Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියගිය රාජාට පණ දුන් හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියගිය රාජාට පණ දුන් හැටි

මියගිය රාජාට පණ දුන් හැටි

”මුළු ප්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්ත ගෝමර සහිත අති අලංකෘත හස්ති රාජයෙක් මගේ ඉදිරිපිටට එනවා. මට කිසිම බයක් හිතුනේ නැහැ. ටික ටික මගේ ළගට ආපු මේ දැවැන්තයා මට දණ ගහල වැන්දා. මම ඒ සතාගේ හිස අතගෑවා. ඒ සමගම මම අවදි වුණා. එතකොට තමයි දන්නේ මම මේ හීනයක් දැක්කේ කියා.’’

ගිංගග මිටියාවත අසබඩ සුන්දර ගෝනපුර ගම්මානයේ පදිංචි පරිසර වේදියකු, සත්ත්ව විද්‍යා ගවේෂකයකු සහ රාජ්‍ය ආයතන රැසක මෙන්ම පෞද්ගලික ආයතන කිහිපයක මානව සම්පත් සංවර්ධන අධ්යක්ෂ වරයකු වශයෙන් කටයුතු කරන ගාමිණී කුමාර විතාන මහතා තමන් අදින් දශක දෙකකටත් පෙර දුටු අපූරු ස්වප්නයක් එසේ විස්තර කළේය.

ඒ වනවිට හිරු පායන්නට ආසන්න වෙමින් තිබිණි. ශී‍්‍ර ලංකාවේ අලි ඇතුන් පිළිබඳ වරින් වර පර්යේෂණ කිහිපයක්ම කළ කුමාර විතාන මහතා සයනයෙන් නැගිට ගොස් තමන් ඒ දිනවල ලියමින් සිටි ග්‍රන්ථයක අත්පිටපතක් යළි කියන්නට වූයේ තව නොබෝ දිනකින් එය මුද්‍රණය සඳහා භාර දිය යුතු බැවිනි. ඔහු ඒ කාර්යයේ දිගටම නිරත වෙද්දී සිහිනය ගැන කොතෙක් සිතුව ද අරුතක් හිතන්නට හැකි වූයේ නැත. කුමාර විතාන මහතා මවට ද තම නංගිලාට ද මේ බව කීවේය. කිසිවෙකුටත් අර්ථ පූර්ණය කරගන්නට හැකියාවක් නැත.

ගැමි නිවසක් වූ විතාන මහාගේ නිවසේ මුළුතැන් ගේ දෙසින් නැවුම් හාලේ බත් ඉදෙන සුවඳ වහනය වෙයි. පුතා නිවසේ සිටින දිනයේ මව රසමසවුළු පිළියෙල කරන්නේ වෙනදාටත් වඩා උනන්දුවෙනි. දහවල් එකොළහේ කණිසමට ආසන්න වෙමින් තිබිණි.

දුරකථනය නාදවන්නට විය.

‘‘ආයුබෝවන්’’ රිසීවරය අතටගත් ගාමිණී කුමාර විතාන මහතා කීවේය.

‘‘ගාමිණී, පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න දවස් කීපයකට නුවර යන්න වෙනවා. රාජා මැරිලා. අපි ඇතාව සංරක්ෂණය කරලා හදන්න ඕනෑ.’’ ඒ හඩ කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගේය.

මුළු රටක් ආදරය කළ විශේෂයෙන්ම ගාමිණී කුමාර විතාන මහතා දැඩි සේ ඇලූම් කළ ඒ මහා හස්තිරාජයා සිරිලක ජාතික වස්තුවක් ලෙස නම්කැර සිටි එකම සත්ත්වයා රෝගාතුරවී සිට මියයාමේ පුවත ඔහුට දරාගත නොහැකි එකක් විය.

‘‘ඒ වෙලාවේ මම අම්මාටත් නංගිලාටත් මේ පුවත කීවා. හැමෝම අඩන්න පටන් ගත්තා. මට මතකයි මගේ ඇස් දෙකෙත් කඳුලින් පිරිලා ගියපු හැටි. කවදාවත් මිනිස්සු වෙච්ච අපිට කරන්න බැරි තරමේ බුද්ධ පූජාවක් වාර්ෂිකව පවත්වපු ඒ පින්වන්ත සත්ත්වයාගේ මරණය මුළු ලංකාවටම දරාගන්න බැරි දුකක් එකතු කළා. රටක් හඩවලා මියගිය සත්ත්වයෙක්.’’ දළදා මාලිගාවේ කරඩුව වැඩමවූ රාජා 1988 ජූලි මස 16 වැනි දින මියගියේය. විතාන මහතාට මේ පණිවිඩය ලැබුණේ පසුදා හිමිදිරියේය. ඒ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා ලෙස සේවය කළ ගාමිණී කුමාර විතාන මහතා තම ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් කොළඹ යාමට සූදානම් වෙද්දී තවත් ඇමතුමක් ආවේය.

‘‘මම ජේ.ආර්. ජයවර්ධන’’

පුදුමයකි. ගාල්ලේ ගෝනපුර ගම්මානයේ උපන් මේ මිනිසාට කථා කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයාය.

‘‘ගාමිණී මේ රාජා ඇතා පණ පිටින් ඉන්න ආකාරයෙන්ම එයාව හදල දළදා මාළිගා භූමියේම තැන්පත් කොරන්න ඕනෑ. රාජා ඇතා හැමදාමත් අපේ ජනතාවට බලාගන්න ඕනෑ. අපි මේක පිටරටවල විශේෂඥයන්ට කියල කොරවන්නේ නැහැ. ඒ නිසා වගකීමක් ඇතිව මේ වැඬේ කොරන්න ඕන’’ ජනපති කීවේය.

‘‘මම ගෙදරින් පිටත් වුණේ කෑමවත් කන්නේ නැතිව. කන්න හිතක් තිබුණේ නැහැ. සමීප ඥාතියෙක් මියගියා වගේ තමයි අපට දැනුනේ. ඒ පුවත අහපු කිසිම තැනක බත් ඉදුනේ නැහැ.’’

නිවසින් පිටවීමට පෙර මවගේත් පියාගේත් පාද නමස්කාර කළ ගාමිණීගේ හිස අතගෑ මව

‘‘පුතා. පරෙස්සමෙන් යන්න. ඔයා කරන්න යන වැඬේ මුළු රටටම වැදගත් දෙයක්. ඊයේ රෑ රාජා තමයි ඔයාව හොයගෙන එන්න ඇත්තේ. ඒ පින්වන්ත සතා සදාකාලිකවම ජීවත් කරවන වගකීම ඔයාට තියෙනවා’’

ගාමිණීගේ නැගණියන් සිව් දෙනාද පැමිණ තම අයියාගේ දෙපා නැම ද ඔහුට ආශිර්වාද කළහ. ගාමිණී ගාල්ලට ඇරළුවේ ඔහුගේ පියා විසින් යතුරුපැදියෙනි. එතැනින් කොළඹ ජාතික කෞතුකාගාරයට හෙතෙම යද්දී කොළඹ සිට කණ්ඩායමක් ඒ වනවිටත් මහනුවර බලා ගමන් කැර සිටියහ.

ගාමිණී කුමාර විතාන මහතා වෙනුවෙන් ද වාහනයක් සූදානම්ව තිබිණි. මෙම කාර්යයට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය කළමණා කෞතුකාගාරයෙන් ලබාගත් හෙතෙම මහනුවර බලා ඉගිල්ලූනේය.

ශී‍්‍ර දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ සද්දන්තයා දළදා කරඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හොඩය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්ථියා තීක්ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කළක් ගියේ නැත.

1938 දී කරඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ රාජා ඇතා සංසාර පුරුද්දකට මෙන් වැඩි කළක් නොගොස් දළදා කරඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඩුව වැඩමවූ රාජා හස්ථියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාත්, අග්‍රාමාතය රණසිංහ පේ‍්‍රමදාස මහතාත්, දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාත් මේ සත්ත්වයාට අසීමිතව ආදරය කළහ.

කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවූ රිය අනතුරකින් ඔත්පල වූයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවදානමකට ලක්වූ මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රතිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙළොව හැර ගියේය.

ඇතා මියයද්දී සංඝයා වහන්සේලා පිරිත් සජ්ඣායනා කළහ. රාජා මියගිය පුවත දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට සැලකිරීමත් සමගම ජයවර්ධන මහතාගේ සිත දිවගියේ කෙන්යාවේ නයිරෝබි නුවර ජාතික කෞතුකාගාරයේ ඇති අහ-මඞ් නැමැති හස්තියාගේ අනුරුව කෙරෙහිය.

ජනාධිපතිවරයා කෙන්යාවේ සංචාරය කළ අවස්ථාවක මේ අනුරුව දැක තිබිණි. කෙන්යාවේ මාසබිට් ජාතික වනෝද්‍යානයේ 1919 දී උපත ලබන්නට ඇතැයි විශ්වාස කරන අහමඞ් නැමති හස්තියාගේ දළ අඩි දහයකට වඩා දිගැති වන අතර එක් දළයක් කිලෝ ග්‍රෑම් 68 ක් පමණ බරැතිය.

මේ හස්තියා කොටු කැර දළ ගැනීමට මාන බලන ඇත් දළ ජාවාරම්කරුවන්ගෙන් අලියා බේරා දෙන ලෙස ඉල්ලා එරට ජනාධිපතිවරයාට ලිපි 5000 ට වඩා ප්‍රමාණයක් යොමු කැර තිබේ. එහි ප්‍රතිඵලය වූයේ අහමඞ් රැුකගැනීමට අලියා සැරි සරණ ස්ථාන වලට හමුදා ආරක්ෂාව සැපයීමයි. මේ දැවැන්ත හස්ථියා 1974 ජනවාරි මස 17 වැනි දින මියගියේය. මියගිය හස්ථියාගේ අනුරුවක් ෆයිබර් ග්ලාස් වලින් සකස් කළ ‘‘සිමර්මාන්’’ නමැති චර්ම ශිල්පියා ඇතාගේ දළ යුවල ද එම අනුරුවට සවි කළේය. අනතුරුව අහමඞ් හස්ථියාගේ අස්ථි රැගෙන ඒවා එකිනෙක පුරුද්දා එම කෞතුකාගාරයේම තැන්පත් කරන ලද්දේ ජේ.සී. හිල්මන් මහතා විසිනි.

කෙන්යාවට ගිය ජනාධිපති ජයවර්ධනගේ මතකයේ මෙය රැඳී තිබිණි. රාජා මියගිය බව දැනගත් විටම ඔහුගේ අදහස වූයේ රාජා ඇතා යළි ප්‍රතිනිර්මාණය කළ යුතු බවයි. එදා අහමඞ් නමැති හස්තියාගේ හම ලබාගැනීමට එරට විශේෂඥයන්ට හැකියාවක් නොලැබුණ ද ජයවර්ධන මහතා කෞතුකාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගෙන් ඉල්ලා සිටියේ රාජාගේ සජීවී හම යොදා අනුරුව තැනිය යුතු බවයි.

‘‘ගාමිණී මම ඔයාලා ගැන උපරිම විශ්වාසය තියනවා. ජනාධිපතිතුමාගේ අදහස රාජා සජීවී ආකාරයෙන්ම අනාගතයට දැක බලාගන්න සකස් කිරීම මේක අමාරු වැඩක් වුණත් අපි කොහොම හරි කරන්න ඕන. රාජා කියන්නේ ජාතික වස්තුවක් නේ.’’ ගුණවර්ධන මහත්මිය එසේ කීවාය.

මේ භාරදූර කාර්යය පැවරුණේ එකළ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා වූ ගාමිණී කුමාර විතාන මහතාටත් දිවංගත පාලිත සමරප්පෙරුම මහතාටත්ය.

‘‘මම කොළඹ යනකොටත් පාලිත අයියා නුවර යන්න පිටත් වෙලා. අපි මීට ඉහත විවිධ සතුන් දිවියන්, මුවන්, ගෝනුන් වැනි සතුන් සජීවී හම සහිතව සංරක්ෂණය කැර තිබුණත් අලියෙක් වැනි විශාල සතකු සංරක්ෂණය කැර තිබුණේ නැහැ. ඒ නිසා මෙය ඉතාමත්ම අමාරු කාර්යයක් වුණා. ඒත් අපේ අධ්‍යක්ෂතුමියත් දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාත් අප දිගින් දිගටම ධෛර්යමත් කළා. ඒක අපිට විශාල ශක්තියක් වුණා. අද ජීවතුන් අතර නොමැති පාලිත අයියාත් කොහොම හරි මේ වැඬේ කරමු මල්ලී කියලා වැඬේ පටන් ගත්තා.’’

දහස් සංඛ්‍යාත පිරිස් මහනුවරට පැමිණෙමින් තිබිණි. මියගිය රාජාගේ සිරුර දැක බලා වන්දනාමාන කිරීමට වැළ නොකැඞී ජනතාව පැමිණෙද්දී ආගමික වතාවත් සිදුකැරුණි. ඇතා භූමදාන කරන බව පවසා සාමාන්‍ය ජනතාව ඉවත් කැරුණි. එය අතිශය බැරෑරුම් කාර්යයක් විය. අනතුරුව වූයේ ඇතාගේ නිවැරදි මිනුම් ලබාගැනීමයි. ඉදිරියේදී සාදන අනුරුවට අවශ්‍ය මිනුම් කටයුතු ගැනීමට පැය ගණනක් ගතවූ බව විතාන මහතා සිහිපත් කරයි. මිනුම් ගැනීමෙන් අනතුරුව හම කපා ඉවත්කැර ගැනීම ආරම්භ කැරුණි. සරල බසින් කියන්නේනම් කළ යුත්තේ මෙතෙක් මුළු මහත් බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ එමෙන්ම සිරිලක ජාතික වස්තුවක් වූ රාජා හම ගැසීමයි.

‘‘රාජා හමගහනවා කියන එක ලෙහෙසි කාර්යයක් වුණේ නැහැ. මේක බෞද්ධ සංස්කෘතියට අනුව ඇතැම් අයගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබුණා. ගතානුගතික අදහස් ඉස්මතුවුණා. ගොඩක් අය කියන්න පටන්ගත්තා මේ සතා හමගහන්න එපා කියලා. නමුත් මේ වෙලාවේ නෙරංජන් විජේරත්න මහත්මයා ඉතාමත්ම උපායශීලීව කටයුතු කරලා ඇතිවන්නට ගිය ගැටලූ රාශියක් මගහරවා ගත්තා.’’

අලියාගේ සමට යටින් ඝන මේද තට්ටුවක් පිහිටා තිබේ. මේ මේද තට්ටුවෙන් යම් ප්‍රමාණයක් ඉතිරිවන ආකාරයෙන් සම ඉවත් කැරුණි. මේ කාර්යය සඳහා පැය ගණනක් ගතවෙද්දී මහනුවර ප්‍රදේශයෙන් නැගෙන විරෝධතාව ද වැඩිවන්නට විය.

ආචාර්ය ගුණවර්ධන මහත්මියත්, දියවඩන නිළමේතුමා එක්ව ඔවුහු සාකච්ඡා කළහ ඒ අනුව වෙනත් තීරණයක් ගන්නට සිදුවිය. පිට සහ උදර ප්‍රදේශයේ හම ඉවත්කිරීමෙන් අනතුරුව හම ඉවත් කිරීමට වඩාත් අපහසු හිස සහ පාද හතර ශරීරයෙන් වෙන් කැරුණි. හිසත් පාද හතරත් වෙන්කළ සම් කොටසුත් ලොරියක පටවාගෙන කෞතුකාගාරයෙන් පැමිණි පිරිස කොළඹ පැමිණියහ.

රාජා ඇතාගේ මරණය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ද ප්‍රකාශයට පත්කැර තිබිණි. රාජ්‍ය ගෞරව සහිතව මෙරට මිහිදන් වූ එකම සත්ත්වයා වීමේ ගෞරවය හිමිකැරගත් රාජා හස්තියාගේ කඳ කොටස දළදා මාළිගය ආසන්නයේ මිහිදන් කැරුණි.

හමුදා රැකවරණ මධ්‍යයේ කොළඹට ගෙන ආ රාජාගේ සිරුරේ කොටස්වලින් සම වෙන්කැර ගැනීම අතිශය බැරෑරුම් කාර්යයකි.

‘‘මේ වෙනකොට හම ඉවත්කරන්න ඉතිරිවෙලා තියෙන්නේ අමාරුම කොටස් කිහිපයේ. ඇස් අසල, කන් සහ තොල්වල සම ඉතාමත්ම ප්‍රවේශමෙන් ඉවත් කරන්න ඕන. ඒ වගේම සම්පූර්ණ හිසෙහි සම ඉවත් කිරීමත් පහසු දෙයක් නොවෙයි. පාදයේ නියපොතු ආසන්නය වෙන්කිරීමත් අතිශය බැරෑරුම් කර්තව්‍යයක්. අපි රාජා ඇතා හදන්නේ වියළි සංරක්ෂණ ක්‍රමයට. ඒ නිසා හම වියළාගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. මේ තරම් විශාල සමක් සංරක්ෂණය කිරීම ගැටලූ සහගතයි. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා.’’

ගාමිණී කුමාරවිතාන මහතා පවසන්නේ පොටෑසියම් ඇලූමිනියම් සල්ෆේට් නමැති රසායනය මේ සඳහා අවශ්‍ය බවයි. නමුත් රාජා ඇතා තරම් සුවිසල් සත්වයකුගේ හමක් සංරක්ෂණයට ප්‍රමාණවත් තරම් එම රසායනය කෞතුගාකාරය සතුව තිබී නැත. මේ අවස්ථාවේ පිහිටට පැමිණ ඇත්තේ කොළඹ නගරයේ ජලාපවහන මණ්ඩලයයි. ඔවුන් සතුව ඇති පොටෑසියම් ඇලූමිනියම් සල්ෆේට් සංචිතයෙන් කොටසක් ලබාදීමට කොළඹ හිටපු නගරාධිපති දිවංගත රත්නසිරි රාජපක්ෂ මහතා යුහුසුළු වූවේය.

තෙල්මා ගුණවර්ධන මහත්මියගේ ඉල්ලීමකට අනුව ඉක්මණින්ම කි‍්‍රයාත්මක වූ නගරාධිපතිවරයා අවශ්‍ය සියළු රසායනික ද්‍රව්‍යයන් සැපයීම ගාමිණීගේත් පාලිතගේත් සැනසිල්ලට හේතුවක් වී තිබිණි.

‘‘හම ඉවත් කළාට පසසේ මේ හමේ අපිට අනවශ්‍ය මේද ප්‍රමාණයකුත් රැඳිල තිබුණා. ඊළග කාර්යය වුණේ මේ වැඩිපුර ඇති මේද කොටස් ඉතා සියුම් ලෙස ඉවත් කිරීම. එම කොටස් ඉවත් කළාට පසු හම කොටස් කිහිපයකට කපා පොටෑසියම් ඇලූමිනියම් සල්ෆේට් ද්‍රාවණයක බහා තබන්න අවශ්‍ය වුණා. මෙහිදී සිදුවන්නේ පැය 48 ක පමණ කාලයක් තිබීමේ දී හමේ ඇති ජලය එළියට විත් මේ රසායනිකය හම ඇතුළට කා වැදීමයි. මේ කාර්යය සඳහා සෝඩියම් ක්ලෝරයිඞ් සහ ෆීනෝල් කියන රසායනික ද්‍රව්‍යයත් අවශ්‍ය කරනවා.’’

කුමාර විතාන මහතා පවසන්නේ හිස කොටසේ හම වෙන්කැර ගැනීම සඳහා දින දෙක තුනක කාලයක් ගතවූ බවයි. කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොදැමුවද එහි මස් කුණු නොවී පැවතීම පුදුමයට කරුණක් බව ද ඔහු සිහිපත් කළේය.

ජාතික කෞතුකාගාර භූමිය පුරාම යම් දුගඳක් හමමින් තිබිණි. ගැලවූ හම වියළී හැකිලෙමින් තිබේ. කෞතුකාගාරායේ තිබූ විදුලි පංකා අතිවිශාල ප්‍රමාණයක් රාජා ඇතාගේ සම සකසන ස්ථානයට ගෙනවිත් කි‍්‍රයාත්මක කැර තිබෙන්නේ හම ඉක්මනින් වෙලාගැනීමේ අපේක්ෂාවෙනි. රසායනික ද්‍රව්‍ය හේතුවෙන් රාජාගේ සම අළු පැහැ ගැන්වෙමින් තිබේ. මේ අතර දළ දෙක වෙන්කැරගත් හිස කෞතුකාගාර භූමියේ තෝරාගත් ස්ථානයක මිහිදන් කළේ ඇතා සංරක්ෂණය කිරීමේදී හිස් කබල යළි ලබාගැනීමේ අපේක්ෂාවෙනි. කුමාරවිතනා මහතා පවසන්නේ රාජා ඇතාගේ හිස දින තුනක් පමණ වැළලීමට පෙර තිබුණ ද එය නරක් නොවූ බවයි.

‘‘මේ දින කිහිපයේ අපි නින්දක් නැතිව නොනවත්වා වැඩ කළා. ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගෙන් ලැබුණු සහයෝගය නොවන්නට මේ කාර්යය සාර්ථක කැරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇයත් අප සමග උරෙන් උර ගැටී අප්‍රමාණ වැඩකොටසක් සිදුකළා.’’

රාජා ඇතාගේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර නුවර දළදා මාලිගාවට ගිය මේ පිරිස තමන් ආරම්භකරන කාර්යය සාර්ථක වේවායැයි ප්‍රාර්ථනා කරමින් භාරයක් වී තිබේ. රාජා ඇතා යළි සංරක්ෂණය කිරීමේ කාර්යය අවසන් වූ පසු මාලිගාවට පැමිණ නෙළුම් මල් පූජාවක් කරන බව ඔවුන් දළදා සමිඳුන් ඉදිරියේ භාරවූ බව ගාමිණී කුමාරවිතාන මහතා කීවේය.

රාජා ඇතාගේ සම වෙන්කොට මාස අටක් පමණ ගතවූ පසු රාජාගේ අනුරුව ඉදිකිරීම ආරම්භ කැරුණි.

‘‘අපි සතාගේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප අතිවිශාල සංඛ්‍යාවක් බැලූවා. රාජා ඇතා මියයන විට යම් කෙසග තත්ත්වයකට පත්ව සිටි නිසා දියවඩන නිලමේතුමා අපෙන් ඉල්ලීමක් කළා රාජා ඇතාගේ අනුරුව හදද්දී නිරෝගී තරුණ ඇතා සිටි ආකාරයට හදන්න කියලා.’’

එවකට කොළඹ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා වූ ගාමිණී කුමාරවිතාන මහතා, සංරක්ෂණ නිලධාරි පාලිත සමරප්පෙරුම මහතා, මෙන්ම නිර්මාණ ශිල්පීන් වන පේ‍්‍රමනාත් ජයසේකර මහතා එල්.ආර්. විජේපාල මහතා සහ එල්.පී. මහින්ද මහතා ඇතුළු කණ්ඩායමක් රාජා ඇතාගේ සම රැගෙන මහනුවර දළදා මාලිගයට ගියහ. දළදා මාලිගාවේ පසෙක ඇති කුටියක රාජාගේ අනුරුව සැකසීමේ කාර්යය ආරම්භ කැරුණි. ඊට පෙර දළදා හිමියන්ට මල් පහන් පුදා යළි භාරයක් වීමට ද මේ පිරිස අමතක කළේ නැත.

පාදස්ථ ඵලකය ඉක්මණින්ම ගොඩනැගිණි. ඉන් පසු පාදස්ථ ඵලකය මත යකඩ හා ලී භාවිතා කරමින් මූලික සැලැස්ම සකස් කැරුණි. අනතුරුව සිදුවූයේ ජීවානුහරණය කරන ලද කොහු එලා ඒවා ලණුවලින් බඳිමින් රාජාගේ සජීවී ප්‍රමාණය සහ හැඩයට අනුව ඇතාගේ සිරුර සකස් කිරීමයි.

‘‘මේ කාලයේ භීෂණය හිස ඔසවා තිබුණා. රාජා ඇතා සැකසීම ඉතාමත්ම ආශ්චර්යමත් දෙයක් කියා මම පුවත්පතකට දැනුම් දීමත් සමගම මට එක්තරා සන්නද්ධ කල්ලියකින් ලිපියක් ලැබුණා රාජා ඇතා සකස් කිරීම නවතා දමන්න කියා. ඔවුන් කියා තිබුණේ අලියා එක්සත් ජාතික පක්ෂයේ ලකුණ නිසා මෙය සෑදීමට ඉඩදිය නොහැකි බවයි. නමුත් අපි මේ දේවල්වලින් අධෛර්යමත් වුණේ නැහැ’’ කුමාරවිතාන මහතා එසේ කීවේය.

ඔහු පවසන්නේ අනුරුව සකසමින් සිටියදී ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා එම ස්ථානයට පැමිණ වැඩකටයුතු අධීක්ෂණය කළ බවයි. ජනාධිපතිවරයා පැමිණෙන විට ඇතාගේ එක් පැත්තක් පමණක් පෙනෙන ආකාරයෙන් අනුරුව සකසමින් තිබිණි. ඇතාගේ එක් කන්පෙත්තක හටගත් තුවාලයක් හේතුවෙන් ශල්‍යකර්මයකින් එහි කොටසක් ඉවත්කරන්නට සිදුව තිබිණි. මේ කන නරඹන්නන්හට දැකිය නොහැකි ආකාරයෙන් ඇතා එක් පැත්තකට හැරී සිටින ලෙස සැකසීම මේ නිර්මාණ ශිල්පීන්ගේ අදහසයි. නමුත් ජනාධිපති පේ‍්‍රමදාස මහතා කියා සිටියේ ඇතා ඉදිරිය බලාගෙන සිටින ආකාරයෙන් සෑදීම වඩාත් සුදුසු බවයි.

ඇතාගේ අනුරුව සැකසීම සඳහා ඇස්බැස්ටස් මිල් බෝඞ් නමැති සංයෝගයත්, ගම් සහ ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා ගැනුණි. දිවා රෑ නොබලා රාජාගේ අනුරුව සැකසීම සිදුකැරිණි. රාජා ඇතා ඒ ආකාරයෙන් අඹමින් සිටිය දී ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මිය කිහිපවිටක් එම ස්ථානයට පැමිණ අවශ්‍ය උපදෙස් ලබාදුන්නාය. නෙරංජන් විජේරත්න දියවඩන නිලමේතුමා නිතිපතා එහි පැමිණ අවශ්‍යතා විමසීමට අමතක කළේ නැත.

ශරීරයේ ඇඹීම් කටයුතු අවසන් වෙමින් තිබියදී කොළඹ සිට හිස්කබල ගෙනවිත් එහි සවිකැරිණි. අනතුරුව හිස්කබල ද සකසා අඹන ලද රාජාගේ අනුරුව කළු පැහැති තීන්ත ආලේපයක් ගැල්වීමට ඔවුහු කටයුතු කළහ.

‘‘ඇතාගේ හම සංරක්ෂණය කරද්දී එහි තැන තැන පුංචි කඩතොළු තිබුණා. අපි ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා සෑදු අනුරුව සුදු පැහැති වුවහොත් ඒ සුදු පාට හමට යටින් පෙනෙන නිසා තමයි මේ විදියට කළේ. අනතුරුව අපි සකස් කළ අනුරුවට රාජාගේ සැබෑ හම පෙරෙව්වා.’’

විතාන මහතා පවසන්නේ ඇතාගේ ඇස්වලට ගැළපෙන කෘති‍්‍රම ඇස් මෙරට නොවූ බවයි. ඒ හේතුවෙන් විනිවිදක ප්ලාස්ටික් යොදා ඇස් සකස් කොට දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින වෙනත් ඇතුන්ගේ ඇස් පරීක්ෂා කරමින් විනිවිදක ප්ලාස්ටික් ඇස් වර්ණ ගැන්වීමට සිදුවූ බව ද හෙතෙම කීවේය.

‘‘අපි ඇස් සකස් කරමින් සිටියදී දියවඩන නිලමේතුමා ඇවිත් අපූරු ඉල්ලීමක් කළා. එතුමා කිව්වා රාජා ඇතා අවසන් වරට දළදා පෙරහැරට සහභාගී වූ අවස්ථාවේ දියකපන මංගල්‍යයය අවසන් කරලා ඇවිත් දළදා වහන්සේට ආචාර කරලා ටික වෙලාවක් මාලිගාව ඉදිරිපිට ඇස්වල කඳුළු පුරවගෙන හිටියා කියා. තමන් දළදා පෙරහරට සහභාගි වූ අවසන් අවස්ථාව මේ යැයි මේ සතාට දැනෙන්න ඇති කියලා තමයි දියවඩන නිලමේතුමාගේ විශ්වාසය වුණේ. ඒ නිසා එතුමා ඉල්ලා සිටියා මේ ඇතා ඇස්වල කඳුළු පුරවගෙන ඉන්න ආකාරයට නිර්මාණය කරන්න කියලා. නමුත් අපිට මෙය කරන්න පුළුවන් දෙයක් වුණේ නැහැ.’’

ඇතාගේ හම මේ වනවිට තිබෙන්නේ අළු පැහැයෙනි. එය රසායනිකයන් නිසා දුර්වර්ණ වී තිබේ. එහි නියමිත වර්ණය ගැනීම සඳහා අවර්ණ වාර්නිෂ් ගෙන නියමිත වර්ණය සාදා එය හමට ස්පේ‍්‍ර කිරීම සිදුකැර තිබේ. මේ වාර්නිෂ් බඳුනක් වැරදීමකින් රාජාගේ හම මත පෙරලී ගියේය. වහාම කි‍්‍රයාත්මක වූ පිරිස එය රෙදි කැබලිවලින් පිසදා දැමූහ. පසුදා ඔවුන් දුටුවේ හැලූනු වාර්නිෂ් තැන තැන බිඳිති වශයෙන් මිදී ඇති ආකාරයයි.

‘‘දියවඩන නිලමේතුමාගේ ඉල්ලීම ඉටුකරන්න පුළුවන් බව මේ සමගම තේරුම් ගියා. අපි පැය ගණනාවක් මහන්සි වෙලා ඇසෙන් කඳුළු බිඳු කිහිපයක් කඩා වැටෙන විදියට සකස් කළා. මේ ආකාරයෙන් තමයි ඇතාගේ කඳුළු බිඳු නිර්මාණය වුණේ’’

ඇතාගේ සියුම් කන්පෙති නිසි පරිදි සැකසීම අපහසු කාර්යයක් වෙද්දී එයට පිහිටට ආවේ එක්සේ රේ කොළ කිහිපයකි. ඒවා කන් පෙති සෘජුව සැකසීමට මහෝපකාරී විය. හිසට දළ සවිකොට රාජා ඇතාගේ අනුරුව සම්පූර්ණයෙන්ම නිමා කරන ලදී. එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට ඇත්තේ දින කිහිපයකි. ටිකෙන් ටික ඇතාගේ හිස පහත්වන බවක් පෙනෙන්නට තිබේ. හිස් කබලේ සහ දළ යුගලේ බරට මෙලෙස හිස පහත් වෙමින් ඇත.

‘‘ඇතැම් අය යෝජනා කළා දළ දෙකට මුක්කු දෙකක් ගහමු කියලා. නමුත් ඒ දේ කළොත් අපි මේ තරම් මහන්සිවූ කාර්යය සාර්ථක වන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දි පිහිටට ආවේ ඇතාගේ සද්ධන්ත කුලයේ ලක්ෂණ. අපි දන්නවා සද්දන්ත කුලයේ ඇතකුගේ හොඩය ඇතුළු ස්ථාන හතක් පොළොවේ ස්පර්ශ වනවා. ඒ නිසා අපි හො`ඩයේ වක්‍රතාවය තිබෙන විදියට යකඩ කූරක් යොදා හිසට ආධාරකයක් දුන්නා. ඉන් පසු එය නොපෙනෙන ආකාරයට හො`ඩය පෙරෙව්වා. දැන් ඉතාමත්ම සාර්ථක නිර්මාණයක් දක්නට ලැබෙනවා.’’

ගාමිණී කුමාරවිතාන මහතා පවසන්නේ තම වෘත්තීය ජීවිතයේ ඉතාමත්ම කීර්තියක් අත්කරදුන් මෙහෙවර ලෙස රාජා ඇතා යළි සැකසීම අවිවාදයෙන් පිළිගන්නා බවයි. පාලිත සමරප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමට මෙන්ම කොළඹ ජාතික කෞතුකාගාරයටත් මෙයින් ඉමහත් කීර්තියක් අත්වූ බව ඔහු පවසයි.

‘‘රාජා ඇතාට බෞද්ධ ජනතාවගේ පුදුම ආදරයක් තිබුණා. මේ ඇතා යළි සැකසූ අපට මුළු රටෙන්ම ගරු බුහුමන් ලැබුණා.’’

ඔවුන් සිදුකළ මෙහෙවර දේශයේ ගෞරවටය පාත්‍ර වූයේ ශී‍්‍ර ලංකා ශිඛාමණී පළමු පන්තියේ ජනාධිපති සම්මානයෙන් ගාමිණී කුමාරවිතාන මහතා සහ පාලිත සමරප්පෙරුම මහතා පුද ලැබීමෙනි.

අදට ද මහනුවර දළදා මාලිගාවට යන බොදු ජනතාව සිය ජාතියේ මුදුන් මල්කඩ වන් දළදා හිමියන් වසර ගණනක් වැඩම කරවූ රාජා හස්තියාගේ අනුරුව බලා වැඳ වැටෙන්නේ රටක, ජාතියක, ආගමක ගෞරවයට පාත්‍ර වූ මෙවන් සතකු මේ ලෝකයේ නැති බව යළි යළිත් සිහිපත් කරමිනි.

උපුටා ගැනිමකි.උපුටා ගැනිම

සජීව විජේවීර

http://www.lankadeepa.lk

[QUOTE="blacktulip, post: 12537827, member: 255732"] [b]මියගිය රාජාට පණ දුන් හැටි[/b] [CENTER][SIZE=5][COLOR=Blue]මියගිය රාජාට පණ දුන් හැටි [/COLOR][/SIZE] [SIZE=3][IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/074.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/044.jpg[/IMG] ”මුළු ප්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්ත ගෝමර සහිත අති අලංකෘත හස්ති රාජයෙක් මගේ ඉදිරිපිටට එනවා. මට කිසිම බයක් හිතුනේ නැහැ. ටික ටික මගේ ළගට ආපු මේ දැවැන්තයා මට දණ ගහල වැන්දා. මම ඒ සතාගේ හිස අතගෑවා. ඒ සමගම මම අවදි වුණා. එතකොට තමයි දන්නේ මම මේ හීනයක් දැක්කේ කියා.’’ ගිංගග මිටියාවත අසබඩ සුන්දර ගෝනපුර ගම්මානයේ පදිංචි පරිසර වේදියකු, සත්ත්ව විද්‍යා ගවේෂකයකු සහ රාජ්‍ය ආයතන රැසක මෙන්ම පෞද්ගලික ආයතන කිහිපයක මානව සම්පත් සංවර්ධන අධ්යක්ෂ වරයකු වශයෙන් කටයුතු කරන ගාමිණී කුමාර විතාන මහතා තමන් අදින් දශක දෙකකටත් පෙර දුටු අපූරු ස්වප්නයක් එසේ විස්තර කළේය. ඒ වනවිට හිරු පායන්නට ආසන්න වෙමින් තිබිණි. ශී‍්‍ර ලංකාවේ අලි ඇතුන් පිළිබඳ වරින් වර පර්යේෂණ කිහිපයක්ම කළ කුමාර විතාන මහතා සයනයෙන් නැගිට ගොස් තමන් ඒ දිනවල ලියමින් සිටි ග්‍රන්ථයක අත්පිටපතක් යළි කියන්නට වූයේ තව නොබෝ දිනකින් එය මුද්‍රණය සඳහා භාර දිය යුතු බැවිනි. ඔහු ඒ කාර්යයේ දිගටම නිරත වෙද්දී සිහිනය ගැන කොතෙක් සිතුව ද අරුතක් හිතන්නට හැකි වූයේ නැත. කුමාර විතාන මහතා මවට ද තම නංගිලාට ද මේ බව කීවේය. කිසිවෙකුටත් අර්ථ පූර්ණය කරගන්නට හැකියාවක් නැත. ගැමි නිවසක් වූ විතාන මහාගේ නිවසේ මුළුතැන් ගේ දෙසින් නැවුම් හාලේ බත් ඉදෙන සුවඳ වහනය වෙයි. පුතා නිවසේ සිටින දිනයේ මව රසමසවුළු පිළියෙල කරන්නේ වෙනදාටත් වඩා උනන්දුවෙනි. දහවල් එකොළහේ කණිසමට ආසන්න වෙමින් තිබිණි. දුරකථනය නාදවන්නට විය. ‘‘ආයුබෝවන්’’ රිසීවරය අතටගත් ගාමිණී කුමාර විතාන මහතා කීවේය. ‘‘ගාමිණී, පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න දවස් කීපයකට නුවර යන්න වෙනවා. රාජා මැරිලා. අපි ඇතාව සංරක්ෂණය කරලා හදන්න ඕනෑ.’’ ඒ හඩ කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගේය. මුළු රටක් ආදරය කළ විශේෂයෙන්ම ගාමිණී කුමාර විතාන මහතා දැඩි සේ ඇලූම් කළ ඒ මහා හස්තිරාජයා සිරිලක ජාතික වස්තුවක් ලෙස නම්කැර සිටි එකම සත්ත්වයා රෝගාතුරවී සිට මියයාමේ පුවත ඔහුට දරාගත නොහැකි එකක් විය. ‘‘ඒ වෙලාවේ මම අම්මාටත් නංගිලාටත් මේ පුවත කීවා. හැමෝම අඩන්න පටන් ගත්තා. මට මතකයි මගේ ඇස් දෙකෙත් කඳුලින් පිරිලා ගියපු හැටි. කවදාවත් මිනිස්සු වෙච්ච අපිට කරන්න බැරි තරමේ බුද්ධ පූජාවක් වාර්ෂිකව පවත්වපු ඒ පින්වන්ත සත්ත්වයාගේ මරණය මුළු ලංකාවටම දරාගන්න බැරි දුකක් එකතු කළා. රටක් හඩවලා මියගිය සත්ත්වයෙක්.’’ දළදා මාලිගාවේ කරඩුව වැඩමවූ රාජා 1988 ජූලි මස 16 වැනි දින මියගියේය. විතාන මහතාට මේ පණිවිඩය ලැබුණේ පසුදා හිමිදිරියේය. ඒ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා ලෙස සේවය කළ ගාමිණී කුමාර විතාන මහතා තම ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් කොළඹ යාමට සූදානම් වෙද්දී තවත් ඇමතුමක් ආවේය. ‘‘මම ජේ.ආර්. ජයවර්ධන’’ පුදුමයකි. ගාල්ලේ ගෝනපුර ගම්මානයේ උපන් මේ මිනිසාට කථා කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයාය. ‘‘ගාමිණී මේ රාජා ඇතා පණ පිටින් ඉන්න ආකාරයෙන්ම එයාව හදල දළදා මාළිගා භූමියේම තැන්පත් කොරන්න ඕනෑ. රාජා ඇතා හැමදාමත් අපේ ජනතාවට බලාගන්න ඕනෑ. අපි මේක පිටරටවල විශේෂඥයන්ට කියල කොරවන්නේ නැහැ. ඒ නිසා වගකීමක් ඇතිව මේ වැඬේ කොරන්න ඕන’’ ජනපති කීවේය. ‘‘මම ගෙදරින් පිටත් වුණේ කෑමවත් කන්නේ නැතිව. කන්න හිතක් තිබුණේ නැහැ. සමීප ඥාතියෙක් මියගියා වගේ තමයි අපට දැනුනේ. ඒ පුවත අහපු කිසිම තැනක බත් ඉදුනේ නැහැ.’’ නිවසින් පිටවීමට පෙර මවගේත් පියාගේත් පාද නමස්කාර කළ ගාමිණීගේ හිස අතගෑ මව ‘‘පුතා. පරෙස්සමෙන් යන්න. ඔයා කරන්න යන වැඬේ මුළු රටටම වැදගත් දෙයක්. ඊයේ රෑ රාජා තමයි ඔයාව හොයගෙන එන්න ඇත්තේ. ඒ පින්වන්ත සතා සදාකාලිකවම ජීවත් කරවන වගකීම ඔයාට තියෙනවා’’ ගාමිණීගේ නැගණියන් සිව් දෙනාද පැමිණ තම අයියාගේ දෙපා නැම ද ඔහුට ආශිර්වාද කළහ. ගාමිණී ගාල්ලට ඇරළුවේ ඔහුගේ පියා විසින් යතුරුපැදියෙනි. එතැනින් කොළඹ ජාතික කෞතුකාගාරයට හෙතෙම යද්දී කොළඹ සිට කණ්ඩායමක් ඒ වනවිටත් මහනුවර බලා ගමන් කැර සිටියහ. ගාමිණී කුමාර විතාන මහතා වෙනුවෙන් ද වාහනයක් සූදානම්ව තිබිණි. මෙම කාර්යයට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය කළමණා කෞතුකාගාරයෙන් ලබාගත් හෙතෙම මහනුවර බලා ඉගිල්ලූනේය. ශී‍්‍ර දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ සද්දන්තයා දළදා කරඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හොඩය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්ථියා තීක්ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කළක් ගියේ නැත. 1938 දී කරඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ රාජා ඇතා සංසාර පුරුද්දකට මෙන් වැඩි කළක් නොගොස් දළදා කරඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඩුව වැඩමවූ රාජා හස්ථියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාත්, අග්‍රාමාතය රණසිංහ පේ‍්‍රමදාස මහතාත්, දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාත් මේ සත්ත්වයාට අසීමිතව ආදරය කළහ. කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවූ රිය අනතුරකින් ඔත්පල වූයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවදානමකට ලක්වූ මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රතිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙළොව හැර ගියේය. ඇතා මියයද්දී සංඝයා වහන්සේලා පිරිත් සජ්ඣායනා කළහ. රාජා මියගිය පුවත දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට සැලකිරීමත් සමගම ජයවර්ධන මහතාගේ සිත දිවගියේ කෙන්යාවේ නයිරෝබි නුවර ජාතික කෞතුකාගාරයේ ඇති අහ-මඞ් නැමැති හස්තියාගේ අනුරුව කෙරෙහිය. [/SIZE][LEFT][SIZE=3] [/SIZE][CENTER][SIZE=3]ජනාධිපතිවරයා කෙන්යාවේ සංචාරය කළ අවස්ථාවක මේ අනුරුව දැක තිබිණි. කෙන්යාවේ මාසබිට් ජාතික වනෝද්‍යානයේ 1919 දී උපත ලබන්නට ඇතැයි විශ්වාස කරන අහමඞ් නැමති හස්තියාගේ දළ අඩි දහයකට වඩා දිගැති වන අතර එක් දළයක් කිලෝ ග්‍රෑම් 68 ක් පමණ බරැතිය. මේ හස්තියා කොටු කැර දළ ගැනීමට මාන බලන ඇත් දළ ජාවාරම්කරුවන්ගෙන් අලියා බේරා දෙන ලෙස ඉල්ලා එරට ජනාධිපතිවරයාට ලිපි 5000 ට වඩා ප්‍රමාණයක් යොමු කැර තිබේ. එහි ප්‍රතිඵලය වූයේ අහමඞ් රැුකගැනීමට අලියා සැරි සරණ ස්ථාන වලට හමුදා ආරක්ෂාව සැපයීමයි. මේ දැවැන්ත හස්ථියා 1974 ජනවාරි මස 17 වැනි දින මියගියේය. මියගිය හස්ථියාගේ අනුරුවක් ෆයිබර් ග්ලාස් වලින් සකස් කළ ‘‘සිමර්මාන්’’ නමැති චර්ම ශිල්පියා ඇතාගේ දළ යුවල ද එම අනුරුවට සවි කළේය. අනතුරුව අහමඞ් හස්ථියාගේ අස්ථි රැගෙන ඒවා එකිනෙක පුරුද්දා එම කෞතුකාගාරයේම තැන්පත් කරන ලද්දේ ජේ.සී. හිල්මන් මහතා විසිනි. කෙන්යාවට ගිය ජනාධිපති ජයවර්ධනගේ මතකයේ මෙය රැඳී තිබිණි. රාජා මියගිය බව දැනගත් විටම ඔහුගේ අදහස වූයේ රාජා ඇතා යළි ප්‍රතිනිර්මාණය කළ යුතු බවයි. එදා අහමඞ් නමැති හස්තියාගේ හම ලබාගැනීමට එරට විශේෂඥයන්ට හැකියාවක් නොලැබුණ ද ජයවර්ධන මහතා කෞතුකාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගෙන් ඉල්ලා සිටියේ රාජාගේ සජීවී හම යොදා අනුරුව තැනිය යුතු බවයි. ‘‘ගාමිණී මම ඔයාලා ගැන උපරිම විශ්වාසය තියනවා. ජනාධිපතිතුමාගේ අදහස රාජා සජීවී ආකාරයෙන්ම අනාගතයට දැක බලාගන්න සකස් කිරීම මේක අමාරු වැඩක් වුණත් අපි කොහොම හරි කරන්න ඕන. රාජා කියන්නේ ජාතික වස්තුවක් නේ.’’ ගුණවර්ධන මහත්මිය එසේ කීවාය. මේ භාරදූර කාර්යය පැවරුණේ එකළ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා වූ ගාමිණී කුමාර විතාන මහතාටත් දිවංගත පාලිත සමරප්පෙරුම මහතාටත්ය. ‘‘මම කොළඹ යනකොටත් පාලිත අයියා නුවර යන්න පිටත් වෙලා. අපි මීට ඉහත විවිධ සතුන් දිවියන්, මුවන්, ගෝනුන් වැනි සතුන් සජීවී හම සහිතව සංරක්ෂණය කැර තිබුණත් අලියෙක් වැනි විශාල සතකු සංරක්ෂණය කැර තිබුණේ නැහැ. ඒ නිසා මෙය ඉතාමත්ම අමාරු කාර්යයක් වුණා. ඒත් අපේ අධ්‍යක්ෂතුමියත් දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාත් අප දිගින් දිගටම ධෛර්යමත් කළා. ඒක අපිට විශාල ශක්තියක් වුණා. අද ජීවතුන් අතර නොමැති පාලිත අයියාත් කොහොම හරි මේ වැඬේ කරමු මල්ලී කියලා වැඬේ පටන් ගත්තා.’’ දහස් සංඛ්‍යාත පිරිස් මහනුවරට පැමිණෙමින් තිබිණි. මියගිය රාජාගේ සිරුර දැක බලා වන්දනාමාන කිරීමට වැළ නොකැඞී ජනතාව පැමිණෙද්දී ආගමික වතාවත් සිදුකැරුණි. ඇතා භූමදාන කරන බව පවසා සාමාන්‍ය ජනතාව ඉවත් කැරුණි. එය අතිශය බැරෑරුම් කාර්යයක් විය. අනතුරුව වූයේ ඇතාගේ නිවැරදි මිනුම් ලබාගැනීමයි. ඉදිරියේදී සාදන අනුරුවට අවශ්‍ය මිනුම් කටයුතු ගැනීමට පැය ගණනක් ගතවූ බව විතාන මහතා සිහිපත් කරයි. මිනුම් ගැනීමෙන් අනතුරුව හම කපා ඉවත්කැර ගැනීම ආරම්භ කැරුණි. සරල බසින් කියන්නේනම් කළ යුත්තේ මෙතෙක් මුළු මහත් බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ එමෙන්ම සිරිලක ජාතික වස්තුවක් වූ රාජා හම ගැසීමයි. ‘‘රාජා හමගහනවා කියන එක ලෙහෙසි කාර්යයක් වුණේ නැහැ. මේක බෞද්ධ සංස්කෘතියට අනුව ඇතැම් අයගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබුණා. ගතානුගතික අදහස් ඉස්මතුවුණා. ගොඩක් අය කියන්න පටන්ගත්තා මේ සතා හමගහන්න එපා කියලා. නමුත් මේ වෙලාවේ නෙරංජන් විජේරත්න මහත්මයා ඉතාමත්ම උපායශීලීව කටයුතු කරලා ඇතිවන්නට ගිය ගැටලූ රාශියක් මගහරවා ගත්තා.’’ අලියාගේ සමට යටින් ඝන මේද තට්ටුවක් පිහිටා තිබේ. මේ මේද තට්ටුවෙන් යම් ප්‍රමාණයක් ඉතිරිවන ආකාරයෙන් සම ඉවත් කැරුණි. මේ කාර්යය සඳහා පැය ගණනක් ගතවෙද්දී මහනුවර ප්‍රදේශයෙන් නැගෙන විරෝධතාව ද වැඩිවන්නට විය. ආචාර්ය ගුණවර්ධන මහත්මියත්, දියවඩන නිළමේතුමා එක්ව ඔවුහු සාකච්ඡා කළහ ඒ අනුව වෙනත් තීරණයක් ගන්නට සිදුවිය. පිට සහ උදර ප්‍රදේශයේ හම ඉවත්කිරීමෙන් අනතුරුව හම ඉවත් කිරීමට වඩාත් අපහසු හිස සහ පාද හතර ශරීරයෙන් වෙන් කැරුණි. හිසත් පාද හතරත් වෙන්කළ සම් කොටසුත් ලොරියක පටවාගෙන කෞතුකාගාරයෙන් පැමිණි පිරිස කොළඹ පැමිණියහ. රාජා ඇතාගේ මරණය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ද ප්‍රකාශයට පත්කැර තිබිණි. රාජ්‍ය ගෞරව සහිතව මෙරට මිහිදන් වූ එකම සත්ත්වයා වීමේ ගෞරවය හිමිකැරගත් රාජා හස්තියාගේ කඳ කොටස දළදා මාළිගය ආසන්නයේ මිහිදන් කැරුණි. හමුදා රැකවරණ මධ්‍යයේ කොළඹට ගෙන ආ රාජාගේ සිරුරේ කොටස්වලින් සම වෙන්කැර ගැනීම අතිශය බැරෑරුම් කාර්යයකි. ‘‘මේ වෙනකොට හම ඉවත්කරන්න ඉතිරිවෙලා තියෙන්නේ අමාරුම කොටස් කිහිපයේ. ඇස් අසල, කන් සහ තොල්වල සම ඉතාමත්ම ප්‍රවේශමෙන් ඉවත් කරන්න ඕන. ඒ වගේම සම්පූර්ණ හිසෙහි සම ඉවත් කිරීමත් පහසු දෙයක් නොවෙයි. පාදයේ නියපොතු ආසන්නය වෙන්කිරීමත් අතිශය බැරෑරුම් කර්තව්‍යයක්. අපි රාජා ඇතා හදන්නේ වියළි සංරක්ෂණ ක්‍රමයට. ඒ නිසා හම වියළාගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. මේ තරම් විශාල සමක් සංරක්ෂණය කිරීම ගැටලූ සහගතයි. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා.’’ ගාමිණී කුමාරවිතාන මහතා පවසන්නේ පොටෑසියම් ඇලූමිනියම් සල්ෆේට් නමැති රසායනය මේ සඳහා අවශ්‍ය බවයි. නමුත් රාජා ඇතා තරම් සුවිසල් සත්වයකුගේ හමක් සංරක්ෂණයට ප්‍රමාණවත් තරම් එම රසායනය කෞතුගාකාරය සතුව තිබී නැත. මේ අවස්ථාවේ පිහිටට පැමිණ ඇත්තේ කොළඹ නගරයේ ජලාපවහන මණ්ඩලයයි. ඔවුන් සතුව ඇති පොටෑසියම් ඇලූමිනියම් සල්ෆේට් සංචිතයෙන් කොටසක් ලබාදීමට කොළඹ හිටපු නගරාධිපති දිවංගත රත්නසිරි රාජපක්ෂ මහතා යුහුසුළු වූවේය. තෙල්මා ගුණවර්ධන මහත්මියගේ ඉල්ලීමකට අනුව ඉක්මණින්ම කි‍්‍රයාත්මක වූ නගරාධිපතිවරයා අවශ්‍ය සියළු රසායනික ද්‍රව්‍යයන් සැපයීම ගාමිණීගේත් පාලිතගේත් සැනසිල්ලට හේතුවක් වී තිබිණි. ‘‘හම ඉවත් කළාට පසසේ මේ හමේ අපිට අනවශ්‍ය මේද ප්‍රමාණයකුත් රැඳිල තිබුණා. ඊළග කාර්යය වුණේ මේ වැඩිපුර ඇති මේද කොටස් ඉතා සියුම් ලෙස ඉවත් කිරීම. එම කොටස් ඉවත් කළාට පසු හම කොටස් කිහිපයකට කපා පොටෑසියම් ඇලූමිනියම් සල්ෆේට් ද්‍රාවණයක බහා තබන්න අවශ්‍ය වුණා. මෙහිදී සිදුවන්නේ පැය 48 ක පමණ කාලයක් තිබීමේ දී හමේ ඇති ජලය එළියට විත් මේ රසායනිකය හම ඇතුළට කා වැදීමයි. මේ කාර්යය සඳහා සෝඩියම් ක්ලෝරයිඞ් සහ ෆීනෝල් කියන රසායනික ද්‍රව්‍යයත් අවශ්‍ය කරනවා.’’ කුමාර විතාන මහතා පවසන්නේ හිස කොටසේ හම වෙන්කැර ගැනීම සඳහා දින දෙක තුනක කාලයක් ගතවූ බවයි. කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොදැමුවද එහි මස් කුණු නොවී පැවතීම පුදුමයට කරුණක් බව ද ඔහු සිහිපත් කළේය. ජාතික කෞතුකාගාර භූමිය පුරාම යම් දුගඳක් හමමින් තිබිණි. ගැලවූ හම වියළී හැකිලෙමින් තිබේ. කෞතුකාගාරායේ තිබූ විදුලි පංකා අතිවිශාල ප්‍රමාණයක් රාජා ඇතාගේ සම සකසන ස්ථානයට ගෙනවිත් කි‍්‍රයාත්මක කැර තිබෙන්නේ හම ඉක්මනින් වෙලාගැනීමේ අපේක්ෂාවෙනි. රසායනික ද්‍රව්‍ය හේතුවෙන් රාජාගේ සම අළු පැහැ ගැන්වෙමින් තිබේ. මේ අතර දළ දෙක වෙන්කැරගත් හිස කෞතුකාගාර භූමියේ තෝරාගත් ස්ථානයක මිහිදන් කළේ ඇතා සංරක්ෂණය කිරීමේදී හිස් කබල යළි ලබාගැනීමේ අපේක්ෂාවෙනි. කුමාරවිතනා මහතා පවසන්නේ රාජා ඇතාගේ හිස දින තුනක් පමණ වැළලීමට පෙර තිබුණ ද එය නරක් නොවූ බවයි. ‘‘මේ දින කිහිපයේ අපි නින්දක් නැතිව නොනවත්වා වැඩ කළා. ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගෙන් ලැබුණු සහයෝගය නොවන්නට මේ කාර්යය සාර්ථක කැරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇයත් අප සමග උරෙන් උර ගැටී අප්‍රමාණ වැඩකොටසක් සිදුකළා.’’ රාජා ඇතාගේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර නුවර දළදා මාලිගාවට ගිය මේ පිරිස තමන් ආරම්භකරන කාර්යය සාර්ථක වේවායැයි ප්‍රාර්ථනා කරමින් භාරයක් වී තිබේ. රාජා ඇතා යළි සංරක්ෂණය කිරීමේ කාර්යය අවසන් වූ පසු මාලිගාවට පැමිණ නෙළුම් මල් පූජාවක් කරන බව ඔවුන් දළදා සමිඳුන් ඉදිරියේ භාරවූ බව ගාමිණී කුමාරවිතාන මහතා කීවේය. රාජා ඇතාගේ සම වෙන්කොට මාස අටක් පමණ ගතවූ පසු රාජාගේ අනුරුව ඉදිකිරීම ආරම්භ කැරුණි. ‘‘අපි සතාගේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප අතිවිශාල සංඛ්‍යාවක් බැලූවා. රාජා ඇතා මියයන විට යම් කෙසග තත්ත්වයකට පත්ව සිටි නිසා දියවඩන නිලමේතුමා අපෙන් ඉල්ලීමක් කළා රාජා ඇතාගේ අනුරුව හදද්දී නිරෝගී තරුණ ඇතා සිටි ආකාරයට හදන්න කියලා.’’ එවකට කොළඹ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා වූ ගාමිණී කුමාරවිතාන මහතා, සංරක්ෂණ නිලධාරි පාලිත සමරප්පෙරුම මහතා, මෙන්ම නිර්මාණ ශිල්පීන් වන පේ‍්‍රමනාත් ජයසේකර මහතා එල්.ආර්. විජේපාල මහතා සහ එල්.පී. මහින්ද මහතා ඇතුළු කණ්ඩායමක් රාජා ඇතාගේ සම රැගෙන මහනුවර දළදා මාලිගයට ගියහ. දළදා මාලිගාවේ පසෙක ඇති කුටියක රාජාගේ අනුරුව සැකසීමේ කාර්යය ආරම්භ කැරුණි. ඊට පෙර දළදා හිමියන්ට මල් පහන් පුදා යළි භාරයක් වීමට ද මේ පිරිස අමතක කළේ නැත. පාදස්ථ ඵලකය ඉක්මණින්ම ගොඩනැගිණි. ඉන් පසු පාදස්ථ ඵලකය මත යකඩ හා ලී භාවිතා කරමින් මූලික සැලැස්ම සකස් කැරුණි. අනතුරුව සිදුවූයේ ජීවානුහරණය කරන ලද කොහු එලා ඒවා ලණුවලින් බඳිමින් රාජාගේ සජීවී ප්‍රමාණය සහ හැඩයට අනුව ඇතාගේ සිරුර සකස් කිරීමයි. ‘‘මේ කාලයේ භීෂණය හිස ඔසවා තිබුණා. රාජා ඇතා සැකසීම ඉතාමත්ම ආශ්චර්යමත් දෙයක් කියා මම පුවත්පතකට දැනුම් දීමත් සමගම මට එක්තරා සන්නද්ධ කල්ලියකින් ලිපියක් ලැබුණා රාජා ඇතා සකස් කිරීම නවතා දමන්න කියා. ඔවුන් කියා තිබුණේ අලියා එක්සත් ජාතික පක්ෂයේ ලකුණ නිසා මෙය සෑදීමට ඉඩදිය නොහැකි බවයි. නමුත් අපි මේ දේවල්වලින් අධෛර්යමත් වුණේ නැහැ’’ කුමාරවිතාන මහතා එසේ කීවේය. ඔහු පවසන්නේ අනුරුව සකසමින් සිටියදී ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා එම ස්ථානයට පැමිණ වැඩකටයුතු අධීක්ෂණය කළ බවයි. ජනාධිපතිවරයා පැමිණෙන විට ඇතාගේ එක් පැත්තක් පමණක් පෙනෙන ආකාරයෙන් අනුරුව සකසමින් තිබිණි. ඇතාගේ එක් කන්පෙත්තක හටගත් තුවාලයක් හේතුවෙන් ශල්‍යකර්මයකින් එහි කොටසක් ඉවත්කරන්නට සිදුව තිබිණි. මේ කන නරඹන්නන්හට දැකිය නොහැකි ආකාරයෙන් ඇතා එක් පැත්තකට හැරී සිටින ලෙස සැකසීම මේ නිර්මාණ ශිල්පීන්ගේ අදහසයි. නමුත් ජනාධිපති පේ‍්‍රමදාස මහතා කියා සිටියේ ඇතා ඉදිරිය බලාගෙන සිටින ආකාරයෙන් සෑදීම වඩාත් සුදුසු බවයි. ඇතාගේ අනුරුව සැකසීම සඳහා ඇස්බැස්ටස් මිල් බෝඞ් නමැති සංයෝගයත්, ගම් සහ ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා ගැනුණි. දිවා රෑ නොබලා රාජාගේ අනුරුව සැකසීම සිදුකැරිණි. රාජා ඇතා ඒ ආකාරයෙන් අඹමින් සිටිය දී ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මිය කිහිපවිටක් එම ස්ථානයට පැමිණ අවශ්‍ය උපදෙස් ලබාදුන්නාය. නෙරංජන් විජේරත්න දියවඩන නිලමේතුමා නිතිපතා එහි පැමිණ අවශ්‍යතා විමසීමට අමතක කළේ නැත. ශරීරයේ ඇඹීම් කටයුතු අවසන් වෙමින් තිබියදී කොළඹ සිට හිස්කබල ගෙනවිත් එහි සවිකැරිණි. අනතුරුව හිස්කබල ද සකසා අඹන ලද රාජාගේ අනුරුව කළු පැහැති තීන්ත ආලේපයක් ගැල්වීමට ඔවුහු කටයුතු කළහ. ‘‘ඇතාගේ හම සංරක්ෂණය කරද්දී එහි තැන තැන පුංචි කඩතොළු තිබුණා. අපි ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා සෑදු අනුරුව සුදු පැහැති වුවහොත් ඒ සුදු පාට හමට යටින් පෙනෙන නිසා තමයි මේ විදියට කළේ. අනතුරුව අපි සකස් කළ අනුරුවට රාජාගේ සැබෑ හම පෙරෙව්වා.’’ විතාන මහතා පවසන්නේ ඇතාගේ ඇස්වලට ගැළපෙන කෘති‍්‍රම ඇස් මෙරට නොවූ බවයි. ඒ හේතුවෙන් විනිවිදක ප්ලාස්ටික් යොදා ඇස් සකස් කොට දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින වෙනත් ඇතුන්ගේ ඇස් පරීක්ෂා කරමින් විනිවිදක ප්ලාස්ටික් ඇස් වර්ණ ගැන්වීමට සිදුවූ බව ද හෙතෙම කීවේය. [COLOR=Blue]‘‘අපි ඇස් සකස් කරමින් සිටියදී දියවඩන නිලමේතුමා ඇවිත් අපූරු ඉල්ලීමක් කළා. එතුමා කිව්වා රාජා ඇතා අවසන් වරට දළදා පෙරහැරට සහභාගී වූ අවස්ථාවේ දියකපන මංගල්‍යයය අවසන් කරලා ඇවිත් දළදා වහන්සේට ආචාර කරලා ටික වෙලාවක් මාලිගාව ඉදිරිපිට ඇස්වල කඳුළු පුරවගෙන හිටියා කියා. තමන් දළදා පෙරහරට සහභාගි වූ අවසන් අවස්ථාව මේ යැයි මේ සතාට දැනෙන්න ඇති කියලා තමයි දියවඩන නිලමේතුමාගේ විශ්වාසය වුණේ. ඒ නිසා එතුමා ඉල්ලා සිටියා මේ ඇතා ඇස්වල කඳුළු පුරවගෙන ඉන්න ආකාරයට නිර්මාණය කරන්න කියලා.[/COLOR] නමුත් අපිට මෙය කරන්න පුළුවන් දෙයක් වුණේ නැහැ.’’ ඇතාගේ හම මේ වනවිට තිබෙන්නේ අළු පැහැයෙනි. එය රසායනිකයන් නිසා දුර්වර්ණ වී තිබේ. එහි නියමිත වර්ණය ගැනීම සඳහා අවර්ණ වාර්නිෂ් ගෙන නියමිත වර්ණය සාදා එය හමට ස්පේ‍්‍ර කිරීම සිදුකැර තිබේ. මේ වාර්නිෂ් බඳුනක් වැරදීමකින් රාජාගේ හම මත පෙරලී ගියේය. වහාම කි‍්‍රයාත්මක වූ පිරිස එය රෙදි කැබලිවලින් පිසදා දැමූහ. පසුදා ඔවුන් දුටුවේ හැලූනු වාර්නිෂ් තැන තැන බිඳිති වශයෙන් මිදී ඇති ආකාරයයි. ‘‘දියවඩන නිලමේතුමාගේ ඉල්ලීම ඉටුකරන්න පුළුවන් බව මේ සමගම තේරුම් ගියා. අපි පැය ගණනාවක් මහන්සි වෙලා ඇසෙන් කඳුළු බිඳු කිහිපයක් කඩා වැටෙන විදියට සකස් කළා. මේ ආකාරයෙන් තමයි ඇතාගේ කඳුළු බිඳු නිර්මාණය වුණේ’’ ඇතාගේ සියුම් කන්පෙති නිසි පරිදි සැකසීම අපහසු කාර්යයක් වෙද්දී එයට පිහිටට ආවේ එක්සේ රේ කොළ කිහිපයකි. ඒවා කන් පෙති සෘජුව සැකසීමට මහෝපකාරී විය. හිසට දළ සවිකොට රාජා ඇතාගේ අනුරුව සම්පූර්ණයෙන්ම නිමා කරන ලදී. එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට ඇත්තේ දින කිහිපයකි. ටිකෙන් ටික ඇතාගේ හිස පහත්වන බවක් පෙනෙන්නට තිබේ. හිස් කබලේ සහ දළ යුගලේ බරට මෙලෙස හිස පහත් වෙමින් ඇත. ‘‘ඇතැම් අය යෝජනා කළා දළ දෙකට මුක්කු දෙකක් ගහමු කියලා. නමුත් ඒ දේ කළොත් අපි මේ තරම් මහන්සිවූ කාර්යය සාර්ථක වන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දි පිහිටට ආවේ ඇතාගේ සද්ධන්ත කුලයේ ලක්ෂණ. අපි දන්නවා සද්දන්ත කුලයේ ඇතකුගේ හොඩය ඇතුළු ස්ථාන හතක් පොළොවේ ස්පර්ශ වනවා. ඒ නිසා අපි හො`ඩයේ වක්‍රතාවය තිබෙන විදියට යකඩ කූරක් යොදා හිසට ආධාරකයක් දුන්නා. ඉන් පසු එය නොපෙනෙන ආකාරයට හො`ඩය පෙරෙව්වා. දැන් ඉතාමත්ම සාර්ථක නිර්මාණයක් දක්නට ලැබෙනවා.’’ ගාමිණී කුමාරවිතාන මහතා පවසන්නේ තම වෘත්තීය ජීවිතයේ ඉතාමත්ම කීර්තියක් අත්කරදුන් මෙහෙවර ලෙස රාජා ඇතා යළි සැකසීම අවිවාදයෙන් පිළිගන්නා බවයි. පාලිත සමරප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමට මෙන්ම කොළඹ ජාතික කෞතුකාගාරයටත් මෙයින් ඉමහත් කීර්තියක් අත්වූ බව ඔහු පවසයි. ‘‘රාජා ඇතාට බෞද්ධ ජනතාවගේ පුදුම ආදරයක් තිබුණා. මේ ඇතා යළි සැකසූ අපට මුළු රටෙන්ම ගරු බුහුමන් ලැබුණා.’’ ඔවුන් සිදුකළ මෙහෙවර දේශයේ ගෞරවටය පාත්‍ර වූයේ ශී‍්‍ර ලංකා ශිඛාමණී පළමු පන්තියේ ජනාධිපති සම්මානයෙන් ගාමිණී කුමාරවිතාන මහතා සහ පාලිත සමරප්පෙරුම මහතා පුද ලැබීමෙනි. අදට ද මහනුවර දළදා මාලිගාවට යන බොදු ජනතාව සිය ජාතියේ මුදුන් මල්කඩ වන් දළදා හිමියන් වසර ගණනක් වැඩම කරවූ රාජා හස්තියාගේ අනුරුව බලා වැඳ වැටෙන්නේ රටක, ජාතියක, ආගමක ගෞරවයට පාත්‍ර වූ මෙවන් සතකු මේ ලෝකයේ නැති බව යළි යළිත් සිහිපත් කරමිනි. [COLOR=Blue]උපුටා ගැනිමකි.උපුටා ගැනිම [/COLOR][COLOR=Blue] [/COLOR] [/SIZE] [COLOR=Blue][B][SIZE=3]සජීව විජේවීර[/SIZE][/B] [url]http://www.lankadeepa.lk[/url] [/COLOR] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom