Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ ~

සිංහල සිනමා වංශ කථාව හැඩ කළ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ 92 වන වියට පාතබයි

1927 දී රුවන්වැල්ලට නුදුරින් පිහිටි මූදුගමුවේ උපන් අයිරාංගනී වලව් පෙළපතකින් පැවත එන්නියකි. උප්පැන්න සහතිකයේ ඇගේ නම සඳහන් වන්නේ අයිරාංගනී රොක්සානා මීදෙණිය යනුවෙනි. මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ බිෂොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙනි. අයිරාංගනී රංග කලාවට අවතීර්ණ වන්නේ මහනුවර උසස් බාලිකාවේ ඉගෙනුම ලබමින් සිටියදීය. පාසල් වේදිකාවේ රඟදැක්වුණු ‘පිග්මැලියන්’ නම් වූ ඉංග්‍රීසි නාට්‍යයේ ඇය රඟපෑවාය.

පාසල් සමයේ සිටම රඟපෑමට ඇල්මක් දැක්වූ ඇය වාර්ෂික ප්‍රසංගවලදී නාට්‍යයන් සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය. එහෙත් ඇයගේ සහජයෙන් උරුම වූ රඟපෑමේ කුසලතා කලඑළි බැසීමට ඉවහල් වූ පළමු කඩඉම ලෙස පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලයේ වේදීකා නාට්‍යයන්ගෙන් ලැබූ අත්දැකීම්ය. අපට බලපෑම් කළ නොහැකි විශ්වයේ තීරණ සැබවින්ම පුදුම සහගතය. දෛවය විසින් ලියා ඇති කිසියම් ඉරණමක් ඇත්නම් පරිසර සාධක සියල්ල සැකසෙන්නේ එයට හිතවත්වය. එබැවින් ඇයට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හමුවීමද අහම්බයක් ලෙස විග්රහ කිරීම උචිත යැයි නොසිතේ. පළමුවම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇයට හමුවන්නේ එංගලන්තයේදීය. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ටික කලක් එංගලන්තයේ පදිංචි වී ඇය නාට්‍ය පිළිබඳ හැදෑරීම් සිදු කරන අතරතුරය. අනතුරුව නැවත ලංකාවට පැමිණි අයිරාංගනී මහත්මිය 'ටයිම්ස් ඔස් සිලෝන්' නම් ජාතික පුවත්පතේ විශේෂාංග ඒකකයට සම්බන්ධ විය.

යා යුතු යැයි උපතේදීම ලියා තිබුණු අද්විතීය සන්ධිස්ථානයට ළඟාවීම සිදු වන්නේ 1956 වසරේදීය. ඒ ශ්‍රී ලාංකික සිනමාවේ ආරම්භය යැයි සලකන 'රේඛාව' චිත්‍රපටියේ රඟපෑමේ භාග්‍යය උදා වීමයි. එතෙක් ඉන්දියානු අනුකරණයක්ව පැවැති සිනමාව වෙනස් කරමින් ප්‍රථම වතාවට කැමරාව එළිමහනට ගෙන ඒමේ සුවිශාල අභියෝගයට අත තැබුවේ සිංහල සිනමාවට මැකී නොයන නාමයක් එක් කළ විශිෂ්ට සිනමා අධ්යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'රේඛාව' චිත්‍රපටයත් සමඟය. චිත්රාගාරයක් තුළ සකස් කරන ලද පසුතල ඔස්සේ සිදු කරන ලද සියල්ල තාත්වික හා ජීවමාන අයුරින් ස්වාභාවික පරිසරය තුළ රූපගත කිරීමට ගත් එම තීරණය ආන්දෝලනාත්මක එකක් විය. එවන් සුවිශේෂී පසුබිමක් පදනම කරගනිමින් සිනමා වංශ කතාවට අවතීර්ණ වීමට ලැබීම ඇය ලද වාසනාවකි. දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිදු කළ එම රංගනයේදී ඇගේ සියලු කුසලතාවයන් මනාව ඔපමට්ටම් වූයේ පීරිස් මහතාගේ මග පෙන්වීම නිසා බව ඇගේ විශ්වාසයයි. අවසන, සියල්ලන් පළමුව අසාර්ථක වනු ඇතැයි උපකල්පනය කළ සිහිනය යථාර්ථයක් වූයේ සිනමා වංශ කතාව වෙනස් කළ කඩඉමේ ඇය කොටස්කාරියක් කරමිනි. එසේම ඇය රඟපෑමෙන් දායක වූ බොහෝ චිත්‍රපට පීරිස් මහතාගේ වීමද විශේෂත්වයකි. විවිධ අධ්යක්ෂවරුන් යටතේ චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වී ඇති ඇය පුද්ගලිකව 'රේඛාව', 'සංදේශය', ‘සුදු සෙවණැලි' යන චිත්‍රපටවල රඟපෑ චරිතවලට විශේෂ කැමැත්තක් දක්වයි.

සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය නිෂ්පාදනය කළ 'යශෝරාවය' ඇගේ පළමු ටෙලි නාට්‍යයයි. එය අධ්‍යක්ෂණය කළ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ආරාධනයකට අනුව ඊට සම්බන්ධ වන ඇය අනතුරුව සුසිල නිෂ්පාදන ආයතනය මගින් නිෂ්පාදනය කළ දූදරුවෝ, නෑදෑයෝ ආදී දිගු ටෙලි නාට්‍ය සියල්ලටම වාගේ රංගනයෙන් දායක විය. ඇයව සොයා පැමිණියේ බොහෝමයක් කඩඉම්ය. ඒ නිසාම ඇයට ඇත්තේ අමරණීය මතකයන් ගොන්නකි. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙස සුසිල ආයතනය විසින් නිර්මාණය කළ අතිශයින්ම ජනප්‍රිය වූ 'ජීවිතය ලස්සනයි' ටෙලි නාට්‍යයේ රඟපෑමේ අවස්ථාවද ඇයට හිමි වූ බව මෙනෙහි කරන්නේ රසබර අයුරිනි. වර්තමානයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍ය කිහිපයකම ඇගේ සොඳුරු මුහුණ, ඇගේ නෙත් ඇද ගන්නා සුවිශේෂී රංගනයන් දැක ගැනීමට හැකිය.

.විවිධ සම්මාන උලෙළවලදී සම්මානයට පාත්‍ර වී ඇති ඇය සම්මාන පිළිබඳ දක්වන ආකල්පයද පැසසිය යුතුය. ඇය පුද්ගලිකව දරන මතය වන්නේ සොඳුරු කලාවට තරගයක් අනවශ්‍ය බවයි. සම්මානයක් ලැබීම සිතට සතුටක් වුවත් තමන්ට අවංකව හදවතින් තෘප්තිමත් විය හැකි සාධාරණයක් රඟපෑ චරිතයට ඉටු කිරීම තරම් ලැබිය හැකි තවත් සම්මානයක් නැති බවයි ඇගේ විශ්වාසය.

ජීවිතයේ දුක සතුට උපේක්ෂාවෙන් භාරගැනීමට සූදානම් ඇය පරිසරය සමඟ ඇති කරගත් පළමු බැඳීමෙන් තවමත් මිදී නැත. පරිසරය හා වන ජීවීන් සංරක්ෂණය කිරීමේ පුරෝගාමී මාවතක යා හැකි උපරිම දුර ඇය පියවර තබමින් සිටී. ඒ ඇය විසින් අරඹන ලද 'රුක් රැකගන්නෝ' සංවිධානය මතිනි. සතුන්ගේ ස්වාභාවික වාසස්ථානයන් වන ගහ-කොළ රැක ගැනීමෙන් සමස්ත ලෝකයේම ජීවය රඳාපවතින බව 'රුක් රැකගන්නෝ' සංවිධානයේ පරමාර්ථයයි. ඒ උතුම් දැක්ම ඇයගේද පැතුමයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට හා ටෙලිනාට්‍ය 50කට අධික සංඛ්‍යාවක අපූර්ව චරිත ජීවමාන කළ ඇගේ ජීවිත චරිතය සැබවින්ම ප්‍රශංසනීයය. කැමරාව ඉදිරියේ කොතරම් චරිත රඟපෑවත් වඩාත් වැදගත් වන්නේ ඇගේ ජීවිතය රඟපෑමක් නොවීමයි. ඇය ජීවිත ගමනේදී නිවැරදි දේ පමණක් භාරගැනීමටත් වැරදි දේ ප්‍රතික්ෂේප කිරීමටත් එඩිතර වූයේ එබැවිණි. .......ඇගේ සුන්දර හිනාව පවසන කතාව අව්‍යාජත්වයේ ප්‍රතිමූර්තියක් බඳුය. වර්තමානයේ ඇය පසුකරන්නේ ඇගේ ජීවිත තක්සලාවෙහි 92වෙනි අවුරුද්දයි. එහෙත් තවමත් කැමරාව ඇයට සමු දී නැත්තේ ඇගේ ප්‍රතිභාව පැරදවිය නොහැකි බැවිණි. සොබාදහමේ ආශිර්වාදයෙන් වාසනාවට උපදින අයිරාංගනී සේරසිංහ මහත්මිය වැනි විශිෂ්ට කලාකරුවන් රටට වාසනාවකි. ශ්‍රී ලාංකිකයින් වශයෙන් ඊට ප්‍රණාමය පුද කරන අපි, ඇයට තව තවත් දීර්ඝායුෂ ලැබෙමින් ඉදිරියටත් දේශයට අභිමානවත් නිර්මාණයන් දායාද කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

[QUOTE="DJU9, post: 24562401, member: 44472"] [b]~ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ ~[/b] [CENTER][SIZE=4][B][COLOR=Navy]සිංහල සිනමා වංශ කථාව හැඩ කළ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ 92 වන වියට පාතබයි[/COLOR][/B] 1927 දී රුවන්වැල්ලට නුදුරින් පිහිටි මූදුගමුවේ උපන් අයිරාංගනී වලව් පෙළපතකින් පැවත එන්නියකි. උප්පැන්න සහතිකයේ ඇගේ නම සඳහන් වන්නේ අයිරාංගනී රොක්සානා මීදෙණිය යනුවෙනි. මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ බිෂොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙනි. අයිරාංගනී රංග කලාවට අවතීර්ණ වන්නේ මහනුවර උසස් බාලිකාවේ ඉගෙනුම ලබමින් සිටියදීය. පාසල් වේදිකාවේ රඟදැක්වුණු ‘පිග්මැලියන්’ නම් වූ ඉංග්‍රීසි නාට්‍යයේ ඇය රඟපෑවාය. පාසල් සමයේ සිටම රඟපෑමට ඇල්මක් දැක්වූ ඇය වාර්ෂික ප්‍රසංගවලදී නාට්‍යයන් සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය. එහෙත් ඇයගේ සහජයෙන් උරුම වූ රඟපෑමේ කුසලතා කලඑළි බැසීමට ඉවහල් වූ පළමු කඩඉම ලෙස පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලයේ වේදීකා නාට්‍යයන්ගෙන් ලැබූ අත්දැකීම්ය. අපට බලපෑම් කළ නොහැකි විශ්වයේ තීරණ සැබවින්ම පුදුම සහගතය. දෛවය විසින් ලියා ඇති කිසියම් ඉරණමක් ඇත්නම් පරිසර සාධක සියල්ල සැකසෙන්නේ එයට හිතවත්වය. එබැවින් ඇයට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හමුවීමද අහම්බයක් ලෙස විග්රහ කිරීම උචිත යැයි නොසිතේ. පළමුවම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇයට හමුවන්නේ එංගලන්තයේදීය. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ටික කලක් එංගලන්තයේ පදිංචි වී ඇය නාට්‍ය පිළිබඳ හැදෑරීම් සිදු කරන අතරතුරය. අනතුරුව නැවත ලංකාවට පැමිණි අයිරාංගනී මහත්මිය 'ටයිම්ස් ඔස් සිලෝන්' නම් ජාතික පුවත්පතේ විශේෂාංග ඒකකයට සම්බන්ධ විය. යා යුතු යැයි උපතේදීම ලියා තිබුණු අද්විතීය සන්ධිස්ථානයට ළඟාවීම සිදු වන්නේ 1956 වසරේදීය. ඒ ශ්‍රී ලාංකික සිනමාවේ ආරම්භය යැයි සලකන 'රේඛාව' චිත්‍රපටියේ රඟපෑමේ භාග්‍යය උදා වීමයි. එතෙක් ඉන්දියානු අනුකරණයක්ව පැවැති සිනමාව වෙනස් කරමින් ප්‍රථම වතාවට කැමරාව එළිමහනට ගෙන ඒමේ සුවිශාල අභියෝගයට අත තැබුවේ සිංහල සිනමාවට මැකී නොයන නාමයක් එක් කළ විශිෂ්ට සිනමා අධ්යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'රේඛාව' චිත්‍රපටයත් සමඟය. චිත්රාගාරයක් තුළ සකස් කරන ලද පසුතල ඔස්සේ සිදු කරන ලද සියල්ල තාත්වික හා ජීවමාන අයුරින් ස්වාභාවික පරිසරය තුළ රූපගත කිරීමට ගත් එම තීරණය ආන්දෝලනාත්මක එකක් විය. එවන් සුවිශේෂී පසුබිමක් පදනම කරගනිමින් සිනමා වංශ කතාවට අවතීර්ණ වීමට ලැබීම ඇය ලද වාසනාවකි. දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිදු කළ එම රංගනයේදී ඇගේ සියලු කුසලතාවයන් මනාව ඔපමට්ටම් වූයේ පීරිස් මහතාගේ මග පෙන්වීම නිසා බව ඇගේ විශ්වාසයයි. අවසන, සියල්ලන් පළමුව අසාර්ථක වනු ඇතැයි උපකල්පනය කළ සිහිනය යථාර්ථයක් වූයේ සිනමා වංශ කතාව වෙනස් කළ කඩඉමේ ඇය කොටස්කාරියක් කරමිනි. එසේම ඇය රඟපෑමෙන් දායක වූ බොහෝ චිත්‍රපට පීරිස් මහතාගේ වීමද විශේෂත්වයකි. විවිධ අධ්යක්ෂවරුන් යටතේ චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වී ඇති ඇය පුද්ගලිකව 'රේඛාව', 'සංදේශය', ‘සුදු සෙවණැලි' යන චිත්‍රපටවල රඟපෑ චරිතවලට විශේෂ කැමැත්තක් දක්වයි. සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය නිෂ්පාදනය කළ 'යශෝරාවය' ඇගේ පළමු ටෙලි නාට්‍යයයි. එය අධ්‍යක්ෂණය කළ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ආරාධනයකට අනුව ඊට සම්බන්ධ වන ඇය අනතුරුව සුසිල නිෂ්පාදන ආයතනය මගින් නිෂ්පාදනය කළ දූදරුවෝ, නෑදෑයෝ ආදී දිගු ටෙලි නාට්‍ය සියල්ලටම වාගේ රංගනයෙන් දායක විය. ඇයව සොයා පැමිණියේ බොහෝමයක් කඩඉම්ය. ඒ නිසාම ඇයට ඇත්තේ අමරණීය මතකයන් ගොන්නකි. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙස සුසිල ආයතනය විසින් නිර්මාණය කළ අතිශයින්ම ජනප්‍රිය වූ 'ජීවිතය ලස්සනයි' ටෙලි නාට්‍යයේ රඟපෑමේ අවස්ථාවද ඇයට හිමි වූ බව මෙනෙහි කරන්නේ රසබර අයුරිනි. වර්තමානයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍ය කිහිපයකම ඇගේ සොඳුරු මුහුණ, ඇගේ නෙත් ඇද ගන්නා සුවිශේෂී රංගනයන් දැක ගැනීමට හැකිය. .විවිධ සම්මාන උලෙළවලදී සම්මානයට පාත්‍ර වී ඇති ඇය සම්මාන පිළිබඳ දක්වන ආකල්පයද පැසසිය යුතුය. ඇය පුද්ගලිකව දරන මතය වන්නේ සොඳුරු කලාවට තරගයක් අනවශ්‍ය බවයි. සම්මානයක් ලැබීම සිතට සතුටක් වුවත් තමන්ට අවංකව හදවතින් තෘප්තිමත් විය හැකි සාධාරණයක් රඟපෑ චරිතයට ඉටු කිරීම තරම් ලැබිය හැකි තවත් සම්මානයක් නැති බවයි ඇගේ විශ්වාසය. ජීවිතයේ දුක සතුට උපේක්ෂාවෙන් භාරගැනීමට සූදානම් ඇය පරිසරය සමඟ ඇති කරගත් පළමු බැඳීමෙන් තවමත් මිදී නැත. පරිසරය හා වන ජීවීන් සංරක්ෂණය කිරීමේ පුරෝගාමී මාවතක යා හැකි උපරිම දුර ඇය පියවර තබමින් සිටී. ඒ ඇය විසින් අරඹන ලද 'රුක් රැකගන්නෝ' සංවිධානය මතිනි. සතුන්ගේ ස්වාභාවික වාසස්ථානයන් වන ගහ-කොළ රැක ගැනීමෙන් සමස්ත ලෝකයේම ජීවය රඳාපවතින බව 'රුක් රැකගන්නෝ' සංවිධානයේ පරමාර්ථයයි. ඒ උතුම් දැක්ම ඇයගේද පැතුමයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට හා ටෙලිනාට්‍ය 50කට අධික සංඛ්‍යාවක අපූර්ව චරිත ජීවමාන කළ ඇගේ ජීවිත චරිතය සැබවින්ම ප්‍රශංසනීයය. කැමරාව ඉදිරියේ කොතරම් චරිත රඟපෑවත් වඩාත් වැදගත් වන්නේ ඇගේ ජීවිතය රඟපෑමක් නොවීමයි. ඇය ජීවිත ගමනේදී නිවැරදි දේ පමණක් භාරගැනීමටත් වැරදි දේ ප්‍රතික්ෂේප කිරීමටත් එඩිතර වූයේ එබැවිණි. .......ඇගේ සුන්දර හිනාව පවසන කතාව අව්‍යාජත්වයේ ප්‍රතිමූර්තියක් බඳුය. වර්තමානයේ ඇය පසුකරන්නේ ඇගේ ජීවිත තක්සලාවෙහි 92වෙනි අවුරුද්දයි. එහෙත් තවමත් කැමරාව ඇයට සමු දී නැත්තේ ඇගේ ප්‍රතිභාව පැරදවිය නොහැකි බැවිණි. සොබාදහමේ ආශිර්වාදයෙන් වාසනාවට උපදින අයිරාංගනී සේරසිංහ මහත්මිය වැනි විශිෂ්ට කලාකරුවන් රටට වාසනාවකි. ශ්‍රී ලාංකිකයින් වශයෙන් ඊට ප්‍රණාමය පුද කරන අපි, ඇයට තව තවත් දීර්ඝායුෂ ලැබෙමින් ඉදිරියටත් දේශයට අභිමානවත් නිර්මාණයන් දායාද කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][img]https://i.imgur.com/hNIPDyO.jpg[/img][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][img]https://i.imgur.com/dVRCmgf.jpg[/img] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom