Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිසත්කමේ පාඩම කියා දුන් මැන්චෙස්ටර්හ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසත්කමේ පාඩම කියා දුන් මැන්චෙස්ටර්හ&

ඉස්සුවේ "Nimmi Muditha Herath Page" FB page එකෙන්

මිනිසත්කමේ පාඩම කියා දුන් මැන්චෙස්ටර්හි මහාමාරිය ගම්මානය

"කළු මරණය" (Black Death) හෙවත් මහාමාරිය මධ්‍යතන යුරෝපය බියෙන් ඇළල වූ ලොව බිහිසුණුම වසංගතයයි.

කළු මරණය වසංගතය මධ්‍යතන යුරෝපයේ පැතිරීම ඇරඹුණේ 1346 - 1353 අතර කාලසීමාව තුළදීය. ඉන්පසු යුරෝපය හා ආසියාව පුරා වේගයෙන් පැතිරී ගිය මහාමාරිය විසින් මිනිසුන් මිලියන සියයක් පමණ මිහිමතින් අතුගා දමනු ලැබිණ. මහාමාරිය නිසා මියගිය සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වෙතැයි කියවෙයි. මේ මහාමාරිය වසංගතය එවකට ලෝකයට තිබුණු බියකරුම ව්‍යසනයයි.

කළු මරණය වසංගතය ආසාදනය වූ විට රෝගියාගේ ශරීරය පුරා කළු පැහැති පුල්ලි මතුවෙයි. ඒ කළු පුල්ලි ඇතුළතින් ශරීරයේ මස් කුණු වී සැරව ගෙඩි ඇතිවී ඉන්පසු ඒ සැරව ගෙඩි පිපිරී ලේ ගලන්නට පටන් ගනී. රෝගියා අධික වේදනා විඳිමින්, සිහි විකල් වී මියයයි. රෝගය වැළඳුණ කෙනෙකුට මරණය නියත අත්දැකීමකි. එමෙන්ම මේ රෝගය සුලි සුළඟක් මෙන් වේගයෙන් පැතිර යන්නකි.

එනිසා මධ්‍යතන යුරෝපයේ නිවසක යම් කෙනෙකුට රෝගය වැළඳුනහොත් ඒ පවුලේ අය කළේ රෝගියා නිවසේ තනි කොට දමා නිවසේ කුරුසියක් ඇඳ තබා නිවෙස අතහැර පලාතකවත් නොසිට පලා යැමයි. මෙසේ පලායන මිනිසුන් නිසා රෝගය නොතිබුණු පැතිවලටද රෝගය පැතිරිණ. යුරෝපය පුරා මිනිස්සු මිලියන විස්සක් පමණ රෝගයෙන් මියගියහ.

මේ බිහිසුණු රෝගයට බියෙන් මිනිසුන් එසේ පලායද්දී අනෙක් මිනිසුන්ගේ ජීවිත බේරා ගන්නට තම ජීවිත කළු මරණයට කැප කළ මිනිසුන් පිරිසක්ද වූහ.

ඒ මැන්චෙස්ටර්හි ඉයැම් නම් ගම්මානයේය.

ඉයැම් ගම්මානයේ උන් සන්නාලියා වූයේ ඇලෙක්සැන්ඩර් හැඩ්ෆිල්ඩ්ය. ලන්ඩනයේ වෙළෙන්දෙකුගෙන් ඇලෙක්සැන්ඩර්ට ඇඳුම් පාර්සලයක් ලැබිණ. පාවිච්චි කර ඉවත් කරන ලද ඒ ඇඳුම්වල මහාමාරිය රෝග වාහක බැක්ටීරියාවන් ආසාදනය වී තිබුණු බව ඇලෙක්සැන්ඩර් දැන උන්නේ නැත. ඇඳුම් පාර්සලයේ තෙත ගතියක් තිබිණ. එනිසා ඇලෙක්සැන්ඩර් ඔහුගේ ගෝලයා වන ජෝර්- විකාස් අතට ඒ ඇඳුම් පාර්සලය දුන්නේ එහි ඇති ඇඳුම් පිරිසිදු කර වියළා ගන්නටය. ජෝර්- ඒ ඇඳුම් ගසා දමා රෙදි වේළන වැලෙහි වැනුවේය. රෙදි වල තිබුණු බැක්ටීරියා ඉයැම් ගම්මානයේ මඳසුළඟට එකතු විය. එතෙක් දවසක් ගම්මානයට නොපැමිණි "කළු මරණය" ගම්මානයට රිංගා ගත්තේ එලෙසය. සතියක් ගත වෙන්නටත් කලියෙන් ජෝර්- විකාස් කළු මරණයට ගොදුරුව මියගියේය. ඉන්පසු සන්නාලියාවත් ඔහුගේ මුළු පවුලමත් බිලි ගන්නට "කළු මරණය" මාරයාට ගතවූයේ සතියකටත් අඩු කාලයකි.

ඉන්පසු රෝගය ඉයැම් ගම්මානය පුරා වේගයෙන් පැතිරෙන්නට විය. ඒ වේගයෙන්ම මරණ බියද පැතිරුණි. ගමේ මිනිස්සු ගම අතහැර පලා යන්නට කතිකා කරගත්හ.

එහෙත් ගමේ උන් නිර්භීත වැඩිහිටියෙකු වූ විලියම් මොම්පෙසන් ඒ තීරණයට විරුද්ධ විය. ගමේ මිනිසුන් ගම අතහැර නොයා යුතු බව ඔහු කීවේය. කළු මරණය වසංගතය ඇති ගමකින් එන පුද්ගලයෙකු වසංගතයේ වාහකයෙකු විය හැකිය. ගමට වැළඳුන වසංගතය තවත් ගමකට ගෙනගොස් ඒ ගමේද මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළීම අපරාධයකි. තමන්ගේ ජීවිතය මිනිසුන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ හෙළීම ඉයැම් ගම්මානයේ මිනිසුන් විසින් නොකළ යුතු බව ඔහු කීවේය.

අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය මරණයට කැප කරන්නට තීරණය කිරීම සැබැවින්ම අසීරු තීරණයකි. එහෙත් අවසානයේදී ඉයැම් ගම්මානයේ මිනිසුන් ඒ තීරණයට එකඟ වූහ. ගම්මානයේ මිනිසුන්ගෙන් බහුතරයක් මියයනු ඇත. එහෙත් මේ මාරාන්තික රෝගය තවත් ගම්මානයකට හෝ නගරයකට රැගෙන යැමෙන් වැළකෙන්නට ඔවුහු තීරණය කළහ.

ඉන්පසු ඉයැම් ගම්මානයේ මිනිසුන් ගම්මානය වටා මායිම් ගල් සිට වූහ. ගම්මානයේ රෝගී වුවන් තබා නිරෝගීව සිටින අයෙකුවත් ඒ මායිම් වලින් පිටතට නොයන්නට දිවුරූහ. ගමට මහාමාරිය බෝවී ඇති බව ඒ මායිම් ගල් වල සීමාවේ අනතුරු ඇඟවීම් සටහන් කළහ.

මේ අනතුරු ඇඟවීම් පුවරු දුටු අසල්වැසි ගම්මාන වල අය ඉයැම් ගම්මානයට පැමිණීමෙන් වැළකුණහ. එහෙත් ඉයැම් ගම්මානයේ වැසියන්ට අවශ්‍ය ආහාර පාන සහ බේත් හේත් ඒ මායිම් ගල් අසලින් ගෙනැවිත් තබන්නට අසල්වැසි ගම්මාන වල මිනිසුන් කාරුණික වූහ. තම අසල්වැසියන් ගෙනැවිත් තබන කෑම බීම පවා නොමිලයේ ලබා ගන්නට ඉයැම් ගම්වැසියන් සූදානම් වූයේ නැත. ඔවුහු ඒවාට සරිලන මිල අසල්වැසි ගම්මාන වැසියන්ට ලබා දුන්හ. ඔවුහු විනාකිරෙන් පිරවූ කුඩා ළිඳකට කාසි දැමූහ. එවිට අසල්වැසි ගම්මාන වල අයට තමන් ගෙනැවිත් තබන ආහාර ද්‍රව්‍ය වලට සරිලන මුදල් ඒ විනාකිරි ළිඳෙන් ලබා ගත හැකිය. කාසි විනාකිරෙන් පොඟවා පිරිසිදු කළ විට එහි රෝගකාරක බැක්ටීරියා නැති වන බව ඔවුහු විශ්වාස කළහ. ඉයැම් ගම්මාන වැසියන් තම ගම්මානය වටා තැබූ මායිම් ගල්ද, විනාකිරි පිරවූ ළිඳද අදටත් දැකිය හැක. ඒ විනාකිරි ළිඳ අද හැදින්වෙන්නේ මොම්පෙසන් ළිඳ යනුවෙනි.

රෝගය ගම්මානයෙන් පිටතට පැතිරීම වළක්වන්නට මායිම් ගල් තැබූ ඉයැම් වැසියෝ ගම්මානය තුළ රෝගය පැතිරීම වළක්වන්නටත් පියවර ගත්හ. ගමේ දේවස්ථානය සොහොන් බිමෙන් ඈතට ගෙන ගියහ. රෝගයෙන් යම් අයෙකු මියගිය හොත් ඒ පවුලේම අයෙකු මියගිය අයගේ අවසන් කටයුතු කළ යුතු බවද වෙනත් කිසිවෙකු ඒ කටයුතු වලට සහභාගි වීම තහනම් බවද නීති පැනවූහ. එනිසා රෝගයෙන් මිය යන පවුලේ අයව මිහිදන් කරන්නට සිදුවූයේ පවුලේම අයටය. සමහර අයට තම මුළු පවුලම තනිවම මිහිදන් කිරීමේ කටුක අත්දැකීමට පවා මුහුණ දෙන්නට සිදුවිය. මේ තීරණය ගත් මොම්පෙසන්ටද තම මුළු පවුලම තම අත්දෙකින් තනිවම මිහිදන් කරන්නට සිදු විය.

මාස දාහතරකට පසු, කළු මරණය ගම්මානයට පැමිණි ලෙසින්ම හදිසියෙන් ගම්මානයෙන් අතුරුදන් වී ගියේය. ඒ වන විට ගම්මානයේ උන් ගම්වැසියන් 350 න් දෙසිය හැට ගණනක් මිය ගොසිනි. රෝගය ගමට පැමිණි මුල් දිනවල ගමෙන් පලා යන්නට හැකි වූවානම් ගම් වැසියන් එතරම් ප්‍රමාණයක් මිය නොයන්නටත් ඉඩ තිබිණ. එහෙත් ඔවුන් ගත් පරාර්ථකාමී තීරණය නිසා අසල්වැසි ගම්මානවල, නගර වල දහස් ගණන් මිනිස් ජීවිත බේරිණ.

අදටත් ඉයැම් ගම්මානය පුරා ඇත්තේ මිනිස් ජීවිත දහස් ගණනක් වෙනුවෙන් තම ජීවිත කැප කළ උතුම් මිනිසුන්ගේ මතක සටහන්ය. මේ අපූරු ගම්මානය බලන්නට අදටත් ඉයැම් ගම්මානයට ඇදෙන දහස් ගණන් සංචාරකයෝ ඒ උදාර කැපකිරීම කළ මිනිසුන් සිහිකොට මොම්පෙසන් ළිඳට කාසි දමති.

නිම්මි මුදිතා හේරත්

ඉරිදා දිවයින

16.04.2017

[QUOTE="malakadss, post: 24078963, member: 179884"] [b]මිනිසත්කමේ පාඩම කියා දුන් මැන්චෙස්ටර්හ&[/b] [SIZE="3"]ඉස්සුවේ "Nimmi Muditha Herath Page" FB page එකෙන්[/SIZE] [SIZE="3"][B]මිනිසත්කමේ පාඩම කියා දුන් මැන්චෙස්ටර්හි මහාමාරිය ගම්මානය .......................................... [/B][/SIZE] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/48957999_234968297403765_3524644106640818176_n.png?_nc_cat=106&_nc_ht=scontent.fcmb4-1.fna&oh=1def9879a2a2a7e842a95790df012164&oe=5C8B1A61[/IMG] [SIZE="3"]"කළු මරණය" (Black Death) හෙවත් මහාමාරිය මධ්‍යතන යුරෝපය බියෙන් ඇළල වූ ලොව බිහිසුණුම වසංගතයයි. කළු මරණය වසංගතය මධ්‍යතන යුරෝපයේ පැතිරීම ඇරඹුණේ 1346 - 1353 අතර කාලසීමාව තුළදීය. ඉන්පසු යුරෝපය හා ආසියාව පුරා වේගයෙන් පැතිරී ගිය මහාමාරිය විසින් මිනිසුන් මිලියන සියයක් පමණ මිහිමතින් අතුගා දමනු ලැබිණ. මහාමාරිය නිසා මියගිය සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වෙතැයි කියවෙයි. මේ මහාමාරිය වසංගතය එවකට ලෝකයට තිබුණු බියකරුම ව්‍යසනයයි. කළු මරණය වසංගතය ආසාදනය වූ විට රෝගියාගේ ශරීරය පුරා කළු පැහැති පුල්ලි මතුවෙයි. ඒ කළු පුල්ලි ඇතුළතින් ශරීරයේ මස් කුණු වී සැරව ගෙඩි ඇතිවී ඉන්පසු ඒ සැරව ගෙඩි පිපිරී ලේ ගලන්නට පටන් ගනී. රෝගියා අධික වේදනා විඳිමින්, සිහි විකල් වී මියයයි. රෝගය වැළඳුණ කෙනෙකුට මරණය නියත අත්දැකීමකි. එමෙන්ම මේ රෝගය සුලි සුළඟක් මෙන් වේගයෙන් පැතිර යන්නකි. එනිසා මධ්‍යතන යුරෝපයේ නිවසක යම් කෙනෙකුට රෝගය වැළඳුනහොත් ඒ පවුලේ අය කළේ රෝගියා නිවසේ තනි කොට දමා නිවසේ කුරුසියක් ඇඳ තබා නිවෙස අතහැර පලාතකවත් නොසිට පලා යැමයි. මෙසේ පලායන මිනිසුන් නිසා රෝගය නොතිබුණු පැතිවලටද රෝගය පැතිරිණ. යුරෝපය පුරා මිනිස්සු මිලියන විස්සක් පමණ රෝගයෙන් මියගියහ. මේ බිහිසුණු රෝගයට බියෙන් මිනිසුන් එසේ පලායද්දී අනෙක් මිනිසුන්ගේ ජීවිත බේරා ගන්නට තම ජීවිත කළු මරණයට කැප කළ මිනිසුන් පිරිසක්ද වූහ. ඒ මැන්චෙස්ටර්හි ඉයැම් නම් ගම්මානයේය. ඉයැම් ගම්මානයේ උන් සන්නාලියා වූයේ ඇලෙක්සැන්ඩර් හැඩ්ෆිල්ඩ්ය. ලන්ඩනයේ වෙළෙන්දෙකුගෙන් ඇලෙක්සැන්ඩර්ට ඇඳුම් පාර්සලයක් ලැබිණ. පාවිච්චි කර ඉවත් කරන ලද ඒ ඇඳුම්වල මහාමාරිය රෝග වාහක බැක්ටීරියාවන් ආසාදනය වී තිබුණු බව ඇලෙක්සැන්ඩර් දැන උන්නේ නැත. ඇඳුම් පාර්සලයේ තෙත ගතියක් තිබිණ. එනිසා ඇලෙක්සැන්ඩර් ඔහුගේ ගෝලයා වන ජෝර්- විකාස් අතට ඒ ඇඳුම් පාර්සලය දුන්නේ එහි ඇති ඇඳුම් පිරිසිදු කර වියළා ගන්නටය. ජෝර්- ඒ ඇඳුම් ගසා දමා රෙදි වේළන වැලෙහි වැනුවේය. රෙදි වල තිබුණු බැක්ටීරියා ඉයැම් ගම්මානයේ මඳසුළඟට එකතු විය. එතෙක් දවසක් ගම්මානයට නොපැමිණි "කළු මරණය" ගම්මානයට රිංගා ගත්තේ එලෙසය. සතියක් ගත වෙන්නටත් කලියෙන් ජෝර්- විකාස් කළු මරණයට ගොදුරුව මියගියේය. ඉන්පසු සන්නාලියාවත් ඔහුගේ මුළු පවුලමත් බිලි ගන්නට "කළු මරණය" මාරයාට ගතවූයේ සතියකටත් අඩු කාලයකි. ඉන්පසු රෝගය ඉයැම් ගම්මානය පුරා වේගයෙන් පැතිරෙන්නට විය. ඒ වේගයෙන්ම මරණ බියද පැතිරුණි. ගමේ මිනිස්සු ගම අතහැර පලා යන්නට කතිකා කරගත්හ. එහෙත් ගමේ උන් නිර්භීත වැඩිහිටියෙකු වූ විලියම් මොම්පෙසන් ඒ තීරණයට විරුද්ධ විය. ගමේ මිනිසුන් ගම අතහැර නොයා යුතු බව ඔහු කීවේය. කළු මරණය වසංගතය ඇති ගමකින් එන පුද්ගලයෙකු වසංගතයේ වාහකයෙකු විය හැකිය. ගමට වැළඳුන වසංගතය තවත් ගමකට ගෙනගොස් ඒ ගමේද මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළීම අපරාධයකි. තමන්ගේ ජීවිතය මිනිසුන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ හෙළීම ඉයැම් ගම්මානයේ මිනිසුන් විසින් නොකළ යුතු බව ඔහු කීවේය. අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය මරණයට කැප කරන්නට තීරණය කිරීම සැබැවින්ම අසීරු තීරණයකි. එහෙත් අවසානයේදී ඉයැම් ගම්මානයේ මිනිසුන් ඒ තීරණයට එකඟ වූහ. ගම්මානයේ මිනිසුන්ගෙන් බහුතරයක් මියයනු ඇත. එහෙත් මේ මාරාන්තික රෝගය තවත් ගම්මානයකට හෝ නගරයකට රැගෙන යැමෙන් වැළකෙන්නට ඔවුහු තීරණය කළහ. ඉන්පසු ඉයැම් ගම්මානයේ මිනිසුන් ගම්මානය වටා මායිම් ගල් සිට වූහ. ගම්මානයේ රෝගී වුවන් තබා නිරෝගීව සිටින අයෙකුවත් ඒ මායිම් වලින් පිටතට නොයන්නට දිවුරූහ. ගමට මහාමාරිය බෝවී ඇති බව ඒ මායිම් ගල් වල සීමාවේ අනතුරු ඇඟවීම් සටහන් කළහ. මේ අනතුරු ඇඟවීම් පුවරු දුටු අසල්වැසි ගම්මාන වල අය ඉයැම් ගම්මානයට පැමිණීමෙන් වැළකුණහ. එහෙත් ඉයැම් ගම්මානයේ වැසියන්ට අවශ්‍ය ආහාර පාන සහ බේත් හේත් ඒ මායිම් ගල් අසලින් ගෙනැවිත් තබන්නට අසල්වැසි ගම්මාන වල මිනිසුන් කාරුණික වූහ. තම අසල්වැසියන් ගෙනැවිත් තබන කෑම බීම පවා නොමිලයේ ලබා ගන්නට ඉයැම් ගම්වැසියන් සූදානම් වූයේ නැත. ඔවුහු ඒවාට සරිලන මිල අසල්වැසි ගම්මාන වැසියන්ට ලබා දුන්හ. ඔවුහු විනාකිරෙන් පිරවූ කුඩා ළිඳකට කාසි දැමූහ. එවිට අසල්වැසි ගම්මාන වල අයට තමන් ගෙනැවිත් තබන ආහාර ද්‍රව්‍ය වලට සරිලන මුදල් ඒ විනාකිරි ළිඳෙන් ලබා ගත හැකිය. කාසි විනාකිරෙන් පොඟවා පිරිසිදු කළ විට එහි රෝගකාරක බැක්ටීරියා නැති වන බව ඔවුහු විශ්වාස කළහ. ඉයැම් ගම්මාන වැසියන් තම ගම්මානය වටා තැබූ මායිම් ගල්ද, විනාකිරි පිරවූ ළිඳද අදටත් දැකිය හැක. ඒ විනාකිරි ළිඳ අද හැදින්වෙන්නේ මොම්පෙසන් ළිඳ යනුවෙනි. රෝගය ගම්මානයෙන් පිටතට පැතිරීම වළක්වන්නට මායිම් ගල් තැබූ ඉයැම් වැසියෝ ගම්මානය තුළ රෝගය පැතිරීම වළක්වන්නටත් පියවර ගත්හ. ගමේ දේවස්ථානය සොහොන් බිමෙන් ඈතට ගෙන ගියහ. රෝගයෙන් යම් අයෙකු මියගිය හොත් ඒ පවුලේම අයෙකු මියගිය අයගේ අවසන් කටයුතු කළ යුතු බවද වෙනත් කිසිවෙකු ඒ කටයුතු වලට සහභාගි වීම තහනම් බවද නීති පැනවූහ. එනිසා රෝගයෙන් මිය යන පවුලේ අයව මිහිදන් කරන්නට සිදුවූයේ පවුලේම අයටය. සමහර අයට තම මුළු පවුලම තනිවම මිහිදන් කිරීමේ කටුක අත්දැකීමට පවා මුහුණ දෙන්නට සිදුවිය. මේ තීරණය ගත් මොම්පෙසන්ටද තම මුළු පවුලම තම අත්දෙකින් තනිවම මිහිදන් කරන්නට සිදු විය. මාස දාහතරකට පසු, කළු මරණය ගම්මානයට පැමිණි ලෙසින්ම හදිසියෙන් ගම්මානයෙන් අතුරුදන් වී ගියේය. ඒ වන විට ගම්මානයේ උන් ගම්වැසියන් 350 න් දෙසිය හැට ගණනක් මිය ගොසිනි. රෝගය ගමට පැමිණි මුල් දිනවල ගමෙන් පලා යන්නට හැකි වූවානම් ගම් වැසියන් එතරම් ප්‍රමාණයක් මිය නොයන්නටත් ඉඩ තිබිණ. එහෙත් ඔවුන් ගත් පරාර්ථකාමී තීරණය නිසා අසල්වැසි ගම්මානවල, නගර වල දහස් ගණන් මිනිස් ජීවිත බේරිණ. අදටත් ඉයැම් ගම්මානය පුරා ඇත්තේ මිනිස් ජීවිත දහස් ගණනක් වෙනුවෙන් තම ජීවිත කැප කළ උතුම් මිනිසුන්ගේ මතක සටහන්ය. මේ අපූරු ගම්මානය බලන්නට අදටත් ඉයැම් ගම්මානයට ඇදෙන දහස් ගණන් සංචාරකයෝ ඒ උදාර කැපකිරීම කළ මිනිසුන් සිහිකොට මොම්පෙසන් ළිඳට කාසි දමති. නිම්මි මුදිතා හේරත් ඉරිදා දිවයින 16.04.2017[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom