Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැතිවරණ_කොමසාරිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන

ජයම්පති වික්‍රමරත්න –

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

(මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි)

පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ.

ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප්‍රශ්නයක් පැනනැගී ඇත්තේ ව්‍යවස්ථාවට කරන ලද යම් සංශෝධනයක් ආශ්රයෙන් නම්, එම සංශෝධනය කිරීමට මත්තෙන් ඊට අදාලව ව්‍යවස්ථාවේ පැවති විධිවිධාන සලකා බැලිය යුතුය. සංශෝධනය ගෙන ඒමට බලපෑ අභිලාෂය සැලකිල්ලට ගත යුතුය. සංශෝධනය ගෙන එන ලද්දේ, මැතිවරණයකදී දෙන ලද පොරොන්දුවක් ප්‍රකාරව නම්, එම මැතිවරණයේ පසුබිම සැලකිල්ලට ගත යුතුය. ව්‍යවස්ථාමය විධිවිධාන, හුදෙකලාව ගෙන, රික්තයක බහා කියැවිය නොහැකිය.

2015 මැයි 15 වැනි දා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙරාතුව, තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරම බලයකට ආසන්න බලයක් ජනාධිපතිවරයාට තිබුණි. මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය තුළ මේ බලය සීමා වී තිබුණේ එක කොන්දේසියකින් පමණි. එනම්, කලින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ වසර හයක් වන එහි පූර්ණ කාලය අවසන් වීමට පෙර නම්, අලූත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරවිය හැක්කේ අවුරුද්දකින් පසුව පමණක් බව ය.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දී මතු කෙරුණු එක් ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ විධායක ජනාධිපති ක්‍රමයයි. පොදු අපේක්ෂකයාට ආධාර කළ බලවේග පැහැදිළිවම පෙනී සිටියේ ජනාධිපති බලතල සීමා කරමින්, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට ය. ඒ ගැන අමුතු විස්තරයක් කිරීම මෙහිදී අවශ්‍ය නොකෙරේ.

පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයෙකු හැරුණු කොට සියල්ලන්ගේ එකඟත්වයෙන් සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු වාර කාලය අවුරුදු පහකට අඩු කරන ලදි. ජනමත විචාරණයක් අවශ්‍ය කරති යි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටි ඇතැම් විධිවිධාන, එක්කෝ නැවතත් සංශෝධනය කරන ලදි. නැත්නම් අතහැර දමන ලදි. මෙහිදී, ඉහත කී 70 වැනි වගන්තිය සංශෝධනය කොට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කරන ලදි. දැන් ඒ 70 වැනි වගන්තියේ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘ජනාධිපතිවරයා විසින් ප්රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්රීවරන් ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැුස්වීම සඳහා නියම කර ගැනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’

ඒ අනුව, පළමු අවුරුදු හතර හමාරක කාලය ඇතුළත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150 කට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කරගන්නා යෝජනාවක් ඇතොත් පමණි. මේ බව සඳහන් කොට ඇති ඉහත වචන ඉතා පැහැදිළි ය. නිශ්චිත ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ඇතැයි පවසන පුද්ගලයන් ඒ සඳහා තර්කයක් වශයෙන් පාවිච්චි කරන්නේ ව්‍යවස්ථාවේ 33 (2) (අ) වගන්තියයි. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට- (ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය

මේ වගන්තිය ඉහතින් කී 70 වැනි වගන්තිය අභිබවා යන්නේ යැයි ඔවුහු තර්ක කරති. මේ (33) වගන්තියෙන් කෙරෙන්නේ ජනාධිපතිවරයා සතු පොදු බලතලවලින් සමහරක් දක්වා සිටීම පමණි. එම බලය (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය) පාවිච්චි කළ හැක්කේ කෙසේ ද සහ කුමන තත්වයන් යටතේ ද යන්න 70 වැනි වගන්තියෙන් පෙන්වා දෙයි. ඊට අනුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ ප්රකාශනයක් මගිනි. ඊළඟට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක යෝජනා සම්මතයකින් ඉල්ලා සිටියොත් මිස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට ඉතා පැහැදිළි සීමාවක් පනවා ඇත. 33 (2) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි කිසි බලයක්, ව්‍යවස්ථාවේ ප්රකාශිතවම සඳහන් විධිවිධානයන් උල්ලංඝණය කිරීමකට තුඩු නොදිය යුතුය. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව..’’ යන්න, ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ප්රකාශිතවම සඳහන් කොට ඇති ව්‍යවස්ථාමය සීමාවන් අභිබවා යාමට පාවිච්චි කළ නොහැක.

උදාහරණයක් වශයෙන්, 33 (2) වගන්තියේ (ඊ) අනුෙඡ්දනය සලකා බලන්න: ‘‘ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද, අග්‍රාමාත්‍යවරයා ද, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත්‍රවල සහ ජනරජයට අයත් වූ ද, ප්රදානය කිරීමට සහ පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වු ද ඉඩකඩම් සහ අනෙකුත් නිශ්චල දේපළ ප්රදානය කිරීමේදී හෝ පවරා දීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රදාන පත්‍රවල සහ පැවරුම් පත්‍රවල රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’

මේ විධිවිධානය පාවිච්චියට ගනිමින් ජනාධිපතිවරයාට තමන් කැමති පරිද්දෙන් අග්රවිනිශ්චයකාරවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් විනිශ්චයකාරවරුන් පත් කළ හැකි ද? කොහෙත්ම නොහැක. මන්ද යත්, 41 (ඇ* වගන්තියට අනුව, එම පත්වීම් කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඔහුට අවශ්‍ය කරන බැවිනි.

තව ද, ජනාධිපතිවරයාට විධායක බලය ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් කියැවේ. එසේ වූ පමණින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ ප්‍රකාශිත ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොතකා හරිමින් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා ඔහුට පත්වීම් කළ හැකි ද?

තමාගේ අභිමතය පරිදි ජනාධිපතිවරයාට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ඇතැයි යන තර්කය නිවැරදි නම්, අලූත් පාර්ලිමේන්තුවක් පත්වී එක දවසකින් පසුව වුවත් ඔහුට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය හැකිය. ඊට කලින් පැවති පාර්ලිමේන්තුවේ වාර කාලය අවසන් වීමට කලින් ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔහුට එසේ කළ හැකි විය යුතුය. මෙය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ව්‍යවස්ථාව යටතේ පවා ජනාධිපතිවරයාට කළ නොහැකි දෙයකි. එබැවින් ඉහත කී අයවළුන්ගේ තර්කයේ ඇති මුග්ධ භාවය එයින්ම පෙනේ.

2018 නොවැම්බර් 09 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ On Dissolution Of Parliament නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

[QUOTE="Zahina Rishad, post: 23868556, member: 232243"] [b]පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන[/b] [B][SIZE="5"][COLOR="DarkRed"]පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන[/COLOR][/SIZE][/B] [IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2012/11/Jayampathy-Wickramaratne.jpg[/IMG] [COLOR="Navy"][SIZE="4"]ජයම්පති වික්‍රමරත්න – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි) පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ. ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප්‍රශ්නයක් පැනනැගී ඇත්තේ ව්‍යවස්ථාවට කරන ලද යම් සංශෝධනයක් ආශ්රයෙන් නම්, එම සංශෝධනය කිරීමට මත්තෙන් ඊට අදාලව ව්‍යවස්ථාවේ පැවති විධිවිධාන සලකා බැලිය යුතුය. සංශෝධනය ගෙන ඒමට බලපෑ අභිලාෂය සැලකිල්ලට ගත යුතුය. සංශෝධනය ගෙන එන ලද්දේ, මැතිවරණයකදී දෙන ලද පොරොන්දුවක් ප්‍රකාරව නම්, එම මැතිවරණයේ පසුබිම සැලකිල්ලට ගත යුතුය. ව්‍යවස්ථාමය විධිවිධාන, හුදෙකලාව ගෙන, රික්තයක බහා කියැවිය නොහැකිය. 2015 මැයි 15 වැනි දා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙරාතුව, තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරම බලයකට ආසන්න බලයක් ජනාධිපතිවරයාට තිබුණි. මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය තුළ මේ බලය සීමා වී තිබුණේ එක කොන්දේසියකින් පමණි. එනම්, කලින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ වසර හයක් වන එහි පූර්ණ කාලය අවසන් වීමට පෙර නම්, අලූත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරවිය හැක්කේ අවුරුද්දකින් පසුව පමණක් බව ය. 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දී මතු කෙරුණු එක් ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ විධායක ජනාධිපති ක්‍රමයයි. පොදු අපේක්ෂකයාට ආධාර කළ බලවේග පැහැදිළිවම පෙනී සිටියේ ජනාධිපති බලතල සීමා කරමින්, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට ය. ඒ ගැන අමුතු විස්තරයක් කිරීම මෙහිදී අවශ්‍ය නොකෙරේ. පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයෙකු හැරුණු කොට සියල්ලන්ගේ එකඟත්වයෙන් සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු වාර කාලය අවුරුදු පහකට අඩු කරන ලදි. ජනමත විචාරණයක් අවශ්‍ය කරති යි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටි ඇතැම් විධිවිධාන, එක්කෝ නැවතත් සංශෝධනය කරන ලදි. නැත්නම් අතහැර දමන ලදි. මෙහිදී, ඉහත කී 70 වැනි වගන්තිය සංශෝධනය කොට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කරන ලදි. දැන් ඒ 70 වැනි වගන්තියේ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘ජනාධිපතිවරයා විසින් ප්රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්රීවරන් ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැුස්වීම සඳහා නියම කර ගැනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’ ඒ අනුව, පළමු අවුරුදු හතර හමාරක කාලය ඇතුළත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150 කට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කරගන්නා යෝජනාවක් ඇතොත් පමණි. මේ බව සඳහන් කොට ඇති ඉහත වචන ඉතා පැහැදිළි ය. නිශ්චිත ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ඇතැයි පවසන පුද්ගලයන් ඒ සඳහා තර්කයක් වශයෙන් පාවිච්චි කරන්නේ ව්‍යවස්ථාවේ 33 (2) (අ) වගන්තියයි. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට- (ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය[/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]මේ වගන්තිය ඉහතින් කී 70 වැනි වගන්තිය අභිබවා යන්නේ යැයි ඔවුහු තර්ක කරති. මේ (33) වගන්තියෙන් කෙරෙන්නේ ජනාධිපතිවරයා සතු පොදු බලතලවලින් සමහරක් දක්වා සිටීම පමණි. එම බලය (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය) පාවිච්චි කළ හැක්කේ කෙසේ ද සහ කුමන තත්වයන් යටතේ ද යන්න 70 වැනි වගන්තියෙන් පෙන්වා දෙයි. ඊට අනුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ ප්රකාශනයක් මගිනි. ඊළඟට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක යෝජනා සම්මතයකින් ඉල්ලා සිටියොත් මිස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට ඉතා පැහැදිළි සීමාවක් පනවා ඇත. 33 (2) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි කිසි බලයක්, ව්‍යවස්ථාවේ ප්රකාශිතවම සඳහන් විධිවිධානයන් උල්ලංඝණය කිරීමකට තුඩු නොදිය යුතුය. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව..’’ යන්න, ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ප්රකාශිතවම සඳහන් කොට ඇති ව්‍යවස්ථාමය සීමාවන් අභිබවා යාමට පාවිච්චි කළ නොහැක. [/B]උදාහරණයක් වශයෙන්, 33 (2) වගන්තියේ (ඊ) අනුෙඡ්දනය සලකා බලන්න: ‘‘ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද, අග්‍රාමාත්‍යවරයා ද, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත්‍රවල සහ ජනරජයට අයත් වූ ද, ප්රදානය කිරීමට සහ පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වු ද ඉඩකඩම් සහ අනෙකුත් නිශ්චල දේපළ ප්රදානය කිරීමේදී හෝ පවරා දීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රදාන පත්‍රවල සහ පැවරුම් පත්‍රවල රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’ මේ විධිවිධානය පාවිච්චියට ගනිමින් ජනාධිපතිවරයාට තමන් කැමති පරිද්දෙන් අග්රවිනිශ්චයකාරවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් විනිශ්චයකාරවරුන් පත් කළ හැකි ද? කොහෙත්ම නොහැක. මන්ද යත්, 41 (ඇ* වගන්තියට අනුව, එම පත්වීම් කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඔහුට අවශ්‍ය කරන බැවිනි. තව ද, ජනාධිපතිවරයාට විධායක බලය ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් කියැවේ. එසේ වූ පමණින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ ප්‍රකාශිත ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොතකා හරිමින් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා ඔහුට පත්වීම් කළ හැකි ද? තමාගේ අභිමතය පරිදි ජනාධිපතිවරයාට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ඇතැයි යන තර්කය නිවැරදි නම්, අලූත් පාර්ලිමේන්තුවක් පත්වී එක දවසකින් පසුව වුවත් ඔහුට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය හැකිය. ඊට කලින් පැවති පාර්ලිමේන්තුවේ වාර කාලය අවසන් වීමට කලින් ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔහුට එසේ කළ හැකි විය යුතුය. මෙය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ව්‍යවස්ථාව යටතේ පවා ජනාධිපතිවරයාට කළ නොහැකි දෙයකි. එබැවින් ඉහත කී අයවළුන්ගේ තර්කයේ ඇති මුග්ධ භාවය එයින්ම පෙනේ.[/SIZE][/COLOR] 2018 නොවැම්බර් 09 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ On Dissolution Of Parliament නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom