Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාළිඟාවේ වාසනාවන්ත ඒකදන්තයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාළිඟාවේ වාසනාවන්ත ඒකදන්තයා

මාළිඟාවේ දළ ඇත්තු පන්තියට

ඇත්තු ගෙනා වාසනාවන්ත ඒකදන්තයා

සමන්තී වීරසේකර

හතළිස් වසරක් දළදා කරඬුව වැඩම වූ තනිදලයා මියයයි

සිරිලක් දෙරණේ අනන්‍යතාවය ජාත්‍යන්තර තලයට රැගෙන යන සද්ධන්ත කුලයේ සත්ත්වයා වන්නේ ඇතායි. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ලෝකප්‍රකට උත්සවයක් බැවින්ම දළදා ඇත් පන්තියද ලොව ප්රකටය. ඒ බව වඩාත් තහවුරු වූයේ ඉකුත්දා දළදා ඇත්පන්තියේ හුන් ඒකදන්ත හස්තිරාජයා මිය ගිය මොහොතේය.

නිත්‍ය වශයෙන්ම වසර ගණනාවක සිට දළදා පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන විදේශිකයින් පිරිසක් මේ දිනවලද ලංකාවට පැමිණ මහනුවර නවාතැන් ගෙන සිටී. ඒකදන්ත මිය ගිය පුවත මහමලුවේදී ඇසූ ඔවුහු සිය ස්මාර්ට් දුරකතන ගෙන ඉකුත් වසරේ පෙරහර විදි සංචාරය වන විට ගත් ඡායාරූප බලමින් මේ ඉන්නේ තනි දල ඇතා යෑයි කියමින් ඒකදන්ත අතීත ආවර්ජනයකට නතු කරගත් අයුරු දක්නා ලැබිණි. අප රට සතු දෑ අන්‍යයන් අගය කිරීමේ ලෝරංජනයෙන් අපමණ ප්‍රීති වීමි. එහෙත් රටට අහිමිව ගිය මහාර්ඝ වස්තුව පිළිබඳව අනේකවර දුක්වීමි. ඒ සංවේගයෙන්ම මෙම අකුරු අමුණමි.

දළදා ඇත් පන්තියේ භාරකාරත්වය දරන දියවඩන නිලමේ නිලංග දෑල මහතාද ඒකදන්තගේ වියෝව හේතුවෙන් කම්පාව සිටින්නේය. "ඒකදන්ත කියන්නේ අපේ ඇත්පන්තියේ වාසනාව කැන්දන හස්තියා. මේ සතා පන්සල් දේවාල ඇතුළු දළදා පෙරහර ට අහිමි වීම දරාගත නොහැකි පාඩුවක්" යෑයි හෙතෙම කීය.

ලෝකයක් හඳුනන ඒකදන්ත මිය ගියේ අන්ත්‍රවල සිදුවූ රුධිර වහනයකින් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කවීන්ද්‍ර විජෙසුන්දර මහතා ප්‍රකාශ කොට තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවය. මිනිස් ආයුෂ හා සමාන ආයුෂ ඇති හස්තින් සිය ආයුකාලය තුළ මහා සේවයක් කරන්නේ, ඇඟට පතට නොදැනෙන්නටය. නමුත් ඒකදන්ත හස්තීයා මෙලොව හැර ගොස් ඇත්තේ අකල්මරණයකට මුහුණ දෙමිනි. ඒ වයස අවුරුදු පනහක පමණ කාලයක් පමණක් මෙලොවහි විසූ ඒකදන්ත හිටිහැටියේ රෝගාතුරව දෑස වසා ගත් නියාවෙනි.

ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ, ලේකම්, ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා ඒකදන්ත හස්තියාගේ අලගිය තැන් මුල් ගිය තැන් හොඳින් දන්නේය. එබැවිනි සියලු තතු අප සමග මෙසේ ගෙන ආයේ......

"තනි දලක ඇතෙක් ජන්මලාභය ලබන අවස්ථා බොහොම විරලයි. 1978 කාලේ මේ ඇත් පැටවා අනුරාධපුර ගලෙන්බිඳුනවැව පැත්තේ වගා ලිඳක වැටිලා ඉඳලා තියෙනවා. ඒ ගමේ මිනිස්සු එකතු වෙලා ඇත් පැටවා ගොඩ අරන්. ඒ වෙද්දී අවුරුදු තුනක විතර පැටියෙක්. ගම්මු එකතු වෙලා ඇත් පැටවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීලා. මේ වෙද්දී අම්පාරේ ගමක අතරමං වෙලා හිටපු තවත් ඇත් පැටවෙක් වනජීවී කාර්යාලයට භාරදිලා ඉඳලා තියෙනවා. එතනින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාරදීලා. ඒ වෙද්දී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තිබුණේ සංචාරක අමාත්‍යංශය යටතේ. මේ දෙන්නා ගැනම එවකට වරාය හා සංචාරක අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විමලා කන්නන්ගර ඇමැතිවරියට නිලධාරීන් කියලා තියෙනවා. ඇමැතිවරිය මේ වෙද්දී විහාර දේවාල ඇතුළු ආගමික සිද්ධස්ථානවලට අලි ඇතුන් ලබා දිය යුතුයි.. ඒ ඔස්සේ සංචාරකයින්ට රටේ සංස්කෘතිය හා ඓතිහාසික චාරිත්‍ර සිරිත් උත්සව පිළිබඳ අවබෝධයක් ලබා දිය යුතුයි කියන මතයේ ඉඳලා තියෙන්නේ. මේ ඇත් පැටව් ආරංචියත් එක්ක විමලා ඇමැතිනිය, කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තියෙනවා පෙරහර පවත්වන විහාර දේවාල වෙත අලි ඇතුන් ලබා දීම සඳහා යෝජිත පත්‍රිකාවක්. එය සම්මත වූ පසුව විමලා කන්නන්ගර ඇමැතිනිය මේ ඇත් පැටව් දෙන්නා දළදා මාළිගාවට පූජා කළා. තනිදල තිබුණ නිසා ඒකදන්ත ලෙසත්, අනෙක් ඇත් පැටවා කණ්ඩුල ලෙසත් නම් කළේ එතුමියමයි.

මේ සමඟම හිටපු තවත් ඇත් පැටවුන් තමයි කතරගම වාසනා, හලාවත මුන්නේෂරම් කෝවිලේ රාජා. ඒ අයත් මේ කැබිනට් පත්‍රිකාවෙන්ම පූජා කළ අය.

අලි ඇතුන් පූජා කරන්න වුවත් රජයට රුපියල් විසි පන්දහසක මුදලක් ඒ කාලේ ගෙවන්න තිබුණා. ඒකදන්තගේ මුදල ගෙවලා තියෙන්නේ විමලා කන්නන්ගර මැතිනිය. කණ්ඩුලගේ මුදල ගෙවලා තියෙන්නේ එවකට අධ්‍යාපන ඇමැති විදිහට හිටපු නිශ්ශංක විඡේරත්න මහත්තයා. පසුව නිශ්ශංක විජෙරත්න මහත්තයා දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධුරයට පත්වුණා.

ඉන් අනතුරුව ඒකදන්ත ගේ හැසිරීම නිශ්ශංක විජෙරත්න මහත්තයාට බොහොම සිත් ගත්තා. මේ ඒකදන්ත බොහොම ලබැඳි සතෙක්. කලබල නැහැ. මේ වෙද්දි දළදා මාළිගාවේ ඇත් පන්තිය ට ඇත්තු අලි එකතු විය යුතුයි කියන මතය ප්රබලව නැගි තිබූ සමයක්. 1937 දී මාම්පිටියේ දිසාව ස්කන්ධා සහ රාජා නමින් නම් කළ ඇතුන් දෙදෙනෙකු දළදා මාළිගාවේ ඇත් පන්තියට පූජා කරලායි තිබුණේ. කොහොමෙන් හරි මේ ඒකදන්ත හස්තියා විරල ගණයේ හස්තියෙකු නිසාමද මන්දා බොහොම වාසනාවන්තයි. දළදා ඇත් පන්තියට ඇතුන් එකතුවෙන්න පටන් ගත්තේ ඒකදන්ත ආවට පස්සේ. නිශ්ශංක දියවඩන නිලමේතුමා ඒකදන්තව මුලදිම රඹුක්කනට යෑව්වා. වලව්වේ තියාගෙන සලකලා හීලෑ කළා. මේ වෙද්දී නෙරංජන් විඡේරත්න මහත්තයාත් දියවඩන නිලමේ ධුරයට පත්වුණා. ඒකදන්තගේ කල්ක්‍රියාව එතුමාත් හොඳින් දන්නවා. මෑත කාලීනව වත්මන් දියවඩන නිලමේ නිලංග ප්‍රදීප් දෑල මහත්තයාත් ඒකදන්තගේ කල්ක්‍රියාව බොහොම හොඳින් හඳුනනවා.

ඇත්තෙන්ම මේ ඇතා බොහොම හොඳ සතෙක්. කලබලයක් කළා කියලා හරි මෙල්ල කරන්න බැරි තත්ත්වයක් තිබුණාය කියලාවත් කොහෙවත් සඳහනක් නැහැ. දහවල් දිය කැපීමෙන් අනතුරුව සධාතුක කරඬුව වැඩම කරන්නේ, ඒකදන්ත හස්තියාමයි. ඇත්තු පෙරහරේ ස්ථාන ගත කරන්නේ, ඒ ඒ ඇතාගේ සිරුරේ පිහිටීම සලකලා බලමිනුයි. ගජනායක නිළමේ, පෙරමුණේ රාළ, වගේම සධාතුක කරඬුව වැඩම කරවන්න දෑලේ යන්න වගේ කාරණාවලට ඒකදන්ත බොහොම උජාරුවට ගැලපුණා. රන්සිවි ගෙය බඳින්නත් ඒකදන්ත හොඳටම ගැලපෙනවා. කතරගම දෙවුන්දර පෙරහර වලටත් සහභාගි වන නිසා ඒකදන්තගේ වියෝව දැනෙන පාඩුවක්. වසර හතලිහක් පුරා ම ඒකදන්ත පෙරහරේ ගමන් කළා.

මේ හස්තින් අහිමි වීම අපේ රටට විශාල පාඩුවක්. මොකද දැනට දළදා ඇත් පන්තියේ ඉන්නේ ඇත්තු නවදෙනයි අලි තුන්දෙනයි. අපි රජයට යෝජනා කරලා තිබෙනවා පින්නවල ඉන්න අලි හීලෑ කරලා පෙරහරක ගමන් කරන්න හුරු කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒ වගේම ඇතින්නියන් හීලෑ කරමින් බෝ කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් ඇති කරන ලෙසත්, ඉන්දියාවෙන් හෝ වෙනත් ආසියාතික රටවල්වලින් ඇත්තු ගෙන එන්න වැඩපිළිවෙලක් සකසන්න කියා අපි ඉල්ලීම් කරනවා. මොකද කාම්බෝජය තායිලන්තය මියෙන්මාරය වගේ රටවල අලි ඇත්තු බොහොම පුංචියි. ඒ ඒ රටවල මිනිස්සු වගේමයි. මේ යන රටාවට අලි ඇත්තු වඳ වේගෙන ගියොත් පෙරහර පවත්වන්න වෙන්නේ, කරඬුව වඩම්මවන්න වෙන්නේ දේවාභරණ වඩම්මවන්න වෙන්නේ, වාහන යොදාගෙන තමයි...."

වනාන්තරයෙන් මිනිස් වාසයට පැමිණ මිනිස් ක්‍රියාකාරකම් සමඟ මුසුවී හීලෑවන ඇතෙකු හෝ ඇතින්නියක හෝ අලියෙකු මොන තරම් නම් හෘදයාංගමද යන්න තේරුම් ගොස් ඇත්තේ මේ සත්ත්වයින් ළඟින් ඇසුරු කරන පුද්ගලයින්මය. ඒකදන්ත හස්තියා හීලෑකරමින් විවිධ කටයුතු සඳහා හුරු කරනු ලැබුවේ රඹුක්කන සෙනවිරත්න මහතාය. ඔහු දළදා ඇත්පන්තිය භාරව සිටි ප්‍රධාන ඇත් ගොව්වාය. අනතුරුව ඒකදන්ත ගේ හෙණ්ඩුව භාර වූයේ අයිවන් ටය. ඔහු ඒකදන්ත මිය යන තුරුම ළඟ රැඳුනේය. ඒකදන්තට අයිවනු ත්, අයිවන් ට ඒකදන්තත් බැඳීම සෙවනැල්ලක් මෙනි. "මම හැම මොහොතකම හිටියේ මේ මහා සත්ත්වයා එක්ක. මම මොනවා හෝ කටයුත්තකට පොඩි වෙලාවකට හරි ඈතට ගියොත් කන්පොට හොලව හොලව මාව හොයනවා. ඒ ඇස් දෙකේ තිබුණා ඇතා ගේ සෑම සිතුවිල්ලක්ම. බොහොම කාරුණික කිසිවිටෙක කෝප නොවෙන ඇතෙක් තමයි ඒකදන්ත. මට දැන් මගේ අත් පා කඩලා දමලා වගේ තනිකමක් දැනෙනවා ආත්ම ගණනක් මා එක්ක එකට ආපු මගේම නෑදෑයෙක් මාව දාලා ගියා වගේ..........."

http://www.divaina.com

[QUOTE="demee, post: 21368726, member: 371755"] [b]මාළිඟාවේ වාසනාවන්ත ඒකදන්තයා[/b] [SIZE=5][COLOR=#336600]මාළිඟාවේ දළ ඇත්තු පන්තියට ඇත්තු ගෙනා වාසනාවන්ත ඒකදන්තයා[/COLOR][/SIZE][SIZE=4] සමන්තී වීරසේකර හතළිස් වසරක් දළදා කරඬුව වැඩම වූ තනිදලයා මියයයි[/SIZE] [IMG]http://www.divaina.com/2017/03/19/danta1.jpg[/IMG][SIZE=4]සිරිලක් දෙරණේ අනන්‍යතාවය ජාත්‍යන්තර තලයට රැගෙන යන සද්ධන්ත කුලයේ සත්ත්වයා වන්නේ ඇතායි. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ලෝකප්‍රකට උත්සවයක් බැවින්ම දළදා ඇත් පන්තියද ලොව ප්රකටය. ඒ බව වඩාත් තහවුරු වූයේ ඉකුත්දා දළදා ඇත්පන්තියේ හුන් ඒකදන්ත හස්තිරාජයා මිය ගිය මොහොතේය. නිත්‍ය වශයෙන්ම වසර ගණනාවක සිට දළදා පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන විදේශිකයින් පිරිසක් මේ දිනවලද ලංකාවට පැමිණ මහනුවර නවාතැන් ගෙන සිටී. ඒකදන්ත මිය ගිය පුවත මහමලුවේදී ඇසූ ඔවුහු සිය ස්මාර්ට් දුරකතන ගෙන ඉකුත් වසරේ පෙරහර විදි සංචාරය වන විට ගත් ඡායාරූප බලමින් මේ ඉන්නේ තනි දල ඇතා යෑයි කියමින් ඒකදන්ත අතීත ආවර්ජනයකට නතු කරගත් අයුරු දක්නා ලැබිණි. අප රට සතු දෑ අන්‍යයන් අගය කිරීමේ ලෝරංජනයෙන් අපමණ ප්‍රීති වීමි. එහෙත් රටට අහිමිව ගිය මහාර්ඝ වස්තුව පිළිබඳව අනේකවර දුක්වීමි. ඒ සංවේගයෙන්ම මෙම අකුරු අමුණමි.[/SIZE] [IMG]http://www.divaina.com/2017/03/19/danta2.jpg[/IMG][SIZE=4]දළදා ඇත් පන්තියේ භාරකාරත්වය දරන දියවඩන නිලමේ නිලංග දෑල මහතාද ඒකදන්තගේ වියෝව හේතුවෙන් කම්පාව සිටින්නේය. "ඒකදන්ත කියන්නේ අපේ ඇත්පන්තියේ වාසනාව කැන්දන හස්තියා. මේ සතා පන්සල් දේවාල ඇතුළු දළදා පෙරහර ට අහිමි වීම දරාගත නොහැකි පාඩුවක්" යෑයි හෙතෙම කීය. ලෝකයක් හඳුනන ඒකදන්ත මිය ගියේ අන්ත්‍රවල සිදුවූ රුධිර වහනයකින් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කවීන්ද්‍ර විජෙසුන්දර මහතා ප්‍රකාශ කොට තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවය. මිනිස් ආයුෂ හා සමාන ආයුෂ ඇති හස්තින් සිය ආයුකාලය තුළ මහා සේවයක් කරන්නේ, ඇඟට පතට නොදැනෙන්නටය. නමුත් ඒකදන්ත හස්තීයා මෙලොව හැර ගොස් ඇත්තේ අකල්මරණයකට මුහුණ දෙමිනි. ඒ වයස අවුරුදු පනහක පමණ කාලයක් පමණක් මෙලොවහි විසූ ඒකදන්ත හිටිහැටියේ රෝගාතුරව දෑස වසා ගත් නියාවෙනි. ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ, ලේකම්, ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා ඒකදන්ත හස්තියාගේ අලගිය තැන් මුල් ගිය තැන් හොඳින් දන්නේය. එබැවිනි සියලු තතු අප සමග මෙසේ ගෙන ආයේ...... "තනි දලක ඇතෙක් ජන්මලාභය ලබන අවස්ථා බොහොම විරලයි. 1978 කාලේ මේ ඇත් පැටවා අනුරාධපුර ගලෙන්බිඳුනවැව පැත්තේ වගා ලිඳක වැටිලා ඉඳලා තියෙනවා. ඒ ගමේ මිනිස්සු එකතු වෙලා ඇත් පැටවා ගොඩ අරන්. ඒ වෙද්දී අවුරුදු තුනක විතර පැටියෙක්. ගම්මු එකතු වෙලා ඇත් පැටවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීලා. මේ වෙද්දී අම්පාරේ ගමක අතරමං වෙලා හිටපු තවත් ඇත් පැටවෙක් වනජීවී කාර්යාලයට භාරදිලා ඉඳලා තියෙනවා. එතනින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාරදීලා. ඒ වෙද්දී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තිබුණේ සංචාරක අමාත්‍යංශය යටතේ. මේ දෙන්නා ගැනම එවකට වරාය හා සංචාරක අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විමලා කන්නන්ගර ඇමැතිවරියට නිලධාරීන් කියලා තියෙනවා. ඇමැතිවරිය මේ වෙද්දී විහාර දේවාල ඇතුළු ආගමික සිද්ධස්ථානවලට අලි ඇතුන් ලබා දිය යුතුයි.. ඒ ඔස්සේ සංචාරකයින්ට රටේ සංස්කෘතිය හා ඓතිහාසික චාරිත්‍ර සිරිත් උත්සව පිළිබඳ අවබෝධයක් ලබා දිය යුතුයි කියන මතයේ ඉඳලා තියෙන්නේ. මේ ඇත් පැටව් ආරංචියත් එක්ක විමලා ඇමැතිනිය, කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තියෙනවා පෙරහර පවත්වන විහාර දේවාල වෙත අලි ඇතුන් ලබා දීම සඳහා යෝජිත පත්‍රිකාවක්. එය සම්මත වූ පසුව විමලා කන්නන්ගර ඇමැතිනිය මේ ඇත් පැටව් දෙන්නා දළදා මාළිගාවට පූජා කළා. තනිදල තිබුණ නිසා ඒකදන්ත ලෙසත්, අනෙක් ඇත් පැටවා කණ්ඩුල ලෙසත් නම් කළේ එතුමියමයි. මේ සමඟම හිටපු තවත් ඇත් පැටවුන් තමයි කතරගම වාසනා, හලාවත මුන්නේෂරම් කෝවිලේ රාජා. ඒ අයත් මේ කැබිනට් පත්‍රිකාවෙන්ම පූජා කළ අය. අලි ඇතුන් පූජා කරන්න වුවත් රජයට රුපියල් විසි පන්දහසක මුදලක් ඒ කාලේ ගෙවන්න තිබුණා. ඒකදන්තගේ මුදල ගෙවලා තියෙන්නේ විමලා කන්නන්ගර මැතිනිය. කණ්ඩුලගේ මුදල ගෙවලා තියෙන්නේ එවකට අධ්‍යාපන ඇමැති විදිහට හිටපු නිශ්ශංක විඡේරත්න මහත්තයා. පසුව නිශ්ශංක විජෙරත්න මහත්තයා දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධුරයට පත්වුණා. ඉන් අනතුරුව ඒකදන්ත ගේ හැසිරීම නිශ්ශංක විජෙරත්න මහත්තයාට බොහොම සිත් ගත්තා. මේ ඒකදන්ත බොහොම ලබැඳි සතෙක්. කලබල නැහැ. මේ වෙද්දි දළදා මාළිගාවේ ඇත් පන්තිය ට ඇත්තු අලි එකතු විය යුතුයි කියන මතය ප්රබලව නැගි තිබූ සමයක්. 1937 දී මාම්පිටියේ දිසාව ස්කන්ධා සහ රාජා නමින් නම් කළ ඇතුන් දෙදෙනෙකු දළදා මාළිගාවේ ඇත් පන්තියට පූජා කරලායි තිබුණේ. කොහොමෙන් හරි මේ ඒකදන්ත හස්තියා විරල ගණයේ හස්තියෙකු නිසාමද මන්දා බොහොම වාසනාවන්තයි. දළදා ඇත් පන්තියට ඇතුන් එකතුවෙන්න පටන් ගත්තේ ඒකදන්ත ආවට පස්සේ. නිශ්ශංක දියවඩන නිලමේතුමා ඒකදන්තව මුලදිම රඹුක්කනට යෑව්වා. වලව්වේ තියාගෙන සලකලා හීලෑ කළා. මේ වෙද්දී නෙරංජන් විඡේරත්න මහත්තයාත් දියවඩන නිලමේ ධුරයට පත්වුණා. ඒකදන්තගේ කල්ක්‍රියාව එතුමාත් හොඳින් දන්නවා. මෑත කාලීනව වත්මන් දියවඩන නිලමේ නිලංග ප්‍රදීප් දෑල මහත්තයාත් ඒකදන්තගේ කල්ක්‍රියාව බොහොම හොඳින් හඳුනනවා. ඇත්තෙන්ම මේ ඇතා බොහොම හොඳ සතෙක්. කලබලයක් කළා කියලා හරි මෙල්ල කරන්න බැරි තත්ත්වයක් තිබුණාය කියලාවත් කොහෙවත් සඳහනක් නැහැ. දහවල් දිය කැපීමෙන් අනතුරුව සධාතුක කරඬුව වැඩම කරන්නේ, ඒකදන්ත හස්තියාමයි. ඇත්තු පෙරහරේ ස්ථාන ගත කරන්නේ, ඒ ඒ ඇතාගේ සිරුරේ පිහිටීම සලකලා බලමිනුයි. ගජනායක නිළමේ, පෙරමුණේ රාළ, වගේම සධාතුක කරඬුව වැඩම කරවන්න දෑලේ යන්න වගේ කාරණාවලට ඒකදන්ත බොහොම උජාරුවට ගැලපුණා. රන්සිවි ගෙය බඳින්නත් ඒකදන්ත හොඳටම ගැලපෙනවා. කතරගම දෙවුන්දර පෙරහර වලටත් සහභාගි වන නිසා ඒකදන්තගේ වියෝව දැනෙන පාඩුවක්. වසර හතලිහක් පුරා ම ඒකදන්ත පෙරහරේ ගමන් කළා. මේ හස්තින් අහිමි වීම අපේ රටට විශාල පාඩුවක්. මොකද දැනට දළදා ඇත් පන්තියේ ඉන්නේ ඇත්තු නවදෙනයි අලි තුන්දෙනයි. අපි රජයට යෝජනා කරලා තිබෙනවා පින්නවල ඉන්න අලි හීලෑ කරලා පෙරහරක ගමන් කරන්න හුරු කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒ වගේම ඇතින්නියන් හීලෑ කරමින් බෝ කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් ඇති කරන ලෙසත්, ඉන්දියාවෙන් හෝ වෙනත් ආසියාතික රටවල්වලින් ඇත්තු ගෙන එන්න වැඩපිළිවෙලක් සකසන්න කියා අපි ඉල්ලීම් කරනවා. මොකද කාම්බෝජය තායිලන්තය මියෙන්මාරය වගේ රටවල අලි ඇත්තු බොහොම පුංචියි. ඒ ඒ රටවල මිනිස්සු වගේමයි. මේ යන රටාවට අලි ඇත්තු වඳ වේගෙන ගියොත් පෙරහර පවත්වන්න වෙන්නේ, කරඬුව වඩම්මවන්න වෙන්නේ දේවාභරණ වඩම්මවන්න වෙන්නේ, වාහන යොදාගෙන තමයි...." වනාන්තරයෙන් මිනිස් වාසයට පැමිණ මිනිස් ක්‍රියාකාරකම් සමඟ මුසුවී හීලෑවන ඇතෙකු හෝ ඇතින්නියක හෝ අලියෙකු මොන තරම් නම් හෘදයාංගමද යන්න තේරුම් ගොස් ඇත්තේ මේ සත්ත්වයින් ළඟින් ඇසුරු කරන පුද්ගලයින්මය. ඒකදන්ත හස්තියා හීලෑකරමින් විවිධ කටයුතු සඳහා හුරු කරනු ලැබුවේ රඹුක්කන සෙනවිරත්න මහතාය. ඔහු දළදා ඇත්පන්තිය භාරව සිටි ප්‍රධාන ඇත් ගොව්වාය. අනතුරුව ඒකදන්ත ගේ හෙණ්ඩුව භාර වූයේ අයිවන් ටය. ඔහු ඒකදන්ත මිය යන තුරුම ළඟ රැඳුනේය. ඒකදන්තට අයිවනු ත්, අයිවන් ට ඒකදන්තත් බැඳීම සෙවනැල්ලක් මෙනි. "මම හැම මොහොතකම හිටියේ මේ මහා සත්ත්වයා එක්ක. මම මොනවා හෝ කටයුත්තකට පොඩි වෙලාවකට හරි ඈතට ගියොත් කන්පොට හොලව හොලව මාව හොයනවා. ඒ ඇස් දෙකේ තිබුණා ඇතා ගේ සෑම සිතුවිල්ලක්ම. බොහොම කාරුණික කිසිවිටෙක කෝප නොවෙන ඇතෙක් තමයි ඒකදන්ත. මට දැන් මගේ අත් පා කඩලා දමලා වගේ තනිකමක් දැනෙනවා ආත්ම ගණනක් මා එක්ක එකට ආපු මගේම නෑදෑයෙක් මාව දාලා ගියා වගේ..........." [url]http://www.divaina.com[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom