Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිහින්තලා_කඳු_පාමුල_රෝහල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිහින්තලා_කඳු_පාමුල_රෝහල

ලොව පැරණිතම විධිමත් රෝහල මිහින්තලා කඳු පාමුල රෝහලයි.

Dr R.P.R Sampath Bandusena

B.A.M.S(Kelaniya)

මිහින්තලා කඳු පාමුල ඇති රෝහල් පරිශ්‍රය හඳුනාවා දෙන්නේ දැනට ලොව ඉදිකරන ලද පැරණිතම විධිමත් රෝහල් සංකීර්ණය ලෙසයි. මිහින්තලයෙන් හමුවන රෝහලේ ගොඩනැගිලි වලට වඩා පැරණිවුත් විධිමත්වුත් රෝහල් ගොඩනැගිලි මෙතෙක් ලොව කිසිදු ප්‍රදේශයකින් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකිවි නැත. මිහින්තලා රෝහල් සංකීර්ණය සහ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කම ඉතාම ඉහල වන්නේ එබැවිනි.

මිහින්තලා කඳු පාමුල පළමුව රෝහලක් ඉදිකරන ලද්දේ දෙවැනි පැතිස් රජු (ක්‍රි .පූ 250-210) විසින් යැයි ඓතිහාසික මතයක් ඇත. නමුත් අද නටඹුන් හමුවන රෝහල් සංකීර්ණය ආශ්‍රිතව සිදුකර ඇති කාල නිර්ණ ගණනයන්ට අනූව සහ එම ප්‍රදේශයෙන් හමුවී ඇති ලිඛිත සාක්ෂි අනූව (මිහින්තලා පුවරු ලිපි 1-2 සහ මිහින්තලා ගිරි ලිපි) ක්‍රි.ව 853-887 අනුරාධපුර රාජධානියේ රජ කල දෙවැනි සේන රජුගේ කාලයේදී මෙම රෝහල ඉදිකර ඇතැයි තහවුරු කෙරි ඇත. එයින් දෙවැනි පැතිස් රජ සමයේදී මෙම ස්ථානයේ රෝහලක් නොපැවතියේය යන ප්‍රවාදයක් තහවුරු වන්නේ නැත. යම් කිසිවෙකු විසින් පළමුව ඉදිකරන ලද වැදගත් ඉදිකිරිමක් පසුකාලිනව විවිධ අය විසින් ප්‍රතිසංස්කරණය කිරීමක් හෝ සංවර්ධනය කිරීමක් කල හොත් මුල් ගොඩනැගිලි ඉවත්ව යාම අනිවාර්යයෙන්ම සිදුවන ප්රතිඵලයකි(පුරාණ ශ්‍රීලංකික දාගැබ් වල විකාශනය සිදුව ඇත්තේද එපරිද්දෙනි). ඒ අනූව දේවානම්පියතිස්ස රජුට පසුව ආනුරාධපුර රාජධානිය පාලනය කල විවිධ රජවරු විසින් දෙවැනිපැතිස් රජු සමයේදි ඉදිකරන්නට ඇති මුලික රෝහලට විවිධ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය කටයුතු කරන්නට ඇත. මෙම රෝහල ඉදිකිරීමට පදනම් ව ඇති පරිසරය දෙවැනි පැතිස් රජ සමයේ සිට අඛණඩව එම භුමියේ පැවතිම නිසා එසේ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු අත්‍යාවශ්‍ය බව පිළීගැනිමට සිදුවේ.(රෝහල ගොඩනැගෙන්නේම මිහින්තලා භික්ෂු ආරාම පද්ධතිය තුල වැඩවාසය කරනා භික්ෂුන්ගේ ප්‍රයෝජනය සඳහාය). එසේ විවිධ කාල වකවානු වල විවිධ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය කටයුතු වෙමින් පැමිණ අවසානයේදී දැන් අපට දැක ගැනීමට ඇති මෙම රෝහල අවසාන වරට දෙවැනි සේන රජුගේ කාලයේදි සංවර්ධනය වන්නට ඇති බව කිවහැක. අද අපට හමුවන්නේ ඒ අනුව දෙවනසේන රජු විසින් ගොඩනංවන ලද රෝහල වන අතර එය ගොඩ නැංවු කාලය ඒ අනූව නිවැරදිය.

මෙම රෝහල පිහිටා ඇති භූමිය මහින්දාගමනය සිදුවන අවධිය(ක්‍රි.පූ 247) වන විට දෙවනපැතිස් රජුන් දඩකෙළියට පැමිනෙන වනාන්තර ප්‍රදේශයක් ව තිබි ඇත. ක්‍රි.පූ 247 පෙසොන් පොය දින මිහින්තලා කදු පාමුලදි Tam Lipi No 01- Mihinthale දෙවනපැතිස් රජුට මිහිඳු හිමි අභිමුඛ විමත් සමගම මෙම රට සුවිශාල සමාජ ආර්ථික දේශපාලනික සහ ආගමික පරිවර්ථනයකට ලක් වන්නේය. ලක්රජු තෙරුවන්සරණ ගිය සැදැහැවත් බෞද්ධයෙකු බවට පත් වේ. රාජ්යයයම බෞද්ධ රාජ්‍යයයක් බවට පත්වේ. මෙම පරිවර්ථන වලින් පසුව ඇතිවන නව කාලපරිච්ඡේදයේදී ආරාම,පොකුණු,දානශාලා සහ අනෙකුත් අවශ්‍යතා වලින් පරිපූර්ණ වන පරිදි ගොඩ නංවා මෙම ප්‍රදේශය සංඝයා වහන්සේලාට පුජා කිරීමට දෙවනපැතිස් රජු කටයුතු කරන්නේය. දෙවනපැතිස් රජු විසින් මුලින්ම ඉදිකරන්නට ඇති මෙම රෝහල විශේෂයෙන්ම ගිලන්වු භීක්ෂුන්ට ප්‍රතිකාර කිරීමට ඉදිකරන්නට ඇතැයි සිතිය හැක්කේ ඒ අනූවය. සංඝයාවහන්සේලා දහස් ගණනකට පහසුකම් සහිතව ගොඩනගන ලද වනගත ආරාම ප්‍රදේශයක රෝහලක් තිබීම අත්‍යාවශ්‍යබව රජු දකින්නට Tam Lipi No 02- Mihinthaleඇත. මෙම ප්‍රදේශ වනගත වීමත් සංඝයාවහන්සේලාය පුජා කල ප්‍රදේශයක් වීමත් නිසා සාමාන්‍ය ජනතාවට ගැවසීමට ඉඩක් නැති බැවින් මෙම රෝහලට සාමාන්‍ය ජනතාවට ප්‍රතිකාර ගැනීමට ඉදිකරන ලද්දක් ලෙස පිළිගැනීමට කිසිදු සාධාරණ පදනමක් ඇති වන්නේ නැත. එපමණක් නොව මෙම රෝහල් භූමිය තුල පුරාණ භික්ෂු ආරාම පද්ධතිවල දැක ගත හැකි විශේෂිත ගෘහයන්(ජන්ථාඝර)ද අන්තර්ගතය. ඒ අනුව දෙවැනිපෑතිස් රජු විසින් පළමුවරට ඉදිකරන ලද රෝහලද දැනට නටඹුන් හමුවන දෙවනසේන රජු විසින් ඉදිකරන ලද රෝහලද භික්ෂුන්වහන්සේලාටම ප්‍රතිකාර කිරීමට ඉදිකරනන්ට ඇති බව පිළිගැනීමට සිදුවේ. දෙවනසේන රජු යනු හෙළ රජවංශයට අනුව අනුරාධපුර යුගයේ අවසාන කාර්තුවේ රට පාලනය කල රජ කෙනෙකු වන්න්ය. එසේම එමයුගය යනු ක්‍රමිකව රාජධානිය අභාවයට යමින් පැවතුන යුගයක්ද වේ. එවන් යුගයක පුර්ණ රාජානුග්‍රහය සහිතව පැවති ආරාම පද්ධතියකට පවා එහි බලපෑම් අනිවාර්යයෙන්ම දැනුනා විය යුතුය. ඒ අනුව මිහින්තලා කන්ද ආශිතව පැවති වනගත ආරාම පද්ධතියත් රෝහලත් ක්‍රමිකව අභාවයට යන්නට ඇත්තේ ඉන් පසුව සංවර්ධනය කිරීමට තරම් පාලකයෙකු සහ ස්ථිර පාලන තතන්ත්රයක් ඇති නොවීම නිසා වන්නට පුළුවන. අවසන් වරට මෙම රෝහල හෝඳින්ම සංවර්ධනය කර පුර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙනනට ඇත්තේ දෙවනසේන රජු නිසා අද අපට හමුවන නටඹුන් වලින් විද්‍යමාන වන්නේ දෙවනසේන රජ යුගයයි.

මිහින්තලා රෝහල් පරිශ්‍රයට පළමුවරට පැමිණෙන අයෙකුට එහි ශෛලමය ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වීමත් සමගම පැහැදිලිවම හඳුවා ගත හැකි විශේෂතාවයක් තිබේ. එනම් මෙම රෝහල කොටස් දෙකකින් යුත් බවයි. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු විමත් සමගම තරමක් විශාල විවෘතභූමියක් සහ කුටි හතරක නටබුන් දැකගත හැක. මෙම විවෘත කොටසට පිටුපසින් ඉතා විශිෂ්ට ලෙස ගොඩනංවන ලද කුටි රාශියකින් හෙබි ප්‍රධාන ගොඩනැගිල්ල හමුවේ. සමස්ථ ගොඩනැගිල්ලේම ඇති විශේෂත්වය වන්නේ ප්‍රධාන දොරටුවට අමතරව තවත් එක් දොරටුවක් යැයි සිතිය හැකි ස්ථානයක් හැර සම්පූර්ණ ගොඩනැගිල්ලම පළල් බිත්තියකින් ඉහලටම එසවි ආවර්ණය වී තිබීමයි.

Wards -Mihinthale Ancient Hospithalකුටි තිස් දෙකකින්(32)කින් යුත් ප්‍රධාන ගොඩනැගිල්ල රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට පහසුවෙන පරිදි සැකසු වාට්ටු සංකීර්ණයක් බව පෙනේ. මෙම කොටසේ ඇති කුටි ප්‍රමාණයෙන් එකිනෙකට සමාන සමචතුරස්රාකාරකුටි සහ තරමක් විශාල සෘජුකොණාස්රාකාරකුටි වලින් එය සමන්විතය. සෑම කුටියකම දොරටුව ඇත්තේ ගොඩනැගිල්ලේ ඇතුළු පැත්තට විවෘත වන පරිද්දෙනි. මෙම සියළු දෙරටු යාකරමින් තරමක් පළල් බරාඳයක්(Corridor) ඇතුල් පැත්තෙන් දිවේ. මැදමිදුලේ තරමක් විශාල පීඨිකාවක් දැක ගත හැක. මෙම පිඨිකාව මැද උස් කළුගල් කුළුණු දරා සිටිමට පාදම සපයන පැතලි කළුගල් ආධාරකයන් දෙකකි. මෙම පිඨිකාව රෝහලේ මැද පිහිටි වහලයක් සහිත විශේෂිත ස්ථානයකි. එය බොහෝදුරට නේවාසික රෝගින්ට ආගමික කටයුතු වල යෙදිමට සැකසු ස්ථානයක් වියහැක.

මනාව සුරක්ෂිත වී ඇති උසස් තත්ත්වයේ ශෛලමය බෙහෙත් ඔරුවක් මෙම ගොඩනැගිල්ලේ දකුණු පස පිටුපස කෙළවර ඇති කුටියතුල ඇත. මෙම බෙහෙත් ඔරුවේ හිස තබා ගැනීම සඳහා මදක් උසට පතුල සකසා ඇත. නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඔවුනට අවශ්‍ය අවස්ථාවල පහසුවෙන් භාවිතයට ගතහැකි වන පරිදි බෙහෙත් ඔරුව මෙලෙස නේවාසික රෝගී ප්‍රතිකාර අංශය තුල රඳවා තැබීමට කටයුතු කර ඇති බැව් පෙනේ. විශේෂයේන් මෙම රෝහල ප්‍රධාන වශයෙන් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට තරම් වන රෝගීභික්ෂුන් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දෙන රෝහලක් ලෙස ක්‍රියාත්මක වන්නට ඇති බව මෙයින් තේරුම් ගත හැක. මීට අමතරව නේවාසික රෝගීන් ප්‍රතිකාර ගනු ලබන රෝහලක තිබිය යුතු අභ්‍යන්තර ඖෂධාලයක්, චිකිත්සාගාර සහ ශල්‍යාගාර, වෛද්‍ය සහ කාර්යමණ්ඩල විවේකාගාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා තවත් කුටි කිහිපයක් භාවිතයට ගන්නට ඇත. රෝහල් භූමියෙන් සොයා ගන්නා ලද විවිධ ශල්‍ය උපකරණ කොටස් සහ මිහින්තලා පුවරු ලිපි වල ඇති තොරතුරු අනූව පෙනී යන්නේ එම යුගයේදී ශල්‍ය වෛද්‍යවිද්‍යාව ප්‍රායෝගිකව යොදා ගෙන ඇති බවයි. එපමණක් නොව සාමාන්‍ය වෛද්‍යවරුන්ට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කුඩැල්ලන් භාවිතා කර ප්‍රතිකාර සිදුකරනා වෛද්‍යවරුන්ද වෙනමම මිහින්තලා පුවරුලිපි තුලදි හඳුනා ගෙන ඇත. එසේම බෙහෙත් පිලියෙල කරන්නන්ද වෙනමම සේවයේ යොදාගෙන ඇත. තවද මෙම පුවරුලිපි වල දන්වැළඳීම සඳහා දානශාලාවට වැඩමකල නොහැකි ගිලන් වූ ස්වාමින් වහන්සේලාට වෛද්‍ය නියමයන් පරිදි දන් පිළිගැන්විය යුතුයැයි ද සඳහන් කොට ඇත. එයින් පෙනි යන්නේ ගිලන් වු භික්ෂුන් සඳහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යොදවා සිටි බවත්ය. එසේනම් එම භික්ෂුන් අනිවාර්යයෙන්ම මිහින්තලා කඳුපාමුල ආරෝග්‍යශාලාවේ ප්‍රතිකාර ගන්නට ඇති බව සිතිය හැක.

නේවාසික රෝගින් රැදි සිටිනා කුටි පෙල සහිත ගොඩනැගිලි කොටස සම්පූර්ණයෙන්ම වහලකින් ආවරණයවී තිබි ඇත. උස් ගල්කණු මෙම ගොඩනැගිල්ල වටා තැනින් තැන තවමත් දැක ගැනීමට හැක. වහල රඳවා තබන්නට ඇත්තේ මෙම ගල්කණු මත විය හැක. සම්පූර්ණ ගොඩනැගිල්ලම නැතිනම් කුටිපෙළ පමණක් තනි වහලකින්ද මැදපිහිටි ගෘහය වෙනම වහලකින්ද ආවරණය ව තිබෙන්නට ඇත. කෙසේ නමුදු මෙම ගොඩනැගිල්ල රෝහලේ ඉදිරි කොටස මෙන් නොව මනා නිමාවකින් යුතුව ගොඩ නැගි තිබි ඇත.

Mihinthale Ancient Hospital Medicinal Tub - Mihinthale Ancent Hospitalරෝහලේ ඉදිරි කොටසේ නේවාසික රෝගි අංශය තරම් හෝ නැතිනම් ඊටත් වඩා විශාල කොටසකි. කෙසේ නමුදු මෙම කොටස සම්පූර්ණයෙන්ම වහලකින් ආවරණය වි තිබුනා යැයි සිතිය නොහැක. ඉහලටම බිත්ති එසවි තිබුනද එහි වහලක් දරා සිටිමට තරම් වු ගල් කණු දැක ගත නොහැක. බොහෝ විට මෙම කොටසේ ඇති කුටි හතරට පමණක් ස්ථිර වහලවල් තිබෙන්නට ඇත. අනෙක් ප්‍රදේශය විවෘත අහසට නිරාවරණය ව තිබෙන්නට ඇත. මෙම කොටසේ ප්‍රධාන දොරටුව අසලම දකුණු පස සාපේක්ෂව කුඩා කුටියකි. මෙම කුටියේ දොරටුව ඇත්තේ ඇතුළු මිඳුලටය. මෙම කුටිය රෝහලේ කාර්යාලය ලෙස පවත්වා ගෙන ගිය ස්ථානය විය හැක. එපමණක්ද නොව මුලික රෝගි පරික්ෂාවත් රෝගින් ලියාපදිංචියත් මෙම කුටියේදි සිදු කරන්නට ඇත. මෙම කොටසේ දකුණු පස තරමක් පිටු පසට වන්නට විශාල කුටියකි. මෙම කුටියේ ඇති විශේෂත්වය වන්නේ එහි මැද පොළවට කිද බැස්සු විශාල ශෛලමය බේසමක් ඇත. එහි එක කෙළවරක කුඩා සිදුරක්ද ඇති අතර මෙම ස්ථානය රෝහලේ නේවාසික රෝගින්ට ස්නානය කිරීමට සැකසු අභ්‍යන්තර උණුපැන්හල විය හැක. ආරාම වල ඇති ජන්ථාඝරය ලෙස හඳුන්වන්නේද මෙයයි. රෝහලේ ඇති මෙම ජන්ථාඝරය වාස්තුවිද්‍යාත්මක වශයෙන් ඉතාම වැදගත් එකකි. දිග මීටර් අටක් වන අතර පළල මීටර් හතයි දශම හයක් වේ. මෙහි ඇති උදකද්රෝණිය මීටර් දෙකයි දශම තුනක් දිග මීටර් දෙකයි දශම දෙකක් පළලය. මෙය ගල්කණු අහඅටකින් යුත් කුටියකි.

ජන්ථාඝරය

බෞද්ධාරාම වල වැදගත් අංගයකි. මෙය උණුපැන් හල, ගිලිහල්ගෙය යන නම් වලින්ද හැදින්වේ. ස්නාන කටයුතු සහ සෞඛයවරක්ෂණ ක්‍රම වේදයන් සඳහා මෙම ගොඩනැගිල්ල භාවිතා කෙරි ඇත. මෙය ප්‍රධාන වන්නේ උදක ද්‍රෝණිය හෙවත් ජල සන්ථිකාවටයි. පැන් කොටුව ලෙසඳ හැදින්වේ. මෙහි ජලය උණුකිරීම සඳහා උදුන් සහ බෙහෙත් අඹරනගල් ආදිය තබා ඇත. උදකද්රෝනියෙන් ජලය පිටකිරීමට සිදුරක් ඇති අතර කාණුවක් මගින් ජලය ඉවතට පිට කෙරේ. මෙහි දි සිදුවන තවත් කාර්යයත් වන්නේ ජන්ථාඝර තුලදි අධිකව දහඩිය දැමීමට සලස්වා මේදය දමනය කොට ශරීරය සැහැල්ලු කිරීමටද මෙම ජන්ථාඝර ස්වේදකුටිය ලෙසද භාවිතා කර ගෙන ඇත. මිට අමතරව මෙම කුටිය තුලදි අඹරා ගත් ශාක කොළ පොතු සහ මැටි වර්ග සිරුරේ ආල්ප කර සිදුකරනා සම්භාහන ක්‍රමද මෙහි තුල සිදුකර ඇත.

රෝහලේ ඉදිරිපස කොටසේම වම් පස කුටි දෙකකි. ඉන් දෙරටුවට ආසන්නයේ ඇති කුටිය සකසා ඇති ඇති ආකාරය තරමක් විශේෂය. එය සකසා ඇත්තේ ගොඩනැගිල්ලෙන් පිටතට කුටිය පිහිටන ආකාරයට සහ රෝහල් ගොඩනැගිල්ල තුලට විවෘත වන දොරටුව ප්‍රධාන බිත්තියේම පිහිටන ආකාරයෙන්ය. මෙම කුටිය පිහිටා ඇති ආකාරය අනූව එය බොහෝ දුරට රෝහලේ වැසිකිලි කැසිකිලි පද්ධතිය පිහිටා තිබු ස්ථානය ලෙස සිතා ගත හැක. සාමාන්‍යයෙන් රෝගින්ගේ බහිස්‍රාවි අපද්රව්යයම රෝහල් ගොඩනැගිල්ලට හැකිතාක් ඇතින් පිටකිරීම අපේක්ෂාවෙන් මෙම කුටිය පමණක් රෝහල් බිත්තියෙන් පිටතට තල්ලු කර ඇති බැවි සිතේ. මෙම කුටියට තරමත් ඇතුලට වන්නට සාපේක්ෂව විශාල කුටියක් දැක ගත හැක. මෙම කුටිය බොහෝ දුරට ඖෂධ ගබඩා කර තිබු ගබඩාවක් හෝ වෙනත් එවැනි කටයුත්තකට භාවිතා කල කුටියක් විය හැක. රෝහලේ ඉදිරිපස කොටසේ ඇති කුටිහතර වන්නේ ඒවාය. මිට අමතරව ඉතාමත් අලංකාර ශෛලමය ඇඹරුම්ගලක් මැද මිදුලේ ඇත. ඒ අනූව මේ විවෘතභූමි කොටසතුල රෝහලේ නේවාසික සහ බාහිර යන සියළුම රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැකසීමට යොදා ගන්නට ඇති බව සිතිය හැක. එපමණක් නොව රෝහලට පැමිනෙන අය රැදී සිටි කොටස වන්නට ඇත්තේද මේම භූමි කොටසයි. ඒඅනූව මෙම රෝහල සියළුම අවශ්‍යතා රෝහල්බිම තුලදීම සිදුකර ගැනීමට පහසුකම් ඇති බාහිරයට නිරාවරණය නොවූ සංවෘත ගොඩනැගිල්ලක් ලෙස ගොඩ නැගි තිබෙන්නට ඇත. මෙම නිමාව නිසා රෝගින්ට බාධා විම් සහ අනවශ්‍ය පුද්ගලයින් රෝහල් පරිශ්රයතුලට ඇතුළු වීම ද වලක්වාලන්නට සමත් වන්නට ඇත. රෝහල්බිම තුලින් සොයා ගත් Percian Vass - Mihinthale Ancient Hospitalවිවිධ උපකරණ සහ ද්‍රව්‍ය මිහින්තලා කදුපාමුලම ඇති මිහින්තලා කෞතුකාගාරය තුල දැකගැනීමට තබා ඇත. ඒ අතර ලෝමහය උපකරණ, ගල් වංගෙඩි, ඇඹරුම්ගල්, මැටි භාජන සේම විදේශීය නිශ්පාදිත විශාල භාජනයක්ද වේ. හඳුනා ගෙන ඇත් පරිදි එය පර්සියානු භරණියකි (Persian Vass). එයින් යම්කිසි උපකල්පනයන් කිහිපයකට යාහැකිය. විදේශිය රටවල රෝගින් පවා මෙම රෝහලේ ප්‍රතිකාර ගත් බව එක් අදහසකි. මෙවැනි විදේශිය භාජන මෙම ස්ථානයට පැමිනෙන්නට ඇත්තේ ඔවුන් මාර්ගයෙන් විය හැක. නැතිනම් මෙම රෝහල පිළබඳව විදේශිකයන් දැනසිටියා විය හැක. ඒ නිසා ඔවුන් මෙම රෝහල සමග සම්බන්ධතා පවත්වා ගෙන යමින් විවිධ භාණ්ඩ මෙම රෝහලට පරිත්‍යාග කලා විය හැක.

මිහින්තලා රෝහලට අමතරව අනුරාධපුර රුවන්වැලි මහාසෑය ඉදිරිපිටද ථුපාරාම ස්ථුපය පිටපසද පැරණි රෝහල් දෙකක නටඹුන් හමුවී ඇත. මීට අමතරව අනුරාධපුර පුජානගරයෙන් බැහැර වර්තමාන පරසන්ගස්වැව-මදවච්චිය මාර්ගයේ පරසන්ගස්වැව ආසන්නයේද තවමත් නිවැරදිව කැනීම් කර තහවුරු කරගෙන නැති පුරාණ රෝහලක නටඹුන් හමුවී ඇත. මීට අමතරව තවමත් සොයා නොගත් බොහෝ පුරාවිද්‍යා බිම්රාශියක් මේ රාජධානිය තුල ඇත. ඒවා තුලද මෙලෙසම රෝහල් වල නටඹුන් තිබෙන්නට පුළුවන. ඒඅනූව පැරණි සමාජයේ විසුවන්නේ නිරෝගිබව ආරක්ෂාකර ගැනීම සඳහා ආරෝග්‍යශාලා ප්‍රධාන නගර සහ ගම් ආශ්‍රිතව ඉදිකර තිබෙන්නට ඇති බැව් විශ්වාස කිරිමට සිදුවේ. මිට අමතරව අනුරාධපුර කිරිබත්වෙහෙර ටැම්ලිපියේ විශේෂිත කරුණක් දක්වා ඇත. එනම් එම ප්‍රදේශය නිශ්චිතවම හඳුනාගත් ඖෂධ වගා කරනා භූමියක් ලෙස නම්කර තිබීමයි.

රෝහල්වල කොටසක් ලෙස පවතිනවාට අමතරව ආරාමවල කොටසක් ලෙසත් එසේත් නැතිනම් තනිවමත් විවිධ ස්ථාන වල ජන්ථාඝර ගොඩ නිවා තිබීඇත. අභයගිරිය ආරාමය පිටුපස එවැනි හොඳ මට්ටමේ ජන්ථාඝරයක කොටස් හමුවේ. රිටිගල ජන්ථාඝරයක සහ රෝහලකද නටඹුන් ඇති තවත් ස්ථානයකි. විශේෂිත ස්ථානයක් වන්නේ අනුරාධපුර තිසාවැව් තාවුල්ලේ ඇති රන්මසුඋයනේ ඇති ජන්ථාඝර පොකුණයි. එහි ජන්ථාඝරයට අමතරව පොකුණද ඒ අසලම ගොඩනංවා ඇත. අවශ්‍ය අවස්ථාවල මෙම ජන්ථාඝර කුටිය තුලට ජලය ඇතුල්වෙන ආකාරයට මෙම කුටිය නිර්මාණය කර ඇත. මේ ආකාරයට රෝහල් සමග සම්බන්ධවූ ජන්ථාඝර පිළිබඳව විශාල පුරාවිද්‍යාත්මක සාක්ෂි රාශියක් දැක්විය හැක. වැදගත්ම කරුණ වන්නේ එම සාක්ෂි තුලින් තහවුරු වන සත්‍යයයි. මෙම සියළුම පුරාවිද්‍යාත්මක සාක්ෂින්ගෙන් අවසානයේ පැවසෙන්නේ එකමඑක දෙයක් පමණි. අතිතයේ හෙළ සමාජය තුල මිනිසාගේ සෞඛ්‍යය රැකගැනීමට සේම රෝග සඳහා ප්‍රතිකාර ලබාදිමට තිබුනාවු විධිමත් වැඩපිළිවෙලයි. එය සිදුකලේ දේශිය වෙදකම තුලිනි. මිහින්තලා රෝහල තුලින් නැවතවරක් ඔප්පු කරන්නේ අනගිභවනීය ස්ථානයක පැවති දේශිය වෙදකමේ මහිමයයි.

[QUOTE="hirashgeff, post: 18075826, member: 15895"] [b]මිහින්තලා_කඳු_පාමුල_රෝහල[/b] [SIZE="5"][COLOR="Magenta"]ලොව පැරණිතම විධිමත් රෝහල මිහින්තලා කඳු පාමුල රෝහලයි. Dr R.P.R Sampath Bandusena B.A.M.S(Kelaniya)[/COLOR][/SIZE][SIZE="5"] මිහින්තලා කඳු පාමුල ඇති රෝහල් පරිශ්‍රය හඳුනාවා දෙන්නේ දැනට ලොව ඉදිකරන ලද පැරණිතම විධිමත් රෝහල් සංකීර්ණය ලෙසයි. මිහින්තලයෙන් හමුවන රෝහලේ ගොඩනැගිලි වලට වඩා පැරණිවුත් විධිමත්වුත් රෝහල් ගොඩනැගිලි මෙතෙක් ලොව කිසිදු ප්‍රදේශයකින් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකිවි නැත. මිහින්තලා රෝහල් සංකීර්ණය සහ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කම ඉතාම ඉහල වන්නේ එබැවිනි. මිහින්තලා කඳු පාමුල පළමුව රෝහලක් ඉදිකරන ලද්දේ දෙවැනි පැතිස් රජු (ක්‍රි .පූ 250-210) විසින් යැයි ඓතිහාසික මතයක් ඇත. නමුත් අද නටඹුන් හමුවන රෝහල් සංකීර්ණය ආශ්‍රිතව සිදුකර ඇති කාල නිර්ණ ගණනයන්ට අනූව සහ එම ප්‍රදේශයෙන් හමුවී ඇති ලිඛිත සාක්ෂි අනූව (මිහින්තලා පුවරු ලිපි 1-2 සහ මිහින්තලා ගිරි ලිපි) ක්‍රි.ව 853-887 අනුරාධපුර රාජධානියේ රජ කල දෙවැනි සේන රජුගේ කාලයේදී මෙම රෝහල ඉදිකර ඇතැයි තහවුරු කෙරි ඇත. එයින් දෙවැනි පැතිස් රජ සමයේදී මෙම ස්ථානයේ රෝහලක් නොපැවතියේය යන ප්‍රවාදයක් තහවුරු වන්නේ නැත. යම් කිසිවෙකු විසින් පළමුව ඉදිකරන ලද වැදගත් ඉදිකිරිමක් පසුකාලිනව විවිධ අය විසින් ප්‍රතිසංස්කරණය කිරීමක් හෝ සංවර්ධනය කිරීමක් කල හොත් මුල් ගොඩනැගිලි ඉවත්ව යාම අනිවාර්යයෙන්ම සිදුවන ප්රතිඵලයකි(පුරාණ ශ්‍රීලංකික දාගැබ් වල විකාශනය සිදුව ඇත්තේද එපරිද්දෙනි). ඒ අනූව දේවානම්පියතිස්ස රජුට පසුව ආනුරාධපුර රාජධානිය පාලනය කල විවිධ රජවරු විසින් දෙවැනිපැතිස් රජු සමයේදි ඉදිකරන්නට ඇති මුලික රෝහලට විවිධ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය කටයුතු කරන්නට ඇත. මෙම රෝහල ඉදිකිරීමට පදනම් ව ඇති පරිසරය දෙවැනි පැතිස් රජ සමයේ සිට අඛණඩව එම භුමියේ පැවතිම නිසා එසේ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු අත්‍යාවශ්‍ය බව පිළීගැනිමට සිදුවේ.(රෝහල ගොඩනැගෙන්නේම මිහින්තලා භික්ෂු ආරාම පද්ධතිය තුල වැඩවාසය කරනා භික්ෂුන්ගේ ප්‍රයෝජනය සඳහාය). එසේ විවිධ කාල වකවානු වල විවිධ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය කටයුතු වෙමින් පැමිණ අවසානයේදී දැන් අපට දැක ගැනීමට ඇති මෙම රෝහල අවසාන වරට දෙවැනි සේන රජුගේ කාලයේදි සංවර්ධනය වන්නට ඇති බව කිවහැක. අද අපට හමුවන්නේ ඒ අනුව දෙවනසේන රජු විසින් ගොඩනංවන ලද රෝහල වන අතර එය ගොඩ නැංවු කාලය ඒ අනූව නිවැරදිය. මෙම රෝහල පිහිටා ඇති භූමිය මහින්දාගමනය සිදුවන අවධිය(ක්‍රි.පූ 247) වන විට දෙවනපැතිස් රජුන් දඩකෙළියට පැමිනෙන වනාන්තර ප්‍රදේශයක් ව තිබි ඇත. ක්‍රි.පූ 247 පෙසොන් පොය දින මිහින්තලා කදු පාමුලදි Tam Lipi No 01- Mihinthale දෙවනපැතිස් රජුට මිහිඳු හිමි අභිමුඛ විමත් සමගම මෙම රට සුවිශාල සමාජ ආර්ථික දේශපාලනික සහ ආගමික පරිවර්ථනයකට ලක් වන්නේය. ලක්රජු තෙරුවන්සරණ ගිය සැදැහැවත් බෞද්ධයෙකු බවට පත් වේ. රාජ්යයයම බෞද්ධ රාජ්‍යයයක් බවට පත්වේ. මෙම පරිවර්ථන වලින් පසුව ඇතිවන නව කාලපරිච්ඡේදයේදී ආරාම,පොකුණු,දානශාලා සහ අනෙකුත් අවශ්‍යතා වලින් පරිපූර්ණ වන පරිදි ගොඩ නංවා මෙම ප්‍රදේශය සංඝයා වහන්සේලාට පුජා කිරීමට දෙවනපැතිස් රජු කටයුතු කරන්නේය. දෙවනපැතිස් රජු විසින් මුලින්ම ඉදිකරන්නට ඇති මෙම රෝහල විශේෂයෙන්ම ගිලන්වු භීක්ෂුන්ට ප්‍රතිකාර කිරීමට ඉදිකරන්නට ඇතැයි සිතිය හැක්කේ ඒ අනූවය. සංඝයාවහන්සේලා දහස් ගණනකට පහසුකම් සහිතව ගොඩනගන ලද වනගත ආරාම ප්‍රදේශයක රෝහලක් තිබීම අත්‍යාවශ්‍යබව රජු දකින්නට Tam Lipi No 02- Mihinthaleඇත. මෙම ප්‍රදේශ වනගත වීමත් සංඝයාවහන්සේලාය පුජා කල ප්‍රදේශයක් වීමත් නිසා සාමාන්‍ය ජනතාවට ගැවසීමට ඉඩක් නැති බැවින් මෙම රෝහලට සාමාන්‍ය ජනතාවට ප්‍රතිකාර ගැනීමට ඉදිකරන ලද්දක් ලෙස පිළිගැනීමට කිසිදු සාධාරණ පදනමක් ඇති වන්නේ නැත. එපමණක් නොව මෙම රෝහල් භූමිය තුල පුරාණ භික්ෂු ආරාම පද්ධතිවල දැක ගත හැකි විශේෂිත ගෘහයන්(ජන්ථාඝර)ද අන්තර්ගතය. ඒ අනුව දෙවැනිපෑතිස් රජු විසින් පළමුවරට ඉදිකරන ලද රෝහලද දැනට නටඹුන් හමුවන දෙවනසේන රජු විසින් ඉදිකරන ලද රෝහලද භික්ෂුන්වහන්සේලාටම ප්‍රතිකාර කිරීමට ඉදිකරනන්ට ඇති බව පිළිගැනීමට සිදුවේ. දෙවනසේන රජු යනු හෙළ රජවංශයට අනුව අනුරාධපුර යුගයේ අවසාන කාර්තුවේ රට පාලනය කල රජ කෙනෙකු වන්න්ය. එසේම එමයුගය යනු ක්‍රමිකව රාජධානිය අභාවයට යමින් පැවතුන යුගයක්ද වේ. එවන් යුගයක පුර්ණ රාජානුග්‍රහය සහිතව පැවති ආරාම පද්ධතියකට පවා එහි බලපෑම් අනිවාර්යයෙන්ම දැනුනා විය යුතුය. ඒ අනුව මිහින්තලා කන්ද ආශිතව පැවති වනගත ආරාම පද්ධතියත් රෝහලත් ක්‍රමිකව අභාවයට යන්නට ඇත්තේ ඉන් පසුව සංවර්ධනය කිරීමට තරම් පාලකයෙකු සහ ස්ථිර පාලන තතන්ත්රයක් ඇති නොවීම නිසා වන්නට පුළුවන. අවසන් වරට මෙම රෝහල හෝඳින්ම සංවර්ධනය කර පුර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙනනට ඇත්තේ දෙවනසේන රජු නිසා අද අපට හමුවන නටඹුන් වලින් විද්‍යමාන වන්නේ දෙවනසේන රජ යුගයයි. මිහින්තලා රෝහල් පරිශ්‍රයට පළමුවරට පැමිණෙන අයෙකුට එහි ශෛලමය ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වීමත් සමගම පැහැදිලිවම හඳුවා ගත හැකි විශේෂතාවයක් තිබේ. එනම් මෙම රෝහල කොටස් දෙකකින් යුත් බවයි. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු විමත් සමගම තරමක් විශාල විවෘතභූමියක් සහ කුටි හතරක නටබුන් දැකගත හැක. මෙම විවෘත කොටසට පිටුපසින් ඉතා විශිෂ්ට ලෙස ගොඩනංවන ලද කුටි රාශියකින් හෙබි ප්‍රධාන ගොඩනැගිල්ල හමුවේ. සමස්ථ ගොඩනැගිල්ලේම ඇති විශේෂත්වය වන්නේ ප්‍රධාන දොරටුවට අමතරව තවත් එක් දොරටුවක් යැයි සිතිය හැකි ස්ථානයක් හැර සම්පූර්ණ ගොඩනැගිල්ලම පළල් බිත්තියකින් ඉහලටම එසවි ආවර්ණය වී තිබීමයි. Wards -Mihinthale Ancient Hospithalකුටි තිස් දෙකකින්(32)කින් යුත් ප්‍රධාන ගොඩනැගිල්ල රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට පහසුවෙන පරිදි සැකසු වාට්ටු සංකීර්ණයක් බව පෙනේ. මෙම කොටසේ ඇති කුටි ප්‍රමාණයෙන් එකිනෙකට සමාන සමචතුරස්රාකාරකුටි සහ තරමක් විශාල සෘජුකොණාස්රාකාරකුටි වලින් එය සමන්විතය. සෑම කුටියකම දොරටුව ඇත්තේ ගොඩනැගිල්ලේ ඇතුළු පැත්තට විවෘත වන පරිද්දෙනි. මෙම සියළු දෙරටු යාකරමින් තරමක් පළල් බරාඳයක්(Corridor) ඇතුල් පැත්තෙන් දිවේ. මැදමිදුලේ තරමක් විශාල පීඨිකාවක් දැක ගත හැක. මෙම පිඨිකාව මැද උස් කළුගල් කුළුණු දරා සිටිමට පාදම සපයන පැතලි කළුගල් ආධාරකයන් දෙකකි. මෙම පිඨිකාව රෝහලේ මැද පිහිටි වහලයක් සහිත විශේෂිත ස්ථානයකි. එය බොහෝදුරට නේවාසික රෝගින්ට ආගමික කටයුතු වල යෙදිමට සැකසු ස්ථානයක් වියහැක. මනාව සුරක්ෂිත වී ඇති උසස් තත්ත්වයේ ශෛලමය බෙහෙත් ඔරුවක් මෙම ගොඩනැගිල්ලේ දකුණු පස පිටුපස කෙළවර ඇති කුටියතුල ඇත. මෙම බෙහෙත් ඔරුවේ හිස තබා ගැනීම සඳහා මදක් උසට පතුල සකසා ඇත. නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඔවුනට අවශ්‍ය අවස්ථාවල පහසුවෙන් භාවිතයට ගතහැකි වන පරිදි බෙහෙත් ඔරුව මෙලෙස නේවාසික රෝගී ප්‍රතිකාර අංශය තුල රඳවා තැබීමට කටයුතු කර ඇති බැව් පෙනේ. විශේෂයේන් මෙම රෝහල ප්‍රධාන වශයෙන් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට තරම් වන රෝගීභික්ෂුන් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දෙන රෝහලක් ලෙස ක්‍රියාත්මක වන්නට ඇති බව මෙයින් තේරුම් ගත හැක. මීට අමතරව නේවාසික රෝගීන් ප්‍රතිකාර ගනු ලබන රෝහලක තිබිය යුතු අභ්‍යන්තර ඖෂධාලයක්, චිකිත්සාගාර සහ ශල්‍යාගාර, වෛද්‍ය සහ කාර්යමණ්ඩල විවේකාගාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා තවත් කුටි කිහිපයක් භාවිතයට ගන්නට ඇත. රෝහල් භූමියෙන් සොයා ගන්නා ලද විවිධ ශල්‍ය උපකරණ කොටස් සහ මිහින්තලා පුවරු ලිපි වල ඇති තොරතුරු අනූව පෙනී යන්නේ එම යුගයේදී ශල්‍ය වෛද්‍යවිද්‍යාව ප්‍රායෝගිකව යොදා ගෙන ඇති බවයි. එපමණක් නොව සාමාන්‍ය වෛද්‍යවරුන්ට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කුඩැල්ලන් භාවිතා කර ප්‍රතිකාර සිදුකරනා වෛද්‍යවරුන්ද වෙනමම මිහින්තලා පුවරුලිපි තුලදි හඳුනා ගෙන ඇත. එසේම බෙහෙත් පිලියෙල කරන්නන්ද වෙනමම සේවයේ යොදාගෙන ඇත. තවද මෙම පුවරුලිපි වල දන්වැළඳීම සඳහා දානශාලාවට වැඩමකල නොහැකි ගිලන් වූ ස්වාමින් වහන්සේලාට වෛද්‍ය නියමයන් පරිදි දන් පිළිගැන්විය යුතුයැයි ද සඳහන් කොට ඇත. එයින් පෙනි යන්නේ ගිලන් වු භික්ෂුන් සඳහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යොදවා සිටි බවත්ය. එසේනම් එම භික්ෂුන් අනිවාර්යයෙන්ම මිහින්තලා කඳුපාමුල ආරෝග්‍යශාලාවේ ප්‍රතිකාර ගන්නට ඇති බව සිතිය හැක. නේවාසික රෝගින් රැදි සිටිනා කුටි පෙල සහිත ගොඩනැගිලි කොටස සම්පූර්ණයෙන්ම වහලකින් ආවරණයවී තිබි ඇත. උස් ගල්කණු මෙම ගොඩනැගිල්ල වටා තැනින් තැන තවමත් දැක ගැනීමට හැක. වහල රඳවා තබන්නට ඇත්තේ මෙම ගල්කණු මත විය හැක. සම්පූර්ණ ගොඩනැගිල්ලම නැතිනම් කුටිපෙළ පමණක් තනි වහලකින්ද මැදපිහිටි ගෘහය වෙනම වහලකින්ද ආවරණය ව තිබෙන්නට ඇත. කෙසේ නමුදු මෙම ගොඩනැගිල්ල රෝහලේ ඉදිරි කොටස මෙන් නොව මනා නිමාවකින් යුතුව ගොඩ නැගි තිබි ඇත. Mihinthale Ancient Hospital Medicinal Tub - Mihinthale Ancent Hospitalරෝහලේ ඉදිරි කොටසේ නේවාසික රෝගි අංශය තරම් හෝ නැතිනම් ඊටත් වඩා විශාල කොටසකි. කෙසේ නමුදු මෙම කොටස සම්පූර්ණයෙන්ම වහලකින් ආවරණය වි තිබුනා යැයි සිතිය නොහැක. ඉහලටම බිත්ති එසවි තිබුනද එහි වහලක් දරා සිටිමට තරම් වු ගල් කණු දැක ගත නොහැක. බොහෝ විට මෙම කොටසේ ඇති කුටි හතරට පමණක් ස්ථිර වහලවල් තිබෙන්නට ඇත. අනෙක් ප්‍රදේශය විවෘත අහසට නිරාවරණය ව තිබෙන්නට ඇත. මෙම කොටසේ ප්‍රධාන දොරටුව අසලම දකුණු පස සාපේක්ෂව කුඩා කුටියකි. මෙම කුටියේ දොරටුව ඇත්තේ ඇතුළු මිඳුලටය. මෙම කුටිය රෝහලේ කාර්යාලය ලෙස පවත්වා ගෙන ගිය ස්ථානය විය හැක. එපමණක්ද නොව මුලික රෝගි පරික්ෂාවත් රෝගින් ලියාපදිංචියත් මෙම කුටියේදි සිදු කරන්නට ඇත. මෙම කොටසේ දකුණු පස තරමක් පිටු පසට වන්නට විශාල කුටියකි. මෙම කුටියේ ඇති විශේෂත්වය වන්නේ එහි මැද පොළවට කිද බැස්සු විශාල ශෛලමය බේසමක් ඇත. එහි එක කෙළවරක කුඩා සිදුරක්ද ඇති අතර මෙම ස්ථානය රෝහලේ නේවාසික රෝගින්ට ස්නානය කිරීමට සැකසු අභ්‍යන්තර උණුපැන්හල විය හැක. ආරාම වල ඇති ජන්ථාඝරය ලෙස හඳුන්වන්නේද මෙයයි. රෝහලේ ඇති මෙම ජන්ථාඝරය වාස්තුවිද්‍යාත්මක වශයෙන් ඉතාම වැදගත් එකකි. දිග මීටර් අටක් වන අතර පළල මීටර් හතයි දශම හයක් වේ. මෙහි ඇති උදකද්රෝණිය මීටර් දෙකයි දශම තුනක් දිග මීටර් දෙකයි දශම දෙකක් පළලය. මෙය ගල්කණු අහඅටකින් යුත් කුටියකි. ජන්ථාඝරය බෞද්ධාරාම වල වැදගත් අංගයකි. මෙය උණුපැන් හල, ගිලිහල්ගෙය යන නම් වලින්ද හැදින්වේ. ස්නාන කටයුතු සහ සෞඛයවරක්ෂණ ක්‍රම වේදයන් සඳහා මෙම ගොඩනැගිල්ල භාවිතා කෙරි ඇත. මෙය ප්‍රධාන වන්නේ උදක ද්‍රෝණිය හෙවත් ජල සන්ථිකාවටයි. පැන් කොටුව ලෙසඳ හැදින්වේ. මෙහි ජලය උණුකිරීම සඳහා උදුන් සහ බෙහෙත් අඹරනගල් ආදිය තබා ඇත. උදකද්රෝනියෙන් ජලය පිටකිරීමට සිදුරක් ඇති අතර කාණුවක් මගින් ජලය ඉවතට පිට කෙරේ. මෙහි දි සිදුවන තවත් කාර්යයත් වන්නේ ජන්ථාඝර තුලදි අධිකව දහඩිය දැමීමට සලස්වා මේදය දමනය කොට ශරීරය සැහැල්ලු කිරීමටද මෙම ජන්ථාඝර ස්වේදකුටිය ලෙසද භාවිතා කර ගෙන ඇත. මිට අමතරව මෙම කුටිය තුලදි අඹරා ගත් ශාක කොළ පොතු සහ මැටි වර්ග සිරුරේ ආල්ප කර සිදුකරනා සම්භාහන ක්‍රමද මෙහි තුල සිදුකර ඇත. රෝහලේ ඉදිරිපස කොටසේම වම් පස කුටි දෙකකි. ඉන් දෙරටුවට ආසන්නයේ ඇති කුටිය සකසා ඇති ඇති ආකාරය තරමක් විශේෂය. එය සකසා ඇත්තේ ගොඩනැගිල්ලෙන් පිටතට කුටිය පිහිටන ආකාරයට සහ රෝහල් ගොඩනැගිල්ල තුලට විවෘත වන දොරටුව ප්‍රධාන බිත්තියේම පිහිටන ආකාරයෙන්ය. මෙම කුටිය පිහිටා ඇති ආකාරය අනූව එය බොහෝ දුරට රෝහලේ වැසිකිලි කැසිකිලි පද්ධතිය පිහිටා තිබු ස්ථානය ලෙස සිතා ගත හැක. සාමාන්‍යයෙන් රෝගින්ගේ බහිස්‍රාවි අපද්රව්යයම රෝහල් ගොඩනැගිල්ලට හැකිතාක් ඇතින් පිටකිරීම අපේක්ෂාවෙන් මෙම කුටිය පමණක් රෝහල් බිත්තියෙන් පිටතට තල්ලු කර ඇති බැවි සිතේ. මෙම කුටියට තරමත් ඇතුලට වන්නට සාපේක්ෂව විශාල කුටියක් දැක ගත හැක. මෙම කුටිය බොහෝ දුරට ඖෂධ ගබඩා කර තිබු ගබඩාවක් හෝ වෙනත් එවැනි කටයුත්තකට භාවිතා කල කුටියක් විය හැක. රෝහලේ ඉදිරිපස කොටසේ ඇති කුටිහතර වන්නේ ඒවාය. මිට අමතරව ඉතාමත් අලංකාර ශෛලමය ඇඹරුම්ගලක් මැද මිදුලේ ඇත. ඒ අනූව මේ විවෘතභූමි කොටසතුල රෝහලේ නේවාසික සහ බාහිර යන සියළුම රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැකසීමට යොදා ගන්නට ඇති බව සිතිය හැක. එපමණක් නොව රෝහලට පැමිනෙන අය රැදී සිටි කොටස වන්නට ඇත්තේද මේම භූමි කොටසයි. ඒඅනූව මෙම රෝහල සියළුම අවශ්‍යතා රෝහල්බිම තුලදීම සිදුකර ගැනීමට පහසුකම් ඇති බාහිරයට නිරාවරණය නොවූ සංවෘත ගොඩනැගිල්ලක් ලෙස ගොඩ නැගි තිබෙන්නට ඇත. මෙම නිමාව නිසා රෝගින්ට බාධා විම් සහ අනවශ්‍ය පුද්ගලයින් රෝහල් පරිශ්රයතුලට ඇතුළු වීම ද වලක්වාලන්නට සමත් වන්නට ඇත. රෝහල්බිම තුලින් සොයා ගත් Percian Vass - Mihinthale Ancient Hospitalවිවිධ උපකරණ සහ ද්‍රව්‍ය මිහින්තලා කදුපාමුලම ඇති මිහින්තලා කෞතුකාගාරය තුල දැකගැනීමට තබා ඇත. ඒ අතර ලෝමහය උපකරණ, ගල් වංගෙඩි, ඇඹරුම්ගල්, මැටි භාජන සේම විදේශීය නිශ්පාදිත විශාල භාජනයක්ද වේ. හඳුනා ගෙන ඇත් පරිදි එය පර්සියානු භරණියකි (Persian Vass). එයින් යම්කිසි උපකල්පනයන් කිහිපයකට යාහැකිය. විදේශිය රටවල රෝගින් පවා මෙම රෝහලේ ප්‍රතිකාර ගත් බව එක් අදහසකි. මෙවැනි විදේශිය භාජන මෙම ස්ථානයට පැමිනෙන්නට ඇත්තේ ඔවුන් මාර්ගයෙන් විය හැක. නැතිනම් මෙම රෝහල පිළබඳව විදේශිකයන් දැනසිටියා විය හැක. ඒ නිසා ඔවුන් මෙම රෝහල සමග සම්බන්ධතා පවත්වා ගෙන යමින් විවිධ භාණ්ඩ මෙම රෝහලට පරිත්‍යාග කලා විය හැක. මිහින්තලා රෝහලට අමතරව අනුරාධපුර රුවන්වැලි මහාසෑය ඉදිරිපිටද ථුපාරාම ස්ථුපය පිටපසද පැරණි රෝහල් දෙකක නටඹුන් හමුවී ඇත. මීට අමතරව අනුරාධපුර පුජානගරයෙන් බැහැර වර්තමාන පරසන්ගස්වැව-මදවච්චිය මාර්ගයේ පරසන්ගස්වැව ආසන්නයේද තවමත් නිවැරදිව කැනීම් කර තහවුරු කරගෙන නැති පුරාණ රෝහලක නටඹුන් හමුවී ඇත. මීට අමතරව තවමත් සොයා නොගත් බොහෝ පුරාවිද්‍යා බිම්රාශියක් මේ රාජධානිය තුල ඇත. ඒවා තුලද මෙලෙසම රෝහල් වල නටඹුන් තිබෙන්නට පුළුවන. ඒඅනූව පැරණි සමාජයේ විසුවන්නේ නිරෝගිබව ආරක්ෂාකර ගැනීම සඳහා ආරෝග්‍යශාලා ප්‍රධාන නගර සහ ගම් ආශ්‍රිතව ඉදිකර තිබෙන්නට ඇති බැව් විශ්වාස කිරිමට සිදුවේ. මිට අමතරව අනුරාධපුර කිරිබත්වෙහෙර ටැම්ලිපියේ විශේෂිත කරුණක් දක්වා ඇත. එනම් එම ප්‍රදේශය නිශ්චිතවම හඳුනාගත් ඖෂධ වගා කරනා භූමියක් ලෙස නම්කර තිබීමයි. රෝහල්වල කොටසක් ලෙස පවතිනවාට අමතරව ආරාමවල කොටසක් ලෙසත් එසේත් නැතිනම් තනිවමත් විවිධ ස්ථාන වල ජන්ථාඝර ගොඩ නිවා තිබීඇත. අභයගිරිය ආරාමය පිටුපස එවැනි හොඳ මට්ටමේ ජන්ථාඝරයක කොටස් හමුවේ. රිටිගල ජන්ථාඝරයක සහ රෝහලකද නටඹුන් ඇති තවත් ස්ථානයකි. විශේෂිත ස්ථානයක් වන්නේ අනුරාධපුර තිසාවැව් තාවුල්ලේ ඇති රන්මසුඋයනේ ඇති ජන්ථාඝර පොකුණයි. එහි ජන්ථාඝරයට අමතරව පොකුණද ඒ අසලම ගොඩනංවා ඇත. අවශ්‍ය අවස්ථාවල මෙම ජන්ථාඝර කුටිය තුලට ජලය ඇතුල්වෙන ආකාරයට මෙම කුටිය නිර්මාණය කර ඇත. මේ ආකාරයට රෝහල් සමග සම්බන්ධවූ ජන්ථාඝර පිළිබඳව විශාල පුරාවිද්‍යාත්මක සාක්ෂි රාශියක් දැක්විය හැක. වැදගත්ම කරුණ වන්නේ එම සාක්ෂි තුලින් තහවුරු වන සත්‍යයයි. මෙම සියළුම පුරාවිද්‍යාත්මක සාක්ෂින්ගෙන් අවසානයේ පැවසෙන්නේ එකමඑක දෙයක් පමණි. අතිතයේ හෙළ සමාජය තුල මිනිසාගේ සෞඛ්‍යය රැකගැනීමට සේම රෝග සඳහා ප්‍රතිකාර ලබාදිමට තිබුනාවු විධිමත් වැඩපිළිවෙලයි. එය සිදුකලේ දේශිය වෙදකම තුලිනි. මිහින්තලා රෝහල තුලින් නැවතවරක් ඔප්පු කරන්නේ අනගිභවනීය ස්ථානයක පැවති දේශිය වෙදකමේ මහිමයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom