Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මාරයා යනු කවරෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ රහතුන් වැඩි මග ඔස්සේ.....

'සතර අපායෙන් මිදෙමු' 15 කොටස

මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය

මේ සටහන් පුරාවට භික්ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී මාරයා යනු කවරෙක්ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක් පමණයි. මාරයා කියලා කෙනෙක් නැහැ. එහෙමත් නැතිනම් මාරයා යනු සිගරට්, අරක්කුයි..... ඔය වගේ අවිද්‍යාව නිසා සකස්වෙන ප්‍රාථමික අදහස් සමාජයේ තිබෙනවා. මෙවැනි අවිද්‍යාසහගත අදහස් ඇතිවන සිතටත් එම සිත සකස්වීමට හේතුවෙන රූපයටත් මාරයා කියල තමයි ධර්මයේ සදහන් වෙන්නේ. ධර්මය නොදන්නාකම නිසා මෙවැනි අදහස් අපි ප්‍රකාශ කරනවානම් අපිව වැටෙන්නේ මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයන් ගනයටයි.

ප්‍රකාශකයා ඔබ වුවත් එම ප්‍රකාශය ඔබට සංස්කරණය කර දෙන්නේ මාරයාගේ පෞද්ගලික සහකාරියන් තුන්දෙනාය. ඒ තන්හා, රතී, රාගා යන මාර දූවරුන් තුන්දෙනාය. මේ තිදෙනා දිව්‍යාංගනාවන්ය. නිරතුරුවම කැමති වේශයක් මාවාගැනීමේ හැකියාව ඇත. ස්වභාවයෙන්ම ප්රභාෂ්වරය. සියුමැලිය. රිද්මය, ලාලිත්‍යය එම දිව්‍ය ශරීරයේ ස්වභාවයයි. ඉදුණු ජම්බෝල ගෙඩියක මදය යම්සේ රෝස පැහැතිද, සුසිනිදු මල් පෙත්තක්සේ මටසිළුටු, රෝස පැහැති ශරීරයකි. මේ දිව්‍ය මාර රූමතියන්ගේ කාර්යභාරය මාරයාගේ ග්‍රහණය තුළ සිටින ඔබ තුළ තණ්හාව, මාන්නය, දිට්ඨිය නැමති අකුසල් ඇතිකිරීමය. මේ මාරධර්ම තුන ඔබ තුළ ඇතිවන්න, වර්ධනය වන්න වර්ධනය වන්න ඔබට දැනෙන්නේ මහත් ආශ්වාදයකි. මේ මාරධර්ම නිසා ඔබ දිට්ඨිකාන්තාරයක අතරමංවී සිටියත් ඔබට දැනෙන්නේ ඔබ දිව්‍ය විමානයක සුරසැප විඳින බවකි. ඔබ ලබන මේ අවිද්‍යාවේ සැපය ඔබට ලබාදෙන්නේ මේ මාරදූවරුන් තිදෙනාය. සුරූපී මාර දූතියන්ගේ ඇඟිලි තුඩුවල පහසින් ඔබ මෝහනයට පත්වී ඇත. ඔබ එම පහසට ඇති ලොල්භාවය නිසා මාරදූතියෝ සංස්කරණය කර දෙන ඕනෑම අවිද්‍යාසහගත ප්‍රකාශයක් තළු මරමරා ප්‍රකාශ කිරීමට කැමතිය. වර්තමානයේ ඇසෙන 'මාරයා කියල කෙනෙක් ලෝකයේ නැහැ. මාරයා සංකල්පයක්' වැනි අදහස් මාරදූතියන්ගේ ග්‍රහණයට නතුවීම නිසාම ප්රකාශවන අදහස්ය. මාර දූතියන් විසින් සංස්කරණය කර දෙන එම අවිද්‍යාසහගත ප්‍රකාශ ලෝකයට ප්‍රකාශ කිරීම වෙනුවෙන් පිංවත් ඔබට ලැබෙන ගෙවීම තණ්හාව, මාන්නය, දිට්ඨියයි. පිංවත් ඔබ මෙම තුන් කාරණයෙන් පොහොසතෙක් කිරීම මාර දූතියන්ගේ අරමුණයි. පොහොසත් වෙන්න ඔබට නිරයේ අති දීර්ඝ කාලයක් පදිංචි වීමේ වරප්‍රසාදය කිසිදු අඩුවකින් තොරව ලැබෙනු ඇත.

එහෙයින් පිංවත් ඔබ කුමන අදහස් සමාජයෙන් ඇසුණද එය නිතරම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ගළපා බලන්න පුරුදුවෙන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයට පටහැනිව එම අදහස දුක පිණිසම හේතුවෙන කරුණක් බව අවබෝධ කරගෙන බැහැර කරන්න. තර්ක කරන්න, ගැටෙන්න යන්න එපා. එවිට ඔබත් නොදැනුවත්ම වැටෙන්නේ එම ගොඩටමය. තව තව නිහඩ වෙන්න. නිහඬතාවය තුළින් දිට්ඨි කාන්තාරයක්වූ මේ සිත ගැන අවබෝධය ලබන්න. ඔබ ලබන අවබෝධය සක්කාය දිට්ඨිය සිඳලීම සදහාම මෙහෙයවන්න. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් සිටීමට ඉඩහැර ඔබ ලෝකයෙන් මිදෙන ස්වභාවයට පැමිණෙන්න. පිරිස මගහැර ඔබ තනිවන්න. තනිවූ සිතට නොඇලෙන්න. ඇලීමට තරම් නිත්‍යවූ සිතක් නැති බව අනිත්‍යවූ සිත දෙස බලමින් තේරුම්ගන්න. මෙවිට ඔබව තණ්හාව, මාන්නය, දිට්ඨිය නමැති මාර දූතියන්ගේ සියුමැලි ඇඟිලි තුඩුවලින් කුල්මත් කරනු ඇත. කිතිකවනු ඇත. සුරතල් කරනු ඇත. පිංවත් ඔබ ගන්නාවූ උත්සාහය තන්හාව, මාන්නය, දිට්ඨිය නැමති දුකට අයිති ධර්මතාවයන්ගෙන් කිලිටිවීමට නොහැකි වනසේ දිවි දෙවැනි කොට වීර්යය වඩන්න. ලෝකයට, ලෝකයාට යන්නට හැර ඔබ නවතින්න. යමෙක් නැවතුනා යනු සිත හඳුනාගත්තා යනුය.

සමාජය තුළ මාරයා ගැන මොන මතවාද තිබුණද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකර දේශනා කළ වදාළ ධර්මයේ සඳහන් මාරයා ගැන දක්වන ලද අර්ථයන් ඔබට වර්තමානයේදීද ඒ උතුම් ධර්ම මාර්ගයේ අවංකභාවයෙන්, වීර්යයයෙන් යුතුව ගමන් කළහොත් අත්දැකීමට හැකිය. ඔබ එවැනි අත්දැකීමක් ලබද්දී ඔබ තුළ ජනිතවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැඩි වීර්යයෙන් යුතුව මාර පරාජය සිදුකර අවබෝධකර වදාළ අති උත්තම ශ්‍රී සද්ධර්මයේ ශක්තියයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ නොවන්නට ලෝකයා කෙසේ නම් මේ පාපකාරී, මිසදුටු, අධර්මය ආහාරය ප්‍රීතිය කර ගත් මාරයා හඳුනාගන්ටද? මාරයාට ගොදුරුවීම හැර අන් මොන පිළිසරණක්ද? ලොව්තුරා බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේට ධර්මය ගරුකරන තුන්ලෝකයාගේම උත්මතම නමස්කාරය වේවාෘ මේ විෂම මාරධර්මය අවබෝධකර පරාජයකර දේශනා කළාට.

මෙවන් උතුම් ධර්මයක් සරණයන්නට අපි මොනතරම් භාග්‍යවන්තද? ශාසන පරිහානිය යනු, අබුද්ධෝත්පාද කාලයක් යනු සත්වයාට මොනතරම් අඳුරු බියකරු විෂම කාලපරිච්ෙච්දයක් වේවිද? ධර්මය ගොදුරුකර ගැනීමට බලාසිටින අධර්මයේ මාර සේනාව ලෝකයේ තනි බලය සියතට ගැනීමට පෙරාතුව ඔබට මුණගැසුණ ධර්මයෙන් ඔබ සනාථවෙන්න. දෙවැනියෙක් ගැන නොසිතා ඔබ ලබන ඊළඟ උපත මාර්ග ඵලලාභී දෙවියෙක්ම වෙන්න.

දැන් භික්ෂුව මෙහි සදහන්a කරන්නේ සැබෑම මධ්‍යම ප්‍රතිප්‍රදාව තුළ එනම් තුන් සිවුරත් පාත්‍රයත් දරමින් දැඩි අධිෂ්ඨානයෙන් අවංකභාවයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්ගත් එක්තරා භික්ෂුවක් සමාධියෙන් පසුවෙද්දී අත්දුටු මාරයාගේ නිවට දීන ක්‍රියාවකි. මේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලයේ අධිපති වසවර්ති මාරදිව්‍ය පුත්‍රයාය. භික්ෂුව රාත්‍රි 11.00 ට පමණ සමාධියෙන් පසුවෙද්දී භික්ෂුව ඉදිරියට ඉතාමත් වේගයෙන්, ජවයෙන්, වියරුවෙන් කුළුහරක් රංචුවක් පැමිණියහ. මෙම වියරු කුළුහරක් රංචුව භික්ෂුවට මීටර් 25ක් පමණ ඉදිරියෙන් ක්ෂණයකින් පහළවී භික්ෂුqවගේ ඉදිරියට දිව ආහ. මේ සෑම කුළු හරකෙක්ම ඉතාමත් ජව සම්පන්න හැඩිදැඩි සතුන්ය. මෙසේ වේගයෙන් පිඹිමින් භික්ෂුව ඉදිරියට දිව එමින් භික්ෂුවට මීටර් පහක් පමණ තිබියදී මේ වියරු කුළුහරක් රංචුව දකුණු පැත්තට හැරී පලා ගියහ. මෙම රංචුවේ අවසාන මීහරකාත් භික්ෂුවට සමාධියෙන් නොපෙනීයාමත් සමගම එක ක්ෂණයකින්ම භික්ෂුවට මීටර් විසිපහකට පමණ ඉදිරියෙන් තනි කුළුහරකෙක් පහළ විය. ඒ කුළු හරකෙක් නොව හරක් රජෙකි. උස අඩි පහක් පමණ ඇත. හොඳ පුෂ්ඨිමත් කුළුහරකෙකි. මොහුට අං පිහිටියේ නැත. මෙම කුළු හරකාගේ සම වෙල්වට් සමකි. එම සතාගේ සම දිලිසෙන ග්‍රීස්වල ඇති කළු පැහැයක් ගෙන තිබිණි. මෙම ප්රතාපවත් කුළුහරකාගේ සම කඩ කැපූ සිවුරක්සේ දිගැටි ආකාරයට අඟලේ අඟලේ ප්‍රමාණයට දිගට දහස්කඩ සිවුරක්සේ සම නිර්මාණය වී තිබිණි. මොහු ආයුෂ, වර්ණය, සැපය, බලය උපරිම තලයේ කුළුහරකෙකි. මෙම කුළුහරකාගේ නාසයට රිදී පැහැති අඟල් හයක් පමණ වට රවුමකින් යුත් වළල්ලක් දමා තිබිණි. එය මාපට ඇඟිල්ලක් තරම් මහතය. දැන් ඔබ මොහොතක් සිතන්න. නාසයට රිදී වළල්ලක් දැමූ දහස්කඩ චීවරයක් බදු වෙල්වට් සමක් සහිත මෙම ප්රතාපවත් කුළුහරකාගේ ස්වභාවය. ඔබ මනසින් මෙනෙහි කරන්න. ඉහත ස්වභාවයේ ප්රතාපවත් මේ කුළුහරකා භික්ෂුවට මීටර් 25 ක් ඉදිරියෙන් පහළ වූ තැනදීම වේගයෙන් හිස වරක් කරකවලා බොහොම සෘජුව හිස කෙලින් කර භික්ෂුව දෙස බලා සිටියා. ඔබ දැකලා ඇති මල්ලව පොර තරගවලදී බොහෝම හැඩිදැඩි විදේශීය ක්‍රීඩකයන් ප්‍රතිවාදියා සිටින වේදිකාවට ගොඩවෙනකොටම හිස බොහෝම ගාම්භීර ආකාරයෙන් කරකවලා සෘජු බැල්මක් ප්‍රතිවාදියාට හෙළනවා. මෙහෙම කරන්නේ ප්‍රතිවාදියාව තරගයට පෙරදීම බියගන්වන්න. ඉහත කුළුහරකාද පහළවූ නිමේෂයේම ගාම්භිර ලෙස නාසයේ රිදී වළල්ලක් පැළඳි, හිස කරකවා තේජස්බව තව දැඩිකර ගෙන සමාධියෙන් පසුවෙන භික්ෂුව දෙසට වියරු බැල්මක් හෙළා නාසයේ කුහර දෙකෙන් දුවිලි පැහැ දුමක් පිටකරමින් වියරුවෙන් මෙන් භික්ෂුව ඉදිරියට හඹා පැමිණියේය.

හරියටම භික්ෂුවට මීටර් පහක් පමණ ඉදිරියෙන් මෙම කුළුහරක් රජුද දකුණු දෙසට හැරී පලා ගියහ. භික්ෂුව තවමත් සුපුරුදු සමාධිය තුළය. දර්ශනය නිමවූ පසුව භික්ෂුව සමාධියෙන් අවදි විය. භික්ෂුවගේ මුහුණට සිහින් සිනාවක් නැගිණි. සිහින් සිනාවත් සමග මේ සිතුවිල්ල භික්‍ෂුවතුළ පහළ විය. පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ වසවර්ති දිව්‍ය පුත්‍රයා භික්ෂුව ඉදිරියේ කුළුහරකෙක් වීමට තරම් දීන වූවා නේද යන සිතුවිල්ල භික්ෂුවට පහළ විය. භික්ෂුව බියගැන්වීම සදහා කරන ලද මේ පරාජිත මාර ක්‍රියාවේදී භික්ෂුව බියගැන් වීමට මාරයාට අවශ්‍ය විය. මාර දිව්යපුත්රයාගේ නිවටභාවය යනු ඔහු තවමත් සිතන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්යන් වහන්සේලා බිය ගැන්වීමට තමන්ට හැකිය කියාය. මේ ආකාරයෙන් මාරයා භික්ෂුව බියගැන්වූවේ සමහරවිට භික්ෂුව අවබෝධ කළ යම් ධර්මයක්වේද එම ධර්මය ලෝකයාට දේශනාකිරීම වැලැක්වීමටය. බියගැන්වීමටය. එම අවස්ථාවේ භික්ෂුව වැඩසිටියේ ලොකු ප්රපාතයක් අසලම තිබූණු කදු බෑවුමක කුටියකය. භික්ෂුව මේ මොහොතේ බියගන්වා ගැනීමට පුළුවන් වුණොත් කුළුමීමා එන වේගයෙන්ම භික්ෂුව භාග බිත්ති බැඳ තිබූ එම කුටියේ එළියට පැන ප්‍රපාතයට වැටී අපවත් කිරීමට හැකියෑයි සිතුවාද විය හැකියි. එසේ වූවානම් මේ සටහන ඔබ අතට පත්නොවන බව මාරයා දනී. එහෙත් මාරයාට සිදුවූවේ එහි අනෙක් පැත්තය. භික්ෂුවගේ රෝමකූපයකටවත් අනතුරක් කිරීමට මාරයාට නොහැකි විය. සමාධි සුවයෙන් සිටි භික්ෂුවගේ සමාධිමත් ස්වභාවය එක දශමයකින් හෝ හීන කිරීමට මාර පුත්‍රයාට නොහැකි විය. මෙම ශක්තිය භික්ෂුවගේ ආශ්චර්යයක් නොව ධර්මයේ ආශ්චර්යයයි. ඔබද දක්ෂනම් මෙම ආශ්චර්ය ඔබගේත් උරුමයයි. උතුම් සමාධිය තුළදී බිය යනු ශූන්‍ය දෙයක් යන ධර්මතාවයේ සත්‍යයයි. විචාර විතර්කයන්ගෙන් තොර සන්සිදුණු සිතේ උපේක්ෂාසහගත ස්වභාවය ඔබව ඇලීම් ගැටීම්වලින් මුදවාලනවාය යන ධර්මයයි. මෙම කථාවේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලය අයිති වසවර්ති දිව්‍යපුත්‍රයාය. මොහු ධර්මයට අකමැතිය. පංචකාමයටම නැඹුරු දිව්‍ය රජෙකි. සමාධිමත් භික්ෂුව ඉදිරියට මුලින්ම වියරුවෙන් දිවඑන කුළුහරක් රංචුව මාර සේනාවයි. වසවර්ති දිව්‍යපුත්‍රයා මුලින්ම භික්ෂුව බියගැන්වීමට එව්වේ මාර සේනාවයි. මේ අයද දෙවිවරුය. ඔවුනට අවශ්‍ය ආකාරයේ වේශයක් මවාගැනීමට හැකිය. භික්ෂුව බියගැන්වීමේ මේ මෙහෙයුමට ඔවුන් කුළුහරක් වේශයෙන් පැමිණියහ. සමාධිමත් භික්ෂුවට මීටර් පහක් තබා ඔවුන් දකුණට හැරී පලාගියේ සමාධිය තුළ සකස්වෙන නික්ලේශී ධර්ම ශක්තියට ළංවීමට ඔවුනට නොහැකි නිසාය. තම මාර සේනාව භික්ෂුව අබියසට පැමිණ පලායනවිට එම කටයුත්ත වසවර්ති මාරපුත්‍රයා භාරගත්හ. දෙවනුව පහළවූ තේජස් සහිත ආයුෂ, වර්ණ, සැප, බලයෙන් පරිපූර්ණ දිලිසෙන ස්වභාවයේ ලොම් සහිත කුඵහරක් රජු වසවර්ති දිව්‍යපුත්‍රයාය. මාර සේනාවට නොහැකිවූ තැන මාරයා ඉදිරිපත් විය. මේ තේජස් සහිත කුළුහරක් වේශය ගත් කුළුහරකා දකිනවිටම මොහු දිව්‍ය ඕජාවෙන් පරිපූර්ණ අයකු බව අවබෝධ වේ. දහස්කඩ සිවුරක්සේ කැටයම් වූ ඔහුගේ සමේ ප්‍රභාෂ්වර ස්වභාවය දෙවියකුට හැර වෙනකාට තිබෙන්නද? භික්ෂුවක් සතු පරිපූර්ණ ශිලයේත් සමාධියේත් මෙම මාර පිරිවර සහ මාරයාට මුහුණදෙන අතර මොවුන් මාරයා සහ මාරපිරිවර බව හදුනාගන්නේ ප්‍රඥාව විසින්මය. ශීලයත්, සමාධියත්, ප්‍රඥාවත් එකතුවුණ තැනදී ඇතිවන අයෝමය ශක්තිය තුන් ලෝකයම තම ආධිපත්‍යය තුළ රඳවාගෙන තිබෙන මාරයාටද අභියෝග කළහැකි බවට, මාරයා පරාජය කළ හැකි බවට මීට වඩා උදාහරණ කුමකටද? ඔබ මේ දකින්නේ ධර්මයේ සන්දිට්ඨික ගුණයයි. ධර්මයේ අකාලික ගුණයයි. ඔබ මෙම සටහන කියවා මුල්තැන දිය යුත්තේ මාරයාට නොව ධර්මයේ සන්දිට්ඨික ගුණයටය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com

[QUOTE="sampathapg, post: 15111885, member: 364324"] [SIZE="4"][COLOR="Blue"][I] මහ රහතුන් වැඩි මග ඔස්සේ..... 'සතර අපායෙන් මිදෙමු' 15 කොටස මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය මේ සටහන් පුරාවට භික්ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී මාරයා යනු කවරෙක්ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක් පමණයි. මාරයා කියලා කෙනෙක් නැහැ. එහෙමත් නැතිනම් මාරයා යනු සිගරට්, අරක්කුයි..... ඔය වගේ අවිද්‍යාව නිසා සකස්වෙන ප්‍රාථමික අදහස් සමාජයේ තිබෙනවා. මෙවැනි අවිද්‍යාසහගත අදහස් ඇතිවන සිතටත් එම සිත සකස්වීමට හේතුවෙන රූපයටත් මාරයා කියල තමයි ධර්මයේ සදහන් වෙන්නේ. ධර්මය නොදන්නාකම නිසා මෙවැනි අදහස් අපි ප්‍රකාශ කරනවානම් අපිව වැටෙන්නේ මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයන් ගනයටයි. ප්‍රකාශකයා ඔබ වුවත් එම ප්‍රකාශය ඔබට සංස්කරණය කර දෙන්නේ මාරයාගේ පෞද්ගලික සහකාරියන් තුන්දෙනාය. ඒ තන්හා, රතී, රාගා යන මාර දූවරුන් තුන්දෙනාය. මේ තිදෙනා දිව්‍යාංගනාවන්ය. නිරතුරුවම කැමති වේශයක් මාවාගැනීමේ හැකියාව ඇත. ස්වභාවයෙන්ම ප්රභාෂ්වරය. සියුමැලිය. රිද්මය, ලාලිත්‍යය එම දිව්‍ය ශරීරයේ ස්වභාවයයි. ඉදුණු ජම්බෝල ගෙඩියක මදය යම්සේ රෝස පැහැතිද, සුසිනිදු මල් පෙත්තක්සේ මටසිළුටු, රෝස පැහැති ශරීරයකි. මේ දිව්‍ය මාර රූමතියන්ගේ කාර්යභාරය මාරයාගේ ග්‍රහණය තුළ සිටින ඔබ තුළ තණ්හාව, මාන්නය, දිට්ඨිය නැමති අකුසල් ඇතිකිරීමය. මේ මාරධර්ම තුන ඔබ තුළ ඇතිවන්න, වර්ධනය වන්න වර්ධනය වන්න ඔබට දැනෙන්නේ මහත් ආශ්වාදයකි. මේ මාරධර්ම නිසා ඔබ දිට්ඨිකාන්තාරයක අතරමංවී සිටියත් ඔබට දැනෙන්නේ ඔබ දිව්‍ය විමානයක සුරසැප විඳින බවකි. ඔබ ලබන මේ අවිද්‍යාවේ සැපය ඔබට ලබාදෙන්නේ මේ මාරදූවරුන් තිදෙනාය. සුරූපී මාර දූතියන්ගේ ඇඟිලි තුඩුවල පහසින් ඔබ මෝහනයට පත්වී ඇත. ඔබ එම පහසට ඇති ලොල්භාවය නිසා මාරදූතියෝ සංස්කරණය කර දෙන ඕනෑම අවිද්‍යාසහගත ප්‍රකාශයක් තළු මරමරා ප්‍රකාශ කිරීමට කැමතිය. වර්තමානයේ ඇසෙන 'මාරයා කියල කෙනෙක් ලෝකයේ නැහැ. මාරයා සංකල්පයක්' වැනි අදහස් මාරදූතියන්ගේ ග්‍රහණයට නතුවීම නිසාම ප්රකාශවන අදහස්ය. මාර දූතියන් විසින් සංස්කරණය කර දෙන එම අවිද්‍යාසහගත ප්‍රකාශ ලෝකයට ප්‍රකාශ කිරීම වෙනුවෙන් පිංවත් ඔබට ලැබෙන ගෙවීම තණ්හාව, මාන්නය, දිට්ඨියයි. පිංවත් ඔබ මෙම තුන් කාරණයෙන් පොහොසතෙක් කිරීම මාර දූතියන්ගේ අරමුණයි. පොහොසත් වෙන්න ඔබට නිරයේ අති දීර්ඝ කාලයක් පදිංචි වීමේ වරප්‍රසාදය කිසිදු අඩුවකින් තොරව ලැබෙනු ඇත. එහෙයින් පිංවත් ඔබ කුමන අදහස් සමාජයෙන් ඇසුණද එය නිතරම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ගළපා බලන්න පුරුදුවෙන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයට පටහැනිව එම අදහස දුක පිණිසම හේතුවෙන කරුණක් බව අවබෝධ කරගෙන බැහැර කරන්න. තර්ක කරන්න, ගැටෙන්න යන්න එපා. එවිට ඔබත් නොදැනුවත්ම වැටෙන්නේ එම ගොඩටමය. තව තව නිහඩ වෙන්න. නිහඬතාවය තුළින් දිට්ඨි කාන්තාරයක්වූ මේ සිත ගැන අවබෝධය ලබන්න. ඔබ ලබන අවබෝධය සක්කාය දිට්ඨිය සිඳලීම සදහාම මෙහෙයවන්න. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් සිටීමට ඉඩහැර ඔබ ලෝකයෙන් මිදෙන ස්වභාවයට පැමිණෙන්න. පිරිස මගහැර ඔබ තනිවන්න. තනිවූ සිතට නොඇලෙන්න. ඇලීමට තරම් නිත්‍යවූ සිතක් නැති බව අනිත්‍යවූ සිත දෙස බලමින් තේරුම්ගන්න. මෙවිට ඔබව තණ්හාව, මාන්නය, දිට්ඨිය නමැති මාර දූතියන්ගේ සියුමැලි ඇඟිලි තුඩුවලින් කුල්මත් කරනු ඇත. කිතිකවනු ඇත. සුරතල් කරනු ඇත. පිංවත් ඔබ ගන්නාවූ උත්සාහය තන්හාව, මාන්නය, දිට්ඨිය නැමති දුකට අයිති ධර්මතාවයන්ගෙන් කිලිටිවීමට නොහැකි වනසේ දිවි දෙවැනි කොට වීර්යය වඩන්න. ලෝකයට, ලෝකයාට යන්නට හැර ඔබ නවතින්න. යමෙක් නැවතුනා යනු සිත හඳුනාගත්තා යනුය. සමාජය තුළ මාරයා ගැන මොන මතවාද තිබුණද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකර දේශනා කළ වදාළ ධර්මයේ සඳහන් මාරයා ගැන දක්වන ලද අර්ථයන් ඔබට වර්තමානයේදීද ඒ උතුම් ධර්ම මාර්ගයේ අවංකභාවයෙන්, වීර්යයයෙන් යුතුව ගමන් කළහොත් අත්දැකීමට හැකිය. ඔබ එවැනි අත්දැකීමක් ලබද්දී ඔබ තුළ ජනිතවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැඩි වීර්යයෙන් යුතුව මාර පරාජය සිදුකර අවබෝධකර වදාළ අති උත්තම ශ්‍රී සද්ධර්මයේ ශක්තියයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ නොවන්නට ලෝකයා කෙසේ නම් මේ පාපකාරී, මිසදුටු, අධර්මය ආහාරය ප්‍රීතිය කර ගත් මාරයා හඳුනාගන්ටද? මාරයාට ගොදුරුවීම හැර අන් මොන පිළිසරණක්ද? ලොව්තුරා බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේට ධර්මය ගරුකරන තුන්ලෝකයාගේම උත්මතම නමස්කාරය වේවාෘ මේ විෂම මාරධර්මය අවබෝධකර පරාජයකර දේශනා කළාට. මෙවන් උතුම් ධර්මයක් සරණයන්නට අපි මොනතරම් භාග්‍යවන්තද? ශාසන පරිහානිය යනු, අබුද්ධෝත්පාද කාලයක් යනු සත්වයාට මොනතරම් අඳුරු බියකරු විෂම කාලපරිච්ෙච්දයක් වේවිද? ධර්මය ගොදුරුකර ගැනීමට බලාසිටින අධර්මයේ මාර සේනාව ලෝකයේ තනි බලය සියතට ගැනීමට පෙරාතුව ඔබට මුණගැසුණ ධර්මයෙන් ඔබ සනාථවෙන්න. දෙවැනියෙක් ගැන නොසිතා ඔබ ලබන ඊළඟ උපත මාර්ග ඵලලාභී දෙවියෙක්ම වෙන්න. දැන් භික්ෂුව මෙහි සදහන්a කරන්නේ සැබෑම මධ්‍යම ප්‍රතිප්‍රදාව තුළ එනම් තුන් සිවුරත් පාත්‍රයත් දරමින් දැඩි අධිෂ්ඨානයෙන් අවංකභාවයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්ගත් එක්තරා භික්ෂුවක් සමාධියෙන් පසුවෙද්දී අත්දුටු මාරයාගේ නිවට දීන ක්‍රියාවකි. මේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලයේ අධිපති වසවර්ති මාරදිව්‍ය පුත්‍රයාය. භික්ෂුව රාත්‍රි 11.00 ට පමණ සමාධියෙන් පසුවෙද්දී භික්ෂුව ඉදිරියට ඉතාමත් වේගයෙන්, ජවයෙන්, වියරුවෙන් කුළුහරක් රංචුවක් පැමිණියහ. මෙම වියරු කුළුහරක් රංචුව භික්ෂුවට මීටර් 25ක් පමණ ඉදිරියෙන් ක්ෂණයකින් පහළවී භික්ෂුqවගේ ඉදිරියට දිව ආහ. මේ සෑම කුළු හරකෙක්ම ඉතාමත් ජව සම්පන්න හැඩිදැඩි සතුන්ය. මෙසේ වේගයෙන් පිඹිමින් භික්ෂුව ඉදිරියට දිව එමින් භික්ෂුවට මීටර් පහක් පමණ තිබියදී මේ වියරු කුළුහරක් රංචුව දකුණු පැත්තට හැරී පලා ගියහ. මෙම රංචුවේ අවසාන මීහරකාත් භික්ෂුවට සමාධියෙන් නොපෙනීයාමත් සමගම එක ක්ෂණයකින්ම භික්ෂුවට මීටර් විසිපහකට පමණ ඉදිරියෙන් තනි කුළුහරකෙක් පහළ විය. ඒ කුළු හරකෙක් නොව හරක් රජෙකි. උස අඩි පහක් පමණ ඇත. හොඳ පුෂ්ඨිමත් කුළුහරකෙකි. මොහුට අං පිහිටියේ නැත. මෙම කුළු හරකාගේ සම වෙල්වට් සමකි. එම සතාගේ සම දිලිසෙන ග්‍රීස්වල ඇති කළු පැහැයක් ගෙන තිබිණි. මෙම ප්රතාපවත් කුළුහරකාගේ සම කඩ කැපූ සිවුරක්සේ දිගැටි ආකාරයට අඟලේ අඟලේ ප්‍රමාණයට දිගට දහස්කඩ සිවුරක්සේ සම නිර්මාණය වී තිබිණි. මොහු ආයුෂ, වර්ණය, සැපය, බලය උපරිම තලයේ කුළුහරකෙකි. මෙම කුළුහරකාගේ නාසයට රිදී පැහැති අඟල් හයක් පමණ වට රවුමකින් යුත් වළල්ලක් දමා තිබිණි. එය මාපට ඇඟිල්ලක් තරම් මහතය. දැන් ඔබ මොහොතක් සිතන්න. නාසයට රිදී වළල්ලක් දැමූ දහස්කඩ චීවරයක් බදු වෙල්වට් සමක් සහිත මෙම ප්රතාපවත් කුළුහරකාගේ ස්වභාවය. ඔබ මනසින් මෙනෙහි කරන්න. ඉහත ස්වභාවයේ ප්රතාපවත් මේ කුළුහරකා භික්ෂුවට මීටර් 25 ක් ඉදිරියෙන් පහළ වූ තැනදීම වේගයෙන් හිස වරක් කරකවලා බොහොම සෘජුව හිස කෙලින් කර භික්ෂුව දෙස බලා සිටියා. ඔබ දැකලා ඇති මල්ලව පොර තරගවලදී බොහෝම හැඩිදැඩි විදේශීය ක්‍රීඩකයන් ප්‍රතිවාදියා සිටින වේදිකාවට ගොඩවෙනකොටම හිස බොහෝම ගාම්භීර ආකාරයෙන් කරකවලා සෘජු බැල්මක් ප්‍රතිවාදියාට හෙළනවා. මෙහෙම කරන්නේ ප්‍රතිවාදියාව තරගයට පෙරදීම බියගන්වන්න. ඉහත කුළුහරකාද පහළවූ නිමේෂයේම ගාම්භිර ලෙස නාසයේ රිදී වළල්ලක් පැළඳි, හිස කරකවා තේජස්බව තව දැඩිකර ගෙන සමාධියෙන් පසුවෙන භික්ෂුව දෙසට වියරු බැල්මක් හෙළා නාසයේ කුහර දෙකෙන් දුවිලි පැහැ දුමක් පිටකරමින් වියරුවෙන් මෙන් භික්ෂුව ඉදිරියට හඹා පැමිණියේය. හරියටම භික්ෂුවට මීටර් පහක් පමණ ඉදිරියෙන් මෙම කුළුහරක් රජුද දකුණු දෙසට හැරී පලා ගියහ. භික්ෂුව තවමත් සුපුරුදු සමාධිය තුළය. දර්ශනය නිමවූ පසුව භික්ෂුව සමාධියෙන් අවදි විය. භික්ෂුවගේ මුහුණට සිහින් සිනාවක් නැගිණි. සිහින් සිනාවත් සමග මේ සිතුවිල්ල භික්‍ෂුවතුළ පහළ විය. පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ වසවර්ති දිව්‍ය පුත්‍රයා භික්ෂුව ඉදිරියේ කුළුහරකෙක් වීමට තරම් දීන වූවා නේද යන සිතුවිල්ල භික්ෂුවට පහළ විය. භික්ෂුව බියගැන්වීම සදහා කරන ලද මේ පරාජිත මාර ක්‍රියාවේදී භික්ෂුව බියගැන් වීමට මාරයාට අවශ්‍ය විය. මාර දිව්යපුත්රයාගේ නිවටභාවය යනු ඔහු තවමත් සිතන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්යන් වහන්සේලා බිය ගැන්වීමට තමන්ට හැකිය කියාය. මේ ආකාරයෙන් මාරයා භික්ෂුව බියගැන්වූවේ සමහරවිට භික්ෂුව අවබෝධ කළ යම් ධර්මයක්වේද එම ධර්මය ලෝකයාට දේශනාකිරීම වැලැක්වීමටය. බියගැන්වීමටය. එම අවස්ථාවේ භික්ෂුව වැඩසිටියේ ලොකු ප්රපාතයක් අසලම තිබූණු කදු බෑවුමක කුටියකය. භික්ෂුව මේ මොහොතේ බියගන්වා ගැනීමට පුළුවන් වුණොත් කුළුමීමා එන වේගයෙන්ම භික්ෂුව භාග බිත්ති බැඳ තිබූ එම කුටියේ එළියට පැන ප්‍රපාතයට වැටී අපවත් කිරීමට හැකියෑයි සිතුවාද විය හැකියි. එසේ වූවානම් මේ සටහන ඔබ අතට පත්නොවන බව මාරයා දනී. එහෙත් මාරයාට සිදුවූවේ එහි අනෙක් පැත්තය. භික්ෂුවගේ රෝමකූපයකටවත් අනතුරක් කිරීමට මාරයාට නොහැකි විය. සමාධි සුවයෙන් සිටි භික්ෂුවගේ සමාධිමත් ස්වභාවය එක දශමයකින් හෝ හීන කිරීමට මාර පුත්‍රයාට නොහැකි විය. මෙම ශක්තිය භික්ෂුවගේ ආශ්චර්යයක් නොව ධර්මයේ ආශ්චර්යයයි. ඔබද දක්ෂනම් මෙම ආශ්චර්ය ඔබගේත් උරුමයයි. උතුම් සමාධිය තුළදී බිය යනු ශූන්‍ය දෙයක් යන ධර්මතාවයේ සත්‍යයයි. විචාර විතර්කයන්ගෙන් තොර සන්සිදුණු සිතේ උපේක්ෂාසහගත ස්වභාවය ඔබව ඇලීම් ගැටීම්වලින් මුදවාලනවාය යන ධර්මයයි. මෙම කථාවේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලය අයිති වසවර්ති දිව්‍යපුත්‍රයාය. මොහු ධර්මයට අකමැතිය. පංචකාමයටම නැඹුරු දිව්‍ය රජෙකි. සමාධිමත් භික්ෂුව ඉදිරියට මුලින්ම වියරුවෙන් දිවඑන කුළුහරක් රංචුව මාර සේනාවයි. වසවර්ති දිව්‍යපුත්‍රයා මුලින්ම භික්ෂුව බියගැන්වීමට එව්වේ මාර සේනාවයි. මේ අයද දෙවිවරුය. ඔවුනට අවශ්‍ය ආකාරයේ වේශයක් මවාගැනීමට හැකිය. භික්ෂුව බියගැන්වීමේ මේ මෙහෙයුමට ඔවුන් කුළුහරක් වේශයෙන් පැමිණියහ. සමාධිමත් භික්ෂුවට මීටර් පහක් තබා ඔවුන් දකුණට හැරී පලාගියේ සමාධිය තුළ සකස්වෙන නික්ලේශී ධර්ම ශක්තියට ළංවීමට ඔවුනට නොහැකි නිසාය. තම මාර සේනාව භික්ෂුව අබියසට පැමිණ පලායනවිට එම කටයුත්ත වසවර්ති මාරපුත්‍රයා භාරගත්හ. දෙවනුව පහළවූ තේජස් සහිත ආයුෂ, වර්ණ, සැප, බලයෙන් පරිපූර්ණ දිලිසෙන ස්වභාවයේ ලොම් සහිත කුඵහරක් රජු වසවර්ති දිව්‍යපුත්‍රයාය. මාර සේනාවට නොහැකිවූ තැන මාරයා ඉදිරිපත් විය. මේ තේජස් සහිත කුළුහරක් වේශය ගත් කුළුහරකා දකිනවිටම මොහු දිව්‍ය ඕජාවෙන් පරිපූර්ණ අයකු බව අවබෝධ වේ. දහස්කඩ සිවුරක්සේ කැටයම් වූ ඔහුගේ සමේ ප්‍රභාෂ්වර ස්වභාවය දෙවියකුට හැර වෙනකාට තිබෙන්නද? භික්ෂුවක් සතු පරිපූර්ණ ශිලයේත් සමාධියේත් මෙම මාර පිරිවර සහ මාරයාට මුහුණදෙන අතර මොවුන් මාරයා සහ මාරපිරිවර බව හදුනාගන්නේ ප්‍රඥාව විසින්මය. ශීලයත්, සමාධියත්, ප්‍රඥාවත් එකතුවුණ තැනදී ඇතිවන අයෝමය ශක්තිය තුන් ලෝකයම තම ආධිපත්‍යය තුළ රඳවාගෙන තිබෙන මාරයාටද අභියෝග කළහැකි බවට, මාරයා පරාජය කළ හැකි බවට මීට වඩා උදාහරණ කුමකටද? ඔබ මේ දකින්නේ ධර්මයේ සන්දිට්ඨික ගුණයයි. ධර්මයේ අකාලික ගුණයයි. ඔබ මෙම සටහන කියවා මුල්තැන දිය යුත්තේ මාරයාට නොව ධර්මයේ සන්දිට්ඨික ගුණයටය. ඉන්ද්‍රජිත් සුබසිංහ [email]indrajith.media@gmail.com[/email][/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom