මිනීමරු පොලිසිය සහ මංකොල්ල කන ජනාධිපති
මිනීමරු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සිදුකරන ලදැයි කියන කප්පරක් ඝාතන පිලිබඳ සෙවීම නවතා සියාම් ඝාතනය පිලිබඳ සෙවීම පමණක් සිදුකර නඩු පවරන්නැයි ඒ පිලිබඳ පරීකෂණ පවත්වන රහස් පොලිසියට විශාල බලපෑම් තිඛෙන බව දැන් රහසක් නොවේ. ඒ නිසාම සියාම් ඝාතනයට පෙර වාස්ගේ පුත් රවිඳු ගිනි අවියක් ගත් කොස්තාපල් සමග එම වාහනයටම නැග්ග බවට රහස් පොලිසිය විසින්ම අධිකරණයට වාර්තා කර තිබියදී පවා වාස්ගේ පුතා මෙතෙක් අත් අඩංගුවට ගත්තේ නැත. අත් අඩංගුවට ගැනීම කෙසේ වෙතත් රවිඳුගෙන් කට උත්තරයක් හෝ ලබා ගත්තේ නැත.
ඊට හේතු වී ඇත්තේ වාස් ඔහුගේ බිරිඳ ලවා කරන ලද තර්ජනයයි. එනම් ඕනෑවට වඩා කෙළවන්නට ආවොත් 'අනෙක් මිනීමැරුම්' ගැනත් හෙළි කරන බවයි. ඒ 'අනෙක් මිනිස් ඝාතන' නම් රාජපක්ෂලාගේ වුවමනාව මත කරන ලද ඝාතන මිස අන් කිසිවක් නොවේ.
මේ නිසාම තාත්තා සමග කප්පම් සඳහා ඝාතන සිදුකළ මිනීමරු කණ්ඩායමට අයත් පුත් රවිඳු තවමත් නිදැල්ලේ සිටී. ඔහු දැනට සැඟවී සිටින්නේ මැක්ස් ටීවී අයිතිකරු සහ සුප්‍රකට කෝටිපති මත්පැන් ව්‍යාපාරිකයෙකු වන මහින්ද රාමනායකගේ පුත් ධනුක රාමනායක සමග ය. වාස් සහ මිනීමරු පවුල ඝාතන සඳහා භාවිතා කළ නීති විරෝධී ගිනි අවි සහ උණ්ඩද දැනට ධනුක රාමනායකගේ නිවාස සහ කාර්යාල වල සඟවා තිඛෙන බව රහස් පොලිසිය දැන ගෙන සිටියද කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකිව සිටින්නේ පරීකෂණ වැළැක්වීම සඳහා අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම් නිසාවෙනි.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට වාස් ගුණවර්ධන ඝාතන නාටකයත් ඔහු අත් අඩංගුවට ගැනීමේ භීෂන නාටකයත් ඔහු බේරා ගැනීමේ වීර නාටකයත් දෙක තුනම සම්පූර්ණයෙන්ම රාපක්ෂලා අතර ඇති සීතල යුද්දයක ප්රතිඵලයකි.
ඒ සිද්ධි මෙසේය.
අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභයට අවශ්‍ය නීති විරෝධී ඝාතන වලින් විශාල කොටසක් මිනීමරු වාස් ගුණවර්ධන විසින් ඉටු කොට ඇති අතර ගෝඨාභය විසින් යුද හමුදාවේ බුද්ධි අංශ පිරිස් ලවා සිදු කරවා ගත් නීති විරෝධී ඝාතන සඳහා අවශ්‍ය පොලිසියේ ආරක්ෂාවද ලබා දී ඇත්තේ වාස් ගුණවර්ධන ය. මේ අනුව වාස් ගුණවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති යුද හමුදා බුද්ධි අංශය අතර දීර්ඝ කාලීන හඳුනා ගැනීමක් තිබී ඇත.
මේ අතර අප්‍රේල් මාසයේ දිනක පෑලියගොඩ පොලිස්පති වරයා යටතේ ඇති පොලිස් බුද්ධි අංශයට රත්තරන් ජාවාරමක තොරතුරක් ලැබිණ. ඒ පිලිබඳ පරීකෂා කර තිදෙනෙක් අත් අඩංගුවට ගත් අතර එහිදී එක් අයෙක් කීවේ තමා විශ්‍රාමලත් සහකාර පොලිස් අධිකාරී ආර්.එස්.බී. රණසිංහ බවත් තමා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂාව බාරව දීර්ඝ කාලයක් වැඩ කළ අයෙක් බවත් මේ රත්තරන් ශිරන්ති රාජපක්ෂ සතු බවත් ය. හෙලිදරව් වූ කාරණා වල බරපතල භාවය නිසා අත් අඩංගුවට ගත් පොලිස් බුද්ධි අංශය කර ඇත්තේ කිසිදු ප්‍රකාශයක් සටහන් කර නොගෙන පිරිස මුදා හැරීමයි.
ඊට ටික දිනකට පසු වාස් ගුණවර්ධන සමග දැඩි මිතුරු කමක් තිබූ යුද හමුදා බුද්ධි අංශයෙන් තොරතුරක් දී ඇත්තේ රත්තරන් වංචාවක් සිදුවන බවත් අල්ලා ගැනීමෙන් විශාල මුදලක් උපයා ගත හැකි බවත් ය. සියළු තොරතුරු යුද හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන්නේ ය. වාස් ගුණවර්ධනද හමුදා බුද්ධි අංශ කී පරිදි වැටලීම සිදු කෙළේය. එහිදී පසුගිය මැයි 05 දා රත්තරන් කිලෝ 01 ක් රුපියල් ලකෂ 50 බැගින් රන් කිලෝ 100 රුපියල් කෝටි 50 කට වංචනික ලෙස විකිණීමට තැත්කළ කාන්තාවක් සහ පිරිසක් අත් අඩංගුවට ගත්තේ ය. එම වැටලීම සිදුකරද්දී හමුදා බුද්ධි අංශයෙන් පැමිණි අයෙක් විසින් වාස් ගුණවර්ධන පවා නොදැන වැටලීම වීඩියෝ ගත කර මාධ්‍ය වෙත ලබා දුන්නේ ය. ලබා දුන්නේ ද සියළුම මාධ්‍ය වෙත නොව ගෝඨාභයගේ දකුණු අත වැනි දුමින්දගේ අයියාගේ මාධ්‍යයට ය. අත් අඩංගුවට ගෙන තිබුනේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රෝයි ඩයස්ගේ බිරිඳ බවත් රත්තරන් ශිරන්ති රාජපක්ෂගේ බවත් වාස් පවා දැන ගත්තේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව ය. නමුත් පෙරදී පෑලියගොඩින් අල්ලා ගත් අවස්ථාවේදී මෙන් කිසිවක් නොලියා නිදහස් කර යැවීමට ද නොහැකි වූයේ අත් අඩංගුවට ගැනීමේ වීඩියෝ පට ගෝඨාගේ උපදෙස් මත දුමින්දගේ අයියා විසින් ඒ වන විටත් ප්‍රචාරය කර තිබූ බැවිනි. ඒ අනුව සිද්ධිය හෙළිදරව් වීම වැළැක්විය නොහැකි විය. නමුත් එය මේ වන විට යට ගසා තිබේ.
තම කූඨ ව්‍යාපාරය හෙළි වීම ගැන ශිරන්ති රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සිටියේ වාස් ගුණවර්ධන සමග දැඩි කෝපයෙනි. නමුත් එය හෙළි කිරීමට සියළු යටි කූට්ටු වැඩ ටික කෙළේ ගෝඨාභය රාජපක්ෂ විසිනි. කෙසේ වෙතත් ශිරන්ති හෝ මහින්ද හෝ තම කෝපය පිටතට පෙන්වන්නට ගියේ නැත.
මේ අතරවාරයේ වාස් විසින් සිදුකළ සියාම් ඝාතනයේ මුල හසුවූයේ වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ය. අත් අඩංගුවට ගත් පුද්ගලයන් පාපෝච්චාරණය කළ කතා ඇසූවිට සමස්ථ පොලිසියම උඩ ගියේ ඝාතක කොන්ත්‍රාත්කරුවා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන වීම නිසාය. ඒ සම්බන්ධ පොලිස්පතිවරයාට වාර්තා කළ විට පළමුවෙන්ම වාස් ගුණවර්ධන කැඳවා මේ පිලිබඳ විමසීය. වාස් පිලිගත්තේ නැත. සාක්කි විශාල ප්‍රමාණයක් තිඛෙන බව පවසා පොලිසියේ නම කැත නොකර වාස් ගුණවර්ධනට පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන්නැයි පොලිස්පතිවරයා පැවසීය. නමුත් සවස් වන විට අපරාධ ආරක්ෂක ලේකම් වරයා පොලිස්පතිවරයාට කීවේ වාස් අස් නොවන බවත් තමන්ට අවශ්‍ය නම් පොලිසියෙන් ඉල්ලා අස්විය හැකි බවයි. ඒ අනුව වාස් ගුණවර්ධන ආරක්ෂා කරන තැනක අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය සිටි බව පැහැදිලිය.
මේ වන විට සිදුවීම් එකින් එක ලංකා ඊ නිව්ස් මගින් ජනතාවට හෙළි කළ අතර මහජනතාව මේ පිලිබඳ දැඩි කුතුහලයකට පත් විය. වාස් ගුණවර්ධන අත් අඩංගුවට ගත යුතුම තැනට පත් වුවද ගෝඨාභය ඊට දැඩි විරෝධයක් දැක්විය. පසුව පොලිස්පතිවරයා මහින්ද රාජපක්ෂ අමතා මේ පිලිබඳ පැවසූ විට මහින්ද රාජපක්ෂ පෙරලා අසා තිබුනේ "ඇයි තවම අත් අඩංගුවට ගත්තේ නැද්ද? මං හිතුවේ දැනටමත් අත් අඩංගුවට අරගෙන ඇති" කියා ය. ඒ අනුව වාස් අත් අඩංගුවට ගැණින.
ඝාතනයට ලක්වූ සියාම් නමැති ව්‍යාපාරිකයා මහින්ද රාජපක්ෂගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන මුස්ටාක්ගේ නෑදෑයෙක් නිසාත් බිරිඳ ගේ රත්තරන් වංචාවන් අල්ලා ගැනීම ගැන වාස්ගෙන් පළි ගැනීමට මෙය හොඳම අවස්ථාවක් නිසාත් වාස්ට කෙළවා රත්තරන් අල්ලා ගැනීම පිටුපස සිටින ගෝඨාභයට ද පාඩමක් ඉගැන්වීමටත් මෙය හොඳ අවස්ථාවක් බව මහින්ද රාජපක්ෂ තේරුම් ගත්තා විය යුතුය. ගෝඨා වාස් හරහා සිදුකළ ඝාතන වල සාක්කි ද දැන් මහින්ද රාජපක්ෂ සතුව ඇත. ඒ අනුව ගෝඨා පාලනය කිරීමේ යතුරක්ද මහින්ද තමන් සතු කරගෙන සිටී.
නමුත් මේ වන විට පරීකෂණ සිදු කෙරෙන්නේ සියාම් ඝාතනය ගැන පමණි. පාපෝච්චාරනයේ යෙදුනු අය ඝාතන 14 ක් ගැන තොරතුරු හෙළි කර ඇත. පසුගිය 21 සිකුරාදා අත් අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන් තිදෙනෙක් මහේස්ත්රාත්වරයාගේ කුටියේදී රහසිගත පාපෝච්චාරන 3 ක් සිදුකළ බවද වාර්තා වේ. මීට ඉහත අත් අඩංගුවට ගත් සිවිල් දෙදෙනෙක්ද රහසිගත පාපෝච්චාරන 2 ක් සිදුකළේය. ඒ අනුව වාස්ගේ ඝාතන සම්බන්ධයෙන් පාපෝච්චාරන 5 ක් අධිකරණයට වාර්තා කර ඇත.
එසේ නමුත් තවමත් පරීකෂණ සිදුකරන්නේ සියාම්ගේ ඝාතනයට අදාල නඩු කාර්ය සඳහා පමණි. ඉන් එහා ගිය හොත් ගෝඨාභයගේ පමණක් නොව මහින්දගේ ඝාතන පවා හෙළි විය හැකිය. වාස් ගුණවර්ධනද වෙඩි නොකෑ ඌරා සේ සිටින්නේ තමන්ට කෙළවුවහොත් රාජපක්ෂලාට ද කෙළවන බව බිරිඳ හරහා අනතුරු අඟවා ය.
වාස් ගුණවර්ධන හෙට යලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.