Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

food for thought

[MEDIA=facebook]anuruddha.wijerathne.3/posts/10158713210909726[/MEDIA]

මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද?

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත්ම යතාර්ථවාදී ලෙස තේරුම් ගෙන ඇමතිකම් බෙදීම මෙවර සිදුව ඇතිබව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිකම් 40 තුල රටේ ආර්ථිකයේ තත්වය, එහි සාධක සහ අනාගත අවස්ථාවන් හඳුනාගෙන ඇති බව පේනවා. ඒක නිසා තමයි ග්‍රාමීය කියන වචනය බොහෝ ඇමතිකම් ඇතුලට අරගෙන තියෙන්නේ. නැත්නම් ඒ ඇමතිධුර විෂය පථය ඇතුලේ තියෙන්නේ.

රටේ සමස්ත ජනගහනය මිලියන 22 ක්. එයින් 83% ක් ආසන්න වශයෙන් මිලියන 18 ක් ජිවත්වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ වගේම රටේ මිලියන 4.4 ජනතාවගේ ආදායම් තත්වය පවතින්නේ අඩු මට්ටමක. මේ අතරින් බහුතරයක් ජීවත් වෙන්නේ ඒ ග්‍රාමීය ප්‍රදේශවල.

ඔවුන්ගේ ගේ සැබෑ ආර්ථික, සාමාජීය වටපිටාව තේරුම් නොගෙන බර වචන යොදා හදන අභිමානවත් ඇමති මණ්ඩලයක් වෙනුවට න්යෂ්ටියටම ගොස් එම ප්‍රදේශවල කෘෂිකාර්මික, සුළු භෝග, ගෘහස්ත සුළු පරිමාණ සහ ස්වයං රැකියා කර්මාන්ත ඉලක්ක කර ගැනීම ඉතාම සාධනීයයි.

අපේ රටේ සාමාන්‍ය ගමකට ගියොත් අපි අදත් දකින්නේ වසර සිය ගණනක් තිස්සේ ඇදෙන නමුත් එක තැන පල්වෙන හෝ ආපස්සට ගිය කර්මාන්ත. එම සම්ප්‍රදායික කර්මාන්තම නව තාක්ෂණය සහ වෙළඳපොල අවස්ථාවන් සමඟ කළමනාකරණය කරගත් චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල් ඉදිරියට ගොස් තිබෙද්දී අපගේ බතික්, අත්යන්ත්‍ර රෙදි, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ස්වර්ණාභරණ නිෂ්පාදකයා ඉන්නේ ගව් ගණනක් පසු පසින්.

අන්ත දුගී බවක ගිලෙමින්. ක්ෂුද්‍ර මුල්‍ය අර්බුධයකට ගමන් කරමින්. එහෙම රටකට ආයේ මුල ඉඳල පටන් ගන්න වෙනවා. අනෙක් අධ්‍යාපන, තාක්ෂණ, සේවා අපනයන ක්ෂේත්‍ර දියුණු කරන අතරේ unskilled සහිත ක්ෂේත්‍ර දියුණු කිරීම ඉතා වැදගත්.

උදාහරණයක් කිව්වොත් අපේ රටේ ඉදල් සහ කොහු නිෂ්පාදනය ගැන මෑතකදී විශේෂයෙන්ම Professionals Without Borders (PWB) කියන වෘත්තීයවේදී සංවිධානය අධ්‍යනයක් කළා. තාමත් නිෂ්පාදකයා අන්ත දුගී. භාවිතා වෙන්නේ අතිශය 19 වන සියවසේ මුල් කාලේ තාක්ෂණයක්. හැබැයි අපිට වසරකට කොහු ඉදල් ලක්ෂ 65 ක් විතර ඕනේ. කොච්චර ප්ලාස්ටික් ඒවා පිටරටින් ගේනවාද? ඒ ගැන පමණක් අවධානය යොමු කෙරුවොත් කෙතරම් රැකියා හදන්න පුලුවන්ද? චීනයට යන ඩොලර් මිලියන කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද?

ඒ වගේ සියල්ලම පාහේ අපි ආනයනය කරමින් ඉන්නේ. නිමි ඇඳුම් අපනයනයෙන් ඩොලර් මිලියන 6400 ක් විතර හොයනකොට අමුද්‍රව්‍ය ලෙස අපි එයින් භාගයක් විතර අනෙක් රටවලින් ගේනවා. ඒ වගේම නිමි ඇඳුම් වශයෙන් අපි තවත් ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක් දේශීය පරිභෝජනයට ගේනවා.

ඊළඟට ලංකාවේ කාන්තා ජනගහනයෙන් භාගකට වඩා කාන්තාවෝ. හැබැයි ඔවුන්ගේ වැඩි දෙනෙක් අඳින සාරිය ලක්ෂ ගණනින් ගේන්නේ ඉන්දියාවෙන්. දැන් දයාසිරි ජයසේකරට බතික් ඇමති කියලා උසුළු විසුළු කලාට මේ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන අමාත්‍යංශය අරගෙන හරියට වැඩට බැස්සොත් ඔහුට කල හැකි මෙහෙය ඉතා විශාලයි.

පහල තියෙන කර්මාන්ත හා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ධුර සියල්ලම ගෘහස්ත සුළු පරිමාණ සහ ස්වයං රැකියා සමඟ ග්‍රාමීය ආර්ථික අවස්ථාවන් පුළුල් කිරීමට පැහැදිලිවම දායකත්වය සපයන්න පුළුවන්.

#සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන

#බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන

#මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත

#විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු

#වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන

මෙහි අන්තිමට තියෙන අමාත්‍යංශයේ ඇමතිට මැටි ඇමති කියල විහිළු කරන්න පුළුවන්. හැබැයි මැටි කර්මාන්තයේ තිබෙන වෙළඳපොල ගැන අපි දැනුවත් ද? සාම්ප්‍රදායික වලං, හට්ටි, මුට්ටි හෝ පහන් කර්මාන්තයෙන් එහාට ගියේ කී ද? ආහාර පිසීමේදී විස රහිත භාජන සඳහා ලෝකයේ තියෙන ඉල්ලුම කෙතරම් ද? සමහර එවැනි කට්ටල අලෙවි වන්නේ ඩොලර් 4000 ට එහා.

ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු වෙද්දී හෝටල් - භෝජනාගාර සඳහා කෙතරම් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු වගේ දේවල් තාමත් ආනයන කරනවාද? ඒ මුදල ගමට යවන්න පුළුවන් නම් ග්‍රාමීය ආර්ථිකය හොඳට ගොඩනගන්න බැරිද? විසිතුරු මසුන් සහ සිංගපුරුවේ ඉහලම ඉල්ලුමක් තියෙන ලංකාවේ ඉස්සන් ඇතිකිරීම වගේ ක්ෂේත්‍ර හරහා විදේශ විනිමය හොඳින් උපයන්න පුළුවන්!

ඊළඟට කෘෂිකර්මාන්තය. රටේ ලක්ෂ 35 විතර කෘෂි කර්මාන්තය එක්ක සම්බන්ධයි. අද ලෝකයේ අපට ඇති විශාලතම අවස්ථාවන් අතර කෘෂිකර්මාන්තය ප්රමුඛයි.

අපි තවමත් ප්‍රධාන වශයෙන් වගාවේ යෙදෙන්නේ අහසින් වැටෙන වතුර ටිකෙන්. නමුත් කාන්තාර සහිත මැදපෙරදිග අද එළවලු, පලතුරු සහ මල් අපනයනය කරනවා.අඩි පනහක් හැටක් යටින් වතුර තියෙන රටේ වැස්ස නැති කාලෙට වගාවක් නැහැ. නියං සහනාධාර දෙනවා. පළමු රාජ්‍ය ඇමති ධූර ටික ඒ තත්වය වෙනස් කරන්න යොදාගන්න පුළුවන් පැහැදිලිවම.

#ග්‍රාමීය කෘෂිකාර්මික, ප්‍රජා සංවර්ධනය සහ යටිතල පහසුකම්

#මහවැලි කලාප ආශ්රිත, ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන

#ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන

#ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන

ඊළඟට මේ තියෙන්නේ ඉතාම වැදගත්ම අමාත්‍යංශ ටිකක්.

#උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන

#වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම

#පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්රිත කර්මාන්ත

#සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන

මේවා ගේ වචන දැක්කම සමහරු හිනාවෙනවා. බඩ ඉරිඟු වලටත් ඇමති කෙනෙක් ඉන්නවද කියල? හැබැයි ලංකාවේ බඩඉරිඟු වෙළඳපොල රුපියල් මිලියන 15000 ට වඩා වැඩියි. වැඩියෙන්ම ගන්නේ animal feed එකට. අපිට බිත්තර සහ කුකුල්මස් අපනයන වෙළඳපොල පුළුල් කරන්න පුළුවන් නම් සහ දැනට තිබෙන සංචාරක කර්මාන්තය මිලියන 2.5 තව මිලියනයකින් දෙකකින් වැඩි උනොත් බඩඉරිඟු නිෂ්පාදනයත් වැඩි වෙන්නම ඕනේ.

රුපියල් මිලියන 15000ක වෙළඳපොලක් තියෙන බඩඉරිඟු වලට ඇමති කෙනෙක් දාපුහම හරි රුපියල් මිලියන 33500 ක සීනි ආනයනය (රටේ සීනි පරිභෝජනයෙන් 90%ක් ආනයනය කරන්නේ) තියෙන ක්ෂත්‍රයට ඇමති කෙනෙක් දාපුහම හිනා වෙනවා. ඇමතිවරුත් ඒ අමාත්‍යංශ භාර ගන්න අඹරෙනවා. හැබැයි පසුගිය කාලේ අයවැයෙන් රුපියල් මිලියන 300 වගේ සොච්චමක් වෙන්කල nano technology තියෙන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය වගේ නම් ලොකුවට පේනවා. මෙහෙම විශේෂිතව නම් කෙරුවොත් ඒවා ජාතික ආර්ථිකයට දෙන දායකත්වයට ඉලක්ක දීලා වැඩි කරන්න පුළුවන්. ඒක ඉතා වැදගත්.

දැන් අපි බලමු අරුන්දික ප්‍රනාන්දුට දීලා තියෙන # පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශය ගැන. අපේ රටේ සමස්ත පොල් වගාකිරීම අක්කර 1,095,982ක්. ඉන් අක්කර 178,675 වතු ලෙසත් ඇති බහුතරය 917,307 කුඩා වගාවන් ලෙසත් පවතින්නේ. කුඩා වගා කියන්නේ පවුල් ඒකක.

පොල් කර්මාන්තයට සම්බන්ධ අපනයන ඉපයීම් 2018 ඩොලර් මිලියන 588 ලෝකයේ අංක 1 කොහු බත් ආශ්රිත නිෂ්පාදන අපනයනකරුවා ශ්‍රී ලංකාව වන අතර පොල්තෙල් සහ desiccated coconut අංශයේ තුන්වන ස්ථානයේ පසුවෙනවා. එහෙම එකක් හරියට බැහැල කෙරුවොත් කොහොම දියුණු කරන්න බැරිද?

රබර් වලත් එහෙමයි. සම්පුර්ණ රබර් වගාව අක්කර 330300 වෙද්දී කුඩා රබර් වතු හිමියන් සතු ප්‍රමාණය 64%ක්. 211131.78 ප්‍රාදේශීය වතු සමාගම් අක්කර 115230. රාජ්‍ය ආයතන සතුව ඇත්තේ 1%ක් පමණයි.

ග්‍රාමීය ආර්ථිකය කියන්නේ කෙතරම් විශාල පරාසයක එකක් ද? කොළඹ රුපියල් 25000-30000 ක වැටුපට හරි මැදපෙරදිග රුපියල් 40000-60000 ක වැටුපට දුක් විඳින ජනතාව ඒ වෙනුවට ග්‍රාමීය ආර්ථිකයට පණක් දෙන අතරේ තමන්ගේ දරු පවුල් සමඟ ජීවත් වෙන රටක් අපිට හදන්න බැරිද?

[QUOTE="malakadss, post: 25589366, member: 179884"] food for thought [MEDIA=facebook]anuruddha.wijerathne.3/posts/10158713210909726[/MEDIA] මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද? නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත්ම යතාර්ථවාදී ලෙස තේරුම් ගෙන ඇමතිකම් බෙදීම මෙවර සිදුව ඇතිබව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිකම් 40 තුල රටේ ආර්ථිකයේ තත්වය, එහි සාධක සහ අනාගත අවස්ථාවන් හඳුනාගෙන ඇති බව පේනවා. ඒක නිසා තමයි ග්‍රාමීය කියන වචනය බොහෝ ඇමතිකම් ඇතුලට අරගෙන තියෙන්නේ. නැත්නම් ඒ ඇමතිධුර විෂය පථය ඇතුලේ තියෙන්නේ. රටේ සමස්ත ජනගහනය මිලියන 22 ක්. එයින් 83% ක් ආසන්න වශයෙන් මිලියන 18 ක් ජිවත්වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ වගේම රටේ මිලියන 4.4 ජනතාවගේ ආදායම් තත්වය පවතින්නේ අඩු මට්ටමක. මේ අතරින් බහුතරයක් ජීවත් වෙන්නේ ඒ ග්‍රාමීය ප්‍රදේශවල. ඔවුන්ගේ ගේ සැබෑ ආර්ථික, සාමාජීය වටපිටාව තේරුම් නොගෙන බර වචන යොදා හදන අභිමානවත් ඇමති මණ්ඩලයක් වෙනුවට න්යෂ්ටියටම ගොස් එම ප්‍රදේශවල කෘෂිකාර්මික, සුළු භෝග, ගෘහස්ත සුළු පරිමාණ සහ ස්වයං රැකියා කර්මාන්ත ඉලක්ක කර ගැනීම ඉතාම සාධනීයයි. අපේ රටේ සාමාන්‍ය ගමකට ගියොත් අපි අදත් දකින්නේ වසර සිය ගණනක් තිස්සේ ඇදෙන නමුත් එක තැන පල්වෙන හෝ ආපස්සට ගිය කර්මාන්ත. එම සම්ප්‍රදායික කර්මාන්තම නව තාක්ෂණය සහ වෙළඳපොල අවස්ථාවන් සමඟ කළමනාකරණය කරගත් චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල් ඉදිරියට ගොස් තිබෙද්දී අපගේ බතික්, අත්යන්ත්‍ර රෙදි, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ස්වර්ණාභරණ නිෂ්පාදකයා ඉන්නේ ගව් ගණනක් පසු පසින්. අන්ත දුගී බවක ගිලෙමින්. ක්ෂුද්‍ර මුල්‍ය අර්බුධයකට ගමන් කරමින්. එහෙම රටකට ආයේ මුල ඉඳල පටන් ගන්න වෙනවා. අනෙක් අධ්‍යාපන, තාක්ෂණ, සේවා අපනයන ක්ෂේත්‍ර දියුණු කරන අතරේ unskilled සහිත ක්ෂේත්‍ර දියුණු කිරීම ඉතා වැදගත්. උදාහරණයක් කිව්වොත් අපේ රටේ ඉදල් සහ කොහු නිෂ්පාදනය ගැන මෑතකදී විශේෂයෙන්ම Professionals Without Borders (PWB) කියන වෘත්තීයවේදී සංවිධානය අධ්‍යනයක් කළා. තාමත් නිෂ්පාදකයා අන්ත දුගී. භාවිතා වෙන්නේ අතිශය 19 වන සියවසේ මුල් කාලේ තාක්ෂණයක්. හැබැයි අපිට වසරකට කොහු ඉදල් ලක්ෂ 65 ක් විතර ඕනේ. කොච්චර ප්ලාස්ටික් ඒවා පිටරටින් ගේනවාද? ඒ ගැන පමණක් අවධානය යොමු කෙරුවොත් කෙතරම් රැකියා හදන්න පුලුවන්ද? චීනයට යන ඩොලර් මිලියන කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද? ඒ වගේ සියල්ලම පාහේ අපි ආනයනය කරමින් ඉන්නේ. නිමි ඇඳුම් අපනයනයෙන් ඩොලර් මිලියන 6400 ක් විතර හොයනකොට අමුද්‍රව්‍ය ලෙස අපි එයින් භාගයක් විතර අනෙක් රටවලින් ගේනවා. ඒ වගේම නිමි ඇඳුම් වශයෙන් අපි තවත් ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක් දේශීය පරිභෝජනයට ගේනවා. ඊළඟට ලංකාවේ කාන්තා ජනගහනයෙන් භාගකට වඩා කාන්තාවෝ. හැබැයි ඔවුන්ගේ වැඩි දෙනෙක් අඳින සාරිය ලක්ෂ ගණනින් ගේන්නේ ඉන්දියාවෙන්. දැන් දයාසිරි ජයසේකරට බතික් ඇමති කියලා උසුළු විසුළු කලාට මේ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන අමාත්‍යංශය අරගෙන හරියට වැඩට බැස්සොත් ඔහුට කල හැකි මෙහෙය ඉතා විශාලයි. පහල තියෙන කර්මාන්ත හා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ධුර සියල්ලම ගෘහස්ත සුළු පරිමාණ සහ ස්වයං රැකියා සමඟ ග්‍රාමීය ආර්ථික අවස්ථාවන් පුළුල් කිරීමට පැහැදිලිවම දායකත්වය සපයන්න පුළුවන්. [URL='https://www.facebook.com/hashtag/සමෘද්ධි?source=feed_text&epa=HASHTAG']#සමෘද්ධි[/URL], ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන [URL='https://www.facebook.com/hashtag/බතික්?source=feed_text&epa=HASHTAG']#බතික්[/URL] , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන [URL='https://www.facebook.com/hashtag/මැණික්?source=feed_text&epa=HASHTAG']#මැණික්[/URL] හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත [URL='https://www.facebook.com/hashtag/විසිතුරු?source=feed_text&epa=HASHTAG']#විසිතුරු[/URL] මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු [URL='https://www.facebook.com/hashtag/වේවැල්?source=feed_text&epa=HASHTAG']#වේවැල්[/URL], පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන මෙහි අන්තිමට තියෙන අමාත්‍යංශයේ ඇමතිට මැටි ඇමති කියල විහිළු කරන්න පුළුවන්. හැබැයි මැටි කර්මාන්තයේ තිබෙන වෙළඳපොල ගැන අපි දැනුවත් ද? සාම්ප්‍රදායික වලං, හට්ටි, මුට්ටි හෝ පහන් කර්මාන්තයෙන් එහාට ගියේ කී ද? ආහාර පිසීමේදී විස රහිත භාජන සඳහා ලෝකයේ තියෙන ඉල්ලුම කෙතරම් ද? සමහර එවැනි කට්ටල අලෙවි වන්නේ ඩොලර් 4000 ට එහා. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු වෙද්දී හෝටල් - භෝජනාගාර සඳහා කෙතරම් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු වගේ දේවල් තාමත් ආනයන කරනවාද? ඒ මුදල ගමට යවන්න පුළුවන් නම් ග්‍රාමීය ආර්ථිකය හොඳට ගොඩනගන්න බැරිද? විසිතුරු මසුන් සහ සිංගපුරුවේ ඉහලම ඉල්ලුමක් තියෙන ලංකාවේ ඉස්සන් ඇතිකිරීම වගේ ක්ෂේත්‍ර හරහා විදේශ විනිමය හොඳින් උපයන්න පුළුවන්! ඊළඟට කෘෂිකර්මාන්තය. රටේ ලක්ෂ 35 විතර කෘෂි කර්මාන්තය එක්ක සම්බන්ධයි. අද ලෝකයේ අපට ඇති විශාලතම අවස්ථාවන් අතර කෘෂිකර්මාන්තය ප්රමුඛයි. අපි තවමත් ප්‍රධාන වශයෙන් වගාවේ යෙදෙන්නේ අහසින් වැටෙන වතුර ටිකෙන්. නමුත් කාන්තාර සහිත මැදපෙරදිග අද එළවලු, පලතුරු සහ මල් අපනයනය කරනවා.අඩි පනහක් හැටක් යටින් වතුර තියෙන රටේ වැස්ස නැති කාලෙට වගාවක් නැහැ. නියං සහනාධාර දෙනවා. පළමු රාජ්‍ය ඇමති ධූර ටික ඒ තත්වය වෙනස් කරන්න යොදාගන්න පුළුවන් පැහැදිලිවම. [URL='https://www.facebook.com/hashtag/ග්?source=feed_text&epa=HASHTAG']#ග්[/URL]රාමීය කෘෂිකාර්මික, ප්‍රජා සංවර්ධනය සහ යටිතල පහසුකම් [URL='https://www.facebook.com/hashtag/මහවැලි?source=feed_text&epa=HASHTAG']#මහවැලි[/URL] කලාප ආශ්රිත, ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන [URL='https://www.facebook.com/hashtag/ග්?source=feed_text&epa=HASHTAG']#ග්[/URL]රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන [URL='https://www.facebook.com/hashtag/ග්?source=feed_text&epa=HASHTAG']#ග්[/URL]රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන ඊළඟට මේ තියෙන්නේ ඉතාම වැදගත්ම අමාත්‍යංශ ටිකක්. [URL='https://www.facebook.com/hashtag/උක්?source=feed_text&epa=HASHTAG']#උක්[/URL], බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන [URL='https://www.facebook.com/hashtag/වී?source=feed_text&epa=HASHTAG']#වී[/URL] හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම [URL='https://www.facebook.com/hashtag/පශු?source=feed_text&epa=HASHTAG']#පශු[/URL] සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්රිත කර්මාන්ත [URL='https://www.facebook.com/hashtag/සමාගම්?source=feed_text&epa=HASHTAG']#සමාගම්[/URL] වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන මේවා ගේ වචන දැක්කම සමහරු හිනාවෙනවා. බඩ ඉරිඟු වලටත් ඇමති කෙනෙක් ඉන්නවද කියල? හැබැයි ලංකාවේ බඩඉරිඟු වෙළඳපොල රුපියල් මිලියන 15000 ට වඩා වැඩියි. වැඩියෙන්ම ගන්නේ animal feed එකට. අපිට බිත්තර සහ කුකුල්මස් අපනයන වෙළඳපොල පුළුල් කරන්න පුළුවන් නම් සහ දැනට තිබෙන සංචාරක කර්මාන්තය මිලියන 2.5 තව මිලියනයකින් දෙකකින් වැඩි උනොත් බඩඉරිඟු නිෂ්පාදනයත් වැඩි වෙන්නම ඕනේ. රුපියල් මිලියන 15000ක වෙළඳපොලක් තියෙන බඩඉරිඟු වලට ඇමති කෙනෙක් දාපුහම හරි රුපියල් මිලියන 33500 ක සීනි ආනයනය (රටේ සීනි පරිභෝජනයෙන් 90%ක් ආනයනය කරන්නේ) තියෙන ක්ෂත්‍රයට ඇමති කෙනෙක් දාපුහම හිනා වෙනවා. ඇමතිවරුත් ඒ අමාත්‍යංශ භාර ගන්න අඹරෙනවා. හැබැයි පසුගිය කාලේ අයවැයෙන් රුපියල් මිලියන 300 වගේ සොච්චමක් වෙන්කල nano technology තියෙන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය වගේ නම් ලොකුවට පේනවා. මෙහෙම විශේෂිතව නම් කෙරුවොත් ඒවා ජාතික ආර්ථිකයට දෙන දායකත්වයට ඉලක්ක දීලා වැඩි කරන්න පුළුවන්. ඒක ඉතා වැදගත්. දැන් අපි බලමු අරුන්දික ප්‍රනාන්දුට දීලා තියෙන # පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශය ගැන. අපේ රටේ සමස්ත පොල් වගාකිරීම අක්කර 1,095,982ක්. ඉන් අක්කර 178,675 වතු ලෙසත් ඇති බහුතරය 917,307 කුඩා වගාවන් ලෙසත් පවතින්නේ. කුඩා වගා කියන්නේ පවුල් ඒකක. පොල් කර්මාන්තයට සම්බන්ධ අපනයන ඉපයීම් 2018 ඩොලර් මිලියන 588 ලෝකයේ අංක 1 කොහු බත් ආශ්රිත නිෂ්පාදන අපනයනකරුවා ශ්‍රී ලංකාව වන අතර පොල්තෙල් සහ desiccated coconut අංශයේ තුන්වන ස්ථානයේ පසුවෙනවා. එහෙම එකක් හරියට බැහැල කෙරුවොත් කොහොම දියුණු කරන්න බැරිද? රබර් වලත් එහෙමයි. සම්පුර්ණ රබර් වගාව අක්කර 330300 වෙද්දී කුඩා රබර් වතු හිමියන් සතු ප්‍රමාණය 64%ක්. 211131.78 ප්‍රාදේශීය වතු සමාගම් අක්කර 115230. රාජ්‍ය ආයතන සතුව ඇත්තේ 1%ක් පමණයි. ග්‍රාමීය ආර්ථිකය කියන්නේ කෙතරම් විශාල පරාසයක එකක් ද? කොළඹ රුපියල් 25000-30000 ක වැටුපට හරි මැදපෙරදිග රුපියල් 40000-60000 ක වැටුපට දුක් විඳින ජනතාව ඒ වෙනුවට ග්‍රාමීය ආර්ථිකයට පණක් දෙන අතරේ තමන්ගේ දරු පවුල් සමඟ ජීවත් වෙන රටක් අපිට හදන්න බැරිද? [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom