මා ආදරණීය පෙම් කිඳුරියන් වෙතටයි
මා ආදරණීය පෙම් කිඳුරියන් වෙතටයි
උඩු හමට පෙම් කරන අමන පෙම් කිඳුරියන්
යටි හමේ අරුත මුදු කවරදා පසිඳලත්
වියැකිලා යන දාට තද පැහැය රත් ලවන්
පමා වෙයි එදවසට මල්සරා ඉගිලෙත්
කවිය ජීවිතය නොව ජීවිතය කවියක්
එසේමුදු කිඳුරියෝ කවියටම පෙම් බඳිත්
ජීවිතය නොදැකම උරණ වී ඉනිකිබිත්
වෛරයට පෙම් බඳියි සතුටටම ගරහත්
මා ආදරණීය පෙම් කිඳුරියන් වෙතටයි
උඩු හමට පෙම් කරන අමන පෙම් කිඳුරියන්
යටි හමේ අරුත මුදු කවරදා පසිඳලත්
වියැකිලා යන දාට තද පැහැය රත් ලවන්
පමා වෙයි එදවසට මල්සරා ඉගිලෙත්
කවිය ජීවිතය නොව ජීවිතය කවියක්
එසේමුදු කිඳුරියෝ කවියටම පෙම් බඳිත්
ජීවිතය නොදැකම උරණ වී ඉනිකිබිත්
වෛරයට පෙම් බඳියි සතුටටම ගරහත්