මාලිමාව වැඩ පෙන්වයි අයවැය පරදියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මාලිමා සභාවේ අයවැය පරදී...


    445.webp

    කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය ආරම්බ කෙරුනේ සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
    පසු ගිය පලාත් පාලන මැතිවර‍ණයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක්ද දිනාගනිමින් විපක්ෂයේ බලය පැවතුනද සභාපතිවරයා තේරීමේ රහස් ඡන්දයේදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරමින් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන ලදී.

    කොළොන්න ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මංගල අයවැය කෙටුම්පත පළමුවර ඉදිරිපත් කිරීම අද පෙරවරුවේදී සිදු කෙරිණි.

    මේ සදහා සවස ස.00ට පමණ ඡන්දය විමසීම සිදු කල අතර එහිදී අය වැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කරන ලදී.

    ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ආසන 9ක්, සමගි ජනබලවේගයේ ආසන 05ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන 03ක්,එක්සත් ජාතික පක්ෂයේ ආසන 01ක්, සර්වජන පක්ෂයේ ආසන 01ක්, වශයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාව තේරී පත්ව ඇත.

    ප්‍රගීත් ජනක
     
    • Haha
    Reactions: tharakaf