Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා ඉදිරියේ හැඩූ මිල්ටන්ගේ මිතුරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා ඉදිරියේ හැඩූ මිල්ටන්ගේ මිතුරා

ප්‍රේමය වනාහි පුදුමාකාර මානුෂීය හැගීමකි.. එය මෙන්න මේ යැයි අරුත් දක්වන්නට කිසිවෙකුත් අපොහොසත්ය. සමහරෙකුගේ ජරා ජීර්ණ වී කුණු ගද ගහන ජීවිතය රෝස මල් යහනාවක අතුරා සුවද මලින් සරසන්නට තරම් ඒ ආදරය උතුම්ය... තවත් සමහරෙකු තමන් නියෝජනය කරන සමාජ පන්තියෙන් නෙරපා දිළින්දෙකු /හිගන්නෙකු බවට පත් කලේද මේ කියන ආදරයමය. එක්ටැම්ගෙයක විසූ චිත්රාවන්ද... රජකම හැරදා සැඩොල් ලදකට ආලය කල සාලිය කුමරාද , පෙම්කල වරදට මරණ දඩුවම් විදි දස්කොන් ඇමතියාද ලෝකයට පසක් කලේ ආදරයේ ඇති බලපුලුවන්කාර කම නොවේද ? සැබෑවටම ආදරය යනු කුමක්ද? ජීවිතය ජීවත් කරන්නට ධෛර්යය දෙන්නේ ආදරයද... මම නොදනිමි. එහෙත් එක් දෙයක් දනිමි. ආදරය සොදුරු කල්හි ජීවිතය සොදුරුමය.... සෙනෙහසින් රැකබලා ගත් ආදරය වියෝ වූ කල්හි ජීවිතය අපායකි.

මා මේ කියන්නේ 2003 කාල සමයේ සිදුවූ සත්‍ය සිදුවීමක්.. සිරාගෙ කාමරේ තුලින් කවර දාක හෝ මා මුසා බස් පවසා නැත. උසස් පෙළින් පස්සෙ පරිගණක ක්ෂේත්රයට අදාළව උසස් අධ්‍යාපනය ලබන සමයෙ මටම කියලා කීයක් හරි හම්බ කරන්න මගේ හිතේ ලොකු ආශාවක් තිබුනා... ඒ ආත්ම අභිමානය උදෙසා ඉක්මනින් ස්වාධීන වීම කියන කාරණය නිසා වෙන්න ඇති. ඒ අස්සෙ මටම කියලා ජංගම දුරබණුවක් මිළදී ගන්නත් කාලයක ඉදන් හිතේ තිබුන සිතිවිල්ලත් හේතු වුනා.

දවසක් මගේ මිත්‍රයෙක් මාර්ගයෙන් ලංකාවෙ ප්‍රධානම පාවහන් නිපදවන ආයතනයක ශාඛා කළමනාකරුවෙක් හැදිනගෙන ඒ මගින් ඔහුගේ සේවා ස්ථානයේම විකුණුම් කරුවෙක් විදියට තාවකාලික රැකියාවක් කරන්න මට අවස්ථාව හිමි වුනා. ඒ ජා-ඇල ප්‍රදේශයේ... ක්‍රිස්තු භක්තිකයන් වැඩි වශයෙන් මේ පළාතෙ වෙසෙන නිසා නත්තල් කාලෙට ඇතිවන අධික ඉල්ලුමට සරිලන සේවයක් ලබා දීමට මේ වගේ තාවකාලික සේවකයන් කීප දෙනෙකු යොදා ගැනීමට ඔවුන් තීරණය කරනවා... ඒ මාස 1 1/2 වගේ කාලයක් සදහා.... මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි මට උදා වුනේ.... අධ්‍යාපන කටයුතු සදහා නිවාඩු ගැනීමට හැකි වීමත්, ආකර්ශණීය ගෙවීම් නිසාත් ඔන්න සිරා හා පුරා කියලා අළෙවිකරුවෙකු වුනා.

උදෑසන 9 ට සේවයට වාර්තා කලාට පස්සෙ රාත්‍රී 8 ට තමයි සේවය අවසන් වුනේ. අලුත් පැරණි කියලා භේදයක් නැතුව හැමෝම බොහොම සුහදව සිටි නිසා රැකියා ස්ථානය බොහොම ප්‍රියජනක එකක්. තදබදය අධික වෙන්න කලින් අලුත් අය සේවයට ගන්නෙ තද බදය අධික කාලයට වේගවත් සේවයක් සැලසීමට අවශ්‍ය පුහුණුව ලබා ගන්න. ඒ ඒ මාදිලියෙ පාවහන් අංක 5කින් යුත් කාණ්ඩ අංකයකින් තමයි හදුන්වන්නෙ...පාරිභෝගිකයා යම් මාදිලියක් පෙන්නුවාම එයට අදාළ මාදිලි අංකය තමයි අළෙවි සේවකයා මතක තබා ගත යුත්තෙ.... මේ අංක පිළිවෙලට නෙමෙයි රාක්ක වල ගබඩා කරලා තියෙන්නෙ... ඒ නිසා ඒ ඒ මාදිලි ගබඩා කර ඇති ස්ථානත් මතක තබා ගත යුතුයි... පළමු සති තුන ගෙවෙනකොට පාරිභෝගිකයා පෙන්වන මාදිලිය රාක්ක වල අඩුක් කරලා තියෙන ස්ථාන එක්වරම හොයාගන්න පුලුවන් තරමේ හැකියාවක් ලැබෙනවා.

මෙහි සේවය කල සමයේ බොහෝ විශේෂ පුද්ගලයන් මා හට හමුවුවත් ඒ අතරින් එක් අයෙක් ඉතාමත් සුවිශේෂී වුනා... ඔහු යාචකයෙක්... අපගේ මුල්ම හමුවීමත් සුවිශේෂ එකක්,

ජා-ඇල නගරයේ වෙළද ආයතන වෙත සතිය පුරාම යාචකයන් පැමිණෙන්නෙ නෑ... වෙළද ව්‍යාපාරිකයන් ඒ සදහා දිණයක් නියම කර තිබෙනවා ඒ සිකුරාදා දවස.. මේ නිසාම වෙනත් නගර වල යාචකයනුත් සිකුරාදාට ජා-ඇලට ඇදෙනවා කියලා සමහර අය කියනවා. සිකුරාදා උදෑසන සිට වරින් වර දවස පුරා පැමිණෙන යාචකයන් සීයකට පමණ රුපියලේ කාසි ලබා දීමට ඊට පෙර දිණ බැංකුවෙන් රුපියලේ කාසි ගෙනත් තබා ගන්නවා....

ජරාජීරණ වූ ශරීර කූඩු එක්ක කුණු ගද ගහන අපිරිසිදු ඇදුම් ඇදගෙන නොයෙක් මැසිවිලි කියමින් සිගමන් යදින මේ පිරිස අතර ඉතාමත් පිරිසිදු ලෙස ඇදුම් අදින , ප්‍රිය මනාප යාචකයෙක් සිටියා... ඔහුගේ හිසකෙස් නත්තල් පප්පාගෙ වගේ සුදුම සුදුයි. ගුඩ් මෝනින් අපේ සර්ලාට කියමින් පැමිණෙන මේ පුද්ගලයා වෙත ආයතනයේ පැරණි අයත් අනෙක් යාචකයන්ට නැති සැළකීමක් දක්වන බව මම දැක්කා... ඒ නිසාම මේ පුද්ගලයා එක්ක කථා බහ කරන්න ආශාවක් මටත් නොදැනීම ඉපදිලා....

ඔන්න දවස උදා වුනා ... ගුඩ් මොර්නින් සර් කියද්දි මම රුපියලේ කාසියත් අරන් ඔහු හමුවට ගියා... ඔය කියන දවස් වල සිරා ඉංග්‍රීසි ඉගෙනගන්න හරිම උනන්දුයි... පාරිභෝගිකයකු ඉංග්‍රීසියෙන් කථා කලොත් ඔහුට ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දෙන පුරුද්දකුත් මට තිබුනා...ඊට අමතරව විදේශිකයෙක් පැමිනියොත් ඔහුගේ සහායට අනිත් උන් තල්ලු කලෙත් මාවම තමා.... මෙන්න මේ නිසා මේ යාචක තුමා එක්ක මම ඉංග්‍රීසියෙන්ම කථාවට මුල පිරුවා.... අන්න එතන තමා මට වැරදුනේ.... ඔහු පුදුමාකාර ලෙස චතුරව ඉංග්‍රීසි කථා කරනවා... නියමම වචන උච්චාරණ සමග සුද්දෙක් වගේම... මට එතෙක් කල් ඉංග්‍රීසි උගන්වපු කිසිදු ගුරුතුමෙක් ඒ තරම් චතුර ඉංග්‍රීසි කථිකයො වුනේ නෑ.... ඒ වගේම ඇමරිකන් සුද්දෙක් වගේ කථාව බොහොම වේගවත්... ඔය අව් අස්සෙ ආයෙ පුරුදු සිංහලටම බැහැලා මම යන්තම් ජාමෙ බේර ගත්තා...

මෙන්න මේ සිද්ධියෙන් පස්සෙ මේ අද්භූත යාචකයා කවුද කියලා දැනගන්න මට තිබ්බෙ පුදුම පිපාසයක්... ඒ නිසාම මා සමග සේවය කල ආයතනයේ පැරණි සේවකයකුගෙන් ඔහු පිළිබද තොරතුරු විමසා සිටියා...

මල්ලි ඔය අන්කල් පුදුම චරිතයක්.... ඉස්සර බාටා එකේ ඉංජිනේරුවෙක්ලු (පසුව මා දැනගත් පරිදි යාන්ත්‍රික ඉංජිනේරුවෙක් හෙවත් Mechanical Engineer ) එයා කවදාවත් ජරාවට අදින්නෙ නෑ... කසිප්පු බීගෙන කෑගහන්නෙ නෑ... ඔය හිගාකන්නෙ තමන්ට කෑමට යමක් අරගන්න... ඒ කිව්වෙ උදේ වරුවෙ හිගාකන්නෙ උදේට කන්න... ඊළගට දවල්ට කන්න .. ඔන්න ඔය වගේ ... තමන්ට කෑමට සරිලන මුදලක් හොයා ගත්තට පස්සෙ හිගාකන එක නවත්තනවා... අනිත් උන් වගේ දවස පුරාම හිගා කන්නෙත් නෑ...

හරිම පුදුමයි... එහෙම වෙන්න හේතුව මොකක්ද ? මම ඇහුවා

ලව් හුටපටයක් නිසා පිස්සු හැදුනා කියලා තමයි මම අහලා තියෙන්නෙ... ඔහු කිව්වා...

කථාව ඇත්තකි... අපේ ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට තිබූ එම ආයතනයට අයත් ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන ඉහළ නිලධාරීන් ඔහු සමග කථා බස් කරන දසුන් මා නොයෙක් වර දැක ඇත.

මගේ තාවකාලික රැකියාවේ ආයුෂ කෙමෙන් කෙමෙන් අඩු වෙමින් තිබුනා....

දිණක් හිටි ගමන් සතියේ දිණක උදේ වරුවෙ අද්භූත යාචකයා පැමිණියා

පුංචි මහත්තයො ගුඩ් මෝනින්.... මට උදේට කෑම එකක් ගන්න තවමත් සල්ලි හොයා ගන්න බැරි වුනා... තරහා නැතුව මට රුපියල් පණහක් දෙන්න මම හැන්දෑවට ගෙනත් දෙන්නම්.....

ඔහුගේ ඉල්ලීම මම සැනෙන් ඉටු කලා.... එදා සැන්දෑ යාමයේ ඔහු නැවතත් පැමිණියා ඒ මගෙන් ණයට ගත් රුපියල් 50 ලබා දෙන්න...

මෙන්න මහත්තයගෙ සල්ලි.... ගොඩාක් ස්තූතියි....

ඔහුගෙ මහලු නෙත් මා වෙත ලොකු කථාවක් කියද්දි ඔහුගෙ මුවෙන් එසේ කියැවුනා...

සිරා ජීවිතයේ පළමු වතාවට ප්‍රතිපත්ති ගරුක යාචකයෙක් දැක්කෙ එදා...

හිගන දවස හෙවත් සිකුරාදා දිණයට ඔහු වැඩි වේලා කථා බහට රැදෙන්නෙ නෑ... ඒ එදාට ඔහුට යමක් පහසුවෙන් උපයාගත හැකි දිණය නිසයි... ඒ නිසා ඔහු පිළිබද මගේ කුතුහලය සංසිදවා ගන්න ගතවුන දිණ ගනනත් වැඩි වුනා... ඔහු මහා මාර්ගයේ ගමන් කරනු දුටුවද අප හමුවට පැමිණියේ සිකුරාදාට පමණයි.

දිනක් ඔහු අපේ ප්‍රදර්ශනාගාරය ඉදිරියෙන් යමින් සිටියා... සිකුරාදාට පමණක් අපවෙත පැමිණෙන හෙතෙම එදා සිකුරාදා දිණයක් නොවූවත් අප කිට්ටුවට ඇවිත් .....

ප්‍රදර්ශනාගාරයේ සිවිලිමේ සවිකර ඇති ස්පීකරයෙන් එළියට පැනලා අවකාශයේ පාවෙන ගීතයකට සාවධානව ඇහුම් කම් දෙමින් සිටියා....

ඒ අවස්ථාව ගැණුම්කරුවන් නැති විවේකී වේලාවක් වෙච්ච නිසාම සිරා සිටියේත් ඔහු සමග කථා බස් කල හැකි වාතාවරණයක... මම ඔහුට කිට්ටු වුනා... ඔහු මා නොදුටු සෙයකින් ගීතය ශ්‍රවණය කරමින් සිටියා පුදුමාකාර සංයමකින්.....ඒ මිල්ටන් මල්ලවආරච්චි ගේ බොහොම සංවේදී විරහා ගීතයක්.

ගීතය අවසන් වනවාත් සමගම ඔහු පොඩි එකෙක් වගේ ඉකිගසා හැඩුවා... අවු රශ්මියට කලු වූ මුහුණේ යට ගිය ඔහුගේ නෙත් කෙවෙනි තුලින් කදුලු බිදු එකින් එක පෙළට ගලා එද්දි සුදුම සුදු කෙස් රොද සුළගට ඒ මේ අත වැනුනා... ඒ අවස්ථාවේ මටත් ඔහු පිළිබද පුදුමාකාර සංවේදී බවක් දැනුනා....

එක් අතකින් කදුලු පිහදාන ගමන් ඔහු මගෙන් ඇසුවෙ සින්දුව කිව්ව කෙනා දන්නවද කියලයි...

ඔව් මම දන්නවා ඒ මිල්ටන් මල්ලවාරච්චි නෙ...

අන්න හරි... ඒ මගේ හොදම යාලුවෙක් ... අපි ඉස්සර එකටමයි හිටියෙ. මිනිහා ලොකු අතු අල්ලන්න ගියේ නැත්නම් අදත් ජීවත් වෙනවා... ඔහු එහෙම කිව්වා... මේ උපන් කදුල මිතුරා වෙනුවෙන්ද / ගීතයෙන් කියවුනු පරිදි බිදුනු පෙමක් පිළිබද මතක සටහනක් නිසාදැයි මට සිතාගත නොහැකි වුනා.

සෑහෙන දිනක් පිළිතුරු සෙවූ පැනය මා ඔහුට යොමු කලා... ඇයි හිගාකන්න පටන් ගත්තෙ ?

ඔහුගෙ කදුලු පිරි දෙනෙතින් පුදුමාකාර දීප්තියක් පළ වුනා... මුහුණේ ඉරියව් බොහෝ උද්යෝගිමත් වුනා...

මම ශාන්ති කියලා දෙමළ කෙල්ලෙක්ට ආදරය කලා... එයත් ඒ විදියට මට ආදරය කලා... අපේ පවුල වලව් පැළැන්තියෙන් ආපු එකක්... මගේ දෙමව්පියන් වගේම එකම නංගිත් එයා දෙමළ නිසා මේ සම්බන්ධයට ගොඩාක් විරුද්ධ වුනා... ශාන්තිගෙ දෙමාපියොත් මේ සම්බන්ධෙට විරුද්ධ වෙලා එයාව බලෙන්ම කෙනෙක්ට කසාද බන්දලා දුන්නා.... එතනින් පස්සෙ මට මේ ජීවිතයේ කිසිම දෙයක වටිනාකමක් දැනුනෙ නෑ.... මම ඉංජිනේරුවෙක් විදියට වැඩකල තැනින් අයින් වුනා... මට ජීවිතයට බලාපොරොත්තුවක් තිබුනෙ නෑ... ශාන්ති නැති ජීවිතය ඇතුලේ මට මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා හිතුනා... ඒ හින්දා මම පාරෙ ඉබාගාතෙ ඇවිදින්න පටන් ගත්තා.... ඒ ඇවිදිල්ල තමයි අවුරුදු ගාණක් තවමත් මේ ඇවිදින්නෙ...

ඔය අතරතුර මගේ දෙමව්පියො නැතිවුනා.... එකම නංගි කසාද බැදලා ඔස්ට්‍රේලියාවෙ පදිංචි වුනා... අපි ජීවත් වුන ගෙදර කෝට්ටෙ පැත්තෙ තියෙන්නෙ. තාත්තා මැරෙන්න කලින් ඒක මගෙ නමට ලියලා.... ඒක අදටත් මගෙ නමට තියෙන්නෙ.... මම ළගකදි ඒ පැත්තට ගියේ නෑ.... ගිය අවුරුද්දෙ ලංකාවට ආපු නංගි මාව හොයාගෙන ඇවිල්ලා කථා කලා.... ඒ සමගින් ඔහුට සෑහෙන තරමේ තරහක් ඇති වූ බවක් දක්නට ලැබුනා... එයාටත් එයාගෙ අයියව දැනුයි මතක් වෙලා තියෙන්නෙ...ඔහු එහෙම කිව්වා...

අද මට මේ ජීවිතයෙ නැතිවෙන්න දෙයක් නෑ... තිබුනොත් කනවා.. නැත්නම් නිකං ඉන්නවා... මැරෙන දවසක පාරෙම මැරෙයි... කුණු ගද ගහන නිසා කවුරු හරි වළලලා දායි....

එහෙම කිව්ව ඔහු මගෙන් සමුගත්තා....

ඒ සමුගැනීමෙන් පස්සෙ දිණ කීපයක් ඔහුව දකින්නට ලැබුනත් මගේ තාවකාලික රැකියාව අවසන් වීම නිසා නැවත කිසිදිණක ඔහුව දකින්නට ලැබුනේ නෑ... තවමත් ඔහු ජීවතුන් අතර සිටින්නටත් පුලුවන්...

මිල්ටන් මල්ලවාරච්චි ගේ නමත් මේ කථාවට ඈදුන නිසා ඔහු පිළිබදවත් යමක් කියන්නට මට සිත්වුනා...

සිංහල ගීත ක්ෂේත්රය අතික්‍රමණය කල ලයාන්විතයා ඔහුය. නොයෙක් කෙණෙහිලි කම් මැද ඉන්ද්‍රඛීලයක් මෙන් නැගී සිටියේද ඔහුය. සිංහල විරහ ගීතය කදිම තැනකට ඔසවා තබා විරහා ගින්නෙන් දැවෙන උන්ගේ හදවත් සුවපත් කලේ ඔහුය. ඉන්පසු නොයෙක් උන් සැබෑ ජීවිතයේදී අත්දැකීම් නැති මුත් බලහත්කාරයෙන් අනුන්ගේ අත්දැකීම් තමන්ගේ කරගනිමින් විරහ ගී යැයුවද ඒ එකෙකු වත් මිල්ටන් මල්ලවාරච්චි තරම් ජනතාවගේ හදේ ලැගුම් ගත්තේ නැත. මිල්ටන් වෙනුවෙන් බොහෝ ගීත එදා රචනා කලේ කරුණාරත්න අබේසේකරයන්ය.

සැබෑ ජීවිතයේ තමන් ලද අත්දැකීම් ඇසුරෙන් මිල්ටන් විරහා වේදනා හදුනන උන්ගේ හදවතට දැනෙන්නට ගායනා කළේය. ගුවන් විදුලි ගායකයන් ශ්‍රේණි ගත කිරීමේ පරීක්ෂණයෙන් කුහක ලෙස අසමත් කලත් උත්සාහය අත්නොහැර ගායකයකු වූවා මෙන්ම ලංකාවේ කැසට් පටයකට ගායනා කල පළමු ගායකයාද වූයේය.

මිල්ටන්ගේ ආදර කථාවද සිගන තෙමේගේ මෙන්ම කදුලක් වූ එකක්ය... මිල්ටන් සිය වේදනාව ගීත බවට පත්කරද්දී අනෙකා පාරක් පාරක් ගානේ ඔලුව හැරුණු අත ගමන් කලේය..

එහෙත් දෙදෙනාම සිය පණ මෙන් ආදරයට ආදරය කල උන් බව පැහැදිලිය. මා පාසලේ අ.පො.ස සා/පෙ ලියූ වසරේ පන්ති භාරව සිටියේ ගුරු මෙනෙවියකි. වයස අවුරුදු 40 කට ආසන්න වුවත් ඇය අවිවාහක වූවාය. මිල්ටන් ඇගේ ප්‍රියතම ගායකයා වූ අතර ඔහුගේ අභාවය සැලවූ දිණ ඇය මහත් සංවේගයට පත්ව අපට උගන්නන්නට පවා පැමිණියේ නැති බව මට හොදට මතකය. ඇයද ආදරයේ විරහව විදි කෙනෙක් විය යුතුය. නොයෙක් රස අතර විරහවද රසයකි. බොරුවට විරහව ඇගට ගත් නූතන ගායක ගිරව් විරහ ගී තලු මරති. එහෙත් තවමත් අංක එකේ විරහ ගීත මිල්ටන් මල්ලවාරච්චිගේය. සිය හදවත විනිවිද ගිය දුක්ඛ දෝමනස්සයන් ආත්මීය හඩකින් රසික කැළ වෙත ඉදිරිපත් කිරීම එයට හේතුව විය හැකිය.

මට ඔබෙන් අසන්නට ඇත්තේ එකම පැනයකි...

සිය පණ මෙන් ඉතා දැඩිව තවත් කෙනෙකුට ආදරය කිරීම මෝඩ කමක්ද ?

මම සයිබරයේ අලුත් මිතුරා සිරා..

ප.ලි

මිල්ටන් මල්ලවාරච්චි නම් සොදුරු ගායකයා ගැන මා වැඩි දුර විස්තර කතා නොකලේ බ්ලොග් අවකාශයේ සහෝදර බ්ලොග් කරුවකු වන චමී 4 යූ ඒ ගැන ලස්සන ලියමනක් ළගපාත දිණෙක ලියා තිබූ නිසාවෙනි. කාලයේ වැලිතලාවට යටව තිබූ යාචකයා සම්බන්ධ මේ සිදුවීමද මට සිහිපත් වූයේ මේ ලියමන දැකීමෙනි.

චමී ලියූ පෝස්ටුව මෙතැනින් කියවන්න

මගේ තාවකාලික රැකියාවෙන් ලද ආදායමෙන් කොටසක් යොදා මා හා පුරා කියලා මිළදී ගත්ත ජංගම දුරබණුව මෙන්න මෙහෙමයි. ලැබෙන ඇමතුම් තත්පර 30 ක් නිකං දෙන සිම්පතක් රුපියල් 2500 කට ගත්තෙ. මගේ යාලුවන් අතරින් ඉස්සෙල්ලාම දුරබණුවක් ගත්තෙ මම නිසා සමහර උන් ආදරීට කථා කරන්නත් SMS ගහන්නත් මගේ දුරබණුව ඒ කාලෙ පාවිච්චි කොලා.... උන්ගෙ සතුට වෙනුවෙන් මගේ රුපියල් ශත මම අමතක කලා...

ගත්තෙ මෙතනින්

මෙහි සම්පූර්ණ අයිතිය කතෘ සතුය..

[CODE]http://siragekamare.blogspot.com/2012/10/blog-post.html[/CODE]

[QUOTE="C.I.D, post: 13629553, member: 386756"] [b]මා ඉදිරියේ හැඩූ මිල්ටන්ගේ මිතුරා[/b] [CENTER][IMG]http://4.bp.blogspot.com/-CUYmuNbptxU/UG6Se8WRSrI/AAAAAAAABF4/GdiXCIK03QM/s640/sl_begger.jpg[/IMG][/CENTER] [SIZE="3"]ප්‍රේමය වනාහි පුදුමාකාර මානුෂීය හැගීමකි.. එය මෙන්න මේ යැයි අරුත් දක්වන්නට කිසිවෙකුත් අපොහොසත්ය. සමහරෙකුගේ ජරා ජීර්ණ වී කුණු ගද ගහන ජීවිතය රෝස මල් යහනාවක අතුරා සුවද මලින් සරසන්නට තරම් ඒ ආදරය උතුම්ය... තවත් සමහරෙකු තමන් නියෝජනය කරන සමාජ පන්තියෙන් නෙරපා දිළින්දෙකු /හිගන්නෙකු බවට පත් කලේද මේ කියන ආදරයමය. එක්ටැම්ගෙයක විසූ චිත්රාවන්ද... රජකම හැරදා සැඩොල් ලදකට ආලය කල සාලිය කුමරාද , පෙම්කල වරදට මරණ දඩුවම් විදි දස්කොන් ඇමතියාද ලෝකයට පසක් කලේ ආදරයේ ඇති බලපුලුවන්කාර කම නොවේද ? සැබෑවටම ආදරය යනු කුමක්ද? ජීවිතය ජීවත් කරන්නට ධෛර්යය දෙන්නේ ආදරයද... මම නොදනිමි. එහෙත් එක් දෙයක් දනිමි. ආදරය සොදුරු කල්හි ජීවිතය සොදුරුමය.... සෙනෙහසින් රැකබලා ගත් ආදරය වියෝ වූ කල්හි ජීවිතය අපායකි. මා මේ කියන්නේ 2003 කාල සමයේ සිදුවූ සත්‍ය සිදුවීමක්.. සිරාගෙ කාමරේ තුලින් කවර දාක හෝ මා මුසා බස් පවසා නැත. උසස් පෙළින් පස්සෙ පරිගණක ක්ෂේත්රයට අදාළව උසස් අධ්‍යාපනය ලබන සමයෙ මටම කියලා කීයක් හරි හම්බ කරන්න මගේ හිතේ ලොකු ආශාවක් තිබුනා... ඒ ආත්ම අභිමානය උදෙසා ඉක්මනින් ස්වාධීන වීම කියන කාරණය නිසා වෙන්න ඇති. ඒ අස්සෙ මටම කියලා ජංගම දුරබණුවක් මිළදී ගන්නත් කාලයක ඉදන් හිතේ තිබුන සිතිවිල්ලත් හේතු වුනා. දවසක් මගේ මිත්‍රයෙක් මාර්ගයෙන් ලංකාවෙ ප්‍රධානම පාවහන් නිපදවන ආයතනයක ශාඛා කළමනාකරුවෙක් හැදිනගෙන ඒ මගින් ඔහුගේ සේවා ස්ථානයේම විකුණුම් කරුවෙක් විදියට තාවකාලික රැකියාවක් කරන්න මට අවස්ථාව හිමි වුනා. ඒ ජා-ඇල ප්‍රදේශයේ... ක්‍රිස්තු භක්තිකයන් වැඩි වශයෙන් මේ පළාතෙ වෙසෙන නිසා නත්තල් කාලෙට ඇතිවන අධික ඉල්ලුමට සරිලන සේවයක් ලබා දීමට මේ වගේ තාවකාලික සේවකයන් කීප දෙනෙකු යොදා ගැනීමට ඔවුන් තීරණය කරනවා... ඒ මාස 1 1/2 වගේ කාලයක් සදහා.... මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි මට උදා වුනේ.... අධ්‍යාපන කටයුතු සදහා නිවාඩු ගැනීමට හැකි වීමත්, ආකර්ශණීය ගෙවීම් නිසාත් ඔන්න සිරා හා පුරා කියලා අළෙවිකරුවෙකු වුනා. උදෑසන 9 ට සේවයට වාර්තා කලාට පස්සෙ රාත්‍රී 8 ට තමයි සේවය අවසන් වුනේ. අලුත් පැරණි කියලා භේදයක් නැතුව හැමෝම බොහොම සුහදව සිටි නිසා රැකියා ස්ථානය බොහොම ප්‍රියජනක එකක්. තදබදය අධික වෙන්න කලින් අලුත් අය සේවයට ගන්නෙ තද බදය අධික කාලයට වේගවත් සේවයක් සැලසීමට අවශ්‍ය පුහුණුව ලබා ගන්න. ඒ ඒ මාදිලියෙ පාවහන් අංක 5කින් යුත් කාණ්ඩ අංකයකින් තමයි හදුන්වන්නෙ...පාරිභෝගිකයා යම් මාදිලියක් පෙන්නුවාම එයට අදාළ මාදිලි අංකය තමයි අළෙවි සේවකයා මතක තබා ගත යුත්තෙ.... මේ අංක පිළිවෙලට නෙමෙයි රාක්ක වල ගබඩා කරලා තියෙන්නෙ... ඒ නිසා ඒ ඒ මාදිලි ගබඩා කර ඇති ස්ථානත් මතක තබා ගත යුතුයි... පළමු සති තුන ගෙවෙනකොට පාරිභෝගිකයා පෙන්වන මාදිලිය රාක්ක වල අඩුක් කරලා තියෙන ස්ථාන එක්වරම හොයාගන්න පුලුවන් තරමේ හැකියාවක් ලැබෙනවා. මෙහි සේවය කල සමයේ බොහෝ විශේෂ පුද්ගලයන් මා හට හමුවුවත් ඒ අතරින් එක් අයෙක් ඉතාමත් සුවිශේෂී වුනා... ඔහු යාචකයෙක්... අපගේ මුල්ම හමුවීමත් සුවිශේෂ එකක්, ජා-ඇල නගරයේ වෙළද ආයතන වෙත සතිය පුරාම යාචකයන් පැමිණෙන්නෙ නෑ... වෙළද ව්‍යාපාරිකයන් ඒ සදහා දිණයක් නියම කර තිබෙනවා ඒ සිකුරාදා දවස.. මේ නිසාම වෙනත් නගර වල යාචකයනුත් සිකුරාදාට ජා-ඇලට ඇදෙනවා කියලා සමහර අය කියනවා. සිකුරාදා උදෑසන සිට වරින් වර දවස පුරා පැමිණෙන යාචකයන් සීයකට පමණ රුපියලේ කාසි ලබා දීමට ඊට පෙර දිණ බැංකුවෙන් රුපියලේ කාසි ගෙනත් තබා ගන්නවා.... ජරාජීරණ වූ ශරීර කූඩු එක්ක කුණු ගද ගහන අපිරිසිදු ඇදුම් ඇදගෙන නොයෙක් මැසිවිලි කියමින් සිගමන් යදින මේ පිරිස අතර ඉතාමත් පිරිසිදු ලෙස ඇදුම් අදින , ප්‍රිය මනාප යාචකයෙක් සිටියා... ඔහුගේ හිසකෙස් නත්තල් පප්පාගෙ වගේ සුදුම සුදුයි. ගුඩ් මෝනින් අපේ සර්ලාට කියමින් පැමිණෙන මේ පුද්ගලයා වෙත ආයතනයේ පැරණි අයත් අනෙක් යාචකයන්ට නැති සැළකීමක් දක්වන බව මම දැක්කා... ඒ නිසාම මේ පුද්ගලයා එක්ක කථා බහ කරන්න ආශාවක් මටත් නොදැනීම ඉපදිලා.... ඔන්න දවස උදා වුනා ... ගුඩ් මොර්නින් සර් කියද්දි මම රුපියලේ කාසියත් අරන් ඔහු හමුවට ගියා... ඔය කියන දවස් වල සිරා ඉංග්‍රීසි ඉගෙනගන්න හරිම උනන්දුයි... පාරිභෝගිකයකු ඉංග්‍රීසියෙන් කථා කලොත් ඔහුට ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දෙන පුරුද්දකුත් මට තිබුනා...ඊට අමතරව විදේශිකයෙක් පැමිනියොත් ඔහුගේ සහායට අනිත් උන් තල්ලු කලෙත් මාවම තමා.... මෙන්න මේ නිසා මේ යාචක තුමා එක්ක මම ඉංග්‍රීසියෙන්ම කථාවට මුල පිරුවා.... අන්න එතන තමා මට වැරදුනේ.... ඔහු පුදුමාකාර ලෙස චතුරව ඉංග්‍රීසි කථා කරනවා... නියමම වචන උච්චාරණ සමග සුද්දෙක් වගේම... මට එතෙක් කල් ඉංග්‍රීසි උගන්වපු කිසිදු ගුරුතුමෙක් ඒ තරම් චතුර ඉංග්‍රීසි කථිකයො වුනේ නෑ.... ඒ වගේම ඇමරිකන් සුද්දෙක් වගේ කථාව බොහොම වේගවත්... ඔය අව් අස්සෙ ආයෙ පුරුදු සිංහලටම බැහැලා මම යන්තම් ජාමෙ බේර ගත්තා... මෙන්න මේ සිද්ධියෙන් පස්සෙ මේ අද්භූත යාචකයා කවුද කියලා දැනගන්න මට තිබ්බෙ පුදුම පිපාසයක්... ඒ නිසාම මා සමග සේවය කල ආයතනයේ පැරණි සේවකයකුගෙන් ඔහු පිළිබද තොරතුරු විමසා සිටියා... මල්ලි ඔය අන්කල් පුදුම චරිතයක්.... ඉස්සර බාටා එකේ ඉංජිනේරුවෙක්ලු (පසුව මා දැනගත් පරිදි යාන්ත්‍රික ඉංජිනේරුවෙක් හෙවත් Mechanical Engineer ) එයා කවදාවත් ජරාවට අදින්නෙ නෑ... කසිප්පු බීගෙන කෑගහන්නෙ නෑ... ඔය හිගාකන්නෙ තමන්ට කෑමට යමක් අරගන්න... ඒ කිව්වෙ උදේ වරුවෙ හිගාකන්නෙ උදේට කන්න... ඊළගට දවල්ට කන්න .. ඔන්න ඔය වගේ ... තමන්ට කෑමට සරිලන මුදලක් හොයා ගත්තට පස්සෙ හිගාකන එක නවත්තනවා... අනිත් උන් වගේ දවස පුරාම හිගා කන්නෙත් නෑ... හරිම පුදුමයි... එහෙම වෙන්න හේතුව මොකක්ද ? මම ඇහුවා ලව් හුටපටයක් නිසා පිස්සු හැදුනා කියලා තමයි මම අහලා තියෙන්නෙ... ඔහු කිව්වා... කථාව ඇත්තකි... අපේ ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට තිබූ එම ආයතනයට අයත් ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන ඉහළ නිලධාරීන් ඔහු සමග කථා බස් කරන දසුන් මා නොයෙක් වර දැක ඇත. මගේ තාවකාලික රැකියාවේ ආයුෂ කෙමෙන් කෙමෙන් අඩු වෙමින් තිබුනා.... දිණක් හිටි ගමන් සතියේ දිණක උදේ වරුවෙ අද්භූත යාචකයා පැමිණියා පුංචි මහත්තයො ගුඩ් මෝනින්.... මට උදේට කෑම එකක් ගන්න තවමත් සල්ලි හොයා ගන්න බැරි වුනා... තරහා නැතුව මට රුපියල් පණහක් දෙන්න මම හැන්දෑවට ගෙනත් දෙන්නම්..... ඔහුගේ ඉල්ලීම මම සැනෙන් ඉටු කලා.... එදා සැන්දෑ යාමයේ ඔහු නැවතත් පැමිණියා ඒ මගෙන් ණයට ගත් රුපියල් 50 ලබා දෙන්න... මෙන්න මහත්තයගෙ සල්ලි.... ගොඩාක් ස්තූතියි.... ඔහුගෙ මහලු නෙත් මා වෙත ලොකු කථාවක් කියද්දි ඔහුගෙ මුවෙන් එසේ කියැවුනා... සිරා ජීවිතයේ පළමු වතාවට ප්‍රතිපත්ති ගරුක යාචකයෙක් දැක්කෙ එදා... හිගන දවස හෙවත් සිකුරාදා දිණයට ඔහු වැඩි වේලා කථා බහට රැදෙන්නෙ නෑ... ඒ එදාට ඔහුට යමක් පහසුවෙන් උපයාගත හැකි දිණය නිසයි... ඒ නිසා ඔහු පිළිබද මගේ කුතුහලය සංසිදවා ගන්න ගතවුන දිණ ගනනත් වැඩි වුනා... ඔහු මහා මාර්ගයේ ගමන් කරනු දුටුවද අප හමුවට පැමිණියේ සිකුරාදාට පමණයි. දිනක් ඔහු අපේ ප්‍රදර්ශනාගාරය ඉදිරියෙන් යමින් සිටියා... සිකුරාදාට පමණක් අපවෙත පැමිණෙන හෙතෙම එදා සිකුරාදා දිණයක් නොවූවත් අප කිට්ටුවට ඇවිත් ..... ප්‍රදර්ශනාගාරයේ සිවිලිමේ සවිකර ඇති ස්පීකරයෙන් එළියට පැනලා අවකාශයේ පාවෙන ගීතයකට සාවධානව ඇහුම් කම් දෙමින් සිටියා.... ඒ අවස්ථාව ගැණුම්කරුවන් නැති විවේකී වේලාවක් වෙච්ච නිසාම සිරා සිටියේත් ඔහු සමග කථා බස් කල හැකි වාතාවරණයක... මම ඔහුට කිට්ටු වුනා... ඔහු මා නොදුටු සෙයකින් ගීතය ශ්‍රවණය කරමින් සිටියා පුදුමාකාර සංයමකින්.....ඒ මිල්ටන් මල්ලවආරච්චි ගේ බොහොම සංවේදී විරහා ගීතයක්.[/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-XaFxPjLRjkY/UG6SjLGL5tI/AAAAAAAABGA/EVNpN-59Y2w/s320/Milton+Mallawarachchi+-+Milton+Pranama.jpg[/IMG][/CENTER] [SIZE="3"]ගීතය අවසන් වනවාත් සමගම ඔහු පොඩි එකෙක් වගේ ඉකිගසා හැඩුවා... අවු රශ්මියට කලු වූ මුහුණේ යට ගිය ඔහුගේ නෙත් කෙවෙනි තුලින් කදුලු බිදු එකින් එක පෙළට ගලා එද්දි සුදුම සුදු කෙස් රොද සුළගට ඒ මේ අත වැනුනා... ඒ අවස්ථාවේ මටත් ඔහු පිළිබද පුදුමාකාර සංවේදී බවක් දැනුනා.... එක් අතකින් කදුලු පිහදාන ගමන් ඔහු මගෙන් ඇසුවෙ සින්දුව කිව්ව කෙනා දන්නවද කියලයි... ඔව් මම දන්නවා ඒ මිල්ටන් මල්ලවාරච්චි නෙ... අන්න හරි... ඒ මගේ හොදම යාලුවෙක් ... අපි ඉස්සර එකටමයි හිටියෙ. මිනිහා ලොකු අතු අල්ලන්න ගියේ නැත්නම් අදත් ජීවත් වෙනවා... ඔහු එහෙම කිව්වා... මේ උපන් කදුල මිතුරා වෙනුවෙන්ද / ගීතයෙන් කියවුනු පරිදි බිදුනු පෙමක් පිළිබද මතක සටහනක් නිසාදැයි මට සිතාගත නොහැකි වුනා. සෑහෙන දිනක් පිළිතුරු සෙවූ පැනය මා ඔහුට යොමු කලා... ඇයි හිගාකන්න පටන් ගත්තෙ ? ඔහුගෙ කදුලු පිරි දෙනෙතින් පුදුමාකාර දීප්තියක් පළ වුනා... මුහුණේ ඉරියව් බොහෝ උද්යෝගිමත් වුනා... මම ශාන්ති කියලා දෙමළ කෙල්ලෙක්ට ආදරය කලා... එයත් ඒ විදියට මට ආදරය කලා... අපේ පවුල වලව් පැළැන්තියෙන් ආපු එකක්... මගේ දෙමව්පියන් වගේම එකම නංගිත් එයා දෙමළ නිසා මේ සම්බන්ධයට ගොඩාක් විරුද්ධ වුනා... ශාන්තිගෙ දෙමාපියොත් මේ සම්බන්ධෙට විරුද්ධ වෙලා එයාව බලෙන්ම කෙනෙක්ට කසාද බන්දලා දුන්නා.... එතනින් පස්සෙ මට මේ ජීවිතයේ කිසිම දෙයක වටිනාකමක් දැනුනෙ නෑ.... මම ඉංජිනේරුවෙක් විදියට වැඩකල තැනින් අයින් වුනා... මට ජීවිතයට බලාපොරොත්තුවක් තිබුනෙ නෑ... ශාන්ති නැති ජීවිතය ඇතුලේ මට මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා හිතුනා... ඒ හින්දා මම පාරෙ ඉබාගාතෙ ඇවිදින්න පටන් ගත්තා.... ඒ ඇවිදිල්ල තමයි අවුරුදු ගාණක් තවමත් මේ ඇවිදින්නෙ... ඔය අතරතුර මගේ දෙමව්පියො නැතිවුනා.... එකම නංගි කසාද බැදලා ඔස්ට්‍රේලියාවෙ පදිංචි වුනා... අපි ජීවත් වුන ගෙදර කෝට්ටෙ පැත්තෙ තියෙන්නෙ. තාත්තා මැරෙන්න කලින් ඒක මගෙ නමට ලියලා.... ඒක අදටත් මගෙ නමට තියෙන්නෙ.... මම ළගකදි ඒ පැත්තට ගියේ නෑ.... ගිය අවුරුද්දෙ ලංකාවට ආපු නංගි මාව හොයාගෙන ඇවිල්ලා කථා කලා.... ඒ සමගින් ඔහුට සෑහෙන තරමේ තරහක් ඇති වූ බවක් දක්නට ලැබුනා... එයාටත් එයාගෙ අයියව දැනුයි මතක් වෙලා තියෙන්නෙ...ඔහු එහෙම කිව්වා... අද මට මේ ජීවිතයෙ නැතිවෙන්න දෙයක් නෑ... තිබුනොත් කනවා.. නැත්නම් නිකං ඉන්නවා... මැරෙන දවසක පාරෙම මැරෙයි... කුණු ගද ගහන නිසා කවුරු හරි වළලලා දායි.... එහෙම කිව්ව ඔහු මගෙන් සමුගත්තා.... ඒ සමුගැනීමෙන් පස්සෙ දිණ කීපයක් ඔහුව දකින්නට ලැබුනත් මගේ තාවකාලික රැකියාව අවසන් වීම නිසා නැවත කිසිදිණක ඔහුව දකින්නට ලැබුනේ නෑ... තවමත් ඔහු ජීවතුන් අතර සිටින්නටත් පුලුවන්... මිල්ටන් මල්ලවාරච්චි ගේ නමත් මේ කථාවට ඈදුන නිසා ඔහු පිළිබදවත් යමක් කියන්නට මට සිත්වුනා... සිංහල ගීත ක්ෂේත්රය අතික්‍රමණය කල ලයාන්විතයා ඔහුය. නොයෙක් කෙණෙහිලි කම් මැද ඉන්ද්‍රඛීලයක් මෙන් නැගී සිටියේද ඔහුය. සිංහල විරහ ගීතය කදිම තැනකට ඔසවා තබා විරහා ගින්නෙන් දැවෙන උන්ගේ හදවත් සුවපත් කලේ ඔහුය. ඉන්පසු නොයෙක් උන් සැබෑ ජීවිතයේදී අත්දැකීම් නැති මුත් බලහත්කාරයෙන් අනුන්ගේ අත්දැකීම් තමන්ගේ කරගනිමින් විරහ ගී යැයුවද ඒ එකෙකු වත් මිල්ටන් මල්ලවාරච්චි තරම් ජනතාවගේ හදේ ලැගුම් ගත්තේ නැත. මිල්ටන් වෙනුවෙන් බොහෝ ගීත එදා රචනා කලේ කරුණාරත්න අබේසේකරයන්ය. සැබෑ ජීවිතයේ තමන් ලද අත්දැකීම් ඇසුරෙන් මිල්ටන් විරහා වේදනා හදුනන උන්ගේ හදවතට දැනෙන්නට ගායනා කළේය. ගුවන් විදුලි ගායකයන් ශ්‍රේණි ගත කිරීමේ පරීක්ෂණයෙන් කුහක ලෙස අසමත් කලත් උත්සාහය අත්නොහැර ගායකයකු වූවා මෙන්ම ලංකාවේ කැසට් පටයකට ගායනා කල පළමු ගායකයාද වූයේය. මිල්ටන්ගේ ආදර කථාවද සිගන තෙමේගේ මෙන්ම කදුලක් වූ එකක්ය... මිල්ටන් සිය වේදනාව ගීත බවට පත්කරද්දී අනෙකා පාරක් පාරක් ගානේ ඔලුව හැරුණු අත ගමන් කලේය.. එහෙත් දෙදෙනාම සිය පණ මෙන් ආදරයට ආදරය කල උන් බව පැහැදිලිය. මා පාසලේ අ.පො.ස සා/පෙ ලියූ වසරේ පන්ති භාරව සිටියේ ගුරු මෙනෙවියකි. වයස අවුරුදු 40 කට ආසන්න වුවත් ඇය අවිවාහක වූවාය. මිල්ටන් ඇගේ ප්‍රියතම ගායකයා වූ අතර ඔහුගේ අභාවය සැලවූ දිණ ඇය මහත් සංවේගයට පත්ව අපට උගන්නන්නට පවා පැමිණියේ නැති බව මට හොදට මතකය. ඇයද ආදරයේ විරහව විදි කෙනෙක් විය යුතුය. නොයෙක් රස අතර විරහවද රසයකි. බොරුවට විරහව ඇගට ගත් නූතන ගායක ගිරව් විරහ ගී තලු මරති. එහෙත් තවමත් අංක එකේ විරහ ගීත මිල්ටන් මල්ලවාරච්චිගේය. සිය හදවත විනිවිද ගිය දුක්ඛ දෝමනස්සයන් ආත්මීය හඩකින් රසික කැළ වෙත ඉදිරිපත් කිරීම එයට හේතුව විය හැකිය. මට ඔබෙන් අසන්නට ඇත්තේ එකම පැනයකි... සිය පණ මෙන් ඉතා දැඩිව තවත් කෙනෙකුට ආදරය කිරීම මෝඩ කමක්ද ? මම සයිබරයේ අලුත් මිතුරා සිරා.. ප.ලි මිල්ටන් මල්ලවාරච්චි නම් සොදුරු ගායකයා ගැන මා වැඩි දුර විස්තර කතා නොකලේ බ්ලොග් අවකාශයේ සහෝදර බ්ලොග් කරුවකු වන චමී 4 යූ ඒ ගැන ලස්සන ලියමනක් ළගපාත දිණෙක ලියා තිබූ නිසාවෙනි. කාලයේ වැලිතලාවට යටව තිබූ යාචකයා සම්බන්ධ මේ සිදුවීමද මට සිහිපත් වූයේ මේ ලියමන දැකීමෙනි. චමී ලියූ පෝස්ටුව[URL="http://chami4u.blogspot.com/2012/07/blog-post.html"] මෙතැනින් කියවන්න[/URL] මගේ තාවකාලික රැකියාවෙන් ලද ආදායමෙන් කොටසක් යොදා මා හා පුරා කියලා මිළදී ගත්ත ජංගම දුරබණුව මෙන්න මෙහෙමයි. ලැබෙන ඇමතුම් තත්පර 30 ක් නිකං දෙන සිම්පතක් රුපියල් 2500 කට ගත්තෙ. මගේ යාලුවන් අතරින් ඉස්සෙල්ලාම දුරබණුවක් ගත්තෙ මම නිසා සමහර උන් ආදරීට කථා කරන්නත් SMS ගහන්නත් මගේ දුරබණුව ඒ කාලෙ පාවිච්චි කොලා.... උන්ගෙ සතුට වෙනුවෙන් මගේ රුපියල් ශත මම අමතක කලා...[/SIZE] [CENTER]:):):):)[/CENTER] [SIZE="4"]ගත්තෙ මෙතනින් මෙහි සම්පූර්ණ අයිතිය කතෘ සතුය..[/SIZE] [CODE]http://siragekamare.blogspot.com/2012/10/blog-post.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom