Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
මානා ඇල්ල උඩ නටබුන් මාළිගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානා ඇල්ල උඩ නටබුන් මාළිගාව

මහනුවර සිට බදුල්ල දක්වා වූ පෘතුගීසීන්ගේ හා රජුන්ගේ ඉපැරණි රහස් මාවතේ ගමන්ගන්නා අපි හාලිඇල කැටවල ප්‍රදේශය හරහා ගමන්කොට බෝගොඩ පණාකන්නිය හලාබ නම් ගම්මාන පසුකොට ඌමා ඔයේ කෝතලාවලේ වැලි තොටුපළට සේන්දු වූයෙමු අද එතැන් සිට. නාරංගල කඳුමුදුනෙන් හිරු සැඟවී අඩ පැයක් යාමටත් මත්තෙන් අප ගිලගත් අන්ධකාරය වාඩිය ඉදිරියේ වූ දැවැන්ත ගිනිමැලයේ ආලෝකයෙන් මොහොතකට පරාදවිය. දෙපැයකට කලින් කැලයෙන් සොයාගත් දර කඳන්වලින් අප ගිනි මැලය ඇවිලූ අතර එළි වෙනතුරු මැලයට අවශ්‍ය දර සැපයීමට වාඩියේ ජයරත්න බණ්ඩාට නියමවිය. වේලාව රාත්‍රි අට වුවත් පසෙකින් ඉදෙන වාඩි බතේ සුවඳත් වාඩි හොද්දත් සමග එකට මුසුවී ඌමා ඔය කැලයේ බොහෝ දුරක් ගමන්කරනු නොඅනුමානය.

වැලි තොටුපළේ හුන් රත්නපාල මෙසේ පැවසීය. මහත්තයා මෙම වළ මෙහෙම තිබුණට හරි භයංකාරයි. මොකද ඉතා ගැඹුරින් වැඩියි. ඌමා ඔයේ කවුරුහරි ගිලූනු විට මෙම ස්ථානයේ තමයි රැුඳෙන්නේ. මම දන්න කාලයේ මෙම ස්ථානයේ මිනී 13 ක් පමණ ගොඩ අරගෙන තිබෙනවා. වැඩි හරියක් තරුණ පිරිස තමයි මැරෙන්නේ. මත්පැන් බීලා ඔයේ නාන්න වළවල්වලට පනිනවා. අවසානයේ ඔවුන්ගේ මළ කඳ හමුවන්නේ මෙතැනින්.

එක් දවසක් අපි වැලිගොඩ දාන්න එනකොට කොහෙන්දෝ පාවෙලා ආපු මළකුණක් මෙම ස්ථානයට ගොඩ ගහලා තිබුණා. ගොඩක්ම නරක් වෙලා තිබුණු නිසා ඔහුගේ ඥාතීන් සිරුර ගෙනයන්න කැමති වුනේ නෑ. මෙම ස්ථානයේම තමයි එය වළදැම්මේ ආන් අර ගස යට යයි කුඹුක් ගසක් පෙන්වා රත්නපාල පවසයි. රත්නපාල පවසන හැටියට මෙම ස්ථානය මිනිස් ජීවිත බිලිගන්නා තැනකි. වැලි වාඩියේ රත්නපාලට අමතරව ජයරත්න- බණ්ඩා- ධනපාල- ආරියරත්න- විජේරත්න යන අයද වූහ. එහෙත් පැයකට කලින් බණ්ඩා මා හට කිවූ රහස සනාථ කරමින් ගසින් ගසට මුවාවී පැමිණියේ පෙණ පිපෙන මුට්ටියක්ද අතැතිවය. කොතලාවලේ හා ඌමා ඔය අසබඩ ජීවත්වෙන හලාබ ගම්මානයේ ඇත්තන් සවස ඉස්තරම් වර්ගයේ කිතුල් රා පොල්කට්ටක් දෙකක් කටට හළාගන්නේ දිනයේ වූ සිදුවීම් එක් තැනකට එක්වී සමාලෝචනය කරමිනි.

නගරයේ මෙන් නොව ගම්මානය වන විවිධ බවින් යුක්තය. එය යම්කිසි ක්‍රියා පටිපාටියකට අනුව කිරීමත් විශේෂයකි. වැඩ නිමවා ඌමා ඔයෙන් පවස නිවා ගන්නා ඔවුන් මීවිත තොලගානු සුලබ සිදුවීමකි. වාඩියද මේ මොහොතේද එසේමය. එක් මුට්ටියක් හිස්වූ පසු තවත් මුට්ටියක් දෙපතුල අසලට පැමිණ ඇත. පැමිණියේ කෙසේ දැයි නොදනිමු. රස ගඟුලකි. අපනැගූ සිනහ හඬින් වනාන්තරයේ නිහඬතාව බිඳී යයි. ඒ පිළිබඳ කිසිවකුටත් නිශ්චිත අවබෝධයක් නොමැති වුවත් මධ්‍යම රාත්‍රිය ආසන්නය.

එක්වරම නිහඬතාව යටපත් කරමින් බණ්ඩා කෑගැසුයේ යටිගිරියෙනි. කවුරුත් එදෙසට දිවයන්නට වූහ.අර අර බණ්ඩා ගඟ පහළ පෙන්වයි, එදෙසට විදුලි පන්දම් එළි රැුසකි. සුදු හැඳගත් පුද්ගලයකු වතුර මත ඇවිදියි, මේ මම හොල්මනක් වැනි කථාකරයි.

ධනපාලගෙන් සුද්ද සිංහල වැකි කිහිපයකි.

මං බං පොඩි මාමා, හොල්මන පිළිතුරු දෙයි.

මම මාළු දැලක් එලූවා. ගන්න ගියාම තොටුපොලේ සද්දේ ඇහුනා ඒකයි ආවේ, ඇඟපුරාම මාළු දැලක් පටලවා ගත් පුද්ගලයකු පවසයි.

ඔහු ආරියරත්නය. මාළු අල්ලමින් ඔයදිගේ පැමිණ ඇත, වාඩියේ තෙලෙන් බැදුනු අලූත් මාළු සමග සංගීත රාත්රියද ඉතා ඉස්තරම්ය. නැටුම් මෙන්ම ගැයුම්ද අඩුවක් නොමැතිවිය.

පාරු කිහිපයක් එක්කොට සාදාගත් සයනයෙන් අලූයම පිබිදුනේ නොයෙකුත් සියොතුන්ගේ මනහර ගීරාවය සමගිනි.

වනාන්තරයට අලූත් දවසක් උදාවී ඇත. තොටුපලේ මිතුරන්ට සමුදී අපි මැදිපොකුණ බලා නැවත ගමන පටන් ගතිමු.

ඔහකුඹුර ගම්මානය පසු කර අපට හමුවන්නේ බඹරපනේ මැදිපොකුණ ගම්මානයයි. එය ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. අප ගමන්ගන්නා මාර්ගයේ මැදිපොකුණ ශ්‍රී ධර්ම විජයාරාමය පිහිටා ඇත. වර්තමානයේ බඹරපනේ චුන්ද හිමියන් එහි විහාරාධිපතිත්වය උසුලනු ලබයි.

චුන්ද හිමියන් මෙසේ පැවසීය. මෙම මැදිපොකුණ කේන්ද්‍රකොට ගනිමින් කුමාරසිංහ නම් යුව රජකෙනෙක් මෙම ගම්මානයේ ජීවත්වූ බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. ඔහුගේ මාලිගාවේ නටබුන් අදටත් තිබෙනවා. පංසලේ බුදුගේ ප්‍රධාන ගල් දොරටුව රජ මාලිගාවේ තිබුණු දොරටුවක්. එදා මල් උයන අද උයන් වත්ත ලෙස හඳුන්වනවා. එදා සුද්දන් මෙම මාවතේ අසුපිටින් යනවා මා දැකලා තිබෙනවා. උන් යනකොට මිනිස්සු පාරෙන් අයින් වෙන්න ඕන යයි හාමුදුරුවෝ පැවසූහ.

මැදිපොකුණේ අවුරුදු 90 ක් වයසැති ආර්.එම්. රත්නායක මහතා මෙසේ පැවසීය. මෙම ගම්මානය ඉතා පැරණි ගමක්. මෙහි රජකු ඉඳලා තිබෙනවා. රජුගේ ඇමතියා බණ්ඩාර ලෙස හඳුන්වනවා. එදා බණ්ඩාර නාපු දිය පිහිල්ල අද බණ්ඩාර පිහිල්ල ලෙස හඳුන්වනවා. මෙම අසල ඇති ගලින් නිමවූ අම්බලමේ එදා මෙම මාර්ගයේ ගිය පුද්ගලයන් නවාතැන් ගෙන තිබෙනවා. සුද්දෝ නැවතුනේ ඔය අසබඩ තිබූ නවාතැන් පොළේ. එය අප දන්නා කාලයේත් තිබුණා. වර්තමානයේ එහි නටබුන් පමණක් දක්නට තියෙනවා යයි ඔහු පවසයි.

මැදිපොකුණ ගම්මානයෙන් සමුගන්නා අපට ඉන්පසු හමුවන්නේ කොට්ටගොඩයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන බන්දුල ඉන්දුකුමාරි, ආර්.ඒ. විමලාවතිත් ගොවි සංවිධාන සභාපති ආර්.එම්. රත්නායක මහතාද මෙහිදී අපහට හමුවූ අතර අප මාර්ගය ගමන් ගන්නා ස්ථානයේ ඇති ඉපැරණි මානාඇල්ල නම් දිය ඇල්ල පෙන්වීමට අප රැුගෙන ගිය ගමන බෙහෙවින් දුෂ්කරය. ප්‍රදේශය පිළිබඳව විශාල අවබෝධයක් අපට නැතත් මෙම පිරිස අප වෙනුවෙන් කළ කැපවීම විශිෂ්ටය. තම ගම්මානයට පැමිණි අමුත්තන්ට හැකි සෑම අයුරකින්ම ඔවුන් සහායවිය.

අප ගමන් ගන්නා මාර්ගය අසබඩ ඇති මානා ඇල්ලේ දිය සිඳීයාම නිසා එහි සුන්දරත්වය අඩුවුවත් ඇල්ල ඉහළට ගමන් කරන්නට ලැබීම භාග්‍යයකි. දිය ඇති කලෙක නම් අසලට යෑම පවා බියකරුය. විශේෂයෙන් ඌව කඳුකරයේ මෙම දිය ඇලි හා ජල පෝෂක කලාප සීඝ්රයෙන් විනාශවීයෑමේ තර්ජනයට ලක්වෙලා තිබෙනවා. මෙයට එක් හේතුවක් තමයි ජල පෝෂක ප්‍රදේශයන්හි වගාකිරීම හා නිවාස ඉදිකිරීම්. මෙම තත්ත්වය දිනෙන් දින වර්ධනය වනු මිසක් අඩුවන ආකාරයක් පෙනෙන්න නෑ. එදා තිබූ තත්ත්වයට වඩා උමා ඔයේ තත්්ත්වයද ගොඩක් වෙනස්. අද ඌමා ඔයද බොහෝසෙයින් දුෂණය වෙලා. වගාවන්ට ගසන පලිබෝධ නිසා වතුකරයේද ජලරක්ෂිත අද බෝල ගසන පිට්ටනි බවට පත්වෙලා තිබෙන නිසා රටේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට විශාල තර්ජනයක් වෙලා තිබෙනවා යයි පරිසර විද්‍යාඥයකු වූ බන්දුල පවසයි.

ඔහුගේ කතාවේ සැබෑ අරුත දක්නට ලැබුණේ මානා ඇල්ල උඩට ගිය විටය. මානා ඇල්ල උඩ මාලිගාවක නටබුන්ය. මාණාභරණ නම් රජෙක් මෙම ස්ථානයේ බිසෝවරුන් සමග දිය කෙළියේ යෙදුණු බවට සාක්ෂි හමුවී ඇතැයි ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය. බිසෝවරුන්ට දියනෑම සඳහා තැනූ අලංකාර ලෙස ගල් කැටයම් රාශියක් දියඇල්ල මුදුනේ දැකිය හැකිය. සීතා දේවියද මෙම ස්ථානයේ දියනෑ බව ඉතිහාසය සඳහන් කරයි. ස්ත්රීපුර කන්දද මෙම ස්ථානයට පැහැදිලිව දිස්වෙයි. වර්තමානයේ මෙම සුන්දර ස්ථානය නිධන් හොරුන්ගේ රජදහනක් වී ඇතැයි වෙඩිදමා පුපුරවා හැර තිබූ ගල් කුළු පවසයි.

[QUOTE="Roso, post: 10983007, member: 365157"] [b]මානා ඇල්ල උඩ නටබුන් මාළිගාව[/b] [LEFT][SIZE=3][COLOR=#24779e][/COLOR][/SIZE][/LEFT] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3][COLOR=#c28282] [/COLOR][/SIZE][/LEFT] [SIZE=3] මහනුවර සිට බදුල්ල දක්වා වූ පෘතුගීසීන්ගේ හා රජුන්ගේ ඉපැරණි රහස් මාවතේ ගමන්ගන්නා අපි හාලිඇල කැටවල ප්‍රදේශය හරහා ගමන්කොට බෝගොඩ පණාකන්නිය හලාබ නම් ගම්මාන පසුකොට ඌමා ඔයේ කෝතලාවලේ වැලි තොටුපළට සේන්දු වූයෙමු අද එතැන් සිට. නාරංගල කඳුමුදුනෙන් හිරු සැඟවී අඩ පැයක් යාමටත් මත්තෙන් අප ගිලගත් අන්ධකාරය වාඩිය ඉදිරියේ වූ දැවැන්ත ගිනිමැලයේ ආලෝකයෙන් මොහොතකට පරාදවිය. දෙපැයකට කලින් කැලයෙන් සොයාගත් දර කඳන්වලින් අප ගිනි මැලය ඇවිලූ අතර එළි වෙනතුරු මැලයට අවශ්‍ය දර සැපයීමට වාඩියේ ජයරත්න බණ්ඩාට නියමවිය. වේලාව රාත්‍රි අට වුවත් පසෙකින් ඉදෙන වාඩි බතේ සුවඳත් වාඩි හොද්දත් සමග එකට මුසුවී ඌමා ඔය කැලයේ බොහෝ දුරක් ගමන්කරනු නොඅනුමානය. වැලි තොටුපළේ හුන් රත්නපාල මෙසේ පැවසීය. මහත්තයා මෙම වළ මෙහෙම තිබුණට හරි භයංකාරයි. මොකද ඉතා ගැඹුරින් වැඩියි. ඌමා ඔයේ කවුරුහරි ගිලූනු විට මෙම ස්ථානයේ තමයි රැුඳෙන්නේ. මම දන්න කාලයේ මෙම ස්ථානයේ මිනී 13 ක් පමණ ගොඩ අරගෙන තිබෙනවා. වැඩි හරියක් තරුණ පිරිස තමයි මැරෙන්නේ. මත්පැන් බීලා ඔයේ නාන්න වළවල්වලට පනිනවා. අවසානයේ ඔවුන්ගේ මළ කඳ හමුවන්නේ මෙතැනින්. එක් දවසක් අපි වැලිගොඩ දාන්න එනකොට කොහෙන්දෝ පාවෙලා ආපු මළකුණක් මෙම ස්ථානයට ගොඩ ගහලා තිබුණා. ගොඩක්ම නරක් වෙලා තිබුණු නිසා ඔහුගේ ඥාතීන් සිරුර ගෙනයන්න කැමති වුනේ නෑ. මෙම ස්ථානයේම තමයි එය වළදැම්මේ ආන් අර ගස යට යයි කුඹුක් ගසක් පෙන්වා රත්නපාල පවසයි. රත්නපාල පවසන හැටියට මෙම ස්ථානය මිනිස් ජීවිත බිලිගන්නා තැනකි. වැලි වාඩියේ රත්නපාලට අමතරව ජයරත්න- බණ්ඩා- ධනපාල- ආරියරත්න- විජේරත්න යන අයද වූහ. එහෙත් පැයකට කලින් බණ්ඩා මා හට කිවූ රහස සනාථ කරමින් ගසින් ගසට මුවාවී පැමිණියේ පෙණ පිපෙන මුට්ටියක්ද අතැතිවය. කොතලාවලේ හා ඌමා ඔය අසබඩ ජීවත්වෙන හලාබ ගම්මානයේ ඇත්තන් සවස ඉස්තරම් වර්ගයේ කිතුල් රා පොල්කට්ටක් දෙකක් කටට හළාගන්නේ දිනයේ වූ සිදුවීම් එක් තැනකට එක්වී සමාලෝචනය කරමිනි. නගරයේ මෙන් නොව ගම්මානය වන විවිධ බවින් යුක්තය. එය යම්කිසි ක්‍රියා පටිපාටියකට අනුව කිරීමත් විශේෂයකි. වැඩ නිමවා ඌමා ඔයෙන් පවස නිවා ගන්නා ඔවුන් මීවිත තොලගානු සුලබ සිදුවීමකි. වාඩියද මේ මොහොතේද එසේමය. එක් මුට්ටියක් හිස්වූ පසු තවත් මුට්ටියක් දෙපතුල අසලට පැමිණ ඇත. පැමිණියේ කෙසේ දැයි නොදනිමු. රස ගඟුලකි. අපනැගූ සිනහ හඬින් වනාන්තරයේ නිහඬතාව බිඳී යයි. ඒ පිළිබඳ කිසිවකුටත් නිශ්චිත අවබෝධයක් නොමැති වුවත් මධ්‍යම රාත්‍රිය ආසන්නය. එක්වරම නිහඬතාව යටපත් කරමින් බණ්ඩා කෑගැසුයේ යටිගිරියෙනි. කවුරුත් එදෙසට දිවයන්නට වූහ.අර අර බණ්ඩා ගඟ පහළ පෙන්වයි, එදෙසට විදුලි පන්දම් එළි රැුසකි. සුදු හැඳගත් පුද්ගලයකු වතුර මත ඇවිදියි, මේ මම හොල්මනක් වැනි කථාකරයි. ධනපාලගෙන් සුද්ද සිංහල වැකි කිහිපයකි. මං බං පොඩි මාමා, හොල්මන පිළිතුරු දෙයි. මම මාළු දැලක් එලූවා. ගන්න ගියාම තොටුපොලේ සද්දේ ඇහුනා ඒකයි ආවේ, ඇඟපුරාම මාළු දැලක් පටලවා ගත් පුද්ගලයකු පවසයි. ඔහු ආරියරත්නය. මාළු අල්ලමින් ඔයදිගේ පැමිණ ඇත, වාඩියේ තෙලෙන් බැදුනු අලූත් මාළු සමග සංගීත රාත්රියද ඉතා ඉස්තරම්ය. නැටුම් මෙන්ම ගැයුම්ද අඩුවක් නොමැතිවිය. පාරු කිහිපයක් එක්කොට සාදාගත් සයනයෙන් අලූයම පිබිදුනේ නොයෙකුත් සියොතුන්ගේ මනහර ගීරාවය සමගිනි. වනාන්තරයට අලූත් දවසක් උදාවී ඇත. තොටුපලේ මිතුරන්ට සමුදී අපි මැදිපොකුණ බලා නැවත ගමන පටන් ගතිමු. ඔහකුඹුර ගම්මානය පසු කර අපට හමුවන්නේ බඹරපනේ මැදිපොකුණ ගම්මානයයි. එය ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. අප ගමන්ගන්නා මාර්ගයේ මැදිපොකුණ ශ්‍රී ධර්ම විජයාරාමය පිහිටා ඇත. වර්තමානයේ බඹරපනේ චුන්ද හිමියන් එහි විහාරාධිපතිත්වය උසුලනු ලබයි. චුන්ද හිමියන් මෙසේ පැවසීය. මෙම මැදිපොකුණ කේන්ද්‍රකොට ගනිමින් කුමාරසිංහ නම් යුව රජකෙනෙක් මෙම ගම්මානයේ ජීවත්වූ බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. ඔහුගේ මාලිගාවේ නටබුන් අදටත් තිබෙනවා. පංසලේ බුදුගේ ප්‍රධාන ගල් දොරටුව රජ මාලිගාවේ තිබුණු දොරටුවක්. එදා මල් උයන අද උයන් වත්ත ලෙස හඳුන්වනවා. එදා සුද්දන් මෙම මාවතේ අසුපිටින් යනවා මා දැකලා තිබෙනවා. උන් යනකොට මිනිස්සු පාරෙන් අයින් වෙන්න ඕන යයි හාමුදුරුවෝ පැවසූහ. මැදිපොකුණේ අවුරුදු 90 ක් වයසැති ආර්.එම්. රත්නායක මහතා මෙසේ පැවසීය. මෙම ගම්මානය ඉතා පැරණි ගමක්. මෙහි රජකු ඉඳලා තිබෙනවා. රජුගේ ඇමතියා බණ්ඩාර ලෙස හඳුන්වනවා. එදා බණ්ඩාර නාපු දිය පිහිල්ල අද බණ්ඩාර පිහිල්ල ලෙස හඳුන්වනවා. මෙම අසල ඇති ගලින් නිමවූ අම්බලමේ එදා මෙම මාර්ගයේ ගිය පුද්ගලයන් නවාතැන් ගෙන තිබෙනවා. සුද්දෝ නැවතුනේ ඔය අසබඩ තිබූ නවාතැන් පොළේ. එය අප දන්නා කාලයේත් තිබුණා. වර්තමානයේ එහි නටබුන් පමණක් දක්නට තියෙනවා යයි ඔහු පවසයි. මැදිපොකුණ ගම්මානයෙන් සමුගන්නා අපට ඉන්පසු හමුවන්නේ කොට්ටගොඩයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන බන්දුල ඉන්දුකුමාරි, ආර්.ඒ. විමලාවතිත් ගොවි සංවිධාන සභාපති ආර්.එම්. රත්නායක මහතාද මෙහිදී අපහට හමුවූ අතර අප මාර්ගය ගමන් ගන්නා ස්ථානයේ ඇති ඉපැරණි මානාඇල්ල නම් දිය ඇල්ල පෙන්වීමට අප රැුගෙන ගිය ගමන බෙහෙවින් දුෂ්කරය. ප්‍රදේශය පිළිබඳව විශාල අවබෝධයක් අපට නැතත් මෙම පිරිස අප වෙනුවෙන් කළ කැපවීම විශිෂ්ටය. තම ගම්මානයට පැමිණි අමුත්තන්ට හැකි සෑම අයුරකින්ම ඔවුන් සහායවිය. අප ගමන් ගන්නා මාර්ගය අසබඩ ඇති මානා ඇල්ලේ දිය සිඳීයාම නිසා එහි සුන්දරත්වය අඩුවුවත් ඇල්ල ඉහළට ගමන් කරන්නට ලැබීම භාග්‍යයකි. දිය ඇති කලෙක නම් අසලට යෑම පවා බියකරුය. විශේෂයෙන් ඌව කඳුකරයේ මෙම දිය ඇලි හා ජල පෝෂක කලාප සීඝ්රයෙන් විනාශවීයෑමේ තර්ජනයට ලක්වෙලා තිබෙනවා. මෙයට එක් හේතුවක් තමයි ජල පෝෂක ප්‍රදේශයන්හි වගාකිරීම හා නිවාස ඉදිකිරීම්. මෙම තත්ත්වය දිනෙන් දින වර්ධනය වනු මිසක් අඩුවන ආකාරයක් පෙනෙන්න නෑ. එදා තිබූ තත්ත්වයට වඩා උමා ඔයේ තත්්ත්වයද ගොඩක් වෙනස්. අද ඌමා ඔයද බොහෝසෙයින් දුෂණය වෙලා. වගාවන්ට ගසන පලිබෝධ නිසා වතුකරයේද ජලරක්ෂිත අද බෝල ගසන පිට්ටනි බවට පත්වෙලා තිබෙන නිසා රටේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට විශාල තර්ජනයක් වෙලා තිබෙනවා යයි පරිසර විද්‍යාඥයකු වූ බන්දුල පවසයි. ඔහුගේ කතාවේ සැබෑ අරුත දක්නට ලැබුණේ මානා ඇල්ල උඩට ගිය විටය. මානා ඇල්ල උඩ මාලිගාවක නටබුන්ය. මාණාභරණ නම් රජෙක් මෙම ස්ථානයේ බිසෝවරුන් සමග දිය කෙළියේ යෙදුණු බවට සාක්ෂි හමුවී ඇතැයි ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය. බිසෝවරුන්ට දියනෑම සඳහා තැනූ අලංකාර ලෙස ගල් කැටයම් රාශියක් දියඇල්ල මුදුනේ දැකිය හැකිය. සීතා දේවියද මෙම ස්ථානයේ දියනෑ බව ඉතිහාසය සඳහන් කරයි. ස්ත්රීපුර කන්දද මෙම ස්ථානයට පැහැදිලිව දිස්වෙයි. වර්තමානයේ මෙම සුන්දර ස්ථානය නිධන් හොරුන්ගේ රජදහනක් වී ඇතැයි වෙඩිදමා පුපුරවා හැර තිබූ ගල් කුළු පවසයි. [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/17-Rasa-p4-6.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/17-Rasa-p4-8.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/17-Rasa-p4-9.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/17-Rasa-p4-10.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/17-Rasa-p4-11.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/17-Rasa-p4-13.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom