Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැටි ඇමතිවරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැටි කර්මාන්තය සහ මැටි ඇමතිවරයා මේ දවස්වලසමාජ මාධ්‍යයේ වෛරල් වන ප්‍රධාන මාතෘකාවයි.

මැටි ඇමතිවරයා සහ මා අතරද අපුරු සම්බන්ධයක් තිබේ.

මම අපොස උසස් පෙලට සුදානම් වෙන දවස්වල ප්‍රසන්න සා.පෙල සිසුවෙකි. ඔහු හත පමනක් පාස් මැට්ටෙක් යන්න පට්ට බොරුවකි. ඔහු සහ මම දෙදෙනාම පාඩම් කටයුතු සදහා වත්තල පුස්තකාලය පාවිචි කල අතර ඔහුට අපහසු ගනන් කොටස් අසා ගැනීමට මා ලගට පැමිනෙයි. ඔහු එදවස මැරැටියෙකු නොවු තරමක් අහිංසක කොලුවෙකි. ඔහු අපොස උ.පෙල පවා ලීවීය.

පසු කලෙක ඔහු කැළණිය ප්‍රදේශීය සභාවේ සභාපති ලෙස වැඩිම මනාපයෙන් පත්වු අතර එදා සිට ඔහුගේ මැර සහ ජඩ ජීවිතය ඇරඹිනි.

ඊට ප්‍රධාන හේතුව ඔහුගේ ස්වාමියා වුයේ කැළණිය ආසනයේ මන්ත්‍රි කැබිනට් ඇමති මර්වින් සිල්වා වීමයි. ඔහුගේ සියලු ජඩ වැඩ වල ප්‍රධාන සහයකයාවුයේ ප්‍රසන්නයි.

මර්වින් සමග එකතුවු ප්‍රසන්න කැළණිය උලා කෑවේය.

අවුරුදු ගනනාවකට පසුව නැවත ප්‍රසන්නව මට හමුවුනේ කිරිබත්ගොඩ විහාර මහ දේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවයේදියි.

එම උත්සවය එවක අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර එවක පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිපත්තියක් අනුව පලාතේ මැති ඇමතිවරුන් පලාතේ සියලු පාසල් උත්සවයන්ට සහභාගි කරගත යුතු නිසා මර්වින් සිල්වාද ඊට සහභාගිවිය.

එම උත්සවය සදහා විශේෂ ආරාධිතයෙකු ලෙස මාද සහභාගි වුන අතර මට උත්සව සභාව අමතා කතාවක් කිරීමටද නියමිතව තිබිනි.

විහාර මහ දේවි බාලිකාව අසල පාලුවට ගිය හිස් නිවසක් හා ඉඩමක් තිබුන අතර පාසලේ වසර 26 ක ඉතිහාසය තුල එම ඉඩම අත්පත් කරගැනීමට පාසැලට නොහැකිවිය.

මගේ දරුවා පාසැලට ඇතුලු කල අවුරුද්දේ මගේ ප්‍රධානත්වයෙන් එම ඉඩම මිලදි ගැනීම සදහා අරමුදලක් පලමුවෙනි ලක්ෂයක මුදල ඊට පරිත්‍යාග කර ඇරඹු අතර දෙමව්පියන් තමන්ට හැකි පමන ඊට මුදල් පරිත්‍යාග කලහ. අපගේ අරමුණ වුයේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදි ඉඩමේ ඔප්පුව අධ්‍යාපන ඇමතිවරායට පිලි ගන්වා පස් මහල් ගොඩනැගිල්ලක් රජයේ සහ පාසල් සංවර්ධන සමිතියේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස තැනීමට ඔහුගේ කැමැත්ත ගැනීමයි. ත්‍යාග ප්‍රධාන උත්සවය කිට්ටු වන විට ඉඩම මිලදීගැනීම සදහා තව ලක්ෂ දෙකක මුදලක් මදිපාඩු වු අතර මගේ දරුවගේ පාසැල වෙනුවෙන් එයද මවිසින් පරිත්‍යාග කර අවසානයේ අපි ඉඩම මිලදි ගත්තෙමු.

මේ මුලු උත්සවයම වලං කඩේට පැන්න ගොනා සේ මර්වින් සිල්වා විනාශ කරදැමීය. එමගින් විහාර මහ දේවියේ ප්‍රභල ගොඩනැගිලි හිඟයට පිලියමක් ලෙස ගොඩනැගීමට සිටි පස් මහල ඊට අහිමි විය.

විහාර මහ දේවිය සහ ප්‍රසන්න අතර අනවරත ගැටුමක් විය. ඔහු කැළණියේ පලමුවන පුරවැසියා බවත් කැළණියේ ඔහුට ඕනෑ දෙයක් කරන්න පුලුවන් බවත් ඔහුගේ මතය විය. ඒ නිසා සෑම වසරකම ලමයි පස් හය දෙනෙක් වත් ඔහුගේ ලිස්ට් එකෙන් පාසැලට දමා ගැනීමට වලි දැමීය. නොගනි නම් පාසැලේ සහ අවට කුණු පිරිසිදු නොකර අපමන බාධා කලේය. ඔහුගේ දරුවන්ද එවකට ඉගන ගත්තේ එම පාසැලේමය.

අතර මගදි උත්සවයට පැමිනි මර්වින් සිල්වා ඉදගත්තේ විදුහල්පතිතුමිය සහ මා අතරය.

ඉදගත් විගස ඔහු ඇසුවේ "ඇයි මේ අපේ ප්‍රසන්නට ඉස්කෝලෙට එන්න දෙන්නේ නැත්තේ මිනිහටත් අයිතියක් තියෙනවනේ මේවට, කෝ මේ ප්‍රසන්න", කියා දුරකතනයෙන් කතා කොට ඔහුවද ගෙන්වා ගත්තේය.

මා එවෙලේ ඔහුව හදුන ගත්තේය. අපිත් සමග ලයිබ්‍රරියේ පාඩම් කරපු එකා දැන් ප්‍රදේශීය සභාවේ සභාපතිවී ඇත. ඉදිරි පේලියේ සිටි නියෝජ්‍ය විදුහල්පතිනියක් පිටුපසට යවා ඔහුවද ඉදිරි පෙල හිදවා ගතිමු.

මර්වින් සිල්වා තෑගි දීමට වේදිකාවට නැගුනු විට මා ඔහු ලග අසුනේ ඉදගෙන මාව අදුනනවාදැයි ඇසුවෙමි. " අම්මට සිරි චමිර අයියනේ, අයියා මොකද මෙහේ යයි ඇසීය. මගේ කෙල්ලත් මේකට එන්නේ, අද උත්සවයට එන්න යයි අරාධනා කලා ඒකයි ආවේ යයි පැවසුවෙමි".

"ඒකනේ අයියේ මගේ කෙල්ල එන්නෙත් මේකට, මම කැළණියේ පලවෙනි පුරවැසියා ඒවුනාට මහ ගෑණි (විදුහල්පතිනිය) මට මෙලෝ මගුලකට එන්න කියන්නේ නෑනේ, ඒක නිසා අපි අද බලෙන් ආවා යයි පැවසීය. " හරි හරි , ලොක්කි මං එක්ක ෂේප්, මං වැඩේ ගොඩ දාන්නම්, ඔයා ඉස්සෙල්ලා කුණු ටික ඇදලා දානවකෝ, පොඩි ලමයිටනේ මල්ලි ලෙඩ හැදෙන්නේ" යැයි මමද මොත්තයක් දැම්මෙමි.

ඉන් පසුව මට ප්‍රසන්නව හම්බ වන්නේ ඊට අවුරුද්දකට පසුව විහාර මහ දේවියේදීමයි.

එය ඉතා රසවත් කතාවකි.

මර්වින් සිල්වා ඒ අවුරුද්දේ ඉතා අපුරු ව්‍යාපාරයක් පටන් ගෙන තිබිනි. ඔහු විහාර මහ දේවියට ලමයි දාල දෙන්නම් කියා ලමයි සීයකගෙන් (විශ්වාස කරන්න) ලක්ෂ දෙක ගානේ කෝටි දෙකක් අරන් තිබිනි. ඔහුගේ සැලැස්ම වී තිබුනේ විහාර මහ දේවියට මීටර් දෙතුන් සීයක් දුරින් වු ඊරිය වැටිය මිශ්‍ර පාසැලේ පන්ති දෙකක් විහාර මහ දේවියේ නමින් පටන් අරන් දිගටම කප්පං වැඩේ කරගෙන යෑමයි. ඔහු ඒ ආදර්ශය අරගෙන තිබුනේ මට මතක විදියට කලුතර රත්තරං ගෙනි.

මෙය පාසැලට ආරංචි වු පසුව පාසැලට ගිනි ඇවිලිනි. හැප්පෙන්න තිබුනේ ආන්ඩුවේ ප්‍රමුඛතම මැරයාවු මර්වින් සමගය. සිරසට ගල් ගසා, රෑපවාහිනියට පැන තීන්ත නාගෙන ඊට පසු ගැහැනියගේ පිට දැලි පිහියෙන් කපා කැලනියේ සියලු කඩ සාප්පු වලින් කප්පං අරං භීෂණය වැපුරු මර්වින් සමගය.

පාසැල, සංවර්ධන සමිතිය, ආදිශිෂ්‍ය සංගමය සටන මෙහෙයවීමට සුදුසු සෙන්පතියා ලෙස මාව තෝරාගෙන තිබිනි.

පුසාගේ කරේ ගෙජ්ජිය බැදීමට නියමිත මීයා මම විය.

මම පාසැලට ගියෙමි. විදුහල්පතිනිය ඇතුලු පිරිසගේ අසරන බාවය දුක හිතෙන සුලුය.

මීට එරහිව ගතයුතු ක්‍රියාමාර්ග ගැන කතාකිරීමට පාසැල් සංවර්ධන සමිතිය සහ ආදි ශිෂ්‍ය සංගමයේ විදායක කමිටුව කැදවන ලෙස මම උපදෙස් දුන් අතර වට දෙකක සාකච්ජා වලින් පසුව දෙමවිපියන් කැදවා අනුමැතිය ගෙන ඊට එරෙහිව නිහඩ පිකට් එකක් කිරීමට කතිකා කර ගත්තෙමු.

අපි විසින් කල සාකච්ජා සංවර්ධන සමිතියේම සිටි මර්වින්ගේ ගෝලයෝ සජීවීව ඔහුට ඇසීමට සලස්වා තිබු අතර පිකට් එකේ මහ මොලකරු වන මගේ අඩු කඩන්න මර්වින් නියෝග කර තිබිනි.

පසු දින පාසැලට රැස්වි ජාතික කොඩි, බෞද්ධ කොඩි සහ පාසැල් කොඩි රැගෙන පෙලපාලියෙන් කිරිබත්ගොඩ හංදියට ගොස් පිකට් එක කිරීම අපේ සැලැස්ම විය.

[QUOTE="Sri_Sampath, post: 25602741, member: 264139"] [COLOR=rgb(84, 172, 210)][SIZE=5]මැටි කර්මාන්තය සහ මැටි ඇමතිවරයා මේ දවස්වලසමාජ මාධ්‍යයේ වෛරල් වන ප්‍රධාන මාතෘකාවයි. මැටි ඇමතිවරයා සහ මා අතරද අපුරු සම්බන්ධයක් තිබේ. මම අපොස උසස් පෙලට සුදානම් වෙන දවස්වල ප්‍රසන්න සා.පෙල සිසුවෙකි. ඔහු හත පමනක් පාස් මැට්ටෙක් යන්න පට්ට බොරුවකි. ඔහු සහ මම දෙදෙනාම පාඩම් කටයුතු සදහා වත්තල පුස්තකාලය පාවිචි කල අතර ඔහුට අපහසු ගනන් කොටස් අසා ගැනීමට මා ලගට පැමිනෙයි. ඔහු එදවස මැරැටියෙකු නොවු තරමක් අහිංසක කොලුවෙකි. ඔහු අපොස උ.පෙල පවා ලීවීය. පසු කලෙක ඔහු කැළණිය ප්‍රදේශීය සභාවේ සභාපති ලෙස වැඩිම මනාපයෙන් පත්වු අතර එදා සිට ඔහුගේ මැර සහ ජඩ ජීවිතය ඇරඹිනි. ඊට ප්‍රධාන හේතුව ඔහුගේ ස්වාමියා වුයේ කැළණිය ආසනයේ මන්ත්‍රි කැබිනට් ඇමති මර්වින් සිල්වා වීමයි. ඔහුගේ සියලු ජඩ වැඩ වල ප්‍රධාන සහයකයාවුයේ ප්‍රසන්නයි. මර්වින් සමග එකතුවු ප්‍රසන්න කැළණිය උලා කෑවේය. අවුරුදු ගනනාවකට පසුව නැවත ප්‍රසන්නව මට හමුවුනේ කිරිබත්ගොඩ විහාර මහ දේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවයේදියි. එම උත්සවය එවක අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර එවක පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිපත්තියක් අනුව පලාතේ මැති ඇමතිවරුන් පලාතේ සියලු පාසල් උත්සවයන්ට සහභාගි කරගත යුතු නිසා මර්වින් සිල්වාද ඊට සහභාගිවිය. එම උත්සවය සදහා විශේෂ ආරාධිතයෙකු ලෙස මාද සහභාගි වුන අතර මට උත්සව සභාව අමතා කතාවක් කිරීමටද නියමිතව තිබිනි. විහාර මහ දේවි බාලිකාව අසල පාලුවට ගිය හිස් නිවසක් හා ඉඩමක් තිබුන අතර පාසලේ වසර 26 ක ඉතිහාසය තුල එම ඉඩම අත්පත් කරගැනීමට පාසැලට නොහැකිවිය. මගේ දරුවා පාසැලට ඇතුලු කල අවුරුද්දේ මගේ ප්‍රධානත්වයෙන් එම ඉඩම මිලදි ගැනීම සදහා අරමුදලක් පලමුවෙනි ලක්ෂයක මුදල ඊට පරිත්‍යාග කර ඇරඹු අතර දෙමව්පියන් තමන්ට හැකි පමන ඊට මුදල් පරිත්‍යාග කලහ. අපගේ අරමුණ වුයේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදි ඉඩමේ ඔප්පුව අධ්‍යාපන ඇමතිවරායට පිලි ගන්වා පස් මහල් ගොඩනැගිල්ලක් රජයේ සහ පාසල් සංවර්ධන සමිතියේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස තැනීමට ඔහුගේ කැමැත්ත ගැනීමයි. ත්‍යාග ප්‍රධාන උත්සවය කිට්ටු වන විට ඉඩම මිලදීගැනීම සදහා තව ලක්ෂ දෙකක මුදලක් මදිපාඩු වු අතර මගේ දරුවගේ පාසැල වෙනුවෙන් එයද මවිසින් පරිත්‍යාග කර අවසානයේ අපි ඉඩම මිලදි ගත්තෙමු. මේ මුලු උත්සවයම වලං කඩේට පැන්න ගොනා සේ මර්වින් සිල්වා විනාශ කරදැමීය. එමගින් විහාර මහ දේවියේ ප්‍රභල ගොඩනැගිලි හිඟයට පිලියමක් ලෙස ගොඩනැගීමට සිටි පස් මහල ඊට අහිමි විය.[/SIZE][/COLOR] විහාර මහ දේවිය සහ ප්‍රසන්න අතර අනවරත ගැටුමක් විය. ඔහු කැළණියේ පලමුවන පුරවැසියා බවත් කැළණියේ ඔහුට ඕනෑ දෙයක් කරන්න පුලුවන් බවත් ඔහුගේ මතය විය. ඒ නිසා සෑම වසරකම ලමයි පස් හය දෙනෙක් වත් ඔහුගේ ලිස්ට් එකෙන් පාසැලට දමා ගැනීමට වලි දැමීය. නොගනි නම් පාසැලේ සහ අවට කුණු පිරිසිදු නොකර අපමන බාධා කලේය. ඔහුගේ දරුවන්ද එවකට ඉගන ගත්තේ එම පාසැලේමය. අතර මගදි උත්සවයට පැමිනි මර්වින් සිල්වා ඉදගත්තේ විදුහල්පතිතුමිය සහ මා අතරය. ඉදගත් විගස ඔහු ඇසුවේ "ඇයි මේ අපේ ප්‍රසන්නට ඉස්කෝලෙට එන්න දෙන්නේ නැත්තේ මිනිහටත් අයිතියක් තියෙනවනේ මේවට, කෝ මේ ප්‍රසන්න", කියා දුරකතනයෙන් කතා කොට ඔහුවද ගෙන්වා ගත්තේය. මා එවෙලේ ඔහුව හදුන ගත්තේය. අපිත් සමග ලයිබ්‍රරියේ පාඩම් කරපු එකා දැන් ප්‍රදේශීය සභාවේ සභාපතිවී ඇත. ඉදිරි පේලියේ සිටි නියෝජ්‍ය විදුහල්පතිනියක් පිටුපසට යවා ඔහුවද ඉදිරි පෙල හිදවා ගතිමු. මර්වින් සිල්වා තෑගි දීමට වේදිකාවට නැගුනු විට මා ඔහු ලග අසුනේ ඉදගෙන මාව අදුනනවාදැයි ඇසුවෙමි. " අම්මට සිරි චමිර අයියනේ, අයියා මොකද මෙහේ යයි ඇසීය. මගේ කෙල්ලත් මේකට එන්නේ, අද උත්සවයට එන්න යයි අරාධනා කලා ඒකයි ආවේ යයි පැවසුවෙමි". "ඒකනේ අයියේ මගේ කෙල්ල එන්නෙත් මේකට, මම කැළණියේ පලවෙනි පුරවැසියා ඒවුනාට මහ ගෑණි (විදුහල්පතිනිය) මට මෙලෝ මගුලකට එන්න කියන්නේ නෑනේ, ඒක නිසා අපි අද බලෙන් ආවා යයි පැවසීය. " හරි හරි , ලොක්කි මං එක්ක ෂේප්, මං වැඩේ ගොඩ දාන්නම්, ඔයා ඉස්සෙල්ලා කුණු ටික ඇදලා දානවකෝ, පොඩි ලමයිටනේ මල්ලි ලෙඩ හැදෙන්නේ" යැයි මමද මොත්තයක් දැම්මෙමි. ඉන් පසුව මට ප්‍රසන්නව හම්බ වන්නේ ඊට අවුරුද්දකට පසුව විහාර මහ දේවියේදීමයි. එය ඉතා රසවත් කතාවකි. මර්වින් සිල්වා ඒ අවුරුද්දේ ඉතා අපුරු ව්‍යාපාරයක් පටන් ගෙන තිබිනි. ඔහු විහාර මහ දේවියට ලමයි දාල දෙන්නම් කියා ලමයි සීයකගෙන් (විශ්වාස කරන්න) ලක්ෂ දෙක ගානේ කෝටි දෙකක් අරන් තිබිනි. ඔහුගේ සැලැස්ම වී තිබුනේ විහාර මහ දේවියට මීටර් දෙතුන් සීයක් දුරින් වු ඊරිය වැටිය මිශ්‍ර පාසැලේ පන්ති දෙකක් විහාර මහ දේවියේ නමින් පටන් අරන් දිගටම කප්පං වැඩේ කරගෙන යෑමයි. ඔහු ඒ ආදර්ශය අරගෙන තිබුනේ මට මතක විදියට කලුතර රත්තරං ගෙනි. මෙය පාසැලට ආරංචි වු පසුව පාසැලට ගිනි ඇවිලිනි. හැප්පෙන්න තිබුනේ ආන්ඩුවේ ප්‍රමුඛතම මැරයාවු මර්වින් සමගය. සිරසට ගල් ගසා, රෑපවාහිනියට පැන තීන්ත නාගෙන ඊට පසු ගැහැනියගේ පිට දැලි පිහියෙන් කපා කැලනියේ සියලු කඩ සාප්පු වලින් කප්පං අරං භීෂණය වැපුරු මර්වින් සමගය. පාසැල, සංවර්ධන සමිතිය, ආදිශිෂ්‍ය සංගමය සටන මෙහෙයවීමට සුදුසු සෙන්පතියා ලෙස මාව තෝරාගෙන තිබිනි. පුසාගේ කරේ ගෙජ්ජිය බැදීමට නියමිත මීයා මම විය. මම පාසැලට ගියෙමි. විදුහල්පතිනිය ඇතුලු පිරිසගේ අසරන බාවය දුක හිතෙන සුලුය. මීට එරහිව ගතයුතු ක්‍රියාමාර්ග ගැන කතාකිරීමට පාසැල් සංවර්ධන සමිතිය සහ ආදි ශිෂ්‍ය සංගමයේ විදායක කමිටුව කැදවන ලෙස මම උපදෙස් දුන් අතර වට දෙකක සාකච්ජා වලින් පසුව දෙමවිපියන් කැදවා අනුමැතිය ගෙන ඊට එරෙහිව නිහඩ පිකට් එකක් කිරීමට කතිකා කර ගත්තෙමු. අපි විසින් කල සාකච්ජා සංවර්ධන සමිතියේම සිටි මර්වින්ගේ ගෝලයෝ සජීවීව ඔහුට ඇසීමට සලස්වා තිබු අතර පිකට් එකේ මහ මොලකරු වන මගේ අඩු කඩන්න මර්වින් නියෝග කර තිබිනි. පසු දින පාසැලට රැස්වි ජාතික කොඩි, බෞද්ධ කොඩි සහ පාසැල් කොඩි රැගෙන පෙලපාලියෙන් කිරිබත්ගොඩ හංදියට ගොස් පිකට් එක කිරීම අපේ සැලැස්ම විය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom