මිල්කා සිං කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    නිදහස් ඉන්දියාවේ පළමු සුපිරි ක්‍රීඩා තරුව ලෙසින් හැඳින්වෙන මිල්කා සිං කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.


    ”පියාඹන සීක්වරයා” යන අන්වර්ථ නාමයෙන් මුළු මහත් ඉන්දියාව පුරාම ජනාදරයට පත් මිල්කා ජාත්‍යන්තර තරගාවලි රැසකදී ඉන්දීය ධජය ඉහළින්ම ඔසවා තැබූ මළල ක්‍රීඩකයෙකි.

    පසුගිය මාසයේ දී කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා 91 හැවිරිදි මිල්කා චන්දිගාර්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිදී ඊයේ (18) ජීවිතක්ෂයට පත්ව තිබේ.

    හිටපු ඉන්දීය වොලිබෝල් නායිකාවක වූ ඔහුගේ බිරිඳ නිර්මාල් කෞර් (85) ද පසුගිය දා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූවා ය.

    නිදහස් ඉන්දියාවේ පළමු ලෝක ශූරයා ලෙස ඉන්දීය ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට මිල්කා සමත් වූ අතර, පසුව බොලිවුඩ් සිනමා නිර්මාණයක් ද මිල්කාගේ ජීවිත කතාව පාදක කොට නිර්මාණය වුණි.

    1958 වසරේදී ඉන්දියාව වෙනුවෙන් පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ද දිනා දුන් මිල්කා ආසියානු රන් පදක්කම් 4 ක් ජයග්‍රහණය කර ඇත.

    1960 රෝමයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී, ඉන්දීය ජනතාවගේ වැඩි අවධානය මිල්කා වෙත යොමු වූයේ ඉන්දීය ඉතිහාසයේ මලල ක්‍රීඩාවේ පුරෝගාමියා වෙමින්, අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමත් සමගයි.

    කෙසේ වෙතත්, මිල්කාට එදා මීටර් 400 ඉසව්වෙන් සිව්වැනි ස්ථානයෙන්, සෑහීමට පත්වන්නට සිදුවූවත්, ඉන්දීය ක්‍රීඩා ඉතිහාසයේ මෙය රන් අකුරින් ලියැවී හමාරයි.

    ක්‍රීඩා දිවිය තුළ අන්තර් ජාතික රන් පදක්කම් 5 ක් හා ආසියානු මට්ටමේ පදක්කම් රැසක් ඉන්දීයාව වෙනුවෙන් දිනා දුන් මිල්කාගේ ජීවන ගමන එතරම් සුන්දර එකක් නොවීය.

    මිල්කා ක්‍රීඩාව වෙනුවෙන් ලබා දුන් දායකත්වය සැලකිල්ලට ගනිමින්, පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර, සුපිරි ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන ඔහුගේ පුතු ජීව් මිල්කා සිං ද පද්ම ශ්‍රී ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබීම විශේෂත්වයකි.

    එවකට ඉන්දියාවේ ම කොටසක් වූ වත්මන් පකිස්ථානයේ මුල්තාන් පළාතේ කුඩා ගම්මානයක උපත ලැබූ මිල්කාගේ කුඩා කාලය අතිශය අඳුරු වූ අතර පසුව ඔහු ඉන්දියාවට පැමිණෙන්නේ අනාථ වූ දරුවෙකු ලෙසයි.

    1947 වසරේදී ඉන්දියාවෙන් වෙන්වී පකිස්ථානය ගොඩනැගීමේ යුද්ධයේදී සිය දෙමාපියන් ඇතුළු සහෝදර සහෝදරියන් 7 දෙනා ඝාතනය වනු සියැසින් දකින මිල්කා ජීවත්වීමට වාසනාව ලැබුවේ, ජීවිතය බේරා ගැනීමට පළා යාම හේතුවෙනි.

    “Bhaag Milkha Bhaag” මේ එම මිල්කාගේ පියා බිම ඇඳවැටෙන අවසන් මොහොතේ ඔහුගෙන් කළ ඉල්ලීමයි.

    ජීවිතය බේරා ගැනීම සඳහා පියාගේ අවසන් වචනය වෙනුවෙන් එදා දුවන්නට පටන්ගත් මිල්කා අවසානයේ නැවතුනේ ඔලිම්පික් බිමෙත් සිය පා සටහන් තැබීමෙන් අනතුරුවයි.

    1947 වසරේදී ආනාථ දරුවෙකු ලෙස ඉන්දියාවට පැමිණි මිල්කා මුල් කාලයේ ජීවිත් වීම සඳහා විවිධාකාරයේ රැකියා සිදු කර ඇති අතර පසුව සුළු සුළු අපරාධවලට සම්බන්ධ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

    පසුව ඉන්දීය හමුදාවට එක්වන මිල්කා සිය ක්‍රීඩා කුසලතා ඔප් නංවා ගැනීමට එහිදී අවස්ථාව හිමි වේ.

    2013 වසරේදී Bhaag Milkha Bhaag බොලිවුඩ් චිත්‍රපටයට පාදක වන්නේ, එදා අනාථ දරුවෙකු ලෙස ඉන්දියාවට පැමිණ ඉන්දීයාවට කීර්තියක් අත්කර දුන් මෙම අපූරු මිනිසාගේ ජීවිත කතාවයි.

    Bhaag_Milkha_Bhaag_poster.jpg


     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපිට පාන්ද..ලංකාවෙ සැන්ඩෝ හැරිස් මැරුණා ඵකෙක් දන්නෙ නෑ..කොහෙවත් නැති ඩස්පයෙක් මළාම දුක් වෙනවා..මෙහෙමත් දීන ජාතියක්..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට පාන්ද..ලංකාවෙ සැන්ඩෝ හැරිස් මැරුණා ඵකෙක් දන්නෙ නෑ..කොහෙවත් නැති ඩස්පයෙක් මළාම දුක් වෙනවා..මෙහෙමත් දීන ජාතියක්..
    කොහෙවත් නෑති ඩස්පයෙක් නෙමේ මේ.. වටින මනුස්සයෙක්
     
    • Dislike
    Reactions: N A K A M U R A