Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය වනාතට විසිකළ මිනිස්සු අනාථයි

අහස් කුස මුහුණ වෙනස් කරමින් අව්වටත් වැස් සටත් දෙකටම ගැළපෙන හැඩතල මවමින් තිබුණා. අපි වනාතේ අනාථ වෙච්ච මිනිසුන් සොයා ගෑටුවා. පුංචි අය සෙල්ලමට තනන ‘බිල්ඩින් බ්ලොක්ස්’ වැනි රටාවකට තට්ටු ගෙවල් එක පේළියට සීරුවට පෙනුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති සන්ධියේදී කළ ‘සහස්පුර’ මහල් නිවාස ඒ අතර වැඩිමහල්ව පෙනුණා. අදටත් ඒ පෙදෙස හඳුන්වන්නට ඇති පහසු නාමකරණය ‘සහස්පුර’ යන්නයි. අපි ඉන්නේ ‘සහස්පුර’ ය. සහස්පුරට මායිම්ව ඉදිකළ ගෝඨා මහල්, විමල් මහල් නිවාස ව්‍යාපෘතිවලට මුහුණලාය.

ඊට පෙර කිවයුත්තක් ඇත. මේ සියල්ල පිහිටියේ වනාතේ බවය. වනාත මේ වනවිට අපට හුරු පුරුදු ඉමකි. නිතර ආ ගිය තැනකි. ගෝඨාභය රාජපක්ෂ කොළඹ තැනින් තැන නිවාස බිමට සමතලා කරමින් ඒ පිරිස් බලහත්කාරයෙන් ගෙන එන්නට හැදූ හිරගෙවල් ඉදිකොට ඇත්තේ මෙහිය. ඒවා ඉදිකරන කලද කුරුබිලියෙන් රිංගා අපි මේවායේ සැබෑ තතු හෙළි කළෙමු. එහෙත් ඒවා එතරම් සත්‍ය ලෙස අවබෝධ කර ගන්නට මේ මිනිසුන්ට ඉස්පාසුවක් නොවූයේ උන් හිටි තැන් අහිමි වූ යන එන මං නැති වූ කල මේවාට රිංගන්නට සිදුවූ නිසාය.

‘අපිව හිරේ දාලා. අද අපිට යන එන මං නෑ. කියන්න කෙනෙක් නෑ. කුලිය ගන්න නම් වෙලාවට එනවා. අපි ගෙවන්නේ නැහැ. සල්ලි ගෙව ගෙවා මේ අපායේ ලගින්න අපිට ඕනෑ නෑ. අපි අද වුණත් ලෑස්තිියි මේවා දාලා යන්න. ටෙලිිවිෂන්වල පෙන්නුවේ ටයිල් දාලා හරි ලොකු කාමර. ඇතුළට ආපුවාම ඉස්පිරිතාලයක කාමරයක් වගේ. මේක ඇත්තටම ඉස්පිරිතාලයක් වගේ. අපි දුප්පත් වුණත් ඒ තැන්වල ඉන්න කොට සතුටින් ජීවත් වුණා. අද ඒ ඔක්කොම ඉවරයි. අපේ පාරම්පරිකව හිටපු තැන් සමතලා කරලා මේවාට ගෙනත් දාලා අපේ ජීවිතම නැති කළා. මේවාට හෙණ හතම ගහන්න ඕනෑ. අපිට කළ දේටම මේ රාජපක්ෂලාට සාප වෙන්න ඕනෑ. අපි ඒ තරම් දුකක් විඳින්නේ.’

එකවර ඇත්ත කටවල් දහ පහළොව අතරින් එක හඬින් ඇහෙන ශබ්දය එබඳුය. එක් අයකුට නිදහසේ කතා කළ නොහැක්කේ එකම කතාව හැමෝටම කියන්නට ඇති නිසාය. එකකු පටන් ගත් විට උද්ඝෝෂණයක සටන් පාඨ කියන්නා මෙන් අනෙක් කටවල්ද එයම මතුරමින් සිටිති. අපගේ කන් පිරී ඉතිරී යන තරම්ය.

මේ තැන සහස්පුර ළඟ ගෝඨාභය හැදූ ‘නෙත්සර උයනය.’ නෙත් පැහැර ගන්නා කිසිදු දසුනක් එහි දැකගත නොහැකි විය. තට්ටු එකොළහක් උසට ගියද එහි ජීවිත හරිම මිටිය. පහළ හැම තැනකම බුලත් කෙළය. අයින්වල මුත්‍රා ගඳය. ලිෆ්ට් එකේ ඇත්තේද එම ගඳමය. ඒ එහි වෙසෙන මිනිසුන්ගේ වැරදිය. එහෙත් ජීවිතයම වැරදුණු කල මේ පොඩි දෑ හදා ගන්නට ඔවුහු වෙහෙසෙත්ද?

‘ගෝඨාභය කිව්වේ මේ ගෙයක් මිලියන හතක්, ලක්ෂ 70ක් වටිනවා, අපිට හොඳ වැඩියි කියලා. මුන්ට හෙණ ගහන්න ඕනෑ. අපි බේස්ලයින් පාරේ ඉඳලා ආවේ. අපේ පරම්පරා ගාණක් එතන හිටියේ සතේට ඔරු යන කාලෙත් මම එහේ. එහේ ගෙදර අපිට වර්ග අඩි හයසිය ගාණක් තිබුණා. අද මොනාද තියෙන්නේ. වර්ග අඩි 380ක් හුචක්කු කාමර දෙකක්. ලක්ෂ 70 අපට දුන්නා නම් පර්චස් දහයක් අරගෙන තට්ටු තුනක ගෙයක් ගහගන්නවා. අපි කැමැත්තෙන් නෙමෙයි ආවේ. අකමැත්තෙන්. ඉන්න තැන ඩෝසර් කළා. පාරට වැටුණු අපිට කිව්වා දැන්ම යනවා. නැත්නම් ඒ ගෙවලූත් නැතිවෙයි කියලා. මේ ඇවිල්ලා ඉන්නේ. මොනාද දැන් නැතිවෙන්න තියෙන්නේ. දැන් සේරම නැතිවෙලා ඉවරයි. අපි ඉන්නේ හිරේ.’

ටී.බී. ජයා අපේ පරම්පරාව. ටී.බී. බණ්ඩි ජයායි හඳුන්වා දුන් ඔහු කතාවට ඇඞ් දමනවාට පවා විරුද්ධයි.

‘මමයි කතා කරන්නේ. කට වහනවා.’ ඔහු පොදු නියෝජනය තමන්ට භාර ගත්තේ එක සීරුවට ඇහෙන කටවල් අඩි හප්පා වළකාලමින්ය. ඒ එක මහලක්ය. එකළොස් වන තට්ටුව සම්පූර්ණ ජරාජීර්ණ වෙලාය. බිත්තිවල පොතු ගොස් හෙළුව මතුවෙලාය. කොන්ක්‍රීට් වෙනුවට එහි ඇත්තේ යකඩ තහඩුය. යකඩ බට ගිල්වා බලා ප්‍රමිතියකට ඉදිකළ බිත්ති අටවන තට්ටුවේ සිට හැඩාකාරව ඉරිතැලිලාය. මේවා කොයිවෙලේ කඩා වැටෙයිදෝ බියෙන් සැවොම හූල්ලති. එකළොස් වන තට්ටුවට ඉහළින් තහඩු වහළ ඉරට ළංව ගිනියම් කරන්නා සේ එම තට්ටුවම රත් කරමින් එහි වෙසෙනවුන් කර කුට්ටම් කරමින් සිටී. පහළ අගාධය පොඩි එකකුට නොව ලොකු එකකුට වුව බිය දනවන්නකි. එහෙත් වැට අනාරක්ෂිතය. එහි තරම වැඩිකල් නොගොස් එළිවීමටද ඉඩ ඇත.

‘අපි ආවේ එළු පට්ටිය වත්තෙන්. අදටත් ඒ වත්ත නිකං තියෙනවා. අපිව එලවලා ඩෝසර් කළා. අදත් ඒ වත්ත එහෙම්මමයි. අපිව ආයේ එහේ ගිහින් දානවා නම් අපි ගෙවල් හදා ගන්නම්. මේ දුක විඳින්න බෑ. මේ කාමර කොයිවෙලේ කඩා වැටෙයිද බයයි බිත්ති පුපුරලා. සතියට දවසක් ලිෆ්ට් තුනම කැඩිලා. එතකොට තට්ටු එකොළහම නගින්න ඕනෑ. මේ ළඟදි වයසක උන්දෑ කෙනෙක් මළා පඩි පෙළ නැගලාම හාට් ඇටෑක් ඇවිත්. මිනිය තියාගන්න තැනක් නැහැ. මේ අඩි හයයි අටේ සාලේ මිනිය තියන්න බෑ. ප්‍රජා ශාලාවක් දෙනවා කිව්වා ඒ මුකුත් නෑ. මේක උයනක් කිව්වේ. ඒවාට ඉතින් කුණුහරුප තමයි කියන්න වෙන්නේ. මාස හයට මෙහෙම නම් අවුරුද්දක් යනකොට මොනවා වෙයිද? ඒ මදිවට ඉතිරි 50,000 ගන්න එනවා. සත පහක් දෙන්නේ නෑ.’ ෆාතිමා කීවාය.

‘ඇඳුමක් වේල ගන්න තැනක් නැහැ. අපි ලොකු ගෙල්වල හිටියේ. මෙහෙට එනකොට අල්මාරි ඇඳවල් කුණු කොල්ලයට විකුණලා ආවේ. ඇයි මේවායේ ඉඩ නෑ. දැනුම් නොදී වතුර කපනවා. තට්ටු අටක් බැහැලා යන්න ඕනෑ වතුර උස්සගෙන එන්න. ලිෆ්ට් එක කොයි වෙලේත් වැඩ නැහැ. ළඟඳි ඇතුළෙම හිරවුණා. ළඟදි මිනියක් ලිෆ්ට් එකේ දාගෙන ගියා. මිනිය එක්ක තව කෙනෙක් ගියේ බොහොම අමාරුවෙන්. ඇඳුමක් වනලා ගෙට ගිහින් එනකොට ඇඳුම නෑ. පුදුම දුකක් විඳින්නේ.’

ප්‍රියන්ති කියා අවසන් වත්ම තවකෙක් කට අරී.

‘සෙරෙප්පු දෙක ගලවලා ආපුවාම සෙරෙප්පු දෙක උස්සනවා. ටයිල් අල්ලලා නියම කාමර කිව්වාට මෙන්න මේ කාමරවල තත්ත්වේ.’ ඔහු අප ගෙට කැඳවාගෙන ගොස් කාමරය පෙන්වයි. කුඩා කාමරයකි. ඇඳකට එහි ඉන්න මදිය.

‘ටොයිලට් එක ඇතුළේ හැරෙන්න බෑ. ඔක්කොම ඒ ඉඬේ. උදේට ටොයිලට් ගියොත් අනෙක් අයට නාන්න නෑ. නානවා නම් ටොයිලට් යන්න බෑ. මේවා එපාවෙලා. දැන් මිනිස්සු ගෙවන එක නතර කළා. මොනාටද මේ විදිහට දුක් විඳිනවාට අපි ගෙවන්නේ. අපි ඉන්න හිටින්න තැන් නැතිව ආවා නෙමෙයි. අවුරුදු හැට හැත්තෑව හිටපු ඉඩම්වලින් අපව එලෙව්වේ. අපේ ඡුන්ද තියනවා. වරිපනම් ගෙවනවා. ඒත් අනවසරලූ. දැන් මොනාද තියෙන්නේ. වැසිකිළි බට ජොයින්ට් කරපු තැන්වලින් උතුරනවා. ගෙවල්වල ඉන්න බෑ. ජනෙල් ගැලවිලා හුළඟට වැටෙනවා. ඒවා අල්ල ගන්න බෑ. ඒවා අපිට කරගන්නලූ. නඩත්තුවට මාසික ගාස්තුවකුත් ඉල්ලනවා. පිට වෙන තැනක් දෙන්න. කියන්නවත් කෙනෙක් එන්නේ නැහැ. ළඟදි හර්ෂ ද සිල්වා ඇමතිතුමා ආවා. එයත් ඇවිල්ලා අපිට සුදුලූනු පොඩි කරලා ගියා. අපෙන් ගත්තු 50,000 ආයෙ දෙනවා කීවා. හොඳයි නේද? කෝ අත්පුඩි ගහන්න කියලා ඇමතිම කියනවා. මේ ජාති විහිළු අපට ඇතිවෙලා. ඊළඟට කියනවා, හැබැයි මේවා නඩත්තු කරන්න ඕනෑ හින්දා මාස්පතා ගාණක් ගන්නවාලූ. මිනිස්සු බෑ කියලා ඒ අයට හූ කියලා එලෙව්වේ. මේ අය බලයට එනකොට කිව්වේ මේවා කුකුල් කූඩුවලිනුත් සල්ලි එකතු කරනවා. අපි සතපහක් දෙන්නේ නෑ. ඒ මොකද අපේ ඉඩමුත් අරගෙන අපි කුලී ගෙව ගෙවා ඉන්න ඕනෑද?’

නිශ්ශංක කීවේ දැඩි ස්ථාවරයක හිඳිමිනි.

‘අපි මුල් පනස්දාහ දෙන්න පොලියට ගත්තේ. ඒ පොලී වැල් පොලී වෙලා ගෙවනවා. වැල්ලවත්තේ අපි හිටියේ. අපේ ළමයි ඉස්කෝලේ යන්නේ වැල්ලවත්තේ. දැන් ඉස්කෝලේ යන්නම විශාල මුදලක් හොයන්න ඕනෑ. එකපාරටම අපිව මෙහාට ගෙනත් දාලා අපිව අනාථ කළා.

තවත් අයෙක් දැක්වූ අදහස් එබඳුය.

‘අපි එළු පට්ටිය වත්තේ. මගේ මහත්තයා කළේ ගරාජ් එකක්. අපිව මෙහෙට ගෙනත් දැම්මාම මහත්තයගේ රස්සාව නැතිවුණා. මාස තුනක් යන එන මං නැතිව හිටියේ. අපේ ගෙදර පවුල් තුනක් ඉන්නවා. මායි මහත්තයායි ළමයිනුයි එක කාමරයක. නංගියි මහත්තයායි ළමයිනුයි තව කාමරයක. අම්මයි තාත්තයි නංගියි සාලේ. අපි මීට ඉස්සර ලොකු ගේක හිටියේ. ඒ ජීවිතය එක්ක අද ඉන්නේ අපි අපායක.’ ෆාතිමා රිෆ්රා තව දුක් අඳෝනාවක් පිට කළාය.

තව බොහෝ දෙනෙක් කතා කළෝය. සැවොම කියනුයේ වෙසෙන්නට බැරි බවය. පහසුකම් නැති බවය. හෙට හෝ වෙන තැනක් දෙන්නේ නම් යන බවය. මේ නිවාස හදන කලම අපි මේ බාල ප්‍රමිතිය ගැන ලියූවෙමු. එහෙත් එදා අයගේ බලයට මේ කතා ඇසුණේ නැති තරම්ය. එහෙත් අද මාස හයක් යන තැන මේ මහල් නිවාසයේ බිත්ති පුපුරලාය. ජරාජීර්ණ වෙලාය. ළඟදී හැදූ එකක්ද යන්න නොසිතෙන තරමට සවුත්තු වෙලාය. මෙහි වර්ග අඩි 380ක කාමර දෙකයි, කුඩා සාලයයි, කුස්සියයි, කක්කුස්සියයි ඇතුළත්ය. පවුල් දෙක තුන මෙහි වාසය කරති. එක පවුලක සාමාජික පිරිස පහට වැඩිය. එදා වේල හම්බ කරගෙන කෑ මෙහි බහුතරයට අද වේලක් පිරිමසා ගැනීම ලෙහෙසි නැත.

ඇතැම් ගෙවල් දුන් අයුරුමය. බඩු බාහිරාදිය නැත. ඇතැම්හු හුණ්ඩුව වුව පිළිවෙළට තියාගෙන ඇත. ඒ කිසිවෙක් සතුටින් මෙහි නොවෙසෙති. ඉන්දියාවේ මේ ක්‍රමයට උපරිම යන උස තට්ටු පහ බවත් මෙහෙටද උචිත එපමණයි කී කල ගෝඨාභය නෑ තට්ටු එකොළහක් ඕනෑයි කී බවත් පැවසේ. අද තට්ටු අට මට්ටමේදී ගොඩනැගිල්ල වට රවුමටම පුපුරා ගොස්ය. තට්ටු අටෙන් උඩ ඉන්නා අය මේ පැල්ම දෙස බලමින් අනියත සිහිකරන තැනට වැටී ඇත. මේ බව දැනුම් දුන් විට පැමිණ කර ඇත්තේ පැලැස්ටර් දමා පැල්ම වැසීමය.

මෙහි වෙසෙන සැම වෙසෙනුයේ දුක් ගොඩකය. ඔවුන්ට ගොඩඒමක් නැති තරම්ය. සැම ‘සහස්පුර’ අගයති. ඒ එම නිවාස වර්ග අඩි 600ත් 500ත් අතර ඉදිකර ඇති බැවිනි. එපමණක්ද නොව එහි පදිංචි වනවිට ගත් මුල් 25,000 ඇරුණු කොට නැවත අය කිරීම් සිදුකර නොමැතිය. අනෙක් අතට විමල් වීරවංශ හැ¥ ගෙවල් ගැනද මේ අය දොසක් නොකියති. ඒවාද ඉඩකඩ ඇතිව ශක්තිමත් මට්ටමේ පවතී. කුකුල් කූඩු අටවා ඇත්තේ ගෝඨාභයය. ඒ ඔහු මේ මිනිසුන් ගැන සිතූ මට්ටමයය. තම හමුදා බලය පාවිච්චි කරමින් මේ මිනිසුන් බියගන්වා උන්හිටි තැන් සමතලා කොට ගෙනත් දැමූ තැන අපායක් නම් එහි වේදනාව වචන කළ හැකිද? පෙනුමට මේ ජීවිත හොඳයැ’යි උපකල්පනය කළ හැකිය. එහෙත් ඇතුළට එය ඔවුන්ට කන් දෙන්නට හැකිනම් එහි යටින් ඇති ඛේදවාචකය හඳුනාගත හැකිය. එදත් ඔවුන්ගේ උන්හිටි තැන් නැති වන විට කතා කරන්නට බොහෝ නොවූහ. කතා කළේ අතළොස්සකි. අද ඒ අයද නැතිය. මේ මිනිසුන්ගේ ප්‍රශ්න පැටව් ගසා ඇත්තේ දැන්ය. ඒවාට පිළියම් සෙවීම ලේසි පහසු නැත. දැන් ඔවුන් අල්ලපු වත්තත් පය ගහපු වත්තත් දෙකම නැති ගාණය. කොතරම් කතා කළද ඇසෙන්නේ එකම කතාවය. එනම් මෙහෙන් කොහාට හෝ නිදහසේ ඉන්නට ගිහින් දාන්න යන්නය. හෙට ඔවුන්ට කුමක් වනු ඇත්ද?

- http://ravaya.lk/?p=7149

[QUOTE="monson, post: 18458375, member: 30005"] [B][SIZE="5"]ගෝඨාභය වනාතට විසිකළ මිනිස්සු අනාථයි[/SIZE][/B] [SIZE="4"]අහස් කුස මුහුණ වෙනස් කරමින් අව්වටත් වැස් සටත් දෙකටම ගැළපෙන හැඩතල මවමින් තිබුණා. අපි වනාතේ අනාථ වෙච්ච මිනිසුන් සොයා ගෑටුවා. පුංචි අය සෙල්ලමට තනන ‘බිල්ඩින් බ්ලොක්ස්’ වැනි රටාවකට තට්ටු ගෙවල් එක පේළියට සීරුවට පෙනුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති සන්ධියේදී කළ ‘සහස්පුර’ මහල් නිවාස ඒ අතර වැඩිමහල්ව පෙනුණා. අදටත් ඒ පෙදෙස හඳුන්වන්නට ඇති පහසු නාමකරණය ‘සහස්පුර’ යන්නයි. අපි ඉන්නේ ‘සහස්පුර’ ය. සහස්පුරට මායිම්ව ඉදිකළ ගෝඨා මහල්, විමල් මහල් නිවාස ව්‍යාපෘතිවලට මුහුණලාය. ඊට පෙර කිවයුත්තක් ඇත. මේ සියල්ල පිහිටියේ වනාතේ බවය. වනාත මේ වනවිට අපට හුරු පුරුදු ඉමකි. නිතර ආ ගිය තැනකි. ගෝඨාභය රාජපක්ෂ කොළඹ තැනින් තැන නිවාස බිමට සමතලා කරමින් ඒ පිරිස් බලහත්කාරයෙන් ගෙන එන්නට හැදූ හිරගෙවල් ඉදිකොට ඇත්තේ මෙහිය. ඒවා ඉදිකරන කලද කුරුබිලියෙන් රිංගා අපි මේවායේ සැබෑ තතු හෙළි කළෙමු. එහෙත් ඒවා එතරම් සත්‍ය ලෙස අවබෝධ කර ගන්නට මේ මිනිසුන්ට ඉස්පාසුවක් නොවූයේ උන් හිටි තැන් අහිමි වූ යන එන මං නැති වූ කල මේවාට රිංගන්නට සිදුවූ නිසාය. ‘අපිව හිරේ දාලා. අද අපිට යන එන මං නෑ. කියන්න කෙනෙක් නෑ. කුලිය ගන්න නම් වෙලාවට එනවා. අපි ගෙවන්නේ නැහැ. සල්ලි ගෙව ගෙවා මේ අපායේ ලගින්න අපිට ඕනෑ නෑ. අපි අද වුණත් ලෑස්තිියි මේවා දාලා යන්න. ටෙලිිවිෂන්වල පෙන්නුවේ ටයිල් දාලා හරි ලොකු කාමර. ඇතුළට ආපුවාම ඉස්පිරිතාලයක කාමරයක් වගේ. මේක ඇත්තටම ඉස්පිරිතාලයක් වගේ. අපි දුප්පත් වුණත් ඒ තැන්වල ඉන්න කොට සතුටින් ජීවත් වුණා. අද ඒ ඔක්කොම ඉවරයි. අපේ පාරම්පරිකව හිටපු තැන් සමතලා කරලා මේවාට ගෙනත් දාලා අපේ ජීවිතම නැති කළා. මේවාට හෙණ හතම ගහන්න ඕනෑ. අපිට කළ දේටම මේ රාජපක්ෂලාට සාප වෙන්න ඕනෑ. අපි ඒ තරම් දුකක් විඳින්නේ.’ එකවර ඇත්ත කටවල් දහ පහළොව අතරින් එක හඬින් ඇහෙන ශබ්දය එබඳුය. එක් අයකුට නිදහසේ කතා කළ නොහැක්කේ එකම කතාව හැමෝටම කියන්නට ඇති නිසාය. එකකු පටන් ගත් විට උද්ඝෝෂණයක සටන් පාඨ කියන්නා මෙන් අනෙක් කටවල්ද එයම මතුරමින් සිටිති. අපගේ කන් පිරී ඉතිරී යන තරම්ය. මේ තැන සහස්පුර ළඟ ගෝඨාභය හැදූ ‘නෙත්සර උයනය.’ නෙත් පැහැර ගන්නා කිසිදු දසුනක් එහි දැකගත නොහැකි විය. තට්ටු එකොළහක් උසට ගියද එහි ජීවිත හරිම මිටිය. පහළ හැම තැනකම බුලත් කෙළය. අයින්වල මුත්‍රා ගඳය. ලිෆ්ට් එකේ ඇත්තේද එම ගඳමය. ඒ එහි වෙසෙන මිනිසුන්ගේ වැරදිය. එහෙත් ජීවිතයම වැරදුණු කල මේ පොඩි දෑ හදා ගන්නට ඔවුහු වෙහෙසෙත්ද? ‘ගෝඨාභය කිව්වේ මේ ගෙයක් මිලියන හතක්, ලක්ෂ 70ක් වටිනවා, අපිට හොඳ වැඩියි කියලා. මුන්ට හෙණ ගහන්න ඕනෑ. අපි බේස්ලයින් පාරේ ඉඳලා ආවේ. අපේ පරම්පරා ගාණක් එතන හිටියේ සතේට ඔරු යන කාලෙත් මම එහේ. එහේ ගෙදර අපිට වර්ග අඩි හයසිය ගාණක් තිබුණා. අද මොනාද තියෙන්නේ. වර්ග අඩි 380ක් හුචක්කු කාමර දෙකක්. ලක්ෂ 70 අපට දුන්නා නම් පර්චස් දහයක් අරගෙන තට්ටු තුනක ගෙයක් ගහගන්නවා. අපි කැමැත්තෙන් නෙමෙයි ආවේ. අකමැත්තෙන්. ඉන්න තැන ඩෝසර් කළා. පාරට වැටුණු අපිට කිව්වා දැන්ම යනවා. නැත්නම් ඒ ගෙවලූත් නැතිවෙයි කියලා. මේ ඇවිල්ලා ඉන්නේ. මොනාද දැන් නැතිවෙන්න තියෙන්නේ. දැන් සේරම නැතිවෙලා ඉවරයි. අපි ඉන්නේ හිරේ.’ ටී.බී. ජයා අපේ පරම්පරාව. ටී.බී. බණ්ඩි ජයායි හඳුන්වා දුන් ඔහු කතාවට ඇඞ් දමනවාට පවා විරුද්ධයි. ‘මමයි කතා කරන්නේ. කට වහනවා.’ ඔහු පොදු නියෝජනය තමන්ට භාර ගත්තේ එක සීරුවට ඇහෙන කටවල් අඩි හප්පා වළකාලමින්ය. ඒ එක මහලක්ය. එකළොස් වන තට්ටුව සම්පූර්ණ ජරාජීර්ණ වෙලාය. බිත්තිවල පොතු ගොස් හෙළුව මතුවෙලාය. කොන්ක්‍රීට් වෙනුවට එහි ඇත්තේ යකඩ තහඩුය. යකඩ බට ගිල්වා බලා ප්‍රමිතියකට ඉදිකළ බිත්ති අටවන තට්ටුවේ සිට හැඩාකාරව ඉරිතැලිලාය. මේවා කොයිවෙලේ කඩා වැටෙයිදෝ බියෙන් සැවොම හූල්ලති. එකළොස් වන තට්ටුවට ඉහළින් තහඩු වහළ ඉරට ළංව ගිනියම් කරන්නා සේ එම තට්ටුවම රත් කරමින් එහි වෙසෙනවුන් කර කුට්ටම් කරමින් සිටී. පහළ අගාධය පොඩි එකකුට නොව ලොකු එකකුට වුව බිය දනවන්නකි. එහෙත් වැට අනාරක්ෂිතය. එහි තරම වැඩිකල් නොගොස් එළිවීමටද ඉඩ ඇත. ‘අපි ආවේ එළු පට්ටිය වත්තෙන්. අදටත් ඒ වත්ත නිකං තියෙනවා. අපිව එලවලා ඩෝසර් කළා. අදත් ඒ වත්ත එහෙම්මමයි. අපිව ආයේ එහේ ගිහින් දානවා නම් අපි ගෙවල් හදා ගන්නම්. මේ දුක විඳින්න බෑ. මේ කාමර කොයිවෙලේ කඩා වැටෙයිද බයයි බිත්ති පුපුරලා. සතියට දවසක් ලිෆ්ට් තුනම කැඩිලා. එතකොට තට්ටු එකොළහම නගින්න ඕනෑ. මේ ළඟදි වයසක උන්දෑ කෙනෙක් මළා පඩි පෙළ නැගලාම හාට් ඇටෑක් ඇවිත්. මිනිය තියාගන්න තැනක් නැහැ. මේ අඩි හයයි අටේ සාලේ මිනිය තියන්න බෑ. ප්‍රජා ශාලාවක් දෙනවා කිව්වා ඒ මුකුත් නෑ. මේක උයනක් කිව්වේ. ඒවාට ඉතින් කුණුහරුප තමයි කියන්න වෙන්නේ. මාස හයට මෙහෙම නම් අවුරුද්දක් යනකොට මොනවා වෙයිද? ඒ මදිවට ඉතිරි 50,000 ගන්න එනවා. සත පහක් දෙන්නේ නෑ.’ ෆාතිමා කීවාය. ‘ඇඳුමක් වේල ගන්න තැනක් නැහැ. අපි ලොකු ගෙල්වල හිටියේ. මෙහෙට එනකොට අල්මාරි ඇඳවල් කුණු කොල්ලයට විකුණලා ආවේ. ඇයි මේවායේ ඉඩ නෑ. දැනුම් නොදී වතුර කපනවා. තට්ටු අටක් බැහැලා යන්න ඕනෑ වතුර උස්සගෙන එන්න. ලිෆ්ට් එක කොයි වෙලේත් වැඩ නැහැ. ළඟඳි ඇතුළෙම හිරවුණා. ළඟදි මිනියක් ලිෆ්ට් එකේ දාගෙන ගියා. මිනිය එක්ක තව කෙනෙක් ගියේ බොහොම අමාරුවෙන්. ඇඳුමක් වනලා ගෙට ගිහින් එනකොට ඇඳුම නෑ. පුදුම දුකක් විඳින්නේ.’ ප්‍රියන්ති කියා අවසන් වත්ම තවකෙක් කට අරී. ‘සෙරෙප්පු දෙක ගලවලා ආපුවාම සෙරෙප්පු දෙක උස්සනවා. ටයිල් අල්ලලා නියම කාමර කිව්වාට මෙන්න මේ කාමරවල තත්ත්වේ.’ ඔහු අප ගෙට කැඳවාගෙන ගොස් කාමරය පෙන්වයි. කුඩා කාමරයකි. ඇඳකට එහි ඉන්න මදිය. ‘ටොයිලට් එක ඇතුළේ හැරෙන්න බෑ. ඔක්කොම ඒ ඉඬේ. උදේට ටොයිලට් ගියොත් අනෙක් අයට නාන්න නෑ. නානවා නම් ටොයිලට් යන්න බෑ. මේවා එපාවෙලා. දැන් මිනිස්සු ගෙවන එක නතර කළා. මොනාටද මේ විදිහට දුක් විඳිනවාට අපි ගෙවන්නේ. අපි ඉන්න හිටින්න තැන් නැතිව ආවා නෙමෙයි. අවුරුදු හැට හැත්තෑව හිටපු ඉඩම්වලින් අපව එලෙව්වේ. අපේ ඡුන්ද තියනවා. වරිපනම් ගෙවනවා. ඒත් අනවසරලූ. දැන් මොනාද තියෙන්නේ. වැසිකිළි බට ජොයින්ට් කරපු තැන්වලින් උතුරනවා. ගෙවල්වල ඉන්න බෑ. ජනෙල් ගැලවිලා හුළඟට වැටෙනවා. ඒවා අල්ල ගන්න බෑ. ඒවා අපිට කරගන්නලූ. නඩත්තුවට මාසික ගාස්තුවකුත් ඉල්ලනවා. පිට වෙන තැනක් දෙන්න. කියන්නවත් කෙනෙක් එන්නේ නැහැ. ළඟදි හර්ෂ ද සිල්වා ඇමතිතුමා ආවා. එයත් ඇවිල්ලා අපිට සුදුලූනු පොඩි කරලා ගියා. අපෙන් ගත්තු 50,000 ආයෙ දෙනවා කීවා. හොඳයි නේද? කෝ අත්පුඩි ගහන්න කියලා ඇමතිම කියනවා. මේ ජාති විහිළු අපට ඇතිවෙලා. ඊළඟට කියනවා, හැබැයි මේවා නඩත්තු කරන්න ඕනෑ හින්දා මාස්පතා ගාණක් ගන්නවාලූ. මිනිස්සු බෑ කියලා ඒ අයට හූ කියලා එලෙව්වේ. මේ අය බලයට එනකොට කිව්වේ මේවා කුකුල් කූඩුවලිනුත් සල්ලි එකතු කරනවා. අපි සතපහක් දෙන්නේ නෑ. ඒ මොකද අපේ ඉඩමුත් අරගෙන අපි කුලී ගෙව ගෙවා ඉන්න ඕනෑද?’ නිශ්ශංක කීවේ දැඩි ස්ථාවරයක හිඳිමිනි. ‘අපි මුල් පනස්දාහ දෙන්න පොලියට ගත්තේ. ඒ පොලී වැල් පොලී වෙලා ගෙවනවා. වැල්ලවත්තේ අපි හිටියේ. අපේ ළමයි ඉස්කෝලේ යන්නේ වැල්ලවත්තේ. දැන් ඉස්කෝලේ යන්නම විශාල මුදලක් හොයන්න ඕනෑ. එකපාරටම අපිව මෙහාට ගෙනත් දාලා අපිව අනාථ කළා. තවත් අයෙක් දැක්වූ අදහස් එබඳුය. ‘අපි එළු පට්ටිය වත්තේ. මගේ මහත්තයා කළේ ගරාජ් එකක්. අපිව මෙහෙට ගෙනත් දැම්මාම මහත්තයගේ රස්සාව නැතිවුණා. මාස තුනක් යන එන මං නැතිව හිටියේ. අපේ ගෙදර පවුල් තුනක් ඉන්නවා. මායි මහත්තයායි ළමයිනුයි එක කාමරයක. නංගියි මහත්තයායි ළමයිනුයි තව කාමරයක. අම්මයි තාත්තයි නංගියි සාලේ. අපි මීට ඉස්සර ලොකු ගේක හිටියේ. ඒ ජීවිතය එක්ක අද ඉන්නේ අපි අපායක.’ ෆාතිමා රිෆ්රා තව දුක් අඳෝනාවක් පිට කළාය. තව බොහෝ දෙනෙක් කතා කළෝය. සැවොම කියනුයේ වෙසෙන්නට බැරි බවය. පහසුකම් නැති බවය. හෙට හෝ වෙන තැනක් දෙන්නේ නම් යන බවය. මේ නිවාස හදන කලම අපි මේ බාල ප්‍රමිතිය ගැන ලියූවෙමු. එහෙත් එදා අයගේ බලයට මේ කතා ඇසුණේ නැති තරම්ය. එහෙත් අද මාස හයක් යන තැන මේ මහල් නිවාසයේ බිත්ති පුපුරලාය. ජරාජීර්ණ වෙලාය. ළඟදී හැදූ එකක්ද යන්න නොසිතෙන තරමට සවුත්තු වෙලාය. මෙහි වර්ග අඩි 380ක කාමර දෙකයි, කුඩා සාලයයි, කුස්සියයි, කක්කුස්සියයි ඇතුළත්ය. පවුල් දෙක තුන මෙහි වාසය කරති. එක පවුලක සාමාජික පිරිස පහට වැඩිය. එදා වේල හම්බ කරගෙන කෑ මෙහි බහුතරයට අද වේලක් පිරිමසා ගැනීම ලෙහෙසි නැත. ඇතැම් ගෙවල් දුන් අයුරුමය. බඩු බාහිරාදිය නැත. ඇතැම්හු හුණ්ඩුව වුව පිළිවෙළට තියාගෙන ඇත. ඒ කිසිවෙක් සතුටින් මෙහි නොවෙසෙති. ඉන්දියාවේ මේ ක්‍රමයට උපරිම යන උස තට්ටු පහ බවත් මෙහෙටද උචිත එපමණයි කී කල ගෝඨාභය නෑ තට්ටු එකොළහක් ඕනෑයි කී බවත් පැවසේ. අද තට්ටු අට මට්ටමේදී ගොඩනැගිල්ල වට රවුමටම පුපුරා ගොස්ය. තට්ටු අටෙන් උඩ ඉන්නා අය මේ පැල්ම දෙස බලමින් අනියත සිහිකරන තැනට වැටී ඇත. මේ බව දැනුම් දුන් විට පැමිණ කර ඇත්තේ පැලැස්ටර් දමා පැල්ම වැසීමය. මෙහි වෙසෙන සැම වෙසෙනුයේ දුක් ගොඩකය. ඔවුන්ට ගොඩඒමක් නැති තරම්ය. සැම ‘සහස්පුර’ අගයති. ඒ එම නිවාස වර්ග අඩි 600ත් 500ත් අතර ඉදිකර ඇති බැවිනි. එපමණක්ද නොව එහි පදිංචි වනවිට ගත් මුල් 25,000 ඇරුණු කොට නැවත අය කිරීම් සිදුකර නොමැතිය. අනෙක් අතට විමල් වීරවංශ හැ¥ ගෙවල් ගැනද මේ අය දොසක් නොකියති. ඒවාද ඉඩකඩ ඇතිව ශක්තිමත් මට්ටමේ පවතී. කුකුල් කූඩු අටවා ඇත්තේ ගෝඨාභයය. ඒ ඔහු මේ මිනිසුන් ගැන සිතූ මට්ටමයය. තම හමුදා බලය පාවිච්චි කරමින් මේ මිනිසුන් බියගන්වා උන්හිටි තැන් සමතලා කොට ගෙනත් දැමූ තැන අපායක් නම් එහි වේදනාව වචන කළ හැකිද? පෙනුමට මේ ජීවිත හොඳයැ’යි උපකල්පනය කළ හැකිය. එහෙත් ඇතුළට එය ඔවුන්ට කන් දෙන්නට හැකිනම් එහි යටින් ඇති ඛේදවාචකය හඳුනාගත හැකිය. එදත් ඔවුන්ගේ උන්හිටි තැන් නැති වන විට කතා කරන්නට බොහෝ නොවූහ. කතා කළේ අතළොස්සකි. අද ඒ අයද නැතිය. මේ මිනිසුන්ගේ ප්‍රශ්න පැටව් ගසා ඇත්තේ දැන්ය. ඒවාට පිළියම් සෙවීම ලේසි පහසු නැත. දැන් ඔවුන් අල්ලපු වත්තත් පය ගහපු වත්තත් දෙකම නැති ගාණය. කොතරම් කතා කළද ඇසෙන්නේ එකම කතාවය. එනම් මෙහෙන් කොහාට හෝ නිදහසේ ඉන්නට ගිහින් දාන්න යන්නය. හෙට ඔවුන්ට කුමක් වනු ඇත්ද?[/SIZE] - [url]http://ravaya.lk/?p=7149[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom