Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැරෙන එකත් පණ යන වැඩකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැරෙන එකත් පණ යන වැඩකි

මැරෙන එකත් පණ යන වැඩකි

මීට වසර හැට හැත්තෑවකට පමණ පෙර අප රටේ ජීවත් වූ ගම්බද ජනතාව අල්පේච්ඡ ජීවිතයක් ගත කළ අහිංසක ජන කොටසක් වූ හ.

නිවසක මරණයක් සිදු වූ විටක අද මෙන් දින ගණනාවක් එම දේහය නිවස තුළ තබා ගැනීමක් එකල නො වී ය. එය පසු දින ම මිහිදන් කරනු ලැබී ය. ගම්වැසියන් විසින් ම ඒ සඳහා චාම් පෙට්ටියක් සකස් කරනු ලැබී ය. මිහිදන් කරන අවස්ථාවේ දී ගමේ ස්වාමීන් වහන්සේ නමක් ගෙන්වා කරනු ලබන ආගමික කටයුතු සඳහා එහි ප්‍රධානතම ස්ථානය හිමි විය.

මරණය සිදු වූ මොහොතේ සිට අවසන් කටයුතු සිදු වන තෙක් ම ගම්වැසියෝ සියල්ලෝ ම එක් ව ස්වෙච්ඡාවෙන් එහි වූ විවිධ කර්යයන් ඉටු කළ හ. මළ ගෙදරක කෑම සකස් කිරීමක් නො වී ය. යන එන අය ද ඒ නිවසින් කෑම් බිම් සංග්‍රහ බලාපොරොත්තු වූයේ නැත. නිවැසියන්ට අවශ්‍ය කෑම ටික අසල්වැසි ගෙවල්වලින් සපයා දෙනු ලැබී ය. මල් වඩම්, බැනර් ප්‍රදර්ශනය කිරීමක් නො වූ අතර සැරසිල්ලකට තිබුණේ ගොක් කොළ කීපයක් ඇද තිබීම පමණකි. දේහය මිහිදන් කරන අවස්ථාවට ගමේ සියල්ලෝ ම තම එදිනෙදා වැඩ කටයුතු සියල්ල නතර කර අනිවාර්යයෙන් ම සහභාගී වූ හ. මිහිදන් කිරීමෙන් පසු මතක බණ කියන අවස්ථාව දක්වා නිවසේ පාළුව මැකීමට ගම් වැසියෝ කීප දෙනා බැගින් එක් ව රාත්‍රී කාලය ගත කළ හ. බොහෝ විට රාත්‍රී කාලය ගත කළේ වෙස්සන්තර ජාතකය කියවීමෙනි. මත්පැන් පානය කිරීමක් හෝ දු කෙළියෙහි යෙදීමක් හෝ එකල දක්නට නො වී ය.

එහෙත් අද තත්ත්වය මීට වඩා හාත්පසින් ම වෙනස් ය. කෙනකු මිය ගිය විට ඒ සඳහා විශාල වියදමක් දරා පෙට්ටියක් මිලයට ගනු ලැබේ. බෙහෙත් ගල්වා ඒ තුළ තැන්පත් කරන දේහය දින ගණනාවක් ම නිවස තුළ තබා ගැනෙයි. මේ දින කීපය තුළ ම ඥාති හිතවත්තු මළ ගෙදරට එති. බොහෝ දෙනා පැමිණෙන්නේ රාත්‍රී කාලය තුළ දී ය. එබැවින් නිවැසියන්ට එම දින කීපය ම නිදිවර්ජිත ව සිටීමට සිදු වේ. මේ අතර ඒ සෑම දිනයක ම දිවා ආහාරය හා රාත්‍රී ආහාරය විශාල ප්‍රමාණවලින් සකස් කරනු ලැබේ. ඒ පැමිණෙන අය සඳහා ය. තේ හා බීම සඳහා ද අධික වියදමකි. සැරසිලි තොරණ හා වෙනත් ඉදිකිරීම් ද බොහෝ ය. ඒවායේ වැඩ කරන අයට කුලිය දිය යුතු ය. නැත හොත් මත්පැන් සැපයිය යුතු ය.

මළ ගෙදර තුළ ශෝකී පරිසරයක් ඇත්තේ ම නැත. පැමිණෙන බොහෝ දෙනා සතුටු සාමීචියෙහි යෙදෙති. පසෙක විනෝදයෙන් කැරම් ක්‍රීඩාවෙහි යෙදෙන පිරිසකි. රාත්‍රී කාලයේ ඇතැම් විට සූදු පිටියක් ද දක්නට ලැබේ. මත්පැන් පානය කොට විකාර කරන්නෝ ද ඒ අතර වෙති.

බොහෝ විට මිය ගොස් ඇත්තේ නිවසේ වැඩිහිටියා ය. එහෙත් දරුවන් තුළ ශෝකී බවක් දක්නට නැත. විටින් විට ඔවුහු ඒ බවක් ආරූඪ කර ගනිති. බොහෝ විට ඔවුන් බලාපොරොත්තු වන්නේ මරණ දැන්වීම්වල තම නම හා තනතුරු ප්‍රදර්ශනය කර ගැනීම, බැනර් හා මල්වඩම් ප්‍රදර්ශනය කර ගැනීම තමා හඳුනන වැදගත් ප්‍රභූවරුන් නිවසට ගෙන්වා ගැනීම, තමා හා සම්බන්ධ ආයතනවල සාමාජික පිරිස් හැකි තරම් සහභාගී කරවා ගැනීම හා අවසන් මොහොතේ කරනු ලබන ගුණ කථනවල දී තමා පිළිබඳව වැඩි වැඩියෙන් සඳහන් කරගැනීම ය. කෙසේ වෙතත් දින කීපයක් තුළ ම ජනතාව පැමිණි බැවින් අවසන් කටයුතු පැවැත්වෙන විට සහභාගී වන පිරිස ද බෙහෙවින් අඩු ය.

අවසන් කටයුතු කිරීමෙන් දින කීපයකට පසු පැවැත්වෙන මතක බණ අවස්ථාව සඳහා ද විශාල පිරිසක් සහභාගී වෙති. එහෙත් බණ අසන්නේ සුළු පිරිසකි. ඒ අය ගෙන් ද වැඩි දෙනා කාන්තාවන් ය. අනෙක් අය සිටින්නේ පිටත ය. ඔවුහු විවිධ සාකච්ඡා පවත්වති. හඬනඟා සිනාසෙති. ඇතැම් විට ධර්ම දේශනය පැවැත්වීමට ද එය බාධාවක් වෙයි. නිවැසියන් ගේ වැඩි අවධානය ද ධර්ම දේශනය සඳහා නො වේ. පැමිණෙන අය පිළිගැනීම හා සංග්‍රහ සූදානම් කිරීම කෙරෙහි ය.

තුන් මසකින් හෝ වසරක් පාසා හෝ පැවැත්වෙන පිංකම් සඳහා ද විශාල ශ්‍රමයක් හා වියදමක් දැරිය යුතු ය. දානය අවස්ථාවේ දී සිය ගණනින් ඥාති හිතවත්තු රැස් වෙති. එහෙත් පුණ්‍ය කටයුත්තට සහභාගී වන්නේ අතළොස්සකි. වැඩි දෙනා එන්නේ දානය අවසන් වන විට ය. ඔවුහු සුළු ත්‍යාගයක් නිවැසියන්ට පිරිනමති. ඔවුන් ගෙන් වැඩි දෙනා බලාපොරොත්තු වන්නේ තම දිවා ආහාරය දාන ගෙදරින් පිරිමසා ගැනීම ය. මේ නිසා විශාල පිරිසකට ආහාර සැපයීමට ද සිදු වේ.

මරණය සිදු වීමෙන් පසු ඉටු කරනු ලබන මෙම සිද්ධි මාලාව සඳහා නිවැසියන් විසින් වැය කෙරෙන ශ්‍රමය ද, කාලය ද, ධනය ද අතිමහත් ය. යමක්කමක් ඇති අයට මෙය එතරම් ගැටලුවක් නො වේ. එහෙත් කරන්නක් වාලේ කටයුතු කිරීමට යැම නිසා මෙහි දී අමාරුවේ වැටෙන සාමාන්‍ය ජනතාව බොහෝ ය. බුද්ධිමත් ව කල්පනා කර බලන විට මෙම ක්‍රියාවන් ගෙන් බොහොමයක් නිශ්ඵල ය. මීට වඩා සරලව හා ගෞරවාන්විතව ඒ කටයුතු ඉටු කළ හැකි ය. එහෙත් වැඩි දෙනෙක් තම ආර්ථික තත්ත්වයට ඔරොත්තු නො දෙන සේ හැම දෙයක් ම මහා පරිමාණයෙන් කිරීමට ගොස් ණයගැතියන් බවට ද පත් වෙති. පවුලේ ඉදිරි සංවර්ධන කටයුතුවලටද බාධා ඇති කර ගනිති.

මේ අනුව අද කාලයේ මරණයක් සිදු වීම යනු පණ යන වැඩකි. ඒ මළ තැනැත්තාට නො වේ. ජීවත් ව සිටින්නන්ට ය.

විශ්‍රාමික විදුහල්පති උඩුගම එස්. ජයසුන්දර

විදුසර පුවත්පතෙන් උපුටාගන්න ලද්දකි.

[QUOTE="tharinda07, post: 5964176, member: 21844"] [b]මැරෙන එකත් පණ යන වැඩකි[/b] [CENTER][U][SIZE=5][COLOR=#000080]මැරෙන එකත් පණ යන වැඩකි[/COLOR][/SIZE][/U] [SIZE=4] මීට වසර හැට හැත්තෑවකට පමණ පෙර අප රටේ ජීවත් වූ ගම්බද ජනතාව අල්පේච්ඡ ජීවිතයක් ගත කළ අහිංසක ජන කොටසක් වූ හ.[/SIZE] [SIZE=4] නිවසක මරණයක් සිදු වූ විටක අද මෙන් දින ගණනාවක් එම දේහය නිවස තුළ තබා ගැනීමක් එකල නො වී ය. එය පසු දින ම මිහිදන් කරනු ලැබී ය. ගම්වැසියන් විසින් ම ඒ සඳහා චාම් පෙට්ටියක් සකස් කරනු ලැබී ය. මිහිදන් කරන අවස්ථාවේ දී ගමේ ස්වාමීන් වහන්සේ නමක් ගෙන්වා කරනු ලබන ආගමික කටයුතු සඳහා එහි ප්‍රධානතම ස්ථානය හිමි විය. [/SIZE] [SIZE=4] මරණය සිදු වූ මොහොතේ සිට අවසන් කටයුතු සිදු වන තෙක් ම ගම්වැසියෝ සියල්ලෝ ම එක් ව ස්වෙච්ඡාවෙන් එහි වූ විවිධ කර්යයන් ඉටු කළ හ. මළ ගෙදරක කෑම සකස් කිරීමක් නො වී ය. යන එන අය ද ඒ නිවසින් කෑම් බිම් සංග්‍රහ බලාපොරොත්තු වූයේ නැත. නිවැසියන්ට අවශ්‍ය කෑම ටික අසල්වැසි ගෙවල්වලින් සපයා දෙනු ලැබී ය. මල් වඩම්, බැනර් ප්‍රදර්ශනය කිරීමක් නො වූ අතර සැරසිල්ලකට තිබුණේ ගොක් කොළ කීපයක් ඇද තිබීම පමණකි. දේහය මිහිදන් කරන අවස්ථාවට ගමේ සියල්ලෝ ම තම එදිනෙදා වැඩ කටයුතු සියල්ල නතර කර අනිවාර්යයෙන් ම සහභාගී වූ හ. මිහිදන් කිරීමෙන් පසු මතක බණ කියන අවස්ථාව දක්වා නිවසේ පාළුව මැකීමට ගම් වැසියෝ කීප දෙනා බැගින් එක් ව රාත්‍රී කාලය ගත කළ හ. බොහෝ විට රාත්‍රී කාලය ගත කළේ වෙස්සන්තර ජාතකය කියවීමෙනි. මත්පැන් පානය කිරීමක් හෝ දු කෙළියෙහි යෙදීමක් හෝ එකල දක්නට නො වී ය.[/SIZE] [SIZE=4] එහෙත් අද තත්ත්වය මීට වඩා හාත්පසින් ම වෙනස් ය. කෙනකු මිය ගිය විට ඒ සඳහා විශාල වියදමක් දරා පෙට්ටියක් මිලයට ගනු ලැබේ. බෙහෙත් ගල්වා ඒ තුළ තැන්පත් කරන දේහය දින ගණනාවක් ම නිවස තුළ තබා ගැනෙයි. මේ දින කීපය තුළ ම ඥාති හිතවත්තු මළ ගෙදරට එති. බොහෝ දෙනා පැමිණෙන්නේ රාත්‍රී කාලය තුළ දී ය. එබැවින් නිවැසියන්ට එම දින කීපය ම නිදිවර්ජිත ව සිටීමට සිදු වේ. මේ අතර ඒ සෑම දිනයක ම දිවා ආහාරය හා රාත්‍රී ආහාරය විශාල ප්‍රමාණවලින් සකස් කරනු ලැබේ. ඒ පැමිණෙන අය සඳහා ය. තේ හා බීම සඳහා ද අධික වියදමකි. සැරසිලි තොරණ හා වෙනත් ඉදිකිරීම් ද බොහෝ ය. ඒවායේ වැඩ කරන අයට කුලිය දිය යුතු ය. නැත හොත් මත්පැන් සැපයිය යුතු ය. [/SIZE] [SIZE=4] මළ ගෙදර තුළ ශෝකී පරිසරයක් ඇත්තේ ම නැත. පැමිණෙන බොහෝ දෙනා සතුටු සාමීචියෙහි යෙදෙති. පසෙක විනෝදයෙන් කැරම් ක්‍රීඩාවෙහි යෙදෙන පිරිසකි. රාත්‍රී කාලයේ ඇතැම් විට සූදු පිටියක් ද දක්නට ලැබේ. මත්පැන් පානය කොට විකාර කරන්නෝ ද ඒ අතර වෙති. [/SIZE] [SIZE=4] බොහෝ විට මිය ගොස් ඇත්තේ නිවසේ වැඩිහිටියා ය. එහෙත් දරුවන් තුළ ශෝකී බවක් දක්නට නැත. විටින් විට ඔවුහු ඒ බවක් ආරූඪ කර ගනිති. බොහෝ විට ඔවුන් බලාපොරොත්තු වන්නේ මරණ දැන්වීම්වල තම නම හා තනතුරු ප්‍රදර්ශනය කර ගැනීම, බැනර් හා මල්වඩම් ප්‍රදර්ශනය කර ගැනීම තමා හඳුනන වැදගත් ප්‍රභූවරුන් නිවසට ගෙන්වා ගැනීම, තමා හා සම්බන්ධ ආයතනවල සාමාජික පිරිස් හැකි තරම් සහභාගී කරවා ගැනීම හා අවසන් මොහොතේ කරනු ලබන ගුණ කථනවල දී තමා පිළිබඳව වැඩි වැඩියෙන් සඳහන් කරගැනීම ය. කෙසේ වෙතත් දින කීපයක් තුළ ම ජනතාව පැමිණි බැවින් අවසන් කටයුතු පැවැත්වෙන විට සහභාගී වන පිරිස ද බෙහෙවින් අඩු ය.[/SIZE] [SIZE=4] අවසන් කටයුතු කිරීමෙන් දින කීපයකට පසු පැවැත්වෙන මතක බණ අවස්ථාව සඳහා ද විශාල පිරිසක් සහභාගී වෙති. එහෙත් බණ අසන්නේ සුළු පිරිසකි. ඒ අය ගෙන් ද වැඩි දෙනා කාන්තාවන් ය. අනෙක් අය සිටින්නේ පිටත ය. ඔවුහු විවිධ සාකච්ඡා පවත්වති. හඬනඟා සිනාසෙති. ඇතැම් විට ධර්ම දේශනය පැවැත්වීමට ද එය බාධාවක් වෙයි. නිවැසියන් ගේ වැඩි අවධානය ද ධර්ම දේශනය සඳහා නො වේ. පැමිණෙන අය පිළිගැනීම හා සංග්‍රහ සූදානම් කිරීම කෙරෙහි ය.[/SIZE] [SIZE=4] තුන් මසකින් හෝ වසරක් පාසා හෝ පැවැත්වෙන පිංකම් සඳහා ද විශාල ශ්‍රමයක් හා වියදමක් දැරිය යුතු ය. දානය අවස්ථාවේ දී සිය ගණනින් ඥාති හිතවත්තු රැස් වෙති. එහෙත් පුණ්‍ය කටයුත්තට සහභාගී වන්නේ අතළොස්සකි. වැඩි දෙනා එන්නේ දානය අවසන් වන විට ය. ඔවුහු සුළු ත්‍යාගයක් නිවැසියන්ට පිරිනමති. ඔවුන් ගෙන් වැඩි දෙනා බලාපොරොත්තු වන්නේ තම දිවා ආහාරය දාන ගෙදරින් පිරිමසා ගැනීම ය. මේ නිසා විශාල පිරිසකට ආහාර සැපයීමට ද සිදු වේ.[/SIZE] [SIZE=4] මරණය සිදු වීමෙන් පසු ඉටු කරනු ලබන මෙම සිද්ධි මාලාව සඳහා නිවැසියන් විසින් වැය කෙරෙන ශ්‍රමය ද, කාලය ද, ධනය ද අතිමහත් ය. යමක්කමක් ඇති අයට මෙය එතරම් ගැටලුවක් නො වේ. එහෙත් කරන්නක් වාලේ කටයුතු කිරීමට යැම නිසා මෙහි දී අමාරුවේ වැටෙන සාමාන්‍ය ජනතාව බොහෝ ය. බුද්ධිමත් ව කල්පනා කර බලන විට මෙම ක්‍රියාවන් ගෙන් බොහොමයක් නිශ්ඵල ය. මීට වඩා සරලව හා ගෞරවාන්විතව ඒ කටයුතු ඉටු කළ හැකි ය. එහෙත් වැඩි දෙනෙක් තම ආර්ථික තත්ත්වයට ඔරොත්තු නො දෙන සේ හැම දෙයක් ම මහා පරිමාණයෙන් කිරීමට ගොස් ණයගැතියන් බවට ද පත් වෙති. පවුලේ ඉදිරි සංවර්ධන කටයුතුවලටද බාධා ඇති කර ගනිති.[/SIZE] [SIZE=4] මේ අනුව අද කාලයේ මරණයක් සිදු වීම යනු පණ යන වැඩකි. ඒ මළ තැනැත්තාට නො වේ. ජීවත් ව සිටින්නන්ට ය.[/SIZE] [SIZE=4] විශ්‍රාමික විදුහල්පති උඩුගම එස්. ජයසුන්දර [SIZE=3]විදුසර පුවත්පතෙන් උපුටාගන්න ලද්දකි.[/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom