Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මැරෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය මෙතරම් කෙටි ඇයි?

හැරියට් මිය යද්දී වයස අවුරුදු 175ක් විතර ඇති. එච්චර කාලයක්! ඇය මනුස්ස දුවක් නම් නෙමෙයි, යෝධ ගලපගෝස් ඉබ්බියක්. ඇය මිය ගියේ 2006දී. අපේ ආයු කාලය එක්ක බලද්දි නම් හැරියට් ගොඩක් කල් ජීවත් වෙලා තියෙනවා. හැබැයි ඉතිං වෙනත් සතුන් හා ශාක එක්ක බලද්දි නම් ඒක එච්චර කාලයක් නෙමෙයි. බලන්න මේ උදාහරණ දිහා.

• මිරිදියේ ඉන්න මුතු බෙල්ලා අවුරුදු 200ක් විතර ජීවත් වෙනවා කියලා ෆින්ලන්තයේ පර්යේෂකයන් පිරිසක් කියනවා.

• අවුරුදු 100කට වඩා ජීවත් වෙන මට්ටි විශේෂයක් (ocean quahog) ඉන්නවා. උන්ගෙන් සමහරෙක් අවුරුදු 400කටත් වඩා ජීවත් වෙනවා.

• බ්රිස්ල්කෝන් පයින්, යෝධ සෙකුවා, සයිප්‍රස් සහ ස්පෲස් වැනි ගස් අවුරුදු දහස් ගාණක් පවතිනවා.

ඒත් ලෝකයේ උසස්ම සත්වයා ලෙස සැලකෙන මිනිසාගේ ආයු කාලය හරිම කෙටියි. ආයුෂ දික් කරගන්න කොච්චර උත්සාහ කෙරුවත් එය අවුරුදු 80කට 90කට සීමා වෙලා.

ඊට වඩා ජීවත් වෙන්න අපිට බැරිද? සමහරු හිතන්නේ වෛද්‍ය විද්‍යාවට සහ නවීන තාක්ෂණයට ඒ සඳහා උපකාර කරන්න හැකියාවක් තියෙනවා කියලයි.

විද්‍යාවට පුළුවන්ද?

සෞඛ්‍ය ක්ෂේත්රයට විද්‍යාවෙන් සිදු වෙන මෙහෙය අනූපමේයයි. සඟරාවක මෙසේ සඳහන් වුණා. “බෝ වෙන රෝගවලින් හා දරු උපතේදී ඇති වෙන සංකූලතාවලින් [ඇමරිකාවේ] මිය යන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වෙලා. ළදරු මරණ අනුපාතය 1960 සිට සියයට 75කින් පහළ ගිහින්.” ඒත් ආයුෂ දික් කරන්න විද්‍යාව ගත් වෑයම එච්චරම සාර්ථක වෙලා නැහැ. ඒ සඟරාවේ තවත් කලාපයක මෙහෙම සඳහන් වුණා. “අවුරුදු ගණන් පර්යේෂණ කළත් මිනිසුන් ඇයි වයසට යන්නේ කියන එක තාම අභිරහසක්. ඒත් සොයාගත් සාක්ෂිවලින් පෙනී යන්නේ ජාන මගින් සෛල වර්ධනයට අවශ්‍ය තොරතුරු ලබා දීම හරි හැටි නොවන විට වයසට යන්න පටන්ගන්න බවයි. වයසට යෑම ජාන ක්‍රියාවලියට සම්බන්ධයි නම් ඒකට පිළියමක් සොයාගත්තොත් වයසට යෑම නවත්වන්න එදාට පුළුවන් වෙයි.”—Scientific American.

වයසට යෑමේදී ඇති වෙන රෝගවලට පිළියම් සහ වයසට යෑමට හේතුව සෙවීමේදී පර්යේෂකයන් ඇරඹූ විප්ලවයේ අලුත්ම පියවර වුණේ ප්රවේණි විද්‍යාවේ (genetics) අංගයක් වන අපිප්‍රවේණි නොහොත් අපිජාන (epigenetics) ව්‍යාපෘතියයි. මොනවද මේ අපිජාන කියන්නේ?

සෛලවල ප්‍රවේණික තොරතුරු ඇතුළත් වෙනවා. අලුත් සෛල නිපදවීමට ඒ තොරතුරු අවශ්‍යයි. මේ තොරතුරුවලින් බොහොමයක් තිබෙන්නේ ගෙනෝමවල. ගෙනෝම (genome) කියන්නෙ DNA අණුවක තියෙන සියලුම ජානවලට. මෑත කාලයේදී විද්‍යාඥයන් ජානයක මතුපිට ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ජානයක මතුපිටට කියන්නේ අපිජානය කියලයි. අපිජාන ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ ජානයේ මතුපිට ක්‍රියාකාරීත්වය සහ එහි රසායනික ප්‍රතික්‍රියා අධ්‍යයනය කිරීමයි.

අපිජානවල සහ DNA අණුවල පෙනුම එක සමාන නැහැ. DNA අණුවකට තියෙන්නෙ ඇඹරුණු ලණු ඉණිමඟක (ද්වීත්ව හේලික්සයක) පෙනුමක්. නමුත් අපිජානය, DNA අණුවට අමුණලා තියෙන ලේබලයක් (ටැග් එකක්) වගෙයි. දැන් අපි බලමු මේ අපිජානයේ කාර්යය. DNA එකක් හරියට තොරතුරු ඇති වීඩියෝ පටයක් වගේ. හැබැයි වීඩියෝ පටයෙන් වැඩක් තියෙයිද ප්ලේයරයක් නැතුව. අපිජානය කියන්නේ මේ වීඩියෝ පටය ධාවනය කරන ප්ලේයරයටයි. ඒ කියන්නෙ අපිජානය තමයි සෛලයක අවශ්‍යතාවට අනුව ජාන ක්‍රියාත්මක විය යුතුද නැද්ද කියලා දැනුම් දෙන්නේ. ඒ වගේම පාරිසරික සාධක එනම් ආහාර, මානසික පීඩනය සහ විෂකාරකයන් වැනි දේවලට අනුවත් එය ප්‍රතිචාරය දක්වනවා. මෑතකදී සොයාගත් ඒ තොරතුරු ජීව විද්‍යාවේ පෙරළියක් කිරීමට සමත් වෙයි කියා බොහෝදෙනා සිතනවා. මොකද මහලු වයසේ ඇති වෙන රෝගවලට පිළියම් සහ වයසට යන හේතුව එමගින් දැනගන්න පුළුවන් වෙයි කියා ඔවුන් සිතන නිසයි.

අපිජාන ගැන පර්යේෂණ කරන නේසා කෙරී මෙහෙම කියනවා. “භින්නෝන්මාදය, හන්දිපත් රුදාව, පිළිකා සහ කාලයක් පුරා පවතින ශාරීරික වේදනා ඇතුළු රෝග රැසකටත් අපිජානයේ සම්බන්ධයක් තියෙනවා. මහලු වෙන්න බොහෝදුරට හේතුවත් එයයි.” ඒ අනුව මේ පර්යේෂණවලින් සෞඛ්‍යය තත්වය දියුණු කරන්නත් පිළිකා ඇතුළු රෝගවලට ඖෂධ සොයාගන්නත් ප්‍රතිඵලයක් විදිහට ආයුෂ දික් කරගන්නත් පුළුවන් වෙයි. ඒත් තවම ඊට විසඳුමක් පේන තෙක් මානෙකවත් නැහැ. වයසට යන එක වළක්වාගැනීම ගැන කෙරී කිව්වේ “අපි තාමත් කියන්නේ ගොඩක් එළවළු කන්න වැඩියෙන් ව්‍යායාම කරන්න කියන පරණ කතාවම තමයි.”

ඇයි මිනිස්සු ජීවිතේ දික් කරගන්න මෙච්චර දත කන්නේ? “අමරණීයභාවය, නැවත නැගිටීම, මරණයෙන් පසු ජීවිතය සහ පුනරුත්පත්තිය වගේ දේවල් කිය කියා මිනිස්සු උත්සාහ කරන්නේ හැමදාම ජීවත් වෙන්න. නොමැරී ජීවත් වෙන්න මිනිස්සු මෙච්චර ආස ඇයි?” එහෙම ඇහුවේ බ්‍රිතාන්‍ය පුවත්පතක්. මහලු වීමට සැබෑ හේතුව දැනගත්තොත් ඒකට පිළිතුර දැනගන්න පුළුවන්.—The Times.

ඇයි අපි කැමති හැමදාම ජීවත් වෙන්න?

ඒක අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිසුන්ගේ හිතේ තිබුණ ප්‍රශ්නයක්. ඒකට සාධාරණ පිළිතුරක් තියෙනවාද? ඔව්, හුඟදෙනෙක්ට පිළිතුර ලැබිලා තියෙනවා.

මිනිසාගේ මොළය, විශේෂයෙන්ම මිනිසාට ඉගෙනගැනීමට තියෙන හැකියාව දිහා බලද්දී මිනිසාව හදලා තියෙන්නේ සදහටම ජීවත් වෙන්න කියලා පැහැදිලියි. මිනිසා සතු දිගුකාලීන මතක හැකියාව ගැන විශ්වකෝෂයක සඳහන් වුණේ එය “අසීමිතයි” කියලයි. අපිව සෑදුවේ කෙටි කාලයකට ජීවත් වෙන්න නම් මේ වගේ හැකියාවක් දුන්නේ ඇයි? උත්තරය පැහැදිලියි. මිනිසාව හදලා තියෙන්නේ සදහටම ජීවත් වෙන්න.

දැනුත් නිරෝගීව වැඩි කලක් ජීවත් වෙන්න බැරිද?

හාවඩ් එස්. ෆ්‍රීඩ්මන් සහ ලෙස්ලි ආර්. මාර්ටින් සෞඛ්‍ය විශේෂඥයන් දෙන්නෙක්. ඔවුන් 1910දී පමණ ඉපදුණු පුද්ගලයන් 1,500ක් ඇසුරෙන් සමීක්ෂණයක් කළා. දිගු කල් ජීවත් වීමට මේ අයට උදව් වෙලා තියෙන්නේ සැලකිලිමත්කම සහ සමාජ බැඳීම් කියලා එමගින් හෙළි වුණා. ඒ ගැන විශේෂඥයන් මෙහෙම කියනවා. “තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් අය එය රැකගන්න මහන්සි වෙනවා. දුම්බීම, බේබදුකම, මත්ද්‍රව්‍ය ගැනීම සහ වේගයෙන් රිය පැදවීම වැනි ජීවිතේට හානි වෙන පුරුදුවලින් වළකිනවා. වෛද්‍ය උපදෙස් පිළිපදිනවා, ආසන පටි පළදිනවා. ඒ අය ජීවිතේ අවදානමක් නොගන්නවාම නෙමෙයි. හැබැයි එහෙම කරන්නේ තමන්ගෙ සීමාව දැනගෙන.”

දිගු කල් ජීවත් වුණු අය ‘හුඟදෙනෙක් එක්ක කිට්ටු ඇසුරක් පැවැත්වුවා. අනිත් අයට උදව් කළා. ඒ නිසා හොඳ අයගේ ආයුෂ කොටයි. දුෂ්ටයන්ට ආයුෂ වැඩියි කියන කියමන වෙනස් කරන්න වෙනවා’ කියලා මේ විද්‍යාඥයන් කියනවා. ඔවුන් තවදුරටත් කියන්නේ “නරක අයට වඩා හොඳ අයගේ ආයුෂ වැඩියි” කියලයි.

[QUOTE="wiki, post: 17259300, member: 142606"] [SIZE="3"][B]ජීවිතය මෙතරම් කෙටි ඇයි?[/B] හැරියට් මිය යද්දී වයස අවුරුදු 175ක් විතර ඇති. එච්චර කාලයක්! ඇය මනුස්ස දුවක් නම් නෙමෙයි, යෝධ ගලපගෝස් ඉබ්බියක්. ඇය මිය ගියේ 2006දී. අපේ ආයු කාලය එක්ක බලද්දි නම් හැරියට් ගොඩක් කල් ජීවත් වෙලා තියෙනවා. හැබැයි ඉතිං වෙනත් සතුන් හා ශාක එක්ක බලද්දි නම් ඒක එච්චර කාලයක් නෙමෙයි. බලන්න මේ උදාහරණ දිහා. • මිරිදියේ ඉන්න මුතු බෙල්ලා අවුරුදු 200ක් විතර ජීවත් වෙනවා කියලා ෆින්ලන්තයේ පර්යේෂකයන් පිරිසක් කියනවා. • අවුරුදු 100කට වඩා ජීවත් වෙන මට්ටි විශේෂයක් (ocean quahog) ඉන්නවා. උන්ගෙන් සමහරෙක් අවුරුදු 400කටත් වඩා ජීවත් වෙනවා. • බ්රිස්ල්කෝන් පයින්, යෝධ සෙකුවා, සයිප්‍රස් සහ ස්පෲස් වැනි ගස් අවුරුදු දහස් ගාණක් පවතිනවා. ඒත් ලෝකයේ උසස්ම සත්වයා ලෙස සැලකෙන මිනිසාගේ ආයු කාලය හරිම කෙටියි. ආයුෂ දික් කරගන්න කොච්චර උත්සාහ කෙරුවත් එය අවුරුදු 80කට 90කට සීමා වෙලා. ඊට වඩා ජීවත් වෙන්න අපිට බැරිද? සමහරු හිතන්නේ වෛද්‍ය විද්‍යාවට සහ නවීන තාක්ෂණයට ඒ සඳහා උපකාර කරන්න හැකියාවක් තියෙනවා කියලයි. [B]විද්‍යාවට පුළුවන්ද?[/B] සෞඛ්‍ය ක්ෂේත්රයට විද්‍යාවෙන් සිදු වෙන මෙහෙය අනූපමේයයි. සඟරාවක මෙසේ සඳහන් වුණා. “බෝ වෙන රෝගවලින් හා දරු උපතේදී ඇති වෙන සංකූලතාවලින් [ඇමරිකාවේ] මිය යන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වෙලා. ළදරු මරණ අනුපාතය 1960 සිට සියයට 75කින් පහළ ගිහින්.” ඒත් ආයුෂ දික් කරන්න විද්‍යාව ගත් වෑයම එච්චරම සාර්ථක වෙලා නැහැ. ඒ සඟරාවේ තවත් කලාපයක මෙහෙම සඳහන් වුණා. “අවුරුදු ගණන් පර්යේෂණ කළත් මිනිසුන් ඇයි වයසට යන්නේ කියන එක තාම අභිරහසක්. ඒත් සොයාගත් සාක්ෂිවලින් පෙනී යන්නේ ජාන මගින් සෛල වර්ධනයට අවශ්‍ය තොරතුරු ලබා දීම හරි හැටි නොවන විට වයසට යන්න පටන්ගන්න බවයි. වයසට යෑම ජාන ක්‍රියාවලියට සම්බන්ධයි නම් ඒකට පිළියමක් සොයාගත්තොත් වයසට යෑම නවත්වන්න එදාට පුළුවන් වෙයි.”—Scientific American. වයසට යෑමේදී ඇති වෙන රෝගවලට පිළියම් සහ වයසට යෑමට හේතුව සෙවීමේදී පර්යේෂකයන් ඇරඹූ විප්ලවයේ අලුත්ම පියවර වුණේ ප්රවේණි විද්‍යාවේ (genetics) අංගයක් වන අපිප්‍රවේණි නොහොත් අපිජාන (epigenetics) ව්‍යාපෘතියයි. මොනවද මේ අපිජාන කියන්නේ? සෛලවල ප්‍රවේණික තොරතුරු ඇතුළත් වෙනවා. අලුත් සෛල නිපදවීමට ඒ තොරතුරු අවශ්‍යයි. මේ තොරතුරුවලින් බොහොමයක් තිබෙන්නේ ගෙනෝමවල. ගෙනෝම (genome) කියන්නෙ DNA අණුවක තියෙන සියලුම ජානවලට. මෑත කාලයේදී විද්‍යාඥයන් ජානයක මතුපිට ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ජානයක මතුපිටට කියන්නේ අපිජානය කියලයි. අපිජාන ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ ජානයේ මතුපිට ක්‍රියාකාරීත්වය සහ එහි රසායනික ප්‍රතික්‍රියා අධ්‍යයනය කිරීමයි. අපිජානවල සහ DNA අණුවල පෙනුම එක සමාන නැහැ. DNA අණුවකට තියෙන්නෙ ඇඹරුණු ලණු ඉණිමඟක (ද්වීත්ව හේලික්සයක) පෙනුමක්. නමුත් අපිජානය, DNA අණුවට අමුණලා තියෙන ලේබලයක් (ටැග් එකක්) වගෙයි. දැන් අපි බලමු මේ අපිජානයේ කාර්යය. DNA එකක් හරියට තොරතුරු ඇති වීඩියෝ පටයක් වගේ. හැබැයි වීඩියෝ පටයෙන් වැඩක් තියෙයිද ප්ලේයරයක් නැතුව. අපිජානය කියන්නේ මේ වීඩියෝ පටය ධාවනය කරන ප්ලේයරයටයි. ඒ කියන්නෙ අපිජානය තමයි සෛලයක අවශ්‍යතාවට අනුව ජාන ක්‍රියාත්මක විය යුතුද නැද්ද කියලා දැනුම් දෙන්නේ. ඒ වගේම පාරිසරික සාධක එනම් ආහාර, මානසික පීඩනය සහ විෂකාරකයන් වැනි දේවලට අනුවත් එය ප්‍රතිචාරය දක්වනවා. මෑතකදී සොයාගත් ඒ තොරතුරු ජීව විද්‍යාවේ පෙරළියක් කිරීමට සමත් වෙයි කියා බොහෝදෙනා සිතනවා. මොකද මහලු වයසේ ඇති වෙන රෝගවලට පිළියම් සහ වයසට යන හේතුව එමගින් දැනගන්න පුළුවන් වෙයි කියා ඔවුන් සිතන නිසයි. අපිජාන ගැන පර්යේෂණ කරන නේසා කෙරී මෙහෙම කියනවා. “භින්නෝන්මාදය, හන්දිපත් රුදාව, පිළිකා සහ කාලයක් පුරා පවතින ශාරීරික වේදනා ඇතුළු රෝග රැසකටත් අපිජානයේ සම්බන්ධයක් තියෙනවා. මහලු වෙන්න බොහෝදුරට හේතුවත් එයයි.” ඒ අනුව මේ පර්යේෂණවලින් සෞඛ්‍යය තත්වය දියුණු කරන්නත් පිළිකා ඇතුළු රෝගවලට ඖෂධ සොයාගන්නත් ප්‍රතිඵලයක් විදිහට ආයුෂ දික් කරගන්නත් පුළුවන් වෙයි. ඒත් තවම ඊට විසඳුමක් පේන තෙක් මානෙකවත් නැහැ. වයසට යන එක වළක්වාගැනීම ගැන කෙරී කිව්වේ “අපි තාමත් කියන්නේ ගොඩක් එළවළු කන්න වැඩියෙන් ව්‍යායාම කරන්න කියන පරණ කතාවම තමයි.” ඇයි මිනිස්සු ජීවිතේ දික් කරගන්න මෙච්චර දත කන්නේ? “අමරණීයභාවය, නැවත නැගිටීම, මරණයෙන් පසු ජීවිතය සහ පුනරුත්පත්තිය වගේ දේවල් කිය කියා මිනිස්සු උත්සාහ කරන්නේ හැමදාම ජීවත් වෙන්න. නොමැරී ජීවත් වෙන්න මිනිස්සු මෙච්චර ආස ඇයි?” එහෙම ඇහුවේ බ්‍රිතාන්‍ය පුවත්පතක්. මහලු වීමට සැබෑ හේතුව දැනගත්තොත් ඒකට පිළිතුර දැනගන්න පුළුවන්.—The Times. [B]ඇයි අපි කැමති හැමදාම ජීවත් වෙන්න?[/B] ඒක අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිසුන්ගේ හිතේ තිබුණ ප්‍රශ්නයක්. ඒකට සාධාරණ පිළිතුරක් තියෙනවාද? ඔව්, හුඟදෙනෙක්ට පිළිතුර ලැබිලා තියෙනවා. මිනිසාගේ මොළය, විශේෂයෙන්ම මිනිසාට ඉගෙනගැනීමට තියෙන හැකියාව දිහා බලද්දී මිනිසාව හදලා තියෙන්නේ සදහටම ජීවත් වෙන්න කියලා පැහැදිලියි. මිනිසා සතු දිගුකාලීන මතක හැකියාව ගැන විශ්වකෝෂයක සඳහන් වුණේ එය “අසීමිතයි” කියලයි. අපිව සෑදුවේ කෙටි කාලයකට ජීවත් වෙන්න නම් මේ වගේ හැකියාවක් දුන්නේ ඇයි? උත්තරය පැහැදිලියි. මිනිසාව හදලා තියෙන්නේ සදහටම ජීවත් වෙන්න. [B]දැනුත් නිරෝගීව වැඩි කලක් ජීවත් වෙන්න බැරිද?[/B] හාවඩ් එස්. ෆ්‍රීඩ්මන් සහ ලෙස්ලි ආර්. මාර්ටින් සෞඛ්‍ය විශේෂඥයන් දෙන්නෙක්. ඔවුන් 1910දී පමණ ඉපදුණු පුද්ගලයන් 1,500ක් ඇසුරෙන් සමීක්ෂණයක් කළා. දිගු කල් ජීවත් වීමට මේ අයට උදව් වෙලා තියෙන්නේ සැලකිලිමත්කම සහ සමාජ බැඳීම් කියලා එමගින් හෙළි වුණා. ඒ ගැන විශේෂඥයන් මෙහෙම කියනවා. “තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් අය එය රැකගන්න මහන්සි වෙනවා. දුම්බීම, බේබදුකම, මත්ද්‍රව්‍ය ගැනීම සහ වේගයෙන් රිය පැදවීම වැනි ජීවිතේට හානි වෙන පුරුදුවලින් වළකිනවා. වෛද්‍ය උපදෙස් පිළිපදිනවා, ආසන පටි පළදිනවා. ඒ අය ජීවිතේ අවදානමක් නොගන්නවාම නෙමෙයි. හැබැයි එහෙම කරන්නේ තමන්ගෙ සීමාව දැනගෙන.” දිගු කල් ජීවත් වුණු අය ‘හුඟදෙනෙක් එක්ක කිට්ටු ඇසුරක් පැවැත්වුවා. අනිත් අයට උදව් කළා. ඒ නිසා හොඳ අයගේ ආයුෂ කොටයි. දුෂ්ටයන්ට ආයුෂ වැඩියි කියන කියමන වෙනස් කරන්න වෙනවා’ කියලා මේ විද්‍යාඥයන් කියනවා. ඔවුන් තවදුරටත් කියන්නේ “නරක අයට වඩා හොඳ අයගේ ආයුෂ වැඩියි” කියලයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom