Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානව පරිණාමය Human Evolution ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානව පරිණාමය Human Evolution ..

මිහිතලය මත ජීවය පහළවීම පිළිබඳ ඇත්තේ විවිධාකාර වූ මතවාදයන්ය. එම මතවාද හුදෙක් විශ්වාසය මෙන්ම තාර්කිකත්වය මත මානව විද්‍යාඥයන් සනාථ කළ කරුණ නම්, මිහිතලය මත එක් එක් පියවරන් අනුව ජීවය හටගත් බවයි. එහෙත් නාසා ආයතනය ඉදිරිපත් කළ අභිනව මතයකට අනුව පෘථිවියේ ජීවය සම්භවය වූවා නොව වෙනත් ග්රහලෝකයකින් පෘථිවිය මතට සංක්‍රමණය වූවා යෑයි ඉදිරිපත් කෙරේ.

බෞද්ධ දර්ශනය තුළද යම් ස්ථානයන්හි ජීවයේ හටගැනීම පිළිබඳ කරුණු අනාවරණය වේ. බුදුන්වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී අනාවරණය කරනුයේ මිහිමත ජීවයේ ප්රභවය සිදුවූයේ ආබස්වර නමැති බ්රහ්මලොවින් සංක්‍රමණය වූ ජීවයකිනි. මෙලෙස පැමිණි ජීවය පරිසරයට උචිත පරිදි පරිණාමය වන්නට පටන් ගත්හ.

කෙසේ වෙතත් මිහිමත ජනිත වූ හෝ වෙනත් ග්රහලොවකින් සංක්‍රමණය වූහෝ ජීවය මිනිසා බිහිවීම දක්වාම අනවරත වෙනස්වීම් වලට භාජන විය. මානව පරිණාමය වනාහී යම් තාර්කික ක්‍රමවේදයක් අනුව හා ක්‍රමානුකූලව සිදුවූවක් බව ඒ පිළිබඳ මතවාදයන් ඉදිරිපත් කළ විද්වතුන්ගේ කරුණු අනුව පැහැදිළි වේ.

ඉපැරණි ශිෂ්ඨාචාරයන්ගේ මානව පරිණාමය පිළිබඳ විශ්වාසයන්

1. ඊ-ප්තු ශිෂ්ඨාචාරය

ඉපැරැණි ඊජිප්තු ශිෂ්ඨාචාරයේ ආදි වැසියන්ගේ ප්‍රධාන ආගමක් වූයේ මළවුන් පිදීමය. ඔවුන්ගේ විශ්වාසය වූයේ මිනිසා සම්බන්ධ ජීවයේ නිමැවුම්කරු වූයේ දෙවියන් වහන්සේ බවය. දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් මැටියෙන් රූප සාදා එම මැටි රූපවලට මුවින් පිඹ ජීවය ලබාදුන් බව ඔවුන්ගේ විශ්වාසයයි.

2. පර්සියාව

පර්සියාවේ සාරෝ ඇස්ටි්රයානු දහමට අනුව කාලය වසර තුන්දහසේ කාලඡේද හතරකට බෙදා දැක්වේ.

I මුල් වසර තුන්දහස

අහුරමස්දා නම් දෙවියකු විසින් සුරදූතයන්, මිනිසුන් හා ජීවීන්ගේ මූලාදර්ශයන් පැවැත්මට ගෙන ඇත.

II දෙවන වසර තුන්දහස

දෙවන වසර තුන්දහසේදී ආදිකාලීන මිනිසා සහ ආදිකාලීන ගවයා ගයෝමාඩ් පැවැත්මට ගෙන ඇත.

III තුන්වන වසර තුන්දහස

තුන්වන වසර තුන්දහසේදී පාප කර්මය මගින් පාප කර්මයටත්, පාපකාරී ආත්මය මගින් ගයෝමාඩ්ට පහරදී මහ පොළව පාපී ආත්ම වලින් පුරවා දමයි. ඉන්පසු මිනිසාගේ සහ ගවයාගේ බීජවලින් මනුෂ්‍ය සහ සත්ව පරම්පරා ඇතිවෙයි.

IV හතරවන වසර තුන්දහස

හතරවන වසර තුන්දහයේදී මනුෂ්‍යයාට උපකාරීවීමට සාරෝ ඇස්ටි්රයානු ආගමේ කතුවරයා වශයෙන් සරතුස්ත්රතුමා මිහිතලයට දෙවියන්ව එවා ඇත.

3. ග්‍රීක ශිෂ්ඨාචාරය

I ඕර්ගික ඇදහිලි ක්‍රමය

ග්‍රීසියේ ඕර්ගික ඇදහිලි ක්‍රමය අනුව ඩයෝනිසස් යනු සියුස් දෙවියාගේ සහ පර්සිපොන් දෙවඟනගේ පුත්‍රයාය. ටයිටන්වරු (යෝධ දෙවිවරු) ඩයෝනීසස් මරා මස් අනුභව කළහ. මෙයට කෝප වූ සියුස් දෙවියා අකුණු සර එවා ටයිටන්වරුන්ව මරා මස් පුලුස්සා දමා ඇත. මෙසේ මියගිය ටයිටන්වරුන්ගේ අළුවලින් මිනිසා බිහිවූ බව ඕර්ගික ඇදහිලි වලින් පෙන්වා දෙයි.

II ස්වයං සිද්ධි ජනනවාදය (Spontaneovs Genaration oF life theory)

මෙම වාදයේ ආරම්භකයා වනුයේ අදින් වසර දෙදහසකට පමණ පෙර ග්‍රීසියේ විසූ මහා දාර්ශනික ඇරිස්ටෝටල්ය. ස්වයං සිද්ධි ජනනවාදයේ මූලිකම අදහස නම් ජීවය ඉබේම හටගන්නා බවයි. පැටවුන් බිහිකිරීමට අමතරව ශාකවලින් ජීවීන්ගේ උපත සිදුවන බවත් කියවේ. උදැසන පිනි වලින් කෘමීන්ගේ උපත සිදුවීම හා නෙළුම් මල්වලින් හංසයන් ඉපදීම වැනි අදහස් මෙම වාදයේදී ඇරිස්ටෝටල් ඉදිරිපත් කරයි. ඇරිස්ටෝටල්ගේ මෙම වාදය වසර සිය ගණනක් පිළිගැනීමට ලක්විය.

ඇරිස්ටෝටල්ගේ ස්වයං සිද්ධි ජනනවාදය තහවුරු කිරීම පිණිස ක්‍රිස්තියානි පූජකවරු ශුද්ධ ලියවිලිවලින් කරුණු දැක්වූහ. බයිබලයේ උප්පත්ති කතාවේ සඳහන් ජීව වස්තුවල සම්භවය තහවුරු කිරීමට උපයෝගි කරගත් හීබෲ චින්තනය සමඟ ඇරිස්ටෝටල්ගේ මෙම වාදය හොඳින් ගැලපුනි.

17 වැනි සියවසේදී බෙල්ජියානු වෛද්‍යවරයකු වූ ජීන් බැප්ටිස් ඇරිස්ටෝටල් ගේ ස්වයං සිද්ධි ජනනවාදය අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළහ. එහෙත් ඔහුගේ මතවාද සහමුලින්ම ප්රතික්ෂ්ප වනුයේ 1860 දී ප්‍රංශ ජාතික විද්‍යාඥයකු වූ ලුවී පාස්චර්ගේ වාදයත් සමඟිනි. ඔහු ඉදිරිපත් කරන අන්දමට යුගයෙන් යුගයට නව ජීවීන් බිහිවන අතර එක් යුගයක පැරැණි ජීවීන්ගේ විනාශය සිදුවී, නව ජීවීන්ගේ ආරම්භය නව යුගයකදී සිදුවේ.

මානව පරිණාමය පිළිබඳ ආගම්වල අඩංගු දේවල්

I ක්‍රිස්තියානි ආගම

ක්‍රිස්තියානි ආගමට අනුව බයිබලයේ උප්පත්ති කතාවේ පළවූ පරිච්ඡේදයේ ජීව වස්තූන්ගේ හා එකිනෙකට ඇති වෙනස්කම් පෙන්වා දී ඇත්තේ සර්වබලධාරී දෙවියෙකුගේ මැවීමක ප්‍රතිඵලයක් ලෙසිනි.

II හින්දු ආගම

වෛදික සංස්කෘතියට අනුව මිනිසාගේ ප්රභවය සිදුවන්නේ මහා බ්‍රහ්මයා ගෙනි. මනුස්මෘතිය නම් වෛදික ග්‍රන්ථයේ සත්වයාගේ උපත පිළිබඳව පෙන්වා දෙයි.

බ්රාහ්මණෝස්ය මුඛමාසීත්

බාහු රාජන්‍යඃ කෘතඃ

ඌරු තදස්‍ය යද් වෛශ්යඃ

පද්භ්‍යාං ශුදො අජායත

ඒ අනුව මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්රාහ්මනයන්ද, බාහුවෙන් ක්ෂත්රීයයන්ද, කලවා පෙදෙසින් වෛශ්‍යයන්ද, යටි පතුලෙන් ශුද්‍රයන්ද උපත සිදුව තිබේ.

III බෞද්ධ දර්ශනය

බෞද්ධ දර්ශනයේදී මිහිතලයේ ජීවයේ උපත පිළිබඳව යම් ස්ථානයන්හි කරුණු අනාවරණය වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන අන්දමට අග්ගඤ්ඤ සූත්‍රයේදී ඉදිරිපත් කරනුයේ ආබස්වර නමැති බ්රහ්මලොවින් පැමිණ මිහිතපයේ ජීවය ප්රභවය ලද බවය. තවදුරටත් කරුණු ගෙනහැර දක්වන උන්වහන්සේ අපගේ ශරීරයද මෙම ලෝකයද ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන පදාර්ත ශක්තීන්ගෙන් නිර්මාණය වී ඇති බවද පෙන්වා දෙයි. සත්ත්වයන් මෙලොව එළිය දකින ක්‍රම හතරක් පිළිබඳව බෞද්ධ දර්ශනයේදී විග්රහ කරයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යනු එම ක්‍රම හතරයි.

මානව පරිණාමය පිළිබඳ නූතන මත

I ජීන් බැප්ටිස්ට් ඩිලැමක් - (Jean Baptistede Lamark)

ලැමාක් විසින් ඉදිරිපත් කරන ලද වාදය ලැමාක් වාදය (Lamark Theory) පරිචිත ලක්ෂණ උරුමවීමේ වාදය, වහර අවහර වාදය යන නම්වලින් හැඳින්වේ.

මෙම වාදයෙන් සතුන්ගේ ස්වරූපය හා සංවිධානය කෙරෙහි පරිසරය බලපාන බව කියෑවේ. හොඳින් ක්‍රියාකරන අවයව ශක්තිමත්ව සීග්‍රයෙන් වර්ධනය වී විශාලවන අතරම භාවිත නොකරන අවයව දුර්වල වී අවසානයේදී නැතිවී යන බව ලැමාක් පෙන්වා දෙයි. පරිසරයේ බලපෑම්වලට අනුව දිගු කලක් කිසියම් අවයවයක් භාවිත කරයි නම් හෝ නොකරයි නම් හෝ ජීවීන් තුළින් පෙන්වන ලක්ෂණ එම ජීවීන්ගේ ප්‍රජනනයෙන් පසු බිහිවන ජීවීන්ටද උරුම වේ. මේ ආකාරයට දිගු කලක් උරුම වන ලක්ෂණ හෙවත් පරි�ත ලක්ෂණ පරපුරෙන් පරපුරට උරුම වී මුල්ම ජීවීන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ ජීවීන් විශේෂයක් බිහිවේ.

II චාල්ස් රොබට් ඩාවින් Charls Robert Darwin

මානව පරිණාමවාදයේ පියා ලෙසින් සැලකෙන්නේ චාල්ස් ඩාවින්ය. ඔහු 1809 පෙබරවාරි 11 වැනි දින එංගලන්තයේ ෆ්රූශ්බරි පුරවරයේදී උපත ලැබීය. එහි ප්‍රාථමික පාසලකින් මුල් අධ්‍යාපනය ලැබූ ඩාවින් රසායන විද්‍යාව හා ජීව විද්‍යාව කෙරෙහි වඩාත් උනන්දුවක් දැක්වීය. ඒ පිළිබඳ නොයෙක් පර්යේෂණයන්හිද නිරත විය.

1825 දී හෙතෙම එඩින්බර්ග් විශ්වවිද්‍යාලයට ඇතුළු වී ජීව විද්‍යාව හැදැරුවේය. 1836 දී කපිතාන් කිං නමැත්තකු විසින් දියක් කළ බීගල් නාවික සංචාරක කණ්ඩායම සමග දේශ ගවේෂණයකට ඩාවින් සහභාගි විය. ඔහු බීගල් නාවික කණ්ඩායමේ භාරව යැමට සිදුවිය. 1831 දෙසැම්බර් 27 වැනි දින ඩාවින් බීගල් නාවික කණ්ඩායමේ ප්‍රධානියා ලෙස දකුණු ඇමරිකානු වෙරළෙහි දීර්ඝත්වය දැන ගැනීම උදෙසා පිටත්ව ගියේය. නැව බ්‍රසීල වෙරළට සේන්දු වූ විට ප්‍රීතියෙන් පිනාගිය ඩාවින් එහි වූ අශ්ව දත්, ඇටකටු, සත්තු, කුරුලු, ඇටසැකිලි ආදිය එක්රැස් කළේය. අනතුරුව ගලාපගොස් දූපත වෙත පිවිසුනහ. එම දූපතේ වෙසෙන ෆින්ඩ් නම් කුඩා පක්ෂි විශේෂයක් පිළිබඳව ඩාවින්ගේ අවධානය යොමුවිය. එක් දූපතක සිටි ෆින්ඩ් පක්ෂීන් අන් සෑම කොදෙව්වකම විසුවනට වඩා වෙනස් බව ඩාවින් අධ්‍යයන කළේය. එකම ප්‍රදේශයක වෙසෙන එකම වර්ගයේ පක්ෂීන් අතර මෙවැනි වෙනසක් ඇතිවූයේ කෙසේද යන්න ඔහු සොයා බැලීය.

දිගු කලක් හුදෙකාව හැඩ ගැසීමේදී එක් විශේෂයකට වඩා අනිත් විශේෂයෙහි සූක්ෂම වෙනස්කම් පහළ වන්නට ඇතැයි ඩාවින්ගේ උපකල්පනය විය. වාඩින් සිය සමුද්‍ර චාරිකාව අවසන් කොට 1836 දී එංගලන්තයට පැමිණ එක්රැස්කොටගත් දත්තයන් විශ්ලේෂණය කරමින් ඔහුගේ මතවාදය ගොඩවගන්නට විණි. ශාක හා සත්ත්ව සංතතියේ පැවැත්ම පිළිබඳ නව මතයක් පළකරන ජීවීන්ගේ සම්භවය (The origin of Species by means of Natural Selection) නම් ග්‍රන්ථය 1859 එංගලන්තයේදී ප්‍රකාශයට පත් කළහ. මෙම ග්‍රන්ථයේ බිහිවීමත් සමග කිසියම් දෙවියකු විසින් ලෝකයත් ජීවීනුත් මවන ලදැයි යන බොහෝ විද්වතුන් හා විද්‍යාඥයන් පිළිගෙන තිබූ මතය ඛණ්ඩනයට ලක් විය. සත්ත්වයන් හා වෘක්ෂලතා ආදිය ලොව පහළ වී ඇත්තේ වසර කෝටි ගණනක් තිස්සේ සිදුවූ පරිණාමයකින් බව ඩාවින් ස්වකීය කෘතිය හරහා ඉදිරිපත් කළහ. එකම ජීව සෛලයකින් ප්රභවය ලද සත්ව හා ශාක ලෝකය පාරිසරික හේතු කරණකොටගෙන ක්‍රමයෙන් වෙනස් වීම් වලට භාජන වූ බව ඩාවින් තම ග්‍රන්ථයෙන් හෙළිදරව් කළේය. ජීවීන්ගේ හා මානවයාගෙ සම්භවය හා පරිණාමය පිළිබඳ අභිනව වාදයක් බිහිකළ චාල්ස් ඩාවින් 1882 අප්‍රේල් 19 දින මිය ගියේය.

III ඇල්ෆඩ් රසල් වොලස්

මලයානු දූපත් පිළිබඳව ජීව විද්‍යාත්මක ගවේෂණයක යෙදුණු ඇල්ෆඩ් රසල් වොලස් ඩාවින්ගේ මතයට සමාන මතයක් දැරූවෙකි. 1858 දී ඩාවින් හා වොලස් විසින් ඒකාබද්ධව ඩාවින් වොලස් වාදය නමින් ඒකාබද්ධ ප්‍රබන්ධයක් ලන්ඩන්හි ලීනියන් සංගමය වෙත ඉදිරිපත් කරන ලදී. මෙහි පරිණාමවාදය පිළිබඳ ප්‍රථම ප්‍රසිද්ධ විවරණය විය.

මානව පරිණාමයේ ප්‍රධාන අවධි

මානව හා පුරාවිද්‍යාඥයන් සිදුකර ඇති පර්යේෂණවලට අනුව ලැබුණු පොසිල වාර්තා අනුව මානව පරිණාමය ප්‍රධාන අවධි හතරකින් සමන්විත බැව් පෙන්වා දී තිබේ.

1. ඔස්ට්‍රොලොපිතකස් ඇෆ්රැන්සිස් අවධිය - (Austrolopithecus Afransis Period)

I ඔස්ට්‍රොලොපිතකස් ඇෆ්රැන්සිස් - (Austrolopithecus Afransis)

II ඔස්ට්‍රොලොපිතකස් රොබස්ටස් - (Austrolopithecus Robustus)

III ඔස්ට්‍රොලොපිතකස් බොයිසියායි - (Austrolopithecus boiseai)

2. හෝමෝ හැබිලිස් අවධිය - (Homo habilis Period)

3. හෝමෝ ඉරෙක්ටස් අවධිය -(Homo erectus Period)

I හෝමෝ ඉරෙක්ටස් ජාවා මිනිසා- (Homo erectus Java man)

II හෝමෝ ඉරෙක්ටස් පීකිං මිනිසා -(Homo erectus Peking man)

III හෝමෝ ඉරෙක්ටස් හයිඩලබර්ග් මිනිසා -(Homo erectus Hydelburg man)

4. හෝමෝ සේපියන් අවධිය - Homo Sepeian Period

I හෝමෝ සේපියන් නියෙන්ඩතාලෙන්සිස් - (නියෑන්ඩතාල් මිනිසා) - Homo Sepeian neanderthalensis or Neandarthal man

[QUOTE="Yamuna Sandamali, post: 11624428, member: 383951"] [b]මානව පරිණාමය Human Evolution ..[/b] [SIZE=5]මිහිතලය මත ජීවය පහළවීම පිළිබඳ ඇත්තේ විවිධාකාර වූ මතවාදයන්ය. එම මතවාද හුදෙක් විශ්වාසය මෙන්ම තාර්කිකත්වය මත මානව විද්‍යාඥයන් සනාථ කළ කරුණ නම්, මිහිතලය මත එක් එක් පියවරන් අනුව ජීවය හටගත් බවයි. එහෙත් නාසා ආයතනය ඉදිරිපත් කළ අභිනව මතයකට අනුව පෘථිවියේ ජීවය සම්භවය වූවා නොව වෙනත් ග්රහලෝකයකින් පෘථිවිය මතට සංක්‍රමණය වූවා යෑයි ඉදිරිපත් කෙරේ. බෞද්ධ දර්ශනය තුළද යම් ස්ථානයන්හි ජීවයේ හටගැනීම පිළිබඳ කරුණු අනාවරණය වේ. බුදුන්වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී අනාවරණය කරනුයේ මිහිමත ජීවයේ ප්රභවය සිදුවූයේ ආබස්වර නමැති බ්රහ්මලොවින් සංක්‍රමණය වූ ජීවයකිනි. මෙලෙස පැමිණි ජීවය පරිසරයට උචිත පරිදි පරිණාමය වන්නට පටන් ගත්හ. කෙසේ වෙතත් මිහිමත ජනිත වූ හෝ වෙනත් ග්රහලොවකින් සංක්‍රමණය වූහෝ ජීවය මිනිසා බිහිවීම දක්වාම අනවරත වෙනස්වීම් වලට භාජන විය. මානව පරිණාමය වනාහී යම් තාර්කික ක්‍රමවේදයක් අනුව හා ක්‍රමානුකූලව සිදුවූවක් බව ඒ පිළිබඳ මතවාදයන් ඉදිරිපත් කළ විද්වතුන්ගේ කරුණු අනුව පැහැදිළි වේ. ඉපැරණි ශිෂ්ඨාචාරයන්ගේ මානව පරිණාමය පිළිබඳ විශ්වාසයන් 1. ඊ-ප්තු ශිෂ්ඨාචාරය ඉපැරැණි ඊජිප්තු ශිෂ්ඨාචාරයේ ආදි වැසියන්ගේ ප්‍රධාන ආගමක් වූයේ මළවුන් පිදීමය. ඔවුන්ගේ විශ්වාසය වූයේ මිනිසා සම්බන්ධ ජීවයේ නිමැවුම්කරු වූයේ දෙවියන් වහන්සේ බවය. දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් මැටියෙන් රූප සාදා එම මැටි රූපවලට මුවින් පිඹ ජීවය ලබාදුන් බව ඔවුන්ගේ විශ්වාසයයි. 2. පර්සියාව පර්සියාවේ සාරෝ ඇස්ටි්රයානු දහමට අනුව කාලය වසර තුන්දහසේ කාලඡේද හතරකට බෙදා දැක්වේ. I මුල් වසර තුන්දහස අහුරමස්දා නම් දෙවියකු විසින් සුරදූතයන්, මිනිසුන් හා ජීවීන්ගේ මූලාදර්ශයන් පැවැත්මට ගෙන ඇත. II දෙවන වසර තුන්දහස දෙවන වසර තුන්දහසේදී ආදිකාලීන මිනිසා සහ ආදිකාලීන ගවයා ගයෝමාඩ් පැවැත්මට ගෙන ඇත. III තුන්වන වසර තුන්දහස තුන්වන වසර තුන්දහසේදී පාප කර්මය මගින් පාප කර්මයටත්, පාපකාරී ආත්මය මගින් ගයෝමාඩ්ට පහරදී මහ පොළව පාපී ආත්ම වලින් පුරවා දමයි. ඉන්පසු මිනිසාගේ සහ ගවයාගේ බීජවලින් මනුෂ්‍ය සහ සත්ව පරම්පරා ඇතිවෙයි. IV හතරවන වසර තුන්දහස හතරවන වසර තුන්දහයේදී මනුෂ්‍යයාට උපකාරීවීමට සාරෝ ඇස්ටි්රයානු ආගමේ කතුවරයා වශයෙන් සරතුස්ත්රතුමා මිහිතලයට දෙවියන්ව එවා ඇත. 3. ග්‍රීක ශිෂ්ඨාචාරය I ඕර්ගික ඇදහිලි ක්‍රමය ග්‍රීසියේ ඕර්ගික ඇදහිලි ක්‍රමය අනුව ඩයෝනිසස් යනු සියුස් දෙවියාගේ සහ පර්සිපොන් දෙවඟනගේ පුත්‍රයාය. ටයිටන්වරු (යෝධ දෙවිවරු) ඩයෝනීසස් මරා මස් අනුභව කළහ. මෙයට කෝප වූ සියුස් දෙවියා අකුණු සර එවා ටයිටන්වරුන්ව මරා මස් පුලුස්සා දමා ඇත. මෙසේ මියගිය ටයිටන්වරුන්ගේ අළුවලින් මිනිසා බිහිවූ බව ඕර්ගික ඇදහිලි වලින් පෙන්වා දෙයි. II ස්වයං සිද්ධි ජනනවාදය (Spontaneovs Genaration oF life theory) මෙම වාදයේ ආරම්භකයා වනුයේ අදින් වසර දෙදහසකට පමණ පෙර ග්‍රීසියේ විසූ මහා දාර්ශනික ඇරිස්ටෝටල්ය. ස්වයං සිද්ධි ජනනවාදයේ මූලිකම අදහස නම් ජීවය ඉබේම හටගන්නා බවයි. පැටවුන් බිහිකිරීමට අමතරව ශාකවලින් ජීවීන්ගේ උපත සිදුවන බවත් කියවේ. උදැසන පිනි වලින් කෘමීන්ගේ උපත සිදුවීම හා නෙළුම් මල්වලින් හංසයන් ඉපදීම වැනි අදහස් මෙම වාදයේදී ඇරිස්ටෝටල් ඉදිරිපත් කරයි. ඇරිස්ටෝටල්ගේ මෙම වාදය වසර සිය ගණනක් පිළිගැනීමට ලක්විය. ඇරිස්ටෝටල්ගේ ස්වයං සිද්ධි ජනනවාදය තහවුරු කිරීම පිණිස ක්‍රිස්තියානි පූජකවරු ශුද්ධ ලියවිලිවලින් කරුණු දැක්වූහ. බයිබලයේ උප්පත්ති කතාවේ සඳහන් ජීව වස්තුවල සම්භවය තහවුරු කිරීමට උපයෝගි කරගත් හීබෲ චින්තනය සමඟ ඇරිස්ටෝටල්ගේ මෙම වාදය හොඳින් ගැලපුනි. 17 වැනි සියවසේදී බෙල්ජියානු වෛද්‍යවරයකු වූ ජීන් බැප්ටිස් ඇරිස්ටෝටල් ගේ ස්වයං සිද්ධි ජනනවාදය අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළහ. එහෙත් ඔහුගේ මතවාද සහමුලින්ම ප්රතික්ෂ්ප වනුයේ 1860 දී ප්‍රංශ ජාතික විද්‍යාඥයකු වූ ලුවී පාස්චර්ගේ වාදයත් සමඟිනි. ඔහු ඉදිරිපත් කරන අන්දමට යුගයෙන් යුගයට නව ජීවීන් බිහිවන අතර එක් යුගයක පැරැණි ජීවීන්ගේ විනාශය සිදුවී, නව ජීවීන්ගේ ආරම්භය නව යුගයකදී සිදුවේ. මානව පරිණාමය පිළිබඳ ආගම්වල අඩංගු දේවල් I ක්‍රිස්තියානි ආගම ක්‍රිස්තියානි ආගමට අනුව බයිබලයේ උප්පත්ති කතාවේ පළවූ පරිච්ඡේදයේ ජීව වස්තූන්ගේ හා එකිනෙකට ඇති වෙනස්කම් පෙන්වා දී ඇත්තේ සර්වබලධාරී දෙවියෙකුගේ මැවීමක ප්‍රතිඵලයක් ලෙසිනි. II හින්දු ආගම වෛදික සංස්කෘතියට අනුව මිනිසාගේ ප්රභවය සිදුවන්නේ මහා බ්‍රහ්මයා ගෙනි. මනුස්මෘතිය නම් වෛදික ග්‍රන්ථයේ සත්වයාගේ උපත පිළිබඳව පෙන්වා දෙයි. බ්රාහ්මණෝස්ය මුඛමාසීත් බාහු රාජන්‍යඃ කෘතඃ ඌරු තදස්‍ය යද් වෛශ්යඃ පද්භ්‍යාං ශුදො අජායත ඒ අනුව මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්රාහ්මනයන්ද, බාහුවෙන් ක්ෂත්රීයයන්ද, කලවා පෙදෙසින් වෛශ්‍යයන්ද, යටි පතුලෙන් ශුද්‍රයන්ද උපත සිදුව තිබේ. III බෞද්ධ දර්ශනය බෞද්ධ දර්ශනයේදී මිහිතලයේ ජීවයේ උපත පිළිබඳව යම් ස්ථානයන්හි කරුණු අනාවරණය වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන අන්දමට අග්ගඤ්ඤ සූත්‍රයේදී ඉදිරිපත් කරනුයේ ආබස්වර නමැති බ්රහ්මලොවින් පැමිණ මිහිතපයේ ජීවය ප්රභවය ලද බවය. තවදුරටත් කරුණු ගෙනහැර දක්වන උන්වහන්සේ අපගේ ශරීරයද මෙම ලෝකයද ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන පදාර්ත ශක්තීන්ගෙන් නිර්මාණය වී ඇති බවද පෙන්වා දෙයි. සත්ත්වයන් මෙලොව එළිය දකින ක්‍රම හතරක් පිළිබඳව බෞද්ධ දර්ශනයේදී විග්රහ කරයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යනු එම ක්‍රම හතරයි. මානව පරිණාමය පිළිබඳ නූතන මත I ජීන් බැප්ටිස්ට් ඩිලැමක් - (Jean Baptistede Lamark) ලැමාක් විසින් ඉදිරිපත් කරන ලද වාදය ලැමාක් වාදය (Lamark Theory) පරිචිත ලක්ෂණ උරුමවීමේ වාදය, වහර අවහර වාදය යන නම්වලින් හැඳින්වේ. මෙම වාදයෙන් සතුන්ගේ ස්වරූපය හා සංවිධානය කෙරෙහි පරිසරය බලපාන බව කියෑවේ. හොඳින් ක්‍රියාකරන අවයව ශක්තිමත්ව සීග්‍රයෙන් වර්ධනය වී විශාලවන අතරම භාවිත නොකරන අවයව දුර්වල වී අවසානයේදී නැතිවී යන බව ලැමාක් පෙන්වා දෙයි. පරිසරයේ බලපෑම්වලට අනුව දිගු කලක් කිසියම් අවයවයක් භාවිත කරයි නම් හෝ නොකරයි නම් හෝ ජීවීන් තුළින් පෙන්වන ලක්ෂණ එම ජීවීන්ගේ ප්‍රජනනයෙන් පසු බිහිවන ජීවීන්ටද උරුම වේ. මේ ආකාරයට දිගු කලක් උරුම වන ලක්ෂණ හෙවත් පරි�ත ලක්ෂණ පරපුරෙන් පරපුරට උරුම වී මුල්ම ජීවීන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ ජීවීන් විශේෂයක් බිහිවේ. II චාල්ස් රොබට් ඩාවින් Charls Robert Darwin මානව පරිණාමවාදයේ පියා ලෙසින් සැලකෙන්නේ චාල්ස් ඩාවින්ය. ඔහු 1809 පෙබරවාරි 11 වැනි දින එංගලන්තයේ ෆ්රූශ්බරි පුරවරයේදී උපත ලැබීය. එහි ප්‍රාථමික පාසලකින් මුල් අධ්‍යාපනය ලැබූ ඩාවින් රසායන විද්‍යාව හා ජීව විද්‍යාව කෙරෙහි වඩාත් උනන්දුවක් දැක්වීය. ඒ පිළිබඳ නොයෙක් පර්යේෂණයන්හිද නිරත විය. 1825 දී හෙතෙම එඩින්බර්ග් විශ්වවිද්‍යාලයට ඇතුළු වී ජීව විද්‍යාව හැදැරුවේය. 1836 දී කපිතාන් කිං නමැත්තකු විසින් දියක් කළ බීගල් නාවික සංචාරක කණ්ඩායම සමග දේශ ගවේෂණයකට ඩාවින් සහභාගි විය. ඔහු බීගල් නාවික කණ්ඩායමේ භාරව යැමට සිදුවිය. 1831 දෙසැම්බර් 27 වැනි දින ඩාවින් බීගල් නාවික කණ්ඩායමේ ප්‍රධානියා ලෙස දකුණු ඇමරිකානු වෙරළෙහි දීර්ඝත්වය දැන ගැනීම උදෙසා පිටත්ව ගියේය. නැව බ්‍රසීල වෙරළට සේන්දු වූ විට ප්‍රීතියෙන් පිනාගිය ඩාවින් එහි වූ අශ්ව දත්, ඇටකටු, සත්තු, කුරුලු, ඇටසැකිලි ආදිය එක්රැස් කළේය. අනතුරුව ගලාපගොස් දූපත වෙත පිවිසුනහ. එම දූපතේ වෙසෙන ෆින්ඩ් නම් කුඩා පක්ෂි විශේෂයක් පිළිබඳව ඩාවින්ගේ අවධානය යොමුවිය. එක් දූපතක සිටි ෆින්ඩ් පක්ෂීන් අන් සෑම කොදෙව්වකම විසුවනට වඩා වෙනස් බව ඩාවින් අධ්‍යයන කළේය. එකම ප්‍රදේශයක වෙසෙන එකම වර්ගයේ පක්ෂීන් අතර මෙවැනි වෙනසක් ඇතිවූයේ කෙසේද යන්න ඔහු සොයා බැලීය. දිගු කලක් හුදෙකාව හැඩ ගැසීමේදී එක් විශේෂයකට වඩා අනිත් විශේෂයෙහි සූක්ෂම වෙනස්කම් පහළ වන්නට ඇතැයි ඩාවින්ගේ උපකල්පනය විය. වාඩින් සිය සමුද්‍ර චාරිකාව අවසන් කොට 1836 දී එංගලන්තයට පැමිණ එක්රැස්කොටගත් දත්තයන් විශ්ලේෂණය කරමින් ඔහුගේ මතවාදය ගොඩවගන්නට විණි. ශාක හා සත්ත්ව සංතතියේ පැවැත්ම පිළිබඳ නව මතයක් පළකරන ජීවීන්ගේ සම්භවය (The origin of Species by means of Natural Selection) නම් ග්‍රන්ථය 1859 එංගලන්තයේදී ප්‍රකාශයට පත් කළහ. මෙම ග්‍රන්ථයේ බිහිවීමත් සමග කිසියම් දෙවියකු විසින් ලෝකයත් ජීවීනුත් මවන ලදැයි යන බොහෝ විද්වතුන් හා විද්‍යාඥයන් පිළිගෙන තිබූ මතය ඛණ්ඩනයට ලක් විය. සත්ත්වයන් හා වෘක්ෂලතා ආදිය ලොව පහළ වී ඇත්තේ වසර කෝටි ගණනක් තිස්සේ සිදුවූ පරිණාමයකින් බව ඩාවින් ස්වකීය කෘතිය හරහා ඉදිරිපත් කළහ. එකම ජීව සෛලයකින් ප්රභවය ලද සත්ව හා ශාක ලෝකය පාරිසරික හේතු කරණකොටගෙන ක්‍රමයෙන් වෙනස් වීම් වලට භාජන වූ බව ඩාවින් තම ග්‍රන්ථයෙන් හෙළිදරව් කළේය. ජීවීන්ගේ හා මානවයාගෙ සම්භවය හා පරිණාමය පිළිබඳ අභිනව වාදයක් බිහිකළ චාල්ස් ඩාවින් 1882 අප්‍රේල් 19 දින මිය ගියේය. III ඇල්ෆඩ් රසල් වොලස් මලයානු දූපත් පිළිබඳව ජීව විද්‍යාත්මක ගවේෂණයක යෙදුණු ඇල්ෆඩ් රසල් වොලස් ඩාවින්ගේ මතයට සමාන මතයක් දැරූවෙකි. 1858 දී ඩාවින් හා වොලස් විසින් ඒකාබද්ධව ඩාවින් වොලස් වාදය නමින් ඒකාබද්ධ ප්‍රබන්ධයක් ලන්ඩන්හි ලීනියන් සංගමය වෙත ඉදිරිපත් කරන ලදී. මෙහි පරිණාමවාදය පිළිබඳ ප්‍රථම ප්‍රසිද්ධ විවරණය විය. මානව පරිණාමයේ ප්‍රධාන අවධි මානව හා පුරාවිද්‍යාඥයන් සිදුකර ඇති පර්යේෂණවලට අනුව ලැබුණු පොසිල වාර්තා අනුව මානව පරිණාමය ප්‍රධාන අවධි හතරකින් සමන්විත බැව් පෙන්වා දී තිබේ. 1. ඔස්ට්‍රොලොපිතකස් ඇෆ්රැන්සිස් අවධිය - (Austrolopithecus Afransis Period) I ඔස්ට්‍රොලොපිතකස් ඇෆ්රැන්සිස් - (Austrolopithecus Afransis) II ඔස්ට්‍රොලොපිතකස් රොබස්ටස් - (Austrolopithecus Robustus) III ඔස්ට්‍රොලොපිතකස් බොයිසියායි - (Austrolopithecus boiseai) 2. හෝමෝ හැබිලිස් අවධිය - (Homo habilis Period) 3. හෝමෝ ඉරෙක්ටස් අවධිය -(Homo erectus Period) I හෝමෝ ඉරෙක්ටස් ජාවා මිනිසා- (Homo erectus Java man) II හෝමෝ ඉරෙක්ටස් පීකිං මිනිසා -(Homo erectus Peking man) III හෝමෝ ඉරෙක්ටස් හයිඩලබර්ග් මිනිසා -(Homo erectus Hydelburg man) 4. හෝමෝ සේපියන් අවධිය - Homo Sepeian Period I හෝමෝ සේපියන් නියෙන්ඩතාලෙන්සිස් - (නියෑන්ඩතාල් මිනිසා) - Homo Sepeian neanderthalensis or Neandarthal man [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom