Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
මිහින්තලාවයි දහම් අමාවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගත්තේ හතරවටේ බ්ලොග් අඩවියෙන් - http://nishuoc.blogspot.com/2018/06/blog-post_10.html

පොසොන් සමය වෙනුවෙන් මම අද ඔබට තෑග්ගක් අරන් ආවා. ඒ මිහින්තලේ සංචාරයකදී ඔබ නැරඹිය යුතු තැන් හා ඒ ආශ්රිත ඓතිහාසික තතු විත්ති. දුර ගැන අදහසක් ගන්නට කියනවා නම්, කුරුණෑගල ඉඳන් දඹුල්ලට කි.මී. 60ක පමණ දුරක් තියෙනවා. එතැන් සිට A9 පාරේ තවත් කි. මී. 60ක පමණ දුරක් ගෙවා මිහින්තලේට ලඟාවෙන්න පුලුවන්. මිහින්තලේ ඉඳන් අනුරාධපුරයට තියෙන්නේ කි. මී. 12ක වගේ දුරක්.

මිහින්තලේට ලඟාවීමට කලින් අපි අවුකන බුද්ධ ප්‍රතිමාව වන්දනා කිරීමට ගියා. ඒ සඳහා දඹුල්ලට කි.මී. 16ක් විතර කලින් ගලේවෙලින් හැරී අවුකන දක්වා කි. මී. 35ක දුරක් ගමන් කරන්න ඕනෙ.

මේ තියෙන්නෙ අවුකන පිලිමය. පිහිටි ගලක ඉදිකරන ලද මේ අතිවිශිෂ්ට නිර්මාණය අඩි 40කට වැඩි උසකින් යුක්තයි. ක්‍රි.ව. 5වන සියවසේදී ධාතුසේන රජතුමා විසින් ඉදිකරවන ලද මේ පිලිමයේ වම් අතින් "කටක" මුද්‍රාවත් දකුණු අතින් "අභය" මුද්‍රාවත් නිරූපණය කරනවා. මේ පිලිමයෙන් දැක්වෙන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේ බව ඇතැම්හු මත පලකරනවා. රියන් 18කට වඩා උස වීමත්, අභය මුද්‍රාවෙන් යුතුවීමත් ඔවුන් ඒ සඳහා හේතුපාඨ ලෙස දක්වනවා. කෙසේ වෙතත්, වසර 1500කර වැඩිකාලයක් විරාජමාන වන මේ මහා ශෛලමය නිර්මාණයේ විශිෂ්ඨත්වය කොතරම්ද කියනවා නම්, පිලිමයේ නාසයට වැටෙන දිය බිඳුවක් දෙපා අතර හරි මැදට වැටෙන ලෙස ලම්භකත්වය පවත්වාගෙන යාමට මෙහි ශිල්පියා වගබලාගෙන තියෙනවා. එමෙන්ම, සිවුරේ රැලි ඉතා සමාන්තරව පිහිටුවල තියෙනවා.

අවුකන පිලිමය වටා ගෙතුනු රස කතාවක් තියෙනවා. මෙවැනි පිලිමයක් සෑදවීමට අදහස් කරපු ධාතුසේන රජතුමා ඊට සුදුසු ගල්වඩුවෙක් සොයා අඬබෙරයක් යවනවා. අඬබෙරය නවත්වන්නේ මහලු ගල්වඩුවෙක්. ඔහු රජතුමාට කියනවා මේ පිලිමය සෑදීමට තමන්ගේ පුතුන් දෙදෙනාට හැකි බව. අයියා "බරණ" අවුකන පිලිමය ඉදිකිරීම ආරම්භ කරනවා. මල්ලී ඊට කි.මී. 16ක් පමණ දුරින් රැස්වෙහෙර පිලිමය ඉදිකිරීම ආරම්භ කරනවා. ඉක්මනින් හා වඩාත් අලංකාරව පිලිමය ඉදිකිරීමට සහෝදරයන් අතර තරඟයක් ඇතිවෙනවා. සෑම මාස පෝයකම ගෙදර යන සොහොයුරන් පිලිමවල තමන් අවසන් කල කොටස් ගැන උදම් අනනවා. මෙසේ අවු 3ක් ඇවෑමෙන් "බරණ", තමන්ගේ පිලිමය වඩාත් නිර්මාණශීලීව අවසන් කරනවා. මල්ලී ඉදිකරමින් තිබුන රැස්වෙහෙර පිලිමය ඒ වනවිට වැඩ අවසන් වී තිබුනේ නෑ. සහෝදරයන් අතර මොනතරම් තරඟකාරීත්වයක් තිබුනාද කියනව නම්, මේ ගැන සිත් තැවුලක් ඇති කරගත් මල්ලී රැස්වෙහෙර පිටුපස කන්දෙන් බිමට පැන සියදිවි නසාගන්නවා.

අවුකනට සමුදුන් අපි ඊලඟට මරදන්කඩවලටත් එතැනින් ගල්කුලම හරහා මිහින්තලේටත් සේන්දු උනා. මිහින්තලේ ප්‍රධාන පූජා භූමියට මෙපිටින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථාන කිහිපයක් දක්නට ලැබෙනවා.

වම් ඡායාරූපයේ තියෙන්නේ කටු සෑය. මිහින්තලේ ආරාමය ඉදිකිරීමට යොදාගත් කම්හල් උපකරණ හා ආයුධ තැන්පත්කර මෙම ස්ථූපය ඉදිකර තිබෙනවා. දකුණු ඡායාරූපයේ තියෙන්නෙ ඉදිකටු සෑය. මිහින්තලේ වැඩවාසය කල භික්ෂූන් වහන්සේලාගේ චීවර මසාගැනීමට භාවිතාකල ඉඳිකටු තැන්පත්කොට මේ සෑය ඉදිකර තියෙනවා. එකලඟ පිහිටි මේ දාගැබ් දෙකෙන් බැතිමතුන්ගේ වැඩි ආකර්ශණයක් මෙන්ම පූජා, බාරහාර වලට ලක්වෙල තිබුනේ කටු සෑය.

මේ තියෙන්නේ කළුදිය පොකුණ. මිහින්තලා පුදබිමට තරමක් මෑතින් පිහිටල තියෙන මනරම් පුරාවිද්‍යා ස්ථානයක්. නිර්මාපකයා හෝ කාලවකවානු අවිනිශ්චිත උනත් විහාර සංකීර්ණයක් මැදිකරගත් ජල මූලාශ්‍රයක් විදියට එදා මෙය පවතින්නට ඇති.

“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා

තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”

උඩ ඡායාරූපයේ තියෙන්නේ සේල චෛත්‍යය. එසේත් නැත්නම් අම්බස්ථල දාගැබ. මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන මහරහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම දෙවනපෑතිස් රජතුමාට හමුවෙන්නේ මේ ස්ථානයේ බව සඳහන් වෙනවා.

මේ තමයි මිහින්තලේ කිව්වම ගොඩක් දෙනෙකුට මතක් වෙන ආරාධනා ගල. සමහරු හිතන් ඉන්නේ, මිහිඳු හාමුදුරුවෝ මේ ගල උඩ වැඩ සිටින අවස්ථාවක පහලින් යන දෙවනපෑතිස් රජු දුටු බවයි. ඒත් ඒක වැරදියි. මිහිඳු හිමිගේ නියමයෙන්, සුමන සාමනේරයණ් දෙවි බඹුන්ට ධර්ම දේශනය අසන්නට පැමිණෙන ලෙස ආරාධනා කලේ මෙම ආරාධනා ගල් පව්ව මත සිට බවයි සඳහන් වෙන්නෙ.

මිහින්තලය පූජාභූමිය හා ඒ අවට විශාල වශයෙන් පුරාවිද්‍යා නටඹුන් දක්නට ලැබෙනවා. මනිනාග මන්දිරය, iv වන මිහිඳු සෙල් ලිපිය, රාජගිරි ලෙන, ඇත් වෙහෙර, කණ්ඨක චෛත්‍ය, ඇටසැට ගුහා, සිංහ පොකුණ, මිහිඳු සෑය, මිහිඳු ගුහාව, ධාතු මන්දිරය හා සන්නිපාත් ශාලාව ඒ අතර වෙනවා.

වම් ඡායාරූපයේ දැක්වෙන්නේ ඇටසැට ගුහා. මිහින්තලයේ භාවනාකල භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කල ලෙන් 68ක් මෙහිදී දැකගැනීමට පුලුවන්. iv වන මිහිඳු රජතුමා විසින් කරවූ සෙල් ලිපි ද්විත්වය මැද ඡායාරූපයේ දැක්වෙනවා. චේතියගිරි (මිහින්තලය) විහාරයේ භික්ෂූන්ට, නිලධාරීන්ට, විහාර සේවකයන්ට සහ විහාර වතුපිටිවල අඳ ගොවීන්ට බලපැවැත්වෙන නීති රීති මේ සෙල් ලිපිවල සඳහන් වෙනවා. දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ සිංහ පොකුණ. සිංහ කටකින් ජලය වෑස්සෙන ලෙසත්, සිංහ කැටයම් සහිතවත් ඉදිකර තිබූ මේ පොකුණේ එක් පසෙක මෙලෙස දෙපයින් සිටගත් සිංහ රුවක් අඹා තිබුනා.

මේ තියෙන්නේ මිහින්තලය කෞතුකාගාරය අසල ශේෂව තිබූ පෞරාණික රෝහලක නටඹුන්. රෝගී ප්‍රතිකාර සඳහා යොදාගත් බෙහෙත් ඔරු පවා අදත් මෙහි දක්නට ලැබෙනවා.

මිහින්තලා පුදබිමට වන්දනාකරුවන්ගෙන් ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. අනුරාධපුර පූජාභූමියට ආසන්නව පැවතීම නිසා, බොහෝ අය අටමස්ථාන වන්දනාවෙන් පසු ගෙදර යන ගමන් ගොඩවන ස්ථානයක් බවට මිහින්තලාව පත්වී තිබෙනවා. එය එසේ නොවිය යුතු බව මාගේ අදහසයි. දින කීපයක් උනත් නැවතී දැකබලාගැනීමට ඇති තරම් පුරාවස්තු මිහින්තලා භූමිය අවට තියෙනවා.

දින තුනක මිහින්තලා චාරිකාවක් අවසන් කරමින් අපි නැවත ගම්බිම් බලා පිටත් උනා.

ඒ එන ගමනේදී ජාතික නාමල් උයන සහ රෝස තිරිවානා නිධිය දැකබලා ගැනීමටත් අපි අමතක කලේ නෑ. A9 පාරේ දඹුල්ලට කි.මී. 10ක් පමණ මෑතින් (මිහින්තලයේ සිට එනවිට) මදටුගම හමුවෙනවා. මදටුගම හන්දියෙන් හැරී කි.මී 7ක් පමණ ගිය තැන නාමල් උයන ඇතුල්වීමේ දොරටුව දකින්න ලැබෙනවා. එතැනින් රු.20ක ටිකට් පතක් ලබාගන්නා ඔබ නා වනයක් මැදින් කි.මීටරයකට වැඩි දුරක් ඇවිදීමෙන් මෙම ඓතිහාසික රෝස තිරිවානා කන්ද පාමුලට ලඟාවෙනවා. ඒතැන් සිට කන්ද මුදුනට ඇත්තේ කි.මී. භාගයකටත් අඩු දුරක්. මෙම ජාතික නාමල් උයන සැලකෙන්නේ ලංකාවේ විශාලතම නා වනය සහිත දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවානා නිධිය ලෙසටයි.

මෙසේ දින තුනක තෘප්තිමත් සංචාරයකට පසු අපි නිවෙස්වලට ලඟා උනා. එලඹෙන පොසොන් සමයේ යමෙක් මිහින්තලයේ සංචාරය කිරීමට අදහස් කරයිද, ඔහුට හෝ ඇයට මේ ලිපිය අත්වැලක් වේවා!

උපුටා ගැනීම අවසන් - original post - http://nishuoc.blogspot.com/2018/06/blog-post_10.html

[QUOTE="bandarawithana, post: 25442443, member: 550509"] උපුටා ගත්තේ හතරවටේ බ්ලොග් අඩවියෙන් - [URL]http://nishuoc.blogspot.com/2018/06/blog-post_10.html[/URL] පොසොන් සමය වෙනුවෙන් මම අද ඔබට තෑග්ගක් අරන් ආවා. ඒ මිහින්තලේ සංචාරයකදී ඔබ නැරඹිය යුතු තැන් හා ඒ ආශ්රිත ඓතිහාසික තතු විත්ති. දුර ගැන අදහසක් ගන්නට කියනවා නම්, කුරුණෑගල ඉඳන් දඹුල්ලට කි.මී. 60ක පමණ දුරක් තියෙනවා. එතැන් සිට A9 පාරේ තවත් කි. මී. 60ක පමණ දුරක් ගෙවා මිහින්තලේට ලඟාවෙන්න පුලුවන්. මිහින්තලේ ඉඳන් අනුරාධපුරයට තියෙන්නේ කි. මී. 12ක වගේ දුරක්. මිහින්තලේට ලඟාවීමට කලින් අපි අවුකන බුද්ධ ප්‍රතිමාව වන්දනා කිරීමට ගියා. ඒ සඳහා දඹුල්ලට කි.මී. 16ක් විතර කලින් ගලේවෙලින් හැරී අවුකන දක්වා කි. මී. 35ක දුරක් ගමන් කරන්න ඕනෙ. [URL='https://2.bp.blogspot.com/-YQHfJEkCIRA/WxvHstNvlUI/AAAAAAAAHV0/gyL7YwvIp60LSeG4H2x8R6-5b3e_54oCwCEwYBhgL/s1600/DSC04740.jpg'][IMG]https://2.bp.blogspot.com/-YQHfJEkCIRA/WxvHstNvlUI/AAAAAAAAHV0/gyL7YwvIp60LSeG4H2x8R6-5b3e_54oCwCEwYBhgL/s400/DSC04740.jpg[/IMG][/URL] මේ තියෙන්නෙ අවුකන පිලිමය. පිහිටි ගලක ඉදිකරන ලද මේ අතිවිශිෂ්ට නිර්මාණය අඩි 40කට වැඩි උසකින් යුක්තයි. ක්‍රි.ව. 5වන සියවසේදී ධාතුසේන රජතුමා විසින් ඉදිකරවන ලද මේ පිලිමයේ වම් අතින් "කටක" මුද්‍රාවත් දකුණු අතින් "අභය" මුද්‍රාවත් නිරූපණය කරනවා. මේ පිලිමයෙන් දැක්වෙන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේ බව ඇතැම්හු මත පලකරනවා. රියන් 18කට වඩා උස වීමත්, අභය මුද්‍රාවෙන් යුතුවීමත් ඔවුන් ඒ සඳහා හේතුපාඨ ලෙස දක්වනවා. කෙසේ වෙතත්, වසර 1500කර වැඩිකාලයක් විරාජමාන වන මේ මහා ශෛලමය නිර්මාණයේ විශිෂ්ඨත්වය කොතරම්ද කියනවා නම්, පිලිමයේ නාසයට වැටෙන දිය බිඳුවක් දෙපා අතර හරි මැදට වැටෙන ලෙස ලම්භකත්වය පවත්වාගෙන යාමට මෙහි ශිල්පියා වගබලාගෙන තියෙනවා. එමෙන්ම, සිවුරේ රැලි ඉතා සමාන්තරව පිහිටුවල තියෙනවා. අවුකන පිලිමය වටා ගෙතුනු රස කතාවක් තියෙනවා. මෙවැනි පිලිමයක් සෑදවීමට අදහස් කරපු ධාතුසේන රජතුමා ඊට සුදුසු ගල්වඩුවෙක් සොයා අඬබෙරයක් යවනවා. අඬබෙරය නවත්වන්නේ මහලු ගල්වඩුවෙක්. ඔහු රජතුමාට කියනවා මේ පිලිමය සෑදීමට තමන්ගේ පුතුන් දෙදෙනාට හැකි බව. අයියා "බරණ" අවුකන පිලිමය ඉදිකිරීම ආරම්භ කරනවා. මල්ලී ඊට කි.මී. 16ක් පමණ දුරින් රැස්වෙහෙර පිලිමය ඉදිකිරීම ආරම්භ කරනවා. ඉක්මනින් හා වඩාත් අලංකාරව පිලිමය ඉදිකිරීමට සහෝදරයන් අතර තරඟයක් ඇතිවෙනවා. සෑම මාස පෝයකම ගෙදර යන සොහොයුරන් පිලිමවල තමන් අවසන් කල කොටස් ගැන උදම් අනනවා. මෙසේ අවු 3ක් ඇවෑමෙන් "බරණ", තමන්ගේ පිලිමය වඩාත් නිර්මාණශීලීව අවසන් කරනවා. මල්ලී ඉදිකරමින් තිබුන රැස්වෙහෙර පිලිමය ඒ වනවිට වැඩ අවසන් වී තිබුනේ නෑ. සහෝදරයන් අතර මොනතරම් තරඟකාරීත්වයක් තිබුනාද කියනව නම්, මේ ගැන සිත් තැවුලක් ඇති කරගත් මල්ලී රැස්වෙහෙර පිටුපස කන්දෙන් බිමට පැන සියදිවි නසාගන්නවා. අවුකනට සමුදුන් අපි ඊලඟට මරදන්කඩවලටත් එතැනින් ගල්කුලම හරහා මිහින්තලේටත් සේන්දු උනා. මිහින්තලේ ප්‍රධාන පූජා භූමියට මෙපිටින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථාන කිහිපයක් දක්නට ලැබෙනවා. [TABLE] [TR] [TH][URL='https://2.bp.blogspot.com/-Nnl8vteGBTw/WxvWOZ8O9HI/AAAAAAAAHWI/srfDXFti0mswUcefFY8cETOz5819fARfwCLcBGAs/s1600/DSC04770.jpg'][IMG]https://2.bp.blogspot.com/-Nnl8vteGBTw/WxvWOZ8O9HI/AAAAAAAAHWI/srfDXFti0mswUcefFY8cETOz5819fARfwCLcBGAs/s320/DSC04770.jpg[/IMG][/URL][/TH] [TH][URL='https://4.bp.blogspot.com/-U2o40_Ad0VA/Wxv1oIcHrxI/AAAAAAAAHWU/5pNsJ94ybt0Uf79tEQqpnisnLKKEMWPxACLcBGAs/s1600/DSC04779.jpg'][IMG]https://4.bp.blogspot.com/-U2o40_Ad0VA/Wxv1oIcHrxI/AAAAAAAAHWU/5pNsJ94ybt0Uf79tEQqpnisnLKKEMWPxACLcBGAs/s320/DSC04779.jpg[/IMG][/URL][/TH] [/TR] [/TABLE] වම් ඡායාරූපයේ තියෙන්නේ කටු සෑය. මිහින්තලේ ආරාමය ඉදිකිරීමට යොදාගත් කම්හල් උපකරණ හා ආයුධ තැන්පත්කර මෙම ස්ථූපය ඉදිකර තිබෙනවා. දකුණු ඡායාරූපයේ තියෙන්නෙ ඉදිකටු සෑය. මිහින්තලේ වැඩවාසය කල භික්ෂූන් වහන්සේලාගේ චීවර මසාගැනීමට භාවිතාකල ඉඳිකටු තැන්පත්කොට මේ සෑය ඉදිකර තියෙනවා. එකලඟ පිහිටි මේ දාගැබ් දෙකෙන් බැතිමතුන්ගේ වැඩි ආකර්ශණයක් මෙන්ම පූජා, බාරහාර වලට ලක්වෙල තිබුනේ කටු සෑය. [URL='https://2.bp.blogspot.com/-TlU4gmBN-0Q/Wxv3i1ch6eI/AAAAAAAAHWg/GTVSSpbtkTY0AzeQn73trQJvJjv3Wg9xwCLcBGAs/s1600/DSC04956.jpg'][IMG]https://2.bp.blogspot.com/-TlU4gmBN-0Q/Wxv3i1ch6eI/AAAAAAAAHWg/GTVSSpbtkTY0AzeQn73trQJvJjv3Wg9xwCLcBGAs/s320/DSC04956.jpg[/IMG][/URL] මේ තියෙන්නේ කළුදිය පොකුණ. මිහින්තලා පුදබිමට තරමක් මෑතින් පිහිටල තියෙන මනරම් පුරාවිද්‍යා ස්ථානයක්. නිර්මාපකයා හෝ කාලවකවානු අවිනිශ්චිත උනත් විහාර සංකීර්ණයක් මැදිකරගත් ජල මූලාශ්‍රයක් විදියට එදා මෙය පවතින්නට ඇති. [URL='https://1.bp.blogspot.com/-pz2t46E79CM/Wxv6uXmf0hI/AAAAAAAAHWs/wgxM1u4ZrTE9DZbqvjecW2Yzh-lMsfYggCLcBGAs/s1600/DSC04820.jpg'][IMG]https://1.bp.blogspot.com/-pz2t46E79CM/Wxv6uXmf0hI/AAAAAAAAHWs/wgxM1u4ZrTE9DZbqvjecW2Yzh-lMsfYggCLcBGAs/s320/DSC04820.jpg[/IMG][/URL] “සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා” උඩ ඡායාරූපයේ තියෙන්නේ සේල චෛත්‍යය. එසේත් නැත්නම් අම්බස්ථල දාගැබ. මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන මහරහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම දෙවනපෑතිස් රජතුමාට හමුවෙන්නේ මේ ස්ථානයේ බව සඳහන් වෙනවා. [URL='https://1.bp.blogspot.com/-bSyvFIb0fwY/WxycD9puI4I/AAAAAAAAHXE/ijwLaWmbO6IKQXN1-R9bRFQl8LOdf_OwgCLcBGAs/s1600/DSC04831.jpg'][IMG]https://1.bp.blogspot.com/-bSyvFIb0fwY/WxycD9puI4I/AAAAAAAAHXE/ijwLaWmbO6IKQXN1-R9bRFQl8LOdf_OwgCLcBGAs/s320/DSC04831.jpg[/IMG][/URL] මේ තමයි මිහින්තලේ කිව්වම ගොඩක් දෙනෙකුට මතක් වෙන ආරාධනා ගල. සමහරු හිතන් ඉන්නේ, මිහිඳු හාමුදුරුවෝ මේ ගල උඩ වැඩ සිටින අවස්ථාවක පහලින් යන දෙවනපෑතිස් රජු දුටු බවයි. ඒත් ඒක වැරදියි. මිහිඳු හිමිගේ නියමයෙන්, සුමන සාමනේරයණ් දෙවි බඹුන්ට ධර්ම දේශනය අසන්නට පැමිණෙන ලෙස ආරාධනා කලේ මෙම ආරාධනා ගල් පව්ව මත සිට බවයි සඳහන් වෙන්නෙ. මිහින්තලය පූජාභූමිය හා ඒ අවට විශාල වශයෙන් පුරාවිද්‍යා නටඹුන් දක්නට ලැබෙනවා. මනිනාග මන්දිරය, iv වන මිහිඳු සෙල් ලිපිය, රාජගිරි ලෙන, ඇත් වෙහෙර, කණ්ඨක චෛත්‍ය, ඇටසැට ගුහා, සිංහ පොකුණ, මිහිඳු සෑය, මිහිඳු ගුහාව, ධාතු මන්දිරය හා සන්නිපාත් ශාලාව ඒ අතර වෙනවා. [TABLE] [TR] [TH][URL='https://4.bp.blogspot.com/-7sXsg6EpDyw/Wxykm_x82_I/AAAAAAAAHXo/H2LCE539dZ4dS3y76YsoOgjh5EjIuhTcgCEwYBhgL/s1600/DSC04786.jpg'][IMG]https://4.bp.blogspot.com/-7sXsg6EpDyw/Wxykm_x82_I/AAAAAAAAHXo/H2LCE539dZ4dS3y76YsoOgjh5EjIuhTcgCEwYBhgL/s200/DSC04786.jpg[/IMG][/URL][/TH] [TH][URL='https://2.bp.blogspot.com/-yCHgb1TS93Y/Wxyo3TYh4yI/AAAAAAAAHXw/gzYSIaMUUQcP9di-tXxqH7gFNEFkXyzIACEwYBhgL/s1600/DSC04810.jpg'][IMG]https://2.bp.blogspot.com/-yCHgb1TS93Y/Wxyo3TYh4yI/AAAAAAAAHXw/gzYSIaMUUQcP9di-tXxqH7gFNEFkXyzIACEwYBhgL/s200/DSC04810.jpg[/IMG][/URL][/TH] [TH][URL='https://3.bp.blogspot.com/-cw2UJ1lysRg/Wxyjn2Yba8I/AAAAAAAAHXc/oyFN3eWV-YsIiw5GWRDRXOlvb-HudoThACEwYBhgL/s1600/DSC04797.jpg'][IMG]https://3.bp.blogspot.com/-cw2UJ1lysRg/Wxyjn2Yba8I/AAAAAAAAHXc/oyFN3eWV-YsIiw5GWRDRXOlvb-HudoThACEwYBhgL/s200/DSC04797.jpg[/IMG][/URL][/TH] [/TR] [/TABLE] වම් ඡායාරූපයේ දැක්වෙන්නේ ඇටසැට ගුහා. මිහින්තලයේ භාවනාකල භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කල ලෙන් 68ක් මෙහිදී දැකගැනීමට පුලුවන්. iv වන මිහිඳු රජතුමා විසින් කරවූ සෙල් ලිපි ද්විත්වය මැද ඡායාරූපයේ දැක්වෙනවා. චේතියගිරි (මිහින්තලය) විහාරයේ භික්ෂූන්ට, නිලධාරීන්ට, විහාර සේවකයන්ට සහ විහාර වතුපිටිවල අඳ ගොවීන්ට බලපැවැත්වෙන නීති රීති මේ සෙල් ලිපිවල සඳහන් වෙනවා. දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ සිංහ පොකුණ. සිංහ කටකින් ජලය වෑස්සෙන ලෙසත්, සිංහ කැටයම් සහිතවත් ඉදිකර තිබූ මේ පොකුණේ එක් පසෙක මෙලෙස දෙපයින් සිටගත් සිංහ රුවක් අඹා තිබුනා. [URL='https://2.bp.blogspot.com/-IyKP3d1sNLY/WxzpCOtOoCI/AAAAAAAAHX8/8834fl-b6QgCBSAbQ9DvKqylwSh2IW7awCLcBGAs/s1600/DSC04759.jpg'][IMG]https://2.bp.blogspot.com/-IyKP3d1sNLY/WxzpCOtOoCI/AAAAAAAAHX8/8834fl-b6QgCBSAbQ9DvKqylwSh2IW7awCLcBGAs/s320/DSC04759.jpg[/IMG][/URL] මේ තියෙන්නේ මිහින්තලය කෞතුකාගාරය අසල ශේෂව තිබූ පෞරාණික රෝහලක නටඹුන්. රෝගී ප්‍රතිකාර සඳහා යොදාගත් බෙහෙත් ඔරු පවා අදත් මෙහි දක්නට ලැබෙනවා. මිහින්තලා පුදබිමට වන්දනාකරුවන්ගෙන් ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. අනුරාධපුර පූජාභූමියට ආසන්නව පැවතීම නිසා, බොහෝ අය අටමස්ථාන වන්දනාවෙන් පසු ගෙදර යන ගමන් ගොඩවන ස්ථානයක් බවට මිහින්තලාව පත්වී තිබෙනවා. එය එසේ නොවිය යුතු බව මාගේ අදහසයි. දින කීපයක් උනත් නැවතී දැකබලාගැනීමට ඇති තරම් පුරාවස්තු මිහින්තලා භූමිය අවට තියෙනවා. දින තුනක මිහින්තලා චාරිකාවක් අවසන් කරමින් අපි නැවත ගම්බිම් බලා පිටත් උනා. [URL='https://3.bp.blogspot.com/-64PS3OedN4o/WxzvkoNWsVI/AAAAAAAAHYI/Py4gwkeaA-YCfOpJapp3q7FpwfXFjatNwCEwYBhgL/s1600/DSC05021.jpg'][IMG]https://3.bp.blogspot.com/-64PS3OedN4o/WxzvkoNWsVI/AAAAAAAAHYI/Py4gwkeaA-YCfOpJapp3q7FpwfXFjatNwCEwYBhgL/s320/DSC05021.jpg[/IMG][/URL] ඒ එන ගමනේදී ජාතික නාමල් උයන සහ රෝස තිරිවානා නිධිය දැකබලා ගැනීමටත් අපි අමතක කලේ නෑ. A9 පාරේ දඹුල්ලට කි.මී. 10ක් පමණ මෑතින් (මිහින්තලයේ සිට එනවිට) මදටුගම හමුවෙනවා. මදටුගම හන්දියෙන් හැරී කි.මී 7ක් පමණ ගිය තැන නාමල් උයන ඇතුල්වීමේ දොරටුව දකින්න ලැබෙනවා. එතැනින් රු.20ක ටිකට් පතක් ලබාගන්නා ඔබ නා වනයක් මැදින් කි.මීටරයකට වැඩි දුරක් ඇවිදීමෙන් මෙම ඓතිහාසික රෝස තිරිවානා කන්ද පාමුලට ලඟාවෙනවා. ඒතැන් සිට කන්ද මුදුනට ඇත්තේ කි.මී. භාගයකටත් අඩු දුරක්. මෙම ජාතික නාමල් උයන සැලකෙන්නේ ලංකාවේ විශාලතම නා වනය සහිත දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවානා නිධිය ලෙසටයි. මෙසේ දින තුනක තෘප්තිමත් සංචාරයකට පසු අපි නිවෙස්වලට ලඟා උනා. එලඹෙන පොසොන් සමයේ යමෙක් මිහින්තලයේ සංචාරය කිරීමට අදහස් කරයිද, ඔහුට හෝ ඇයට මේ ලිපිය අත්වැලක් වේවා! උපුටා ගැනීම අවසන් - original post - [URL]http://nishuoc.blogspot.com/2018/06/blog-post_10.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom