Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතැන් සිට෴

ඕං ඉතිං 96යේ මාර්තු මාසෙ මුල ඉන්දියාවත් එක්ක මැච් එකත් ආව ඈ..ඉන්දියාව West Indiesලට ගහල ඕස්ට්‍රේලියාවට යන්තං පැරදිල,උං කෙන්යාවට ගැහුව වගේ ලංකාවෙ පජා සෙට් එකටත් දෙඤ්ඤං කියලයි ආවෙ.

ලංකාව toss එක දිනල ඉස්සෙල්ල bat කරන්ට ඉන්දියාවට දුන්නා.ඒකාලෙ toss එක දින්නොත් ඉතින් bat කරන එක තමා කරේ..Chase කරන්ට අමාරුයි අනිවාර්යයෙන්,230ට වඩා ගැහුවොත්.ඒක තමා ඒ දවස්වල ODI මානසිකත්වය හා තරග විලාශයේ හැටි.මොනව කිව්වත් ඒ දවස් වල World Cup එකක් ඇරෙන්ට වෙන කිසිම එක් දින තරගාවලියක් එච්චර ගනං ගත්තෙ නෑ.විශේෂයෙන්ම එංගලන්තෙ වගේ රටවල්..උන් එංගලන්තෙදි අවුරුද්දකට ODI match 3ක් වගේ තමයි ගැහුවෙ..County ODI championship එකක් නං 60 ගනං වල ඉඳල Benson & Hedges කියල..කෙසේ හෝ පලවෙනි over 35 විතර වෙනකං test මැච් එකක් වගේ තමා ඒ කාලෙ සාමාන්‍ය ODI මැච් එකක් කියන්නෙ.Day match එකක් නං උදේ බෝලෙ swing උනොත් පලවෙනි ඕවර් 10 අල්ලන එක තමා කරේ.දෙවනියට bat කරද්දිත් එහෙමම තමා..ඉතිං අන්තිම ඕවර් 15 වෙනකං wicket තියං ඉන්නව වනන්ට..බොහෝ වෙලාවට scoreboard pressure වැඩිවෙලා chase කරන්ට අමාරුවෙලා මැච් පරදිනවා..අනෙත් එක බෝලෙ පරණ උනහම reverse swing වෙන හින්ද හොඳ reverse swing කරන්ට දන්න bowlersල ඉන්නවනං ගහනව කෙසේවෙතත් අන්තිමේට විකට් පොලු තමා කැරකෙන්නෙ.ඒක හින්ද toss දින්නොත් ගහනවම තමා.Day/Night නං ඉතිං කෙලින්ම මොකවත් හිතන්නෑ..toss දින්න bat.ඉතිං ඉන්දියාව toss එකෙන්ම මැච් එක දිනල වගේ තමා හිටියේ..මොකද අපේ bowling lineup එක එච්චර strong නෑ.ඒ කියන්නෙ විකට් ගැනීමේ හැකියාව තිබ්බෙ මුරලියටයි,වාස්ටයි විතරයි.මුරලියට ඉතින් ඉන්දියාවෙ එවුං පණ යන්ට ගහලනෙ හිටියෙ..අනෙත් ධර්මසේන,ප්‍රමෝද්‍ය,සනත්,ගුරා,අරවින්ද වගේ කට්ටිය containment bowlers හෙවත් ලකුණු නවත්තන ඕවර 10,50ට 45ට වගේ දාන කට්ටිය විදිහට තමයි හඳුනාගෙන හිටියේ. ලංකාවෙ වකාර් යූනිස් අපේ අහිංසක රවීන්ඳ්‍ර පුෂ්පකුමාර තමයි ප්‍රමෝද්‍ය වෙනුවට මේ match එකට ගැහුවෙ..ඒ අතරම ඉන්දියාවෙ batting lineup එක කෙන්යාවට ලස්සන 100ක් ගහපු,ඕස්ට්‍රේලියාවට තමං කවුද කියල පෙන්නපු සචීන්(සචීන් ඕස්ට්‍රේලියාවට එරෙහිව මං දැකපු හොඳම ඉනිමක් ක්රීඩාකරලයි හිටියෙ..තනියෙන්ම වගේ පලවෙනි ඕවර් 3ම maiden දාපු මැග්රාට ඊලග ඕවර් 5ට 48ක් ගහන්ට සචීන් වගබලාගත්ත.අන්තිමේදි මාක් වෝගෙ wide බෝලෙකට stump වෙලා තමයි out උනේ 90ට..නැත්තං ඉන්දියාව ඕස්ට්‍රේලියාවටත් ගහනවා.),අසාර්,මංජේකාර්,මනෝජ් ප්‍රබාකර්,කම්බ්ලි,ජඩේජා පිරිවරාගත් batting skills උතුරන batting lineup එකක්.දැං ඉන්දියන් team එකට වඩා test match වල වැඩ පෙන්නපු සිරාම තරු ටිකක්..

ඕස්ට්‍රේලියාවට එරෙහිව සචීන්ගේ ඉණිම

[YOUTUBE]AdmlUUiMFHw[/YOUTUBE]by robelinda2

අනෙක ඉන්දියාවෙ bowling lineup එක...fast leg spin දාන බොලේ dip,bounce කරන world class කුම්බ්ලේට කවුරුත් බයවෙලා හිටියෙ..ආය quality fast bowlerයෙක් වන ශ්රීනාතුයි,කබ්බෙක් උනත් ඉන්දියාවෙ හින්ද පොරක් වෙලා හිටිය වෙන්කටේෂ් ප්‍රසාදුයි,බෝලෙ swing කරන්ට පුළුවං ප්‍රබාකරනුයි,අන්කෝලයි decent bowling lineup එක..ඉන්දියාවෙ ඒ කාලෙ ඉඳල batsmanල වැහිවැහැලනෙ(රංජිත් සිංජි,විජය හසාරේ,මර්චාන්ට්,පතාඋදි,ගවස්කාර්,විශ්වනාත්,වෙන්සාකර් ඉඳල ගංගුලි,ඩ්‍රාවිඩ්,ශෙවාග්,රෝහිත් ශර්මා,දාවන්,කෝලී,හා උන්මුක්ඩ් චාන්ඩ් දක්වා...) fast bowlersල තමා උන්ට අඩු.. කපිල් දේව් තමා උන්ගෙ පළවෙනි fast කියල කටඇරල කියන්ට පුළුවං fast බෝලරය..ඊට පස්සෙ ජවගල් ශ්‍රීනාත්,මොහන්ති,කුරුවිලා,සහීර් කාන් ආව..හුගක් හිටියෙ,ඉන්නෙ ප්‍රසාද්,ඉෂාන් ශර්ම වගේ seam bowlersල..

ඉතිං මේ මැච් එක ගහන්නෙත් ඉන්දියාවෙ,උං තමා first bat කරන්නෙත්...ඉතිං මේ සූටි,බච්ච ලංකාවට බඩුම තමයි ඈ..

ඒත් මේ අපෙ 96යේ ශ්‍රී ලංකා team එක අමුතු එකක්.ඒක ඉන්දියාව තේරුං ගත්තෙ ලංකාවෙ එවුං bat කරන්ට ආපුවහම..

ඉන්දියාව සාම්ප්‍රදායක ODI පලමු ඉනිමක් ක්‍රීඩා කරන්ට පටන්ගත්ත.ඉන්දියාවෙ සචීනුයි මං මෙතෙක් දැකල තියන අමුතුම ක්‍රීඩකයයි තමා opening එන්නේ.ඩයල් එක තමා මනෝජ් ප්‍රබාකර්.ඇයි පොර තමා මට මතක විදිහට මං දැකපු පලමු ඩයල් එක opening bat කරල opening fast bowl කරන.ඌ තමා opening bowl දාන්නෙත්.මාර වටිනා ක්‍රීඩකයෙක් නේද පොර..

හැබැයි ඩයල් එක bowl 30 කට විතර 6ක් වගේ ගහල out වුනා.සචීන් ඉතිං කිසිම අපහසුවකින් තොරව අපේ වාස්ට,ප්‍රමෝද්‍යට ලස්සනට ගැහුව.එහා පැත්තෙන් ආපු මංජේකාරුත් සචීන්ට සප් එක දුන්න...ඕවර් 20කට විතර අසූ ගානක් තමා ගහල තිබ්බේ..මට මතක විදිහට මුරලි එයාගෙ අර අම්බානක කැපෙන stock bowl එක වෙච්ච off break එක තමා සචීන්ට ඉස්සෙල්ලම දැම්මේ..ඩයල් එක crease එකෙන් ඉස්සරහට ඇවිල්ල drive කරන්ට ගියත් බෝලෙ miss වුනා..කලුවටත් stump chance එක miss උනා..පොර මුරලියට ආපු වෙලේ ඉඳල නෙළල වට්ටන්ට වගේ තමා හිතං හිටියෙ..මට මතකයි සචීනයගෙ runout එකක් third umpire දුන්නෑ..ඒකාලෙ ඉතිං සචීනයට runout එකක් හරි LBW එකක් හරි දුන්නොත් ඉතින් umpireගෙ ගේ ඉවරයිනෙ.. දැනුත් ඉතිං ඒ වගේම තමා ඉතිං..

මංජේකාර් (දැන් cricket commentaries දෙන්නෙ...පොර තමා මේ..)30 ට විතර out උනාට පස්සෙ ආවෙ captain අසාරුඩීන්..පොර bat කරනව බලන්ට මම මාර ආසයි.මාර flexible මැණික් කටුවක් තිබ්බෙ පොරට,leg glance,cut,flick ගහන්නෙ මාර smoothව..මාක් වෝත් ඒ වගේ..ඉතිං සචීනුයි,අසාරුයි සෙට් වෙලා අපේ bowlersලට නෙළුව අම්බානකට..ධර්මසේනයට සචීනය ගැහුව අන්තිම හරියෙදි දුවන්ටම වගේ..අන්තිමේදි සචීන් වාස්ට runout වෙද්දි run a ball 137ක් ගහල හිටියෙ..

අන්තිමේට අසාර් 72 යි..ඉන්දියාව 272/3...

ශ්‍රී ලංකාවට එරෙහිව සචීන්ගේ ඉණිම

[YOUTUBE]-WeZf9fFPMA[/YOUTUBE]by kapurprem

අප්පේ ඉන්දියාව 272ක් ගැහුව..දැන් නං ඉන්දියාවෙ තියන flat trackකුයි,batsmanලගෙ තඩි බැටුයි,තණකොල කට්ටෙටම ගාපු forward අල්ලපු ගමන් 4 යන out field වලයි නං 272 ඕවර් 35 න් ගහයි..ඒත් ඒ කාලෙ ඔය ලකුණු ගාන World cup pressure එක්ක බලද්දියි,ලංකාවෙ බච්ච භාවයයි,ගහන්නෙ ඉන්දියාවෙ කියන එකයි,ඒ කාලෙ ODI මානසිකත්වය ඒ කියන්නෙ පලවෙනි ඕවර් 30,35 අල්ලන එකයි සලකද්දි අද ඇත්තටම ලකුණු 350ක් වගේ..අනෙක ඉන්දියාවෙ bowling lineup එකේ අනිල් කුම්බ්ලේ හිටිය..උට ඉතිං ඉස්සර වැඩිම උනොත් 30ක් ගහයි ඕවර් 10ට විකට් නොදුන්නත්....හැබැයි 1987 වගේ ලංකාව ඉන්දියාව ඕවර් 40ට ගහපු 299ක් ලගටම chase කරපු අවස්ථාවක් තියනවා.

http://www.espncricinfo.com/ci/engine/match/64300.html

ඒකත් අපේ එවුංගෙ හිතේ කොනක තියෙන්ට ඇති...

ලංකාවෙ batting lineup එක අමුතුම එකක්.සනාටයි,කලූටයි හතර අතේ වනන්ට අර්ජුනයි අරවින්දයි,වට්මෝරුයි full license දීල තිබ්බෙ..ඇයි අපිට කලු ගල් වගේ හයිය middle order එකක් තමා තිබ්බෙ..ඇත්තටම ඒ solidභාවය හැදුනෙ ටෙස්ට් මැච් ගහලා..අද නැත්තෙත් solidභාවය තමා..එදා ගුරා,අරා,අර්ජුන,තිලකෙ,මහානාම ඊටපස්ස උනන්ඳුවා කියල කියපු ධර්මසේන,වාස්..දන්නව කලුවයි සනයි අඩුවට අවුට් උනත් මැච් එක ගොඩ දාන්ට ඩයල් මග බලන් ඉන්නෙ කියලා..අද ඉන්න තිරිමාන්න,මැතිව්ස්,පෙරේර,ජීවන් මෙන්ඩිස් ඒ middle order එක ලගින්වත් තියන්ට බෑ..උන්ට නැත්තෙ ටෙස්ට් ගහල හැදෙන patient එක..technique solidification එක..

ලයිසොං දුන්නට මදිනෙ ගහන්ට පුළුවං වෙන්ටත් එපැයි..ඉතිං අර ඕස්ට්‍රේලියාවේ තඩි ground වල bouncy pitch වල ODI වල උන්ගෙ බෝලර්ස්ලට හොඳියන්ට ගහපු පුංචි කලුවටයි,Adelaide වල ටෙස්ට් 100ක් ගහල තමං ගැන ආත්ම විශ්වාසය නැවත ඇති කරං හිටපු සනාටයි,මේ ඉන්දියාවෙ flat track වල පජා බෝලර්ස්ල මහ කජ්ජක් උනේ නෑ..මේව ඉතිං ඉන්දියන් teamඑකවත් spectatorsලවත් දැනං හිටියෙ නෑ..උන් හිතං හිටියෙ ලංකාව තාම අර 1993දි උන්ගෙ අතින් පජා වෙන්ටම කෑව බබා team එක කියලා..ඒත් අපේ එවුන් එතකොට team එකක් හැටියට හුගක් දුර ඇවිල්ලයි හිටියේ..ඉන්දියාව ඒක දැනං හිටියෙ නෑ..

සනයි කලුවයි වැනුව වැනිල්ලක් ඉන්දියාවට හිතාගන්ට බෑ පලවෙනි ඕවර් 3 ට 42යි...අද T20 match එකකවත් එහෙම start එකක් හොයාගන්ට අමාරුයි.Ground එකේ හිටිය ලංකාවෙ ටික දෙනා ඇරෙන්ට අනෙක් එවුං ඔක්කොම බය වෙලා බලං හිටිය..වෙන එකක් තියා commentaries දෙන සුනිල් ගවස්කාරුත් බය වෙලා සද්ද නැතිව හිටියෙ මේ මොන සත්තු දෙන්නෙක්ද කියලා.පොරට වචන ආවෙ නෑ.අපේ Tony Grieg නං පට්ට ආතල් එකක් ගත්තෙ.පොර බයවෙලා හිටිය ගවස්කාර්ට කිව්ව"Don't depress Sunny" කියල.."දුක්වෙන්ට එපා සුනිලෝ.."

ඇත්තටම මීට පෙර 1992 World cupඑකේ නවසිලන්තෙ Mark Greatbatch,ඉන්දියාවෙ K.Srikanth මේ වගේ වේගවත් ආරම්භයන් පලවෙනි ඕවර් 15 වේ,යාර 30 සීමා නීතිය ප්‍රයෝජනයට අරගෙන ලබාගෙන තිබුනත් මේ තරම් වේගවත් ඒ වගේම opening batsmanල දෙන්නම එක විදිහට නෙලන අවස්ථාවක් ලෝක ක්‍රිකට් ප්‍රජාව ඒ වන තුරු දැකල තිබුනෙ නෑ..

ජයසූරිය ප්‍රසාද්ට ඉස්සරහට පැන පැන ගැහුවෙ.ඒ දවස් වල fast bowlersලට forward එන්නෑ attack කරන්ට.බයයි බවුන්සරයක් දාල මූන ගලවයි කියලා.forward එන්නෙත් බෝලෙ swing එක අඩුකරගන්ට defensive විදිහට.එදා ඉදල ඉතිං ප්‍රසාද් යනකං සනා ඌට හැමදාම දුවන්ට ගැහුව..

කලුව ලස්සන,හරිම සැර ඉණිමක් තමා ක්‍රීඩාකරේ.ඩයල් එක සුපුරුදු සැර cut,pull අතරෙ මාර සුමට Glide එකක් කරා fine legවලට 4ක් යන්ට..ගවස්කාර් ඒක දැකල කිව්ව "මූට සැර විතරක් නෙවේ මොලෙත් තියනවනෙ කියල'.අපේ Tony Grieg කිව්ව මෙහෙම ගැහුවොත් නං ඕවර් 15න් මැච් එක ඉවරයි කියල..

ඔය අතරෙ මනෝජ් ප්රබාකර්ට පොරගෙ පලවෙනි ඕවර් 2ට 30ක් වැදුන.අසාර් ඩයල් එක attack එකෙන් අයින් කරල ඊළග spell එකට ආවහම spin දාන්ට පටන් ගත්ත... ඩයල් එක හොඳටම මානසිකව වැටිල හිටියෙ කාපු කෑමට..ඕවර් 10ටම 30ක් 35ක් ගහන ඒ කාලෙ ඕවර් 2 ට 30ක්,අන්තිමේට ඕවර් 4 ට 48ක් කියන්නෙ හෙනම ලොකු ගානක්.ප්‍රබාකර් කියන්නෙ skillful බෝලරයෙක්.Test වල ODI වල...ටෙස්ට් වල middle order එකේ bat කරල මැච් ගොඩදාපු පොරක්.ඩයල් එක 92 World cup එකෙත්,එංගලංතෙ වගේ seaming conditions තියන pitch වලත් හොඳට bowl කරපු කෙනෙක්.හොඳ all rounderයෙක්.ඒත් ඉතිං ඉන්දියාවම වගේම ලෝකෙම බලං ඉද්දි සූටි ලංකාවෙන් මේ කාපු කෑමයි,අන්තිමේදි බයවෙල තමංගෙ bowling style එක ගැන පවා විශ්වාසය නැති වෙලා spin දැමීමයි එක්ක කාලයක් තිස්සෙ තිබ්බ poor form එකයි හින්ද පොරට නරකම වෙලාවක් ලැබුවා..ආයෙ කවදාත් මනෝජ් ප්‍රබාකර් International Cricket Stage එකට ආවෙ නෑ...කතාව ගියේ සනයි,කලුයි විශේෂයෙන්ම සනා ප්රබාකරන්ව එලෙව්ව කියල තමයි...අර ලංකාවෙ වන්නියෙ හිටපු කාලකන්නියත් බයවෙන්ට ඇති ඒක අහලා...ඒකම නොඋනට ඒකම තමයි උනේ..

කලුව බෝල 16 න් 26 ක් ගහල ගියා.ගැහුවෙ 26යි උනාට ඌ ඉන්දියාවම මඤ්ඤං කරලයි ගියේ.සනා බෝලෙට තඩිබෑව ඉන්දියාවෙ එවුං කවදාවක්වත් නොදැකපු තාලෙට.එක වෙලාවක commentaries දීපු රවියා(රවී ශාස්ත්‍රී)බය වෙලා කියනව සනා විකට් ඕපන් කරල වගේ ගහපු කට් එකක් දැකල මම හිතන්නෙ සනත්ගෙ ඒ shot එක වගේ තදට ක්‍රිකට් බෝලෙට කවුරුවත් ආයෙ ගහල නැතුව ඇති කියල...

කලුවට පස්සෙ ආපු ගුරත් නිකං හිටියෙ නෑ.පොරත් pull එකකින් 6ක් ගැහුව මතකයි.ඒත් ගුරාට සනා එක්ක හයියෙන් දුවාගන්ට බැරුව runout වෙනවා..

සනත් ඒ එක්කම කල්යල් නොබලපු Lofted drive එකක් ගහල අවුට් වෙනවා..සනාගෙ බෝල 76න් ගහපු 79ය ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරග ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්..මගේ හැටියට ඔය ඉණිමෙ ඉදල 2005දි දෝනිය ලංකාවට ගහන 183 වෙනකං ඉන්දියාව,ලංකාවට බයවෙලා හිටියෙ සචීන් එයාගෙ form එකේ උපරිම හිටිය 1998/99 කාලය ඇරෙන්නට.. විශේෂයෙන්ම තනි දින තරගවල..

ඒ ඉනිමයි,කලුවගෙ ඉනිමයි ලෝක එක්දින ක්‍රිකට් තරග රටාව වෙනස් කරා කිව්වොත් නිවැරදියි..එදා ඉඳල බෝලෙ හොඳටම swing වෙන දුර්ලබ අවස්ථා හැරුණුකොට ODI එකක පලවෙනි ඕවර් 15 තුල අත දිගඇරල පහරදෙන එක ප්‍රධාන හා අනිවාර්ය උපක්‍රමයක් උනා..ඒක Fashion එකක්,trend එකක් උනා..

ඇත්ටම සනා කලූ එදා සදහටම ODI ක්‍රිකට් වෙනස් කරා..උන් new trend Setterල උනා..ඊට පස්සෙ තමා Gilchrist,Matthew Hayden,Sehwag,Dhawanල එන්නේ..ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව ගණිකා වෘත්තියේ යොදවලා වගේ තියන බැටාලට අම්බානක bias T20 එන්නෙත් සනා කලූ දුන්න මේ ආතල් එක හින්දම තමයි..

සනාගේ ඉණිම

[YOUTUBE]K_lhTTvY4Fs[/YOUTUBE]by robelinda2

තරගයේ විශේෂ අවස්ථා

[YOUTUBE]KV4VmQGQK04[/YOUTUBE]by roaustin

1996 ලෝක කුසලානය පිළිබඳ හිටපු ඕස්ට්‍රේලියානු නායක,ක්‍රිකට් විස්තර විචාරක Ian Chappellගේ සඳහන(මෙහි සනා කලූගෙ මේ තරගයේ opening partnership එක ගැන විස්තර කරයි.)

[YOUTUBE]WX0qcnttja8[/YOUTUBE]by Muhammad Adil

අරවින්දත් එයාගෙ පරණ පුරුදු මතක් වෙලා කුම්බ්ලේට ඉස්සරහට පැනල ගහන්ට ගිය ජරා shot එකකින් අවුට් උනා..ඉතිං 144/4...අපි හිතුවෙ ලංකාව වැඩේ අනාගත්ත නේද බං කියල.ආයෙත් කරබාගෙන හිටපු ඉන්දියාවෙ එවුන් ඩයල් දාන්ට පටන් ගෙනයි හිටයේ..ඒත් සෙට් උනේ ගේම කොහොමත් අතඅරින්නෙම නැති මරුම ඩබල..අර්ජුනයි,තිළකෙයි.තිළකෙත් හොඳටම පදං වෙලා හිටියෙ ඕස්ට්‍රේලියාවට Perth වලදි ටෙස්ට් 100ක් ගහල..මාර solid technique එකක් තිබ්බ පොරක් තමයි ඩයල් එක..පස්ස වන වන මොණර වගේ පොර ලස්සනට වැඩේ දෙන්නේ..තිළකෙට තිබ්බෙ ගැහුවොත් ෂුවර් මාර ලස්සන cover,Straight drives ටිකක්..

අර්ජුන ඉතිං කොහොමත් පොරනෙ.බඩත් උස්සං ඇවිදගෙන දුවන,දන්නෙම නැතුව Third Man එකෙන්,Fine Leg වලින් බෝලර්ගෙ මහන්සියෙන් 4 ඒව ගහන ඒව වගේ මහ කපටි Shot තිබ්බ,ඉස්සරහට පැන්නොත් අනිවාර්යයෙන් 6ක් ගහන,ටීම් එකේ බොස් වගේම අප්පච්චි වගේ චරිතයක්නෙ..මට අද දෝනිය දැක්කහම යන්තමට වගේ අපේ අර්ජුනව මතක් වෙනව..දෝනියගෙ cricketing skills අර්ජුනට වඩා වැඩි උනාට අර්ජනගෙ captaincy skills ගොඩක් වැඩියි...

ඉතිං තිළකෙ-අර්ජුන ඩබල ලස්සනට ලංකාවට මැච් එක දිනවල දෙනව..මට මතක විදිහට අර්ජුන අන්තිම හරියෙ chance එකක් දෙනව out field එකේ..ඒත් එතකොට කොහොමත් ලංකාව දිනල වගේ තමයි හිටියේ.කුම්බ්ලේට මුලදි,මුලදි නොගැහුවත් පස්සෙ පොරටත් තිළකෙ පස්ස වනල ගැහුව හැඩ On Drive එක්කුයි Cover Drive එක්කුයි..ලංකාව මැච් එක දින්නා...ඕවර 48යි බෝල් 4න්..

ඉන්දියාවම ෆුල් හොල්මන්..

ඉන්දියාවෙන් කනවම දැක්ක සචීන්,අසාර්,කම්බ්ලි,කුම්බ්ලේ අපේ රටේ සුට්ටි කොල්ලොන්ට හරි ඈතයි කියල හිතපු අපිට අපේම වීරයො ටිකක් හැදිල තිබුන..ඒක තව ශක්තිමත් උනා 1997 ලංකාව ඉන්දියාවෙ ගිහිල්ල Test series එක Draw කරල ආපුවහම..මං හිතන්නෙ ඒ lift වීම 2005 වෙනකං තිබ්බ අර ලංකාව ඉන්දියාවෙ ගිහිල්ල 6-1ක් කාපු ODI series එක වෙනකං..දැන් අපේ එවුං 96ට ඉස්සර වගේ නැත්තං ඊටත් වඩා ඉන්දියාවෙ එවුන්ට බයයි..දෝනියට බයයි.කෝලිය දැක්කම චූ යනවා..මං හිතන්නෑ කාලෙකට ආය ලංකාවෙ එවුං ඉන්දියාවට වැඩ පෙන්නයි කියලා.මම හරිනං 2005හේ ලංකාවෙ තිබ්බ Indian Oil Cup ODI series එකට පස්සෙ ලංකාව ඉන්දියාවට එරෙහිව එක පිට මැච් 2ක් දිනල නෑ..

ඉතිං මේ විදිහට අපේ උන් 96 දි ඉස්සෙල්ලම ඉන්දියාව හෙල්ලුවා.ඒක හරියට මහා හමුදාවකට අහලවත් නැති සූටි කැරලිකාර හමුදාවකින් නොසිතූ මොහොතක එල්ල උන මාරාන්තික ගරිල්ලා ප්‍රහාරයක් වගේ..මොකද ඉන්දියාව,ලංකාව මෙච්චර දරුණුයි කියල උන් හීනෙකින්වත් නොහිතපු හින්ද..ඇත්තටම උන්ට ආයෙත් අර රාවණා කතා මතක් වෙන්ට ඇති..

මම මීට අවුරුදු 4කට විතර ඉස්සර මේ තරගය ගැන ESPN-India එකෙන් කරපු Documentaryයක් බැලුවා.ඒකෙ හිටිය මංජේකාර්,ශ්‍රීනාත් වගේ playersලයි,Rahul Battacharya,Sharda Ugra වගේ cricket writersලයි.කට්ටියම කිව්වේ ඒගොල්ලො පුදුම උනා කියල ලංකාව වගේ පුංචි රටක ක්‍රිකට් වල වර්ධනයත්,ඉන්දියාවෙ අලසකමත් ගැන කියලා..

2009 ජයසූරියගෙ ක්‍රිකට් දිවියට අවුරුදු 20ක් පිරීම නිමිත්තෙන් Cricinfo එකේ article එකක් පළවුනා..ඒකෙ comment section එකේ තිබ්බෙම ඉන්දියාවෙ සාමාන්‍ය cricket fansල දාපු comments.සමහර ඒව මාරයි..එකක තිබ්බ මේ තරගෙන් පස්සෙ සනත් කියන මේ යකාට වින කරන්ට ඉන්දියාවෙ හැම ගෙදරම වගේ "වින පූජා" තිබ්බ කියල.අන්තිමේදි සනා ඉන්දියාවෙ උන්ට තඩිබාන එක 2011 යේ යනකම්ම නවත්තව්වෙ නෑනේ.ඉතිං බැරිම තැන සනාට "පුද පූජා" පවත්තන්ට පටන් ගත්තලු දෙයියෙක් වගේ කියලා.ඉන්දියාවෙ ඉන්නෙ මරු හරක් නේ....ඒකෙන් පේන්නෙ සනාගෙ impact එක තමා..තාම සනාට ඉන්දියාවෙ තියන පිළිගැනීම අඩු වෙලා නෑනෙ.තාම ඔය ඉන්දියාවෙ ගිහිල්ල මධුරිත් එක්ක වැරදි වැරදි හරි තාලෙට නටල එන්නෙ..

මටනං හිතෙන්නෙ සනා ඡන්දෙ ඉල්ලල තමා කාබාසිනියා උනේ කියලා...

http://www.espncricinfo.com/magazine/content/story/441226.html

http://www.espncricinfo.com/magazine/content/story/441258.html

ඉතිං මේක මගෙ ක්‍රිකට් නැරබුම් ඉතිහාසෙ අමරණීය තරගයක්.කවදා හරි TV එකේ ආයෙ bowl by bowl මේ මැච් එක පෙන්නුවොත් නිවාඩු දාල හරි මම ඒක බලනවා..ඒකයි ඒ ගැන මං වැඩිපුර ලිව්වේ..අපි ඉන්දියාවට ඩයල් දාපු මැච් එක තමා මේක..ආය ඒ වගේ match එකක් ඕන වෙයි අර කෝලියගෙ පඩ බහින්ට ඌ බයකරන්ට..ඒත් ඒක කරන්ට අපේ උන්ට පුලුවන් වෙයිද?..අපි බලමු..

හොඳි බහින්ට කාපු ඉන්දියාව

A glum Sachin Tendulkar leans on Sanjay Manjrekar's shoulder after India's defeat, India v Sri Lanka, World Cup, Delhi, March 2, 1996

by www.Cricinfo.com

බොහොම ස්තුතියි මේක කියෙව්වට....!

මතු සබැඳි෴

පසුව;මං මේක ලිව්වෙ මගේ මතකයේ හැටියටට..අවුරුදු විස්සක් විතර කියවපු බලපු දේ අනුව..වැරදි ගොඩක් ඇති..

youtube video upload කරපු roblinda2(ලෝකයේ ඉන්න ලොකුම ක්‍රිකට් පිස්සා-1980 විතර ඉදල ඕස්ට්‍රේලියාවෙ විකාශය වෙච්චි හැම ක්‍රිකට් තරගයක්ම,වැඩසටහනක්ම ඔහු record කරනවා.කිසිදු වෙළඳ දැන්මක් නොමැතිව ඔහු youtube එකට විශාල video ප්‍රමාණයක් කර upload කර තිබෙනවා.

http://www.youtube.com/user/robelinda2?feature=watch),

kapurprem,Muhammad Adil හා roaustin යන අයටද www.Cricinfo.comටද බොහොම ස්තුතියි!

[QUOTE="07sanjeewakaru, post: 15862970, member: 460140"] [SIZE="4"]එතැන් සිට෴ ඕං ඉතිං 96යේ මාර්තු මාසෙ මුල ඉන්දියාවත් එක්ක මැච් එකත් ආව ඈ..ඉන්දියාව West Indiesලට ගහල ඕස්ට්‍රේලියාවට යන්තං පැරදිල,උං කෙන්යාවට ගැහුව වගේ ලංකාවෙ පජා සෙට් එකටත් දෙඤ්ඤං කියලයි ආවෙ. ලංකාව toss එක දිනල ඉස්සෙල්ල bat කරන්ට ඉන්දියාවට දුන්නා.ඒකාලෙ toss එක දින්නොත් ඉතින් bat කරන එක තමා කරේ..Chase කරන්ට අමාරුයි අනිවාර්යයෙන්,230ට වඩා ගැහුවොත්.ඒක තමා ඒ දවස්වල ODI මානසිකත්වය හා තරග විලාශයේ හැටි.මොනව කිව්වත් ඒ දවස් වල World Cup එකක් ඇරෙන්ට වෙන කිසිම එක් දින තරගාවලියක් එච්චර ගනං ගත්තෙ නෑ.විශේෂයෙන්ම එංගලන්තෙ වගේ රටවල්..උන් එංගලන්තෙදි අවුරුද්දකට ODI match 3ක් වගේ තමයි ගැහුවෙ..County ODI championship එකක් නං 60 ගනං වල ඉඳල Benson & Hedges කියල..කෙසේ හෝ පලවෙනි over 35 විතර වෙනකං test මැච් එකක් වගේ තමා ඒ කාලෙ සාමාන්‍ය ODI මැච් එකක් කියන්නෙ.Day match එකක් නං උදේ බෝලෙ swing උනොත් පලවෙනි ඕවර් 10 අල්ලන එක තමා කරේ.දෙවනියට bat කරද්දිත් එහෙමම තමා..ඉතිං අන්තිම ඕවර් 15 වෙනකං wicket තියං ඉන්නව වනන්ට..බොහෝ වෙලාවට scoreboard pressure වැඩිවෙලා chase කරන්ට අමාරුවෙලා මැච් පරදිනවා..අනෙත් එක බෝලෙ පරණ උනහම reverse swing වෙන හින්ද හොඳ reverse swing කරන්ට දන්න bowlersල ඉන්නවනං ගහනව කෙසේවෙතත් අන්තිමේට විකට් පොලු තමා කැරකෙන්නෙ.ඒක හින්ද toss දින්නොත් ගහනවම තමා.Day/Night නං ඉතිං කෙලින්ම මොකවත් හිතන්නෑ..toss දින්න bat.ඉතිං ඉන්දියාව toss එකෙන්ම මැච් එක දිනල වගේ තමා හිටියේ..මොකද අපේ bowling lineup එක එච්චර strong නෑ.ඒ කියන්නෙ විකට් ගැනීමේ හැකියාව තිබ්බෙ මුරලියටයි,වාස්ටයි විතරයි.මුරලියට ඉතින් ඉන්දියාවෙ එවුං පණ යන්ට ගහලනෙ හිටියෙ..අනෙත් ධර්මසේන,ප්‍රමෝද්‍ය,සනත්,ගුරා,අරවින්ද වගේ කට්ටිය containment bowlers හෙවත් ලකුණු නවත්තන ඕවර 10,50ට 45ට වගේ දාන කට්ටිය විදිහට තමයි හඳුනාගෙන හිටියේ. ලංකාවෙ වකාර් යූනිස් අපේ අහිංසක රවීන්ඳ්‍ර පුෂ්පකුමාර තමයි ප්‍රමෝද්‍ය වෙනුවට මේ match එකට ගැහුවෙ..ඒ අතරම ඉන්දියාවෙ batting lineup එක කෙන්යාවට ලස්සන 100ක් ගහපු,ඕස්ට්‍රේලියාවට තමං කවුද කියල පෙන්නපු සචීන්(සචීන් ඕස්ට්‍රේලියාවට එරෙහිව මං දැකපු හොඳම ඉනිමක් ක්රීඩාකරලයි හිටියෙ..තනියෙන්ම වගේ පලවෙනි ඕවර් 3ම maiden දාපු මැග්රාට ඊලග ඕවර් 5ට 48ක් ගහන්ට සචීන් වගබලාගත්ත.අන්තිමේදි මාක් වෝගෙ wide බෝලෙකට stump වෙලා තමයි out උනේ 90ට..නැත්තං ඉන්දියාව ඕස්ට්‍රේලියාවටත් ගහනවා.),අසාර්,මංජේකාර්,මනෝජ් ප්‍රබාකර්,කම්බ්ලි,ජඩේජා පිරිවරාගත් batting skills උතුරන batting lineup එකක්.දැං ඉන්දියන් team එකට වඩා test match වල වැඩ පෙන්නපු සිරාම තරු ටිකක්.. [B][U]ඕස්ට්‍රේලියාවට එරෙහිව සචීන්ගේ ඉණිම[/U][/B] [YOUTUBE]AdmlUUiMFHw[/YOUTUBE]by robelinda2 අනෙක ඉන්දියාවෙ bowling lineup එක...fast leg spin දාන බොලේ dip,bounce කරන world class කුම්බ්ලේට කවුරුත් බයවෙලා හිටියෙ..ආය quality fast bowlerයෙක් වන ශ්රීනාතුයි,කබ්බෙක් උනත් ඉන්දියාවෙ හින්ද පොරක් වෙලා හිටිය වෙන්කටේෂ් ප්‍රසාදුයි,බෝලෙ swing කරන්ට පුළුවං ප්‍රබාකරනුයි,අන්කෝලයි decent bowling lineup එක..ඉන්දියාවෙ ඒ කාලෙ ඉඳල batsmanල වැහිවැහැලනෙ(රංජිත් සිංජි,විජය හසාරේ,මර්චාන්ට්,පතාඋදි,ගවස්කාර්,විශ්වනාත්,වෙන්සාකර් ඉඳල ගංගුලි,ඩ්‍රාවිඩ්,ශෙවාග්,රෝහිත් ශර්මා,දාවන්,කෝලී,හා උන්මුක්ඩ් චාන්ඩ් දක්වා...) fast bowlersල තමා උන්ට අඩු.. කපිල් දේව් තමා උන්ගෙ පළවෙනි fast කියල කටඇරල කියන්ට පුළුවං fast බෝලරය..ඊට පස්සෙ ජවගල් ශ්‍රීනාත්,මොහන්ති,කුරුවිලා,සහීර් කාන් ආව..හුගක් හිටියෙ,ඉන්නෙ ප්‍රසාද්,ඉෂාන් ශර්ම වගේ seam bowlersල.. ඉතිං මේ මැච් එක ගහන්නෙත් ඉන්දියාවෙ,උං තමා first bat කරන්නෙත්...ඉතිං මේ සූටි,බච්ච ලංකාවට බඩුම තමයි ඈ.. ඒත් මේ අපෙ 96යේ ශ්‍රී ලංකා team එක අමුතු එකක්.ඒක ඉන්දියාව තේරුං ගත්තෙ ලංකාවෙ එවුං bat කරන්ට ආපුවහම.. ඉන්දියාව සාම්ප්‍රදායක ODI පලමු ඉනිමක් ක්‍රීඩා කරන්ට පටන්ගත්ත.ඉන්දියාවෙ සචීනුයි මං මෙතෙක් දැකල තියන අමුතුම ක්‍රීඩකයයි තමා opening එන්නේ.ඩයල් එක තමා [B]මනෝජ් ප්‍රබාකර්[/B].ඇයි පොර තමා මට මතක විදිහට මං දැකපු පලමු ඩයල් එක opening bat කරල opening fast bowl කරන.ඌ තමා opening bowl දාන්නෙත්.මාර වටිනා ක්‍රීඩකයෙක් නේද පොර..:baffled::baffled: හැබැයි ඩයල් එක bowl 30 කට විතර 6ක් වගේ ගහල out වුනා.සචීන් ඉතිං කිසිම අපහසුවකින් තොරව අපේ වාස්ට,ප්‍රමෝද්‍යට ලස්සනට ගැහුව.එහා පැත්තෙන් ආපු මංජේකාරුත් සචීන්ට සප් එක දුන්න...ඕවර් 20කට විතර අසූ ගානක් තමා ගහල තිබ්බේ..මට මතක විදිහට මුරලි එයාගෙ අර අම්බානක කැපෙන stock bowl එක වෙච්ච off break එක තමා සචීන්ට ඉස්සෙල්ලම දැම්මේ..ඩයල් එක crease එකෙන් ඉස්සරහට ඇවිල්ල drive කරන්ට ගියත් බෝලෙ miss වුනා..කලුවටත් stump chance එක miss උනා..පොර මුරලියට ආපු වෙලේ ඉඳල නෙළල වට්ටන්ට වගේ තමා හිතං හිටියෙ..මට මතකයි සචීනයගෙ runout එකක් third umpire දුන්නෑ..ඒකාලෙ ඉතිං සචීනයට runout එකක් හරි LBW එකක් හරි දුන්නොත් ඉතින් umpireගෙ ගේ ඉවරයිනෙ.. දැනුත් ඉතිං ඒ වගේම තමා ඉතිං.. මංජේකාර් (දැන් cricket commentaries දෙන්නෙ...පොර තමා මේ..)30 ට විතර out උනාට පස්සෙ ආවෙ captain අසාරුඩීන්..පොර bat කරනව බලන්ට මම මාර ආසයි.මාර flexible මැණික් කටුවක් තිබ්බෙ පොරට,leg glance,cut,flick ගහන්නෙ මාර smoothව..මාක් වෝත් ඒ වගේ..ඉතිං සචීනුයි,අසාරුයි සෙට් වෙලා අපේ bowlersලට නෙළුව අම්බානකට..ධර්මසේනයට සචීනය ගැහුව අන්තිම හරියෙදි දුවන්ටම වගේ..අන්තිමේදි සචීන් වාස්ට runout වෙද්දි run a ball 137ක් ගහල හිටියෙ.. අන්තිමේට අසාර් 72 යි..ඉන්දියාව 272/3... [U][B]ශ්‍රී ලංකාවට එරෙහිව සචීන්ගේ ඉණිම[/B][/U] [YOUTUBE]-WeZf9fFPMA[/YOUTUBE]by kapurprem අප්පේ ඉන්දියාව 272ක් ගැහුව..දැන් නං ඉන්දියාවෙ තියන flat trackකුයි,batsmanලගෙ තඩි බැටුයි,තණකොල කට්ටෙටම ගාපු forward අල්ලපු ගමන් 4 යන out field වලයි නං 272 ඕවර් 35 න් ගහයි..ඒත් ඒ කාලෙ ඔය ලකුණු ගාන World cup pressure එක්ක බලද්දියි,ලංකාවෙ බච්ච භාවයයි,ගහන්නෙ ඉන්දියාවෙ කියන එකයි,ඒ කාලෙ ODI මානසිකත්වය ඒ කියන්නෙ පලවෙනි ඕවර් 30,35 අල්ලන එකයි සලකද්දි අද ඇත්තටම ලකුණු 350ක් වගේ..අනෙක ඉන්දියාවෙ bowling lineup එකේ අනිල් කුම්බ්ලේ හිටිය..උට ඉතිං ඉස්සර වැඩිම උනොත් 30ක් ගහයි ඕවර් 10ට විකට් නොදුන්නත්....හැබැයි 1987 වගේ ලංකාව ඉන්දියාව ඕවර් 40ට ගහපු 299ක් ලගටම chase කරපු අවස්ථාවක් තියනවා. [URL="http://www.espncricinfo.com/ci/engine/match/64300.html"]http://www.espncricinfo.com/ci/engine/match/64300.html[/URL] ඒකත් අපේ එවුංගෙ හිතේ කොනක තියෙන්ට ඇති... ලංකාවෙ batting lineup එක අමුතුම එකක්.සනාටයි,කලූටයි හතර අතේ වනන්ට අර්ජුනයි අරවින්දයි,වට්මෝරුයි full license දීල තිබ්බෙ..ඇයි අපිට කලු ගල් වගේ හයිය middle order එකක් තමා තිබ්බෙ..ඇත්තටම ඒ solidභාවය හැදුනෙ ටෙස්ට් මැච් ගහලා..අද නැත්තෙත් solidභාවය තමා..එදා ගුරා,අරා,අර්ජුන,තිලකෙ,මහානාම ඊටපස්ස උනන්ඳුවා කියල කියපු ධර්මසේන,වාස්..දන්නව කලුවයි සනයි අඩුවට අවුට් උනත් මැච් එක ගොඩ දාන්ට ඩයල් මග බලන් ඉන්නෙ කියලා..අද ඉන්න තිරිමාන්න,මැතිව්ස්,පෙරේර,ජීවන් මෙන්ඩිස් ඒ middle order එක ලගින්වත් තියන්ට බෑ..උන්ට නැත්තෙ ටෙස්ට් ගහල හැදෙන patient එක..technique solidification එක.. ලයිසොං දුන්නට මදිනෙ ගහන්ට පුළුවං වෙන්ටත් එපැයි..ඉතිං අර ඕස්ට්‍රේලියාවේ තඩි ground වල bouncy pitch වල ODI වල උන්ගෙ බෝලර්ස්ලට හොඳියන්ට ගහපු පුංචි කලුවටයි,Adelaide වල ටෙස්ට් 100ක් ගහල තමං ගැන ආත්ම විශ්වාසය නැවත ඇති කරං හිටපු සනාටයි,මේ ඉන්දියාවෙ flat track වල පජා බෝලර්ස්ල මහ කජ්ජක් උනේ නෑ..මේව ඉතිං ඉන්දියන් teamඑකවත් spectatorsලවත් දැනං හිටියෙ නෑ..උන් හිතං හිටියෙ ලංකාව තාම අර 1993දි උන්ගෙ අතින් පජා වෙන්ටම කෑව බබා team එක කියලා..ඒත් අපේ එවුන් එතකොට team එකක් හැටියට හුගක් දුර ඇවිල්ලයි හිටියේ..ඉන්දියාව ඒක දැනං හිටියෙ නෑ.. සනයි කලුවයි වැනුව වැනිල්ලක් ඉන්දියාවට හිතාගන්ට බෑ [COLOR="Sienna"]පලවෙනි ඕවර් 3 ට 42යි[/COLOR]...අද T20 match එකකවත් එහෙම start එකක් හොයාගන්ට අමාරුයි.Ground එකේ හිටිය ලංකාවෙ ටික දෙනා ඇරෙන්ට අනෙක් එවුං ඔක්කොම බය වෙලා බලං හිටිය..[COLOR="Sienna"]වෙන එකක් තියා commentaries දෙන සුනිල් ගවස්කාරුත් බය වෙලා සද්ද නැතිව හිටියෙ මේ මොන සත්තු දෙන්නෙක්ද කියලා.[/COLOR]පොරට වචන ආවෙ නෑ.අපේ Tony Grieg නං පට්ට ආතල් එකක් ගත්තෙ.පොර බයවෙලා හිටිය ගවස්කාර්ට කිව්ව"Don't depress Sunny" කියල..[COLOR="Sienna"]"දුක්වෙන්ට එපා සුනිලෝ.."[/COLOR] ඇත්තටම මීට පෙර 1992 World cupඑකේ නවසිලන්තෙ Mark Greatbatch,ඉන්දියාවෙ K.Srikanth මේ වගේ වේගවත් ආරම්භයන් පලවෙනි ඕවර් 15 වේ,යාර 30 සීමා නීතිය ප්‍රයෝජනයට අරගෙන ලබාගෙන තිබුනත් මේ තරම් වේගවත් ඒ වගේම opening batsmanල දෙන්නම එක විදිහට නෙලන අවස්ථාවක් ලෝක ක්‍රිකට් ප්‍රජාව ඒ වන තුරු දැකල තිබුනෙ නෑ.. ජයසූරිය ප්‍රසාද්ට ඉස්සරහට පැන පැන ගැහුවෙ.ඒ දවස් වල fast bowlersලට forward එන්නෑ attack කරන්ට.බයයි බවුන්සරයක් දාල මූන ගලවයි කියලා.forward එන්නෙත් බෝලෙ swing එක අඩුකරගන්ට defensive විදිහට.[COLOR="Sienna"]එදා ඉදල ඉතිං ප්‍රසාද් යනකං සනා ඌට හැමදාම දුවන්ට ගැහුව..[/COLOR] කලුව ලස්සන,හරිම සැර ඉණිමක් තමා ක්‍රීඩාකරේ.ඩයල් එක සුපුරුදු සැර cut,pull අතරෙ මාර සුමට Glide එකක් කරා fine legවලට 4ක් යන්ට..ගවස්කාර් ඒක දැකල කිව්ව [COLOR="Sienna"]"මූට සැර විතරක් නෙවේ මොලෙත් තියනවනෙ කියල'[/COLOR].අපේ Tony Grieg කිව්ව මෙහෙම ගැහුවොත් නං ඕවර් 15න් මැච් එක ඉවරයි කියල.. [COLOR="Sienna"]ඔය අතරෙ මනෝජ් ප්රබාකර්ට පොරගෙ පලවෙනි ඕවර් 2ට 30ක් වැදුන.[/COLOR]අසාර් ඩයල් එක attack එකෙන් අයින් කරල [COLOR="Sienna"]ඊළග spell එකට ආවහම spin දාන්ට පටන් ගත්ත... [/COLOR]ඩයල් එක හොඳටම මානසිකව වැටිල හිටියෙ කාපු කෑමට..ඕවර් 10ටම 30ක් 35ක් ගහන ඒ කාලෙ ඕවර් 2 ට 30ක්,අන්තිමේට ඕවර් 4 ට 48ක් කියන්නෙ හෙනම ලොකු ගානක්.ප්‍රබාකර් කියන්නෙ skillful බෝලරයෙක්.Test වල ODI වල...ටෙස්ට් වල middle order එකේ bat කරල මැච් ගොඩදාපු පොරක්.ඩයල් එක 92 World cup එකෙත්,එංගලංතෙ වගේ seaming conditions තියන pitch වලත් හොඳට bowl කරපු කෙනෙක්.හොඳ all rounderයෙක්.ඒත් ඉතිං ඉන්දියාවම වගේම ලෝකෙම බලං ඉද්දි සූටි ලංකාවෙන් මේ කාපු කෑමයි,අන්තිමේදි බයවෙල තමංගෙ bowling style එක ගැන පවා විශ්වාසය නැති වෙලා spin දැමීමයි එක්ක කාලයක් තිස්සෙ තිබ්බ poor form එකයි හින්ද පොරට නරකම වෙලාවක් ලැබුවා..[COLOR="Red"]ආයෙ කවදාත් මනෝජ් ප්‍රබාකර් International Cricket Stage එකට ආවෙ නෑ...[/COLOR]කතාව ගියේ සනයි,කලුයි විශේෂයෙන්ම[COLOR="Sienna"] සනා ප්රබාකරන්ව එලෙව්ව කියල තමයි...අර ලංකාවෙ වන්නියෙ හිටපු කාලකන්නියත් බයවෙන්ට ඇති ඒක අහලා...[/COLOR]:rofl::rofl:ඒකම නොඋනට ඒකම තමයි උනේ.. කලුව බෝල 16 න් 26 ක් ගහල ගියා.ගැහුවෙ 26යි උනාට ඌ ඉන්දියාවම [COLOR="Sienna"]මඤ්ඤං[/COLOR] කරලයි ගියේ.සනා බෝලෙට තඩිබෑව ඉන්දියාවෙ එවුං කවදාවක්වත් නොදැකපු තාලෙට.එක වෙලාවක commentaries දීපු රවියා(රවී ශාස්ත්‍රී)බය වෙලා කියනව සනා විකට් ඕපන් කරල වගේ ගහපු කට් එකක් දැකල[COLOR="Sienna"] මම හිතන්නෙ සනත්ගෙ ඒ shot එක වගේ තදට ක්‍රිකට් බෝලෙට කවුරුවත් ආයෙ ගහල නැතුව ඇති කියල...[/COLOR] කලුවට පස්සෙ ආපු ගුරත් නිකං හිටියෙ නෑ.පොරත් pull එකකින් 6ක් ගැහුව මතකයි.ඒත් ගුරාට සනා එක්ක හයියෙන් දුවාගන්ට බැරුව runout වෙනවා.. [COLOR="Blue"]සනත් ඒ එක්කම කල්යල් නොබලපු Lofted drive එකක් ගහල අවුට් වෙනවා..සනාගෙ බෝල 76න් ගහපු 79ය ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරග ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්..මගේ හැටියට ඔය ඉණිමෙ ඉදල 2005දි දෝනිය ලංකාවට ගහන 183 වෙනකං ඉන්දියාව,ලංකාවට බයවෙලා හිටියෙ සචීන් එයාගෙ form එකේ උපරිම හිටිය 1998/99 කාලය ඇරෙන්නට.. විශේෂයෙන්ම තනි දින තරගවල..[/COLOR] [COLOR="Sienna"]ඒ ඉනිමයි,කලුවගෙ ඉනිමයි ලෝක එක්දින ක්‍රිකට් තරග රටාව වෙනස් කරා කිව්වොත් නිවැරදියි..එදා ඉඳල බෝලෙ හොඳටම swing වෙන දුර්ලබ අවස්ථා හැරුණුකොට ODI එකක පලවෙනි ඕවර් 15 තුල අත දිගඇරල පහරදෙන එක ප්‍රධාන හා අනිවාර්ය උපක්‍රමයක් උනා..ඒක Fashion එකක්,trend එකක් උනා.. ඇත්ටම සනා කලූ එදා සදහටම ODI ක්‍රිකට් වෙනස් කරා..උන් new trend Setterල උනා..ඊට පස්සෙ තමා Gilchrist,Matthew Hayden,Sehwag,Dhawanල එන්නේ..ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව ගණිකා වෘත්තියේ යොදවලා වගේ තියන බැටාලට අම්බානක bias T20 එන්නෙත් සනා කලූ දුන්න මේ ආතල් එක හින්දම තමයි.. [/COLOR] [B][U]සනාගේ ඉණිම[/U][/B] [YOUTUBE]K_lhTTvY4Fs[/YOUTUBE]by robelinda2 [B][U]තරගයේ විශේෂ අවස්ථා[/U][/B] [YOUTUBE]KV4VmQGQK04[/YOUTUBE]by roaustin [B][U]1996 ලෝක කුසලානය පිළිබඳ හිටපු ඕස්ට්‍රේලියානු නායක,ක්‍රිකට් විස්තර විචාරක Ian Chappellගේ සඳහන(මෙහි සනා කලූගෙ මේ තරගයේ opening partnership එක ගැන විස්තර කරයි.)[/U][/B] [YOUTUBE]WX0qcnttja8[/YOUTUBE]by Muhammad Adil අරවින්දත් එයාගෙ පරණ පුරුදු මතක් වෙලා කුම්බ්ලේට ඉස්සරහට පැනල ගහන්ට ගිය ජරා shot එකකින් අවුට් උනා..[COLOR="Sienna"]ඉතිං 144/4...[/COLOR]අපි හිතුවෙ ලංකාව වැඩේ අනාගත්ත නේද බං කියල.ආයෙත් කරබාගෙන හිටපු ඉන්දියාවෙ එවුන් ඩයල් දාන්ට පටන් ගෙනයි හිටයේ..[COLOR="Sienna"]ඒත් සෙට් උනේ ගේම කොහොමත් අතඅරින්නෙම නැති මරුම ඩබල..අර්ජුනයි,තිළකෙයි[/COLOR].තිළකෙත් හොඳටම පදං වෙලා හිටියෙ ඕස්ට්‍රේලියාවට Perth වලදි ටෙස්ට් 100ක් ගහල..මාර solid technique එකක් තිබ්බ පොරක් තමයි ඩයල් එක..[COLOR="Sienna"]පස්ස වන වන මොණර වගේ පොර ලස්සනට වැඩේ දෙන්නේ..[/COLOR]:rofl::rofl:තිළකෙට තිබ්බෙ ගැහුවොත් ෂුවර් මාර ලස්සන cover,Straight drives ටිකක්.. [COLOR="Sienna"]අර්ජුන ඉතිං කොහොමත් පොරනෙ.බඩත් උස්සං ඇවිදගෙන දුවන,දන්නෙම නැතුව Third Man එකෙන්,Fine Leg වලින් බෝලර්ගෙ මහන්සියෙන් 4 ඒව ගහන ඒව වගේ මහ කපටි Shot තිබ්බ,ඉස්සරහට පැන්නොත් අනිවාර්යයෙන් 6ක් ගහන,ටීම් එකේ බොස් වගේම අප්පච්චි වගේ චරිතයක්නෙ..[/COLOR]:angry::angry:මට අද දෝනිය දැක්කහම යන්තමට වගේ අපේ අර්ජුනව මතක් වෙනව..දෝනියගෙ cricketing skills අර්ජුනට වඩා වැඩි උනාට අර්ජනගෙ captaincy skills ගොඩක් වැඩියි... ඉතිං තිළකෙ-අර්ජුන ඩබල ලස්සනට ලංකාවට මැච් එක දිනවල දෙනව..මට මතක විදිහට අර්ජුන අන්තිම හරියෙ chance එකක් දෙනව out field එකේ..ඒත් එතකොට කොහොමත් ලංකාව දිනල වගේ තමයි හිටියේ.කුම්බ්ලේට මුලදි,මුලදි නොගැහුවත් පස්සෙ පොරටත් තිළකෙ පස්ස වනල ගැහුව හැඩ On Drive එක්කුයි Cover Drive එක්කුයි..[COLOR="Sienna"]ලංකාව මැච් එක දින්නා...ඕවර 48යි බෝල් 4න්..[/COLOR] ඉන්දියාවම ෆුල් හොල්මන්..:yes::yes: ඉන්දියාවෙන් කනවම දැක්ක සචීන්,අසාර්,කම්බ්ලි,කුම්බ්ලේ අපේ රටේ සුට්ටි කොල්ලොන්ට හරි ඈතයි කියල හිතපු අපිට අපේම වීරයො ටිකක් හැදිල තිබුන..ඒක තව ශක්තිමත් උනා 1997 ලංකාව ඉන්දියාවෙ ගිහිල්ල Test series එක Draw කරල ආපුවහම..මං හිතන්නෙ ඒ lift වීම 2005 වෙනකං තිබ්බ අර ලංකාව ඉන්දියාවෙ ගිහිල්ල 6-1ක් කාපු ODI series එක වෙනකං..දැන් අපේ එවුං 96ට ඉස්සර වගේ නැත්තං ඊටත් වඩා ඉන්දියාවෙ එවුන්ට බයයි..[COLOR="Sienna"]දෝනියට බයයි.කෝලිය දැක්කම චූ යනවා..[/COLOR]:baffled::no:මං හිතන්නෑ කාලෙකට ආය ලංකාවෙ එවුං ඉන්දියාවට වැඩ පෙන්නයි කියලා.මම හරිනං 2005හේ ලංකාවෙ තිබ්බ Indian Oil Cup ODI series එකට පස්සෙ ලංකාව ඉන්දියාවට එරෙහිව එක පිට මැච් 2ක් දිනල නෑ.. [COLOR="Sienna"]ඉතිං මේ විදිහට අපේ උන් 96 දි ඉස්සෙල්ලම ඉන්දියාව හෙල්ලුවා.ඒක හරියට මහා හමුදාවකට අහලවත් නැති සූටි කැරලිකාර හමුදාවකින් නොසිතූ මොහොතක එල්ල උන මාරාන්තික ගරිල්ලා ප්‍රහාරයක් වගේ..මොකද ඉන්දියාව,ලංකාව මෙච්චර දරුණුයි කියල උන් හීනෙකින්වත් නොහිතපු හින්ද..ඇත්තටම උන්ට ආයෙත් අර රාවණා කතා මතක් වෙන්ට ඇති..[/COLOR]:oo::oo: මම මීට අවුරුදු 4කට විතර ඉස්සර මේ තරගය ගැන ESPN-India එකෙන් කරපු Documentaryයක් බැලුවා.ඒකෙ හිටිය මංජේකාර්,ශ්‍රීනාත් වගේ playersලයි,Rahul Battacharya,Sharda Ugra වගේ cricket writersලයි.කට්ටියම කිව්වේ ඒගොල්ලො පුදුම උනා කියල ලංකාව වගේ පුංචි රටක ක්‍රිකට් වල වර්ධනයත්,ඉන්දියාවෙ අලසකමත් ගැන කියලා.. 2009 ජයසූරියගෙ ක්‍රිකට් දිවියට අවුරුදු 20ක් පිරීම නිමිත්තෙන් Cricinfo එකේ article එකක් පළවුනා..ඒකෙ comment section එකේ තිබ්බෙම ඉන්දියාවෙ සාමාන්‍ය cricket fansල දාපු comments.සමහර ඒව මාරයි..එකක තිබ්බ මේ තරගෙන් පස්සෙ සනත් කියන මේ යකාට වින කරන්ට ඉන්දියාවෙ හැම ගෙදරම වගේ "වින පූජා" තිබ්බ කියල.අන්තිමේදි සනා ඉන්දියාවෙ උන්ට තඩිබාන එක 2011 යේ යනකම්ම නවත්තව්වෙ නෑනේ.ඉතිං බැරිම තැන සනාට "පුද පූජා" පවත්තන්ට පටන් ගත්තලු දෙයියෙක් වගේ කියලා.[COLOR="Sienna"]ඉන්දියාවෙ ඉන්නෙ මරු හරක් නේ....[/COLOR]:angry::no:ඒකෙන් පේන්නෙ සනාගෙ impact එක තමා..[COLOR="Sienna"]තාම සනාට ඉන්දියාවෙ තියන පිළිගැනීම අඩු වෙලා නෑනෙ.තාම ඔය ඉන්දියාවෙ ගිහිල්ල මධුරිත් එක්ක වැරදි වැරදි හරි තාලෙට නටල එන්නෙ..[/COLOR]:P:P මටනං හිතෙන්නෙ සනා ඡන්දෙ ඉල්ලල තමා කාබාසිනියා උනේ කියලා...:confused::confused: [URL="http://www.espncricinfo.com/magazine/content/story/441226.html"]http://www.espncricinfo.com/magazine/content/story/441226.html[/URL] [URL="http://www.espncricinfo.com/magazine/content/story/441258.html"]http://www.espncricinfo.com/magazine/content/story/441258.html[/URL] ඉතිං මේක මගෙ ක්‍රිකට් නැරබුම් ඉතිහාසෙ අමරණීය තරගයක්.කවදා හරි TV එකේ ආයෙ bowl by bowl මේ මැච් එක පෙන්නුවොත් නිවාඩු දාල හරි මම ඒක බලනවා..ඒකයි ඒ ගැන මං වැඩිපුර ලිව්වේ..අපි ඉන්දියාවට ඩයල් දාපු මැච් එක තමා මේක..ආය ඒ වගේ match එකක් ඕන වෙයි අර කෝලියගෙ පඩ බහින්ට ඌ බයකරන්ට..[COLOR="Sienna"]ඒත් ඒක කරන්ට අපේ උන්ට පුලුවන් වෙයිද?..අපි බලමු.. [/COLOR]:yes::yes: [U][B]හොඳි බහින්ට කාපු ඉන්දියාව[/B][/U] [IMG]http://www.espncricinfo.com/db/PICTURES/CMS/169400/169449.jpg[/IMG] A glum Sachin Tendulkar leans on Sanjay Manjrekar's shoulder after India's defeat, India v Sri Lanka, World Cup, Delhi, March 2, 1996 by [url]www.Cricinfo.com[/url] බොහොම ස්තුතියි මේක කියෙව්වට....! මතු සබැඳි෴ [/SIZE] [SIZE="3"]පසුව;මං මේක ලිව්වෙ මගේ මතකයේ හැටියටට..අවුරුදු විස්සක් විතර කියවපු බලපු දේ අනුව..වැරදි ගොඩක් ඇති.. youtube video upload කරපු roblinda2[SIZE="3"](ලෝකයේ ඉන්න ලොකුම ක්‍රිකට් පිස්සා-1980 විතර ඉදල ඕස්ට්‍රේලියාවෙ විකාශය වෙච්චි හැම ක්‍රිකට් තරගයක්ම,වැඩසටහනක්ම ඔහු record කරනවා.කිසිදු වෙළඳ දැන්මක් නොමැතිව ඔහු youtube එකට විශාල video ප්‍රමාණයක් කර upload කර තිබෙනවා. [url]http://www.youtube.com/user/robelinda2?feature=watch[/url]),[/SIZE] kapurprem,Muhammad Adil හා roaustin යන අයටද [url]www.Cricinfo.com[/url]ටද බොහොම ස්තුතියි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom