Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මාලදිවයිනේ බෞද්ධ සංහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝමෆානු තඹ පත්තිරු හෙළිකරන

මාලදිවයිනේ බෞද්ධ සංහාරය

මැදගම ධම්මානන්ද හිමි

ඉන්දීය සාගරයේ ලක්දිවට දකුණු දිගින් පිහිටි කුඩා දූපත් 1192 කින් සැදුන රට මාලදිවයින යි. අතීතයේ දී එය "ලක්ෂදීප' හා "දිවෙහි රාජ්ජේ" යන නම්වලින් හැඳින්වුණි. මාලදිවයින අපේ රටේ කොටසක් බව භූවිද්‍යාත්මකව තහවුරු වන සත්‍යයකි. මුහුද ගොඩගැලීමෙන් ලක්ෂයක් පමුණුගම් ද, නවසිය හැත්තෑවක් කෙවුලන්ගේ ගම් ද, සාරසිය හැත්තෑවක් මුතු කිමිදෙන අයගේ ගම් ද ඇතුළුව ලංකාවෙන් දොළහෙන් එකක් මුහුදට ගිලුන බව පුරාවෘත්තවල සඳහන් වෙයි. අපේ රටේ උතුරු හා බටහිර දිග පෘථිවි තලය සැකසී තිබෙන්නේ හුණුගල්වලිනි. මාලදිවයින් ද හුණුගල්වලින් හා කොරල් පරවලින් සැදුනකි. ඒ අනුව මාලදිවයින් ලක්දිවට අයත්ව තිබුණ බවට සැකයක් නැත. තැප්‍රොaබේනයට (ලක්දිවට) බටහිරින් දූපත් 1370 ක් තිබෙන බව ටොලමි සඳහන් කර තිබේ.

ඔලිවර් බර්තෝලම්යූස් විසින් වර්ෂ 1885 දී මාලදිවයින ගැන ලියන ලද (Minicoy and Its People - Oliver Bartholomeusz) විස්තරයෙහි දැක්වෙන පරිදි මාලදිවයින් දූපත්වල වෙසෙන ජනයා දකුණු ඉන්දීය හා අරාබි ජාතීන් සමඟ මිශ්‍ර බව පෙනුණත්, ඔවුන් වඩාත්ම සමීප වන්නේ සිංහලයන්ගේ කායික ස්වරූපයට යි. එයටත් වඩා ඔවුන්ගේ සිංහල සබඳකම දක්වන සාධකය වන්නේ දිවෙහි බස යි. ගණන් ක්‍රමය දෙරටෙහි එක සමාන බවක් පෙන්වයි. මාලදිවයින් භාෂාවේ වදන් බොහොමයක් හෙළ බසින් බිඳුන ඒවා ය. "එවෙයිල අකුරු" හෙවත් දිවෙහි අකුරු නමින් හැඳින්වුන මාලදිවයිනේ පැරණි හෝඩිය පැරණි සිංහල අකුරුවලින් සකස් වූවකි. වර්තමානයේ භාවිතා වන හෝඩිය අරාබි අකුරුවලින් සෑදුනකි.

දොළොස් වන සියවසේ මාලදිවයිනේ විසූ අබ්දුල්ලා සාවි එවකට මාලදිවයිනේ තිබුණ කතන්දර සියල්ල ලේඛනගත කළේය. අපේ ජනප්‍රවාද සමඟ ඒවා ගැලපෙන බවක් පෙනේ. එහි එක් කථාවක් මෙසේ ය. දිවෙහි රාඡ්ඡේ නාග මඬුල්ලේ සොමිගුණ නා රජු දිනක් මුහුද දිගේ පැමිණි නාගයකුගේ පෙනය තුළින් එළියට පැමිණෙන කාන්තාවක සිහිනෙන් දුටුවේය. දිවෙහි රාඡ්ඡේ ඔටුන්න හිමි කුමාරිකාවක පැමිණෙන බවට එය පෙරනිමිත්තක් යෑයි නැකැත්කරුවෝ රජුට පැවැසූහ. එයින් දින කීපයකට පසු කාන්තාවන් පිරිසක් සහිත නැවක් පැමිණියේය. සිංහපුරයේ සිදුකෙරුණ අකටයුතු හේතුවෙන් විජය ඇතුලු පන්සීයක් පමණ පිරිස ද, ඔවුන්ගේ භාර්යාවන් වන තම පිරිස ද නැව්වල නංවා රටින් නෙරපූ බවත්, කුණාටුවකට හසුවීම නිසා තම නැව් මෙහි ආ බවත් කාන්තා පිරිසේ නායිකා වූ භූමිකා, සොමිගුණ රජුට පැවැසුවාය. රජු කාන්තාවන් අතර සිටි විජයගේ බිරිඳ වන සුරඹා ද අගමෙහෙසිය බවට පත් කරගත්තේය. මේ අතර යක්ෂයන්ගේ රටට ගිය විජය යක්ෂ කාන්තාවක වූ කුවේණි විවාහ කරගත්තේය. එසේ වුව ද, තම කලින් බිරිඳ සුරඹා සහ අභය පුතා නොමැති නිසා ඔහු සිටියේ බලවත් කනගාටුවකිනි. විජය ඒ හේතුවෙන් රෝගාතුර විය. සුරඹා නාග මඬුල්ලේ සිටින බවට තොරතුරු දැනගත් විජය ඇයට ලක්දිවට එන්නැ යි දන්වා යෑව්වේය. එයට පිළිතුරු ලෙස සුරඹා, තමාගේ සහ සොමිගුණ රජුගේ පිළිරූ සාදවා තම්බපණ්ණියට එව්වා ය. ඒ පිළිම කාලපුෂියේ (කල්පිටියේ) තල්ගස් විමානයක තබා ඒවාට පූජා පැවැත්වූ පසු විජයගේ රෝගය දුරුවිය.

මෙම ජනප්‍රවාදය අපේ රටේ ඉතිහාස පුවතට සමාන ය. ලාට රට සිංහපුරයෙන් නෙරපා හරින විජය කුමරු ඇතුලු පන්සියයක් පිරිසගේ බිරින්දැවරුන් සිටිය නැව් ලක්දිවට නොපැමිණ දකුණු දිසාවට ගමන් කළ බවත්, මහිලාවන් ගොඩබට දිවයින මහිලා දිවයින වූ බවත් අපේ රටේ ප්‍රචලිත පුවතකි.

විජයගේ සොහොයුරු සුමිත්තගේ දියණිය වූ කොයිමාලා ගමන් ගත් නැව පැමිණියේ කාරදූවට යි. තම්බපණ්ණියට කැඳවාගෙන එනු ලැබූ ඇය විජය දෙදෙනාගේ පුත් ජීවගේ බිරිඳ බවට පත්වුණි. අනතුරුව නාග මණ්ඩලය බලා ගිය ඔවුන්ගේ නැව මාලෝස් දිවයිනට ළඟා විය. කුවේණියගේ සොහොයුරු පූර්ණ එහි පාලකයා ය. පූර්ණ තම බෑණා වන ජීවට රස්ගේතිමු දිවයිනේ පාලනය පැවරුවේය. ජීව සහ කොයිමාලා දෙපොලගේ දියණිය රූපමාලා ය. ඇය නාග ගෝත්‍රික මණිනාග සහ යක්ෂ ගෝත්‍රික සෝම යන දෙදෙනාගේ ම බිරිඳ බවට පත්විය. ඉන්පසු රූපමාලා සියලු දිවයින්වලට අධිපති රැජිණ ලෙස අභිෂේක කරනු ලැබුවා ය. මාලා දිවයිනට නම ලැබුණේ රූපමාලා නිස යි. සිංහල ගෝත්‍රිකයන් රැගෙන ඒම සඳහා නැවතත් සෙරන්ඩිබ් දේශයට නැව් දෙකක් පිටත්වුණ බව අබ්දුල්ලාගේ කතන්දර පොතේ සඳහන් වෙයි.

අබ්දුල්ලාගේ කතන්දර පොතෙහි දැක්වෙන අන්දමට මාලා දිවයිනට බුද්ධාගම ගෙන ගියේ විදේහා භික්ෂුණිය යි. යව දිවයිනට මෙහෙණි සසුන හඳුන්වා දුන්නේ සුමංගලා භික්ෂුණිය යි. කල්‍යාණි නුවර ස්වර්ණතිස්ස රජුගේ දියණිය වූ මහිලා භික්ෂුණිය මස්සිකා දිවයිනට මෙහෙණි සසුන ගෙනගියා ය. පියදස්සී රජුගේ කාලයේ වැඩමවා ගෙන ආ මහා බෝධිය රූපමාලා අභිෂේක කළ තැනට උතුරු පැත්තේ රෝපණය කොට ඒ අසල චන්ද්‍රකාන්ති භික්ෂුණී ආරාමය ඉදිකර ඇත. එය පිහිටා තිබුණ වීදිය හැඳින්වුණේ "බොයිගස් මඟු" නමිනි. එනම් බෝගස් මාර්ගය යි. හෙන්වේරු යනු එම වීදියේ කොටසකි. විශාල වෙහෙර යනු එහි තේරුම යි. මෑතක් වනතුරු ම මාල දිවයිනේ බෝ ගස් දෙකක් පැවැති බව වාර්තා වේ.

බෝධිමාලා රැජිණගේ කාලයේ මුහුද (කඳුර) ගොඩ ගැලුවේය. දිවයින් බේරාගැනීම සඳහා සුමාලි නමැති කුමරිය මුහුදු රකුසාට බිලිදෙන්නට තීරණය විය. ඒ අවස්ථාවේ පුවඟු දිවයිනෙන් මහාබෝධිය අසලට වැඩි රහතන් වහන්සේ තුන් නමක් ධාර්මිකව රට පාලනය කරන්නැ යි උපදෙස් දී මුහුද ගොඩ ගැලීම සත්‍ය ක්‍රියා බලයෙන් නතර කරවූහ. අනාගතයෙහි සතුරු පිරිසක් පැමිණ භික්ෂූන් හා සංඝාරාම වනසන බවට අනාවැකියක් ද පළකළහ. එම අනාවැකිය දොළොස් වන සියවසේ දී සැබෑ විය.

මුහුදු මට්ටමේ තිබෙන මාලදිවයින් බේරාගැනීමට වාර්ෂිකව රත්නමාරි නමැති මුහුදු රකුසාට කුමරියක බිලිදීමේ සිරිතක් තිබුණි. මාලදිවයිනට පැමිණි ඉස්ලාමිකයකු වූ අබු අල් බරකත් යූසුබ් අල් බර්බරි මුහුදු රකුසාගෙන් දිවයින බේරාගන්නට තමාට හැකි බව කීය. බිලිපූජා දිනයේ ගැහැනු වෙස්ගත් ඔහු මුහුද අද්දරට වී මහ හඬින් කුරානය කියවන්නට විය. එදින මුහුදු රකුසා ගොඩබිමට ආවේ නැත. අල් බර්බරි නිරුපද්‍රිතව සිටිනු දුටු තීමුගේ මහා කාලමින්ජා රජු පුදුමයට පත්විණි. හාස්කම සිදුවුණේ කුරානයේ අනුහසින් යෑයි රජුට හා රටවැසියන්ට ඒත්තු ගැන්වූ අල් බර්බරි, රාජ්‍ය පාලකයා දර්මවන්ත මොහොමඩ් අල් අදිල් නමින් ඉස්ලාම් ආගමට හරවා ගත්තේය.

මෙලෙස මාලදිවයින ඉස්ලාම්කරණයට ගොදුරුවුණේ ක්‍රි. වර්ෂ 1153 වසරේ දීය. ඇතැම් ඉතිහාසඥයන්ගේ අදහස එය 1147 වසරේ දී සිදු වූ බව යි. මාලදිවයින් ඉතිහාස තොරතුරු හසන් තජුර්දීන්ගේ තාරික් ලේඛනයේ ද රාදාවලියේ ද දැක්වෙයි. ඉස්ලාම්කරණයට මුල් වූ අබු බර්කත් යූසුබ් අල් බර්බරි අප්‍රිකාවේ උතුරේ පිහිටි බාර්බර් පෙදෙසින් පැමිණි බව සාමාන්‍ය පිළිගැනීම යි. එහෙත් රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ 1986 සඟරාවට ලිපියක් සපයන මාලදිවයිනේ ඉතිහාසඥ හසන් අහමඩ් මනිකු පෙන්වා දෙන්නේ අල් බර්බරි ලක්දිව බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් කෙනකු වශයෙනි. අහමඩ් මනිකු කියන පරිදි අබු අල් බර්බරි උතුරු අප්‍රිකාවේ බටහිර පැත්තේ පිහිටි බර්බරි රාජ්‍යයේ වැසියකු යෑයි පවසන ලද්දේ ඉබන් බතුතා විසිනි. ලංකාවේ බේරුවල මුලින් හැඳින්වුණේ බාර්බරීන් නමිනි. හෙන්රි කේවි ලියූ "ද බුක් ඔෆa සිලෝන් 1908" - The Book of Ceylon 1908 පොතේ බේරුවල හැඳින්වීමට බාර්බරීන් "Barbaryn" වචනය යොදා ඇත. ක්වේරොස් පියතුමා ද බේරුවල හඳුන්වන්නේ "Barbaryn" බාර්බරී නමිනි. එකොලොස් වැනි සියවස වන විට මාලදිවයින හා ලංකාව අතර වෙළෙ¹ම සිදුකෙරුණේ බේරුවල ප්‍රදේශයෙනි. ඒ සඳහා පැමිණි මුස්ලිම්වරු බේරුවල පදිංචිව සිටියහ. පසුකලෙක මාලදිවයිනෙන් පැමිණි සුල්තාන් මොහොමඩ් ඉබ්න් අලි විසින් බේරුවල මරදානේ මස්ජිද් අල් අබ්රාර් නමැති ඉස්ලාම් පල්ලිය සාදවා ඇත. (Journal of the Royal Asiatic Society, Sri Lanka Branch 1986/87).

කදිරා රෙදිනිගේ පාලන කාලයේ ක්‍රි. වර්ෂ 1344 දී මාලදිවයිනට ගොඩ බැස්ස මූස්ලිම් දේශාටක ඉබන් බතුතා දස මසක් එහි සිටියේය. විවාහ දෙකක් කරගත් ඔහු ඉස්ලාම් ෂාරියා නීතිය ක්‍රියාත්මක කරන උසාවියේ ගාසි විනිසුරුවකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු මාලදිවයින් වැසියන් ගැන වාර්තා කර තිබේ. මාලදිවයින් ජනයා අහිංසක හා විශ්වාසවන්ත පිරිසකි. ඔවුහු කලහකාරී නොවෙති. මම වරක් හොරකුගේ අත කපන්නට තීන්දුව දෙන විට එය ඇසූ එතැන සිටි බොහෝ දෙනා සිහිසුන්ව ඇද වැටුණ බව බතුතා සඳහන් කරයි. මාලදිවයින් ජනයා ඉස්ලාම් ආගමට හැරුණත්, එවැනි දරුණු දඬුවමක් දැකීමෙන් ඔවුන් තැතිගත්තේ පාරම්පරිකව ඔවුන් වධහිසාවන්ට අකැමැති ජාතියක් වූ නිසා විය හැක.

විල්හෙල්ම් ගයිගර්, එච්. සී. පී. බෙල්, තෝර් හයර්දාල්, එප් පිරාඩ්, හසන් අහමඩ් මනිකු වැනි විද්වත්හු මාලදිවයිනේ බෞද්ධ උරුමය ඉස්මතු කළ අය වෙති. දූපත් වැසියන් විසින් රැදින් ඉදිකළ හවිත්ත හෙවත් උස්තුබු යනුවෙන් හඳුන්වනු ලබන ස්තූප ද, බෞද්ධ ආරාම හා බුදුපිළිම ද මාලදිවයිනේ වරින් වර සිදු කෙරුණු පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් හමු වී ඇත.

කැණීම්වලින් ලැබුණ වැදගත් භාණ්ඩයක් වන්නේ ලෝමෆානු තඹ පත්තිරු ය. (Loamaafaanu Copper Plates) ඒවා මාලදිවයින් ඉතිහාසය හෙළි කරන පැරණි ම ලේඛන වෙයි. දොළොස්වන සියවසට අයත් ලෝමෆානු තඹ පත්තිරු බොහොමයක් හමුවී තිබෙන්නේ පැරැණි බෞද්ධ ආරාම හා දාගැබ් තිබුණ තැන්වල ඒවා කඩා දමා ඉදිකෙරුණ ගොඩනැඟිලි නටබුන් අතරිනි. ඒවා හැඳින්වෙන්නේ ලැබුණ දූපත්වල නම්වලිනි. ඒ අනුව ගමු ලෝමෆානු, ඉස්දු ලෝමෆානු, හද්දුමති ලෝමෆානු ආදී වශයෙන් තඹ පත්තිරු නම් කර ඇත. දිවෙහි බසින් එයට නම සෑදී තිබෙන්නේ ලෝ (ලෝහ) මා (මහා) පානු (පණ්ණ) යන වචන එක්වීමෙනි. ලෝමෆානු තඹ පත්තිරු ලියා තිබෙන්නේ මාලදිවයිනේ අතීතයේ භාවිත දිවෙහි (එවෙයිල) අකුරුවලිනි. එය මුලුමනින්ම ලංකාවේ පොළොන්නරු යුගයේ භාවිත අකුරුවලට සමාන හෝඩියකි. පළමුවන විජයබාහු රජුගේ පණාකඩුව තඹ සන්නසට එය සමාන ය. ඡේ. බී. දිසානායක සහ ජී. ඩබ්. විජයවර්ධන යන මහාචාර්යවරු 1981 දී මාලදිවයින් රජයේ ආරාධනයෙන් එරටට ගොස් ලෝමෆානු තඹ පත්තිරු කියවා භාෂා විද්‍යාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. (Journal of the Royal Asiatic Society, Sri Lanka Branch 1986/87) එහෙත් ලෝමෆානු ලේඛනයේ අන්තර්ගත කරුණු එහි ඇතුළත් කර නොමැත.

ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීමේ දී නව පර්සියානු භාෂාව මාධ්‍යයක් වශයෙන් යොදාගැනීම යන තේමාව යටතේ ජර්මනියේ ඡේ. ගිපර්ට් විසින් ලියන ලද Early New Persian as a medium of spreading Islam ශාස්ත්‍රීය ලිපියක ලෝමෆානු තඹ පත්තිරුවල අන්තර්ගතය ඇතුළත් ය. ලෝමෆානු තඹ පත්තිරුවල සඳහන් වන්නේ මාලදිවයිනේ බෞද්ධ සංහාරය සිදු කෙරුණ ආකාරය යි.

ඉස්දු දූපතේ ඉස්ලාම් දේවස්ථානයකින් හමුවුන ඉස්දු ලෝමෆානු සන්නසෙහි පල්ලිය ඉදිකෙරුණ අයුරු දැක්වෙයි. එහි මුල් පිටුවේ "සුවස්ති, ධර්මාදිත්ත දේවාසු සන්හනම්" යනුවෙන් සඳහන් රජුගේ ලාංඡනය ඔබ්බවා ඇත. ඊළඟට සන්නස ලියන ලද වර්ෂය ඇතුළත් වෙයි. එහි සඳහන් කාල වකවානුව අනුව අනුමාන කෙරෙන්නේ මහම්මදු තුමා ස්වර්ගයට වැඩම කොට අවුරුදු 582 කට පසු රජ වූ ශ්‍රීමත් ගගනාදිත්ය මහරජුගේ තුන්වන පාලන වර්ෂය යි. එනම් ක්‍රි.ව. 1196 වැනි අවුරුද්ද යි. ("ශ්‍රීමත් ගදනාදිත්ය මාරසුන් තිනවන අවුරොදුන් ශ්‍රී මහන්මදු පේතාම්බරුන් ස්වර්ග වඩයි ගත් පසු සතුතෙඅසි අවුරොදුන්") ලෝමෆානු සන්නසේ අනතුරුව දැක්වෙන්නේ ඉස්දූවේ පැවැති විහාරස්ථානය හා භික්ෂුන් වැනසූ ආකාරය යි.

"පුරුබේ කාපුරු රසුන් ඉසුදුවේ කරවි වෙරුමාන බිදේ" (පෙර මිසදිටු රජුන් ඉස්දූවේ කරවු වෙහෙර බිඳ - කාපුරු යනු අල්ලා දෙවියන් නොඅදහන අයට කුරානයෙහි යොදන කෆsර් යන වචනය යි). "බුදු උපුරයි බුදායි මි බුදුවෙරගන කුලසඟමානුනායි මි එම්මෙන් මාලෙ ගෙන් අයිසු" (බුදු (පිළිමය) උගුලුවා බුදු (පිළිමය) සහ බුදුවෙහෙරවැසි කුල සඟමහණුන් සියල්ලෝම මාලෙට ගෙනවුත්).

"බූජායි වේරට මුදල දින් තක් මාපන්සොදායි රාජ බන්ඩාර අට ගෙනෙ" (බදු ලෙස වෙහෙරට පිදුව සියලු මුදල් රාජ භාණ්ඩාගාරයට ගෙන).

"සද්අත් නු කාපුරුන් මරම් එවි වදාරයි" (ශ්‍රද්ධාව නැති කාපුරුවන් මරමි යි වදාළේය). "මහම්මදු පීතාම්බරුන්ගෙ දර්සන අට වැදුම වී තක් කාපුරුන් නොමරයි"

(මහම්මදු සාන්තුවරයාගේ විශ්වාසයට ඇතුල් වූ කාපුරුන් ඝාතනය නොකරයි).

"සාදත් කියවායි සුන්නත් කොටු විදෙලයි" (ඇදහීම ප්‍රකාශ කරවා සුන්නත් කරවන්නට නියෝග කළේය). "ශ්රීමහම්මදුපීතාම්බරුන් දුනියෙන් ස්වර්ගවැදයිගත් පසුඅත් ආ බයාසි අවුරොදු වී සිදේ"

(ශ්‍රී මොහොම්මදු සාන්තුවරයා පොළොවෙන් ස්වර්ගයට ගිය පසු 582 අවුරුද්දෙහි). "ශ්‍රී ගදනාදිත්ය මාරසු දේවතායිනට ක්රන අලුකමක් සින්තා කොටු" (ශ්‍රී ගගනාදිත්ය මහරජු දෙවියන්ට කරන සේවාවක් සිතා සිදුකළේය).

ඉස්දු ලෝමෆානු තඹ පත්තිරුවට අනුව පෙනී යන්නේ ගගනාදිත්ය රජු ඉස් දූපතේ බෞද්ධාරාමයෙහි බුදුපිළිමය උදුරා දමා, ආරාමයෙහි වැඩ සිටි සියලු භික්ෂූන් මාලේ වෙත රැගෙන අවුත් ඒ අය අතරින් අල්ලා දෙවියන් විශ්වාස නොකරන බව කී අය මරා දැමූ බවයි. එසේම දෙවියන් අදහන්නට පොරොන්දු වී ඉස්ලාම් ආගමට බැඳුන භික්ෂුන් සුන්නත් චාරිත්‍රයෙන් පසු මුස්ලිම් කරවා ඇත. ඉස්දු ලෝමෆානුවේ තවදුරටත් විස්තර වන පරිදි, ඉස්දූවේ බෞද්ධාරාමය තිබූ තැන සිකුරාදා නමින් විශාල දේවස්ථානයක් ඉදිකර තිබේ, සන්නස ලැබුණේ එම ස්ථානයෙනි.

දඹදූවෙන් සොයාගත් දඹුදු ලෝමෆානු පත්තිරුවල මුල් කොටසේ සඳහන් වන්නේ අල්ලා දෙවියන් ලොව මැවූ ආකාරය යි. අවසාන කොටසෙහි දඹදූවේ ඉස්ලාම් දේවස්ථානය ඉදිකළ බව දැක්වෙයි. දූපතේ සිටි භික්ෂූන් හා බෞද්ධයන් මරා ඇත. ඇදහිලිවන්තයින් නොවුන, මුසල්මානුන් නොවී බුදු පල්ලි සාදන, බුදුපිළිම සාදන බුදුන් දෙවියන් වේ යෑයි සිතෙහි වැදගෙන මිසිදිටුකම් කරන සියල්ලන් ඝාතනය කරන ලදී. ("සදාත් නු කයි. මුසල්මාන් නු වෙ වුලෙ කාපුරුන් බුදුපල්ලි නඟයි බුදු සඳයි මෙ බුදු දේවතායින වේ සිතයි වෙද ගෙන කුපුරිකමු කොටු")

ලෝමෆානු තඹ පත්තිරුවල ඇතුළත් කරුණු සනාථ කරන "ෆත්කොලු" නමැති ලියෑවිලි වර්ගයක් ද මාලිදිවයිනේ තිබේ. ඒවා කොල පත්තිරු හා ලී පතුරු මත ලියූ ලේඛන විශේෂයකි. දිවයින්වල බෞද්ධ සංහාරය සිදුකෙරුන අයුරු ඒවායෙහි ද විස්තර වෙයි. මාලදිවයින සමඟ සබඳකම් තිබුණත් දුරබැහැර පිහිටි නිසා එදා හෙළදිව බෞද්ධයන්ට මාලදිවයිනේ බුද්ධ ශාසනය රැකගන්නට නොහැකි විය. මුස්ලිම් රටවලින් පැමිණි සංක්‍රමණිකයන්ගේ බලපෑම වැඩිවීම ද එයට තවත් හේතුවකි.

භික්ෂූන්ගේ හා බෞද්ධයන්ගේ හිස් ගසා දැමීමෙන් ද, තවත් පිරිසක් ඉස්ලාම් ආගමට හැරවීමෙන් ද මාලදිවයිනේ බුද්ධාගම විනාශ කෙරුණ ද බෞද්ධ වෙහෙර විහාරවල නටබුන් වරින් වර හමුවෙයි. එච්. සී. පී. බෙල් 1923 වසරේ මාලදිවයිනේ ගන් දූපතේ කුරුහින්න පෙදෙසින් විශාල දාගැබක කැණීම් කළේය. දිවෙහි බසින් සතිහිරුතලු නමින් හැඳින්වෙන එහි ඡත්රාවලිය කැඩී තිබුණි. ඔහු සොයාගත් බුදුපිළිම හිසෙහි පරිමාව අනුව පිළිමයේ උස අඩි පහළොවකි. මුනිපුර නමින් නගරයක් හා බෝගස් දූව නමින් දූපතක් එහි තිබුණ බව ඔහු පවසයි. මාලදිවයින් ඉතිහාසඥ හසන් අහමඩ් මනිකු 1990 දී දූපත් 59 ක බෞද්ධ ආරාමවල නටබුන් තමන් දුටුව බව වාර්තා කර ඇත. 1980 දී හද්දුමතී දූපතේ කැණීමකින් නෝර්වීජියානු තෝර් හයර්දාල් විසින් දාගැබ් හා බුදුපිළිම සොයාගන්නා ලදී. මුහම්මද් ඉස්මායිල් ඩිඩී 1959 දී තොද්දු දූවේ සිදුකළ කැණීමක දී හමුවුණ බුදුපිළිමයක් නැවත නිධන් කළේය. එයට හේතුව ඔහු මෙසේ සඳහන් කරයි.

"මාලේ වැසියන් මුස්ලිම් වුවත්, තොද්දු දූවේ වැසියන් තවමත් බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරන බව දක්නට ඇත. ඔවුන් වැඳුම් පිදුම් කළ ප්‍රතිමාව (බුදු) ඉතා පරිස්සමින් තැන්පත් කර වැලි පුරවා වසා දමන ලදී. එය සිදුකෙරුණේ මල් ආදිය තබා ඉතා ගරුබුහුමන් සහිතව ය. ඔවුන් පන්සල වැනසුවේ නැත. මක්නිසා ද? අපේ මුතුන් මිත්තන් විශ්වාස කළ පරිදි මේ දිවයිනේ ඉතා කෙටි කලකින් නැවත බුදුදහම ඉස්මතු වූ විට ඔවුන්ට මේ පිළිමය නැවත මුලින් තිබූ පරිදි තැන්පත් කරන්නට හැකිවේ යෑයි බලාපොරොත්තුව වූ බැවිනි."

"එසේ වුව ද, කැණීමෙන් පසු මේ බෞද්ධ සිද්ධස්ථානය ආරක්ෂා නොවුණි. ගවේෂණ කණ්ඩායමට දක්නට ලැබුණේ පුරාවස්තු හොරුන් බුqදුපිළිමය නැවත ගොඩගෙන හානිකර තිබෙන බවයි. පිළිමයේ ඉතිරි කොටස මාලේ අගනුවරට ගෙනා පසු එය විශාල මුදලකට ශ්‍රී ලංකාවට විකිණීම සුදුසු යෑයි ඇතැම් නිලධාරීන් යෝජනා කර ඇත. දෙවැනි දවසේ බුදුපිළිමය බැලීමට පැමිණි පිරිස පාලනය කරගැනීමට පවා අපහසු විය. මාලේ වැසියන් නැවත බුදුදහම වැළඳගන්නට පෙළඹෙනු ඇතැ යි බියක් ද රජයට ඇතිවුණි. ඒ නිසා රජයේ නිලධාරීහු බුදු පිළිමය විනාශ කළහ." (Next day, the most widely discussed topic was that the worship of statues had begun in Male and some people had converted to Buddhism. People gathered at various places in Male and shouted about their concerns.)

- The discovery and destruction of the big statue of Thoddu in 1959 - Statue smashed a second time at Mulee-aage - by Adam Halee

අබ්දුල් ගයුම්ගේ පාලනයෙන් පසු 2007 වසරේ මාලදිවයිනේ ජනාධිපති වූයේ මොහොමඩ් නෂීඩ් ය. ඔහු ශ්‍රී ලංකාවේ සන්ඩේ ටයිම්ස් පත්‍රය Sunday Times, November 02, 2008 සමග කළ සාකච්ඡාවක දී පැවැසුවේ, අප අනෙකුත් ආගමික විශ්වාසයන්ට ගරු කළ යුතු ය. මම මහජනයාගේ මූලික අයිතිවාසිකම් රකින පාලනයක් ගෙනයැමට අපේක්ෂා කරමි. කෙනෙකුට තමන් කැමැති ආගමික දේශනාවක් කරන්නට මෙන්ම අනුගමනය කරන්නට ඉඩ තිබිය යුතු ය. එවිට ප්රජාතන්ත්රවාදය මගින් මූලධර්මවාදය මකා දමනු ඇත. ජනාධිපති නෂීඩ් නිරතුරුවම ගුරුහරුකම් ගත්තේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනි. මාලදිවයිනේ බෞද්ධ පුරාවස්තු කැණීමට ඔහු අපගේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව අපට දැනගන්නට ලැබුණි. ඒ අතර 2008 ඔක්තෝබර් මස ඩොලර් 29,000 ක ඇමරිකන් ආධාර ලබාගෙන කාසි දූපතේ බෞද්ධ ආරාමයක් සංරක්ෂණයට ජනාධිපති නෂීඩ් පියවර ගත්තේය. ඔහුගේ ආගමික පිළිවෙත අන්තවාදීන්ගේ කෝපයට හේතුවුණි. නෂීඩ්ගේ රජයේ ඉස්ලාම් කටයුතු භාර ඇමැති අබ්දුල් බාරි අල්ලා දෙවියන් නොඅදහන අයගේ හිස ගසා දැමීමේ ෂාරියා නීතිය ක්‍රියාත්මක කළයුතු බව කීය. ඉස්ලාම් නොවන කෙනකුට මාලදිවයිනේ පුරවැසි බව ලබා නොදිය යුතු යෑයි මාලේ ව්‍යවස්ථාව 2008 වසරේ සංශෝධනය කර ඇත. ("a non-Muslim may not become a citizen of the Maldives" the newly amended Constitution in 2008) ක්‍රිස්තියානි ඉංග්‍රීසි ගුරුවරුන් රටින් පිටුවහල් කර ඇත. කලකට පෙර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුදු පිළිමය ඉවත් කෙරුණි.

2012 පෙබරවාරි 07 වැනි දින කුමන්ත්රණයකින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් බලයෙන් පහ කෙරුණි. එයින් දින කීපයකට පසු මාලදිවයිනේ බොදු බලය ගිලිහීමේ ෙ€දවාචකය යළිත් සිහි ගන්වමින් එහි කෞතුකගාරයේ තිබූ හෙළ බොදු උරුමය හෙළි කරන බුදු පිළිම සියල්ල ම අන්තවාදීන් විසින් විනාශ කරන ලදී.

උපුටා ගැනීම

[QUOTE="ජොසී, post: 19785725, member: 510387"] [COLOR="DarkRed"][CENTER][SIZE="6"]ලෝමෆානු තඹ පත්තිරු හෙළිකරන මාලදිවයිනේ බෞද්ධ සංහාරය[/SIZE][/CENTER][/COLOR] [COLOR="Navy"][CENTER][SIZE="4"]මැදගම ධම්මානන්ද හිමි[/SIZE][/CENTER][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"]ඉන්දීය සාගරයේ ලක්දිවට දකුණු දිගින් පිහිටි කුඩා දූපත් 1192 කින් සැදුන රට මාලදිවයින යි. අතීතයේ දී එය "ලක්ෂදීප' හා "දිවෙහි රාජ්ජේ" යන නම්වලින් හැඳින්වුණි. මාලදිවයින අපේ රටේ කොටසක් බව භූවිද්‍යාත්මකව තහවුරු වන සත්‍යයකි. මුහුද ගොඩගැලීමෙන් ලක්ෂයක් පමුණුගම් ද, නවසිය හැත්තෑවක් කෙවුලන්ගේ ගම් ද, සාරසිය හැත්තෑවක් මුතු කිමිදෙන අයගේ ගම් ද ඇතුළුව ලංකාවෙන් දොළහෙන් එකක් මුහුදට ගිලුන බව පුරාවෘත්තවල සඳහන් වෙයි. අපේ රටේ උතුරු හා බටහිර දිග පෘථිවි තලය සැකසී තිබෙන්නේ හුණුගල්වලිනි. මාලදිවයින් ද හුණුගල්වලින් හා කොරල් පරවලින් සැදුනකි. ඒ අනුව මාලදිවයින් ලක්දිවට අයත්ව තිබුණ බවට සැකයක් නැත. තැප්‍රොaබේනයට (ලක්දිවට) බටහිරින් දූපත් 1370 ක් තිබෙන බව ටොලමි සඳහන් කර තිබේ. ඔලිවර් බර්තෝලම්යූස් විසින් වර්ෂ 1885 දී මාලදිවයින ගැන ලියන ලද (Minicoy and Its People - Oliver Bartholomeusz) විස්තරයෙහි දැක්වෙන පරිදි මාලදිවයින් දූපත්වල වෙසෙන ජනයා දකුණු ඉන්දීය හා අරාබි ජාතීන් සමඟ මිශ්‍ර බව පෙනුණත්, ඔවුන් වඩාත්ම සමීප වන්නේ සිංහලයන්ගේ කායික ස්වරූපයට යි. එයටත් වඩා ඔවුන්ගේ සිංහල සබඳකම දක්වන සාධකය වන්නේ දිවෙහි බස යි. ගණන් ක්‍රමය දෙරටෙහි එක සමාන බවක් පෙන්වයි. මාලදිවයින් භාෂාවේ වදන් බොහොමයක් හෙළ බසින් බිඳුන ඒවා ය. "එවෙයිල අකුරු" හෙවත් දිවෙහි අකුරු නමින් හැඳින්වුන මාලදිවයිනේ පැරණි හෝඩිය පැරණි සිංහල අකුරුවලින් සකස් වූවකි. වර්තමානයේ භාවිතා වන හෝඩිය අරාබි අකුරුවලින් සෑදුනකි. දොළොස් වන සියවසේ මාලදිවයිනේ විසූ අබ්දුල්ලා සාවි එවකට මාලදිවයිනේ තිබුණ කතන්දර සියල්ල ලේඛනගත කළේය. අපේ ජනප්‍රවාද සමඟ ඒවා ගැලපෙන බවක් පෙනේ. එහි එක් කථාවක් මෙසේ ය. දිවෙහි රාඡ්ඡේ නාග මඬුල්ලේ සොමිගුණ නා රජු දිනක් මුහුද දිගේ පැමිණි නාගයකුගේ පෙනය තුළින් එළියට පැමිණෙන කාන්තාවක සිහිනෙන් දුටුවේය. දිවෙහි රාඡ්ඡේ ඔටුන්න හිමි කුමාරිකාවක පැමිණෙන බවට එය පෙරනිමිත්තක් යෑයි නැකැත්කරුවෝ රජුට පැවැසූහ. එයින් දින කීපයකට පසු කාන්තාවන් පිරිසක් සහිත නැවක් පැමිණියේය. සිංහපුරයේ සිදුකෙරුණ අකටයුතු හේතුවෙන් විජය ඇතුලු පන්සීයක් පමණ පිරිස ද, ඔවුන්ගේ භාර්යාවන් වන තම පිරිස ද නැව්වල නංවා රටින් නෙරපූ බවත්, කුණාටුවකට හසුවීම නිසා තම නැව් මෙහි ආ බවත් කාන්තා පිරිසේ නායිකා වූ භූමිකා, සොමිගුණ රජුට පැවැසුවාය. රජු කාන්තාවන් අතර සිටි විජයගේ බිරිඳ වන සුරඹා ද අගමෙහෙසිය බවට පත් කරගත්තේය. මේ අතර යක්ෂයන්ගේ රටට ගිය විජය යක්ෂ කාන්තාවක වූ කුවේණි විවාහ කරගත්තේය. එසේ වුව ද, තම කලින් බිරිඳ සුරඹා සහ අභය පුතා නොමැති නිසා ඔහු සිටියේ බලවත් කනගාටුවකිනි. විජය ඒ හේතුවෙන් රෝගාතුර විය. සුරඹා නාග මඬුල්ලේ සිටින බවට තොරතුරු දැනගත් විජය ඇයට ලක්දිවට එන්නැ යි දන්වා යෑව්වේය. එයට පිළිතුරු ලෙස සුරඹා, තමාගේ සහ සොමිගුණ රජුගේ පිළිරූ සාදවා තම්බපණ්ණියට එව්වා ය. ඒ පිළිම කාලපුෂියේ (කල්පිටියේ) තල්ගස් විමානයක තබා ඒවාට පූජා පැවැත්වූ පසු විජයගේ රෝගය දුරුවිය. මෙම ජනප්‍රවාදය අපේ රටේ ඉතිහාස පුවතට සමාන ය. ලාට රට සිංහපුරයෙන් නෙරපා හරින විජය කුමරු ඇතුලු පන්සියයක් පිරිසගේ බිරින්දැවරුන් සිටිය නැව් ලක්දිවට නොපැමිණ දකුණු දිසාවට ගමන් කළ බවත්, මහිලාවන් ගොඩබට දිවයින මහිලා දිවයින වූ බවත් අපේ රටේ ප්‍රචලිත පුවතකි. විජයගේ සොහොයුරු සුමිත්තගේ දියණිය වූ කොයිමාලා ගමන් ගත් නැව පැමිණියේ කාරදූවට යි. තම්බපණ්ණියට කැඳවාගෙන එනු ලැබූ ඇය විජය දෙදෙනාගේ පුත් ජීවගේ බිරිඳ බවට පත්වුණි. අනතුරුව නාග මණ්ඩලය බලා ගිය ඔවුන්ගේ නැව මාලෝස් දිවයිනට ළඟා විය. කුවේණියගේ සොහොයුරු පූර්ණ එහි පාලකයා ය. පූර්ණ තම බෑණා වන ජීවට රස්ගේතිමු දිවයිනේ පාලනය පැවරුවේය. ජීව සහ කොයිමාලා දෙපොලගේ දියණිය රූපමාලා ය. ඇය නාග ගෝත්‍රික මණිනාග සහ යක්ෂ ගෝත්‍රික සෝම යන දෙදෙනාගේ ම බිරිඳ බවට පත්විය. ඉන්පසු රූපමාලා සියලු දිවයින්වලට අධිපති රැජිණ ලෙස අභිෂේක කරනු ලැබුවා ය. මාලා දිවයිනට නම ලැබුණේ රූපමාලා නිස යි. සිංහල ගෝත්‍රිකයන් රැගෙන ඒම සඳහා නැවතත් සෙරන්ඩිබ් දේශයට නැව් දෙකක් පිටත්වුණ බව අබ්දුල්ලාගේ කතන්දර පොතේ සඳහන් වෙයි. අබ්දුල්ලාගේ කතන්දර පොතෙහි දැක්වෙන අන්දමට මාලා දිවයිනට බුද්ධාගම ගෙන ගියේ විදේහා භික්ෂුණිය යි. යව දිවයිනට මෙහෙණි සසුන හඳුන්වා දුන්නේ සුමංගලා භික්ෂුණිය යි. කල්‍යාණි නුවර ස්වර්ණතිස්ස රජුගේ දියණිය වූ මහිලා භික්ෂුණිය මස්සිකා දිවයිනට මෙහෙණි සසුන ගෙනගියා ය. පියදස්සී රජුගේ කාලයේ වැඩමවා ගෙන ආ මහා බෝධිය රූපමාලා අභිෂේක කළ තැනට උතුරු පැත්තේ රෝපණය කොට ඒ අසල චන්ද්‍රකාන්ති භික්ෂුණී ආරාමය ඉදිකර ඇත. එය පිහිටා තිබුණ වීදිය හැඳින්වුණේ "බොයිගස් මඟු" නමිනි. එනම් බෝගස් මාර්ගය යි. හෙන්වේරු යනු එම වීදියේ කොටසකි. විශාල වෙහෙර යනු එහි තේරුම යි. මෑතක් වනතුරු ම මාල දිවයිනේ බෝ ගස් දෙකක් පැවැති බව වාර්තා වේ. බෝධිමාලා රැජිණගේ කාලයේ මුහුද (කඳුර) ගොඩ ගැලුවේය. දිවයින් බේරාගැනීම සඳහා සුමාලි නමැති කුමරිය මුහුදු රකුසාට බිලිදෙන්නට තීරණය විය. ඒ අවස්ථාවේ පුවඟු දිවයිනෙන් මහාබෝධිය අසලට වැඩි රහතන් වහන්සේ තුන් නමක් ධාර්මිකව රට පාලනය කරන්නැ යි උපදෙස් දී මුහුද ගොඩ ගැලීම සත්‍ය ක්‍රියා බලයෙන් නතර කරවූහ. අනාගතයෙහි සතුරු පිරිසක් පැමිණ භික්ෂූන් හා සංඝාරාම වනසන බවට අනාවැකියක් ද පළකළහ. එම අනාවැකිය දොළොස් වන සියවසේ දී සැබෑ විය. මුහුදු මට්ටමේ තිබෙන මාලදිවයින් බේරාගැනීමට වාර්ෂිකව රත්නමාරි නමැති මුහුදු රකුසාට කුමරියක බිලිදීමේ සිරිතක් තිබුණි. මාලදිවයිනට පැමිණි ඉස්ලාමිකයකු වූ අබු අල් බරකත් යූසුබ් අල් බර්බරි මුහුදු රකුසාගෙන් දිවයින බේරාගන්නට තමාට හැකි බව කීය. බිලිපූජා දිනයේ ගැහැනු වෙස්ගත් ඔහු මුහුද අද්දරට වී මහ හඬින් කුරානය කියවන්නට විය. එදින මුහුදු රකුසා ගොඩබිමට ආවේ නැත. අල් බර්බරි නිරුපද්‍රිතව සිටිනු දුටු තීමුගේ මහා කාලමින්ජා රජු පුදුමයට පත්විණි. හාස්කම සිදුවුණේ කුරානයේ අනුහසින් යෑයි රජුට හා රටවැසියන්ට ඒත්තු ගැන්වූ අල් බර්බරි, රාජ්‍ය පාලකයා දර්මවන්ත මොහොමඩ් අල් අදිල් නමින් ඉස්ලාම් ආගමට හරවා ගත්තේය. මෙලෙස මාලදිවයින ඉස්ලාම්කරණයට ගොදුරුවුණේ ක්‍රි. වර්ෂ 1153 වසරේ දීය. ඇතැම් ඉතිහාසඥයන්ගේ අදහස එය 1147 වසරේ දී සිදු වූ බව යි. මාලදිවයින් ඉතිහාස තොරතුරු හසන් තජුර්දීන්ගේ තාරික් ලේඛනයේ ද රාදාවලියේ ද දැක්වෙයි. ඉස්ලාම්කරණයට මුල් වූ අබු බර්කත් යූසුබ් අල් බර්බරි අප්‍රිකාවේ උතුරේ පිහිටි බාර්බර් පෙදෙසින් පැමිණි බව සාමාන්‍ය පිළිගැනීම යි. එහෙත් රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ 1986 සඟරාවට ලිපියක් සපයන මාලදිවයිනේ ඉතිහාසඥ හසන් අහමඩ් මනිකු පෙන්වා දෙන්නේ අල් බර්බරි ලක්දිව බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් කෙනකු වශයෙනි. අහමඩ් මනිකු කියන පරිදි අබු අල් බර්බරි උතුරු අප්‍රිකාවේ බටහිර පැත්තේ පිහිටි බර්බරි රාජ්‍යයේ වැසියකු යෑයි පවසන ලද්දේ ඉබන් බතුතා විසිනි. ලංකාවේ බේරුවල මුලින් හැඳින්වුණේ බාර්බරීන් නමිනි. හෙන්රි කේවි ලියූ "ද බුක් ඔෆa සිලෝන් 1908" - The Book of Ceylon 1908 පොතේ බේරුවල හැඳින්වීමට බාර්බරීන් "Barbaryn" වචනය යොදා ඇත. ක්වේරොස් පියතුමා ද බේරුවල හඳුන්වන්නේ "Barbaryn" බාර්බරී නමිනි. එකොලොස් වැනි සියවස වන විට මාලදිවයින හා ලංකාව අතර වෙළෙ¹ම සිදුකෙරුණේ බේරුවල ප්‍රදේශයෙනි. ඒ සඳහා පැමිණි මුස්ලිම්වරු බේරුවල පදිංචිව සිටියහ. පසුකලෙක මාලදිවයිනෙන් පැමිණි සුල්තාන් මොහොමඩ් ඉබ්න් අලි විසින් බේරුවල මරදානේ මස්ජිද් අල් අබ්රාර් නමැති ඉස්ලාම් පල්ලිය සාදවා ඇත. (Journal of the Royal Asiatic Society, Sri Lanka Branch 1986/87). කදිරා රෙදිනිගේ පාලන කාලයේ ක්‍රි. වර්ෂ 1344 දී මාලදිවයිනට ගොඩ බැස්ස මූස්ලිම් දේශාටක ඉබන් බතුතා දස මසක් එහි සිටියේය. විවාහ දෙකක් කරගත් ඔහු ඉස්ලාම් ෂාරියා නීතිය ක්‍රියාත්මක කරන උසාවියේ ගාසි විනිසුරුවකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු මාලදිවයින් වැසියන් ගැන වාර්තා කර තිබේ. මාලදිවයින් ජනයා අහිංසක හා විශ්වාසවන්ත පිරිසකි. ඔවුහු කලහකාරී නොවෙති. මම වරක් හොරකුගේ අත කපන්නට තීන්දුව දෙන විට එය ඇසූ එතැන සිටි බොහෝ දෙනා සිහිසුන්ව ඇද වැටුණ බව බතුතා සඳහන් කරයි. මාලදිවයින් ජනයා ඉස්ලාම් ආගමට හැරුණත්, එවැනි දරුණු දඬුවමක් දැකීමෙන් ඔවුන් තැතිගත්තේ පාරම්පරිකව ඔවුන් වධහිසාවන්ට අකැමැති ජාතියක් වූ නිසා විය හැක. විල්හෙල්ම් ගයිගර්, එච්. සී. පී. බෙල්, තෝර් හයර්දාල්, එප් පිරාඩ්, හසන් අහමඩ් මනිකු වැනි විද්වත්හු මාලදිවයිනේ බෞද්ධ උරුමය ඉස්මතු කළ අය වෙති. දූපත් වැසියන් විසින් රැදින් ඉදිකළ හවිත්ත හෙවත් උස්තුබු යනුවෙන් හඳුන්වනු ලබන ස්තූප ද, බෞද්ධ ආරාම හා බුදුපිළිම ද මාලදිවයිනේ වරින් වර සිදු කෙරුණු පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් හමු වී ඇත. කැණීම්වලින් ලැබුණ වැදගත් භාණ්ඩයක් වන්නේ ලෝමෆානු තඹ පත්තිරු ය. (Loamaafaanu Copper Plates) ඒවා මාලදිවයින් ඉතිහාසය හෙළි කරන පැරණි ම ලේඛන වෙයි. දොළොස්වන සියවසට අයත් ලෝමෆානු තඹ පත්තිරු බොහොමයක් හමුවී තිබෙන්නේ පැරැණි බෞද්ධ ආරාම හා දාගැබ් තිබුණ තැන්වල ඒවා කඩා දමා ඉදිකෙරුණ ගොඩනැඟිලි නටබුන් අතරිනි. ඒවා හැඳින්වෙන්නේ ලැබුණ දූපත්වල නම්වලිනි. ඒ අනුව ගමු ලෝමෆානු, ඉස්දු ලෝමෆානු, හද්දුමති ලෝමෆානු ආදී වශයෙන් තඹ පත්තිරු නම් කර ඇත. දිවෙහි බසින් එයට නම සෑදී තිබෙන්නේ ලෝ (ලෝහ) මා (මහා) පානු (පණ්ණ) යන වචන එක්වීමෙනි. ලෝමෆානු තඹ පත්තිරු ලියා තිබෙන්නේ මාලදිවයිනේ අතීතයේ භාවිත දිවෙහි (එවෙයිල) අකුරුවලිනි. එය මුලුමනින්ම ලංකාවේ පොළොන්නරු යුගයේ භාවිත අකුරුවලට සමාන හෝඩියකි. පළමුවන විජයබාහු රජුගේ පණාකඩුව තඹ සන්නසට එය සමාන ය. ඡේ. බී. දිසානායක සහ ජී. ඩබ්. විජයවර්ධන යන මහාචාර්යවරු 1981 දී මාලදිවයින් රජයේ ආරාධනයෙන් එරටට ගොස් ලෝමෆානු තඹ පත්තිරු කියවා භාෂා විද්‍යාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. (Journal of the Royal Asiatic Society, Sri Lanka Branch 1986/87) එහෙත් ලෝමෆානු ලේඛනයේ අන්තර්ගත කරුණු එහි ඇතුළත් කර නොමැත. ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීමේ දී නව පර්සියානු භාෂාව මාධ්‍යයක් වශයෙන් යොදාගැනීම යන තේමාව යටතේ ජර්මනියේ ඡේ. ගිපර්ට් විසින් ලියන ලද Early New Persian as a medium of spreading Islam ශාස්ත්‍රීය ලිපියක ලෝමෆානු තඹ පත්තිරුවල අන්තර්ගතය ඇතුළත් ය. ලෝමෆානු තඹ පත්තිරුවල සඳහන් වන්නේ මාලදිවයිනේ බෞද්ධ සංහාරය සිදු කෙරුණ ආකාරය යි. ඉස්දු දූපතේ ඉස්ලාම් දේවස්ථානයකින් හමුවුන ඉස්දු ලෝමෆානු සන්නසෙහි පල්ලිය ඉදිකෙරුණ අයුරු දැක්වෙයි. එහි මුල් පිටුවේ "සුවස්ති, ධර්මාදිත්ත දේවාසු සන්හනම්" යනුවෙන් සඳහන් රජුගේ ලාංඡනය ඔබ්බවා ඇත. ඊළඟට සන්නස ලියන ලද වර්ෂය ඇතුළත් වෙයි. එහි සඳහන් කාල වකවානුව අනුව අනුමාන කෙරෙන්නේ මහම්මදු තුමා ස්වර්ගයට වැඩම කොට අවුරුදු 582 කට පසු රජ වූ ශ්‍රීමත් ගගනාදිත්ය මහරජුගේ තුන්වන පාලන වර්ෂය යි. එනම් ක්‍රි.ව. 1196 වැනි අවුරුද්ද යි. ("ශ්‍රීමත් ගදනාදිත්ය මාරසුන් තිනවන අවුරොදුන් ශ්‍රී මහන්මදු පේතාම්බරුන් ස්වර්ග වඩයි ගත් පසු සතුතෙඅසි අවුරොදුන්") ලෝමෆානු සන්නසේ අනතුරුව දැක්වෙන්නේ ඉස්දූවේ පැවැති විහාරස්ථානය හා භික්ෂුන් වැනසූ ආකාරය යි. "පුරුබේ කාපුරු රසුන් ඉසුදුවේ කරවි වෙරුමාන බිදේ" (පෙර මිසදිටු රජුන් ඉස්දූවේ කරවු වෙහෙර බිඳ - කාපුරු යනු අල්ලා දෙවියන් නොඅදහන අයට කුරානයෙහි යොදන කෆsර් යන වචනය යි). "බුදු උපුරයි බුදායි මි බුදුවෙරගන කුලසඟමානුනායි මි එම්මෙන් මාලෙ ගෙන් අයිසු" (බුදු (පිළිමය) උගුලුවා බුදු (පිළිමය) සහ බුදුවෙහෙරවැසි කුල සඟමහණුන් සියල්ලෝම මාලෙට ගෙනවුත්). "බූජායි වේරට මුදල දින් තක් මාපන්සොදායි රාජ බන්ඩාර අට ගෙනෙ" (බදු ලෙස වෙහෙරට පිදුව සියලු මුදල් රාජ භාණ්ඩාගාරයට ගෙන). "සද්අත් නු කාපුරුන් මරම් එවි වදාරයි" (ශ්‍රද්ධාව නැති කාපුරුවන් මරමි යි වදාළේය). "මහම්මදු පීතාම්බරුන්ගෙ දර්සන අට වැදුම වී තක් කාපුරුන් නොමරයි" (මහම්මදු සාන්තුවරයාගේ විශ්වාසයට ඇතුල් වූ කාපුරුන් ඝාතනය නොකරයි). "සාදත් කියවායි සුන්නත් කොටු විදෙලයි" (ඇදහීම ප්‍රකාශ කරවා සුන්නත් කරවන්නට නියෝග කළේය). "ශ්රීමහම්මදුපීතාම්බරුන් දුනියෙන් ස්වර්ගවැදයිගත් පසුඅත් ආ බයාසි අවුරොදු වී සිදේ" (ශ්‍රී මොහොම්මදු සාන්තුවරයා පොළොවෙන් ස්වර්ගයට ගිය පසු 582 අවුරුද්දෙහි). "ශ්‍රී ගදනාදිත්ය මාරසු දේවතායිනට ක්රන අලුකමක් සින්තා කොටු" (ශ්‍රී ගගනාදිත්ය මහරජු දෙවියන්ට කරන සේවාවක් සිතා සිදුකළේය). ඉස්දු ලෝමෆානු තඹ පත්තිරුවට අනුව පෙනී යන්නේ ගගනාදිත්ය රජු ඉස් දූපතේ බෞද්ධාරාමයෙහි බුදුපිළිමය උදුරා දමා, ආරාමයෙහි වැඩ සිටි සියලු භික්ෂූන් මාලේ වෙත රැගෙන අවුත් ඒ අය අතරින් අල්ලා දෙවියන් විශ්වාස නොකරන බව කී අය මරා දැමූ බවයි. එසේම දෙවියන් අදහන්නට පොරොන්දු වී ඉස්ලාම් ආගමට බැඳුන භික්ෂුන් සුන්නත් චාරිත්‍රයෙන් පසු මුස්ලිම් කරවා ඇත. ඉස්දු ලෝමෆානුවේ තවදුරටත් විස්තර වන පරිදි, ඉස්දූවේ බෞද්ධාරාමය තිබූ තැන සිකුරාදා නමින් විශාල දේවස්ථානයක් ඉදිකර තිබේ, සන්නස ලැබුණේ එම ස්ථානයෙනි. [COLOR="red"]දඹදූවෙන් සොයාගත් දඹුදු ලෝමෆානු පත්තිරුවල මුල් කොටසේ සඳහන් වන්නේ අල්ලා දෙවියන් ලොව මැවූ ආකාරය යි. අවසාන කොටසෙහි දඹදූවේ ඉස්ලාම් දේවස්ථානය ඉදිකළ බව දැක්වෙයි. දූපතේ සිටි භික්ෂූන් හා බෞද්ධයන් මරා ඇත. ඇදහිලිවන්තයින් නොවුන, මුසල්මානුන් නොවී බුදු පල්ලි සාදන, බුදුපිළිම සාදන බුදුන් දෙවියන් වේ යෑයි සිතෙහි වැදගෙන මිසිදිටුකම් කරන සියල්ලන් ඝාතනය කරන ලදී. ("සදාත් නු කයි. මුසල්මාන් නු වෙ වුලෙ කාපුරුන් බුදුපල්ලි නඟයි බුදු සඳයි මෙ බුදු දේවතායින වේ සිතයි වෙද ගෙන කුපුරිකමු කොටු") [/COLOR] ලෝමෆානු තඹ පත්තිරුවල ඇතුළත් කරුණු සනාථ කරන "ෆත්කොලු" නමැති ලියෑවිලි වර්ගයක් ද මාලිදිවයිනේ තිබේ. ඒවා කොල පත්තිරු හා ලී පතුරු මත ලියූ ලේඛන විශේෂයකි. දිවයින්වල බෞද්ධ සංහාරය සිදුකෙරුන අයුරු ඒවායෙහි ද විස්තර වෙයි. මාලදිවයින සමඟ සබඳකම් තිබුණත් දුරබැහැර පිහිටි නිසා එදා හෙළදිව බෞද්ධයන්ට මාලදිවයිනේ බුද්ධ ශාසනය රැකගන්නට නොහැකි විය. මුස්ලිම් රටවලින් පැමිණි සංක්‍රමණිකයන්ගේ බලපෑම වැඩිවීම ද එයට තවත් හේතුවකි. භික්ෂූන්ගේ හා බෞද්ධයන්ගේ හිස් ගසා දැමීමෙන් ද, තවත් පිරිසක් ඉස්ලාම් ආගමට හැරවීමෙන් ද මාලදිවයිනේ බුද්ධාගම විනාශ කෙරුණ ද බෞද්ධ වෙහෙර විහාරවල නටබුන් වරින් වර හමුවෙයි. එච්. සී. පී. බෙල් 1923 වසරේ මාලදිවයිනේ ගන් දූපතේ කුරුහින්න පෙදෙසින් විශාල දාගැබක කැණීම් කළේය. දිවෙහි බසින් සතිහිරුතලු නමින් හැඳින්වෙන එහි ඡත්රාවලිය කැඩී තිබුණි. ඔහු සොයාගත් බුදුපිළිම හිසෙහි පරිමාව අනුව පිළිමයේ උස අඩි පහළොවකි. මුනිපුර නමින් නගරයක් හා බෝගස් දූව නමින් දූපතක් එහි තිබුණ බව ඔහු පවසයි. මාලදිවයින් ඉතිහාසඥ හසන් අහමඩ් මනිකු 1990 දී දූපත් 59 ක බෞද්ධ ආරාමවල නටබුන් තමන් දුටුව බව වාර්තා කර ඇත. 1980 දී හද්දුමතී දූපතේ කැණීමකින් නෝර්වීජියානු තෝර් හයර්දාල් විසින් දාගැබ් හා බුදුපිළිම සොයාගන්නා ලදී. මුහම්මද් ඉස්මායිල් ඩිඩී 1959 දී තොද්දු දූවේ සිදුකළ කැණීමක දී හමුවුණ බුදුපිළිමයක් නැවත නිධන් කළේය. එයට හේතුව ඔහු මෙසේ සඳහන් කරයි. "මාලේ වැසියන් මුස්ලිම් වුවත්, තොද්දු දූවේ වැසියන් තවමත් බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරන බව දක්නට ඇත. ඔවුන් වැඳුම් පිදුම් කළ ප්‍රතිමාව (බුදු) ඉතා පරිස්සමින් තැන්පත් කර වැලි පුරවා වසා දමන ලදී. එය සිදුකෙරුණේ මල් ආදිය තබා ඉතා ගරුබුහුමන් සහිතව ය. ඔවුන් පන්සල වැනසුවේ නැත. මක්නිසා ද? අපේ මුතුන් මිත්තන් විශ්වාස කළ පරිදි මේ දිවයිනේ ඉතා කෙටි කලකින් නැවත බුදුදහම ඉස්මතු වූ විට ඔවුන්ට මේ පිළිමය නැවත මුලින් තිබූ පරිදි තැන්පත් කරන්නට හැකිවේ යෑයි බලාපොරොත්තුව වූ බැවිනි." "එසේ වුව ද, කැණීමෙන් පසු මේ බෞද්ධ සිද්ධස්ථානය ආරක්ෂා නොවුණි. ගවේෂණ කණ්ඩායමට දක්නට ලැබුණේ පුරාවස්තු හොරුන් බුqදුපිළිමය නැවත ගොඩගෙන හානිකර තිබෙන බවයි. පිළිමයේ ඉතිරි කොටස මාලේ අගනුවරට ගෙනා පසු එය විශාල මුදලකට ශ්‍රී ලංකාවට විකිණීම සුදුසු යෑයි ඇතැම් නිලධාරීන් යෝජනා කර ඇත. දෙවැනි දවසේ බුදුපිළිමය බැලීමට පැමිණි පිරිස පාලනය කරගැනීමට පවා අපහසු විය. මාලේ වැසියන් නැවත බුදුදහම වැළඳගන්නට පෙළඹෙනු ඇතැ යි බියක් ද රජයට ඇතිවුණි. ඒ නිසා රජයේ නිලධාරීහු බුදු පිළිමය විනාශ කළහ." (Next day, the most widely discussed topic was that the worship of statues had begun in Male and some people had converted to Buddhism. People gathered at various places in Male and shouted about their concerns.) - The discovery and destruction of the big statue of Thoddu in 1959 - Statue smashed a second time at Mulee-aage - by Adam Halee අබ්දුල් ගයුම්ගේ පාලනයෙන් පසු 2007 වසරේ මාලදිවයිනේ ජනාධිපති වූයේ මොහොමඩ් නෂීඩ් ය. ඔහු ශ්‍රී ලංකාවේ සන්ඩේ ටයිම්ස් පත්‍රය Sunday Times, November 02, 2008 සමග කළ සාකච්ඡාවක දී පැවැසුවේ, අප අනෙකුත් ආගමික විශ්වාසයන්ට ගරු කළ යුතු ය. මම මහජනයාගේ මූලික අයිතිවාසිකම් රකින පාලනයක් ගෙනයැමට අපේක්ෂා කරමි. කෙනෙකුට තමන් කැමැති ආගමික දේශනාවක් කරන්නට මෙන්ම අනුගමනය කරන්නට ඉඩ තිබිය යුතු ය. එවිට ප්රජාතන්ත්රවාදය මගින් මූලධර්මවාදය මකා දමනු ඇත. ජනාධිපති නෂීඩ් නිරතුරුවම ගුරුහරුකම් ගත්තේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනි. මාලදිවයිනේ බෞද්ධ පුරාවස්තු කැණීමට ඔහු අපගේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව අපට දැනගන්නට ලැබුණි. ඒ අතර 2008 ඔක්තෝබර් මස ඩොලර් 29,000 ක ඇමරිකන් ආධාර ලබාගෙන කාසි දූපතේ බෞද්ධ ආරාමයක් සංරක්ෂණයට ජනාධිපති නෂීඩ් පියවර ගත්තේය[COLOR="Red"]. ඔහුගේ ආගමික පිළිවෙත අන්තවාදීන්ගේ කෝපයට හේතුවුණි. නෂීඩ්ගේ රජයේ ඉස්ලාම් කටයුතු භාර ඇමැති අබ්දුල් බාරි අල්ලා දෙවියන් නොඅදහන අයගේ හිස ගසා දැමීමේ ෂාරියා නීතිය ක්‍රියාත්මක කළයුතු බව කීය. ඉස්ලාම් නොවන කෙනකුට මාලදිවයිනේ පුරවැසි බව ලබා නොදිය යුතු යෑයි මාලේ ව්‍යවස්ථාව 2008 වසරේ සංශෝධනය කර ඇත. ("a non-Muslim may not become a citizen of the Maldives" the newly amended Constitution in 2008) ක්‍රිස්තියානි ඉංග්‍රීසි ගුරුවරුන් රටින් පිටුවහල් කර ඇත. කලකට පෙර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුදු පිළිමය ඉවත් කෙරුණි. 2012 පෙබරවාරි 07 වැනි දින කුමන්ත්රණයකින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් බලයෙන් පහ කෙරුණි. [/COLOR]එයින් දින කීපයකට පසු මාලදිවයිනේ බොදු බලය ගිලිහීමේ ෙ€දවාචකය යළිත් සිහි ගන්වමින් එහි කෞතුකගාරයේ තිබූ හෙළ බොදු උරුමය හෙළි කරන බුදු පිළිම සියල්ල ම අන්තවාදීන් විසින් විනාශ කරන ලදී. [URL="http://www.divaina.com/2012/11/28/badada01.html"]උපුටා ගැනීම[/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom