Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැණික් හා බැඳුණු රස කතා...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැණික් හා බැඳුණු රස කතා...!

වළට විසි කළ නිල් මැණික

විදේශීය ව්‍යාපාරිකයෝ සබරගමුවේ කැලෑ කපා රබර් වැවීම ආරම්භ කළෝය. එම වතුවල වැඩ කිරීමට මුලදී සිංහලයෝ නොගිය ද පසුව මුදල් ලැබෙන නිසා එම වැඩවලට ගියෝය. මෙසේ රබර් වතුවල පැළ සිටුවීමට වළවල් කපා නැවත පස් පුරවා රබර් පැළය ඒ මත සිටුවීම සිදු කෙරේ.

අපේ ගම් පළාතේ දෙදෙනෙකු ද මේ රබර් වළවල් කැපීමට ගොස් තිබේ. දිනක් ඔවුන් වළවල් කපමින් සිටියදී ලෙලි ඉවත් කළ පොල් ගෙඩියක් තරම් විශාල මැණිකක් හමු වී තිබේ. මේ දෙදෙනා මැණික් ගල හෝදා හරව හරවා හැඩ බලා ඇත. එය නිල් ගුළියක් බව වැටහුණි.

එකල ඔවැනි දෙයක් ලැබුණ විට කෝරළේ මහත්තයාට හෝ ඒජන්ත මහත්තයාට දිය යුතුය. සුදු පාලකයෙකුගේ වත්තක තිබී ලැබුණු නිසා ඉඩම් හිමියාට දිය යුතුය. ඒත් මැණික ලද දෙදෙනා ඒ කිසිවෙකුටත් මෙය දීමට අකමැති වූහ. හිසේ බැඳ තිබූ ලේන්සුව ගලවා මැණික එහි ඔතා තබා පුරුදු ලෙස වැඩ කර සවස නිවෙස් බලා යන විට එය රැගෙන ගියෝය.

ඔවුන් දෙදෙනා ආපසු එන විට දිය නාන ස්ථානයක් තිබේ. අලියෙකු පොව්වන තරමට ගැඹුරු වළක් වූ එම ස්ථානය නිල්වන් සීතල වතුරින් පිරී පැවතිණ. මෑතක් වන තුරු එම වතුර වළ පැවතුණ ද කාලයාගේ ඇවෑමෙන් පස් සහ වැලි පිරීම නිසා වළ ගොඩ වී ඇත. එම ස්ථානයට දිය නෑමට පැමිණි අප කතා නායකයන් දෙදෙනා දිය නෑමට පෙර මැණික එම වළට විසිකර තිබේ.

මෙය සත්‍ය සිදුවීමකි. ජනප්රවාදයේ එන්නක් නොව එම මැණික හමු වූ දෙදෙනාගේ පරම්පරාවේ අය අතර පවතින ඉතිහාස කතාවකි. එම වතුර වළ තිබූ ස්ථානය අද ගොඩ වුවත් සාමාන්‍ය වළක් දක්නට තිබේ. අද එම වළ සහිත ඉඩම හිමියා ව්‍යාපාරික ප්රභූවරයෙකු වන නිසා මෙම කතා පුවත දැන සිටියත් මැණික සෙවීමට උත්සාහ නොකරයි.

පතල් නඩය කට වරද්දාගනී

කැලේ ගොස් මැණික් ගැරීම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඇලහැර සහ ඔක්කම්පිටියයි. මේ ප්‍රදේශ දෙකම දෙවිවරුන්ගේ අණසක පවතින අඩවි ලෙස සැලකේ. එනිසා මහ කැලය මැද දී කට වරද්දා ගතහොත් අච්චු විඳීමට සිදුවන අවස්ථා තිබේ. මේ ඔක්කම්පිටියේදී කට වැරදීමක් නිසා පාඩුවක් වූ අවස්ථාවකි.

ඔක්කම්පිටියේ නියදැල්ල, දෙමෝදර, අලිවාඩිය කදන්කැටිය යන ප්‍රදේශවලට පහළට වනවාත් සමඟම කට වරද්දා ගතහොත් දේව දඬුවම්වලට ලක් වීමට සිදුවේ. මේ පතල් නඩය කදන්කැටියට පහළ ඊරියපොළට නුදුරුව වාඩි තනාගෙන දෙවියන් බුදුන් අදහාගෙන සියඹලාවේ දෙවියන්ට භාර හාර වී පතලක් හෑරුවේය. කුඹුක්කන් ඔයේ ඉවුරේ හාරන ලද එම පතලට හොඳට ඉල්ලම තිබුණි. තද නිල් පැහැති එම ඉල්ලම දකින ඕනෑම කෙනෙකුට යහමින් මැණික් ලැබෙන බවට විශ්වාසයක් පවතී. දවස පුරා ඉල්ලම් ගොඩකර නඩය එදින වැඩ අවසන් කළේ පසුවදා ඉල්ලම් ගැරීමට බලාපොරොත්තුවෙනි.

පසුවදා උදේ ඉල්ලම් ගොඩ මත පොල්තෙල් පහනක් දල්වා තබා සුවඳ හඳුන්කූරු දල්වා ඉල්ලම් මත තබා ගැරුම් වට්ටියට වැඳ දෙවියන් බුදුන් සිහි කර වතුරට බැස ගැරීමට පටන් ගත්තේය. සමන් අයියා ඉල්ලම් සෝදන අතර අනෙක් පිරිස ඉල්ලම් පුරවා ගෙනැවිත් ගැරුම් වට්ටියට දමති. මෙසේ සමගියෙන් විනෝදෙන් කතා බහ කරමින් ඉල්ලම් කූඩා සීයක් පමණ සෝදා නාම්බුව බැලීමට සූදානම් විය. සමන් අයියා දකුණු අතේ ඇඟිලිවලින් නාම්බුව පිසිමින් මැණිකක් මතුකර ගැනීමේ ක්රියාවේ යෙදෙද්දී සෙසු පිරිස වට වී ඒ දෙස බලා සිටිය හ. එවිට සියල්ලෝ ම බලා සිටියදී නිල් ගුලියක් නාම්බුවෙන් මතු විය. සියලු දෙනාට සතුටු වූහ. මුල්ම නාම්බුවේ මෙහෙම නම් පසු නාම්බුවල කොහොම තිබේවිදැයි හැමෝටම සිතෙන්නට ඇති. ඒ එක්කම “සමන් මල්ලි දැන් ඇති, මේ හොඳටම ඇති” කියමින් සතුට ඉහවහ ගිය විජේ අයියා හඬ නඟා සිනා සුණේය.

එම නාම්බුවේ වැඩ අවසන් කර තවත් නාම්බුවක් ගැරීමට සමන් අයියා වතුරට බැස්සේය. නඩයේ සියලු දෙනාම බලා සිටිය දී අසමාන ශරීරයක් ඇති සුදු වඳුරෙක් ඉල්ලම් ගොඩ මුදුනට පැන ඉල්ලම් ගොඩ අවුස්සන්නට විය. විජේ අයියාගේ කෑ ගැසීමද නොතැකූ වඳුරා ඉල්ලම් ගොඩ විසුරුවා දමා කැලයට පැන ගියේය. ඊට පසු හවස් වන තෙක් එම ඉල්ලම් ගොඩ සේදුවේය. දළං කැටයක් වත් ලැබුණේ නැත. මුලදී ලද මැණික පමණි. මීට දශක හතරකට පමණ පෙර එම මැණික රුපියල් පනස්දාහකට අලෙවි කළේය. කට වරද්දා ගැනීම නිසා අකරතැබ්බය සිදු වූ බව විජේ අයියා සහ සමන් අයියා ඇතුළු පතල් නඩයට ම විශ්වාසය.

පතල් හොරුන්ට පාඩමක්

පතලක් කපා ඉල්ලම් ගොඩ දැමීමෙන් පසු ඒවා ආරක්ෂා කරගත යුතු ය. නැතිනම් රාත්රියේදී හොරු එම ඉල්ලම් ගරති. එනිසා එදින රාත්‍රියේ දී වාඩියට වී ඉල්ලම් මුර කරන්නෝ එළිවන තුරා අවදියෙන් සිටිති.

ඉල්ලම් මුරට සිටින්නන් නින්දේ පසු වෙන්නේ නම් රහසිගතව නිසොල්මනේ වාඩිය වෙත එන හොරු නින්දේ සිටින්නන්ගේ අත - පය කට බැඳ තබා ඉල්ලම් ගරාගෙන යති. ඇතැම් අවස්ථාවල මෙසේ හොරෙන් ඉල්ලම් ගැරීමට එන හොරුන් ඉල්ලම් ගරා හෝ ගැරීමට පෙර හෝ පැන දුවන්නේ බැරි වෙලාවත් හඳුනා ගතහොත් ලජ්ජාවට පත්වන බැවිනි. මෙසේ ඉල්ලම් ගැරීමට එක හොරුන්ට පහර දී තුවාල සිදුකළ අවස්ථා ද තිබේ.

බලපත්‍ර සහිත පතලක, ඉල්ලුම් ගොඩ දමා තිබුණි. යහමින් මැණික් ලැබෙන ඉල්ලමක් බැවින් මේ ඉල්ලම ගැන අසල්වාසීහු හොඳාකාරව දනිති. පතල් නඩය ද ඉල්ලම් ආරක්ෂා කර ගැනීමට සිතා ගති. නමුත් සවස් වනවිට හොරුන් ඉල්ලම් ගැරීමට උත්සාහ කරන බවට ආරංචියක් ආවේ ය. මෙයට සූදානම් වූ පතල් නඩය ඔවුන්ගේ ඥාතීන් හා මිතුරන් එකතු කර රාත්‍රියේ තැන තැන රැකවල් ලා සිටියහ. මධ්‍යම රාත්‍රිය ළං වෙත් ම කලාමැදිරි එළියක් හා සමාන විදුලි පන්දම් එළි දෙකක් වාඩියට ආවේ ය. තවත් විනාඩියකට පමණ පසු එවැනිම එළි දෙකක් වාඩිය වෙත ළඟා වුණි. එළි හතරම වාඩිය සිසාරා බැලුවේ කවුරුවත් සිටී දැයි විය යුතුය. වාඩියේ කිසිවෙක් නැත.

මේ පැමිණියේ ඉල්ලම් ගැරීමට එන හොරු ය. ඔවුහු කරුවලේ ම පතල් වළට බැස ඉල්ලම් සේදීමට පටන් ගත්තෝ ය. ඉල්ලම් කූඩා දහයක් පහළොවක් සේදීමත් සමඟ පතලයට මීටර් පනහකට පමණ දුර සිට වටේට ම විදුලි පන්දම් එළි පත්තු විය. ඉල්ලම් ගැරූ හොරු අන්ද මන්ද වූහ. දුවන්නට සැරසුණා පමණි. ඔවුන් වට කළ පතල් නඩය හා පිරිස හොරු අල්ලා ළඟ තිබූ ගස්වල බැන්දේ බඩ පුරා ගුටි පූජාවක් දීමෙන් පසුව ය.

හොරුන් ඇඳගෙන සිටි කලිසම් කමිස ගලවා අමුඩයක් ගසා එළිවනතුරා පතලේ සිටීමට සැලැස්වීය. එළිවූවාට පසු එම පතල් පොළේ සෑම තැනටම හොරුන් ගැන ආරංචිය පිටත් කර යැව්වේ හොරුන් බැලීමට පිරිස ගෙන්වා ගැනීමට ය. පතලය අයිති මුදලාලි ද පැමිණියේ ය. ඔහු හොරුන්ගේ බැමි ලිහා නිදහස් කර වාඩියට ගෙන ගොස් ඇඳුම් ඇඳ ගැනීමට දී තේ පැන් සංග්‍රහයක් කර මීට පසු මෙවැනි වැඩ නොකරන ලෙසට අවවාද කර අතට මුදලක් ද දී පිටත් කර හැරියේ ය.

සෝමපාල මෙනේරිපිටිය

Silumina

[QUOTE="HSgems, post: 19241588, member: 555023"] [b]මැණික් හා බැඳුණු රස කතා...![/b] [B][SIZE=6][COLOR=black]වළට විසි කළ නිල් මැණික[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=navy]විදේශීය ව්‍යාපාරිකයෝ සබරගමුවේ කැලෑ කපා රබර් වැවීම ආරම්භ කළෝය. එම වතුවල වැඩ කිරීමට මුලදී සිංහලයෝ නොගිය ද පසුව මුදල් ලැබෙන නිසා එම වැඩවලට ගියෝය. මෙසේ රබර් වතුවල පැළ සිටුවීමට වළවල් කපා නැවත පස් පුරවා රබර් පැළය ඒ මත සිටුවීම සිදු කෙරේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]අපේ ගම් පළාතේ දෙදෙනෙකු ද මේ රබර් වළවල් කැපීමට ගොස් තිබේ. දිනක් ඔවුන් වළවල් කපමින් සිටියදී ලෙලි ඉවත් කළ පොල් ගෙඩියක් තරම් විශාල මැණිකක් හමු වී තිබේ. මේ දෙදෙනා මැණික් ගල හෝදා හරව හරවා හැඩ බලා ඇත. එය නිල් ගුළියක් බව වැටහුණි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]එකල ඔවැනි දෙයක් ලැබුණ විට කෝරළේ මහත්තයාට හෝ ඒජන්ත මහත්තයාට දිය යුතුය. සුදු පාලකයෙකුගේ වත්තක තිබී ලැබුණු නිසා ඉඩම් හිමියාට දිය යුතුය. ඒත් මැණික ලද දෙදෙනා ඒ කිසිවෙකුටත් මෙය දීමට අකමැති වූහ. හිසේ බැඳ තිබූ ලේන්සුව ගලවා මැණික එහි ඔතා තබා පුරුදු ලෙස වැඩ කර සවස නිවෙස් බලා යන විට එය රැගෙන ගියෝය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඔවුන් දෙදෙනා ආපසු එන විට දිය නාන ස්ථානයක් තිබේ. අලියෙකු පොව්වන තරමට ගැඹුරු වළක් වූ එම ස්ථානය නිල්වන් සීතල වතුරින් පිරී පැවතිණ. මෑතක් වන තුරු එම වතුර වළ පැවතුණ ද කාලයාගේ ඇවෑමෙන් පස් සහ වැලි පිරීම නිසා වළ ගොඩ වී ඇත. එම ස්ථානයට දිය නෑමට පැමිණි අප කතා නායකයන් දෙදෙනා දිය නෑමට පෙර මැණික එම වළට විසිකර තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මෙය සත්‍ය සිදුවීමකි. ජනප්රවාදයේ එන්නක් නොව එම මැණික හමු වූ දෙදෙනාගේ පරම්පරාවේ අය අතර පවතින ඉතිහාස කතාවකි. එම වතුර වළ තිබූ ස්ථානය අද ගොඩ වුවත් සාමාන්‍ය වළක් දක්නට තිබේ. අද එම වළ සහිත ඉඩම හිමියා ව්‍යාපාරික ප්රභූවරයෙකු වන නිසා මෙම කතා පුවත දැන සිටියත් මැණික සෙවීමට උත්සාහ නොකරයි.[/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=black]පතල් නඩය කට වරද්දාගනී[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=navy]කැලේ ගොස් මැණික් ගැරීම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඇලහැර සහ ඔක්කම්පිටියයි. මේ ප්‍රදේශ දෙකම දෙවිවරුන්ගේ අණසක පවතින අඩවි ලෙස සැලකේ. එනිසා මහ කැලය මැද දී කට වරද්දා ගතහොත් අච්චු විඳීමට සිදුවන අවස්ථා තිබේ. මේ ඔක්කම්පිටියේදී කට වැරදීමක් නිසා පාඩුවක් වූ අවස්ථාවකි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඔක්කම්පිටියේ නියදැල්ල, දෙමෝදර, අලිවාඩිය කදන්කැටිය යන ප්‍රදේශවලට පහළට වනවාත් සමඟම කට වරද්දා ගතහොත් දේව දඬුවම්වලට ලක් වීමට සිදුවේ. මේ පතල් නඩය කදන්කැටියට පහළ ඊරියපොළට නුදුරුව වාඩි තනාගෙන දෙවියන් බුදුන් අදහාගෙන සියඹලාවේ දෙවියන්ට භාර හාර වී පතලක් හෑරුවේය. කුඹුක්කන් ඔයේ ඉවුරේ හාරන ලද එම පතලට හොඳට ඉල්ලම තිබුණි. තද නිල් පැහැති එම ඉල්ලම දකින ඕනෑම කෙනෙකුට යහමින් මැණික් ලැබෙන බවට විශ්වාසයක් පවතී. දවස පුරා ඉල්ලම් ගොඩකර නඩය එදින වැඩ අවසන් කළේ පසුවදා ඉල්ලම් ගැරීමට බලාපොරොත්තුවෙනි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]පසුවදා උදේ ඉල්ලම් ගොඩ මත පොල්තෙල් පහනක් දල්වා තබා සුවඳ හඳුන්කූරු දල්වා ඉල්ලම් මත තබා ගැරුම් වට්ටියට වැඳ දෙවියන් බුදුන් සිහි කර වතුරට බැස ගැරීමට පටන් ගත්තේය. සමන් අයියා ඉල්ලම් සෝදන අතර අනෙක් පිරිස ඉල්ලම් පුරවා ගෙනැවිත් ගැරුම් වට්ටියට දමති. මෙසේ සමගියෙන් විනෝදෙන් කතා බහ කරමින් ඉල්ලම් කූඩා සීයක් පමණ සෝදා නාම්බුව බැලීමට සූදානම් විය. සමන් අයියා දකුණු අතේ ඇඟිලිවලින් නාම්බුව පිසිමින් මැණිකක් මතුකර ගැනීමේ ක්රියාවේ යෙදෙද්දී සෙසු පිරිස වට වී ඒ දෙස බලා සිටිය හ. එවිට සියල්ලෝ ම බලා සිටියදී නිල් ගුලියක් නාම්බුවෙන් මතු විය. සියලු දෙනාට සතුටු වූහ. මුල්ම නාම්බුවේ මෙහෙම නම් පසු නාම්බුවල කොහොම තිබේවිදැයි හැමෝටම සිතෙන්නට ඇති. ඒ එක්කම “සමන් මල්ලි දැන් ඇති, මේ හොඳටම ඇති” කියමින් සතුට ඉහවහ ගිය විජේ අයියා හඬ නඟා සිනා සුණේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]එම නාම්බුවේ වැඩ අවසන් කර තවත් නාම්බුවක් ගැරීමට සමන් අයියා වතුරට බැස්සේය. නඩයේ සියලු දෙනාම බලා සිටිය දී අසමාන ශරීරයක් ඇති සුදු වඳුරෙක් ඉල්ලම් ගොඩ මුදුනට පැන ඉල්ලම් ගොඩ අවුස්සන්නට විය. විජේ අයියාගේ කෑ ගැසීමද නොතැකූ වඳුරා ඉල්ලම් ගොඩ විසුරුවා දමා කැලයට පැන ගියේය. ඊට පසු හවස් වන තෙක් එම ඉල්ලම් ගොඩ සේදුවේය. දළං කැටයක් වත් ලැබුණේ නැත. මුලදී ලද මැණික පමණි. මීට දශක හතරකට පමණ පෙර එම මැණික රුපියල් පනස්දාහකට අලෙවි කළේය. කට වරද්දා ගැනීම නිසා අකරතැබ්බය සිදු වූ බව විජේ අයියා සහ සමන් අයියා ඇතුළු පතල් නඩයට ම විශ්වාසය.[/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=black]පතල් හොරුන්ට පාඩමක්[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=navy]පතලක් කපා ඉල්ලම් ගොඩ දැමීමෙන් පසු ඒවා ආරක්ෂා කරගත යුතු ය. නැතිනම් රාත්රියේදී හොරු එම ඉල්ලම් ගරති. එනිසා එදින රාත්‍රියේ දී වාඩියට වී ඉල්ලම් මුර කරන්නෝ එළිවන තුරා අවදියෙන් සිටිති.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඉල්ලම් මුරට සිටින්නන් නින්දේ පසු වෙන්නේ නම් රහසිගතව නිසොල්මනේ වාඩිය වෙත එන හොරු නින්දේ සිටින්නන්ගේ අත - පය කට බැඳ තබා ඉල්ලම් ගරාගෙන යති. ඇතැම් අවස්ථාවල මෙසේ හොරෙන් ඉල්ලම් ගැරීමට එන හොරුන් ඉල්ලම් ගරා හෝ ගැරීමට පෙර හෝ පැන දුවන්නේ බැරි වෙලාවත් හඳුනා ගතහොත් ලජ්ජාවට පත්වන බැවිනි. මෙසේ ඉල්ලම් ගැරීමට එක හොරුන්ට පහර දී තුවාල සිදුකළ අවස්ථා ද තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]බලපත්‍ර සහිත පතලක, ඉල්ලුම් ගොඩ දමා තිබුණි. යහමින් මැණික් ලැබෙන ඉල්ලමක් බැවින් මේ ඉල්ලම ගැන අසල්වාසීහු හොඳාකාරව දනිති. පතල් නඩය ද ඉල්ලම් ආරක්ෂා කර ගැනීමට සිතා ගති. නමුත් සවස් වනවිට හොරුන් ඉල්ලම් ගැරීමට උත්සාහ කරන බවට ආරංචියක් ආවේ ය. මෙයට සූදානම් වූ පතල් නඩය ඔවුන්ගේ ඥාතීන් හා මිතුරන් එකතු කර රාත්‍රියේ තැන තැන රැකවල් ලා සිටියහ. මධ්‍යම රාත්‍රිය ළං වෙත් ම කලාමැදිරි එළියක් හා සමාන විදුලි පන්දම් එළි දෙකක් වාඩියට ආවේ ය. තවත් විනාඩියකට පමණ පසු එවැනිම එළි දෙකක් වාඩිය වෙත ළඟා වුණි. එළි හතරම වාඩිය සිසාරා බැලුවේ කවුරුවත් සිටී දැයි විය යුතුය. වාඩියේ කිසිවෙක් නැත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මේ පැමිණියේ ඉල්ලම් ගැරීමට එන හොරු ය. ඔවුහු කරුවලේ ම පතල් වළට බැස ඉල්ලම් සේදීමට පටන් ගත්තෝ ය. ඉල්ලම් කූඩා දහයක් පහළොවක් සේදීමත් සමඟ පතලයට මීටර් පනහකට පමණ දුර සිට වටේට ම විදුලි පන්දම් එළි පත්තු විය. ඉල්ලම් ගැරූ හොරු අන්ද මන්ද වූහ. දුවන්නට සැරසුණා පමණි. ඔවුන් වට කළ පතල් නඩය හා පිරිස හොරු අල්ලා ළඟ තිබූ ගස්වල බැන්දේ බඩ පුරා ගුටි පූජාවක් දීමෙන් පසුව ය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]හොරුන් ඇඳගෙන සිටි කලිසම් කමිස ගලවා අමුඩයක් ගසා එළිවනතුරා පතලේ සිටීමට සැලැස්වීය. එළිවූවාට පසු එම පතල් පොළේ සෑම තැනටම හොරුන් ගැන ආරංචිය පිටත් කර යැව්වේ හොරුන් බැලීමට පිරිස ගෙන්වා ගැනීමට ය. පතලය අයිති මුදලාලි ද පැමිණියේ ය. ඔහු හොරුන්ගේ බැමි ලිහා නිදහස් කර වාඩියට ගෙන ගොස් ඇඳුම් ඇඳ ගැනීමට දී තේ පැන් සංග්‍රහයක් කර මීට පසු මෙවැනි වැඩ නොකරන ලෙසට අවවාද කර අතට මුදලක් ද දී පිටත් කර හැරියේ ය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy][SIZE=2][COLOR=darkgreen]සෝමපාල මෙනේරිපිටිය[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [COLOR=darkgreen]Silumina[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom