Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලේනියම් චැලෙන්ජ් කවුරුන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලේනියම් චැලෙන්ජ් කවුරුන්ද?

දෙවන ලොක යුද්ධයෙන් පසු අවදියේ විශේෂයෙන්ම සෝවියට් සමාජවාදි කදවුර බිදවැටිමත් සමග ආර්තික හා දේශපාලනික ශක්තිය අතින් ලොව බලවත්ම රාජ්‍ය බවට පත්වන්නට ඇමරිකා එක්සත් ජනපදය සමත්වන්නේ ධනවාදය විසින් විසින් පෘතිවිගෝලයේ බිහි කල දර්ශිය රාජ්‍යය බවට පත්වෙමින්.

මෙම සමාජ ආර්තික ක්‍රමයට අනුගතව ඇමරිකාව තුල ගොඩනැගුනු අදිපාරිබෝජන වාදි ජීවන විලාසය අකන්ඩව පවත්වා ගෙන යැමට මෙන්ම එම ආර්තික හා දේශපාලනික අදිකාරිත්ව රැකගැනිම සදහා ලොව පුරා විසිරි පවතින ස්වබාවික සම්පත් තම නිශ්පාදන වුවමනාවන් වෙනුවෙන් බාවිතයට ගැනිමත් පරිදියේ රටවල ආර්තිකයන්ගේ සාරය ගෝලිය නිදහස් වෙලදපොල යාන්ත්‍රනය ඔස්සේ අකංඩව තම රට වෙත ඇද ගැනිමත් ඇමරිකාවේ යාවජිව ඉලක්කය බවට පත්වුබව නොරහසකි.

මෙම ආර්තික හා දේශපාලනික අරමුන වෙනුවෙන් බහුජාතික සමාගම් ඔස්සේ ලොව පුරා වෙලද ආදිපත්‍ය පැතිර විමට අමතරව තුන්වන ලෝකයේ රාජ්‍යයන්හි පවතින සංවර්ධන උෘනතාවන් හදුනා ගනිමින් ඒවා ඉලක්ක ගත කරමින් මහා පරිමාන මුල්‍ය ආයතන බිහිකොට ණය ආදාර ලබාදිම අරඹන්නේ පසුගිය සිය වස මැද බාගයේදියි. ඒ අනුව ලොක බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) වැනි සංවර්ධන ණය දෙන ආයතන හා ඇමරිකන් එක්සත් ජනපදයේ පුර්ණ පාලනයෙන් ක්‍රියාත්මක USAID වැනි ආයතන පරිදියේ රාජ්‍යයන්හි ක්‍රියාත්මක වෙමින් ඒවායේ සංවර්ධන ව්‍යාපෘති සදහා ආයෝජන සිදුකල අතරම එම රාජ්‍යයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට සැලකිය යුතු බලපැමක් සිදුකරමින් පැවතිනි.

කෙසේ වෙතත් 2003 වසර පමන වන විට එක්සත් ජනපදයේ පැවති ජෝජ් ඩබ්. බුෂ්ගේ පාලනය හුදුනා ගෙන තිබු ආකාරයට මෙම ඉහතකි උපාය මාර්ගයන්ට අමතරව ලෝක ආර්ත්කයේ සාරය වේගයෙන් තම රට වෙත ඇදගැනිමට නම් තුන්වන ලොකයේ රටවල ආර්කයන් පුුලුල් ලෙස විවෘත කොට බහු ජාතික සමාගම් වලට එමරටවල ට ප්රවිශ්ට විමට මාවතක් සැකසිය යුතුබවය..

විශේෂයෙන්ම අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා ආසියානු කලාපයේ පවතින සරු බුමි ගෝලිය ධනවාදය ඉල්ලා සිටින වානිජ වගාවන් සදහා බාවිත කිරිම මෙහිදි හදුනාගත් මුලික ආයෝජන ඉලක්කයක් විය.

එමෙන්ම පරිදියේ රටවල දේශපාලනය තම උපායමාර්ගික උවමනාවන්ට රිසිසේ පවත්වාගැනිමද මෙහි ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස හදුනා ගෙන තිබිනි. මෙම කාර්ය සදහා ණය දෙන ආයතනයකට වඩා ප්‍රබල ලෙස මැදිහත්විය හැකි යාන්ත්රනයක් සකස් කිරිමෙන් අරමුනින් Millennium Challenge Cooperation පිහිටුවන ලදි.

මෙම කාර්ය සදහා බුෂ් තෝරාගත්තේ රාජතාන්ත්රිකයෙකු නොව නම් දැරු ව්‍යාපාරිකයෙකි.

ඔහු. Paul Applegarth.. ඔවුන් මෙම ව්‍යාපෘතියේ තේමාපාටය ලෙස යොදාගනු ලැබුවේ "ආහාර සුරක්ෂිත තාව සදහා වෙලද පල මුලික විසදුමක්" යන්නයි...

ඒ අනුව තුන්වන ලොකයේ රටවල වානිජ වගාවන් සදහා ආයෝකයන්ට පැමින්මට බාදාවන් ලෙස පවතින එම රටවලට ආවේනික නීති හා ඉඩම් ප්‍රතිපත්ති වෙනස් කිරිම තුලින් විදේශිකයන්ට ඉඩම් මිලදි ගැනිමට පහසු කිරිම, යටිතල පහසුකම් වැඩිදියුනු කිරිම මෙන්ම ආර්තික ලිබරල් කරනයට අවශ්‍යවන ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරිම මෙම උපාය මාර්ගයේ අරමුණවිය.

මෙම වැඩසටහන මගින් ණය වෙනුවට ප්‍රදානයන් ලබා දිමට සැලසුම් කලේය.එම ප්‍රදානයන් ලැබිමට යම් රටක් නිර්නායකයන් 17 ක් සම්පුර්න කලයුතුය. එම නිර්නායක මුලික වි ඇත්තේ ආර්තික ලිබරල් කරනය හා යහ පාලනයට අදාල වන ලෙසයි. මෙලෙස නිර්නායක සම්පුර්න කල පසු එම රටවලට පලමු ප්‍රධානය (First Compact) සිදුකරනු ලබයි.

ඒ සමගම එම ආදාර මුදල ලබන රට තුල Millanium Chalenge Account නමින් අරමුදලක් පිහිටුවන අතර එහි සියලු මෙහෙයුම් සිදුකරනු ලබන්නේ Millennium Challenge Cooperation මගින් පත්කරන අද්‍යක්ෂ මන්ඩලයක් යටතේය. මේ අනුව ප්රදානයේ මුදල් වාරික ලබා ගැනිමේ සිටම එම එජය ව්‍යාපෘතියට අදාලව රටේ මුල්‍ය ප්‍රතිපත්ති වෙනස් කර ගැනිමට එකගතාව දැක්විය යුතුය. ඇතැම් විට එම කොන්දේසි රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරම දක්වා දිවෙනු ඇත.

මුල් වාරිකයෙන් මුලිකවම ආයෝජකයන්ට රිසිවන පරිදි එම රටවල මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනයට කොටසක් වෙන් වන අතර ඉතිරි කොටස ලබාදෙනුයේ රටේ පවතින ඉඩම් නිතිය හා ආනයන අපනයන සදහා බලපාන නිති ප්රතිසංස්කරනය කිරිමටියි. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වන අරමුදල ලබාගත් පසුව එමරට ඉඩම් නිතිය ප්රතිසංස්කරනය කිරිමේ කොන්දේසියට යටත්වන්නේ නොවැලැක්විය හැකි ලෙසයි.

මෙහිදි ආසියානු හා අප්‍රිකානු කලාපයේ පවතින විකිනිය නොහැකි ඉඩම්, රජය සතු ඉඩම් පාරිසරික වැදගත් කමක් සහිත විම මත වානිජ කටයුතු වලට ලබා නොදුන් ඉඩම් මුලික වටයේදි පුද්ගලික අයිතිය සහිත ඉඩම් බවට පත්කිරිම සිදුකරයි.එහිදි ඔප්පු වෙනුවට හිමිකම් පත් ලබාදිම සිදුවේ. එය බැලුබැල්මට එම ප්‍රදේශවල ජනයාට ඉඩම් අයිතිය ලබාදිම වැනි මානුෂිය මුහුනු වරකින් පැමිනෙන අතර දෙවන පියවර වනුයේ මෙම ඉඩම් විදේශිය බහුජාතික සමාගම් මගින් මිලදි ගැනිමයි....දැනට වසරකට පමන පෙර සිට නැගෙන හිර පළාතේ රජයේ බලපත්‍ර ඉඩම් වලට පුද්ගලික් හිමිකම් පත් ලබාදිම අගමැති තුමාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය. මෙහිදි මාද්‍යවේදියකු අගමැතිවරයාගෙන් අසා සිටියේ කඩිමුඩියේම මෙලෙස ඉඩම් හිමිකමිපත් ලබාදෙන්නේ කුමකටද යන්නයි. එවිට රනිල් වික්‍රම සිංහ මහතාගේ පිලිතුර වුයේ “ඉඩම් අයිතිය නැති මිනිසුන්ට ඉඩම් ලබාදිමේ වරද කුමක්ද? කියාය. නමුත් සැබැවින්ම සිදුව ඇත්තේ මෙම Millennium Challenge Cooperation ව්‍යාපෘතියේ මුලික පියවර රටවැසියන්ටද හොරෙන් අරඹා”මේවන විටත් යම් දුරක් ක්‍රියාත්මක කර තිබිමය.

මෙම ක්රියාදාමයේ ආදිනව වඩාත් මැනවින් අවබෝද කරගැනිම සදහා 2004 වර්ෂයේ සිට Millennium Challenge Cooperation ආදාර ලැබු තුන්වල ලෝකයේ රටවල් කිහිපයක අත්දැකිම් සලකා බැලිය හැකිය

මැඩගස්කරයේ අත්දැකීම

එක්සත් ජනපදයේ මෙම ව්‍යාපෘතිය සදහා බොහෝවිට තෝරාගනු ලබන්නේ ආර්තික අර්බුදයේ ගිලිපවතින මෙන්ම ඇමරිකන් හිතවාදි පාලකයකු සහිත රාජ්‍යයන්ය.ඒ අනුව මැඩගස්කරයේ අගමැති රැවොලොමානාගේ පාලනය පැමිනිමත් සමග ඇමරික් ඩොලර් මිලියන තුන්සියයක ආදාරයක් සමග MCC ව්‍යාපෘති ඇරඹු අතර මුල්වසර කිහිපය තුල එරට ඉඩම් නීතිය ප්රතිසංස්කරනය කොට පුද්ගලික ඉඩම් අයිතිය තහවුරු කලේය. එපමනක් නොව රජයේ ඉඩම් විදේශයන්ට විකිනිමට තිබු බාදා ඉවත් කලේය.. වසර දෙකක් පමන ගතවන විට මැඩගස්කරයේ ඉඩම් වලින් හෙක්ටයාර මිළියන1.3 ක් කොරියානු සමාගමක් වන ඩේව් කෘෂි අපනයන සමාගම විසින් මිළදි ගෙන ඇති බව එරට වැසියන් දැනගත්තේ විදෙස් මාද්‍ය මගිනි.

එපමනක් නොව එරට වටිනා ඉඩම් සමුහයක් Warun India වරුන් නැමති බහුජාතික සමාලමද මිළදිලෙන ඇති බව තහවුරු විය.

මාලි රාජ්‍යයේ අත්දැකීම

මාලි රාජ්‍යයේ අත්දැකිම මැඩගස්කරයට වඩා කේදනීය එකක්විය.අප රටේ මහවැලි සංවර්ධන අධිකාරියට තරමක් සමාන ආයතනයක් මාලි රාජ්‍යයේ ඉඩම් සම්බන්ද වගකිම දැරිය. Offi du Nigra නැමැති මෙම ආයතනය සතුව රජයේ ඉඩම් පැවති අතර ඒවාට රජය මගින් වාරි ජල පහසුකම් සපයා තිබිනි. එරට වැසියන් බදු පදනමක් මත මෙම ඉඩම් සහ වාරිජලය සපයාගෙන වගාවන සිදු කලේය.

MCC පැමිනිමත් සමග මෙම බුමිය කොටස පහකට වෙන්කර වාරි ජලසැපයුම් වැඩි දියුන කොට ඉන් කොටස් දෙකක එම පුදේශ වල ජනයාට සහ පිටතින් පැමින් කුඩා පරිමාන ගොවින්ට ඉඩම් අයිතිය පැවරිය. එපමනක් නොව ඔවුන්ට නව වැඩිදියුනු කරන ලද බීජ හදුනිවාදි කෘෂා රසායනිකද ලබාදෙන්නට විය. එක් කොටසක බහුජාතික සමාගම් සදහා ආයෝජන කලාපයක් ඇති කලේය. කෙසේ වෙතත් කාලයත් සමග කුඩා වගා කරුවන්ගේ වගාවන් අසාර්තක වන විට ඔවුන් එම ඉඩම් බහුජාතික සමාගමට විකුනා දැමු අතර අවසානයේ හෙකටයාර විසිදහසක බුම්ය බහුජාතික සමාගම් මගින් මිළදිගෙන තිබිනි.

මේ හා සමානම අත්දැකිම් ඝානාව, මොසැමිබික් රාජ්‍ය සහ ලෙසතෝව වැනි රටවලද සිදුව ඇති අතර වැදගත්ම තරුන වන්නේ මෙම ආදාරය ලැබු කිසිදු රටක් සැලකිය යුතුමට්ටමේ ආර්තික වර්ධනයක් නොමැතිව තම බුමියද අහිමිකර ගෙන තිබිමය.

මෙහි දෙවන අවදානම වන්නේ ආදාර කොන්දේසි මත රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම පාලකයන් වෙනස් කිරිමටද MCCදායක වි තිබිමයි. ටැන්සානියාව හා නිකරගුවාවේ මෙවැනි මැදිහත්විම් සිදුව ඇති අතර එය වෙනත් ලිපියකින් දිර්ගව සාකච්චා කල යුතුය.

ශ්‍රි ලංකාවේ එලබුම

පසු ගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබිමත් සමග MCC ව්‍යාපෘතිය සදහා සියලු මුලික සැකසුම් මේ වන විට සකස්කර අවසන්ය. 2017 වසරේ නිකුතිකල constrain Analysis Report of Sri lanka වාර්තාවට අනුව ශිු ලංකාවේ හදුනාගත් සංවර්දන බාදා මගහැරිම යන කඩතුරාව ඔස්සේ ඉහතකි රටවල ආකාරයටම මාර්ග වැඩිදියුනු කිරිම හා රතවාහන තදබදය අවම කිරමේ ව්‍යාපෘති වෙනුවෙන් ඇ.ඩො. මි 350 ක් සහ ඉඩම් ප්රතිසංස්කරන උපව්යාපෘතිය සදහා ඇ.ඩො. මි මළියන 130 වෙන් කර ඇත.

මේ අනුව ඉහතකි රටවල එලබුමට මුලුමනින්ම සමාන උපායමාර්ගික ගොදුරකට ජාතියක් ලෙස අප හසුවි ඇති බව පසක් කරගැනිමට මෙම තොරතුරු ප්‍රමානයම ප්‍රමානවත්ය. (මෙහි සදහන් සියලු කරුනු ජාත්‍යන්තර මාද්‍යන්හි පලවු විශ්වසනිය වාර්තාවලින් පමනක් උපුටාගත් බව දනවමි)

කපිල මහේෂ් රාජපක්ෂ

[QUOTE="xcorat, post: 24903619, member: 555034"] [b]මිලේනියම් චැලෙන්ජ් කවුරුන්ද?[/b] [SIZE="5"] [IMG]https://d2v9ipibika81v.cloudfront.net/uploads/sites/149/MCC-Post-1.png[/IMG] දෙවන ලොක යුද්ධයෙන් පසු අවදියේ විශේෂයෙන්ම සෝවියට් සමාජවාදි කදවුර බිදවැටිමත් සමග ආර්තික හා දේශපාලනික ශක්තිය අතින් ලොව බලවත්ම රාජ්‍ය බවට පත්වන්නට ඇමරිකා එක්සත් ජනපදය සමත්වන්නේ ධනවාදය විසින් විසින් පෘතිවිගෝලයේ බිහි කල දර්ශිය රාජ්‍යය බවට පත්වෙමින්. මෙම සමාජ ආර්තික ක්‍රමයට අනුගතව ඇමරිකාව තුල ගොඩනැගුනු අදිපාරිබෝජන වාදි ජීවන විලාසය අකන්ඩව පවත්වා ගෙන යැමට මෙන්ම එම ආර්තික හා දේශපාලනික අදිකාරිත්ව රැකගැනිම සදහා ලොව පුරා විසිරි පවතින ස්වබාවික සම්පත් තම නිශ්පාදන වුවමනාවන් වෙනුවෙන් බාවිතයට ගැනිමත් පරිදියේ රටවල ආර්තිකයන්ගේ සාරය ගෝලිය නිදහස් වෙලදපොල යාන්ත්‍රනය ඔස්සේ අකංඩව තම රට වෙත ඇද ගැනිමත් ඇමරිකාවේ යාවජිව ඉලක්කය බවට පත්වුබව නොරහසකි. මෙම ආර්තික හා දේශපාලනික අරමුන වෙනුවෙන් බහුජාතික සමාගම් ඔස්සේ ලොව පුරා වෙලද ආදිපත්‍ය පැතිර විමට අමතරව තුන්වන ලෝකයේ රාජ්‍යයන්හි පවතින සංවර්ධන උෘනතාවන් හදුනා ගනිමින් ඒවා ඉලක්ක ගත කරමින් මහා පරිමාන මුල්‍ය ආයතන බිහිකොට ණය ආදාර ලබාදිම අරඹන්නේ පසුගිය සිය වස මැද බාගයේදියි. ඒ අනුව ලොක බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) වැනි සංවර්ධන ණය දෙන ආයතන හා ඇමරිකන් එක්සත් ජනපදයේ පුර්ණ පාලනයෙන් ක්‍රියාත්මක USAID වැනි ආයතන පරිදියේ රාජ්‍යයන්හි ක්‍රියාත්මක වෙමින් ඒවායේ සංවර්ධන ව්‍යාපෘති සදහා ආයෝජන සිදුකල අතරම එම රාජ්‍යයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට සැලකිය යුතු බලපැමක් සිදුකරමින් පැවතිනි. කෙසේ වෙතත් 2003 වසර පමන වන විට එක්සත් ජනපදයේ පැවති ජෝජ් ඩබ්. බුෂ්ගේ පාලනය හුදුනා ගෙන තිබු ආකාරයට මෙම ඉහතකි උපාය මාර්ගයන්ට අමතරව ලෝක ආර්ත්කයේ සාරය වේගයෙන් තම රට වෙත ඇදගැනිමට නම් තුන්වන ලොකයේ රටවල ආර්කයන් පුුලුල් ලෙස විවෘත කොට බහු ජාතික සමාගම් වලට එමරටවල ට ප්රවිශ්ට විමට මාවතක් සැකසිය යුතුබවය.. විශේෂයෙන්ම අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා ආසියානු කලාපයේ පවතින සරු බුමි ගෝලිය ධනවාදය ඉල්ලා සිටින වානිජ වගාවන් සදහා බාවිත කිරිම මෙහිදි හදුනාගත් මුලික ආයෝජන ඉලක්කයක් විය. එමෙන්ම පරිදියේ රටවල දේශපාලනය තම උපායමාර්ගික උවමනාවන්ට රිසිසේ පවත්වාගැනිමද මෙහි ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස හදුනා ගෙන තිබිනි. මෙම කාර්ය සදහා ණය දෙන ආයතනයකට වඩා ප්‍රබල ලෙස මැදිහත්විය හැකි යාන්ත්රනයක් සකස් කිරිමෙන් අරමුනින් Millennium Challenge Cooperation පිහිටුවන ලදි. මෙම කාර්ය සදහා බුෂ් තෝරාගත්තේ රාජතාන්ත්රිකයෙකු නොව නම් දැරු ව්‍යාපාරිකයෙකි. ඔහු. Paul Applegarth.. ඔවුන් මෙම ව්‍යාපෘතියේ තේමාපාටය ලෙස යොදාගනු ලැබුවේ "ආහාර සුරක්ෂිත තාව සදහා වෙලද පල මුලික විසදුමක්" යන්නයි... ඒ අනුව තුන්වන ලොකයේ රටවල වානිජ වගාවන් සදහා ආයෝකයන්ට පැමින්මට බාදාවන් ලෙස පවතින එම රටවලට ආවේනික නීති හා ඉඩම් ප්‍රතිපත්ති වෙනස් කිරිම තුලින් විදේශිකයන්ට ඉඩම් මිලදි ගැනිමට පහසු කිරිම, යටිතල පහසුකම් වැඩිදියුනු කිරිම මෙන්ම ආර්තික ලිබරල් කරනයට අවශ්‍යවන ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරිම මෙම උපාය මාර්ගයේ අරමුණවිය. මෙම වැඩසටහන මගින් ණය වෙනුවට ප්‍රදානයන් ලබා දිමට සැලසුම් කලේය.එම ප්‍රදානයන් ලැබිමට යම් රටක් නිර්නායකයන් 17 ක් සම්පුර්න කලයුතුය. එම නිර්නායක මුලික වි ඇත්තේ ආර්තික ලිබරල් කරනය හා යහ පාලනයට අදාල වන ලෙසයි. මෙලෙස නිර්නායක සම්පුර්න කල පසු එම රටවලට පලමු ප්‍රධානය (First Compact) සිදුකරනු ලබයි. ඒ සමගම එම ආදාර මුදල ලබන රට තුල Millanium Chalenge Account නමින් අරමුදලක් පිහිටුවන අතර එහි සියලු මෙහෙයුම් සිදුකරනු ලබන්නේ Millennium Challenge Cooperation මගින් පත්කරන අද්‍යක්ෂ මන්ඩලයක් යටතේය. මේ අනුව ප්රදානයේ මුදල් වාරික ලබා ගැනිමේ සිටම එම එජය ව්‍යාපෘතියට අදාලව රටේ මුල්‍ය ප්‍රතිපත්ති වෙනස් කර ගැනිමට එකගතාව දැක්විය යුතුය. ඇතැම් විට එම කොන්දේසි රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරම දක්වා දිවෙනු ඇත. මුල් වාරිකයෙන් මුලිකවම ආයෝජකයන්ට රිසිවන පරිදි එම රටවල මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනයට කොටසක් වෙන් වන අතර ඉතිරි කොටස ලබාදෙනුයේ රටේ පවතින ඉඩම් නිතිය හා ආනයන අපනයන සදහා බලපාන නිති ප්රතිසංස්කරනය කිරිමටියි. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වන අරමුදල ලබාගත් පසුව එමරට ඉඩම් නිතිය ප්රතිසංස්කරනය කිරිමේ කොන්දේසියට යටත්වන්නේ නොවැලැක්විය හැකි ලෙසයි. මෙහිදි ආසියානු හා අප්‍රිකානු කලාපයේ පවතින විකිනිය නොහැකි ඉඩම්, රජය සතු ඉඩම් පාරිසරික වැදගත් කමක් සහිත විම මත වානිජ කටයුතු වලට ලබා නොදුන් ඉඩම් මුලික වටයේදි පුද්ගලික අයිතිය සහිත ඉඩම් බවට පත්කිරිම සිදුකරයි.එහිදි ඔප්පු වෙනුවට හිමිකම් පත් ලබාදිම සිදුවේ. එය බැලුබැල්මට එම ප්‍රදේශවල ජනයාට ඉඩම් අයිතිය ලබාදිම වැනි මානුෂිය මුහුනු වරකින් පැමිනෙන අතර දෙවන පියවර වනුයේ මෙම ඉඩම් විදේශිය බහුජාතික සමාගම් මගින් මිලදි ගැනිමයි....දැනට වසරකට පමන පෙර සිට නැගෙන හිර පළාතේ රජයේ බලපත්‍ර ඉඩම් වලට පුද්ගලික් හිමිකම් පත් ලබාදිම අගමැති තුමාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය. මෙහිදි මාද්‍යවේදියකු අගමැතිවරයාගෙන් අසා සිටියේ කඩිමුඩියේම මෙලෙස ඉඩම් හිමිකමිපත් ලබාදෙන්නේ කුමකටද යන්නයි. එවිට රනිල් වික්‍රම සිංහ මහතාගේ පිලිතුර වුයේ “ඉඩම් අයිතිය නැති මිනිසුන්ට ඉඩම් ලබාදිමේ වරද කුමක්ද? කියාය. නමුත් සැබැවින්ම සිදුව ඇත්තේ මෙම Millennium Challenge Cooperation ව්‍යාපෘතියේ මුලික පියවර රටවැසියන්ටද හොරෙන් අරඹා”මේවන විටත් යම් දුරක් ක්‍රියාත්මක කර තිබිමය. මෙම ක්රියාදාමයේ ආදිනව වඩාත් මැනවින් අවබෝද කරගැනිම සදහා 2004 වර්ෂයේ සිට Millennium Challenge Cooperation ආදාර ලැබු තුන්වල ලෝකයේ රටවල් කිහිපයක අත්දැකිම් සලකා බැලිය හැකිය මැඩගස්කරයේ අත්දැකීම ---------------------------------- එක්සත් ජනපදයේ මෙම ව්‍යාපෘතිය සදහා බොහෝවිට තෝරාගනු ලබන්නේ ආර්තික අර්බුදයේ ගිලිපවතින මෙන්ම ඇමරිකන් හිතවාදි පාලකයකු සහිත රාජ්‍යයන්ය.ඒ අනුව මැඩගස්කරයේ අගමැති රැවොලොමානාගේ පාලනය පැමිනිමත් සමග ඇමරික් ඩොලර් මිලියන තුන්සියයක ආදාරයක් සමග MCC ව්‍යාපෘති ඇරඹු අතර මුල්වසර කිහිපය තුල එරට ඉඩම් නීතිය ප්රතිසංස්කරනය කොට පුද්ගලික ඉඩම් අයිතිය තහවුරු කලේය. එපමනක් නොව රජයේ ඉඩම් විදේශයන්ට විකිනිමට තිබු බාදා ඉවත් කලේය.. වසර දෙකක් පමන ගතවන විට මැඩගස්කරයේ ඉඩම් වලින් හෙක්ටයාර මිළියන1.3 ක් කොරියානු සමාගමක් වන ඩේව් කෘෂි අපනයන සමාගම විසින් මිළදි ගෙන ඇති බව එරට වැසියන් දැනගත්තේ විදෙස් මාද්‍ය මගිනි. එපමනක් නොව එරට වටිනා ඉඩම් සමුහයක් Warun India වරුන් නැමති බහුජාතික සමාලමද මිළදිලෙන ඇති බව තහවුරු විය. මාලි රාජ්‍යයේ අත්දැකීම -------------------------------------- මාලි රාජ්‍යයේ අත්දැකිම මැඩගස්කරයට වඩා කේදනීය එකක්විය.අප රටේ මහවැලි සංවර්ධන අධිකාරියට තරමක් සමාන ආයතනයක් මාලි රාජ්‍යයේ ඉඩම් සම්බන්ද වගකිම දැරිය. Offi du Nigra නැමැති මෙම ආයතනය සතුව රජයේ ඉඩම් පැවති අතර ඒවාට රජය මගින් වාරි ජල පහසුකම් සපයා තිබිනි. එරට වැසියන් බදු පදනමක් මත මෙම ඉඩම් සහ වාරිජලය සපයාගෙන වගාවන සිදු කලේය. MCC පැමිනිමත් සමග මෙම බුමිය කොටස පහකට වෙන්කර වාරි ජලසැපයුම් වැඩි දියුන කොට ඉන් කොටස් දෙකක එම පුදේශ වල ජනයාට සහ පිටතින් පැමින් කුඩා පරිමාන ගොවින්ට ඉඩම් අයිතිය පැවරිය. එපමනක් නොව ඔවුන්ට නව වැඩිදියුනු කරන ලද බීජ හදුනිවාදි කෘෂා රසායනිකද ලබාදෙන්නට විය. එක් කොටසක බහුජාතික සමාගම් සදහා ආයෝජන කලාපයක් ඇති කලේය. කෙසේ වෙතත් කාලයත් සමග කුඩා වගා කරුවන්ගේ වගාවන් අසාර්තක වන විට ඔවුන් එම ඉඩම් බහුජාතික සමාගමට විකුනා දැමු අතර අවසානයේ හෙකටයාර විසිදහසක බුම්ය බහුජාතික සමාගම් මගින් මිළදිගෙන තිබිනි. මේ හා සමානම අත්දැකිම් ඝානාව, මොසැමිබික් රාජ්‍ය සහ ලෙසතෝව වැනි රටවලද සිදුව ඇති අතර වැදගත්ම තරුන වන්නේ මෙම ආදාරය ලැබු කිසිදු රටක් සැලකිය යුතුමට්ටමේ ආර්තික වර්ධනයක් නොමැතිව තම බුමියද අහිමිකර ගෙන තිබිමය. මෙහි දෙවන අවදානම වන්නේ ආදාර කොන්දේසි මත රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම පාලකයන් වෙනස් කිරිමටද MCCදායක වි තිබිමයි. ටැන්සානියාව හා නිකරගුවාවේ මෙවැනි මැදිහත්විම් සිදුව ඇති අතර එය වෙනත් ලිපියකින් දිර්ගව සාකච්චා කල යුතුය. ශ්‍රි ලංකාවේ එලබුම -------------------------------- පසු ගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබිමත් සමග MCC ව්‍යාපෘතිය සදහා සියලු මුලික සැකසුම් මේ වන විට සකස්කර අවසන්ය. 2017 වසරේ නිකුතිකල constrain Analysis Report of Sri lanka වාර්තාවට අනුව ශිු ලංකාවේ හදුනාගත් සංවර්දන බාදා මගහැරිම යන කඩතුරාව ඔස්සේ ඉහතකි රටවල ආකාරයටම මාර්ග වැඩිදියුනු කිරිම හා රතවාහන තදබදය අවම කිරමේ ව්‍යාපෘති වෙනුවෙන් ඇ.ඩො. මි 350 ක් සහ ඉඩම් ප්රතිසංස්කරන උපව්යාපෘතිය සදහා ඇ.ඩො. මි මළියන 130 වෙන් කර ඇත. මේ අනුව ඉහතකි රටවල එලබුමට මුලුමනින්ම සමාන උපායමාර්ගික ගොදුරකට ජාතියක් ලෙස අප හසුවි ඇති බව පසක් කරගැනිමට මෙම තොරතුරු ප්‍රමානයම ප්‍රමානවත්ය. (මෙහි සදහන් සියලු කරුනු ජාත්‍යන්තර මාද්‍යන්හි පලවු විශ්වසනිය වාර්තාවලින් පමනක් උපුටාගත් බව දනවමි) කපිල මහේෂ් රාජපක්ෂ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom