Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මිත්‍රත්වයේ දෑත් දිගුවන වසරක් උදා වේවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිත්‍රත්වයේ දෑත් දිගුවන වසරක් උදා වේවා..

බුදුරජාණන්වහන්සේ නිතරම අගය කරපු දෙයක් තමයි මිතුරු කම. හොඳ මිත්‍රයෙක් මහා සම්පතක් විදියටයි බුදුරජාණන්වහන්සේ දැක්කෙ. සිඟාලෝවාද සූත්‍රයෙ දි මේ ගැන හොඳ දේශනාවක් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයො විදියට ලෝකෙම ප්‍රසිද්ධ වුනේ මිතුරුකමත් එක්ක. මිතුරුකම තිබුන නිසයි ආගන්තුක සත්කාර කරන්න පුළුවන් වුනේ. ඊයෙ පෙරේදා මට පරණ යාළුවෙක් හම්බවුන වෙලාවේ ඒ කාලේ උන්න යාළුවො අද හම්බවෙද්දි ලැබෙන අත්දැකීම් ගැන කිව්වා. මන් ඉතින් හිනාවෙලා අහන් උන්නා. දවසින් දවස අපේ හොඳ ගුණ ඈත් වෙලා යද්දි යාළු මිත්රකමුත් ඈත් වෙලා යනවා. තත්ත්වයෙන් මට්ටමෙන් ඉහළට යද්දි පහළ මට්ටමේ ඉන්න යාළුවො අතේ දුරට යනවාලු සමහරුන්ගෙ. වෙනස....

හින්දු සාහිත්‍යයෙ හම්බවෙන මේ ගැන තියෙන හරි ලස්සන කතාවක් මෙතැනට ඇදලා ගන්න මන් හිතුවා.

ශ්‍රී ක්‍රිෂ්ණා නැත්නම් විෂ්ණු දෙවියන්ගේ පරිපූර්ණ අවතාරය ගැන අපි අහලා තියෙනවානේ. මේ ක්‍රිෂ්ණට යාළුවෙක් හිටියා සුදාම කියලා. සුදාම කියන්නේ බ්‍රාහ්මණයෙක්. කාලෙකදි ක්රිෂ්ණ බ්රින්දාවනයෙන් පිටත් වෙලා ගිහින් ද්වාරකයේ රජ වෙනවා. හොඳ ජීවිතයක් ගෙවනවා. හැබැයි ගමේ ඉන්න සුදාම දවසින් දවස දුප්පත් වෙනවා. අන්තිමේ දරුවන්ට කෑමක්වත් හරියට දෙන්න බැරි තැනට පත්වෙනවා. මෙහෙම ඉද්දි සුදාමගේ බිරිඳ සුදාමට මතක් කරනවා දැන් එයාගේ යාළුවා, ශ්‍රී ක්රිෂ්ණ රජෙක් හොඳ පෝසතෙක්. එයාගෙන්වත් උදව්වක් ඉල්ලන්න කියලා. සුදාම කොහෙත්ම කැමැති වුනේ නෑ තමුන්ගේ යාළුවට කරදරයක් වෙන්න. ශ්‍රී ක්රිෂ්ණ කියන්නේ කව්ද කියලා පුංචි කාලෙ ඉඳන් දැනන් උන්න කෙනෙක් තමයි මේ සුදාම. ඒ වගේම ක්‍රිෂ්ණට කනෙයියා කියලා කථා කරන්න පුළුවන් වුන කීප දෙනාගෙන් කෙනෙක්. අන්තිමේ දරුවන්ගේ බඩගින්න ඉවසන්න ම බැරි තැන සුදාම යනවා ක්රිෂ්ණ හම්බවෙන්න. ඒ යද්දිත් නිකන් යන්නෙ නෑ. තමුන්ට පුළුවන් විදියට ක්‍රිෂ්ණා ඒ කාලේ ආශ කරපු දී කිරි ටිකකුත් රෙදි කෑල්ලකුත් අරන් තමයි යන්නෙ.

ද්වාරකාවල ක්‍රිෂ්ණාගේ මාළිගාවට එන සුදාම ඒ රාජශ්‍රීය දැකලා ගල් ගැහෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. සුදාම සෙබළෙකුට කියනවා එයා ආවා කියලා ක්‍රිෂ්ණාට දැනුම් දෙන්න කියලා. ශ්‍රී ක්‍රිෂ්ණට තමුන්ගේ යාළුවා තමුන්ව බලන්න ආවා කියලා ඇහුනම ඉවසුම් නැති වෙනවා. එයා දුවගෙන එන්නෙ සෙරෙප්පුවත් නොදා. ක්රිෂ්ණගෙ රාජශ්‍රීය දකින සුදාමට ලැජ්ජ හිතෙනවා අරන් ආපු තෑගි ගැන. එයා ඒවා හංග ගන්නවා. හැබැයි ක්රිෂ්ණ මේක දන්නවා. එයා සුදාමව පිළි අරන් ගෙනාපු තෑගි මොනවද කියලා අහලා ඒ තෑගි බොහොම ආදරෙන් භාරගන්නවා. ක්‍රිෂ්ණා තමුන්ගේ බිරිඳ වුන රුක්මණීට කියනවා සුදාමට සලකන්න කියලා.

ඉතින් යාළුවො දෙන්න සතුටු සාමීචියේ යෙදිලා ඉද්දි සුදාමට අමතක වෙනවා ආවේ මොකටද කියලත්. හැබැයි රුක්මණී ඒ කාරණය වටහා ගන්නවා. සුදාමට හොඳ ඇඳුම් දෙනවා ඇඳ ගන්න. ඔහොම ඉඳලා සුදාම යන්න පිටත් වෙනවා. ඒ යද්දි ක්‍රිෂ්ණා රුක්මණීට කියනවා සුදාමගේ පරණ ඇඳුම් අරන් එන්න කියලා. ඒ ඇඳුම් ගෙනාවට පස්සෙ සුදාමට කියනවා අළුත් ඇඳුම් අයින් කරලා මේ පරණ ඇඳුම් ම ඇඳන් යන්න කියලා. රුක්මණීටත් හිතා ගන්න බැරි වෙනවා ක්‍රිෂ්ණා මොකක් ද මේ කරන්නෙ කියලා. හැබැයි සුදාම වචනයක්වත් කියන්නෙ නෑ. මොකද එයා එයාගේ යාළුවා ව හොඳට අඳුනනවා. සුදාම හරිම සතුටින් පරණ ඇඳුම් ඇඳගෙන යාළුවාගෙන් සමු අරගන්නවා.

සුදාම නොපෙනී යද්දි ක්‍රිෂ්ණා යන්නෙ තමුන්ගේ කාමරේට. ඒ ගිහිල්ලා එයා අඬනවා. හිටි හැටියෙම තමුන්ගෙ ස්වාමියාට මේ මොකද වුනේ කියලා හිතාගන්න බැරි වුන රුක්මණි ක්‍රිෂ්ණව සනසන්න උත්සාහ කරනවා. අහනවා ඇයි එහෙම කලේ කියලා. ක්රිෂ්ණ කියනවා ඉරුණු ඇඳුම් ඇඳන් මාළිගයට ආපු සුදාම රාජකීය ඇඳුම් ඇඳන් යනවා මිනිස්සු දැක්කම කියාවි මගෙත් එක්ක තියෙන යාළුකමට තමයි එයාට එච්චර දේවල් ලැබුනෙ කියලා. ඒත් දැන් එයාට ලැබෙන දේවල් දැක්කම මිනිස්සු දැන ගනීවි ඒ හැමදේම ලැබුනෙ මට තියෙන භක්තිය නිසා කියලා. ක්රිෂ්ණ අඬන්නෙත් අර ඇඳුම ගන්න වෙච්චි එකට.

අපහු එන ගමනෙදි සුදාම කල්පනා කලේ කොච්චර ලොක්කෙක් වුනත් තාමත් එයා වගේ දුප්පත් යාළුවෙක් ව අමතක නොකළ යාළුවා ගැන. එයා එන ගමනුත් ක්‍රිෂ්ණට ස්තුති කර කර ආවේ. ගෙදරට එද්දි සුදාම පුදුම වුනා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි. එයා ගෙදරින් යද්දි තිබුනෙ මඩුවක්. හැබැයි එද්දි හොඳ ගෙයක්. ඒ විතරක් නෙමෙයි එයාගේ බිරිඳට දරුවන්ට හොඳ ඇඳුම් පැළඳුම් ලැබිලා. ඒ අය බලාන උන්නෙ සුදාම එනකම්.

එදා ඉඳින් සුදාම තමුන්ගෙ පවුලත් එක්ක සතුටින් ජීවත් වුනා. හැම වෙලේම ශ්‍රී ක්‍රිෂ්ණගේ හොඳ සිහිපත් කරමින්.

මේ කථාව බොහොම පැරණි කථාවක්. අවුරුදු දහස් ගණනක් පැරණි අතීත කථාවක්. මේවා පැවතුනේ ඇයි? අදටත් පවතින්නෙ ඇයි? වෙන මොකකටවත් නෙමෙයි මිතුරු කමේ අගය කියන්න. යාළුකම ඇතුලෙ ධනවත් පෝසත් භේදයක් තියෙනවා නම් ජාති භේදයක් තියෙනවා නම්, කුල හෝ භාෂා භේදයක් තියෙනවා නම් ඒක කොහොමද යාළුකම වෙන්නෙ. නියම යාළුවො එහෙම භේද දකින්නෙ නෑ. සැපට විතරක් නෙමෙයි දුකේදිත් යාළුවා ඉන්නවා. හැමවෙලේම එයාලා ඔයා වෙනුවෙන්. ඔයත් හොඳ යාළුවෙක් නම් දුක සැප වෙනසකින් තොරව යාළුවොත් එක්ක ඉඳීවි.

අපේ ජීවිතයෙ අරමුණු ඉෂ්ට කරගන්න යන ගමනෙදි නොයෙක් බාධක අපිට හමු වේවි. ඒවා හැම එකක් ම තනියම දිනන්න අමාරුයි. ඒ වගේ වෙලාවට යාළුවො අපි නො කීවත් අපිට සහාය වෙනවා. ඉතින් අරමුණු ඉෂ්ට කරගත්තට පස්සෙ එයාලව අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෙක් දුකට පත් වෙලා ඉන්නවා දැන ගත්තොත් අතෑරලා දාන්න එපා. පුළුවන් උපරිමයෙන් යාළුවට උදව් කරන්න බලන්න. මතක තියා ගන්න පිපාසෙට වතුර උගුරක් දීපු කෙනත් යාළුවෙක්. ඉස්සරහට හම්බ වෙද්දි හිනාවෙලා ගිය කෙනත් යාළුවෙක්.

ලබන 2022 හැමෝටම ජය වේවා. මිත්‍රත්වයේ දෑත් දිගුවන අවුරුද්දක් වේවා.

[QUOTE="hpalpola, post: 27237799, member: 321413"] [CENTER][SIZE=4][B]මිත්‍රත්වයේ දෑත් දිගුවන වසරක් උදා වේවා..[/B][/SIZE][/CENTER] [SIZE=4] බුදුරජාණන්වහන්සේ නිතරම අගය කරපු දෙයක් තමයි මිතුරු කම. හොඳ මිත්‍රයෙක් මහා සම්පතක් විදියටයි බුදුරජාණන්වහන්සේ දැක්කෙ. සිඟාලෝවාද සූත්‍රයෙ දි මේ ගැන හොඳ දේශනාවක් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයො විදියට ලෝකෙම ප්‍රසිද්ධ වුනේ මිතුරුකමත් එක්ක. මිතුරුකම තිබුන නිසයි ආගන්තුක සත්කාර කරන්න පුළුවන් වුනේ. ඊයෙ පෙරේදා මට පරණ යාළුවෙක් හම්බවුන වෙලාවේ ඒ කාලේ උන්න යාළුවො අද හම්බවෙද්දි ලැබෙන අත්දැකීම් ගැන කිව්වා. මන් ඉතින් හිනාවෙලා අහන් උන්නා. දවසින් දවස අපේ හොඳ ගුණ ඈත් වෙලා යද්දි යාළු මිත්රකමුත් ඈත් වෙලා යනවා. තත්ත්වයෙන් මට්ටමෙන් ඉහළට යද්දි පහළ මට්ටමේ ඉන්න යාළුවො අතේ දුරට යනවාලු සමහරුන්ගෙ. වෙනස.... හින්දු සාහිත්‍යයෙ හම්බවෙන මේ ගැන තියෙන හරි ලස්සන කතාවක් මෙතැනට ඇදලා ගන්න මන් හිතුවා. ශ්‍රී ක්‍රිෂ්ණා නැත්නම් විෂ්ණු දෙවියන්ගේ පරිපූර්ණ අවතාරය ගැන අපි අහලා තියෙනවානේ. මේ ක්‍රිෂ්ණට යාළුවෙක් හිටියා සුදාම කියලා. සුදාම කියන්නේ බ්‍රාහ්මණයෙක්. කාලෙකදි ක්රිෂ්ණ බ්රින්දාවනයෙන් පිටත් වෙලා ගිහින් ද්වාරකයේ රජ වෙනවා. හොඳ ජීවිතයක් ගෙවනවා. හැබැයි ගමේ ඉන්න සුදාම දවසින් දවස දුප්පත් වෙනවා. අන්තිමේ දරුවන්ට කෑමක්වත් හරියට දෙන්න බැරි තැනට පත්වෙනවා. මෙහෙම ඉද්දි සුදාමගේ බිරිඳ සුදාමට මතක් කරනවා දැන් එයාගේ යාළුවා, ශ්‍රී ක්රිෂ්ණ රජෙක් හොඳ පෝසතෙක්. එයාගෙන්වත් උදව්වක් ඉල්ලන්න කියලා. සුදාම කොහෙත්ම කැමැති වුනේ නෑ තමුන්ගේ යාළුවට කරදරයක් වෙන්න. ශ්‍රී ක්රිෂ්ණ කියන්නේ කව්ද කියලා පුංචි කාලෙ ඉඳන් දැනන් උන්න කෙනෙක් තමයි මේ සුදාම. ඒ වගේම ක්‍රිෂ්ණට කනෙයියා කියලා කථා කරන්න පුළුවන් වුන කීප දෙනාගෙන් කෙනෙක්. අන්තිමේ දරුවන්ගේ බඩගින්න ඉවසන්න ම බැරි තැන සුදාම යනවා ක්රිෂ්ණ හම්බවෙන්න. ඒ යද්දිත් නිකන් යන්නෙ නෑ. තමුන්ට පුළුවන් විදියට ක්‍රිෂ්ණා ඒ කාලේ ආශ කරපු දී කිරි ටිකකුත් රෙදි කෑල්ලකුත් අරන් තමයි යන්නෙ. ද්වාරකාවල ක්‍රිෂ්ණාගේ මාළිගාවට එන සුදාම ඒ රාජශ්‍රීය දැකලා ගල් ගැහෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. සුදාම සෙබළෙකුට කියනවා එයා ආවා කියලා ක්‍රිෂ්ණාට දැනුම් දෙන්න කියලා. ශ්‍රී ක්‍රිෂ්ණට තමුන්ගේ යාළුවා තමුන්ව බලන්න ආවා කියලා ඇහුනම ඉවසුම් නැති වෙනවා. එයා දුවගෙන එන්නෙ සෙරෙප්පුවත් නොදා. ක්රිෂ්ණගෙ රාජශ්‍රීය දකින සුදාමට ලැජ්ජ හිතෙනවා අරන් ආපු තෑගි ගැන. එයා ඒවා හංග ගන්නවා. හැබැයි ක්රිෂ්ණ මේක දන්නවා. එයා සුදාමව පිළි අරන් ගෙනාපු තෑගි මොනවද කියලා අහලා ඒ තෑගි බොහොම ආදරෙන් භාරගන්නවා. ක්‍රිෂ්ණා තමුන්ගේ බිරිඳ වුන රුක්මණීට කියනවා සුදාමට සලකන්න කියලා. ඉතින් යාළුවො දෙන්න සතුටු සාමීචියේ යෙදිලා ඉද්දි සුදාමට අමතක වෙනවා ආවේ මොකටද කියලත්. හැබැයි රුක්මණී ඒ කාරණය වටහා ගන්නවා. සුදාමට හොඳ ඇඳුම් දෙනවා ඇඳ ගන්න. ඔහොම ඉඳලා සුදාම යන්න පිටත් වෙනවා. ඒ යද්දි ක්‍රිෂ්ණා රුක්මණීට කියනවා සුදාමගේ පරණ ඇඳුම් අරන් එන්න කියලා. ඒ ඇඳුම් ගෙනාවට පස්සෙ සුදාමට කියනවා අළුත් ඇඳුම් අයින් කරලා මේ පරණ ඇඳුම් ම ඇඳන් යන්න කියලා. රුක්මණීටත් හිතා ගන්න බැරි වෙනවා ක්‍රිෂ්ණා මොකක් ද මේ කරන්නෙ කියලා. හැබැයි සුදාම වචනයක්වත් කියන්නෙ නෑ. මොකද එයා එයාගේ යාළුවා ව හොඳට අඳුනනවා. සුදාම හරිම සතුටින් පරණ ඇඳුම් ඇඳගෙන යාළුවාගෙන් සමු අරගන්නවා. සුදාම නොපෙනී යද්දි ක්‍රිෂ්ණා යන්නෙ තමුන්ගේ කාමරේට. ඒ ගිහිල්ලා එයා අඬනවා. හිටි හැටියෙම තමුන්ගෙ ස්වාමියාට මේ මොකද වුනේ කියලා හිතාගන්න බැරි වුන රුක්මණි ක්‍රිෂ්ණව සනසන්න උත්සාහ කරනවා. අහනවා ඇයි එහෙම කලේ කියලා. ක්රිෂ්ණ කියනවා ඉරුණු ඇඳුම් ඇඳන් මාළිගයට ආපු සුදාම රාජකීය ඇඳුම් ඇඳන් යනවා මිනිස්සු දැක්කම කියාවි මගෙත් එක්ක තියෙන යාළුකමට තමයි එයාට එච්චර දේවල් ලැබුනෙ කියලා. ඒත් දැන් එයාට ලැබෙන දේවල් දැක්කම මිනිස්සු දැන ගනීවි ඒ හැමදේම ලැබුනෙ මට තියෙන භක්තිය නිසා කියලා. ක්රිෂ්ණ අඬන්නෙත් අර ඇඳුම ගන්න වෙච්චි එකට. අපහු එන ගමනෙදි සුදාම කල්පනා කලේ කොච්චර ලොක්කෙක් වුනත් තාමත් එයා වගේ දුප්පත් යාළුවෙක් ව අමතක නොකළ යාළුවා ගැන. එයා එන ගමනුත් ක්‍රිෂ්ණට ස්තුති කර කර ආවේ. ගෙදරට එද්දි සුදාම පුදුම වුනා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි. එයා ගෙදරින් යද්දි තිබුනෙ මඩුවක්. හැබැයි එද්දි හොඳ ගෙයක්. ඒ විතරක් නෙමෙයි එයාගේ බිරිඳට දරුවන්ට හොඳ ඇඳුම් පැළඳුම් ලැබිලා. ඒ අය බලාන උන්නෙ සුදාම එනකම්. එදා ඉඳින් සුදාම තමුන්ගෙ පවුලත් එක්ක සතුටින් ජීවත් වුනා. හැම වෙලේම ශ්‍රී ක්‍රිෂ්ණගේ හොඳ සිහිපත් කරමින්. මේ කථාව බොහොම පැරණි කථාවක්. අවුරුදු දහස් ගණනක් පැරණි අතීත කථාවක්. මේවා පැවතුනේ ඇයි? අදටත් පවතින්නෙ ඇයි? වෙන මොකකටවත් නෙමෙයි මිතුරු කමේ අගය කියන්න. යාළුකම ඇතුලෙ ධනවත් පෝසත් භේදයක් තියෙනවා නම් ජාති භේදයක් තියෙනවා නම්, කුල හෝ භාෂා භේදයක් තියෙනවා නම් ඒක කොහොමද යාළුකම වෙන්නෙ. නියම යාළුවො එහෙම භේද දකින්නෙ නෑ. සැපට විතරක් නෙමෙයි දුකේදිත් යාළුවා ඉන්නවා. හැමවෙලේම එයාලා ඔයා වෙනුවෙන්. ඔයත් හොඳ යාළුවෙක් නම් දුක සැප වෙනසකින් තොරව යාළුවොත් එක්ක ඉඳීවි. අපේ ජීවිතයෙ අරමුණු ඉෂ්ට කරගන්න යන ගමනෙදි නොයෙක් බාධක අපිට හමු වේවි. ඒවා හැම එකක් ම තනියම දිනන්න අමාරුයි. ඒ වගේ වෙලාවට යාළුවො අපි නො කීවත් අපිට සහාය වෙනවා. ඉතින් අරමුණු ඉෂ්ට කරගත්තට පස්සෙ එයාලව අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෙක් දුකට පත් වෙලා ඉන්නවා දැන ගත්තොත් අතෑරලා දාන්න එපා. පුළුවන් උපරිමයෙන් යාළුවට උදව් කරන්න බලන්න. මතක තියා ගන්න පිපාසෙට වතුර උගුරක් දීපු කෙනත් යාළුවෙක්. ඉස්සරහට හම්බ වෙද්දි හිනාවෙලා ගිය කෙනත් යාළුවෙක්. [/SIZE] [SIZE=5]ලබන 2022 හැමෝටම ජය වේවා. මිත්‍රත්වයේ දෑත් දිගුවන අවුරුද්දක් වේවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom