Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා බාල කාලේ.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩිහිටි අපි හැමෝගෙම හිත තුළම ළමයෙක් ඉන්නව. ( සිබිල් නැන්ද කියන විදියට ) අපි පුංචි කාලෙ කරපු කියපු දේවල් වල මතකයන් අපේ හිත් තුළ තැන්පත් වෙලා කාළයත් සමඟම ඒවා සොඳුරු මතකයන් බවට පරිවර්තනය වෙනව. 80 දශකය හා එයිට පෙර ඉපදුන හැම කෙනෙකුටම වගේ සුන්දර ළමා වියක් ගත කරන්න ලැබුන.(ඒක ප්‍රසිද්ධ මතයක්නෙ) ඒ අය මේ කිරියෙත් ගොඩක් ඉන්නව. අද අපේ ළමයි ගැන ඇත්තටම දැනෙන්නෙ දුකක්. අපිට සාපේක්ෂව ඒ අයට සොබාදහමත් එක්ක ගතකළ යුතුව තිබුන සොඳුරු ළමා වියක මතකයන් ගොඩක් මඟහැරිලා කියලයි මට නං හිතෙන්නෙ.

ඉතිං මේ නූලෙන් අපි අපේ ළමා වියේ සුන්දර මතකයන් බෙදා හදා ගනිමු.

මේක මම පුංචි කාලෙ සිද්ධ වෙච්ච එකක්‚ දැනටත් ඒ සිද්ධිය මතක් වෙනකොට දෙතොලට සිහින් සිනාවක් කැන්දෙනව.

එදා ඉරිද දවසක්. දහම් පාසල් ගියෙ නැත්තෙ කලින්ම දීපු නිවාඩුව හිංදයි. ඉරිද පොළට අපේ ගමේ හැමෝම වගේ යන හිංද උදේ වරුවට ගමේ ගෙවල් වල වැඩිහිටියො ගොඩක් අය නෑ. ඉන්නෙ අපි වගේ පොඩ් උං විතරයි. අපේ ගෙදර අය පොලට ගියාම මම විතරයි ගෙදර. අල්ලපු ගෙදරත් එසේමැයි. ඉන්නෙ පේමෙය විතරයි. පේමෙ කිව්වට උගෙ නම ප්‍රේමරත්න. අපි දෙන්නම එක පන්තියෙ. වයසිනුත් පරතරය මාස 02 යි. එතකොට මට වසය අවුරුදු 11 යි.

පේමය ගැන කියනවනං ඌ ටිකක් විතර ටියුබ් ලයිට්. උදාහරණයක් විදියට ඌලගෙ ආත්තම්ම පුතේ...! මයෙ සත්තලනේ....... කරපිංචා අත්තක් කඩාං...... වරෙං කියල කිව්වොත් ගහක්ම ගලවං එන ජාතියෙ එකෙක් ඌ.

ගෙවල් එක ලඟ තිබුන හිංදත්‚ එකම පන්තියෙ ඉගෙන ගත්ත හිංදත්‚ හැම මගෝඩි වැඩත්ම සහයෝගයෙන් කරන හිංදත් හැමදාම වගේ සෙල්ලං කරන්න සෙට් වුනේ ඌ. ( ගෙවල් ලඟ තව උං ගොඩක් හිටියා. ඒ උණාට ගේ ගාවම ඉන්නෙ මූනේ. )

උදේ වරුවෙ ඉඳන් සෑහෙන වෙලාවක් අපේ ටොමියට සෑදලයක් දාල කරපු සෝරෝ සෙල්ලම දෙන්නටම එපා වෙලා හිටියෙ.

පේමයො........ යමුද බං වෙලේ මාලු අල්ලන්ඩ ? ටිකක් වෙලාවක් බලාගෙන හිටිය පේමය එකපාරම උංගෙ ගෙදරට දිව්වා. ( ඒ උගෙ හැටි. මම ඒ ඇයි කියල අහන්න ගියෙ නෑ.) අපේ ගේ පිටිපස්සට වෙන්න තියෙනවා වෙලක්. අපේ වත්තයි වෙලයි අතරෙ ගලනවා ඇලක්. ඒකෙ සාමාන්‍යෙයන් ලොකු මාළු‚ ඉබ්බො එහෙමත් ඉන්නව. සමහර පායන දවස්වලට හරක් බලන කොල්ලො ඇළ ඉවුර ගිණිතියල ඉබ්බො එහෙම අල්ලන් යනවා.

ඒ අතරෙ පේමය සරමත් කැහැපොට ගහගෙන උගෙ බෙල්ල වටේ ලූනු බෑග් එකකුත් ඔතාගෙන සුපර් මෑන්ව හිතෙං මවාගෙන වගේ දුවගෙන ආව. ඒකත් අරගෙන අපි ගියා ඇළට. ගිහිං මාලු අල්ලන්න කියල හිතං ලූනු බෑග් ඇද්දා. පැයක් විතර ඔට්ටු උණත් හඳනළයි තිත්තයො කීප දෙනෙක් ඇරෙන්න අහුඋනේ නෑ එක මාළුවෙක්වත්.

ඔහොම ඉන්න අතරෙ පේමය කමතෙ තියන හුඹහ දිහා බලාගෙන කෑගහනව පොළඹා..... පොළඹා කියල.

නෑ... උට්ටො..... ඒ නයෙක්....... ( මාත් හිතුවෙ එහෙමයි කියල උනාට දැන් දන්නවා ඒ එදා දැක්කෙ දියබරියෙක් කියල.)

අඩේ අප්පා ...... ඌ ජයා මාමව කයිද ? ( ඒ කිව්වෙ වෙලේ ඒ කෑල්ලෙ අයිතිකාරයගෙ නම. නෑකමිං පේමයගෙ මාමාණ්ඩිය.) මාමා මලොත් මා......ර වැඩේ තමා වෙන්නනෙ....... එතකොට මිනිය තියන්ඩ වෙන්නෙත් අපේ ගෙදර. මාමලෑ ගෙදර ඉඩත් නෑ.....නේ. මං මැරෙන්ඩ බයයිනේ........ මාම අපේ වත්තෙ හොල්මං කරන්ඩත් ගනියිනේ...... පේමය විලාප තියන්ඩ ගත්තා. ( මං කළිනුත් කිවිවෙ. ඒ උගෙ හැටි )

බොහොම අමාරුවෙන් පේමයව සන්සුන් කළාට පස්සෙ අපි ප්ළෑන් කළා පොළඟව එළවන්නෙ කොහොමද කියල. යෝජනා කීපයක් ඉදිරිපත් වුණා.

හුඹහ වතුර වලින් පුරවල පොළඟව එළවන්ඩ.

පොළඟට ටොමියව උසිගන්නන්ඩ.

පැපොල් පිති හුඔහට දාල ඒ කෙළවරක් කටේ තියාගෙන පොළඟට බැනල ඌව එළවන්ඩ.

මහන්සියෙ තරමට ප්‍රතිපළ නොලැබුන හිංදා අන්තිමේදී ඒ යෝජනා ප්‍රායෝගික නොවන බව අපි ඉක්මනටම වගේ තේරුං ගත්තා.

මේ අතරෙදි පේමය සරම කැහැපොට ගහගෙන ගෙවල් පැත්තට දුවන්න ගත්ත. ( ඒ උගෙ හැටිනෙ. ඉතිං මා අහන්ඩ ගියෙත් නෑ.) මඟක් දුවනකොට සරම කැඩුන හිංද මම දැක්ක ඌ ඒක මාලයක් වගෙ කරේ දාගෙන ආයිත් දුවනව. ගිය සැනින්ම වගෙ ආයෙත් ආවෙ ගිනි පෙට්ටියකුත් අරගෙන.

“ අපි ඕකව ගිණිතියමු ”

මෙච්චර වෙලා පොළඟ මත්තෙම නැහුන මමත් එක පයින්ම ඒක අනුමත කළා.

කොහොමෙයි ගිණිතියන්නෙ ? මම එහෙම අහන කොටත් පේමය හුඔහ වටේට කමතෙ තිබුන පිදුරු වලින් අතුරල අහවරයි. ( පාගල බැත වෙන්කරගෙන ඉතිරි වුණ පිදුරු මහ ගොඩක් ඒ කමත වටේට ගොඩ ගහල තිබුණා.)

ගිණි තියපිය.....

අරූ දැං ගිණිකූරු ගහනව. ගහන ගහන එක නිවෙනව. ( වෙලේ හුලං ටිකක් සැරයි.)

මොන උට්*** ?

ඔක ඔහොම බෑ....... ගිහිං පොල් අත්තක් පත්තු කරං වර.......

( සුපුරුදු පරිදිම අරූ දිව්වා.)

ටිකකිං මට ඇහුණ පේමය මොකක්ද බිම දිගේ ඇදගෙන එනව වගේ. හැබැයි ඇනුනෙ නං පිදුරුගොඩ පැත්තෙං.

“මොකක්ද උට්ටෝ ඔය කර....... න්....” ( මං පරක්කු වැඩියි. ඒ වෙනකොටත් පේමය අවුළපු පොල් අත්තත් ඇදගෙන පිදුරුගොඩ උඩිං මං ලඟටම ඇවිත්.)

හත්වලාමයි ............ පිදුරුගොඩ. ඒක ඇවිලෙන්න පටං අරං .....

මම ලඟ තිබුන පොඩි පිළ පඳුරක් ගලවගෙන පිදුරුගොඩට තඩිබාන්න ගත්තෙ ඒක නිවන්න හිතාගෙන. ඒ අතරෙ දැක්ක දෙයින් මගෙ යකා ඇවිස්සුනා.

පේමය ඇළට දුවනව .....

සරම බොකු ගහල වතුර පුරවං එනව ........ ගින්නට දානව.

ආයෙම ඇළට දුවනව .....

සරම බොකු ගහල වතුර පුරවං එනව ........ ගින්නට දානව.

ආයෙම ආවටත් වඩා ඉක්මනිං ඇළට දුවනව .....

සරම බොකු ගහල වතුර පුරවං එනව ........ ගින්නට දානව.

ගින්නට දානව කිව්වට ගින්න ළඟට පේමය එනකොට වතුර ඔක්කොම මඟ හැලිලා. ඈත ඉඳන් බලන එකෙකුට පේන්නෙ හරියට දුවගෙන ඇවිත් ගින්නට සරම උස්සල දුවනව වගෙයි.

ගින්න නිවන එකත් ප්‍රායෝගික නොවන විත්තිය අපිට තේරුනේ ඒ වැඩෙන් හොඳටම හෙම්බත් උණාට පස්සෙයි.

දැන් ඉතිං කරන්න දෙයක් නෑ.... ගෙවල් වලිං එළවන්නෙ නැතිව ගමේ යහතිං ජීවත් වෙන්ඩ තිබ්බොත් ඇති. මට එහෙම කියවෙනව එක්කම පේමය දිහත් බැලුන. ඌ වෙලා තියන වින්නැහිය තේරුංගන්ඩ කරුණු එකින් එක විශ්ලේෂණය කරල සමස්ථ සිද්දියම තේරුංගන්ඩ උත්සහ කරනව වාගෙයි මට පෙනුනෙ.

විනාඩි 05 ක් විතර එකම ඉරියව්වෙං හිටපු පේමය එක පාරටම අහපි....... අපිට හිරේ යන්ඩ වෙයිද?

වෙයිද ? නෙමෙයි උට්ටො ...... දැං ගියා වගේ තමයි.

අයියෝ......... අපිව එල්ලුංගස් ය...ව....යි...ද ?....... ම...ඩු වලි...ගෙං ග..හයිද ?....... ධර්ම චක්කරේ දා...යිද ? සිටුවා පස් ග..හ..යි...ද ? එහෙම නැත්තං ලා...ච්චුවෙ දා..යිද ? ( යකෝ මූට දණ්ඩ නීති සංග්‍රහය ගැන තියෙන දැනුමෙ තරම. මාව කොරවෙලා ගියා ආයිබෝං....)

( පේමයා තවම විලාප තියනව ) හරි බං දැං වෙලා තියනදේ වෙලා ඉවරයි. දැං නොවුන ගානට ඉන්න එකයි ඇත්තෙ.

පේමය ඇඩිල්ල නවත්තල හිතනව. (ඒකි ව්වෙ විශ්ලේෂණය කරනව මං හිතන්නෙ.)

ඒ කිව්වෙ අපි හිරේ යන එකක් නැද්ද ?

ඒ තෝ මේක කාටහරි කිව්වොත්නෙ.

කවුරුහරි කිව්වොත් අපියි මේක ගිණ තිබ්බෙ කියල?

උට්ටො..... කවුරුහරි දැක්කනං ගින්න නිවන්න තව උං අඬ ගහගෙන එන්න එපැයි.

ගින්නට සම්පූර්ණ කමතම ඇවිළිලා තිබුණා. අළු ටික ජයා මාම එළවළු කොටුවට දාළ හොඳ අස්වැන්නක් ගත්තා. පිදුරු ගොඩ ගිණි තියපු එක ගැන කවුරුත් මුකුත් කිවිවෙ නෑ. ජයා මාමනං කිව්වෙ ඒක ඉබ්බො අල්ලන්න ආපු හරක් බලන කොල්ලන්ගෙ වැඩක් වෙන්ටෑ කියලයි.

නිමි.

[QUOTE="Core_x, post: 25519980, member: 574807"] වැඩිහිටි අපි හැමෝගෙම හිත තුළම ළමයෙක් ඉන්නව. ( සිබිල් නැන්ද කියන විදියට ) අපි පුංචි කාලෙ කරපු කියපු දේවල් වල මතකයන් අපේ හිත් තුළ තැන්පත් වෙලා කාළයත් සමඟම ඒවා සොඳුරු මතකයන් බවට පරිවර්තනය වෙනව. 80 දශකය හා එයිට පෙර ඉපදුන හැම කෙනෙකුටම වගේ සුන්දර ළමා වියක් ගත කරන්න ලැබුන.(ඒක ප්‍රසිද්ධ මතයක්නෙ) ඒ අය මේ කිරියෙත් ගොඩක් ඉන්නව. අද අපේ ළමයි ගැන ඇත්තටම දැනෙන්නෙ දුකක්. අපිට සාපේක්ෂව ඒ අයට සොබාදහමත් එක්ක ගතකළ යුතුව තිබුන සොඳුරු ළමා වියක මතකයන් ගොඩක් මඟහැරිලා කියලයි මට නං හිතෙන්නෙ. ඉතිං මේ නූලෙන් අපි අපේ ළමා වියේ සුන්දර මතකයන් බෙදා හදා ගනිමු. මේක මම පුංචි කාලෙ සිද්ධ වෙච්ච එකක්‚ දැනටත් ඒ සිද්ධිය මතක් වෙනකොට දෙතොලට සිහින් සිනාවක් කැන්දෙනව. එදා ඉරිද දවසක්. දහම් පාසල් ගියෙ නැත්තෙ කලින්ම දීපු නිවාඩුව හිංදයි. ඉරිද පොළට අපේ ගමේ හැමෝම වගේ යන හිංද උදේ වරුවට ගමේ ගෙවල් වල වැඩිහිටියො ගොඩක් අය නෑ. ඉන්නෙ අපි වගේ පොඩ් උං විතරයි. අපේ ගෙදර අය පොලට ගියාම මම විතරයි ගෙදර. අල්ලපු ගෙදරත් එසේමැයි. ඉන්නෙ පේමෙය විතරයි. පේමෙ කිව්වට උගෙ නම ප්‍රේමරත්න. අපි දෙන්නම එක පන්තියෙ. වයසිනුත් පරතරය මාස 02 යි. එතකොට මට වසය අවුරුදු 11 යි. පේමය ගැන කියනවනං ඌ ටිකක් විතර ටියුබ් ලයිට්. උදාහරණයක් විදියට ඌලගෙ ආත්තම්ම පුතේ...! මයෙ සත්තලනේ....... කරපිංචා අත්තක් කඩාං...... වරෙං කියල කිව්වොත් ගහක්ම ගලවං එන ජාතියෙ එකෙක් ඌ. ගෙවල් එක ලඟ තිබුන හිංදත්‚ එකම පන්තියෙ ඉගෙන ගත්ත හිංදත්‚ හැම මගෝඩි වැඩත්ම සහයෝගයෙන් කරන හිංදත් හැමදාම වගේ සෙල්ලං කරන්න සෙට් වුනේ ඌ. ( ගෙවල් ලඟ තව උං ගොඩක් හිටියා. ඒ උණාට ගේ ගාවම ඉන්නෙ මූනේ. ) උදේ වරුවෙ ඉඳන් සෑහෙන වෙලාවක් අපේ ටොමියට සෑදලයක් දාල කරපු සෝරෝ සෙල්ලම දෙන්නටම එපා වෙලා හිටියෙ. පේමයො........ යමුද බං වෙලේ මාලු අල්ලන්ඩ ? ටිකක් වෙලාවක් බලාගෙන හිටිය පේමය එකපාරම උංගෙ ගෙදරට දිව්වා. ( ඒ උගෙ හැටි. මම ඒ ඇයි කියල අහන්න ගියෙ නෑ.) අපේ ගේ පිටිපස්සට වෙන්න තියෙනවා වෙලක්. අපේ වත්තයි වෙලයි අතරෙ ගලනවා ඇලක්. ඒකෙ සාමාන්‍යෙයන් ලොකු මාළු‚ ඉබ්බො එහෙමත් ඉන්නව. සමහර පායන දවස්වලට හරක් බලන කොල්ලො ඇළ ඉවුර ගිණිතියල ඉබ්බො එහෙම අල්ලන් යනවා. ඒ අතරෙ පේමය සරමත් කැහැපොට ගහගෙන උගෙ බෙල්ල වටේ ලූනු බෑග් එකකුත් ඔතාගෙන සුපර් මෑන්ව හිතෙං මවාගෙන වගේ දුවගෙන ආව. ඒකත් අරගෙන අපි ගියා ඇළට. ගිහිං මාලු අල්ලන්න කියල හිතං ලූනු බෑග් ඇද්දා. පැයක් විතර ඔට්ටු උණත් හඳනළයි තිත්තයො කීප දෙනෙක් ඇරෙන්න අහුඋනේ නෑ එක මාළුවෙක්වත්. ඔහොම ඉන්න අතරෙ පේමය කමතෙ තියන හුඹහ දිහා බලාගෙන කෑගහනව පොළඹා..... පොළඹා කියල. නෑ... උට්ටො..... ඒ නයෙක්....... ( මාත් හිතුවෙ එහෙමයි කියල උනාට දැන් දන්නවා ඒ එදා දැක්කෙ දියබරියෙක් කියල.) අඩේ අප්පා ...... ඌ ජයා මාමව කයිද ? ( ඒ කිව්වෙ වෙලේ ඒ කෑල්ලෙ අයිතිකාරයගෙ නම. නෑකමිං පේමයගෙ මාමාණ්ඩිය.) මාමා මලොත් මා......ර වැඩේ තමා වෙන්නනෙ....... එතකොට මිනිය තියන්ඩ වෙන්නෙත් අපේ ගෙදර. මාමලෑ ගෙදර ඉඩත් නෑ.....නේ. මං මැරෙන්ඩ බයයිනේ........ මාම අපේ වත්තෙ හොල්මං කරන්ඩත් ගනියිනේ...... පේමය විලාප තියන්ඩ ගත්තා. ( මං කළිනුත් කිවිවෙ. ඒ උගෙ හැටි ) බොහොම අමාරුවෙන් පේමයව සන්සුන් කළාට පස්සෙ අපි ප්ළෑන් කළා පොළඟව එළවන්නෙ කොහොමද කියල. යෝජනා කීපයක් ඉදිරිපත් වුණා. [LIST] [*]හුඹහ වතුර වලින් පුරවල පොළඟව එළවන්ඩ. [*]පොළඟට ටොමියව උසිගන්නන්ඩ. [*]පැපොල් පිති හුඔහට දාල ඒ කෙළවරක් කටේ තියාගෙන පොළඟට බැනල ඌව එළවන්ඩ. [/LIST] මහන්සියෙ තරමට ප්‍රතිපළ නොලැබුන හිංදා අන්තිමේදී ඒ යෝජනා ප්‍රායෝගික නොවන බව අපි ඉක්මනටම වගේ තේරුං ගත්තා. මේ අතරෙදි පේමය සරම කැහැපොට ගහගෙන ගෙවල් පැත්තට දුවන්න ගත්ත. ( ඒ උගෙ හැටිනෙ. ඉතිං මා අහන්ඩ ගියෙත් නෑ.) මඟක් දුවනකොට සරම කැඩුන හිංද මම දැක්ක ඌ ඒක මාලයක් වගෙ කරේ දාගෙන ආයිත් දුවනව. ගිය සැනින්ම වගෙ ආයෙත් ආවෙ ගිනි පෙට්ටියකුත් අරගෙන. “ අපි ඕකව ගිණිතියමු ” මෙච්චර වෙලා පොළඟ මත්තෙම නැහුන මමත් එක පයින්ම ඒක අනුමත කළා. කොහොමෙයි ගිණිතියන්නෙ ? මම එහෙම අහන කොටත් පේමය හුඔහ වටේට කමතෙ තිබුන පිදුරු වලින් අතුරල අහවරයි. ( පාගල බැත වෙන්කරගෙන ඉතිරි වුණ පිදුරු මහ ගොඩක් ඒ කමත වටේට ගොඩ ගහල තිබුණා.) ගිණි තියපිය..... අරූ දැං ගිණිකූරු ගහනව. ගහන ගහන එක නිවෙනව. ( වෙලේ හුලං ටිකක් සැරයි.) මොන උට්*** ? ඔක ඔහොම බෑ....... ගිහිං පොල් අත්තක් පත්තු කරං වර....... ( සුපුරුදු පරිදිම අරූ දිව්වා.) ටිකකිං මට ඇහුණ පේමය මොකක්ද බිම දිගේ ඇදගෙන එනව වගේ. හැබැයි ඇනුනෙ නං පිදුරුගොඩ පැත්තෙං. “මොකක්ද උට්ටෝ ඔය කර....... න්....” ( මං පරක්කු වැඩියි. ඒ වෙනකොටත් පේමය අවුළපු පොල් අත්තත් ඇදගෙන පිදුරුගොඩ උඩිං මං ලඟටම ඇවිත්.) හත්වලාමයි ............ පිදුරුගොඩ. ඒක ඇවිලෙන්න පටං අරං ..... මම ලඟ තිබුන පොඩි පිළ පඳුරක් ගලවගෙන පිදුරුගොඩට තඩිබාන්න ගත්තෙ ඒක නිවන්න හිතාගෙන. ඒ අතරෙ දැක්ක දෙයින් මගෙ යකා ඇවිස්සුනා. පේමය ඇළට දුවනව ..... සරම බොකු ගහල වතුර පුරවං එනව ........ ගින්නට දානව. ආයෙම ඇළට දුවනව ..... සරම බොකු ගහල වතුර පුරවං එනව ........ ගින්නට දානව. ආයෙම ආවටත් වඩා ඉක්මනිං ඇළට දුවනව ..... සරම බොකු ගහල වතුර පුරවං එනව ........ ගින්නට දානව. ගින්නට දානව කිව්වට ගින්න ළඟට පේමය එනකොට වතුර ඔක්කොම මඟ හැලිලා. ඈත ඉඳන් බලන එකෙකුට පේන්නෙ හරියට දුවගෙන ඇවිත් ගින්නට සරම උස්සල දුවනව වගෙයි. ගින්න නිවන එකත් ප්‍රායෝගික නොවන විත්තිය අපිට තේරුනේ ඒ වැඩෙන් හොඳටම හෙම්බත් උණාට පස්සෙයි. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.... ගෙවල් වලිං එළවන්නෙ නැතිව ගමේ යහතිං ජීවත් වෙන්ඩ තිබ්බොත් ඇති. මට එහෙම කියවෙනව එක්කම පේමය දිහත් බැලුන. ඌ වෙලා තියන වින්නැහිය තේරුංගන්ඩ කරුණු එකින් එක විශ්ලේෂණය කරල සමස්ථ සිද්දියම තේරුංගන්ඩ උත්සහ කරනව වාගෙයි මට පෙනුනෙ. විනාඩි 05 ක් විතර එකම ඉරියව්වෙං හිටපු පේමය එක පාරටම අහපි....... අපිට හිරේ යන්ඩ වෙයිද? වෙයිද ? නෙමෙයි උට්ටො ...... දැං ගියා වගේ තමයි. අයියෝ......... අපිව එල්ලුංගස් ය...ව....යි...ද ?....... ම...ඩු වලි...ගෙං ග..හයිද ?....... ධර්ම චක්කරේ දා...යිද ? සිටුවා පස් ග..හ..යි...ද ? එහෙම නැත්තං ලා...ච්චුවෙ දා..යිද ? ( යකෝ මූට දණ්ඩ නීති සංග්‍රහය ගැන තියෙන දැනුමෙ තරම. මාව කොරවෙලා ගියා ආයිබෝං....) ( පේමයා තවම විලාප තියනව ) හරි බං දැං වෙලා තියනදේ වෙලා ඉවරයි. දැං නොවුන ගානට ඉන්න එකයි ඇත්තෙ. පේමය ඇඩිල්ල නවත්තල හිතනව. (ඒකි ව්වෙ විශ්ලේෂණය කරනව මං හිතන්නෙ.) ඒ කිව්වෙ අපි හිරේ යන එකක් නැද්ද ? ඒ තෝ මේක කාටහරි කිව්වොත්නෙ. කවුරුහරි කිව්වොත් අපියි මේක ගිණ තිබ්බෙ කියල? උට්ටො..... කවුරුහරි දැක්කනං ගින්න නිවන්න තව උං අඬ ගහගෙන එන්න එපැයි. ************************************************************************************* ගින්නට සම්පූර්ණ කමතම ඇවිළිලා තිබුණා. අළු ටික ජයා මාම එළවළු කොටුවට දාළ හොඳ අස්වැන්නක් ගත්තා. පිදුරු ගොඩ ගිණි තියපු එක ගැන කවුරුත් මුකුත් කිවිවෙ නෑ. ජයා මාමනං කිව්වෙ ඒක ඉබ්බො අල්ලන්න ආපු හරක් බලන කොල්ලන්ගෙ වැඩක් වෙන්ටෑ කියලයි. [CENTER]නිමි.[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom