Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිගාවිල බුද්ධ පිලිමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="IMUNA" data-source="post: 26929808" data-attributes="member: 392391"><p>පැරණි සිහළුන් ටොන් 100ක් බර ගලකින් පිළිමයක් නෙලා එය කෙලින් සිටවූයේ කෙසේද? වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගමන් කළ තැන්හි හමුවන “මාළිගාවිල” පුදබිමට ඇතුළුවිය හැකිය. මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්කාක වංසයෙහි උපන් මහා තිස්සගේ සහ සංඝසිවා බිසවගේ දෙටු පුත්‍රයා වන අග්ගබෝධි රජතුමන් විසින් බව මහවංශයෙහි සඳහන්ය . ඒ මතුද නොව එහිම සඳහන් පරිදි ආරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම්වලින් හඳුන්වා ඇත්තේ ද මෙකී විහාරයම බවත් කියෑවේ. එමෙන්ම මාළිගාවිලට ප්‍රසිද්ධියක් ගෙන දෙන්නා වූ මාළිගාවිල හිටි පිළිමය හා ඊට මදක් එපිටින් පිහිටා ඇති යෝද බෝධි සත්ත්ව ප්‍රතිමාව පුරාතණයේ එකම ආරාම සංකීර්ණයක් වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. මාළිගාවිල හිටි පිළිමය උසින් අඩි 34 කි. එහි උරහිස් අතර පළල අඩි 10 ක් පමණ වේ. හුණු ගලින් නිමවා ඇති මෙම සුවිසල් පිළිමය වෙනත් ස්ථානයකදී නිම කිරීමෙන් පසු දැනට පිහිටුවා ඇති ස්ථානයට ගෙනැවිත් ඊටම සරිලන ආසනයක ප්‍රතිෂ්ඨාපනය කිරීමම එකල ශ්‍රී ලාංකිකයන් සතු වූ විස්මිත හැකියාවත් ඉස්මතු කරන්නක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහසයි. මාළිගාවිල ඒ අවට ප්‍රදේශයේ කොතැනකවත් මේ සා විශාල පිළිමයක් නෙළීමට හැකි තරමේ හෝ වෙනත් කාර්යයකට යොදා ගත හැකි අන්දමේ ගල් කඳු හෝ ගල් කැටයක් සොයා ගැනීමට නැත. මේ හේතුව නිසාම එකල විසූ ජනයා අතරත් පසුකාලීනවත්, මෙය සෘද්ධියෙන් මෙන් නිමවන ලද්දක් බවට විශ්වාසයක් ගොඩනැඟී තිබිණි. මහාවංශයෙහි පවා එය සනිටුහන්ව ඇත්තේ එපරිද්දෙනි. එහෙත් ඒ දවස ශ්‍රී ලාංකිකයන් සතුව පැවැති උසස් ශිල්පීය ඥනය හා ශක්ති සම්පන්න බව මොනවට පැහැදිලි කරන සාක්ෂියක් ලෙස මෙය දැක්විය හැකි බව මුලින් කී මත බැහැර කරන ඉතිහාසඥයන් පවසති. 1934 දී මහැදුරු පරණවිතාන ශූරීන් මේ ප්‍රදේශයට පැමිණි කළ බිමට ඇද වැටී පසින් යට වී තිබූ මාළිගාවිල පිළිමයත් දඹේගොඩ පිළිමයත් දකින්නට ලැබිණි යෑයි කියෑවේ. ඒ වනවිටත් පිළිමයන් කැබැලිවලට කැඩී තිබුණු බවක් ද පැවැසේ. පසු කලෙකදී මෙම ප්‍රතිමාව අග්ගබෝධි රජතුමා විසින් නිම කරන ලද විලාශයෙන්ම වත්මන් පරපුරට දැක ගැනීමට හැකි අයුරින් ස්ථාපනය කිරීමෙහි විශිෂ්ට මෙහෙවර ඉටු කළේ එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්. ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එවකට ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස සේවය කල නැසීගිය ගැමුණු සිල්වා මහතා ඇතුළු ඊට අනුයුක්තව සේවය කළ කම්කරුවාගේ සිට ඉහල තනතුරු දරණ ප්‍රධානීන්ගේ අති විශිෂ්ට උත්සාහයෙනි. මීට අමතරව ප්‍රතිමාවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී විශිෂ්ට දායකත්වයක් දක්වා ඇත්තේ මාපලගම විපුලසාර හිමියන් ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ තාක්ෂණික ඥානය හා විපුලසාර හිමියන්ගේ අග්‍රගණ්‍ය කලා හැකියාවේ සම්මිශ්‍රණයක් ලෙස වර්තමානයේ දක්නට ඇති පරිදි පිලිමය නිර්මාණය විය. ශුද්ධවූ දෙවන ජුවාම් පාප්වහන්සේ ලංකාවට පැමිණි අවස්ථාවේ ගාලු මුවදොර පිටියේ පැවති දේව පූජාව සදහා පීඨිකාව ඉදිකිරීමේ කාර්ය සදහා මූලිකත්වය ගෙන කටයුතු කලේ අපේ විපුලසාර හිමියන් ය. බිඳී ගොස් තිබූ කැබිලි නව තාක්ෂණය ඔස්සේ එකලස් කරනලද නමුත් ඒ සා විශාල පිළිමයක් නැවත ඔසවා ස්ථාපනය කිරීම අපහසු කටයුත්තකි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු යෝධ දොඹකර යන්ත්‍ර ඒ සඳහා මාළිගාවිලට ගෙන යැමට ප්‍රධාන මාර්ගයේ සිට නව මාර්ගයක් තනන්නට ද සිදුවිණි. ඒ දවස කැඩී බිඳී තිබූ සුවිසල් ප්‍රතිමාව අද දවසේ එදා මෙන් නැඟී සිටින්නේ කිසිදු ඇද පලුද්දක් නොමැතිවය. වෙනකක් තබා ඒ දවස කළ පිරිද්දීම් පවා ඉතා සමීපයට යන්නෙකුට හැර දැකගත නොහැකිය. මේ සඳහා පලමු උත්සාහය දරා ඇත්තේ 1974 වසරේදී වන අතර එය අසාර්ථක වූයේ එතරම් අතිවිශාල බරක් එසවිය හැකි දොඹකර එම ස්ථානයට ගෙනයාමේ අපහසුව/ලංකාව තුල සොයාගැනීමේ අපහසුව නිසාය. දළ ඇස්තමේන්තුවලට අනුව හිස පමණක් ටොන් 50ක බරකින් යුතුවිය. මුළු පිලිමය ටොන් 100ක් බර බව සඳහන් වුවද එය ඉතා දළ ඇස්තමේතුවක් බවත් හිස පමණක් ටොන් 50ක් නම්, සම්පූර්ණ පිලිමය ටොන් 100කට වඩා විශාල බරකින් යුතුවිය බව ලේඛකයාගේ මතයයි. • මාළිගාවිල ප්‍රතිමාව පිලිබඳ වැදගත් දත්ත කිහිපයක් සාරාංශ ලෙස බලමු… 1. පිළිමය නෙළා ඇත්තේ තනි හිරිගල් කුට්ටියකිනි. 2. දළ ඇස්තමේන්තු අනුව එහි බර ටොන් 100 ඉක්මවයි. 3. පිළිමය නෙළීමට ඇවැසි එතරම් විශාල හිරිගල් පර්වත එම ප්‍රදේශයේ නැත. 4. එනම් පැරණි හෙළයා මේ අති දැවැන්ත හිරිගල් පර්වතය වෙනත් තැනකින් කපා මෙතැනට ගෙනැවිත් සිටුවා පිළිමය නෙළා ඇත. 5. පිළිම කර්මාන්තය කරවා ඇත්තේ 7වැනි සියවසේ (මීට වසර 1400කට පෙර ) රුහුණු රටෙහි රජකල අග්ගබෝධි නම් බළසම්පන්න ප්‍රාදේශීය රජෙකු විසිනි. සාකච්ඡාව 1. ප්‍රාදේශීය රජෙකුට මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සිදුකල හැකිනම් ඉන් පැරණි හෙළයා පිලිබඳව ගම්‍යවන කරුණු මොනවාද? * මෙවැනි සංකීර්ණ ව්‍යාපෘති සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ශණික ඥාණය රටතුල හොඳින් මුළ් බැසගෙන තිබිය යුතුය – එනම් පැරණි හෙළ ඉංජිනේරු ශිල්පය හොඳින් ව්‍යාප්තව තිබිය යුතුය, එවා උගන්වන ශික්ශණායතන, උගත් ශිල්ප ප්‍රගුණ කිරීමට විශාල ව්‍යාපෘති හා ඒවායේ බරපැන දැරීමට ධනවත්, නැණවත් පාළකයින් සිටිය යුතුය. * මෙවැනි ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට අතිවිශාල ධන සම්භාරයක් ඇවැසිය – ප්‍රාදේශීය රජෙකුට එවැනි ප්‍රාග්ධනයක් යෙදවිය හැකිව තිබුණානම් එදා රුහුණු රාජ්‍යය කෘෂි/ අභ්‍යන්තර වෙළඳ/ අපනයන වෙළඳ ආර්ථිකයකින් අතිශයින්ම සමෘධිමත්ව සිටියා විය යුතුය. දිළිඳු යටත් වැසියන් පාළණය කරන ප්‍රාදේශීය රජෙකුට මෙවැනි ආයෝජනයක් කිසිසේත් සිදුකල නොහැකිය. * එපමණක් නොව, රුහුණු රට මෙන්ම රටෙහි අනෙකුත් සියලු ප්‍රාදේශීය රාජ්‍යයන්ද සමෘධිමත් රාජ්‍යයන් විය යුතුමය. කළාව, තාක්ශණය, ශිළ්පීය ඥාණය දියුණු වන්නේ ආර්ථික වශයෙන් සමෘධිමත් රාජ්‍යයන් තුල මිස දුගී රටවල්වල නොව – අද බටහිර තාක්ශණයේ දියුණුවේ රහසද ඔවුන්ගේ ආර්ථික සමෘධියයි. 2. මෙවැනි ව්‍යාපෘතියකට ඇවැසි තාක්ශණය හා ශිල්පීය දැනුම (සරල විශ්ලේෂණයකි) * ටොන් 100ක් බල ගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් නොකැඩී ප්රවාහණය කිරීමට ඇවැසි ප්‍රවාහණ තාක්ශණය (transportation technology) කොතරම් දියුණු එකක් වූයේදැයි සිතා ගැනීමට පවා නොහැකිය. * මෙවැනි ගල් පර්වතයක් කෙලින් සිටුවා ප්රවාහණය කල නොහැකිය. එනම් එය කපා, දික් අතට තබා ප්රවාහණය කොට, නැවත කෙළින් සිටුවා පිළිමය නෙළු බවට උපකළ්පණය කල හැකිය. මේ සඳහා කොතරම් දියුණු යාන්ත්‍රික ඉංජිනේරු තාක්ශණයක් (mechanical engineering) පැරණි හෙළයා සතුවූවාද? නැතිනම් ඍද්ධියෙන් හෝ දෙවියන් හෝ පිටසක්වලින් උදව් ලැබුනාද ? ටොන් 100ක ගලක් කෙලින් සිටුවන්නට ඇවැසි දොඹකර තාක්ශණය? ඒ සඳහා භාවිතා කල කඹ කොතරම් ශක්තිමත් විය යුතුද? ඔසවා කෙලින් කරන්නට ඇවැසි බළය ලබාදුන්නේ කුමණ ආකාරයක යන්ත්රයකින්ද? යන්ත්‍රයේ (හෝ මිනිස් ශ්‍රමයේ ) බළය වැඩිකිරීමට, පාළණය කිරීමට හා සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය ලීවර හා කප්පි පද්ධති (pulley system) වැනි ඉන්ජිනේරු ශිල්ප තාක්ශණය පැරණි හෙළයා ඉතා හොඳින් ප්‍රගුණ කොට තිබුණා විය යුතු නොවේද? * මෙවැනි අතිශය සංකීර්ණ ව්‍යාපෘතියක් කළමණාකරණය කිරීමට දක්ශ ව්‍යාපෘති කළමණාකරුවන් සිටිය යුතුමය – පැරණි හෙළයන් දක්ශ ව්‍යාපෘති කළමණාකරුවන් (project managers) හා සැළසුම්කරුව්න් (project planners) සිටි බවට රටපුරා විහිදී ඇති විහාර දහස් ගණනක් කර්මාණ්තවලින් තහවුරු නොවේද? * මාළිගාවිල සංකීර්ණය නිර්මාණය කරන්නට ඇත්තේ කොතරම් දක්ශ වාස්තු විද්‍යාඥයින් (architects) විසින්ද? එවැන්නන් හෙළයන් අතර හිඟ නොවන්නට ඇත්තේ අනෙක් ශිල්ප මෙන්ම වාස්තු විද්‍යාව හදාරන්නටද පැරණි හෙළ තාක්ශණික සිප්හල් (technical colleges) තිබූ නිසා වන්නට බැරිද? * පැරණි හෙළ වාස්තු විද්‍යාඥයින් හට මෙවැනි හපන්කම් කරන්නට නම් ඔවුන් හා වැඩකල හැකි දක්ශ මිනින්දෝරුවන් (surveyers) හා අපටම ආවේනික ඉතා නිවැරදි මිනුම් තාක්ශණයක් (survey technology) තිබිය යුතුම නොවේද? අදටත් කුඩා ගෙපැලක් තනන්නට පෙරද මුලින්ම සිදුකරන්නේ මිනින්දෝරුවෙකු ගෙන්වා ඉඩම මැන මිනින්දෝරු සැලැස්ම අනුමත කරගැනීම නොවේද? අද මෙන්ම එදාද එසේමය. * මේසා විශාල ඉදිකිරීම් කර්මාණ්තයක් සාර්ථකව නිමකිරීමට ඉන්ජිනේරු හා අනුබන්ධ තාක්ශණයන් දියුණුව තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ඕනෑම ඉන්ජිනේරු ව්‍යාපෘතියක සාර්ථකත්වයේ එක් පාදමක් වන්නේ සාර්ථක මූල්‍ය කළමණාකරණයයි (finance management). මෙවැනි ඉදිකිරීමක් සැළසුම් කිරීමේදී මුලින්ම සිදුවන්නේ BOQ එකක් හෙවත් Bill of Quantities එනම් ව්‍යාපෘතියට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය (උදා: ගල්, වැළි, පස්, ගඩොල්) යනාදියෙහි හා අවශ්‍ය මිනිස් සම්පත් (කම්කරුවාගේ සිට සියලුම වර්ගයේ තාක්ශණික ශිල්පීන් දක්වාම )ඉතා විස්තරාත්මක අය්තම ලැයිස්තුවක් සකසා හැකිතාක් නිවැරදිව සෑම අයිතමයකටම බරපැන ඇස්තමේන්තු කිරීමයි. * ව්‍යාපෘති සැළසුම්කරුවන් මෙය (BOQ) ගණුදෙනුකරුවාට (මේ අවස්ථාවේදී එම ගණුදෙනු කරුවා ප්‍රාදේශීය රජෙකු විය) ලබාදෙන අතර අනුමැතියෙන් පසු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ. එසේ වෙන්කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය කටයුතු සඳහා යෙදවීම, වියදම් පාළනය, සිය ගණනක් සැපැයුම්කරුවන්හට ගෙවීම, දහස් ගණනක් ශ්‍රමිකයන් හට ගෙවීම, එම ගෙවීම් ලේඛනගත කොට රජුට (හෝ රජුගේ භාණ්ඩාගාරිකට) ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිදුවන්නට ඇත. මෙවැනි විශාල ව්‍යාපෘතියක සොරකම් වංචා සිදුවීමට ඇති ඉඩකඩ විශාල නිසා ඒවා වැලැක්වීම සඳහා සංකීර්ණ මූල්‍ය කළමණාකරන උපක්‍රම භාවිතාකරන්නට ඇත. * මේ සියලුම තාක්ශණයන්ගේ මූලික පාදම කුමක්ද? – උත්තරය ගණිතය යන්නයි. හොඳින් දියුණුවූ ගණිතමය ඥාණයක් නොමැතිව මේ කිසිවක් සිදුකල නොහැකිය. සකල විධ ඉන්ජිනේරු ශිල්පයන් හා මූල්‍ය කළමණාකරණය එකට බැඳ තබන පොදු සාධකය වන්නේ ගණිතයයි. ආදි හෙළයා අතර ඉතා දක්ශ ගණිතඥයින් බොහෝ සිටින්නට ඇත. පැරණි හෙළයාගේ සැඟවුණු තාක්ශණය හා ආර්ථික සමෘධිය රුවන්වැලි සෑයේ සිට, ජේතවනාරාමය, අභයගිරිය, ලෝවාමහා ප්‍රාසාදය, අවුකන පිළිමය, ගල්විහාරය හා මාළිගාවිල සංකීර්ණය දක්වා ඇති සියළු හෙළ සිවිල් ඉන්ජිනේරු කර්මාණ්තයන් කිසිවක් නූතනයේ mathematics, architecture, mechanical engineering, project management, project planning, surveying, finance management (මෙම ලැයිස්තුවට තව බොහෝ තාක්ශණයන් ඇතුලත්විය යුතු බව සළකන්න) ලෙස හඳුන්වන තාක්ශණයන් හොඳින් ප්‍රගුණ නොකල ජාතියකට සිදුකල නොහැකිය. ගණිතය, විද්‍යා-තාක්ශණය මෙන්ම සකළවිධ කළාවන්ද දියුණු වන්නට නම් ඒ ජාතිය ධනවත්/සමෘධිමත් ජාතියක් විය යුතුමය. එනම් ආදි හෙළය ඉතා සමෘධිමත්, ටොන් 100ක හිරිගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් ගෙනගොස් සිටුවා පිලිම නෙලා රෝහලක්ද සහිතව මහා විහාර කර්මාණ්තයකයකට (එනම් ලාභ නොලබන අලෞකික ව්‍යාපෘතියකට) මුදල් කන්දරාවක් යෙදවිය හැකි තරමේ ධනවත් ප්‍රාදේශීය රජුන් සිටි රටකි. මෙවැනි ලාංකීය උරුමයන් පිළිබඳ තොරතුරු දැනගැනීමට CEYLON YouTube නාලිකාව හා එක්වන්න <img class="smilie smilie--emoji" loading="lazy" alt="👇" title="Backhand index pointing down :point_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f447.png" data-shortname=":point_down:" /> <a href="https://youtube.com/channel/UCOt6v0le4nb31u1YNveauuQ" target="_blank">https://youtube.com/channel/UCOt6v0le4nb31u1YNveauuQ</a> CEYLON[ATTACH=full]145630[/ATTACH][ATTACH=full]145631[/ATTACH][ATTACH=full]145632[/ATTACH][ATTACH=full]145633[/ATTACH][ATTACH=full]145634[/ATTACH][ATTACH=full]145635[/ATTACH][ATTACH=full]145636[/ATTACH][ATTACH=full]145637[/ATTACH]</p></blockquote><p></p>
[QUOTE="IMUNA, post: 26929808, member: 392391"] පැරණි සිහළුන් ටොන් 100ක් බර ගලකින් පිළිමයක් නෙලා එය කෙලින් සිටවූයේ කෙසේද? වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගමන් කළ තැන්හි හමුවන “මාළිගාවිල” පුදබිමට ඇතුළුවිය හැකිය. මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්කාක වංසයෙහි උපන් මහා තිස්සගේ සහ සංඝසිවා බිසවගේ දෙටු පුත්‍රයා වන අග්ගබෝධි රජතුමන් විසින් බව මහවංශයෙහි සඳහන්ය . ඒ මතුද නොව එහිම සඳහන් පරිදි ආරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම්වලින් හඳුන්වා ඇත්තේ ද මෙකී විහාරයම බවත් කියෑවේ. එමෙන්ම මාළිගාවිලට ප්‍රසිද්ධියක් ගෙන දෙන්නා වූ මාළිගාවිල හිටි පිළිමය හා ඊට මදක් එපිටින් පිහිටා ඇති යෝද බෝධි සත්ත්ව ප්‍රතිමාව පුරාතණයේ එකම ආරාම සංකීර්ණයක් වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. මාළිගාවිල හිටි පිළිමය උසින් අඩි 34 කි. එහි උරහිස් අතර පළල අඩි 10 ක් පමණ වේ. හුණු ගලින් නිමවා ඇති මෙම සුවිසල් පිළිමය වෙනත් ස්ථානයකදී නිම කිරීමෙන් පසු දැනට පිහිටුවා ඇති ස්ථානයට ගෙනැවිත් ඊටම සරිලන ආසනයක ප්‍රතිෂ්ඨාපනය කිරීමම එකල ශ්‍රී ලාංකිකයන් සතු වූ විස්මිත හැකියාවත් ඉස්මතු කරන්නක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහසයි. මාළිගාවිල ඒ අවට ප්‍රදේශයේ කොතැනකවත් මේ සා විශාල පිළිමයක් නෙළීමට හැකි තරමේ හෝ වෙනත් කාර්යයකට යොදා ගත හැකි අන්දමේ ගල් කඳු හෝ ගල් කැටයක් සොයා ගැනීමට නැත. මේ හේතුව නිසාම එකල විසූ ජනයා අතරත් පසුකාලීනවත්, මෙය සෘද්ධියෙන් මෙන් නිමවන ලද්දක් බවට විශ්වාසයක් ගොඩනැඟී තිබිණි. මහාවංශයෙහි පවා එය සනිටුහන්ව ඇත්තේ එපරිද්දෙනි. එහෙත් ඒ දවස ශ්‍රී ලාංකිකයන් සතුව පැවැති උසස් ශිල්පීය ඥනය හා ශක්ති සම්පන්න බව මොනවට පැහැදිලි කරන සාක්ෂියක් ලෙස මෙය දැක්විය හැකි බව මුලින් කී මත බැහැර කරන ඉතිහාසඥයන් පවසති. 1934 දී මහැදුරු පරණවිතාන ශූරීන් මේ ප්‍රදේශයට පැමිණි කළ බිමට ඇද වැටී පසින් යට වී තිබූ මාළිගාවිල පිළිමයත් දඹේගොඩ පිළිමයත් දකින්නට ලැබිණි යෑයි කියෑවේ. ඒ වනවිටත් පිළිමයන් කැබැලිවලට කැඩී තිබුණු බවක් ද පැවැසේ. පසු කලෙකදී මෙම ප්‍රතිමාව අග්ගබෝධි රජතුමා විසින් නිම කරන ලද විලාශයෙන්ම වත්මන් පරපුරට දැක ගැනීමට හැකි අයුරින් ස්ථාපනය කිරීමෙහි විශිෂ්ට මෙහෙවර ඉටු කළේ එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්. ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එවකට ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස සේවය කල නැසීගිය ගැමුණු සිල්වා මහතා ඇතුළු ඊට අනුයුක්තව සේවය කළ කම්කරුවාගේ සිට ඉහල තනතුරු දරණ ප්‍රධානීන්ගේ අති විශිෂ්ට උත්සාහයෙනි. මීට අමතරව ප්‍රතිමාවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී විශිෂ්ට දායකත්වයක් දක්වා ඇත්තේ මාපලගම විපුලසාර හිමියන් ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ තාක්ෂණික ඥානය හා විපුලසාර හිමියන්ගේ අග්‍රගණ්‍ය කලා හැකියාවේ සම්මිශ්‍රණයක් ලෙස වර්තමානයේ දක්නට ඇති පරිදි පිලිමය නිර්මාණය විය. ශුද්ධවූ දෙවන ජුවාම් පාප්වහන්සේ ලංකාවට පැමිණි අවස්ථාවේ ගාලු මුවදොර පිටියේ පැවති දේව පූජාව සදහා පීඨිකාව ඉදිකිරීමේ කාර්ය සදහා මූලිකත්වය ගෙන කටයුතු කලේ අපේ විපුලසාර හිමියන් ය. බිඳී ගොස් තිබූ කැබිලි නව තාක්ෂණය ඔස්සේ එකලස් කරනලද නමුත් ඒ සා විශාල පිළිමයක් නැවත ඔසවා ස්ථාපනය කිරීම අපහසු කටයුත්තකි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු යෝධ දොඹකර යන්ත්‍ර ඒ සඳහා මාළිගාවිලට ගෙන යැමට ප්‍රධාන මාර්ගයේ සිට නව මාර්ගයක් තනන්නට ද සිදුවිණි. ඒ දවස කැඩී බිඳී තිබූ සුවිසල් ප්‍රතිමාව අද දවසේ එදා මෙන් නැඟී සිටින්නේ කිසිදු ඇද පලුද්දක් නොමැතිවය. වෙනකක් තබා ඒ දවස කළ පිරිද්දීම් පවා ඉතා සමීපයට යන්නෙකුට හැර දැකගත නොහැකිය. මේ සඳහා පලමු උත්සාහය දරා ඇත්තේ 1974 වසරේදී වන අතර එය අසාර්ථක වූයේ එතරම් අතිවිශාල බරක් එසවිය හැකි දොඹකර එම ස්ථානයට ගෙනයාමේ අපහසුව/ලංකාව තුල සොයාගැනීමේ අපහසුව නිසාය. දළ ඇස්තමේන්තුවලට අනුව හිස පමණක් ටොන් 50ක බරකින් යුතුවිය. මුළු පිලිමය ටොන් 100ක් බර බව සඳහන් වුවද එය ඉතා දළ ඇස්තමේතුවක් බවත් හිස පමණක් ටොන් 50ක් නම්, සම්පූර්ණ පිලිමය ටොන් 100කට වඩා විශාල බරකින් යුතුවිය බව ලේඛකයාගේ මතයයි. • මාළිගාවිල ප්‍රතිමාව පිලිබඳ වැදගත් දත්ත කිහිපයක් සාරාංශ ලෙස බලමු… 1. පිළිමය නෙළා ඇත්තේ තනි හිරිගල් කුට්ටියකිනි. 2. දළ ඇස්තමේන්තු අනුව එහි බර ටොන් 100 ඉක්මවයි. 3. පිළිමය නෙළීමට ඇවැසි එතරම් විශාල හිරිගල් පර්වත එම ප්‍රදේශයේ නැත. 4. එනම් පැරණි හෙළයා මේ අති දැවැන්ත හිරිගල් පර්වතය වෙනත් තැනකින් කපා මෙතැනට ගෙනැවිත් සිටුවා පිළිමය නෙළා ඇත. 5. පිළිම කර්මාන්තය කරවා ඇත්තේ 7වැනි සියවසේ (මීට වසර 1400කට පෙර ) රුහුණු රටෙහි රජකල අග්ගබෝධි නම් බළසම්පන්න ප්‍රාදේශීය රජෙකු විසිනි. සාකච්ඡාව 1. ප්‍රාදේශීය රජෙකුට මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සිදුකල හැකිනම් ඉන් පැරණි හෙළයා පිලිබඳව ගම්‍යවන කරුණු මොනවාද? * මෙවැනි සංකීර්ණ ව්‍යාපෘති සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ශණික ඥාණය රටතුල හොඳින් මුළ් බැසගෙන තිබිය යුතුය – එනම් පැරණි හෙළ ඉංජිනේරු ශිල්පය හොඳින් ව්‍යාප්තව තිබිය යුතුය, එවා උගන්වන ශික්ශණායතන, උගත් ශිල්ප ප්‍රගුණ කිරීමට විශාල ව්‍යාපෘති හා ඒවායේ බරපැන දැරීමට ධනවත්, නැණවත් පාළකයින් සිටිය යුතුය. * මෙවැනි ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට අතිවිශාල ධන සම්භාරයක් ඇවැසිය – ප්‍රාදේශීය රජෙකුට එවැනි ප්‍රාග්ධනයක් යෙදවිය හැකිව තිබුණානම් එදා රුහුණු රාජ්‍යය කෘෂි/ අභ්‍යන්තර වෙළඳ/ අපනයන වෙළඳ ආර්ථිකයකින් අතිශයින්ම සමෘධිමත්ව සිටියා විය යුතුය. දිළිඳු යටත් වැසියන් පාළණය කරන ප්‍රාදේශීය රජෙකුට මෙවැනි ආයෝජනයක් කිසිසේත් සිදුකල නොහැකිය. * එපමණක් නොව, රුහුණු රට මෙන්ම රටෙහි අනෙකුත් සියලු ප්‍රාදේශීය රාජ්‍යයන්ද සමෘධිමත් රාජ්‍යයන් විය යුතුමය. කළාව, තාක්ශණය, ශිළ්පීය ඥාණය දියුණු වන්නේ ආර්ථික වශයෙන් සමෘධිමත් රාජ්‍යයන් තුල මිස දුගී රටවල්වල නොව – අද බටහිර තාක්ශණයේ දියුණුවේ රහසද ඔවුන්ගේ ආර්ථික සමෘධියයි. 2. මෙවැනි ව්‍යාපෘතියකට ඇවැසි තාක්ශණය හා ශිල්පීය දැනුම (සරල විශ්ලේෂණයකි) * ටොන් 100ක් බල ගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් නොකැඩී ප්රවාහණය කිරීමට ඇවැසි ප්‍රවාහණ තාක්ශණය (transportation technology) කොතරම් දියුණු එකක් වූයේදැයි සිතා ගැනීමට පවා නොහැකිය. * මෙවැනි ගල් පර්වතයක් කෙලින් සිටුවා ප්රවාහණය කල නොහැකිය. එනම් එය කපා, දික් අතට තබා ප්රවාහණය කොට, නැවත කෙළින් සිටුවා පිළිමය නෙළු බවට උපකළ්පණය කල හැකිය. මේ සඳහා කොතරම් දියුණු යාන්ත්‍රික ඉංජිනේරු තාක්ශණයක් (mechanical engineering) පැරණි හෙළයා සතුවූවාද? නැතිනම් ඍද්ධියෙන් හෝ දෙවියන් හෝ පිටසක්වලින් උදව් ලැබුනාද ? ටොන් 100ක ගලක් කෙලින් සිටුවන්නට ඇවැසි දොඹකර තාක්ශණය? ඒ සඳහා භාවිතා කල කඹ කොතරම් ශක්තිමත් විය යුතුද? ඔසවා කෙලින් කරන්නට ඇවැසි බළය ලබාදුන්නේ කුමණ ආකාරයක යන්ත්රයකින්ද? යන්ත්‍රයේ (හෝ මිනිස් ශ්‍රමයේ ) බළය වැඩිකිරීමට, පාළණය කිරීමට හා සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය ලීවර හා කප්පි පද්ධති (pulley system) වැනි ඉන්ජිනේරු ශිල්ප තාක්ශණය පැරණි හෙළයා ඉතා හොඳින් ප්‍රගුණ කොට තිබුණා විය යුතු නොවේද? * මෙවැනි අතිශය සංකීර්ණ ව්‍යාපෘතියක් කළමණාකරණය කිරීමට දක්ශ ව්‍යාපෘති කළමණාකරුවන් සිටිය යුතුමය – පැරණි හෙළයන් දක්ශ ව්‍යාපෘති කළමණාකරුවන් (project managers) හා සැළසුම්කරුව්න් (project planners) සිටි බවට රටපුරා විහිදී ඇති විහාර දහස් ගණනක් කර්මාණ්තවලින් තහවුරු නොවේද? * මාළිගාවිල සංකීර්ණය නිර්මාණය කරන්නට ඇත්තේ කොතරම් දක්ශ වාස්තු විද්‍යාඥයින් (architects) විසින්ද? එවැන්නන් හෙළයන් අතර හිඟ නොවන්නට ඇත්තේ අනෙක් ශිල්ප මෙන්ම වාස්තු විද්‍යාව හදාරන්නටද පැරණි හෙළ තාක්ශණික සිප්හල් (technical colleges) තිබූ නිසා වන්නට බැරිද? * පැරණි හෙළ වාස්තු විද්‍යාඥයින් හට මෙවැනි හපන්කම් කරන්නට නම් ඔවුන් හා වැඩකල හැකි දක්ශ මිනින්දෝරුවන් (surveyers) හා අපටම ආවේනික ඉතා නිවැරදි මිනුම් තාක්ශණයක් (survey technology) තිබිය යුතුම නොවේද? අදටත් කුඩා ගෙපැලක් තනන්නට පෙරද මුලින්ම සිදුකරන්නේ මිනින්දෝරුවෙකු ගෙන්වා ඉඩම මැන මිනින්දෝරු සැලැස්ම අනුමත කරගැනීම නොවේද? අද මෙන්ම එදාද එසේමය. * මේසා විශාල ඉදිකිරීම් කර්මාණ්තයක් සාර්ථකව නිමකිරීමට ඉන්ජිනේරු හා අනුබන්ධ තාක්ශණයන් දියුණුව තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ඕනෑම ඉන්ජිනේරු ව්‍යාපෘතියක සාර්ථකත්වයේ එක් පාදමක් වන්නේ සාර්ථක මූල්‍ය කළමණාකරණයයි (finance management). මෙවැනි ඉදිකිරීමක් සැළසුම් කිරීමේදී මුලින්ම සිදුවන්නේ BOQ එකක් හෙවත් Bill of Quantities එනම් ව්‍යාපෘතියට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය (උදා: ගල්, වැළි, පස්, ගඩොල්) යනාදියෙහි හා අවශ්‍ය මිනිස් සම්පත් (කම්කරුවාගේ සිට සියලුම වර්ගයේ තාක්ශණික ශිල්පීන් දක්වාම )ඉතා විස්තරාත්මක අය්තම ලැයිස්තුවක් සකසා හැකිතාක් නිවැරදිව සෑම අයිතමයකටම බරපැන ඇස්තමේන්තු කිරීමයි. * ව්‍යාපෘති සැළසුම්කරුවන් මෙය (BOQ) ගණුදෙනුකරුවාට (මේ අවස්ථාවේදී එම ගණුදෙනු කරුවා ප්‍රාදේශීය රජෙකු විය) ලබාදෙන අතර අනුමැතියෙන් පසු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ. එසේ වෙන්කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය කටයුතු සඳහා යෙදවීම, වියදම් පාළනය, සිය ගණනක් සැපැයුම්කරුවන්හට ගෙවීම, දහස් ගණනක් ශ්‍රමිකයන් හට ගෙවීම, එම ගෙවීම් ලේඛනගත කොට රජුට (හෝ රජුගේ භාණ්ඩාගාරිකට) ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිදුවන්නට ඇත. මෙවැනි විශාල ව්‍යාපෘතියක සොරකම් වංචා සිදුවීමට ඇති ඉඩකඩ විශාල නිසා ඒවා වැලැක්වීම සඳහා සංකීර්ණ මූල්‍ය කළමණාකරන උපක්‍රම භාවිතාකරන්නට ඇත. * මේ සියලුම තාක්ශණයන්ගේ මූලික පාදම කුමක්ද? – උත්තරය ගණිතය යන්නයි. හොඳින් දියුණුවූ ගණිතමය ඥාණයක් නොමැතිව මේ කිසිවක් සිදුකල නොහැකිය. සකල විධ ඉන්ජිනේරු ශිල්පයන් හා මූල්‍ය කළමණාකරණය එකට බැඳ තබන පොදු සාධකය වන්නේ ගණිතයයි. ආදි හෙළයා අතර ඉතා දක්ශ ගණිතඥයින් බොහෝ සිටින්නට ඇත. පැරණි හෙළයාගේ සැඟවුණු තාක්ශණය හා ආර්ථික සමෘධිය රුවන්වැලි සෑයේ සිට, ජේතවනාරාමය, අභයගිරිය, ලෝවාමහා ප්‍රාසාදය, අවුකන පිළිමය, ගල්විහාරය හා මාළිගාවිල සංකීර්ණය දක්වා ඇති සියළු හෙළ සිවිල් ඉන්ජිනේරු කර්මාණ්තයන් කිසිවක් නූතනයේ mathematics, architecture, mechanical engineering, project management, project planning, surveying, finance management (මෙම ලැයිස්තුවට තව බොහෝ තාක්ශණයන් ඇතුලත්විය යුතු බව සළකන්න) ලෙස හඳුන්වන තාක්ශණයන් හොඳින් ප්‍රගුණ නොකල ජාතියකට සිදුකල නොහැකිය. ගණිතය, විද්‍යා-තාක්ශණය මෙන්ම සකළවිධ කළාවන්ද දියුණු වන්නට නම් ඒ ජාතිය ධනවත්/සමෘධිමත් ජාතියක් විය යුතුමය. එනම් ආදි හෙළය ඉතා සමෘධිමත්, ටොන් 100ක හිරිගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් ගෙනගොස් සිටුවා පිලිම නෙලා රෝහලක්ද සහිතව මහා විහාර කර්මාණ්තයකයකට (එනම් ලාභ නොලබන අලෞකික ව්‍යාපෘතියකට) මුදල් කන්දරාවක් යෙදවිය හැකි තරමේ ධනවත් ප්‍රාදේශීය රජුන් සිටි රටකි. මෙවැනි ලාංකීය උරුමයන් පිළිබඳ තොරතුරු දැනගැනීමට CEYLON YouTube නාලිකාව හා එක්වන්න 👇 [URL]https://youtube.com/channel/UCOt6v0le4nb31u1YNveauuQ[/URL] CEYLON[ATTACH type="full"]145630[/ATTACH][ATTACH type="full"]145631[/ATTACH][ATTACH type="full"]145632[/ATTACH][ATTACH type="full"]145633[/ATTACH][ATTACH type="full"]145634[/ATTACH][ATTACH type="full"]145635[/ATTACH][ATTACH type="full"]145636[/ATTACH][ATTACH type="full"]145637[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom