(article is from Lankadeepa)
(https://www.lankadeepa.lk/gi_winisa/මිදි-ඇඹුලයි-කියලා/239-628913)
ඔගස්ටස් විනයාගරත්නම්ගේ සුගේය පද රචනයෙන් ද දයාරත්න රණතුංගයන්ගේ සුස්වර සංරචනයෙන් ද සෞම්‍ය කුමාර යාපා බණ්ඩාරයන්ගේ සුගායනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලමිභ ශෘංගාර රසය දනවයි.
හැටෙි දශකයේදී වෙිදිකාව, සිනමාව, සාහිත්‍ය කලා විචාරය පිළිබඳ රැඩිකල් මතදැරූ තරුණ කණ්ඩායමක් බිහිවිය. "අපේ කට්ටිය" නමින් විරුධාවලිය ලත් මෙි කණ්ඩායම බටහිර සාහිත්‍යය ආභාස කොටගෙන විවිධ නිර්මාණ කෘති අත්හදා බලමින් සිටියේය. සුගතපාල ද සිල්වා, සිරිල්. බී පෙරේරා, ජි.ඩබ්ලිව් සුරේන්ද්‍ර, රැලෙක්ස් රණසිංහ, ඔගස්ටස් විනයාගරත්නම් ආදිී කලාකරුවෝ "අපේ කට්ටිය" නියෝජනය කළ පතාකයෝය. ඔවුහු සාහිත්‍ය කලා ලෝකයේ උඩුගමි බලා පිහිනු අපූරු නිර්මාණකරුවෝය. සුගතපාල ද සිල්වාගේ "බෝඩිම" වෙිදිකා නාට්‍ය අපේ කට්ටියේ අපූරු නියෝජනයක් විය. බටහිර සාහිත්‍ය මැනවින් හැදෑරූ මෙි පිරිස ප්‍රංශයේ ඇල්බෙයා කැමු, ෂෝන් පෝල් සාත්‍රෙ, කොලින් විල්සන් වැනි සාංදෘෂ්ටිකවාදී චින්තනය ඔස්සේ නිර්මාණ කළ ලේඛකයන් අනුගමනය කළහ. සාංදෘෂ්ටිකවාදය (Existentialism ) යනු මානව දයාව පෙරටු කොටගෙන මිනිස් ජීවිතයේ හරය, පුරුෂාර්ථ, ජීවත්වීමෙි අර්ථ ගවෙිෂණය හා මිනිසාගේ පැවැත්ම පිළිබඳ ආවෙිගශීලී ප්‍රශ්න කිරීම් සිදුකරන චින්තන ධාරාවකි. මෙකී චින්තන ධාරාවට අනුරාගිකව බැඳුණු අපේ කට්ටියේ ගලිවරයන් අතර ද්‍රව්‍ඩ සම්භවයකට උරුමකම් කියූ විශිෂ්ට ගේය පද රචකයෙක් ද සිටියේය. හේ ඔගස්ටස් විනයාගරත්නම් නම් විය. රන් ටිකිරි සිනා, නිම්හිම් සෙව්වා මා සසරේ, උපුල් නුවන් විදහා, ගඟ අද්දර වැනි ජනප්‍රිය ගීත ගොන්නක හිමිකරුවෝ ද ඔගස්ටස් විනයාගරත්නම්හුය. ගතානුගතික, ආචීර්ණ කල්පිත මතවලම එල්බගෙන ගීත ලියූ අැතැම් ගේය පද රචකයෝ ඔගස්ටස් විනයාගරත්නම්ගේ ආගමනයෙන් විමතියටත් කලබලයටත් පත්වූහ. විනයාගරත්නම්ගේ සාංදෘෂ්ටිකවාදී රැඩිකල් චින්තනය "මිදි ඇඹුලයි කියලා" නමැති විශිෂ්ට ගීතයට ද බලපා ඇති බව කීම අතිශයෝක්තියක් නොවෙි. එපමණක් නොව ඔහු ලියූ බොහෝ ගීතවල මෙකී රැඩිකල් චින්තනය ගැබ් වී ඇත. සිංහල භාෂාව හොඳින් හැසිරවූ මෙි විශිෂ්ට ගේය කාව්‍යාක්කාරයා විචාරක රසික උභය පාර්ශ්වයේ අවධානයෙන් ගිලිහීම අභාග්‍යයකි. ද්වීභාෂා උගතකු වූ ඔගස්ටස් ලාංකේය සිනමා ගීතය සුපෝෂණය කිරීමට මහත් වෙහෙසක් ගත්තේය. "අහසින් පොළොවට" චිත්‍රපටයට ඔහු ලියූ "කොක්කු තනේ කිරි බීලා" නමැති දරු නැළවිලි ගීතය ද මිල්ටන් මල්ලවාරචිචි ගැයු "උපුල් නුවන් විදහා" ගීතය ද අතිශය ජනප්‍රිය විය. ඔහු අතින් ලියැවුණු "ආච්චියේ පෝච්චියේ වතුර නටනවා"නමැති චිත්‍රපට ගීතය ද මෙරට සංස්කෘතික හරපද්ධතිය අතික්‍රමණය කළ රැඩිකල් ප්‍රයත්නයකි. විප්‍රලමිභ ශෘංගාරය දනවන මෙි අපූරු ගීමිණිරුවනින් ද ඔගස්ටස් විනයාගරත්නම්ගේ විශිෂ්ටත්වය මොනවට පැහැදිලිවෙි.
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
චංචල ළඳක් වුණා ද ඔබ මා
ඇසුරු කළා කියලා
මෙි ගීතයට ප්‍රතිෂ්ඨ වූ ජනශ්‍රැති උපමාකතාවක් ඇත. මෙනයින් රචකයා ගීතයට ප්‍රවෙිශ වන්නේ "නරියා සහ මිදි පොකුර" නමැති ප්‍රකට උපමාකතාව අනුසාරයෙනි. කථකයා අතීතාවර්ජනයක නියැළෙන්නේ තම පෙම්වතිය පිළිබඳ විප්‍රලමිභ ශෘංගාරරසයක ගිලෙමිනි. එහෙත් ඔහු ඇය ඇසුරේ ගෙවූ වසත්සමය සිහිකරන්නේ "අපහ්නුති" කාව්‍යාලංකාරයෙනි. අපහ්නුති කාව්‍යාලංකාරය යනු යම් වස්තුවක් එම අදහස් කළ වස්තුව නොවෙි ය යන්න විචිත්‍ර කථනයෙන් ගෙනහැර පෑමයි.පහත සඳහන් කවිය යටකී කතාව සාක්ෂාත් කිරීමට දෙස් දෙයි.
උවමක් නොවෙි පුන්සඳම ය පෙනෙන්නේ
සිරුරක් නොවෙි රන්කඳම ය පෙනෙන්නේ
අඟනක් ඇද්ද මෙ විලස දිසි නරන්නේ
සිහිනක් ම යයි සිතෙනුය මෙි පෙනෙන්නේ
මෙහිදී කවියාට කියන්නට අවශ්‍ය වී ඇත්තේ කාන්තාවගේ මුහුණ හා සිරුර ගැනය. එහෙත් මෙි සුන්දරත්වය ක්‍රියාපෑමට ඔහු උත්සාහ කරන්නේ වෙනත් ආකාරයකටය. මෙි ගීතයේ කථකයා ද තමා ඇසුරු කළ යුවතියට ලොබලිය වඩමින් උපමා රූපක රස මංජරියක ගිලෙයි. එහෙත් ඇය හා ගෙවු වසත්සමය පිළිබඳ ඔහුට දැන් ඇත්තේ සැක සංකා මුසු විචිකිච්ඡාවකි. මෙහිදී ඔහු ප්‍රකට ජනකතාවක් සිහිපත් කරයි.
මෙි වූකලි යම් දෙයක් නොලැබුණු පසු කෙනකු තම ලජ්ජාව වසන්කර ගැනීමට ගොතන ලද මුසාවක් නොවෙිද? නරියාට මිදි තිත්ත වූයේ ඌට එය කඩාගැනීමට නොහැකි වූ බැවිනි. මෙි කථකයාගේ පෙම්වතිය ද දැන් ඔහු අසල නැත. කෙසේ හෝ ඇයට ඔහුගේ සමාගම එපා වී ඇත. මෙි පද පෙළෙන් කථකයා නොකියා කියන්නේ ඇය චපල එකියක බව නොවෙිද? "චංචල ළඳක් වුණා ද ඔබ මා ඇසුරු කළා කියලා" යනුවෙන් කථකයා ඇගෙන් ප්‍රශ්න කරන්නේ එබඳු හැඟීමකිනි. එහෙත් ඇයට චපල ගැහැනියක වීමට අනුරාගික අනුබලය දී ඇත්තේ කවුරුන්ද ? ප්‍රේමයේ බ්‍රහ්මාස්වාදය, පරමානන්දය විඳීමට අනන්තය සොයා ගිය මෙි පෙම්වතුන් යුවළට සමාජයෙන් එල්ල වූ තාඩන, පීඩන බොහෝය. අන්‍යෝන්‍ය ආකර්ෂණය මත පමණක් පිහිටි මානවීය ප්‍රේමය කෙතරම් නම් ආස්වාදනීය, ආනන්දජනක වන්නේ දැයි මෙි දූෂිත සමාජ ගවර වළේ සිටින අපට සිහිනෙන් වත් සිතාගත නොහැකිය. එය තවදුරටත් නුබ ගැබ බබළන ආකාසපුෂ්පයක් ම නොවෙිද? මෙි කථකයා සමඟ කාමසම්භෝග සම්පර්කයට එළැඹුණු ඇය නොතිත් ආසාවෙන් තවත් පිරිමින්ගේ පහස පතන්නීය. කථකයාට නරියා සහ මිදිවල්ල සිහිවනුයේ එවිටය. ඇය එම අවිචාර අනාචාර හැසිරීම රටාවෙන් මුදාගැනීමට ඔහු ගත් උත්සාහය ව්‍යර්ථ වී ගිය පසු ඔහුට මෙි උපමාකතාව සිහිවෙයි.
මිනිස් වර්ගයාගේ ගූඪ චෛතසික චර්යාධර්ම මෙන්ම පන්ති සමාජය අහෝසි වනතුරු නිසිනියම ප්‍රේමය, උත්තරීතර ස්ත්‍රි -පුරුෂ සබැඳියාව මිහිමත පහළ නොවෙි. ස්ත්‍රී - පුරුෂ සම්භෝග සුවය සුවිශද කිරීමට දෘෂ්‍යකාව්‍ය නිර්මාණකරුවෝ ඉදුණු රත්පැහැ මිදි පොකුරු වැනි කාමුක රූපක සංකේතාත්මකව යොදාගනිති. මෙි ගීතයේ කථකයාට ද මිදි පොකුර සිහිවනුයේ කුමන රසයක් අහිමිවී ගිය පසුදැයි අපි නොදනිමු. කථකයා තම චිත්තවෙිගය යටපත් කරගන්නේ එහි ප්‍රණීත රසය දන්නා නිසා නොවේද? දෙදෙනාගේ සම්බන්ධය අවිච්ඡින්නව ගලා ගියේ ඒ රසයට ලෝලයෙනි. එහෙත් ඔහුට තවමත් මෙකී අතීතකාමයෙන් (Nostalgia) මිදීමට නොහැකි වී ඇත. මෙි වුකලි මිනිසා තුළ සහජයෙන් ඇතිවන ලිංගික මාත්සර්ය නොවෙිද?
මායිම් නැති ලෝකයක් කරා
අප පියවර මැනලා
ජීවිතයේ මුල මැද අග සෙව්වා
හදින් හදක් පුබුදා
සීමා මායිම් වැට කොටුපවුරු බිඳගෙන ඔවුහු බොහෝ දුර ගියහ. ගතානුගතික සමාජ ආචාරධර්ම පිළිබඳ දෙදෙනාට ම නිනව්වක් නොවීය. කායසංසර්ගය නොවන ප්‍රේමය විෂය කොටගන්නා කලා කෘතිවලින් විප්‍රලමිභ ශෘංගාර නම් රසය උපදී යැයි කියනු ලැබෙි. එයින් ගම්‍යවනුයේ මනෝමය ප්‍රේමයට අයත් මනෝගතිය යි. එහෙත් මෙි පෙම්වතුන් යුවළ එකිනෙකා මුණගැසුණේ එබඳු කාල්පනික ලෝකයක නොවෙි. ඔවුහු සැබෑ ලෝකයේ ප්‍රේමාස්වාදය පමණක් නොව කාමසම්භෝග සුවය ද විඳි සුදුර්ලභ ප්‍රේමවන්තයෝය. එකල්හී උනුන්ගේ හදවත් පිබිදීමකට ලක් වූ බවත් කථකයා කියයි. මෙකී දුක සැප මුසු අත්දැකීම් හරහා ඔවුහු ජීවිතයේ ගැඹුර විනිවිද දුටුවෝය. අප වසන මෙි සමාජයේ ඇති වන පෙම්සබඳතාවලින් සමහරක් කායිකවම බිඳී යයි. අනෙක් බැඳීම් කායිකව බිඳී නොගියත් බිඳි ගියා හා සමානව වැනි වැනී යාන්ත්‍රිකව පවතී. මෙි ගීතයෙන් කියවෙන්නේ ද ප්‍රේමය බිඳී වැටීමෙන් ශේෂ වූ නටබුන් ගැනය. දැන් ප්‍රේමය නැත. එදා විඳි සුඛප්‍රහර්ෂය අද දුඃඛස්පර්ශයක්කට පෙරළී ඇත. එහෙත් මෙි කථකයාට ප්‍රේමයේ නටබුන් දුටුවිට ඇති වන්නේ සන්තාපයකි. ප්‍රේමානිසංස දුක්බර වුවද ප්‍රණීත මිදි රසය ඔහුට කිසිදා අමතක කළ නොහැකිය. ඔහු ළතැවෙන්නේ එහි අමොද රසය නොලැබීම යෑම නිසා නොවෙිද?
සළාවැටුම් දහසක් ගෙවලා
මීවද පැණි පිරුවා
රුචි රුචි කුසුමේ පෙති දිග හැරුණා
සිතුම් පැතුම් සනසා
මෙි කථකයාගේ සිත සැමරුම් පටුවතේ පස්සට ඇදී යයි.එවිට ඔහුට සිහිවන්නේ දෙදෙනාගේ සම්බන්ධයට පැමිණි විවිධ බාධක හිරිහැර කම්කටොළු ගැනය. "සළාව" යනු දිය සුළිය යි. ජල පහරක් උස් ස්ථානයක සිට වෙිගයෙන් පහළට වැටීමෙිදී ඇති වන සැඩරළ සහිත සුළියකට "සළාවැටුම" යයි කියති. මෙනයින් එබඳු දිය සුළියකට හසුවූ කෙනකුට අත්වන ඉරණම අමුතුවෙන් කිය යුතු නොවෙි. මෙි පෙම්වතුන් යුවළ ද මෙකී අන්තරායකාරී, වෙිදනාකාරී සළාවැටුම් හෙවත් දියසුළි දහසකට පමණ හසුවී ඇත. එහෙත් ඔවුන් දෙදෙන අතර අනුක්‍රමයෙන් නැගී ආ ප්‍රේමය සමාජ විසමතාව නමැති පවුරේ හැපී බිඳී නොගියේය. ඔවුහු සියලු බාධක ජයගෙන සුළිකුණාටු අතරින් පෙු්මයේ දිව්‍යමය රසය ද වින්දෝය.
"සළාවැටුම් දහසක් ගෙවලා
මීවද පැණි පිරුවා"
ස්ත්‍රී - පුරුෂ සම්භෝග සුව වැළඳු බව ප්‍රකාශ කිරීමට මෙයටත් වඩා සංයත, වර්ණිත කාව්‍යෝක්තියක් තිබෙිද? මිදි පොකුර සේම කමාස්වාදයේ මිහිරි බව සංකේතවත් කිරීමට "මීවද පැණි" වැනි යෙදුමක් කෙතරම් ඖචිත්‍ය ද? මෙි සා රචකයාගේ පරිකල්පන ධාරිතාව කෙතරම් දැයි ගම්‍යවෙි. ගීතයේ අවසන් අන්තරා කොටසෙන් ද තියුණු ව්‍යාංගාර්ථයක් ධ්වනිත වෙයි.
රුචි රුචි කුසුමේ පෙති දිග හැරුණා
සිතුම් පැතුම් සනසා
සාහිත්‍යයේදී කුසුම, පියුම, මල, පුෂ්පය යනාදී වචනවලින් පිළිඹිබු වන්නේ ස්ත්‍රීත්වය යි.නාරිලාලිත්‍ය කාමසම්භෝග සම්පර්කයට රසඳුනකි. රමණීය රමණයක අරුමය විඳීමට ලිය නිල උද්දීපනය කළ යුතුය. මෙි බව වාත්ස්‍යානයන්ගේ කාමසූත්‍ර කෘතියේ ද සඳහන් වෙි. රචකයා මෙහිදී සංවෙිදි ස්ථාන සියල්ල මලකට උපමාකර තිබීම ද අර්ථපූර්ණය. වෙනත් වස්තුවක් ඊට ආදේශ කර තිබුණි නම් රස භංග වෙයි. සදාචාරයේ දුහුල් සළුව උනා දමා ඔවුන් දෙදෙන අනුරාගයේ උපරිම ආස්වාදය වින්ද බවට කථකයා ස්වයං පාපෝචිචාරණයක් ද කරයි. "රුචි රුචි කුසුමෙි පෙති දිග හැරුණා" යන පදපෙළෙහි වචනාර්ථය නම් කථකයා තමන්ට කැමති අයුරින් පෙම්සුව විඳි බවයි. ස්ත්‍රි -පුරුෂ සම්භෝගයේ අමොද සුවය විඳින්නෝ එහි රස දනිති. වාත්ස්‍යානයන්ගේ කාමසූත්‍රයට අනුව ජීවිතයේ මූලික අවශ්‍යතා තුනකි. එනම් අර්ථ, ධර්ම සහ කාමය යි. ලිංගික ආකර්ෂණයෙන් වියුක්ත ප්‍රේමය සිත මිස කය නැති බඹලොවකි. ජනශ්‍රැතියේ එන උපමාකතාවක් තේමාකර ගනිමින් ඔගස්ටස් විනයාගරත්නමුන් ගොඩනගන සංකල්ප රූප රස මංජරිය අපූරුය. මෙි ගීතයේ කිසිදු තැනක සක්ක පද හමුනොවෙි. අද කාලයේ "ගීත" නමින් එළි බසින හඩුබස් හරඹ මධ්‍යයෙහි මෙි කාව්‍යමය විශ්වකර්මය අනභිභවනීයය. කලකට පෙර මෙලොවින් සමුගත් ගායන ශිල්පී සෞම්‍ය කුමාර යාපා බණ්ඩාරයෝ ද භාවානුරාගී හඬපෞරුෂයක උරුමකරුවෙක් වෙති. ඔහුගේ ගායනය එතරම් ම හැඟුම්බරය. කන්කලුය. දයාරත්න රණතුංගයන්ගේ සංගීතය ද මධුර මනෝහරය. කව්රස, මියැසිරස, ගැයුම්රස යන තෙරස කලතා රසික මන නයන පොබකළ මෙි ගීමිණ විරල, අමිල, සපල නිමැවුමක් නොවෙිද?
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ