විමල් වීරවංශ ඇමතිතුමා ලස්සන කතාවක් කියනවා.. නිව්යෝර්ක් වල අහස දිහා බලන් ඉන්න අසාවෙන් හිටිය අපේ මිනිස්සු කොරෝනා වසන්ගතයත් එක්ක එයාලව කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න කියනවා. බෝටුවෙන් හොරාට ඉතාලි ගියපු මිනිස්සු හිටිය රටේ ඉතාලියට යන සුඛෝපභෝගී නැවෙන් බැහල මිනිස්සු තමන්ගෙ රටට එනවා..

ඒ හැම මනුස්සයගේම හිතේ තමන්ගේ මව්රටට ආවම තමන් ආරක්ශිතයි කියලා හැඟීමක් තියෙනවා..

ඒක දොස්තර කෙනෙක් උන මට ලෙඩක් උනාම ඉස්පිරිතාලෙ ඉඳලා අම්මා තාත්තා ගාවට යන්න හිතෙන හැඟීම වගෙ ඇති කියලා මට හිතෙනවා..

අපි මහා සංස්කෘතියක් සභ්‍යත්වයක් තියෙන ජාතියක්. මේ රට මහා වාසනාවන්ත භූමියක්.. අපිට ජාතියක් විදියට රටක් විදියට ආපහු අපේ වංශකථාව අලුතෙන් ලියන්න පටන් ගන්න මේක හොඳ අවස්ථාවක්.

මුලින්ම අපි ජාතියක් විදියට මේ වසන්ගතයෙන් රට බේරා ගමු..

ඒ වෙනුවෙන් තනි තනියම හරි තමන්ගේ යුතුකම ඉටු කරමු..

එ එක්කම හැම දේම පිට රටින් එනකන් බලන් ඉන්න මානසිකත්වයෙන් මිදිලා අපේ පොලව අලුතෙන් අස්වද්දමු..

තමන් උපන් රටට ඒ සංස්කෘතියට වෛර කරන්නේ නැතුව ජාතියක් විදියට හිතන්න ගත්ත දවසට අපිත් මේ රට දාලා යනවා වෙනුවට මේකෙන් ගිය අයත් ආපහු මේ මවු රටට එන්න පටන් ගනීවි.. එදාට අපි අපි ගැන තවත් ආඩම්බරෙන් කතා කරාවි.

"පිං කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට...

හේතු වාසනා වේවා"

වෛද්‍ය දිලිප් චාමර මදනායක

[QUOTE="divoomdelux, post: 25299217, member: 189016"] [SIZE="5"] උපුටා ගැනීමකි..(වෛද්‍ය දිලිප් චාමර මදනායක) මාතෘභූමිය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 සාමාන්‍යපෙළ විභාගය වෙනකන් තවලම ඉස්කෝලේ ඉගෙන ගත්ත මම උසස්පෙළෙ කරන්න ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට එනවා.. ඒ 2008 අවුරුද්දේ විතර.. ඉපදුන දා ඉඳලාම ගමේ ඇල දොළ, ගස් කොලන් එක්ක හැදුන වැඩුන මට එක පාර ගාලු ඇවිත් ඉස්කෝලෙන් බෝඩිමටත් බෝඩිමෙන් ඉස්කෝලෙටත් යන එන ගමන හිරේ දැන්ම වගේ වෙනවා. මුලින්ම රිච්මන්ඩ් එකට ගිය මට තියෙන ලොකුම ප්රශ්නය උගන්වන්නේ නැති වෙලාවට පන්තියෙන් එලියට යන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක සහ මං හැමදාම එකට ජීවත් උන ඇල දොළ, ගස් කොලන් නැතුව කවදා වෙනකන් ඉන්න වෙයිද කියන එක.. ඒක කොච්චර අමාරුද කියනවනම් පත්තර පිටුවක තිබුන කලපුවක් එක්ක කැලයක් තියෙන ලොකු පිංතූරයක් මං පාඩම් කරන මේසේ ඉස්සරහ බිත්තියේ අලවාගෙන කාමරේට වෙලා ඉන්න අමාරු වෙනකොට මං ඒක දිහා බලන් ඉන්නවා.. කොහොමින් කොහොම හරි ඒ අවුරුදු කිහිපය අමාරුවෙන් ගිහින් මම කරාපිටියෙ වෛද්‍ය පීඨයට ඇතුලත් වෙනවා.. ඒ තියෙන වැඩ කන්දරාවත් එක්ක ඉඳලා හිටලා විතරක් මාස 3 කට සැරයක් විතර කලබලෙන් ගෙදර ගිහින් එන්න මට පුලුවන් වෙනවා. ඒ හැමදාම මගේ ඔලුවේ මහා බරක් තියෙනවා.. කැම්පස් එකේ ඉන්නකොට ලෝකේ එක එක රටවල් වල සෞඛ්‍ය පහසුකම් ගැන, ඒවයි දොස්තරලට ලැබෙන වැටුප් ගැන, උසස් ජීවන තත්වයන් ගැන එක එක කතා අපිට ඇහෙනවා. ඒවට ආසා හිතෙන මාත් Computer lab එකට ගිහින් ඉන්ටර්නෙට් එකේ ඒවා හොයලා මාත් කැම්පස් out උනාම මේ රටෙන් ඒ කියන හොඳ රටකට යනවා කියලා හිතනවා.. ඔහොම අවුරුදු 5 ක් විතර ගිහින් වෛද්‍ය පීඨයෙන් වෛද්‍යවරයෙක් විදියට එලියට එන මම 2017 අවුරුද්ද අන්තිමට සීමාවාසික පත්වීම අරන් කොලඹ ජාතික රෝහලේ වැඩට එනවා.. අවුරුදු ගානක් තිස්සේ හැමදේම මඟහැරල හීන ගොඩක් පස්සේ දිව්ව මං ඒ වෙනකොට යාන්ත්‍රික වෙලා වගේ මට දැනෙනවා.. හැම පැත්තෙම පේන උස ගොඩනැගිලි දිහා කිසි හැඟීමක් නැතුව ඔහේ බල බලා ආපු දවසේ ඉඳලා ක්වාටස් එකෙන් වාට්ටුවටත් වාට්ටුවෙන් ක්වාටස් එකටත් යන මට ඉස්පිරිතාලෙයි ලෙඩ්ඩුන්වයි හැර වෙන ජීවිතයක් නැති වෙනවා..ඒ අතරත් මේ රටේ ඉඳන් මෙහෙම දුක් විඳින්නේ නැතුව වෙන රටවල් වලට ගිහින් මේ තරම් වැඩ නොකර ලොකු salary එකක් අරන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා නිතර ඇහෙනවා.. එතකොට ආපහු මාත් එහෙම යනවා කියලා මං හිතනවා.. ඒ ගියත් මට මගේ පවුලේ අය, යාළුවෝ, මං ජීවත් උන ගම රට අමතක කරලා ඉන්න පුලුවන් වෙයිද කියලා මට දෙගිඩියාවක් එනවා.. මං අයිති මේ මහ පොලවට, මේ සංස්කෘතියට නේද කියලා හිතේ පොඩි වේදනාවක් වගේ ඇති වෙනවා.. කොලඹ ඇවිත් මාස ගානකට පස්සේ යන්තම් දවසකට ගෙදර යන්න පුලුවන් වෙනවා. සෙනසුරාදා වරුවෙන් වැඩ ඉවර කරලා අහු උන දේවල් ටිල බෑග් එකේ දාගෙන කොටුවට ගිහින් නෙළුවට යන බස් එකකට ගොඩ වෙලා ජනේලයක් අයිනෙන් වාඩි වෙලා බස් එක යනකන් ජනේලෙන් එලිය බලන් ඉන්නවා. හතර වටේම මහා ගොඩනැගිලි අහසේ ගෑවි ගෑවි ඔහේ තියෙනවා. තොරතෝන්චියක් නැතුව හෝන් ගහ ගහ වාහන දුම් දාගෙන එහේ මෙහේ යනවා. මිනිස්සු සිය දහස් ගානක් ගිනි අව්වේ හෙට ලෝකේ විනාසා වෙනවා වගේ කලබලෙන් එහේ මෙහේ දුවනවා.. පලතුරු, පැනි බීම, පොත්පත් උස්ස ගත්ත මිනිස්සු බස් එකට නැගලා ඉස්සර ඉඳලා පස්සට ඒවගේ ගනන් කිය කියා විකුනන්න එනවා.. ඒවා අහන් ඉන්න මට මහා කම්මැලිකමක් දැනෙනවා..ටික වෙලාවකින් බස් එක යන්න පටන් ගන්නවා. අව්වේ රස්නෙට දාඩිය නාගෙන ඉන්න මට ජනේලෙන් එන හුලන් පාරට ලොකු සනීපයක් දැනෙනවා..මං අමාරුවෙන් බාගෙට ඇස් ඇරගෙන එලිය බලාගෙන ඔහේ ඉන්නවා. බස් එක කොල්ලුපිටියට යන්නත් කලින් මට හොඳටම නින්ද යනවා. ටිකට් ගන්න කොන්දොස්තර කතා කරාම ඇහරෙන මට ආපහු බස් එක එක පාර බ්‍රෙරේක් ගහපු වෙලාවක ඔලුව කොහේ හරි හයියෙන් වැදිලා ඇහරෙනවා..වටේම සෙනඟ පිරිලා ඉන්න නිසා ඇස් ඇරලා බලන්න ලැජ්ජා හිතෙන මං ඇස් පියාගෙනම තාමත් නිදි වගේ ඉන්නවා.. බස් එක මතුගමත් පහු කරලා හොරවලින් හරවලා යනකොට මට පොඩි සතුටක් දැනෙනවා.. පැලවත්තත් පහු කරාම මං හුස්ම ගන්නවා කියලා මට දැනෙනවා.. යන්තම් රෑ 7 ට විතර නෙළුවට ඇවිත් ගෙදර ගියාම මහා සැනසීමක් දැනෙනවා.. රෑට කාලා නිදාගෙන පහුවෙනිද උදේ 8 විතර වෙනකන් නිදාගෙන ටිකක් දවල් වෙලා නාන්න කියලා වටේ පිටේ ඉන්න පොඩි උන් ටිකකුත් අරගෙන කිට්ටුව තියෙන ගඟට යනවා. ගඟට පැනලා පීනගෙන ගිහින් ගං කණ්ඩියේ තියෙන ජම්බි ගහක් දිගේ නැගලා මුදුනෙම අත්තක ඉඳන් ජබුන් ගාල ගඟට පනිනවා. වතුර යට ගිහින් උඩට එන මට මං ආපහු ජීවත් වෙනවා කියලා හිතෙනවා. මං මොකටද මේ රට දාලා යන්නේ..... මේ රටින් යනවද නැද්ද කියා කියා දෙගිඩියාවෙන් හිටිය මට ඒකට උත්තරය මේ දවස් වල ලෝකෙටම මහා වසන්ගතයක් වෙලා තියෙන කොරෝනා රෝගයත් එක්ක ලැබෙනවා.. ලෝක බලවත්තු කියපු රටවල් ඇහැට පේන්නේ නැති වෛරසයක් ඉස්සරහ අන්ත අසරණ වෙලා ඉන්නවා. ලෝකේ හොඳම සෞඛ්‍ය සේවාවන් තියෙනවා කියපු රටවල් වල දහස් ගනන් මිනිස්සු දවසට දෙකට මැරෙනවා. ඒ රටවල් වල සෞඛ්‍ය සේවකයෝ තමන් අසරණ වෙලා ඉන්න තරම් ඉන්ටර්නෙට් එකට වීඩියෝ දදා අඬ අඬා කියනවා. ලංකාවේන් ගිහින් වෙන රටවල් වල ජීවත් වෙන විශේෂඥ වෛද්‍යවරුන් පවා අපේ රටේ වැඩපිළිවෙල ගැන ආඩම්බරෙන් කතා කරනවා. මේ රටේ ඉඳලා ගියා විදේශීකයනුත් ඒකම කියනවා. අවුරුදු ගානකින් ලංකාවට ආපු නැති දියුණුයැයි කියන රටවල් වල හිටිය අපේ ගොඩක් මිනිස්සු කොහොම කොහොම හරි තමන්ගේ මව්රටට එනවා.. වෛද්‍යවරයෙක් වෙලා ලංකාවේ තියෙන ලොකුම රෝහලේ වැඩ කරන කාලෙත් හෙම්බිරිස්සාවක් හැදුනත් කිලෝමීටර් 130 ක් විතර ඈත තියෙන ගෙදර යන්න මට හිතෙනවා. පුතා දොස්තර කෙනෙක් කියල දැන දැනත් මට පොඩි ලෙඩක් හැදුනත් ගෙදර එන්න කියලා අම්මයි තාත්තයි කතා කරනවා. එතකොට මං පණ්ඩිතයා වගේ මං ඉන්නේ ඉස්පිරිතාලෙක කියලා කියනවා. එහෙම කිවුවට ගෙදර ගියානම් අම්මා හදලා දෙන කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කොල කැඳ බිවුවම මේ ලෙඩ ගොඩක් හොඳ වෙනවා කියල හිත ඇතුලෙන් මං දන්නවා.. රූපවාහිනී වැඩ සටහනකට ආපු විමල් වීරවංශ ඇමතිතුමා ලස්සන කතාවක් කියනවා.. නිව්යෝර්ක් වල අහස දිහා බලන් ඉන්න අසාවෙන් හිටිය අපේ මිනිස්සු කොරෝනා වසන්ගතයත් එක්ක එයාලව කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න කියනවා. බෝටුවෙන් හොරාට ඉතාලි ගියපු මිනිස්සු හිටිය රටේ ඉතාලියට යන සුඛෝපභෝගී නැවෙන් බැහල මිනිස්සු තමන්ගෙ රටට එනවා.. ඒ හැම මනුස්සයගේම හිතේ තමන්ගේ මව්රටට ආවම තමන් ආරක්ශිතයි කියලා හැඟීමක් තියෙනවා.. ඒක දොස්තර කෙනෙක් උන මට ලෙඩක් උනාම ඉස්පිරිතාලෙ ඉඳලා අම්මා තාත්තා ගාවට යන්න හිතෙන හැඟීම වගෙ ඇති කියලා මට හිතෙනවා.. අපි මහා සංස්කෘතියක් සභ්‍යත්වයක් තියෙන ජාතියක්. මේ රට මහා වාසනාවන්ත භූමියක්.. අපිට ජාතියක් විදියට රටක් විදියට ආපහු අපේ වංශකථාව අලුතෙන් ලියන්න පටන් ගන්න මේක හොඳ අවස්ථාවක්. මුලින්ම අපි ජාතියක් විදියට මේ වසන්ගතයෙන් රට බේරා ගමු.. ඒ වෙනුවෙන් තනි තනියම හරි තමන්ගේ යුතුකම ඉටු කරමු.. එ එක්කම හැම දේම පිට රටින් එනකන් බලන් ඉන්න මානසිකත්වයෙන් මිදිලා අපේ පොලව අලුතෙන් අස්වද්දමු.. තමන් උපන් රටට ඒ සංස්කෘතියට වෛර කරන්නේ නැතුව ජාතියක් විදියට හිතන්න ගත්ත දවසට අපිත් මේ රට දාලා යනවා වෙනුවට මේකෙන් ගිය අයත් ආපහු මේ මවු රටට එන්න පටන් ගනීවි.. එදාට අපි අපි ගැන තවත් ආඩම්බරෙන් කතා කරාවි. "පිං කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට... හේතු වාසනා වේවා" ©️වෛද්‍ය දිලිප් චාමර මදනායක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom