Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මායාවරුන්ගේ අභිරහස් රතු රැජින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මායාවරුන්ගේ අභිරහස් රතු රැජින

වටිනා නිධන් වස්තු සම්භාරයකට මැදි ව ලේ රතු පැහැ ධූලි ගොන්නකට මුවා වී 7 වැනි සියවසට අයත් සොහොන් කුටියක සැඟ ව සිටි මායාවරුන්ගේ රතු රැජින සොයා ගන්නා ලද්දේ අදින් සිව් විසි වසරකට පෙර වුවත් තවමත් ඇයගේ සත්‍ය අනන්‍යතාව අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී නැහැ. මේ ලිපිය හරිත පැහැ මිණි කැට දෙනෙත් සහිත අවමංගල්‍යමය වෙස් මුහුණක් පැලඳ සිටින ‘මායාවරුන්ගේ රතු රැජින’ ගැන යි.

මායා සොහොන් කුටියේ අභිරහස් රැජිනක්

(© Giulia Fiori)

පැලෙන්කේ නුවර නටඹුන්

ඝන වනාන්තරයන්ට මැදි ව පිහිටා ඇති ‘පැලෙන්කේ නුවර’ මෙක්සිකෝවේ දී දැක ගැනීමට ලැබෙන වඩාත් චමත්කාරජනක සහ ගුප්ත බව කැටි කර ගත් ඓතිහාසික මායා නගරය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. පුරාණ මායා වැසියන් විසින් ‘ලකම්හා’ ලෙස හඳුන්වා ඇති මෙය මොක්සිකෝවේ උර්සුමසින්ටා ගංගාවේ සාරවත් නිම්න භූමියේ පිහිටා ඇති අතර යුනෙස්කෝ සංවිධානය විසින් 1987 දී ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

පැලෙන්කේ නුවර සමෘද්ධිමත් සමය ලෙස සැලකෙන්නේ ශ්‍රේෂ්ඨ පාකල් රජු රාජ්‍ය කටයුතු මෙහෙය වූ 7 වැනි සියවස යි. අප්‍රසිද්ධ ගම්මානයක් ව පැවති පැලෙන්කේ නුවර මේ කාලයේ දී බලවත් මායා අගනුවර බවට පත් වූ අතර අත් කර ගන්නා ලද ශීඝ්‍ර දියුණුව සමග මායා රාජධානිය පුරා සුවිසල් මාලිගා, විස්තීර්ණ පරිපාලන ගොඩනැගිලි සහ දෙව් මැදුරු තැනීම ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පැලෙන්කේ නුවර වත්මන් ග්වාටමාලාවේ පිහිටි ආශ්චර්යමත් ටිකල් නුවරට පවා අභියෝගයක් වන්නට ඇති බව යි. පැලෙන්කේ නුවර රහස් සොයා ගිය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ශ්‍රේෂ්ඨ පාකල් රජුගේ සොහොන් කුටිය අනාවරණය කර ගැනීමට සමත් වූ අතර යාබද සොහොන් කුටියක් තුළ ලෝහිත පැහැ රත් හිරියල් (සාදිලිංගම්) ධූලිවලින් වැසී සිටි ‘රතු රැජින’ සොයා ගන්නා ලද එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස යි.

(© Age Fotostock)

අභිලේඛන දෙවොල සහ 13 වැනි දෙවොල

පැලෙන්කේ නුවර රහසිගත මැදිරි

අඩි 90 ක් පමණ උසින් යුතු පීරමීඩයක හැඩය ගන්නා ‘අභිලේඛන දෙවොල’ පැලෙන්කේ නුවර දී දැක ගත හැකි විශිෂ්ටත ම නිර්මාණය ලෙස සැලකෙනවා. මායා රූපාක්ෂර යොදා ගනිමින් ලියන ලද සවිස්තරාත්මක ශිලා ලේඛනවලින් සමන්විත එහි රහසිගත කුටියක් තුළ පිහිටි ශ්‍රේෂ්ඨ පාකල් රජුගේ සොහොන් ගැබ 1952 දී සොයා ගන්නා ලද්දේ ප්‍රංශ-මෙක්සිකානු පුරාවිද්‍යාඥයෙකු වූ ඇල්බර්ටෝ රූස් විසින්.

1994 දී පැලෙන්කේ නුවර පුරාවිද්‍යා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ආර්නොල්ඩෝ කෘෘස්, විසල් අභිලේඛන දෙවොලට යාබද ව පිහිටි ‘13 වැනි දෙවොල’ කැනීමට තීරණය කළා. ඒ අනුව ප්‍රධාන මුහුණත සතු වූ පියගැට පෙළේ සිට ඇතුළට උමගක් කනින ලද්දේ ගොඩනැගිල්ලේ මැදට යාම සඳහා අවැසි මාර්ගය සකස් කර ගැනීමේ අරමුණ ඇතිව යි. කැනීම් කටයුතු අතරතුර දී කෘෘස් ඇතුළු කණ්ඩායමට මැදිරි ත්‍රිත්වයකට මග පෙන්වන බරාදයක් හමු වූ අතර එයින් මැදිරි ද්විත්වයක් විවෘත ව සහ හිස් ව පැවතුණ ද මැදින් පිහිටි විශාලත ම මැදිරියේ පිවිසුම් ද්වාරය බිත්තියක ආධාරයෙන් මුද්‍රා තබා තිබුණා.

© Kenneth Garrett

මුද්‍රා තබන ලද මැදිරියේ වටිනා යමක් සඟවා ඇති බව උපකල්පන කළ කෘෘස් ඇතුළු කණ්ඩායම ඇතුළත ගබඩා කර ඇති සැරසිලි හෝ වස්තූන්ට හානියක් නොවන ලෙස මැදිරියට ඇතුළු විය හැකි ආකාරයේ කුඩා විවරයක් කැනීමට පියවර ගෙන තිබෙනවා.

භයංකර සොයා ගැනීමක්

විවරය තුළින් මැදිරිය තුළට අලෝකයක් යොමු කළ පුරාවිද්‍යාඥයින්ට දැක ගැනීමට ලැබුණේ ප්‍රමාණයෙන් වර්ග අඩි 112 ක් පමණ වන තැන්පත් ගර්භයක්. එය සම්පූර්ණයෙන් ම පිරී තිබුණේ නොයෙකුත් පිඟන් මැටි වස්තූන්ට මැදි ව පිහිටි හිරිගල් යොදා සැකසූ ශෛලමය සොහොන් ගැබකින්. සොහොන් ගැබේ දොරටුව අවහිර කරමින් විසිරී තිබුණ පිඟන් මැටි සහ ගල් කැබලි ඉවත් කළ කෘෘස් ඇතුළු කණ්ඩායම දීර්ඝ කැනීම් කටයුත්තකින් පසු ව වසර 1,300 ක් පමණ කාලයක් තිස්සේ මිනිස් ස්පර්ශයෙන් ඈත් ව පැවති සොහොන් ගැබ විවර කිරීමට සමත් වුණා.

© Tortuga 13:20

සොහොන් ගැබට ඇතුළු වූ පුරාවිද්‍යාඥයින්ට පළමු ව දැක ගැනීමට ලැබුණේ ඇට සැකලි ද්විත්වයක් සහ ශෛලමය මිනී පෙට්ටියක්. වයස අවුරුදු 11 – 12 ක පමණ පිරිමි දරුවෙකුට අයත් වූ පළමු ඇට සැකිල්ල සතු වූ කැපීම් සහ පපු කුහරය මත වූ තැළුම් පෙන්නුම් කළේ ඔහු මනුෂ්‍ය බිලි පූජාවක ගොදුරක් වී ඇති බව යි. අනෙක් ඇට සැකිල්ලට අයත් වුණේ වයස අවුරුදු 30 ක පමණ කාන්තාවකට යි. ඇගේ ඇට සැකිල්ලේ ද කැපීම් සහ තැළුම් දැක ගැනීමට ලැබුණු අතර බැලූ බැල්මට ම පෙනී ගියේ මිනී පෙට්ටිය තුළ සමාදානයේ සැතපෙන්නාට මරණින් මතු ජීවිතයේ දී තනි රැකීම සඳහා ඔවුන් දෙදෙනා ව බිලි දී ඇති බව යි.

මායාවරුන්ගේ නාඳුනන රතු රැජින

සම්පූර්ණයෙන් ම හිරියල් යොදා සකසන ලද මිනී පෙට්ටිය ආවරණය කර තිබුණේ රතු පැහැයෙන් වර්ණ ගන්වන ලද පැතලි පාෂාණ කැබැල්ලක් යොදාගෙන යි. වෙහෙසකර ප්‍රයත්නයකින් පසු ව මිනී පෙට්ටිය විවර කර ගත් පුරාවිද්‍යාඥයින්ට ලේ රතු පැහැ රත් හිරියල් (සාදිලිංගම්) ධූලිවලින් වැසී ගිය අලංකාර හරිත පැහැයකින් යුතු අවමංගල්‍යය වෙස් මුහුණක් සහ කාන්තා ඇට සැකිල්ලක් දැක ගැනීමට ලැබුණා.

© National Geographic

ඇට සැකිල්ල අයත් වුණේ වයස අවුරුදු 50 – 60 අතර වයසේ පසු වූ අඩි 5 ක් පමණ උස කාන්තාවකට යි. මිනී පෙට්ටිය තුළ තැන්පත් කරන ලද වටිනා නිධන් වස්තු සහ මිනී පෙට්ටියේ ඇය පැලෙන්කේ නුවර රදල පැලැන්තියට අයත් වූ ප්‍රභූ කතක් බව පෙන්නුම් කළා. එසේ ම පුරාවිද්‍යාඥයින්ට පෙනී ගියේ ඇය ශ්‍රේෂ්ඨ පාකල් රජුගේ ම වයසේ පසු වූ අයෙක් බව යි. ඇයට ශ්‍රේෂ්ඨ පාකල් රජු සමග ලේ ඥාතීත්වයක් නොපවතින බව ඩී. එන්. ඒ. පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා.

මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන ඇය ක්‍රිස්තු වර්ෂ 626 දී ශ්‍රේෂ්ඨ පාකල් රජු සමග විවාහ වූ ඉක්ස් ටැක්බු අජව් බිසව බව නිගමනය කිරීමේ වරදක් නොමැති බව යි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ. නමුත් තවමත් ඇගේ සත්‍ය අනන්‍යතාවය හෙළිදරව් කර ගැනීමට ඔවුන් සමත් වී නැහැ. පසු කාලීන පැලෙන්කේ පාලකයින් වූ ඇගේ පුතුන්ගේ සොහොන් කුටි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකි වුවහොත් ඔවුන්ගේ ඩී. එන්. ඒ. සමග ඇගේ ඩී. එන්. ඒ. ගැළපීමෙන් අනතුරු ව ඇය ව ‘මායාවරුන්ගේ අභිරහස් රතු රැජින’ ලෙස නොව ශ්‍රේෂ්ඨ පාකල් රජුගේ බිසව ලෙස ලොවට හඳුන්වා දීමට ඔවුන්ට අවස්ථාවක් හිමි වේවි.

[QUOTE="Idias, post: 23463578, member: 556682"] [b]මායාවරුන්ගේ අභිරහස් රතු රැජින[/b] [SIZE=4]වටිනා නිධන් වස්තු සම්භාරයකට මැදි ව ලේ රතු පැහැ ධූලි ගොන්නකට මුවා වී 7 වැනි සියවසට අයත් සොහොන් කුටියක සැඟ ව සිටි මායාවරුන්ගේ රතු රැජින සොයා ගන්නා ලද්දේ අදින් සිව් විසි වසරකට පෙර වුවත් තවමත් ඇයගේ සත්‍ය අනන්‍යතාව අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී නැහැ. මේ ලිපිය හරිත පැහැ මිණි කැට දෙනෙත් සහිත අවමංගල්‍යමය වෙස් මුහුණක් පැලඳ සිටින ‘[URL="https://www.nationalgeographic.com/archaeology-and-history/magazine/2017/05-06/Maya_Red_Queen/"]මායාවරුන්ගේ රතු රැජින[/URL]’ ගැන යි.[/SIZE] [B][SIZE=4]මායා සොහොන් කුටියේ අභිරහස් රැජිනක්[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/Picture-127-680x455.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](© Giulia Fiori) පැලෙන්කේ නුවර නටඹුන්[/SIZE] [SIZE=4]ඝන වනාන්තරයන්ට මැදි ව පිහිටා ඇති ‘[URL="https://www.nationalgeographic.com/archaeology-and-history/archaeology/palenque/?beta=true"]පැලෙන්කේ නුවර[/URL]’ මෙක්සිකෝවේ දී දැක ගැනීමට ලැබෙන වඩාත් චමත්කාරජනක සහ ගුප්ත බව කැටි කර ගත් ඓතිහාසික මායා නගරය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. පුරාණ මායා වැසියන් විසින් ‘ලකම්හා’ ලෙස හඳුන්වා ඇති මෙය මොක්සිකෝවේ උර්සුමසින්ටා ගංගාවේ සාරවත් නිම්න භූමියේ පිහිටා ඇති අතර යුනෙස්කෝ සංවිධානය විසින් 1987 දී [URL="http://whc.unesco.org/en/list/411"]ලෝක උරුමයක් ලෙස[/URL] නම් කර තිබෙනවා.[/SIZE] [SIZE=4]පැලෙන්කේ නුවර සමෘද්ධිමත් සමය ලෙස සැලකෙන්නේ [URL="https://www.ancient.eu/Kinich_Janaab_Pacal/"]ශ්‍රේෂ්ඨ පාකල් රජු[/URL] රාජ්‍ය කටයුතු මෙහෙය වූ 7 වැනි සියවස යි. අප්‍රසිද්ධ ගම්මානයක් ව පැවති පැලෙන්කේ නුවර මේ කාලයේ දී බලවත් මායා අගනුවර බවට පත් වූ අතර අත් කර ගන්නා ලද ශීඝ්‍ර දියුණුව සමග මායා රාජධානිය පුරා සුවිසල් මාලිගා, විස්තීර්ණ පරිපාලන ගොඩනැගිලි සහ දෙව් මැදුරු තැනීම ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පැලෙන්කේ නුවර වත්මන් ග්වාටමාලාවේ පිහිටි ආශ්චර්යමත් ටිකල් නුවරට පවා අභියෝගයක් වන්නට ඇති බව යි. පැලෙන්කේ නුවර රහස් සොයා ගිය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ශ්‍රේෂ්ඨ පාකල් රජුගේ සොහොන් කුටිය අනාවරණය කර ගැනීමට සමත් වූ අතර යාබද සොහොන් කුටියක් තුළ ලෝහිත පැහැ රත් හිරියල් (සාදිලිංගම්) ධූලිවලින් වැසී සිටි ‘රතු රැජින’ සොයා ගන්නා ලද එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/Picture-226-680x453.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](© Age Fotostock) අභිලේඛන දෙවොල සහ 13 වැනි දෙවොල[/SIZE] [B][SIZE=4]පැලෙන්කේ නුවර රහසිගත මැදිරි[/SIZE][/B] [SIZE=4]අඩි 90 ක් පමණ උසින් යුතු පීරමීඩයක හැඩය ගන්නා ‘අභිලේඛන දෙවොල’ පැලෙන්කේ නුවර දී දැක ගත හැකි විශිෂ්ටත ම නිර්මාණය ලෙස සැලකෙනවා. මායා රූපාක්ෂර යොදා ගනිමින් ලියන ලද සවිස්තරාත්මක ශිලා ලේඛනවලින් සමන්විත එහි රහසිගත කුටියක් තුළ පිහිටි ශ්‍රේෂ්ඨ පාකල් රජුගේ සොහොන් ගැබ 1952 දී සොයා ගන්නා ලද්දේ ප්‍රංශ-මෙක්සිකානු පුරාවිද්‍යාඥයෙකු වූ ඇල්බර්ටෝ රූස් විසින්.[/SIZE] [SIZE=4]1994 දී පැලෙන්කේ නුවර පුරාවිද්‍යා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ආර්නොල්ඩෝ කෘෘස්, විසල් අභිලේඛන දෙවොලට යාබද ව පිහිටි ‘13 වැනි දෙවොල’ කැනීමට තීරණය කළා. ඒ අනුව ප්‍රධාන මුහුණත සතු වූ පියගැට පෙළේ සිට ඇතුළට උමගක් කනින ලද්දේ ගොඩනැගිල්ලේ මැදට යාම සඳහා අවැසි මාර්ගය සකස් කර ගැනීමේ අරමුණ ඇතිව යි. කැනීම් කටයුතු අතරතුර දී කෘෘස් ඇතුළු කණ්ඩායමට මැදිරි ත්‍රිත්වයකට මග පෙන්වන බරාදයක් හමු වූ අතර එයින් මැදිරි ද්විත්වයක් විවෘත ව සහ හිස් ව පැවතුණ ද මැදින් පිහිටි විශාලත ම මැදිරියේ පිවිසුම් ද්වාරය බිත්තියක ආධාරයෙන් මුද්‍රා තබා තිබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/Picture-326-680x458.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Kenneth Garrett[/SIZE] [SIZE=4]මුද්‍රා තබන ලද මැදිරියේ වටිනා යමක් සඟවා ඇති බව උපකල්පන කළ කෘෘස් ඇතුළු කණ්ඩායම ඇතුළත ගබඩා කර ඇති සැරසිලි හෝ වස්තූන්ට හානියක් නොවන ලෙස මැදිරියට ඇතුළු විය හැකි ආකාරයේ කුඩා විවරයක් කැනීමට පියවර ගෙන තිබෙනවා.[/SIZE] [B][SIZE=4]භයංකර සොයා ගැනීමක්[/SIZE][/B] [SIZE=4]විවරය තුළින් මැදිරිය තුළට අලෝකයක් යොමු කළ පුරාවිද්‍යාඥයින්ට දැක ගැනීමට ලැබුණේ ප්‍රමාණයෙන් වර්ග අඩි 112 ක් පමණ වන තැන්පත් ගර්භයක්. එය සම්පූර්ණයෙන් ම පිරී තිබුණේ නොයෙකුත් පිඟන් මැටි වස්තූන්ට මැදි ව පිහිටි හිරිගල් යොදා සැකසූ ශෛලමය සොහොන් ගැබකින්. සොහොන් ගැබේ දොරටුව අවහිර කරමින් විසිරී තිබුණ පිඟන් මැටි සහ ගල් කැබලි ඉවත් කළ කෘෘස් ඇතුළු කණ්ඩායම දීර්ඝ කැනීම් කටයුත්තකින් පසු ව වසර 1,300 ක් පමණ කාලයක් තිස්සේ මිනිස් ස්පර්ශයෙන් ඈත් ව පැවති සොහොන් ගැබ විවර කිරීමට සමත් වුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/Picture-427-680x680.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Tortuga 13:20[/SIZE] [SIZE=4]සොහොන් ගැබට ඇතුළු වූ පුරාවිද්‍යාඥයින්ට පළමු ව දැක ගැනීමට ලැබුණේ ඇට සැකලි ද්විත්වයක් සහ ශෛලමය මිනී පෙට්ටියක්. වයස අවුරුදු 11 – 12 ක පමණ පිරිමි දරුවෙකුට අයත් වූ පළමු ඇට සැකිල්ල සතු වූ කැපීම් සහ පපු කුහරය මත වූ තැළුම් පෙන්නුම් කළේ ඔහු මනුෂ්‍ය බිලි පූජාවක ගොදුරක් වී ඇති බව යි. අනෙක් ඇට සැකිල්ලට අයත් වුණේ වයස අවුරුදු 30 ක පමණ කාන්තාවකට යි. ඇගේ ඇට සැකිල්ලේ ද කැපීම් සහ තැළුම් දැක ගැනීමට ලැබුණු අතර බැලූ බැල්මට ම පෙනී ගියේ මිනී පෙට්ටිය තුළ සමාදානයේ සැතපෙන්නාට මරණින් මතු ජීවිතයේ දී තනි රැකීම සඳහා ඔවුන් දෙදෙනා ව බිලි දී ඇති බව යි.[/SIZE] [B][SIZE=4]මායාවරුන්ගේ නාඳුනන රතු රැජින[/SIZE][/B] [SIZE=4]සම්පූර්ණයෙන් ම හිරියල් යොදා සකසන ලද මිනී පෙට්ටිය ආවරණය කර තිබුණේ රතු පැහැයෙන් වර්ණ ගන්වන ලද පැතලි පාෂාණ කැබැල්ලක් යොදාගෙන යි. වෙහෙසකර ප්‍රයත්නයකින් පසු ව මිනී පෙට්ටිය විවර කර ගත් පුරාවිද්‍යාඥයින්ට ලේ රතු පැහැ රත් හිරියල් (සාදිලිංගම්) ධූලිවලින් වැසී ගිය අලංකාර හරිත පැහැයකින් යුතු අවමංගල්‍යය වෙස් මුහුණක් සහ කාන්තා ඇට සැකිල්ලක් දැක ගැනීමට ලැබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/Picture-526-519x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© National Geographic[/SIZE] [SIZE=4]ඇට සැකිල්ල අයත් වුණේ වයස අවුරුදු 50 – 60 අතර වයසේ පසු වූ අඩි 5 ක් පමණ උස කාන්තාවකට යි. මිනී පෙට්ටිය තුළ තැන්පත් කරන ලද වටිනා නිධන් වස්තු සහ මිනී පෙට්ටියේ ඇය පැලෙන්කේ නුවර රදල පැලැන්තියට අයත් වූ ප්‍රභූ කතක් බව පෙන්නුම් කළා. එසේ ම පුරාවිද්‍යාඥයින්ට පෙනී ගියේ ඇය ශ්‍රේෂ්ඨ පාකල් රජුගේ ම වයසේ පසු වූ අයෙක් බව යි. ඇයට ශ්‍රේෂ්ඨ පාකල් රජු සමග ලේ ඥාතීත්වයක් නොපවතින බව ඩී. එන්. ඒ. පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා.[/SIZE] [SIZE=4]මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන ඇය ක්‍රිස්තු වර්ෂ 626 දී ශ්‍රේෂ්ඨ පාකල් රජු සමග විවාහ වූ ඉක්ස් ටැක්බු අජව් බිසව බව නිගමනය කිරීමේ වරදක් නොමැති බව යි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ. නමුත් තවමත් ඇගේ සත්‍ය අනන්‍යතාවය හෙළිදරව් කර ගැනීමට ඔවුන් සමත් වී නැහැ. පසු කාලීන පැලෙන්කේ පාලකයින් වූ ඇගේ පුතුන්ගේ සොහොන් කුටි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකි වුවහොත් ඔවුන්ගේ ඩී. එන්. ඒ. සමග ඇගේ ඩී. එන්. ඒ. ගැළපීමෙන් අනතුරු ව ඇය ව ‘මායාවරුන්ගේ අභිරහස් රතු රැජින’ ලෙස නොව ශ්‍රේෂ්ඨ පාකල් රජුගේ බිසව ලෙස ලොවට හඳුන්වා දීමට ඔවුන්ට අවස්ථාවක් හිමි වේවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom