Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනකුට විරුද්ධව සී.අයි.ඩී.යට පැමිණිලි කරනවා

රෂිනි මෙන්ඩිස්

තමන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවැසීය.

වසර 1යි මාස 7කට පසුව නැවැත දිවයිනට පැමිණි ජයකොඩි මහතා පසුගියදා (26දා) කොළඹදී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවැසීය.

තමන් වසර 27ක් පොලිස් සේවයේ කිසිදු දූෂණ, වංචාවකට චෝදනා නොලබා පිවිතුරුව රාජකාරිය කිරීමේ වරදට තමන්ට මරණ තර්ජනය කළ අතර තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා තමන්ට මෙරටින් පලා යෑමට සිදු වූ බව ඒ මහතා ප්‍රකාශ කරයි.

"මාව ආරක්ෂක අමාත්‍යාංශයට ගෙනැල්ලා ගෝඨාභය මහත්තයා බැන්නා. ඒක ඇත්ත. ඒත් මට ඒ කියපු දේවල් මාධ්‍යට කියන්න බැහැ. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අනෙක් ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. පසුගිය කාලේ මේ රටේ නීතියක් තිබුණෙ නැහැ.

ජනවාරි 8 වැනිදා පෙරළියක් කළේ ජනතාවගේ හදවතේ තියෙන කැක්කුමට. ඒ, මේ දූෂිතයන්, හොරුන් අල්ලන්න ඕනෑ කියන කැක්කුම. අරලිය ගහ මන්දිරයේ 8 වැනිදා කුමන්ත්‍රණයක් වුණා නම් ඒ කරපු අය මේ රටේ ඉන්නවා නම්, සාක්ෂිත් තියෙනවා නම් ඇයි පියවරක් නොගන්නේ? අන්න ඒකයි වෙන්න ඕනේ.

ජාතික ධනය ප්‍රකෝටි ගණනින් ගසා කෑවා. ඒවාට විරුද්ධව පියවර අරගෙන ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න ඕනේ. මම පොලිස් සේවයට නැවැත එකතු වෙන්න හිතාගෙන ඉන්නේ. මම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිපියක් යොමු කළා. මම ඒකේ තීරණය දන්නේ නැහැ.

හිටපු ආරක්ෂක ලේකම් හා අනුර සේනානායක මහත්තයලා මේකට සම්බන්ධද නැද්ද මම දන්නේ නැහැ. ඒත් මම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා පැමිණිල්ලක් දානවා.

මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඊට සම්බන්ධ ඉහළම අයත් මම දන්නවා. ඒ ගැන පරීක්ෂණයක් කෙරෙන කොට ඕනෑම අවස්ථාවක සාක්ෂි දෙන්න වුණත් මම සූදානම්. පොලිසියේ නොවන මිලිටරි අය මේකට සම්බන්ධව හිටියා.

යුද්ධයෙන් පස්සෙත්, කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් මිනීමරු කල්ලියක් මේ රටේ හිටියා. මේ රටට දැන් අවශ්‍ය නීතිය. ඒක හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මට ආරක්ෂාවක් ඕනේ නැහැ. පොලිස් යුනිෆෝම් එකට ගෞරවයක් ගේන්න අවශ්‍යයි. ඒ කාලේ ඒක තිබුණේ නැහැ.

දේශපාලනයට යට නොවී, තම රාජකාරිය අකුරටම ඉෂ්ට කරමින් සැබෑ තොරතුරු මාධ්‍යට හෙළිදරව් කිරීමත් සමඟ මාව ධුරයෙන් පහකරලා ස්ථාන කිහිපයකටම මාරු කරලා පළිගත්තා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ දුරකතන අංකවලින්, එහි උසස් නිලධාරීන්ගේ දුරකතනවලින් මට මරණ තර්ජන එල්ල කළා.

මාව තමයි පොලිසියේ දේශනවලට ගෙන්වන්නේ. එහෙම ගෙන්නලා දවසක් හිටපු ආරක්ෂක ලේකම්ව හා රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කර දේශනය කළා කියලා මට තර්ජනය කරලා කෝල් ආවා. හොඳ වෙලාවට මම ඒ දේශනය රෙකෝඩ් කළා. මට සැකයක් තිබුණා මට කොයි මොහොතක හෝ ප්‍රශ්නයක් මතුවෙයි කියලා. නවරත්න මහත්තයා තමයි මට එරෙහි පරීක්ෂණය කළේ. රෙකෝඩ් එක තිබුණ නිසා එයාලාට පිළිගන්න වුණා මම වරදක් කරලා නෑ කියලා. ඒත් දින 3 - 4ක් ඇතුළත මාව කොට්ඨාස කිහිපයකටම මාරු කළා.

මට මරණ තර්ජන ආවේ ඉහළපෙළේ පුද්ගලයන්ගේ 'නම්බර්ස්'වලින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතියවත් ඒ කාලේ මට තිබුණේ නෑ. මටත්, මගේ බිරියට හා දරුවන්ට වෙඩි තියලා මේ පොළොවේ මැරිලා වැටෙන්න ඉඩ තිබ්බා. ඒත් එයාලාගේ ජීවිත හින්දා මම ඕස්ට්‍රේලියාවට පලා ගියා.

ඒ රටෙන් ආරක්ෂාව ඉල්ලලා ගියේ. ඕස්ට්‍රේලියා රජය යළි එනතුරුම ආරක්ෂාව ලබා දුන්නා. ජනවාරි 8 වැනිදා ඇති වුණු ප්‍රවණතාව සංක්ෂිප්තව බැලුවාම මර බිය නැති, නිදහසේ කතා කරන, හදවතේ අදහස කියන්න පුළුවන් වාතාවරණයක් ඇති වුණා කියන එක.

මම ආයෙත් ආවේ මවුබිමට යහපත් සේවයක් කරන්න. මම පොලිසියට හරිම ආදරෙයි. ඒ ගෞරවය මේ රටට දෙන්න මට අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතනවා."

- http://mawbima.lk/86-80593-news-detail.html

[QUOTE="monson, post: 17983500, member: 30005"] [SIZE="4"][B]හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනකුට විරුද්ධව සී.අයි.ඩී.යට පැමිණිලි කරනවා[/B] රෂිනි මෙන්ඩිස් තමන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවැසීය. වසර 1යි මාස 7කට පසුව නැවැත දිවයිනට පැමිණි ජයකොඩි මහතා පසුගියදා (26දා) කොළඹදී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවැසීය. තමන් වසර 27ක් පොලිස් සේවයේ කිසිදු දූෂණ, වංචාවකට චෝදනා නොලබා පිවිතුරුව රාජකාරිය කිරීමේ වරදට තමන්ට මරණ තර්ජනය කළ අතර තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා තමන්ට මෙරටින් පලා යෑමට සිදු වූ බව ඒ මහතා ප්‍රකාශ කරයි. "මාව ආරක්ෂක අමාත්‍යාංශයට ගෙනැල්ලා ගෝඨාභය මහත්තයා බැන්නා. ඒක ඇත්ත. ඒත් මට ඒ කියපු දේවල් මාධ්‍යට කියන්න බැහැ. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අනෙක් ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. පසුගිය කාලේ මේ රටේ නීතියක් තිබුණෙ නැහැ. ජනවාරි 8 වැනිදා පෙරළියක් කළේ ජනතාවගේ හදවතේ තියෙන කැක්කුමට. ඒ, මේ දූෂිතයන්, හොරුන් අල්ලන්න ඕනෑ කියන කැක්කුම. අරලිය ගහ මන්දිරයේ 8 වැනිදා කුමන්ත්‍රණයක් වුණා නම් ඒ කරපු අය මේ රටේ ඉන්නවා නම්, සාක්ෂිත් තියෙනවා නම් ඇයි පියවරක් නොගන්නේ? අන්න ඒකයි වෙන්න ඕනේ. ජාතික ධනය ප්‍රකෝටි ගණනින් ගසා කෑවා. ඒවාට විරුද්ධව පියවර අරගෙන ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න ඕනේ. මම පොලිස් සේවයට නැවැත එකතු වෙන්න හිතාගෙන ඉන්නේ. මම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිපියක් යොමු කළා. මම ඒකේ තීරණය දන්නේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම් හා අනුර සේනානායක මහත්තයලා මේකට සම්බන්ධද නැද්ද මම දන්නේ නැහැ. ඒත් මම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා පැමිණිල්ලක් දානවා. මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඊට සම්බන්ධ ඉහළම අයත් මම දන්නවා. ඒ ගැන පරීක්ෂණයක් කෙරෙන කොට ඕනෑම අවස්ථාවක සාක්ෂි දෙන්න වුණත් මම සූදානම්. පොලිසියේ නොවන මිලිටරි අය මේකට සම්බන්ධව හිටියා. යුද්ධයෙන් පස්සෙත්, කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් මිනීමරු කල්ලියක් මේ රටේ හිටියා. මේ රටට දැන් අවශ්‍ය නීතිය. ඒක හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මට ආරක්ෂාවක් ඕනේ නැහැ. පොලිස් යුනිෆෝම් එකට ගෞරවයක් ගේන්න අවශ්‍යයි. ඒ කාලේ ඒක තිබුණේ නැහැ. දේශපාලනයට යට නොවී, තම රාජකාරිය අකුරටම ඉෂ්ට කරමින් සැබෑ තොරතුරු මාධ්‍යට හෙළිදරව් කිරීමත් සමඟ මාව ධුරයෙන් පහකරලා ස්ථාන කිහිපයකටම මාරු කරලා පළිගත්තා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ දුරකතන අංකවලින්, එහි උසස් නිලධාරීන්ගේ දුරකතනවලින් මට මරණ තර්ජන එල්ල කළා. මාව තමයි පොලිසියේ දේශනවලට ගෙන්වන්නේ. එහෙම ගෙන්නලා දවසක් හිටපු ආරක්ෂක ලේකම්ව හා රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කර දේශනය කළා කියලා මට තර්ජනය කරලා කෝල් ආවා. හොඳ වෙලාවට මම ඒ දේශනය රෙකෝඩ් කළා. මට සැකයක් තිබුණා මට කොයි මොහොතක හෝ ප්‍රශ්නයක් මතුවෙයි කියලා. නවරත්න මහත්තයා තමයි මට එරෙහි පරීක්ෂණය කළේ. රෙකෝඩ් එක තිබුණ නිසා එයාලාට පිළිගන්න වුණා මම වරදක් කරලා නෑ කියලා. ඒත් දින 3 - 4ක් ඇතුළත මාව කොට්ඨාස කිහිපයකටම මාරු කළා. මට මරණ තර්ජන ආවේ ඉහළපෙළේ පුද්ගලයන්ගේ 'නම්බර්ස්'වලින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතියවත් ඒ කාලේ මට තිබුණේ නෑ. මටත්, මගේ බිරියට හා දරුවන්ට වෙඩි තියලා මේ පොළොවේ මැරිලා වැටෙන්න ඉඩ තිබ්බා. ඒත් එයාලාගේ ජීවිත හින්දා මම ඕස්ට්‍රේලියාවට පලා ගියා. ඒ රටෙන් ආරක්ෂාව ඉල්ලලා ගියේ. ඕස්ට්‍රේලියා රජය යළි එනතුරුම ආරක්ෂාව ලබා දුන්නා. ජනවාරි 8 වැනිදා ඇති වුණු ප්‍රවණතාව සංක්ෂිප්තව බැලුවාම මර බිය නැති, නිදහසේ කතා කරන, හදවතේ අදහස කියන්න පුළුවන් වාතාවරණයක් ඇති වුණා කියන එක. මම ආයෙත් ආවේ මවුබිමට යහපත් සේවයක් කරන්න. මම පොලිසියට හරිම ආදරෙයි. ඒ ගෞරවය මේ රටට දෙන්න මට අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතනවා."[/SIZE] - [url]http://mawbima.lk/86-80593-news-detail.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom