Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මැතිවරණයක් අත ළඟ... ඔබේ මනාපය කා හට ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිවරණයක් අත ළඟ... ඔබේ මනාපය කා හට ද?

අපි හැම කෙනෙක් ම එකිනෙකාගෙන් වෙනස්. රූපයෙන්, හැසිරීමෙන්, කථා බස් කරන ආකාරයෙන්, රුචි – අරුචිකම්වලින් අප අතරේ බොහෝ වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් අතරේ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම ‘විවිධත්වය තුළ එක්සත් බව’ කියා හඳුන්වන්නට පුළුවනි. මෑත කාලයේ බොහෝ කොට අසන්නට ලැබෙන ‘පොදු අපේක්ෂක’ සංකල්පය නිසා, විවිධත්වය තුළ පවා පොදු අරමුණු මිනිසුන් තුළ හිඟ නොවන බව අපට සිහිපත් වුණා.

ඇත්තටම පොදු නියෝජනයක්, පොදු අපේක්ෂකයෙක් තුළින් සමාජය බලාපොරොත්තු වෙන්නේ එකිනෙකාට වෙනස් වූ ප්‍රජාවේ, බහුතර කැමැත්ත හැකි උපරිමයෙන් ඉටු කරමින් ඔවුන් සංතෘප්තියට පත් කරවන පාලන තන්ත්රයක්. සමානව සම්පත් බෙදී යන, දිළිඳුකම දුරු වෙන, සුව පහසුවෙන් ජීවිත පවත්වා ගන්නට ඉඩ ලැබෙන, මානව හිතවාදය සුරක්ෂිත වෙන…. ආදි වශයෙන් සමාජය පොදුවේ අපේක්ෂා කරන ඉලක්කයන් වෙත පාලනය යොමු කරවීම පොදු අපේක්ෂකයාට පැවරෙන වගකීමක්.

ඉදිරි වසර කිහිපයට රට කරවන්න සුදුසු නායකයෙකු තෝරා පත් කර ගන්න සූදානමක් රටේ තිබෙනවා. රට භාර ගන්නට තම තමන් සතු සුදුසුකම් කියා පාමින් බොහෝ දෙනෙක් ඉදිරියේ දී එ් වෙනුවෙන් තරග වදීවි. පොදුවේ එ් සියලූ අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසු යැයි පෙනී යන පුද්ගලයා බහුතර ජනතා කැමැත්තෙන් රටේ ජනාධිපතිවරයා බවට පත් වේවි. අපේක්ෂකයෙකුට මනාපය පළ කරන කවුරු වුණත් අතීත, වර්තමාන වශයෙන් පමණක් නෙවෙයි අනාගත වශයෙනුත් සලකා බලමින් තමන්ගේ තෝරා ගැනීම රටට මොන විදිහේ බලපෑමක් ඇති කරනවා ද කියන කාරණය ගැන බොහෝ දුරදිග සිතා බැලිය යුතුයි. මනාපය පෞද්ගලික වූවාට රටේ අනාගතය කියන්නේ පොදු කාරණයක්. තමන් හෙට දවසේ දකින්නට බලාපොරොත්තු වන රට ගොඩනැගිය හැකි පාලකයා කවුරුන් ද කියන කාරණය බැ?රුම් ලෙස සිතා තීරණය කළ යුත්තක් නේ ද?

අපි හැමෝටම වුවමනා බඩගින්න නැති රටක්… හැම කෙනාට ම රැකියාවක් තියෙන රටක්. හොඳ වැටුප් සහිත රැකියා තියෙන රටක්. වංචා, අපරාධ, කෝලාහල නැති රටක්. නිදහස, සාමය තියෙන රටක්. ලෙඩ රෝග අඩු, නිසි කලට වැසි ලැබෙන, කෙත්වතු සරුසාර රටක්…. එහෙම රටක් නිර්මාණය කරන එක මොන තරම් දුෂ්කරයි ද? එ් වගේ දෙයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙන්නෙ කවුද?

අනෙකාගේ කුසගින්න නිවෙන තුරු තමන් කුසගින්නේ ඉන්නට ඉදිරිපත් වෙන්නේ කවුද? අනෙකාට සැනසීම ලැබෙන තුරු තමන් දුක් විඳින්නට සූදානම් කවුද?

මේ ප්‍රශ්න පොදුවේ හැමෝටම දැනුණත්, දැනෙන ආකාරය හා ප්‍රමාණය එකිනෙකාට වෙනස්. හැබැයි හැම කෙනාට ම එක ම ආකාරයෙන් මුහුණ දෙන්න වෙන, එක ම ආකාරයෙන් දැනෙන පොදු ප්‍රශ්න ලෝකයේ තිබෙනවා. බලය, ධනය, නිලය, දැන උගත්කම තිබුණත් – නැතත් එ් ප්‍රශ්නවලින් ගැලවෙන්න කාටවත් බෑ. ඉපදුණු හැම සත්වයාට ම අනිවාර්යයෙන් ම උරුම වන ජරා, ව්‍යාධි, මරණ කියන මේ සදාකාලික ප්‍රශ්නවලට උත්තර හොයන්න කැප වෙන්න කැමති කෙනෙක් මේ ලෝකයේ කොහේ හෝ ඉන්නවා නම් අන්න එ් උත්තමයා සමස්ත මානව වර්ගයාගේ ම පොදු අපේක්ෂකයා බවට පත් කරන්නට සුදුසුයි. කුමක් වෙනුවෙන් ද එ් පොදු අපේක්ෂකයා? වෙන දෙයක් වෙනුවෙන් නෙවෙයි, සියලූ දුක් නිමා කරලීම උදෙසා ම යි….

ලෝක ඉතිහාසයේ අපට මුණ ගැසුණු එ් පරම උත්තම පොදු නියෝජනය සත්වගගේ සැනසීම වෙනුවෙන් කැප වුණේ ජීවිත පරිත්‍යාගයෙන් ම යි.

බුද්ධෝහං බෝධයිස්සාමි

මුත්තෝහං මෝචයේ පරේ

තිණ්ණෝහං තාරයිස්සාමි

සංසාරෝඝා මහබ්භයා

‘‘මම බුද්ධත්වයට පත් වී අන් අයට ද ධර්මය අවබෝධ කරවන්නෙමි. මම සසර දුකින් නිදහස් වී අන් අයව ද නිදහස් කරවන්නෙමි. මම මහා බියකරු සසර සැඩ පහරින් එතෙර වී අන් අයව ද එතෙර කරවන්නෙමි.”

බලන්න, එ් අධිෂ්ඨානය මොන තරම් නම් ශ්‍රේෂ්ඨයි ද? අපට අද ‘දුක’ කියා සිතෙන්නේ හරිහමන් කෑමක් බීමක් නැති එක, අඳින්න පලඳින්න නැති එක, ඉන්න හිටින්න තැනක් නැති එක, ලෙඩ වෙන එක, වස්තුව නැති එක…. එ් හැම දෙයක් ම තිබුණොත් දුක ඉවරයි කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ. එ්ත් එ් විදිහට අපට මුණ ගැහෙන්නේ අප්‍රිය, අමනාප ආකාරයෙන් පැමිණෙන දුක් විතරයි. ප්‍රිය මනාප ආකාරයෙන් අප වෙත පැමිණෙන දුක අප හඳුනාගන්නේ සැපයක් ලෙසිනුයි. එහෙත් බෝසතාණන් වහන්සේලා එ් සැපය තුළ තිබෙන දුකත් දකිනවා. මතුපිටට දුකක් ලෙසින් ම පෙනෙන ලෝකයේ තිබෙන දුක් දැකලා අප කම්පා වෙන, හඬා වැටෙන අවස්ථා තිබෙනවා නේ ද? එහෙම වෙන්නේ අපේ සිත් තුළ ඇති වන අනුකම්පාව නිසා. ඇත්තටම අප එලෙසින් දුක් කියා හඳුනාගන්නේ ලොව පවතින දුකෙන් ඉතා ස්වල්පයක් පමණයි. එතකොට අප සැප යැයි සිතන දේ තුළත් සැබෑවට ම ගැබ් වී තිබෙන දුක් හඳුනාගන්නා උත්තම සිතක් මේ ලෝක සත්වයා වෙලා බැඳ දමා ගත්ත දුක් කන්දරාව දැකලා කොහොම අනුකම්පාවක් උපදවා ගන්නවා ඇති ද? එ් මහා අනුකම්පාව ම තමයි ‘මම සම්මා සම්බුද්ධත්වයට පැමිණ ලෝ සත දුකින් මුදවන්නෙමි’ කියා මහා අධිෂ්ඨානයක් බවට පත් වන්නේ….

සසරේ බොහෝ කාලයක් පිරූ පින් මහිමයෙන් ශෝභා සම්පන්න පුණ්‍ය මූර්තියක් වැනි වූ බෝසත් කුමරුන් මනුලොව වැඩම කළේ ගිහි ගෙයි වසන්නේ නම් ධර්මයේ අනුහසින් සිව්දිග ම පාලනය කරන සක්විති රජ කෙනෙකු වීමේ භාග්‍යය ඇතිවයි. රාජකීය පවුලක කිරුළ හිමි කුමාරයාව උපන් ඔහු තරම් සැප සම්පත්, සුඛ විහරණ ලද අයෙක් දඹදිව සිටියේ නැහැ. එයට හේතු වුණෙත් මේ කුමරුන් ජීවිත අවබෝධය සොයාගෙන ගිහි ගෙයින් නික්ම ශ්‍රමණ වෙස් ගන්නට ඉඩ ඇති බවට අනාවැකි පළ වී තිබීම නිසා ගිහි සැපයෙන් කුමරු ඇද බැඳ දමන්නට සුද්ධෝදන පිය රජු කටයුතු කර තිබීම. ලොව ඉපදී සිටි ශෝභා සම්පන්න ම, ගුණවත් ම කාන්තා රත්නය යොවුන් සිද්ධාර්ථයන්ගේ පාදපරිචාරිකාව වූවා. ගුණයෙන් අනූන ඇය අල්පමාත්‍ර හෝ අඩුවක් නො වන්නට සිය ස්වාමියාට සත්කාර සම්මාන දැක්වූවා. රන් රුවක් බඳු පුතෙක් උපන්නා. ඔහු රාහුල… රාජ්‍යය, කිරුළ විතරක් නෙමෙයි දැන් සිද්ධාර්ථයන්ට කිරුළට හිමිකාරයෙකුත් සිටිනවා. පෙළපතේ පැවැත්ම ගැන හැම අතින් ම සතුටු වන්නටත් පුළුවනි. ඔහුට අඩු මොනව ද?

එහෙත් සසරේ ඔහු සොයා ආ ඉලක්කය මේ කාම සම්පත්තීන් නොවෙයි. පොදු දුක, පොදු වේදනාව, පොදු ගැටලූවලට ගැළපෙන සදාතනික විසඳුම ඔහු විසින් සොයා ගත යුතුව තිබුණා. එ් නිසා ඔහු කම්සැප පිරුණු රජ සැපයෙන් බැහැර වුණා. පුතු උපන් දවසෙ ම සියලූ බන්ධනයන් බිඳ හෙළන අදහසින් ඔහු අබිනික්මන් කළා.

මාලිගා ද්වාරයේ එළියට පැමිණෙන සිද්ධාර්ථයන් හමුවේ පෙනී සිටි අතිශය ශෝභමාන වූ දෙවියෙකු බඳු අයෙක් ඔහුට වන්දනා කරමින් මෙහෙම පැවසුවා.

‘‘කුමරාණෙනි, අබිනික්මන් නො කරන සේක්වා! සත් දිනක් මාලිගයේ රැඳී සිටින සේක්වා! එ් සත් දින ගෙවී යන විට ඔබට චක්‍රවර්තී මාණික්‍යය පහළ වන්නේ ය. එවිට අවි ආයුධයෙන් තොරව ඔබට ලොව පාලනය කර සැප සලසන්නට පුළුවන…”

වෙන අයෙක් නම් මෙවැන්නක් ඇසූ විට ‘‘මැනවි” කියා නවතින බව නිසැකයි. යන අතක් නො දැන, කළ යුත්තක් නො දැන, සිදු වන්නේ කුමක්දැයිවත් නො දැන සත්‍යය කියා යමක් සොයා යනවාට වඩා මෙතරම් නිසැකව කියා පාන සක්විති රාජ සුවය ලබන්නට කවුරු නම් මැලි වෙයි ද? එහෙත් සිද්ධාර්ථ බෝසතාණන් විසින් අත්හරිනා ලද්දේ ලොව ම ඒකඡුත්ර කරවන්නා වූ එ් මහානීය සක්විති රජ පදවිය යි. ඔහු සොයා ගියේ තවත් රජ සැපයක් නෙවෙයි. රජෙකු වුණත් මුහුණ දෙන ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් නිදහස් වන මාර්ගයකුයි ඔහුගේ ගවේෂණයේ ඉලක්කය වූයේ. එනිසා පවිටු මරු දිව්‍ය ස්වරූයෙන් පැමිණ කළ ඇප වීම නො තකා ඔහු කහවත් දරාගෙන ශ්‍රමණ භූමියට පිවිසුණා.

අභිරූපී මේ යොවුන් ශ්රමණයාගේ රුව දුටුවන් වශී වී ගියා. රජගහනුවරට පිවිසි මේ සුන්දර ශ්‍රමණයා හමුවට ආ මගධේශ්වර බිම්බිසාර මහ රජු රාජ්‍යයෙන් භාගයක් ඔහුට පවරා දෙන්නට කැමැත්ත පළ කළා. එහෙත් සිද්ධාර්ථයන් සොයන්නේ රජ සැපය නෙවෙයි.

ආලාර කාලාම, උද්දක රාමපුත්ත ගුරුවරුන් දෙදෙනාගේ ඇසුරේ ගත කළ සුළු කාලය තුළ ඔවුන් දෙදෙනාගේ දැනුමේ පරතෙරට ම පිවිසෙන්නට සමත් වුණ ශ්‍රමණ සිද්ධාර්ථයන් අරූප ධ්‍යානයන් ද දියුණු කළා. එහෙත් එ් කිසිවක් සත්‍යාවබෝධය උපදවා දුන්නේ නැහැ. ‘සැප සේ වාසයෙන් නො ලද දෙය දුක සේ වාසයෙන් ලද හැකි ය’ යන ශ්‍රමණ සම්ප්රදායයේ පිහිටමින් උන් වහන්සේ උග්‍ර තපස් දම් රැුකීම ඇරඹුවා. සතර ආකාරයකින් පධන් වෙර වැඩුවා.

අතිශය කටුක වූ තපස් චර්යාවේ යෙදුණා. අතිශය කටුක වූ රළු පැවැත්මේ වාසය කළා. අතිශය කටුක වූ පිළිකුල් සංඥවේ යෙදී වාසය කළා. අතිශය කටුක වූ හුදෙකලාවේ වාසය කළා.

එ් ඝෝර තපස මෙන්න මේ වගේ දෙයක්. ගිනි කූටක අව්වේ, මහ වැස්සේ, හිම මිදෙන සීතලේ වස්ත්‍ර නැතිව වාසය කළා. පාත්‍රා කිසිවක් නැතිව දෑතින් පමණක් ආහාර පිළිගත්තා. දන් පිණිස වූ ඇරයුම් පිළිගැනීමෙන් වැළකුණා. ආහාර ගැනීම දිනකට වරක් වන ලෙස සීමා කළා. ඉන් පසු දින දෙකකට වරක්… සත් දිනකට වරක්…. ආහාර වැළඳුවා. ටිකෙන් ටික ගන්නා ආහාර ප්‍රමාණය අඩු කළා. කැඩුණු හාල් ඇටයක ප්‍රමාණයේ ආහාරයෙන් යැපුණා. අමු කොළ, පලා, මැලියම්, කහට, තණකොළ, වනමුල්, ගෙඩි ආදියෙන් පමණක් යැපුණා. කටු අතුරා එ් මත සැතපුණා. කටු මත සක්මන් කළා. සීතල හිම මිදෙන දියේ කිමිදී සිටියා. මේ සියල්ල කුමක් වෙනුවෙන් ද? ලෝ සතගේ දුක් නිමා කරලන විමුක්ති මාර්ගය සොයා ගැනීම වෙනුවෙන්….

උන් වහන්සේගේ අතිශය රළු පැවැත්ම මෙන්න මෙහෙම දෙයක්. කයේ තැවරුණු දූවිලි තට්ටු සැදී තිබුණත්, පතුරු පතුරු වශයෙන් තිබුණත්, දැළි කුණු පිරී ගොස් තිබුණත් සෝදා හැරියේ නම් නැහැ. සිරුර පිස දැමුවේවත් නැහැ. මේ තරම් දුෂ්කර දිවි පෙවතක් උන් වහන්සේ තෝරා ගත්තේ කුමක් වෙනුවෙන් ද? ලෝ සතගේ දුක් නිමා කරලන විමුක්ති මාර්ගය සොයා ගැනීම වෙනුවෙන්….

ක්ෂුද්‍ර වූ ප්රාණියෙකුට වුවත් හිංසාවක්, පීඩාවක් වීම පිළිකුල් කළ උන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව ම දයා සිත පෙරටු කොටගෙන වාසය කළා. සියලූ සත්වයන්ගේ විමුක්තිය සොයා යන ගමනක් වෙනුවෙනුයි එ් කැප කිරීම.

ගැඹුරු වනයට ඇතුළු වන උන් වහන්සේ මිනිස් ඇසුරෙන් ඉවත් වුණා. මිනිස් රුවක් ඇස නො ගැටී මහා හුදෙකලාවක බොහෝ කල් වාසය කළා. බිය උපදවන, ගුප්ත, අඳුරු වන පෙත්වල හුදෙකලාවේ, සීතලේ තනිව ම වාසය කළා. අමු සොහොනේ මිනී ඇට මත හිස තබාගෙන සැතපුණා. සාමාන්‍ය මිනිසුන් සිහිපත් කිරීමටත් බිය දක්වන අන්ධකාර ස්ථානවල වාසය කරමින් ලෝකයේ දුක නිමා කරන මාර්ගයක් සෙව්වා…

රාජ සැපයෙනුත්, පුණ්‍ය මහිමයෙනුත් අතිශය සුකුමාල වුණ, අතිශය රූපවත් වුණ එ් කය මුළුමනින් ම වැහැරී ගියා. රන්පැහැ සිරුර කළු දුඹුරු පැහැයට හැරුණා. උන් වහන්සේගේ සිරුර කළු වැල් පුරුක් වගේ සිහින් වුණා. හම ඇටකටුවලට ඇලී ගියා. කොඳු ඇට පෙළ ඉල්පී මතු වුණා. ඇට පෑදී ගිය සිරුරේ නෙත් යුග ගැඹුරු ළිඳක පතුලේ දිය බිඳක් වගේ දිස් වුණා. හිස වියළුණු ලබු ගෙඩියක් වගේ ඇකිලී ගියා. කුස අත ගාන විට අසු වුණේ කොඳු ඇට පෙළ. කොඳු ඇට පෙළ අතගාන විට අසු වුණේ උදරය. මලමුත්‍ර පහ කරන තැන උන් වහන්සේ අප්‍රාණිකව ඇද වැටුණා. සිහිපත් කර ගන්න දුෂ්කර ක්‍රියා කරන බෝසතාණන් වහන්සේගේ මූර්තියක්. එය ප්‍රබන්ධයක් නො වෙයි. මේ සා විශාල වීර්යයක්, මේ සා දැඩි දුෂ්කර ක්‍රියාවක් උන් වහන්සේ අනුගමනය කළේ කුමක් වෙනුවෙන් ද? ලෝ සතගේ දුක් නිමා කරලන විමුක්ති මාර්ගය සොයා ගැනීම වෙනුවෙන්….

උන් වහන්සේගේ වීර්යය අප්‍රමාණයි. සත්‍යවාදී වූ සම්බුදුරජාණන් වහන්සේ එ් බෝසත් අවධියේ තමන් වහන්සේ විසින් විඳින ලද පමණ කළ නො හැකි දුක් ගැන මෙසේ හෙළිදරව් කොට වදාළා.

‘‘රාජ කුමාරය, මම මෙන්න මෙහෙම කල්පනා කළා. අතීතයේ යම්කිසි ශ්‍රමණ බ්රාහ්මණවරු යම් වීර්යයකින් මේ කයට යම් දුකක් දුන්නා ද මීටත් වඩා දුකක් දෙන්න නම් නෑ. අනාගතයේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ ශරීරයට යම් දුකක් දෙන්න තියෙනවා නම් මීටත් වඩා දුකක් දෙන්න නෑ. එ් නිසා වර්තමානයේ මේ ශරීරයට උපක්‍රමයක් තුළින් යම් දුකක් දිය යුතු නම්, යම් පීඩාවක් දිය යුතු නම්, යම් වෙහෙසක් කරනවා නම් එ් සියල්ල මා විසින් කළා.”

(බෝධිරාජකුමාර සූත්‍රය – ම. නි.)

එ් සා දුක් අනුභව කරමින් වීර්යය කිරීමෙනුත් විමුක්තිය නො ලද පසුයි උන් වහන්සේ ඇසතු බෝ මුල වජ්ර වූ අදිටනින් යුතුව අසුන් ගත්තේ.

‘‘ශරීරයේ සමත්, නහරත්, ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා! ලේ මස් වියළී යතොත් වියළී යේවා! පුරුෂ බලයෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතු ද එයට නො පැමිණ වීර්යයේ නැවතීම නො වන්නේ ය.”

අප විඳින දුක් නිමා කරන්නට ඉන්ද්‍රඛීලයක් සේ නො සැලෙමින් මේ ආකාරයට වෙර වඩන්නට සමත් වන්නේ බුද්ධාංකුරයන් වහන්සේනමක් ම පමණයි. එසේ වීර්යය කිරීමෙන් පසක් කර ගන්නට යෙදුණු ලෝ තතු ලෝකානුකම්පාවෙන් ම දේශනා කොට වදාරමින් ගල් බොරළු මාවත්වල සිරිපතුල් තබ තබා එ් සම්බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාළා. අව්වේ දැවෙමින්, වැස්සේ තෙමෙමින්, සා පිපාසා දරා ගනිමින් ලෝකානුකම්පාවෙන් යුතුව ධර්ම චාරිකාවේ යෙදුණා. තුන්කාලයට ම ලෝ සතගේ දුක් දුරැුරන්නට හැකියාව ඇත්තේ එ් සම්බුදු නුවණින් පිරිසිඳ දුටු අවබෝධයෙන් ම පමණයි. දුගී දුප්පත්කම්, සමාජ විෂමතාවයන්, දුරාචාරයන් පිටු දකින එවන් උත්තරීතර දර්ශනයක් ලොවට පෙන්වා වදාළ එ් අනුත්තරීය මනුෂ්‍ය රත්නය හැරුණු කොට අන් කවුරු නම් අපි දිවි හිමියෙන් සරණ යන්න ද? අන් කවුරු නම් අප දිවි හිමියෙන් අනුගමනය කරන්න ද?

ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ එ් භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

සම්පූර්ණ ලිපියට>>>http://mahamegha.lk/mahamegha-today/obe-manapaya-katada

[QUOTE="jkus, post: 17424052, member: 66565"] [b]මැතිවරණයක් අත ළඟ... ඔබේ මනාපය කා හට ද?[/b] [SIZE="5"][COLOR="Sienna"]අපි හැම කෙනෙක් ම එකිනෙකාගෙන් වෙනස්. රූපයෙන්, හැසිරීමෙන්, කථා බස් කරන ආකාරයෙන්, රුචි – අරුචිකම්වලින් අප අතරේ බොහෝ වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් අතරේ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම ‘විවිධත්වය තුළ එක්සත් බව’ කියා හඳුන්වන්නට පුළුවනි. මෑත කාලයේ බොහෝ කොට අසන්නට ලැබෙන ‘පොදු අපේක්ෂක’ සංකල්පය නිසා, විවිධත්වය තුළ පවා පොදු අරමුණු මිනිසුන් තුළ හිඟ නොවන බව අපට සිහිපත් වුණා. ඇත්තටම පොදු නියෝජනයක්, පොදු අපේක්ෂකයෙක් තුළින් සමාජය බලාපොරොත්තු වෙන්නේ එකිනෙකාට වෙනස් වූ ප්‍රජාවේ, බහුතර කැමැත්ත හැකි උපරිමයෙන් ඉටු කරමින් ඔවුන් සංතෘප්තියට පත් කරවන පාලන තන්ත්රයක්. සමානව සම්පත් බෙදී යන, දිළිඳුකම දුරු වෙන, සුව පහසුවෙන් ජීවිත පවත්වා ගන්නට ඉඩ ලැබෙන, මානව හිතවාදය සුරක්ෂිත වෙන…. ආදි වශයෙන් සමාජය පොදුවේ අපේක්ෂා කරන ඉලක්කයන් වෙත පාලනය යොමු කරවීම පොදු අපේක්ෂකයාට පැවරෙන වගකීමක්. ඉදිරි වසර කිහිපයට රට කරවන්න සුදුසු නායකයෙකු තෝරා පත් කර ගන්න සූදානමක් රටේ තිබෙනවා. රට භාර ගන්නට තම තමන් සතු සුදුසුකම් කියා පාමින් බොහෝ දෙනෙක් ඉදිරියේ දී එ් වෙනුවෙන් තරග වදීවි. පොදුවේ එ් සියලූ අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසු යැයි පෙනී යන පුද්ගලයා බහුතර ජනතා කැමැත්තෙන් රටේ ජනාධිපතිවරයා බවට පත් වේවි. අපේක්ෂකයෙකුට මනාපය පළ කරන කවුරු වුණත් අතීත, වර්තමාන වශයෙන් පමණක් නෙවෙයි අනාගත වශයෙනුත් සලකා බලමින් තමන්ගේ තෝරා ගැනීම රටට මොන විදිහේ බලපෑමක් ඇති කරනවා ද කියන කාරණය ගැන බොහෝ දුරදිග සිතා බැලිය යුතුයි. මනාපය පෞද්ගලික වූවාට රටේ අනාගතය කියන්නේ පොදු කාරණයක්. තමන් හෙට දවසේ දකින්නට බලාපොරොත්තු වන රට ගොඩනැගිය හැකි පාලකයා කවුරුන් ද කියන කාරණය බැ?රුම් ලෙස සිතා තීරණය කළ යුත්තක් නේ ද? අපි හැමෝටම වුවමනා බඩගින්න නැති රටක්… හැම කෙනාට ම රැකියාවක් තියෙන රටක්. හොඳ වැටුප් සහිත රැකියා තියෙන රටක්. වංචා, අපරාධ, කෝලාහල නැති රටක්. නිදහස, සාමය තියෙන රටක්. ලෙඩ රෝග අඩු, නිසි කලට වැසි ලැබෙන, කෙත්වතු සරුසාර රටක්…. එහෙම රටක් නිර්මාණය කරන එක මොන තරම් දුෂ්කරයි ද? එ් වගේ දෙයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙන්නෙ කවුද? අනෙකාගේ කුසගින්න නිවෙන තුරු තමන් කුසගින්නේ ඉන්නට ඉදිරිපත් වෙන්නේ කවුද? අනෙකාට සැනසීම ලැබෙන තුරු තමන් දුක් විඳින්නට සූදානම් කවුද? මේ ප්‍රශ්න පොදුවේ හැමෝටම දැනුණත්, දැනෙන ආකාරය හා ප්‍රමාණය එකිනෙකාට වෙනස්. හැබැයි හැම කෙනාට ම එක ම ආකාරයෙන් මුහුණ දෙන්න වෙන, එක ම ආකාරයෙන් දැනෙන පොදු ප්‍රශ්න ලෝකයේ තිබෙනවා. බලය, ධනය, නිලය, දැන උගත්කම තිබුණත් – නැතත් එ් ප්‍රශ්නවලින් ගැලවෙන්න කාටවත් බෑ. ඉපදුණු හැම සත්වයාට ම අනිවාර්යයෙන් ම උරුම වන ජරා, ව්‍යාධි, මරණ කියන මේ සදාකාලික ප්‍රශ්නවලට උත්තර හොයන්න කැප වෙන්න කැමති කෙනෙක් මේ ලෝකයේ කොහේ හෝ ඉන්නවා නම් අන්න එ් උත්තමයා සමස්ත මානව වර්ගයාගේ ම පොදු අපේක්ෂකයා බවට පත් කරන්නට සුදුසුයි. කුමක් වෙනුවෙන් ද එ් පොදු අපේක්ෂකයා? වෙන දෙයක් වෙනුවෙන් නෙවෙයි, සියලූ දුක් නිමා කරලීම උදෙසා ම යි…. ලෝක ඉතිහාසයේ අපට මුණ ගැසුණු එ් පරම උත්තම පොදු නියෝජනය සත්වගගේ සැනසීම වෙනුවෙන් කැප වුණේ ජීවිත පරිත්‍යාගයෙන් ම යි. බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තිණ්ණෝහං තාරයිස්සාමි සංසාරෝඝා මහබ්භයා ‘‘මම බුද්ධත්වයට පත් වී අන් අයට ද ධර්මය අවබෝධ කරවන්නෙමි. මම සසර දුකින් නිදහස් වී අන් අයව ද නිදහස් කරවන්නෙමි. මම මහා බියකරු සසර සැඩ පහරින් එතෙර වී අන් අයව ද එතෙර කරවන්නෙමි.” බලන්න, එ් අධිෂ්ඨානය මොන තරම් නම් ශ්‍රේෂ්ඨයි ද? අපට අද ‘දුක’ කියා සිතෙන්නේ හරිහමන් කෑමක් බීමක් නැති එක, අඳින්න පලඳින්න නැති එක, ඉන්න හිටින්න තැනක් නැති එක, ලෙඩ වෙන එක, වස්තුව නැති එක…. එ් හැම දෙයක් ම තිබුණොත් දුක ඉවරයි කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ. එ්ත් එ් විදිහට අපට මුණ ගැහෙන්නේ අප්‍රිය, අමනාප ආකාරයෙන් පැමිණෙන දුක් විතරයි. ප්‍රිය මනාප ආකාරයෙන් අප වෙත පැමිණෙන දුක අප හඳුනාගන්නේ සැපයක් ලෙසිනුයි. එහෙත් බෝසතාණන් වහන්සේලා එ් සැපය තුළ තිබෙන දුකත් දකිනවා. මතුපිටට දුකක් ලෙසින් ම පෙනෙන ලෝකයේ තිබෙන දුක් දැකලා අප කම්පා වෙන, හඬා වැටෙන අවස්ථා තිබෙනවා නේ ද? එහෙම වෙන්නේ අපේ සිත් තුළ ඇති වන අනුකම්පාව නිසා. ඇත්තටම අප එලෙසින් දුක් කියා හඳුනාගන්නේ ලොව පවතින දුකෙන් ඉතා ස්වල්පයක් පමණයි. එතකොට අප සැප යැයි සිතන දේ තුළත් සැබෑවට ම ගැබ් වී තිබෙන දුක් හඳුනාගන්නා උත්තම සිතක් මේ ලෝක සත්වයා වෙලා බැඳ දමා ගත්ත දුක් කන්දරාව දැකලා කොහොම අනුකම්පාවක් උපදවා ගන්නවා ඇති ද? එ් මහා අනුකම්පාව ම තමයි ‘මම සම්මා සම්බුද්ධත්වයට පැමිණ ලෝ සත දුකින් මුදවන්නෙමි’ කියා මහා අධිෂ්ඨානයක් බවට පත් වන්නේ…. සසරේ බොහෝ කාලයක් පිරූ පින් මහිමයෙන් ශෝභා සම්පන්න පුණ්‍ය මූර්තියක් වැනි වූ බෝසත් කුමරුන් මනුලොව වැඩම කළේ ගිහි ගෙයි වසන්නේ නම් ධර්මයේ අනුහසින් සිව්දිග ම පාලනය කරන සක්විති රජ කෙනෙකු වීමේ භාග්‍යය ඇතිවයි. රාජකීය පවුලක කිරුළ හිමි කුමාරයාව උපන් ඔහු තරම් සැප සම්පත්, සුඛ විහරණ ලද අයෙක් දඹදිව සිටියේ නැහැ. එයට හේතු වුණෙත් මේ කුමරුන් ජීවිත අවබෝධය සොයාගෙන ගිහි ගෙයින් නික්ම ශ්‍රමණ වෙස් ගන්නට ඉඩ ඇති බවට අනාවැකි පළ වී තිබීම නිසා ගිහි සැපයෙන් කුමරු ඇද බැඳ දමන්නට සුද්ධෝදන පිය රජු කටයුතු කර තිබීම. ලොව ඉපදී සිටි ශෝභා සම්පන්න ම, ගුණවත් ම කාන්තා රත්නය යොවුන් සිද්ධාර්ථයන්ගේ පාදපරිචාරිකාව වූවා. ගුණයෙන් අනූන ඇය අල්පමාත්‍ර හෝ අඩුවක් නො වන්නට සිය ස්වාමියාට සත්කාර සම්මාන දැක්වූවා. රන් රුවක් බඳු පුතෙක් උපන්නා. ඔහු රාහුල… රාජ්‍යය, කිරුළ විතරක් නෙමෙයි දැන් සිද්ධාර්ථයන්ට කිරුළට හිමිකාරයෙකුත් සිටිනවා. පෙළපතේ පැවැත්ම ගැන හැම අතින් ම සතුටු වන්නටත් පුළුවනි. ඔහුට අඩු මොනව ද? එහෙත් සසරේ ඔහු සොයා ආ ඉලක්කය මේ කාම සම්පත්තීන් නොවෙයි. පොදු දුක, පොදු වේදනාව, පොදු ගැටලූවලට ගැළපෙන සදාතනික විසඳුම ඔහු විසින් සොයා ගත යුතුව තිබුණා. එ් නිසා ඔහු කම්සැප පිරුණු රජ සැපයෙන් බැහැර වුණා. පුතු උපන් දවසෙ ම සියලූ බන්ධනයන් බිඳ හෙළන අදහසින් ඔහු අබිනික්මන් කළා. මාලිගා ද්වාරයේ එළියට පැමිණෙන සිද්ධාර්ථයන් හමුවේ පෙනී සිටි අතිශය ශෝභමාන වූ දෙවියෙකු බඳු අයෙක් ඔහුට වන්දනා කරමින් මෙහෙම පැවසුවා. ‘‘කුමරාණෙනි, අබිනික්මන් නො කරන සේක්වා! සත් දිනක් මාලිගයේ රැඳී සිටින සේක්වා! එ් සත් දින ගෙවී යන විට ඔබට චක්‍රවර්තී මාණික්‍යය පහළ වන්නේ ය. එවිට අවි ආයුධයෙන් තොරව ඔබට ලොව පාලනය කර සැප සලසන්නට පුළුවන…” වෙන අයෙක් නම් මෙවැන්නක් ඇසූ විට ‘‘මැනවි” කියා නවතින බව නිසැකයි. යන අතක් නො දැන, කළ යුත්තක් නො දැන, සිදු වන්නේ කුමක්දැයිවත් නො දැන සත්‍යය කියා යමක් සොයා යනවාට වඩා මෙතරම් නිසැකව කියා පාන සක්විති රාජ සුවය ලබන්නට කවුරු නම් මැලි වෙයි ද? එහෙත් සිද්ධාර්ථ බෝසතාණන් විසින් අත්හරිනා ලද්දේ ලොව ම ඒකඡුත්ර කරවන්නා වූ එ් මහානීය සක්විති රජ පදවිය යි. ඔහු සොයා ගියේ තවත් රජ සැපයක් නෙවෙයි. රජෙකු වුණත් මුහුණ දෙන ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් නිදහස් වන මාර්ගයකුයි ඔහුගේ ගවේෂණයේ ඉලක්කය වූයේ. එනිසා පවිටු මරු දිව්‍ය ස්වරූයෙන් පැමිණ කළ ඇප වීම නො තකා ඔහු කහවත් දරාගෙන ශ්‍රමණ භූමියට පිවිසුණා. අභිරූපී මේ යොවුන් ශ්රමණයාගේ රුව දුටුවන් වශී වී ගියා. රජගහනුවරට පිවිසි මේ සුන්දර ශ්‍රමණයා හමුවට ආ මගධේශ්වර බිම්බිසාර මහ රජු රාජ්‍යයෙන් භාගයක් ඔහුට පවරා දෙන්නට කැමැත්ත පළ කළා. එහෙත් සිද්ධාර්ථයන් සොයන්නේ රජ සැපය නෙවෙයි. ආලාර කාලාම, උද්දක රාමපුත්ත ගුරුවරුන් දෙදෙනාගේ ඇසුරේ ගත කළ සුළු කාලය තුළ ඔවුන් දෙදෙනාගේ දැනුමේ පරතෙරට ම පිවිසෙන්නට සමත් වුණ ශ්‍රමණ සිද්ධාර්ථයන් අරූප ධ්‍යානයන් ද දියුණු කළා. එහෙත් එ් කිසිවක් සත්‍යාවබෝධය උපදවා දුන්නේ නැහැ. ‘සැප සේ වාසයෙන් නො ලද දෙය දුක සේ වාසයෙන් ලද හැකි ය’ යන ශ්‍රමණ සම්ප්රදායයේ පිහිටමින් උන් වහන්සේ උග්‍ර තපස් දම් රැුකීම ඇරඹුවා. සතර ආකාරයකින් පධන් වෙර වැඩුවා. අතිශය කටුක වූ තපස් චර්යාවේ යෙදුණා. අතිශය කටුක වූ රළු පැවැත්මේ වාසය කළා. අතිශය කටුක වූ පිළිකුල් සංඥවේ යෙදී වාසය කළා. අතිශය කටුක වූ හුදෙකලාවේ වාසය කළා. එ් ඝෝර තපස මෙන්න මේ වගේ දෙයක්. ගිනි කූටක අව්වේ, මහ වැස්සේ, හිම මිදෙන සීතලේ වස්ත්‍ර නැතිව වාසය කළා. පාත්‍රා කිසිවක් නැතිව දෑතින් පමණක් ආහාර පිළිගත්තා. දන් පිණිස වූ ඇරයුම් පිළිගැනීමෙන් වැළකුණා. ආහාර ගැනීම දිනකට වරක් වන ලෙස සීමා කළා. ඉන් පසු දින දෙකකට වරක්… සත් දිනකට වරක්…. ආහාර වැළඳුවා. ටිකෙන් ටික ගන්නා ආහාර ප්‍රමාණය අඩු කළා. කැඩුණු හාල් ඇටයක ප්‍රමාණයේ ආහාරයෙන් යැපුණා. අමු කොළ, පලා, මැලියම්, කහට, තණකොළ, වනමුල්, ගෙඩි ආදියෙන් පමණක් යැපුණා. කටු අතුරා එ් මත සැතපුණා. කටු මත සක්මන් කළා. සීතල හිම මිදෙන දියේ කිමිදී සිටියා. මේ සියල්ල කුමක් වෙනුවෙන් ද? ලෝ සතගේ දුක් නිමා කරලන විමුක්ති මාර්ගය සොයා ගැනීම වෙනුවෙන්…. උන් වහන්සේගේ අතිශය රළු පැවැත්ම මෙන්න මෙහෙම දෙයක්. කයේ තැවරුණු දූවිලි තට්ටු සැදී තිබුණත්, පතුරු පතුරු වශයෙන් තිබුණත්, දැළි කුණු පිරී ගොස් තිබුණත් සෝදා හැරියේ නම් නැහැ. සිරුර පිස දැමුවේවත් නැහැ. මේ තරම් දුෂ්කර දිවි පෙවතක් උන් වහන්සේ තෝරා ගත්තේ කුමක් වෙනුවෙන් ද? ලෝ සතගේ දුක් නිමා කරලන විමුක්ති මාර්ගය සොයා ගැනීම වෙනුවෙන්…. ක්ෂුද්‍ර වූ ප්රාණියෙකුට වුවත් හිංසාවක්, පීඩාවක් වීම පිළිකුල් කළ උන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව ම දයා සිත පෙරටු කොටගෙන වාසය කළා. සියලූ සත්වයන්ගේ විමුක්තිය සොයා යන ගමනක් වෙනුවෙනුයි එ් කැප කිරීම. ගැඹුරු වනයට ඇතුළු වන උන් වහන්සේ මිනිස් ඇසුරෙන් ඉවත් වුණා. මිනිස් රුවක් ඇස නො ගැටී මහා හුදෙකලාවක බොහෝ කල් වාසය කළා. බිය උපදවන, ගුප්ත, අඳුරු වන පෙත්වල හුදෙකලාවේ, සීතලේ තනිව ම වාසය කළා. අමු සොහොනේ මිනී ඇට මත හිස තබාගෙන සැතපුණා. සාමාන්‍ය මිනිසුන් සිහිපත් කිරීමටත් බිය දක්වන අන්ධකාර ස්ථානවල වාසය කරමින් ලෝකයේ දුක නිමා කරන මාර්ගයක් සෙව්වා… රාජ සැපයෙනුත්, පුණ්‍ය මහිමයෙනුත් අතිශය සුකුමාල වුණ, අතිශය රූපවත් වුණ එ් කය මුළුමනින් ම වැහැරී ගියා. රන්පැහැ සිරුර කළු දුඹුරු පැහැයට හැරුණා. උන් වහන්සේගේ සිරුර කළු වැල් පුරුක් වගේ සිහින් වුණා. හම ඇටකටුවලට ඇලී ගියා. කොඳු ඇට පෙළ ඉල්පී මතු වුණා. ඇට පෑදී ගිය සිරුරේ නෙත් යුග ගැඹුරු ළිඳක පතුලේ දිය බිඳක් වගේ දිස් වුණා. හිස වියළුණු ලබු ගෙඩියක් වගේ ඇකිලී ගියා. කුස අත ගාන විට අසු වුණේ කොඳු ඇට පෙළ. කොඳු ඇට පෙළ අතගාන විට අසු වුණේ උදරය. මලමුත්‍ර පහ කරන තැන උන් වහන්සේ අප්‍රාණිකව ඇද වැටුණා. සිහිපත් කර ගන්න දුෂ්කර ක්‍රියා කරන බෝසතාණන් වහන්සේගේ මූර්තියක්. එය ප්‍රබන්ධයක් නො වෙයි. මේ සා විශාල වීර්යයක්, මේ සා දැඩි දුෂ්කර ක්‍රියාවක් උන් වහන්සේ අනුගමනය කළේ කුමක් වෙනුවෙන් ද? ලෝ සතගේ දුක් නිමා කරලන විමුක්ති මාර්ගය සොයා ගැනීම වෙනුවෙන්…. උන් වහන්සේගේ වීර්යය අප්‍රමාණයි. සත්‍යවාදී වූ සම්බුදුරජාණන් වහන්සේ එ් බෝසත් අවධියේ තමන් වහන්සේ විසින් විඳින ලද පමණ කළ නො හැකි දුක් ගැන මෙසේ හෙළිදරව් කොට වදාළා. ‘‘රාජ කුමාරය, මම මෙන්න මෙහෙම කල්පනා කළා. අතීතයේ යම්කිසි ශ්‍රමණ බ්රාහ්මණවරු යම් වීර්යයකින් මේ කයට යම් දුකක් දුන්නා ද මීටත් වඩා දුකක් දෙන්න නම් නෑ. අනාගතයේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ ශරීරයට යම් දුකක් දෙන්න තියෙනවා නම් මීටත් වඩා දුකක් දෙන්න නෑ. එ් නිසා වර්තමානයේ මේ ශරීරයට උපක්‍රමයක් තුළින් යම් දුකක් දිය යුතු නම්, යම් පීඩාවක් දිය යුතු නම්, යම් වෙහෙසක් කරනවා නම් එ් සියල්ල මා විසින් කළා.” (බෝධිරාජකුමාර සූත්‍රය – ම. නි.) එ් සා දුක් අනුභව කරමින් වීර්යය කිරීමෙනුත් විමුක්තිය නො ලද පසුයි උන් වහන්සේ ඇසතු බෝ මුල වජ්ර වූ අදිටනින් යුතුව අසුන් ගත්තේ. ‘‘ශරීරයේ සමත්, නහරත්, ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා! ලේ මස් වියළී යතොත් වියළී යේවා! පුරුෂ බලයෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතු ද එයට නො පැමිණ වීර්යයේ නැවතීම නො වන්නේ ය.” අප විඳින දුක් නිමා කරන්නට ඉන්ද්‍රඛීලයක් සේ නො සැලෙමින් මේ ආකාරයට වෙර වඩන්නට සමත් වන්නේ බුද්ධාංකුරයන් වහන්සේනමක් ම පමණයි. එසේ වීර්යය කිරීමෙන් පසක් කර ගන්නට යෙදුණු ලෝ තතු ලෝකානුකම්පාවෙන් ම දේශනා කොට වදාරමින් ගල් බොරළු මාවත්වල සිරිපතුල් තබ තබා එ් සම්බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාළා. අව්වේ දැවෙමින්, වැස්සේ තෙමෙමින්, සා පිපාසා දරා ගනිමින් ලෝකානුකම්පාවෙන් යුතුව ධර්ම චාරිකාවේ යෙදුණා. තුන්කාලයට ම ලෝ සතගේ දුක් දුරැුරන්නට හැකියාව ඇත්තේ එ් සම්බුදු නුවණින් පිරිසිඳ දුටු අවබෝධයෙන් ම පමණයි. දුගී දුප්පත්කම්, සමාජ විෂමතාවයන්, දුරාචාරයන් පිටු දකින එවන් උත්තරීතර දර්ශනයක් ලොවට පෙන්වා වදාළ එ් අනුත්තරීය මනුෂ්‍ය රත්නය හැරුණු කොට අන් කවුරු නම් අපි දිවි හිමියෙන් සරණ යන්න ද? අන් කවුරු නම් අප දිවි හිමියෙන් අනුගමනය කරන්න ද? ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ එ් භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!! සම්පූර්ණ ලිපියට>>>[url]http://mahamegha.lk/mahamegha-today/obe-manapaya-katada[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom