Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යා ඝාතනයේ සැකකරු නිදහස් කිරීම - ලලිත් ජයසිංහ පසුපස ළමා කටයුතු ඇමතිනියත්

215 මැයි 13 වන දා සිවලෝගනාදන් විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කොට ඝාතනය කිරීම මුළු මහත් ලාංකේය සමාජය ම සසල කළ සිදුවීමක් විය. එම සිසුවියව වධ බන්ධනයන්ට ලක් කොට ඝාතනය කර තිබූ කුරිරු ආකාරය එම කාමාතුර අපරාධකරුවන් කෙරෙහි රට ම පාහේ කෝපාග්නියෙන් අවුළුවා ලීය. එහෙත් දැන් වාර්තා වන කරුණු අනුව එකී අපරාධකරුවන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතුව අපරාධකරුවන්ට උපකාර කරන්නට ඉදිරිපත් වී ඇති සංවිධාන ජාලය ද සුළු පටු නොවේ.

මෙම නින්දිත අපරාධයෙහි ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාව යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශවාසීන් විසින් කොටු කරගෙන තිබියදී ඔහුව පොලිස් භාරයට ගෙන, ඔහුට පළා යන්නට ඉඩ සලසා දී තිබුණේ එවකට යාපනය ප්‍රදේශය භාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් ජයසිංහ විසිනි. ලලිත් ජයසිංහ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය තමිල්මාරන් මීට සම්බන්ධ වූ ආකාරය අපි මීට පෙර පුවත් මඟින් හෙළිදරව් කළෙමු. දෙවසරකට පසුව හෝ ලලිත් ජයසිංහ ජ්යේ.නි.පො.ප. වරයා මේ සම්බන්ධයෙන් පසුගිය දා අත් අඩංගුවට ගැණුනු අතර ඔහු වැඩ තහනමකට ද ලක් කෙරිණි.

සැකකරු නිදහස් කිරීමට ළමා කටයුතු ඇමතිනියගෙන් ඉල්ලීමක්

වාර්තා වන අන්දමට, මහාචාර්ය තමිල්මාරන් මීට පැටලෙන්නේ ද ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් නිසාය. විජයකලා මහේශ්වරන් ඇමතිනිය මහාචාර්යවරයාව අමතා " මේ කොල්ලා හොඳ එකෙක්. අපි දන්න එකෙක්. ස්විස් ඉන්නෙත්. මෙයාට මේ වෙලාවේ උදව් කරන්න. මෙයාත් ඔයාලට උදව් කරයි" යනුවෙන් ප්‍රකාශ කරමින් මහාලිංගම් සශීකුමාර් නිදහස් කරන මෙන් ලලිත් ජයසිංහට බලපෑම් කිරීමට මහාචාර්ය තමිල්මාරන්ව පොළඹවාගෙන තිබේ. ලලිත් ජයසිංහ යනු මහාචාර්ය තමිල්මාරන්ගේ ගෝලයෙකි. විජයකලාගේ ඉල්ලීම පසුපස තවත් රහසක් තිබේ. එනම් මහාචාර්ය තමිල්මාරන් ඊළඟ මැතිවරණයකදී කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශය සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් තරඟ වැදීමට බලාපොරොත්තුවෙන් සිටීමයි. සශීකුමාර් යනු පුංකුඩුතිව් ප්‍රදේශයේ ජාවාරම්කාරයෙකි, වචනයෙන් ම කීවොත් 'ගේම් කාරයෙකි'. ඡන්දයකට යන විට තමිල්මාරන්ට ඔහුගේ 'උදව්' වුවමනා ය.

විජයකලා සහ තුවාරකේශ්වරන්

විජයකලා මහේශ්වරන් යනු හිටපු යාපනය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ත්‍යාගරාජා මහේශ්වරන්ගේ බිරිඳයි. ටී. මහේෂවරන් ජීවතුන් අතර සිටින තාක් කළේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරය දරන අතර ම එක් පසෙකින් මහින්ද රාජපක්ෂ සමඟ 'ඩීල්' දමමින් සහ අනෙත් පසෙන් එල්.ටී.ටී.ඊ.යට කප්පම් ගෙවමින් උතුරු පළාතේ වෙළඳ ඒකාධිකාරයක් පිහිටුවා ගැනීමයි. මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මරණයට පත්වන්නේ ද මෙකී කප්පම් ගැටළුවක් නිසා බව කියැවේ. මහේශ්වරන්ගේ මරණයෙන් පසුව මෙම වෙළඳ අධිරාජ්‍ය වෙනුවෙන් ඉදිරියට එන්නේ විජයකලා සහ මහේශ්වරන්ගේ බාල සොයුරු ත්‍යාගරාජා තුවාරකේශ්වරන් ය. ඔවුන් දෙදෙනා දෙපසකින් සටන් වදින්නේ මේ වෙළඳ අධිරාජ්‍ය බෙදාගැනීම වෙනුවෙන් ය. රාජපක්ෂලා බලයේ සිටින තාක් ඔවුන් සමඟ ඩීල් දැමූ විජයකලා සහ තුවාරකේශ්වරන් දැන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සෙවණෙහිය. රාජපක්ෂලා අරලියගහ මන්දිරයෙන් එළියට ඇද දැමුණත් මහේශ්වරන් පවුලේ නෑනා මස්සිනාලා තවමත් අරලියගහ මන්දිරයට රිංගති. එසේ ඉහළින් ලබා ගන්නා දේශපාලන හයියෙන් බිම් මට්ටමේ ජාවාරම්කාරයින්, චණ්ඩින් පෝෂණය කරති. ස්විස් කුමාර් සම්බන්ධයෙන් ද වූයේ මෙයයි.

ස්විස් කුමාර් කොළඹ ගෙනාවේ කවුද ?

තහවුරු නොකළ ආරංචිමාර්ග වලට අනුව ලලිත් ජයසිංහ විසින් මහාචාර්ය තමිල්මාරන්ගේ ඉල්ලීම අනුව නිදහස් කරනු ලැබූ ස්විස් කුමාර් කොළඹට රැගෙන විත් ඇත්තේ ද ත්‍යාගරාජා තුවාරකේශ්වරන් විසිනි. මෙය ද දේශපාලන බලය සහ ජාවාරම් බැඳී ඇති තරම මනාව පෙන්නුම් කරයි. බලය උදෙසාම විජයකලා සහ තුවාරකේශ්වරන් දෙදෙනා අතර සතුරුකමක් තිබුණ ද ජාවාරම්කරුවකු වන ස්විස් කුමාර්ට මේ දෙදෙනාගේ ම සහාය හිමිය. තුවාරකේශ්වරන්ගේ උදව් එතැනින් ද නතර වී නොමැත. විද්‍යා ඝාතන නඩුවේ අගතියට පත් පාර්ශ්වකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින්නේ නීතීඥ කේ.වී. තවරාසා ය. නීතීඥ තවරාසාව නඩුවට සම්බන්ධ කර නොගන්නා මෙන් විද්‍යාගේ පවුලේ සාමාජිකයින්ට තුවාරකේශ්වරන් විසින් තර්ජනය කර තිබේ. මොවුන්ට දේශපාලන බලය අවශ්‍ය වන්නේ ද අවසානයේ මුදල් සෙවීම සඳහා ය. මුදල් වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට මොවුන් සූදානම් ය.

විද්‍යා ඝාතනයට හේතු

විද්‍යා ඝාතනයේ ද කෙළවර පවතින්නේ මුදල් ය. මෙය හුදෙක් පලිගැනීමක් නම් මේ සමූහ දූෂණය සම්පූර්ණයෙන් වීඩියෝ කිරීමේ වුවමනාවක් එන්නේ නැත. සිවිස් කුමාර්ගේ අරමුණ වී ඇත්තේ මෙම සමූහ දූෂණයෙහි වීඩියෝව අන්තර්ජාලයෙහි ඉහළ මුදලකට විකුණා ගැනීම ය. ස්විස් කුමාර් කාමුක ආශාවෙන් ම පෙළඹුනා නම් ඔහු විසින් ම විද්‍යාව දූෂණය කිරීමට ඉඩ තිබිණි, එහෙත් ඔහු මෙහිදී කරන්නේ සමූහ දූෂණයේ සංවිධායකවරයාගේ භූමිකාව ය. ඔහු සිය කල්ලියට අවශ්‍ය මත්පැන් ආදිය සපයා දී ඔවුන් අර අසරණ පාසැල් දැරිය සමූහ දූෂණයට ලක් කරන අයුරු වීඩියෝ කිරීමට කටයුතු කර තිබිණි. මුදල් වෙනුවෙන් මෙතරම් තුප්පහි වැඩ කරන්නන්ට හිමිවිය යුතු දඬුවම කුමක්ද ?

එසේම නීතියෙහි Alibi යනුවෙන් සිද්ධාන්තයක් තිබේ. මෙය අපරාධ නඩුවලදී භාවිතා කෙරෙන්නකි. සැකකරු අපරාධය සිදුවන අවස්ථාවේදී වෙනත් ස්ථානයක සිටි බව ඔප්පු කිරීම මෙහිදී සිදු වේ. ස්විස් කුමාර් මීට ද සූදානම් ව සිට ඇත. විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කෙරුණේ 2015 මැයි 13 වනදා ය. ස්විස් කුමාර් විසින් වැල්ලවත්තේ ලැගුම් හලක් මැයි 12,13,14,15 යන දින සඳහා කලින් ම වෙන් කර මුදල් ගෙවා එහි රිසිට්පත් ද ලබාගෙන තිබිණි. ඔහුගේ උත්සාහය වී තිබුණේ තමා එදින වැල්ලවත්තේ සිටි බව අධිකරණයට ඔප්පු කිරීම ය. එහෙත් ලැගුම්හලෙහි හිමිකරු සාක්ෂි දෙමින් ස්විස් කුමාර් 12,13 දෙදින තුළ ලැගුම් හලෙහි නොසිටි බවත් ඔහු ලැගුම් හලට පැමිණියේ 14 වනදා බවත් ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් මින් පැහැදිලි වන්නේ ස්විස් කුමාර් නම් ජාවාරම් කරුවා මෙම අපරාධය සඳහා කොතෙක් දුරට සංවිධානය වී සිටියේද යන්න ය. එමෙන් ම ඔහුව විජයකලා සහ තුවාරකේශ්වරන් වැන්නන්ට මෙතරම් වටින්නේ ද මේ සංවිධානාත්මක බව නිසාමය යන්න ය.

පාතාල සංස්කෘතිය

මේ හරහා කියැවෙන තවත් කරුණක් වන්නේ යාපනය ප්‍රදේශයේ දැනට පවතින 'පාතාල පන්නයේ සංස්කෘතිය'යි. මෙහි කූට ප්‍රාප්තියක් වූයේ පසුගිය දා විද්‍යා ඝාතන නඩුවේම විනිසුරුවරයකු වෙත යාපනය නල්ලූර්හි දී එල්ල වුණු වෙඩි ප්‍රහාරයයි. යාපනය ප්‍රදේශය අද හන්දි ගානේ ඉන්නා චන්ඩින්ගේ සැණකෙළි බිමක් බවට පරිවර්තනය වෙමින් තිබේ. ඔවුන්ට රැකවරණ සපයන්නේ දේශපාලන බලාධිකාරියයි. විජයකලා මහේෂ්වරන් සහ තුවාරකේශ්වරන් අතර ද බලය වෙනුවෙන් ගැටුම් තිබේ. එහෙත් දෙදෙනාම විද්‍යා ඝාතනයේ මහමොළකරු මුදවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබේ. මින් පෙන්නුම් කෙරෙන්නේ බලය ඇති උදවිය බලය පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය චණ්ඩින්ට, ජාවාරම්කරුවන්ට අල්ලස් දීමේ, නඩත්තු කිරීමේ නින්දිත ස්වරූපයයි.

ටී. මහේශ්වරන් ජීවත්ව සිටියදී යාපනය ප්‍රදේශයේ ඔහුව හැඳින්වුණේ භූමිතෙල් මහේශ්වරන් නමිනි. ඔහුගේ වෙළඳ අධිරාජ්‍ය සතුව ජාවාරම් රාශියක් තිබිණි. අද ඒවායේ උරුමකරුවන් වී සිටින්නේ විජයකලා සහ තුවාරකේශ්වරන් ය. දැනට අත් අඩංගුවෙහි පසුවන හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ද සම්බන්ධ ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී සංක්‍රමණිකයින් ගෙනගිය මිනිස් ජාවාරමෙහි ද ඉහළින් ම විජයකලා මහේශ්වරන්ගේ නම සඳහන් ය. මෙම ජාවාරම් ජාලයෙහි කෙළවරක ස්විස් කුමාර් ද සාමාජිකයෙකි. විද්‍යා ඝාතනය හරහා අපට කියවාගැනීමට හැකිවන්නේ මෙකී නින්දිත, ජඩ ජාවාරම් ජාලය කොතෙක් පුළුල්ද කොතෙක් බලවත්ද යන්නයි.

එමෙන් ම තුවාරකේශ්වරන් විසින් මේවන විට සයිබර් පාතාල සංස්කෘතියක් ද හඳුන්වා දෙමින් සිටියි. ඔහු සිය ෆේස්බුක් ගිණුම පුරවාගෙන සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් හා ඔහු පෙනී සිටින ඡායාරූප වලිනි. එයින් තමන් සතු දේශපාලන බලය පෙන්වන මොහු තමන්ට එරෙහිවන ව්‍යාපාරිකයින්ට එම ෆේස්බුක් ගිණුම හරහා අවලාද නඟමින් පහර දෙයි.

දෙවරක් තැළෙන යාපනය

අද (25) දිනයේ විද්‍යා ඝාතන නඩුවෙහි ලලිත් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ප්‍රකාශ කළේ ද මෙහි සම්බන්ධතා ජාලය පිළිබඳව ය. පැය දෙකක දීර්ඝ දේශනයක් කරමින් ඔහු සඳහන් කළේ මෙම පාතාල සංස්කෘතික ස්වභාවය සහ සැකකරු මුදවාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති පාර්ශ්ව ගණනාව පිළිබඳව ය. එදා රාජපක්ෂ යුගයේ දී ඩග්ලස් දේවානන්දාගේ ගෝලයින්ගෙන් බැට කෑ යාපනයට අද රනිල් + මෛත්‍රී යුගයේ දී විජයකලාලාගේ තුවාරකේශ්වරන්ලාගේ ගෝලයින්ගෙන් බැට කන්නට සිදුව තිබේ. 'ගහ යට වැහි දෙකයි' කියා කතාවක් තිබේ. කුල පීඩනය තුළ කොහොමත් පසුගාමී යාපනය සමාජය 'පාතාල පන්නයේ සංස්කෘතිය' තුළ දෙවැනි වතාවටත් තැළෙන්නේ ඒ ආකාරයෙනි. මෙය සාමාන්‍ය ජනතාව තළා පෙළනා විෂම සංවිධාන ජාලයක් වී තිබේ.

මේ අනුව බලන කල විද්‍යා නම් 18 හැවිරිදි පාසැල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට කුරිරු ලෙස වධහිංසා පමුණුවා මරා දැමීමේ අපරාධයෙහි ප්‍රධාන සැකකරුවා මුදවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති බලවේග ද අති ප්‍රබල ය. ඒ අතර රටේ දැනට ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන්නියත් සිටිනා විට එවන් රටක ළමයින්ගේ ආරක්ෂාව ගැන අප පිහිට පැතිය යුත්තේ කාගෙන්ද ?

- http://sinhala.lankanewsweb.net/news/special-news/item/9960-2017-07-25-18-32-37

[QUOTE="monson, post: 22017379, member: 30005"] [B][SIZE="5"]විද්‍යා ඝාතනයේ සැකකරු නිදහස් කිරීම - ලලිත් ජයසිංහ පසුපස ළමා කටයුතු ඇමතිනියත්[/SIZE][/B] [SIZE="4"]215 මැයි 13 වන දා සිවලෝගනාදන් විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කොට ඝාතනය කිරීම මුළු මහත් ලාංකේය සමාජය ම සසල කළ සිදුවීමක් විය. එම සිසුවියව වධ බන්ධනයන්ට ලක් කොට ඝාතනය කර තිබූ කුරිරු ආකාරය එම කාමාතුර අපරාධකරුවන් කෙරෙහි රට ම පාහේ කෝපාග්නියෙන් අවුළුවා ලීය. එහෙත් දැන් වාර්තා වන කරුණු අනුව එකී අපරාධකරුවන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතුව අපරාධකරුවන්ට උපකාර කරන්නට ඉදිරිපත් වී ඇති සංවිධාන ජාලය ද සුළු පටු නොවේ. මෙම නින්දිත අපරාධයෙහි ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාව යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශවාසීන් විසින් කොටු කරගෙන තිබියදී ඔහුව පොලිස් භාරයට ගෙන, ඔහුට පළා යන්නට ඉඩ සලසා දී තිබුණේ එවකට යාපනය ප්‍රදේශය භාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් ජයසිංහ විසිනි. ලලිත් ජයසිංහ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය තමිල්මාරන් මීට සම්බන්ධ වූ ආකාරය අපි මීට පෙර පුවත් මඟින් හෙළිදරව් කළෙමු. දෙවසරකට පසුව හෝ ලලිත් ජයසිංහ ජ්යේ.නි.පො.ප. වරයා මේ සම්බන්ධයෙන් පසුගිය දා අත් අඩංගුවට ගැණුනු අතර ඔහු වැඩ තහනමකට ද ලක් කෙරිණි. සැකකරු නිදහස් කිරීමට ළමා කටයුතු ඇමතිනියගෙන් ඉල්ලීමක් වාර්තා වන අන්දමට, මහාචාර්ය තමිල්මාරන් මීට පැටලෙන්නේ ද ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් නිසාය. විජයකලා මහේශ්වරන් ඇමතිනිය මහාචාර්යවරයාව අමතා " මේ කොල්ලා හොඳ එකෙක්. අපි දන්න එකෙක්. ස්විස් ඉන්නෙත්. මෙයාට මේ වෙලාවේ උදව් කරන්න. මෙයාත් ඔයාලට උදව් කරයි" යනුවෙන් ප්‍රකාශ කරමින් මහාලිංගම් සශීකුමාර් නිදහස් කරන මෙන් ලලිත් ජයසිංහට බලපෑම් කිරීමට මහාචාර්ය තමිල්මාරන්ව පොළඹවාගෙන තිබේ. ලලිත් ජයසිංහ යනු මහාචාර්ය තමිල්මාරන්ගේ ගෝලයෙකි. විජයකලාගේ ඉල්ලීම පසුපස තවත් රහසක් තිබේ. එනම් මහාචාර්ය තමිල්මාරන් ඊළඟ මැතිවරණයකදී කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශය සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් තරඟ වැදීමට බලාපොරොත්තුවෙන් සිටීමයි. සශීකුමාර් යනු පුංකුඩුතිව් ප්‍රදේශයේ ජාවාරම්කාරයෙකි, වචනයෙන් ම කීවොත් 'ගේම් කාරයෙකි'. ඡන්දයකට යන විට තමිල්මාරන්ට ඔහුගේ 'උදව්' වුවමනා ය. විජයකලා සහ තුවාරකේශ්වරන් විජයකලා මහේශ්වරන් යනු හිටපු යාපනය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ත්‍යාගරාජා මහේශ්වරන්ගේ බිරිඳයි. ටී. මහේෂවරන් ජීවතුන් අතර සිටින තාක් කළේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරය දරන අතර ම එක් පසෙකින් මහින්ද රාජපක්ෂ සමඟ 'ඩීල්' දමමින් සහ අනෙත් පසෙන් එල්.ටී.ටී.ඊ.යට කප්පම් ගෙවමින් උතුරු පළාතේ වෙළඳ ඒකාධිකාරයක් පිහිටුවා ගැනීමයි. මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මරණයට පත්වන්නේ ද මෙකී කප්පම් ගැටළුවක් නිසා බව කියැවේ. මහේශ්වරන්ගේ මරණයෙන් පසුව මෙම වෙළඳ අධිරාජ්‍ය වෙනුවෙන් ඉදිරියට එන්නේ විජයකලා සහ මහේශ්වරන්ගේ බාල සොයුරු ත්‍යාගරාජා තුවාරකේශ්වරන් ය. ඔවුන් දෙදෙනා දෙපසකින් සටන් වදින්නේ මේ වෙළඳ අධිරාජ්‍ය බෙදාගැනීම වෙනුවෙන් ය. රාජපක්ෂලා බලයේ සිටින තාක් ඔවුන් සමඟ ඩීල් දැමූ විජයකලා සහ තුවාරකේශ්වරන් දැන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සෙවණෙහිය. රාජපක්ෂලා අරලියගහ මන්දිරයෙන් එළියට ඇද දැමුණත් මහේශ්වරන් පවුලේ නෑනා මස්සිනාලා තවමත් අරලියගහ මන්දිරයට රිංගති. එසේ ඉහළින් ලබා ගන්නා දේශපාලන හයියෙන් බිම් මට්ටමේ ජාවාරම්කාරයින්, චණ්ඩින් පෝෂණය කරති. ස්විස් කුමාර් සම්බන්ධයෙන් ද වූයේ මෙයයි. ස්විස් කුමාර් කොළඹ ගෙනාවේ කවුද ? තහවුරු නොකළ ආරංචිමාර්ග වලට අනුව ලලිත් ජයසිංහ විසින් මහාචාර්ය තමිල්මාරන්ගේ ඉල්ලීම අනුව නිදහස් කරනු ලැබූ ස්විස් කුමාර් කොළඹට රැගෙන විත් ඇත්තේ ද ත්‍යාගරාජා තුවාරකේශ්වරන් විසිනි. මෙය ද දේශපාලන බලය සහ ජාවාරම් බැඳී ඇති තරම මනාව පෙන්නුම් කරයි. බලය උදෙසාම විජයකලා සහ තුවාරකේශ්වරන් දෙදෙනා අතර සතුරුකමක් තිබුණ ද ජාවාරම්කරුවකු වන ස්විස් කුමාර්ට මේ දෙදෙනාගේ ම සහාය හිමිය. තුවාරකේශ්වරන්ගේ උදව් එතැනින් ද නතර වී නොමැත. විද්‍යා ඝාතන නඩුවේ අගතියට පත් පාර්ශ්වකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින්නේ නීතීඥ කේ.වී. තවරාසා ය. නීතීඥ තවරාසාව නඩුවට සම්බන්ධ කර නොගන්නා මෙන් විද්‍යාගේ පවුලේ සාමාජිකයින්ට තුවාරකේශ්වරන් විසින් තර්ජනය කර තිබේ. මොවුන්ට දේශපාලන බලය අවශ්‍ය වන්නේ ද අවසානයේ මුදල් සෙවීම සඳහා ය. මුදල් වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට මොවුන් සූදානම් ය. විද්‍යා ඝාතනයට හේතු විද්‍යා ඝාතනයේ ද කෙළවර පවතින්නේ මුදල් ය. මෙය හුදෙක් පලිගැනීමක් නම් මේ සමූහ දූෂණය සම්පූර්ණයෙන් වීඩියෝ කිරීමේ වුවමනාවක් එන්නේ නැත. සිවිස් කුමාර්ගේ අරමුණ වී ඇත්තේ මෙම සමූහ දූෂණයෙහි වීඩියෝව අන්තර්ජාලයෙහි ඉහළ මුදලකට විකුණා ගැනීම ය. ස්විස් කුමාර් කාමුක ආශාවෙන් ම පෙළඹුනා නම් ඔහු විසින් ම විද්‍යාව දූෂණය කිරීමට ඉඩ තිබිණි, එහෙත් ඔහු මෙහිදී කරන්නේ සමූහ දූෂණයේ සංවිධායකවරයාගේ භූමිකාව ය. ඔහු සිය කල්ලියට අවශ්‍ය මත්පැන් ආදිය සපයා දී ඔවුන් අර අසරණ පාසැල් දැරිය සමූහ දූෂණයට ලක් කරන අයුරු වීඩියෝ කිරීමට කටයුතු කර තිබිණි. මුදල් වෙනුවෙන් මෙතරම් තුප්පහි වැඩ කරන්නන්ට හිමිවිය යුතු දඬුවම කුමක්ද ? එසේම නීතියෙහි Alibi යනුවෙන් සිද්ධාන්තයක් තිබේ. මෙය අපරාධ නඩුවලදී භාවිතා කෙරෙන්නකි. සැකකරු අපරාධය සිදුවන අවස්ථාවේදී වෙනත් ස්ථානයක සිටි බව ඔප්පු කිරීම මෙහිදී සිදු වේ. ස්විස් කුමාර් මීට ද සූදානම් ව සිට ඇත. විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කෙරුණේ 2015 මැයි 13 වනදා ය. ස්විස් කුමාර් විසින් වැල්ලවත්තේ ලැගුම් හලක් මැයි 12,13,14,15 යන දින සඳහා කලින් ම වෙන් කර මුදල් ගෙවා එහි රිසිට්පත් ද ලබාගෙන තිබිණි. ඔහුගේ උත්සාහය වී තිබුණේ තමා එදින වැල්ලවත්තේ සිටි බව අධිකරණයට ඔප්පු කිරීම ය. එහෙත් ලැගුම්හලෙහි හිමිකරු සාක්ෂි දෙමින් ස්විස් කුමාර් 12,13 දෙදින තුළ ලැගුම් හලෙහි නොසිටි බවත් ඔහු ලැගුම් හලට පැමිණියේ 14 වනදා බවත් ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් මින් පැහැදිලි වන්නේ ස්විස් කුමාර් නම් ජාවාරම් කරුවා මෙම අපරාධය සඳහා කොතෙක් දුරට සංවිධානය වී සිටියේද යන්න ය. එමෙන් ම ඔහුව විජයකලා සහ තුවාරකේශ්වරන් වැන්නන්ට මෙතරම් වටින්නේ ද මේ සංවිධානාත්මක බව නිසාමය යන්න ය. පාතාල සංස්කෘතිය මේ හරහා කියැවෙන තවත් කරුණක් වන්නේ යාපනය ප්‍රදේශයේ දැනට පවතින 'පාතාල පන්නයේ සංස්කෘතිය'යි. මෙහි කූට ප්‍රාප්තියක් වූයේ පසුගිය දා විද්‍යා ඝාතන නඩුවේම විනිසුරුවරයකු වෙත යාපනය නල්ලූර්හි දී එල්ල වුණු වෙඩි ප්‍රහාරයයි. යාපනය ප්‍රදේශය අද හන්දි ගානේ ඉන්නා චන්ඩින්ගේ සැණකෙළි බිමක් බවට පරිවර්තනය වෙමින් තිබේ. ඔවුන්ට රැකවරණ සපයන්නේ දේශපාලන බලාධිකාරියයි. විජයකලා මහේෂ්වරන් සහ තුවාරකේශ්වරන් අතර ද බලය වෙනුවෙන් ගැටුම් තිබේ. එහෙත් දෙදෙනාම විද්‍යා ඝාතනයේ මහමොළකරු මුදවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබේ. මින් පෙන්නුම් කෙරෙන්නේ බලය ඇති උදවිය බලය පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය චණ්ඩින්ට, ජාවාරම්කරුවන්ට අල්ලස් දීමේ, නඩත්තු කිරීමේ නින්දිත ස්වරූපයයි. ටී. මහේශ්වරන් ජීවත්ව සිටියදී යාපනය ප්‍රදේශයේ ඔහුව හැඳින්වුණේ භූමිතෙල් මහේශ්වරන් නමිනි. ඔහුගේ වෙළඳ අධිරාජ්‍ය සතුව ජාවාරම් රාශියක් තිබිණි. අද ඒවායේ උරුමකරුවන් වී සිටින්නේ විජයකලා සහ තුවාරකේශ්වරන් ය. දැනට අත් අඩංගුවෙහි පසුවන හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ද සම්බන්ධ ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී සංක්‍රමණිකයින් ගෙනගිය මිනිස් ජාවාරමෙහි ද ඉහළින් ම විජයකලා මහේශ්වරන්ගේ නම සඳහන් ය. මෙම ජාවාරම් ජාලයෙහි කෙළවරක ස්විස් කුමාර් ද සාමාජිකයෙකි. විද්‍යා ඝාතනය හරහා අපට කියවාගැනීමට හැකිවන්නේ මෙකී නින්දිත, ජඩ ජාවාරම් ජාලය කොතෙක් පුළුල්ද කොතෙක් බලවත්ද යන්නයි. එමෙන් ම තුවාරකේශ්වරන් විසින් මේවන විට සයිබර් පාතාල සංස්කෘතියක් ද හඳුන්වා දෙමින් සිටියි. ඔහු සිය ෆේස්බුක් ගිණුම පුරවාගෙන සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් හා ඔහු පෙනී සිටින ඡායාරූප වලිනි. එයින් තමන් සතු දේශපාලන බලය පෙන්වන මොහු තමන්ට එරෙහිවන ව්‍යාපාරිකයින්ට එම ෆේස්බුක් ගිණුම හරහා අවලාද නඟමින් පහර දෙයි. දෙවරක් තැළෙන යාපනය අද (25) දිනයේ විද්‍යා ඝාතන නඩුවෙහි ලලිත් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ප්‍රකාශ කළේ ද මෙහි සම්බන්ධතා ජාලය පිළිබඳව ය. පැය දෙකක දීර්ඝ දේශනයක් කරමින් ඔහු සඳහන් කළේ මෙම පාතාල සංස්කෘතික ස්වභාවය සහ සැකකරු මුදවාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති පාර්ශ්ව ගණනාව පිළිබඳව ය. එදා රාජපක්ෂ යුගයේ දී ඩග්ලස් දේවානන්දාගේ ගෝලයින්ගෙන් බැට කෑ යාපනයට අද රනිල් + මෛත්‍රී යුගයේ දී විජයකලාලාගේ තුවාරකේශ්වරන්ලාගේ ගෝලයින්ගෙන් බැට කන්නට සිදුව තිබේ. 'ගහ යට වැහි දෙකයි' කියා කතාවක් තිබේ. කුල පීඩනය තුළ කොහොමත් පසුගාමී යාපනය සමාජය 'පාතාල පන්නයේ සංස්කෘතිය' තුළ දෙවැනි වතාවටත් තැළෙන්නේ ඒ ආකාරයෙනි. මෙය සාමාන්‍ය ජනතාව තළා පෙළනා විෂම සංවිධාන ජාලයක් වී තිබේ. මේ අනුව බලන කල විද්‍යා නම් 18 හැවිරිදි පාසැල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට කුරිරු ලෙස වධහිංසා පමුණුවා මරා දැමීමේ අපරාධයෙහි ප්‍රධාන සැකකරුවා මුදවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති බලවේග ද අති ප්‍රබල ය. ඒ අතර රටේ දැනට ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන්නියත් සිටිනා විට එවන් රටක ළමයින්ගේ ආරක්ෂාව ගැන අප පිහිට පැතිය යුත්තේ කාගෙන්ද ?[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/special-news/item/9960-2017-07-25-18-32-37[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom