.
මේ ඔබ දකින්නේ ඉන්දියාවේ යමුනා ගංඟාව දෙපස පිහිටි විශාල ප්‍රමාණයේ රසායනික කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපවිත්‍ර ජලය හා රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා හේතුවෙන් එක්තරා කලාපයක එම ගංඟාවේ ජල තලය මත විශාල වශයෙන් පෙණ පිඩු (Toxic Foam) නිර්මාණය වී ඇති අයුරුයි...
එසේ සුදෝ සදුවන් පෙණ පිඩු නිර්මාණය වන්නෙ දේව හාසකමකින් යැයි සිතන එම කලාප වල ජනයා ගංගාවට බැස මහත් භක්තියෙන් ගගේ ස්නානය කරමින් වන්දනාමාන කරති...
තමා ගැන පමණක්ම, තම ලාභය ගැන පමණක්ම සිතන මිනිසා එක පැත්තකින් සොබාදහම මෙසේ විනාශ කරද්දී.., අන්ධ භක්තියෙන් හෙබි මිනිසා.., එහි විපාක භුක්ති විදිමින් සිටින අයුරු මෙම ඡායාරූප වලින් ඔබට දැක ගත හැක...
- ධම්මික සමරතුංග -