Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලසන්ත ඝාතනයේ අතුරුදන් ලේඛනවලට සමාන ලිපි ගණනාවක් ගල්කිස්ස හිටපු අපරාධ අංශ ලොක්කාගේ නිවසින් හමු වෙයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී ලසන්ත ඝාතනය හා සම්බන්ධ අතුරුදන්වූ ලිපි ලේඛනවලට සමාන ලේඛන ගණනාවක් සොයාගෙන තිබේ.

රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අත්අඩංගුවට ගන්නා ලද හිටපු අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතපාල මහතාගේ නිවසේ සඟවා තිබූ එම ඝාතනයට අයත් කූට ලේඛන ද ඒ අතර තිබූ බව පැවසේ.

2009 වර්ෂයේ ජනවාරි 08 වැනි දින අත්තිඩිය මලයාර් පාසල අසලදී යතුරුපැදියක පැමිණි දෙදෙනකු විසින් ලසන්ත වික්‍රමතුංග මහතා පසුපස ලුහුබඳිමින් පැමිණ ඒ මහතාගේ මෝටර් රථය හරස් කර නවතා උල් ආයුධයකින් ඇන අමානුෂික ලෙස ඒ මහතා ඝාතනය කර තිබිණි.

වසර හතක් තිස්සේ මේ අපරාධය සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදු නොවීය. වර්තමාන රජය බලයට පැමිණි පසු මෙම අභිරහස් ඝාතනයේ සුලමුල සොයා ගැනීමට සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට එම ඝාතනය සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එහිදී ලසන්ත ඝාතනය ඉතාමත් සැලසුම්සහගත බුද්ධි අංශ ඔත්තුකරුවන් යොදා සිදුකර එවකට සිටි පොලිස් නිලධාරීන්ගේ සහයෙන් පරීක්ෂණ සහ එම අපරාධ ඔප්පු කර ගැනීමට ඇති සාක්ෂි සඟවා ඇති බව හෙළිවී ඇත.

ඒ අනුව පසුගිය සතියේ ගල්කිස්ස හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුට ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණ උපදෙස් මත ලසන්ත ඝාතනය හා සම්බන්ධ පරීක්ෂණ සිදුකළ බව පිළිගෙන ඇත.

එහිදී එම නිලධාරියාගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ ලියකියවිලි සහ කූට ලේඛන සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර එම පරීක්ෂණ යටගසා ත්‍රස්තවාදී විමර්ශන අංශයට පරීක්ෂණ භාරකර එම ඝාතනය කොටි සංවිධානය කළ එකක් බවට පෙන්වීමට කටයුතු කළැයි සැකකෙරෙන අතර ඒ අවස්ථාවේදී පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදෙස් ගමන් ගල්කිස්ස අධිකරණය මඟින් අත්හිටුවා ඇත. ඉදිරි දිනවලදී එම නිලධාරීන්ගෙන් යළි ප්‍රකාශ සටහන් කර ගැනීමටත්, විදෙස්ගතව සිටින හිටපු පොලිස්පතිවරයකුගෙන් ප්‍රකාශ ලබාගැනීමටත් නියමිතව තිබේ.

අත්අඩංගුවට පත් ගල්කිස්ස හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. ලබන 16 වැනිදා ගල්කිස්ස අධිකරණයේදී ලසන්ත ඝාතන නඩුව යළි කැඳවීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගන්නා ලද ලසන්ත ඝාතනය හා සම්බන්ධ තොරතුරු රැසක් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

- http://www.dinamina.lk/2018/02/09/පුවත්/48730/ලසන්ත-ඝාතනයේ-අතුරුදන්-ලේඛනවලට-සමාන-ලිපි-ගණනාවක්

[QUOTE="monson, post: 22829779, member: 30005"] [B][SIZE="5"]ලසන්ත ඝාතනයේ අතුරුදන් ලේඛනවලට සමාන ලිපි ගණනාවක් ගල්කිස්ස හිටපු අපරාධ අංශ ලොක්කාගේ නිවසින් හමු වෙයි[/SIZE][/B] [SIZE="4"] සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී ලසන්ත ඝාතනය හා සම්බන්ධ අතුරුදන්වූ ලිපි ලේඛනවලට සමාන ලේඛන ගණනාවක් සොයාගෙන තිබේ. රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අත්අඩංගුවට ගන්නා ලද හිටපු අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතපාල මහතාගේ නිවසේ සඟවා තිබූ එම ඝාතනයට අයත් කූට ලේඛන ද ඒ අතර තිබූ බව පැවසේ. 2009 වර්ෂයේ ජනවාරි 08 වැනි දින අත්තිඩිය මලයාර් පාසල අසලදී යතුරුපැදියක පැමිණි දෙදෙනකු විසින් ලසන්ත වික්‍රමතුංග මහතා පසුපස ලුහුබඳිමින් පැමිණ ඒ මහතාගේ මෝටර් රථය හරස් කර නවතා උල් ආයුධයකින් ඇන අමානුෂික ලෙස ඒ මහතා ඝාතනය කර තිබිණි. වසර හතක් තිස්සේ මේ අපරාධය සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදු නොවීය. වර්තමාන රජය බලයට පැමිණි පසු මෙම අභිරහස් ඝාතනයේ සුලමුල සොයා ගැනීමට සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට එම ඝාතනය සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. එහිදී ලසන්ත ඝාතනය ඉතාමත් සැලසුම්සහගත බුද්ධි අංශ ඔත්තුකරුවන් යොදා සිදුකර එවකට සිටි පොලිස් නිලධාරීන්ගේ සහයෙන් පරීක්ෂණ සහ එම අපරාධ ඔප්පු කර ගැනීමට ඇති සාක්ෂි සඟවා ඇති බව හෙළිවී ඇත. ඒ අනුව පසුගිය සතියේ ගල්කිස්ස හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුට ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණ උපදෙස් මත ලසන්ත ඝාතනය හා සම්බන්ධ පරීක්ෂණ සිදුකළ බව පිළිගෙන ඇත. එහිදී එම නිලධාරියාගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ ලියකියවිලි සහ කූට ලේඛන සොයාගෙන ඇති බව වාර්තා වෙයි. මේ අතර එම පරීක්ෂණ යටගසා ත්‍රස්තවාදී විමර්ශන අංශයට පරීක්ෂණ භාරකර එම ඝාතනය කොටි සංවිධානය කළ එකක් බවට පෙන්වීමට කටයුතු කළැයි සැකකෙරෙන අතර ඒ අවස්ථාවේදී පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදෙස් ගමන් ගල්කිස්ස අධිකරණය මඟින් අත්හිටුවා ඇත. ඉදිරි දිනවලදී එම නිලධාරීන්ගෙන් යළි ප්‍රකාශ සටහන් කර ගැනීමටත්, විදෙස්ගතව සිටින හිටපු පොලිස්පතිවරයකුගෙන් ප්‍රකාශ ලබාගැනීමටත් නියමිතව තිබේ. අත්අඩංගුවට පත් ගල්කිස්ස හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. ලබන 16 වැනිදා ගල්කිස්ස අධිකරණයේදී ලසන්ත ඝාතන නඩුව යළි කැඳවීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගන්නා ලද ලසන්ත ඝාතනය හා සම්බන්ධ තොරතුරු රැසක් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. [/SIZE] - [url]http://www.dinamina.lk/2018/02/09/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/48730/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92-%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom