Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනී මෝරුන්ට මැදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනී මෝරුන්ට මැදිව

මුහුදේ කිමිදීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. නමුත් අතීතයේ පටන් ලාංකිකයෝ මුතු කැඞීමටත් මුහුදු කූඩැල්ලන් රැස් කිරීමටත්, මුහුදු ස්පොන්ච් රැස්කිරීමටත් මුහුදේ කිමිදෙති. මේ සඳහා ඔවුන්ට දියුණු තාක්ෂණයක් තිබුණේ නැත.

‘‘1995 පමණ කාලයේ අපේ ලංකාවේ භාවිත කළ කිමිදුම් උපකරණ පිටරට භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසු අලූත්වැඩියා කැර ගෙන්වන ලද ඒවා. මේ නිසා අලූත්ම තාක්ෂණික උපකරණ අපේ ක්ෂේත්රයට ආවේ බොහෝ ප්‍රමාද වෙලා. මම කිමිදුම්වල යෙදෙන්න පටන් ගනිද්දී මට මෙහෙ දී ලැබුණු උපකරණවලට වඩා නවීන උපකරණ ලෝකයේ වෙනත් රටවල භාවිත කරමින් තිබුණා. නමුත් ඥානේ අයියාත් මමත් නිතර නිතර සාකච්ඡා කරමින් පැරණි උපකරණ අලූත් වැඩියාවකින් තොරව සහ හානියට පත්නොවී නඩත්තු කරගෙන යා හැකි ආකාරයත් ඒවා මෙරටින් සොයාගත හැකි අමතර කොටස් සොයාගෙන වෙනස් කැරගන්නා ආකාරය පිළිබඳවත් අත්හදා බැලූවා.’’

කුඩච්චි තමන්ගේම කියා කිමිදුම් කට්ටලයක හිමිකරුවකු වූයේ භාවිතයට ගත් කිමිදුම් කට්ටලයක් මිලදී ගැනීමෙනි. කිමිදුම් කට්ටලයක් හිමිකැරගැනීමේ ආශාවෙන් සිටි කුඩච්චිට අතේ ඇති මුදලට කිමිදුම් කට්ටලයක් ලබාදුන්නේ තල්පේ පදිංචි කිමිදුම් කරුවකු වන උක්කුං අයියා විසින් බව ඔහු අදටත් කෘතවේදීව සිහිපත් කරයි.

‘‘ඒ කිමිදුම් කට්ටලය මට දුන්නාට වඩා වැඩි මුදලකට විකුණන්න උක්කුං අයියාට හැකියාව තිබුණා. නමුත් ඔහු දන්නවා මගේ ආශාව. ඒ නිසා ඔහු එය සාධාරණ මුදලකට මට දුන්නා. මෙතැන් සිට මට ඕනෑම වේලාවක මුහුදේ කිමිදෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම මුහුදේ කිමිදෙන තම සහායකයකු ද ඔහු මගේ කටයුතු වලට සම්බන්ධකර දුන්නා.

මුහුදේ ගවේෂණයට අමතරව විද්‍යාත්මක පර්යේෂණ සඳහා මසුන් දඩයම් කිරීමේ යෙදෙන කුඩච්චි ඒ සඳහා කිමිදෙන්නේ කි‍්‍රෂාන් වේවැල්වල නමැති මිතුරා සමගිනි. දක්ෂ කිමිදුම් කරුවකු වූ කි‍්‍රෂාන් මුහුදේ කිමිදීමට බියක් නැති සතුන් ගැන ද අවබෝධයක් තිබෙන අයකු බව කුඩච්චි පවසයි.

‘‘ මුහුදේදී සතුන් දඩයම් කරන තුවක්කු තියෙනවා. මේවා කුලියට ගන්නත් පුළුවන් අපි ඒ දවස්වල මේවා අරගෙන දඩයමේ යනවා. මුහුදේ දී දඩයම් කරන්න අමාරුම සතෙක් තමයි මෝරා. මෝරුන් දඩයමට යන්න හොඳ පුහුණුවක් තියෙන්න ඕනෑ. ඒ වගේම ශී‍්‍ර ලංකාව අවට මුහුදේ මෝරුන් විශේෂ ගණනාවක් සිටිනවා. ඇතැම් විට මිනී මෝරුන් පවා හමුවනවා. මිනී මෝරුන් කිසිම අනුකම්පාවක් නැතිව පහර දෙනවා. මිනී මෝරකුට හසුවුවහොත් බේරීයාම ඉතාමත්ම අපහසුයි. ’’

චතුර කුඩච්චි මහතා පවසන්නේ මෝරුන් දඩයම් කිරීම ලොව පුරා ඉතාමත්ම ජනපි‍්‍රය කී‍්‍රඩාවක් බවයි. ඒ සම්බන්ධයෙන් ලියැවුණු පොත් පත් මෙන්ම නිෂ්පාදනය වූ චිත්‍රපට ද අති විශාල සංඛ්‍යාවක් තිබේ. අතිශය ත්‍රාසජනක කී‍්‍රඩාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති දිය යට මෝරුන් දඩයම සංචාරකයන්ගේ සිත්ගත් කී‍්‍රඩාවක් වුවද සමුද්‍ර ක්ෂීරපායීන් සුරැකීමේ නීතිමය තත්වයන් හේතුවෙන් එය ලංකාවේ දී කැරෙන්නේ නැත.

‘‘ඒ කාලේ දැන් වගේ මුහුදේ කිමිදුම් සම්බන්ධ නීති ගොඩක් කි‍්‍රයාත්මක වුණේ නැහැ. ඒ නිසා අපට හැකියාව තිබුණා මෝරුන් දඩයම් කරන්න. මට මතක විදියට 1998 වර්ෂයේ ජනවාරි මාසය වගේ. හොඳින් හිරු පායලා තිබුණා. ඒ වගේම මුහුදත් ඉතාමත්ම පැහැදිලියි. කි‍්‍රෂාන් සහ මම තීරණය කළා එදා මුහුදේ කිමිදෙන්න. අපි කිමිදුම් ඇඳුම් කට්ටලත් අරගෙන දඩයම් සඳහා අවශ්‍ය උපකරණත් අරගෙන මුහුදට බැස්සා. ඒ දවසනම් එච්චර හොඳ දවසක් නොවෙයි. අපි කොරල් අතරේ ඒ මේ අත ගමන් ගත්තා.’’

‘‘උණවටුනේ වැල්ලේ දේවාලය ආසන්න මුහුදට නිතර නිතර මෝරුන් එනවා මේ අය ගැන හොඳින් අධ්‍යනය කරපු කෙනකුට නියමිත වේලාවේ ඒ ආසන්න නොගැඹුරු මුහුදට බැහැලා සාමාන්‍යයෙන් අඩි එකහමාරක විතර මෝර පැටවෙක් අතින් අල්ලලා ගොඩට ගේන්න පවා හැකියාව තිබෙනවා. මම ඒ වැඬේ කිහිප වරක්ම කරල තියෙනවා.’’

කුඩච්චි පවසන්නේ ගාල්ලේ කොරල් පද්ධතිය ඉතාමත්ම අලංකාර දර්ශනයක් බවයි. බොනවිස්ටා හෙවත් සොඳුරු දසුන යනුවෙන් හඳුන්වන රූමස්සලට පහළින් ඇති කොරල් පරය මෙරට හොඳම සජීවී කොරල් පරය ලෙස හඳුන්වයි. එහි ඇති කොරල් දෙවැනි වන්නේ මහා බාධක පරයේ කොරල් වලට පමණක් බව පවසන කුඩච්චි පිරිසුදු වෙරළ තීරයක් තිබීම ගාල්ලේ කොරල් පරයන්හි අලංකාරය වැඩිදියුණු කිරීමට හේතුවක් වී ඇතැයි ද කීවේය.

‘‘හොඳින් හිරු පායලා මුහුදු ජලය පැහැදිලි දවසට කිමිදීම සැබෑ ආශ්වාදයක් ගෙන දෙන කරුණක්. අපි දෙන්නා මෙතෙක් නොදුටු අරුම පුදුම දර්ශන බලමින් යද්දී එකපාරටම කොරල් පරයක් ආසන්නයෙන් දිගැති සත්ත්වයෙක් මතුවුණා. මේ සතා අපට පහරදීමට සැරසෙනවා. මොනවා කරන්න ද කියා හිතාගන්න බැහැ. සර්පයෙක් වගේ තමයි පෙනෙන්නේ. කි‍්‍රෂාන් මාව පැත්තට තල්ලූ කරලා මේ සතා මගහැරලා ගියා. ඔහු මා තල්ලූ නොකළානම් ඒ වෙලාවේ ඒ සතා මාව හපාකනවා. මම ඊට පෙර එවැනි සතෙක් දැක තිබුණේ නැහැ. එදා උඩට ඇවිත් තොරතුරු සොයා බලද්දී තමයි දැනගත්තේ අපට පහරදෙන්න උත්සාහ අරගෙන තියෙන්නේ උග්‍ර විෂ සහිත මුහුදු සර්පයෙක් කියලා. අවධානයකින් තොරව කිමිදුනා නම් එදා අපි ඉවරයි. ’’

මුහුදු සර්පයාගෙන් බේරී මදක් ගැඹුරු මුහුද දෙසට ගමන් ගන්නා විට ඔවුන්ට මෝරුන් රංචුවක් හමුවී තිබේ.

‘‘ අපි බලාපොරොත්තු වූ දේ ලැබුණා. ලොකු කුඩා මෝරුන් විශාල සංඛ්‍යාවක් ඒ මේ අත පිහිනා යනවා. ඒක ඉතාමත්ම අලංකාර දර්ශනයක් මේ අතර මම මගේ අතේ තිබුණු දියයට විදින තුවක්කුව අමෝරාගෙන මෝරකු ඉලක්ක කරගන්න සූදානම් වනවාත් සමගම මට පෙනුනා මගේ ඉලක්කය දෙසින් විශාල සුදු ගුලියක් වගේ දෙයක් මගේ දෙසට එනවා. මම මදක් පරීක්ෂාකාරිවන විට මට දෙලොව රත්වුනා. මේ එන්නේ අති විශාල මෝරෙක්. ඉතාමත්ම පැහැදිලියි ඒ දැවැන්ත මිනී මෝරෙක්. මෝරුන් රංචුව සමග විශාල මිනී මෝරුන් කිහිප දෙනෙක් ද වෙරළට කිට්ටු කරලා වගේ. දැන්නම් අපිට කිසිම ගැලවීමක් නැහැ කියලා හිතුනා. මොනවා කරන්න ද කියලා හිතාගන්න බැහැ. කෙලින්ම මුහුණට මුහුණ මගේ ඉදිරියට ආපු මෝරා නැවතුනා. කි‍්‍රෂාන් තමන්ගේ අතේ තිබුණු තුවක්කුවෙන් විදින්න සූදානම් වුණා. මම එයාට විදින්න එපා කියලා අතින් සංඥා කළා. නමුත් කි‍්‍රෂාන් තමන්ගේ තුවක්කුව අමෝරාගෙන ඉන්නවා. ’’

කුඩච්චි පවසන්නේ තමන් මෝරා ඉදිරියේ හැකිතාක් නිසොල්මන්ව සිටි බවයි.

‘‘ මා දැන සිටියා මෝරකු පහරදීමට සිය විශාල මුඛය විවරකරන විට උගේ ඇස් වැසී තම දර්ශනය නොපෙනී යන බව. මෙන්න මේ නිමේශයේ දී පමණයි අපට ගැලවී යාමට ඉඩක් ලැබෙන්නේ. ඒ අවස්ථාව ලබාගැනීමට බාලාපොරොත්තුවෙන් මම හිටියා. නමුත් විනාඩියක් පමණ කාලයක් අප දෙස බලා සිටි මෝරා යළි ආපසු හැරී ගියා.

කුඩච්චි පවසන්නේ එය පූරුවේ වාසනාවකට සිදුවූවක් විය හැකි බවයි.

‘‘ මෝරා යළි හැරුණට පස්සෙ තමයි අපේ ඇගට ලේ ඉනුවේ. වැරදිලාවත් අපි මේ මෝරාට විද්දානම් ඒ සතාට එය දැනෙන්නේවත් නැහැ. නමුත් ඌට ඇතිවන වේදනාවත් සමගම අපි දෙන්නාව කීතු කීතු කරලා දාවි. ඒ තරම් විශාල මෝරෙක්. මම අද දක්වාම විශ්වාස කරන දෙයක් තමයි අපි හිතන සිතිවිලි මේ ක්ෂීරපායී මුහුදු ජීවීන්ට දැනෙන බව. මමත් කි‍්‍රෂාන් මෝරුන්ට විදින්න ගියේ මෝරුන් ගැන සත්ත්ව විද්‍යාත්මක අධ්‍යයන කටයුතු සඳහා පමණයි. මෝරුන් මරා ආහාරයට ගන්න අපේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අප බේරුණේ ඒ නිසා විය හැකියි.’’

මෝරා ඈතට පිහිනා යද්දී එම ප්‍රදේශයේ තවත් මිනී මෝරුන් කිහිප දෙනකු සැරි සරන බව කුඩච්චි දැක තිබේ. මේ ස්ථානයේ තවදුරටත් මෝරුන් දඩයම් කරන්නට උත්සාහ ගතහොත් මෝරුන් දඩයම කෙසේ වෙතත් තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව දැනගත් කුඩච්චි සහ කි‍්‍රෂ්ණ හැකි ඉක්මණින් ගොඩට පැමිණ ඇත.

මුහුදු නයෙක්

http://img194.imageshack.us/img194/6978/66267778.jpg

මසුන් දඩයම් කරන ආකාරය

බිහිසුණු මෝරෙක්

මසුන්ට විදීම සඳහා භාවිත කරන තුවක්කුවක්

කි‍්‍රෂාන් වේවැල්වල

චතුර කුඩච්චි

කට්ටියටම කිවන්න ආස හිතෙන දෙක් වෙයි මේක. ඊමේල් එකකින් ලැබුනෙ. මේ විස්තර හොයල අන්තර්ජාලය දමපු අයට බෙහෙවින් ස්තූතියි. නොදන්නා දෙයක් දැනගන්න ලැබුනා. රී පෝස්ට් නම් සමාවෙන්න.

කොමෙන්ටුවක් අඩුම තරමින් බම්ප් එකක් වත් දාන්න තව කෙනෙකුට බලන්න.

[QUOTE="Mr:Virus, post: 11938259, member: 357884"] [b]මිනී මෝරුන්ට මැදිව[/b] [SIZE="4"]මුහුදේ කිමිදීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. නමුත් අතීතයේ පටන් ලාංකිකයෝ මුතු කැඞීමටත් මුහුදු කූඩැල්ලන් රැස් කිරීමටත්, මුහුදු ස්පොන්ච් රැස්කිරීමටත් මුහුදේ කිමිදෙති. මේ සඳහා ඔවුන්ට දියුණු තාක්ෂණයක් තිබුණේ නැත. ‘‘1995 පමණ කාලයේ අපේ ලංකාවේ භාවිත කළ කිමිදුම් උපකරණ පිටරට භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසු අලූත්වැඩියා කැර ගෙන්වන ලද ඒවා. මේ නිසා අලූත්ම තාක්ෂණික උපකරණ අපේ ක්ෂේත්රයට ආවේ බොහෝ ප්‍රමාද වෙලා. මම කිමිදුම්වල යෙදෙන්න පටන් ගනිද්දී මට මෙහෙ දී ලැබුණු උපකරණවලට වඩා නවීන උපකරණ ලෝකයේ වෙනත් රටවල භාවිත කරමින් තිබුණා. නමුත් ඥානේ අයියාත් මමත් නිතර නිතර සාකච්ඡා කරමින් පැරණි උපකරණ අලූත් වැඩියාවකින් තොරව සහ හානියට පත්නොවී නඩත්තු කරගෙන යා හැකි ආකාරයත් ඒවා මෙරටින් සොයාගත හැකි අමතර කොටස් සොයාගෙන වෙනස් කැරගන්නා ආකාරය පිළිබඳවත් අත්හදා බැලූවා.’’ කුඩච්චි තමන්ගේම කියා කිමිදුම් කට්ටලයක හිමිකරුවකු වූයේ භාවිතයට ගත් කිමිදුම් කට්ටලයක් මිලදී ගැනීමෙනි. කිමිදුම් කට්ටලයක් හිමිකැරගැනීමේ ආශාවෙන් සිටි කුඩච්චිට අතේ ඇති මුදලට කිමිදුම් කට්ටලයක් ලබාදුන්නේ තල්පේ පදිංචි කිමිදුම් කරුවකු වන උක්කුං අයියා විසින් බව ඔහු අදටත් කෘතවේදීව සිහිපත් කරයි. ‘‘ඒ කිමිදුම් කට්ටලය මට දුන්නාට වඩා වැඩි මුදලකට විකුණන්න උක්කුං අයියාට හැකියාව තිබුණා. නමුත් ඔහු දන්නවා මගේ ආශාව. ඒ නිසා ඔහු එය සාධාරණ මුදලකට මට දුන්නා. මෙතැන් සිට මට ඕනෑම වේලාවක මුහුදේ කිමිදෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම මුහුදේ කිමිදෙන තම සහායකයකු ද ඔහු මගේ කටයුතු වලට සම්බන්ධකර දුන්නා. මුහුදේ ගවේෂණයට අමතරව විද්‍යාත්මක පර්යේෂණ සඳහා මසුන් දඩයම් කිරීමේ යෙදෙන කුඩච්චි ඒ සඳහා කිමිදෙන්නේ කි‍්‍රෂාන් වේවැල්වල නමැති මිතුරා සමගිනි. දක්ෂ කිමිදුම් කරුවකු වූ කි‍්‍රෂාන් මුහුදේ කිමිදීමට බියක් නැති සතුන් ගැන ද අවබෝධයක් තිබෙන අයකු බව කුඩච්චි පවසයි. ‘‘ මුහුදේදී සතුන් දඩයම් කරන තුවක්කු තියෙනවා. මේවා කුලියට ගන්නත් පුළුවන් අපි ඒ දවස්වල මේවා අරගෙන දඩයමේ යනවා. මුහුදේ දී දඩයම් කරන්න අමාරුම සතෙක් තමයි මෝරා. මෝරුන් දඩයමට යන්න හොඳ පුහුණුවක් තියෙන්න ඕනෑ. ඒ වගේම ශී‍්‍ර ලංකාව අවට මුහුදේ මෝරුන් විශේෂ ගණනාවක් සිටිනවා. ඇතැම් විට මිනී මෝරුන් පවා හමුවනවා. මිනී මෝරුන් කිසිම අනුකම්පාවක් නැතිව පහර දෙනවා. මිනී මෝරකුට හසුවුවහොත් බේරීයාම ඉතාමත්ම අපහසුයි. ’’ චතුර කුඩච්චි මහතා පවසන්නේ මෝරුන් දඩයම් කිරීම ලොව පුරා ඉතාමත්ම ජනපි‍්‍රය කී‍්‍රඩාවක් බවයි. ඒ සම්බන්ධයෙන් ලියැවුණු පොත් පත් මෙන්ම නිෂ්පාදනය වූ චිත්‍රපට ද අති විශාල සංඛ්‍යාවක් තිබේ. අතිශය ත්‍රාසජනක කී‍්‍රඩාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති දිය යට මෝරුන් දඩයම සංචාරකයන්ගේ සිත්ගත් කී‍්‍රඩාවක් වුවද සමුද්‍ර ක්ෂීරපායීන් සුරැකීමේ නීතිමය තත්වයන් හේතුවෙන් එය ලංකාවේ දී කැරෙන්නේ නැත. ‘‘ඒ කාලේ දැන් වගේ මුහුදේ කිමිදුම් සම්බන්ධ නීති ගොඩක් කි‍්‍රයාත්මක වුණේ නැහැ. ඒ නිසා අපට හැකියාව තිබුණා මෝරුන් දඩයම් කරන්න. මට මතක විදියට 1998 වර්ෂයේ ජනවාරි මාසය වගේ. හොඳින් හිරු පායලා තිබුණා. ඒ වගේම මුහුදත් ඉතාමත්ම පැහැදිලියි. කි‍්‍රෂාන් සහ මම තීරණය කළා එදා මුහුදේ කිමිදෙන්න. අපි කිමිදුම් ඇඳුම් කට්ටලත් අරගෙන දඩයම් සඳහා අවශ්‍ය උපකරණත් අරගෙන මුහුදට බැස්සා. ඒ දවසනම් එච්චර හොඳ දවසක් නොවෙයි. අපි කොරල් අතරේ ඒ මේ අත ගමන් ගත්තා.’’ ‘‘උණවටුනේ වැල්ලේ දේවාලය ආසන්න මුහුදට නිතර නිතර මෝරුන් එනවා මේ අය ගැන හොඳින් අධ්‍යනය කරපු කෙනකුට නියමිත වේලාවේ ඒ ආසන්න නොගැඹුරු මුහුදට බැහැලා සාමාන්‍යයෙන් අඩි එකහමාරක විතර මෝර පැටවෙක් අතින් අල්ලලා ගොඩට ගේන්න පවා හැකියාව තිබෙනවා. මම ඒ වැඬේ කිහිප වරක්ම කරල තියෙනවා.’’ කුඩච්චි පවසන්නේ ගාල්ලේ කොරල් පද්ධතිය ඉතාමත්ම අලංකාර දර්ශනයක් බවයි. බොනවිස්ටා හෙවත් සොඳුරු දසුන යනුවෙන් හඳුන්වන රූමස්සලට පහළින් ඇති කොරල් පරය මෙරට හොඳම සජීවී කොරල් පරය ලෙස හඳුන්වයි. එහි ඇති කොරල් දෙවැනි වන්නේ මහා බාධක පරයේ කොරල් වලට පමණක් බව පවසන කුඩච්චි පිරිසුදු වෙරළ තීරයක් තිබීම ගාල්ලේ කොරල් පරයන්හි අලංකාරය වැඩිදියුණු කිරීමට හේතුවක් වී ඇතැයි ද කීවේය. ‘‘හොඳින් හිරු පායලා මුහුදු ජලය පැහැදිලි දවසට කිමිදීම සැබෑ ආශ්වාදයක් ගෙන දෙන කරුණක්. අපි දෙන්නා මෙතෙක් නොදුටු අරුම පුදුම දර්ශන බලමින් යද්දී එකපාරටම කොරල් පරයක් ආසන්නයෙන් දිගැති සත්ත්වයෙක් මතුවුණා. මේ සතා අපට පහරදීමට සැරසෙනවා. මොනවා කරන්න ද කියා හිතාගන්න බැහැ. සර්පයෙක් වගේ තමයි පෙනෙන්නේ. කි‍්‍රෂාන් මාව පැත්තට තල්ලූ කරලා මේ සතා මගහැරලා ගියා. ඔහු මා තල්ලූ නොකළානම් ඒ වෙලාවේ ඒ සතා මාව හපාකනවා. මම ඊට පෙර එවැනි සතෙක් දැක තිබුණේ නැහැ. එදා උඩට ඇවිත් තොරතුරු සොයා බලද්දී තමයි දැනගත්තේ අපට පහරදෙන්න උත්සාහ අරගෙන තියෙන්නේ උග්‍ර විෂ සහිත මුහුදු සර්පයෙක් කියලා. අවධානයකින් තොරව කිමිදුනා නම් එදා අපි ඉවරයි. ’’ මුහුදු සර්පයාගෙන් බේරී මදක් ගැඹුරු මුහුද දෙසට ගමන් ගන්නා විට ඔවුන්ට මෝරුන් රංචුවක් හමුවී තිබේ. ‘‘ අපි බලාපොරොත්තු වූ දේ ලැබුණා. ලොකු කුඩා මෝරුන් විශාල සංඛ්‍යාවක් ඒ මේ අත පිහිනා යනවා. ඒක ඉතාමත්ම අලංකාර දර්ශනයක් මේ අතර මම මගේ අතේ තිබුණු දියයට විදින තුවක්කුව අමෝරාගෙන මෝරකු ඉලක්ක කරගන්න සූදානම් වනවාත් සමගම මට පෙනුනා මගේ ඉලක්කය දෙසින් විශාල සුදු ගුලියක් වගේ දෙයක් මගේ දෙසට එනවා. මම මදක් පරීක්ෂාකාරිවන විට මට දෙලොව රත්වුනා. මේ එන්නේ අති විශාල මෝරෙක්. ඉතාමත්ම පැහැදිලියි ඒ දැවැන්ත මිනී මෝරෙක්. මෝරුන් රංචුව සමග විශාල මිනී මෝරුන් කිහිප දෙනෙක් ද වෙරළට කිට්ටු කරලා වගේ. දැන්නම් අපිට කිසිම ගැලවීමක් නැහැ කියලා හිතුනා. මොනවා කරන්න ද කියලා හිතාගන්න බැහැ. කෙලින්ම මුහුණට මුහුණ මගේ ඉදිරියට ආපු මෝරා නැවතුනා. කි‍්‍රෂාන් තමන්ගේ අතේ තිබුණු තුවක්කුවෙන් විදින්න සූදානම් වුණා. මම එයාට විදින්න එපා කියලා අතින් සංඥා කළා. නමුත් කි‍්‍රෂාන් තමන්ගේ තුවක්කුව අමෝරාගෙන ඉන්නවා. ’’ කුඩච්චි පවසන්නේ තමන් මෝරා ඉදිරියේ හැකිතාක් නිසොල්මන්ව සිටි බවයි. ‘‘ මා දැන සිටියා මෝරකු පහරදීමට සිය විශාල මුඛය විවරකරන විට උගේ ඇස් වැසී තම දර්ශනය නොපෙනී යන බව. මෙන්න මේ නිමේශයේ දී පමණයි අපට ගැලවී යාමට ඉඩක් ලැබෙන්නේ. ඒ අවස්ථාව ලබාගැනීමට බාලාපොරොත්තුවෙන් මම හිටියා. නමුත් විනාඩියක් පමණ කාලයක් අප දෙස බලා සිටි මෝරා යළි ආපසු හැරී ගියා. කුඩච්චි පවසන්නේ එය පූරුවේ වාසනාවකට සිදුවූවක් විය හැකි බවයි. ‘‘ මෝරා යළි හැරුණට පස්සෙ තමයි අපේ ඇගට ලේ ඉනුවේ. වැරදිලාවත් අපි මේ මෝරාට විද්දානම් ඒ සතාට එය දැනෙන්නේවත් නැහැ. නමුත් ඌට ඇතිවන වේදනාවත් සමගම අපි දෙන්නාව කීතු කීතු කරලා දාවි. ඒ තරම් විශාල මෝරෙක්. මම අද දක්වාම විශ්වාස කරන දෙයක් තමයි අපි හිතන සිතිවිලි මේ ක්ෂීරපායී මුහුදු ජීවීන්ට දැනෙන බව. මමත් කි‍්‍රෂාන් මෝරුන්ට විදින්න ගියේ මෝරුන් ගැන සත්ත්ව විද්‍යාත්මක අධ්‍යයන කටයුතු සඳහා පමණයි. මෝරුන් මරා ආහාරයට ගන්න අපේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අප බේරුණේ ඒ නිසා විය හැකියි.’’ මෝරා ඈතට පිහිනා යද්දී එම ප්‍රදේශයේ තවත් මිනී මෝරුන් කිහිප දෙනකු සැරි සරන බව කුඩච්චි දැක තිබේ. මේ ස්ථානයේ තවදුරටත් මෝරුන් දඩයම් කරන්නට උත්සාහ ගතහොත් මෝරුන් දඩයම කෙසේ වෙතත් තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව දැනගත් කුඩච්චි සහ කි‍්‍රෂ්ණ හැකි ඉක්මණින් ගොඩට පැමිණ ඇත.[/SIZE] [IMG]http://img80.imageshack.us/img80/9063/naya.jpg[/IMG] [SIZE="3"][B]මුහුදු නයෙක් [/B][/SIZE] [CENTER][url]http://img194.imageshack.us/img194/6978/66267778.jpg[/url] [SIZE="3"][B]මසුන් දඩයම් කරන ආකාරය[/B][/SIZE] [IMG]http://img521.imageshack.us/img521/7466/77215171.jpg[/IMG] [B][SIZE="3"]බිහිසුණු මෝරෙක්[/SIZE][/B] [IMG]http://img840.imageshack.us/img840/5917/20084788.jpg[/IMG] [B]මසුන්ට විදීම සඳහා භාවිත කරන තුවක්කුවක්[/B] [IMG]http://img607.imageshack.us/img607/5975/83857263.jpg[/IMG] [B][SIZE="3"]කි‍්‍රෂාන් වේවැල්වල[/SIZE][/B] [IMG]http://img80.imageshack.us/img80/6127/91613103.jpg[/IMG] [B][SIZE="3"]චතුර කුඩච්චි[/SIZE][/B][/CENTER] [B][SIZE="2"]කට්ටියටම කිවන්න ආස හිතෙන දෙක් වෙයි මේක. ඊමේල් එකකින් ලැබුනෙ. මේ විස්තර හොයල අන්තර්ජාලය දමපු අයට බෙහෙවින් ස්තූතියි. නොදන්නා දෙයක් දැනගන්න ලැබුනා. රී පෝස්ට් නම් සමාවෙන්න. කොමෙන්ටුවක් අඩුම තරමින් බම්ප් එකක් වත් දාන්න තව කෙනෙකුට බලන්න.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom