මීලගට මොකද වෙන්නේ?
මීලගට මොකද වෙන්නේ?
Posted on 12 January 2013.
අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව විසින් ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කර ජනාධිපතිවරයාට බාර දී තිබෙනවා. ජනාධිපතිවරයා ඉදිරියේ දී වර්ථමාන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය ධූරයෙන් පහකර නව අගවිනිසුරුවරයෙකු පත් කරණු ඇති බවට වාර්ථා වෙනවා. නව අගවිනිසුරුවිරයා වශයෙන් හිටපු නීතිපති මොහාන් පිරීස් මහතා හෝ ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන මහත්මිය බොහෝ දුරට තෝරාපත් කරන්නට ඉඩකඩ තිබෙනවා.
මේ දොෂාභියෝගය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලය නිවෙිදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන්න යැයි ඉල්ලා සිටින බවත් අගවිනිසුරුවරියට එරහෙිව දෝෂාභියෝගයක් මීට වඩා විනිවිද භාවයෙන් සිදු කළ යුතු බවත් එවන් සංකීර්ණ ක්‍රියාදාමයක් මේ ආකාරයෙන් සිදු කිරීම ගැන ඔවුන් කනගාටුවට පත් වන බවත්ය.බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ අධිකරණයේ ස්වාධීනතාවය සහ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරණු වස් සාමකාමී උද්ඝොෂණයන්ට මහජන රැස්වීමි වලට නීතිඥ ප්‍රජාවට සහ ජනතාවට ඇති අයිතිය තහවුරු කරමින් දෝෂාභියෝගය ගැන නැවත සලකා බලන්නට රජයට බල කෙරී ඇති බවයි. අන්තර් ජාතික ජුරී සභිකයන්ගේ සම්මේලණය ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔවුන් බවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම රජයේ වගකිම බවත් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග ක්‍රියාදාමය වඩාත් විනිවිද භාවයෙන් යුතුව කළ යුතු බවත්ය. මීට අමතරව තවත් විදෙස් සංවිධාන ගණනාවක් විසින් මේ දෝෂාභියෝගය ගැන නැවත සලකා බලන මෙන් රජයෙන් ඉල්ලා තිබේ.
අද ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ විශේෂ රැස්වීමක් පවත්වමින් නීතිඥ ප්‍රජාව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග නැවත සාකච්ඡාවක් පවත්වන්නට තීරණය කළ බවත් පසුගිය දෙසැමිබර් 15 වන දා සංගමයේ මහා සභාවේ දී ගත් තිරණය අනුව දිගටම අගවිනිසුරුවිරිය වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රකාශ කලහ. එ.ජා.ප ය ජ.වි.පෙ ඇතුලු විපක්ෂය මේ සම්බන්ධයයෙන් පවසන්නේ මේ දෝෂාභියෝගයට එරෙහිව දිගින් දිගිටම ක්‍රියා කරන බවය.
මේ අනුව අගවිනිසුරු ශිරාණි බණ්ඩාර නායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවේ සම්මත කළ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාට පැවරී ඇත. ඊයේ පාර්ලාමේන්තුවේ මේ සම්බන්ධයෙන් පැවති විවාදයේ දී නීති විශාරද විමල් වීරවංශ මහතා විසින් කළ කතාව ඓතිහාසිකය. තමන් මේ වන විට අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට වඩා නීතිය දන්නා බව ඔහු පවසයි. මේ වන විටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව අභියාචනාධිකරණය විසින් ‛ෂර්ටියෝරාරේ’ රිටි ආඥාවක් නිකුත් කර ඇත. ඒ අධිකරණ තීරණය අනුව පාර්ලාමේන්තු තේරීම් කමිටුව තහනමට ලක්කර ඇත. සාමාන්‍ය පරිපාලන නීති ප්‍රතිකර්ම යටතේ ලබාගත හැකි රිටි ආඥා අතරින් යම් තීරණයක් බල රහිත බවට නැතිනම් තහනමට ලක් කරමින් නිකුත් කරන ආඥාව හදුන්වන්නේ ‛ෂරිටියෝරාරේ’ රිටි ආඥාවක් වශයෙනි. විමල්ට අනුව අධිකරණය විසින් නිකුත් කර ඇත්තේ ශිරාටියෝරාරී ආඥාවකි. එනම් ශිරාණිට අවශ්‍ය ආඥාවකි. මේ කතා විමල් කියන්නේ ගැලරිය චූන් කරන්නටය. ආණ්ඩුව විමල්ව තියාගෙන ඉන්නේ මෙවැනි කතා කියන්නටය. මෙහි ඇති හාස්‍යටය කරුණ වන්නේ නීති විශාරද ජී.ඇල් පීරිස් පවා මේ ගොන් කතා අහගෙන සිටිමය.
වෙනත් කෙනෙකු නැතිව විමල්ම මේ කතා කියන්නේ ඇයි? ලංකායේ ජාතිවාදය මේ තරම් උත්සන්න කරවන්නට විමල්-චමිපික යුගලය කළ මෙහෙවර අති මහත්ය. අවසාන වශයෙන් මේ සියල්ලට වගකිව යුත්තේ ජාතිවාදී ජනතා විමුක්ති පෙරමුණය. කාලලෙන් කාලයට තමන්ට හිතෙන ජනප්‍රිය වන්නට හැකි ඕනෑම දෙයක් කරන ජ.වි.පෙ මුලින්ම මහින්ද ජනාධිපති කරවන්නට කෑ ගැහුවේය. පසුව ප්‍රභාකරන් නැති කරන්නට ඒ ආකාරයෙන්ම කෑ ගැහුවේය. අනතුරුව සරත් ෆොන්සේකා කර උඩ තබාගෙන ගියේය. පළමු වටයේ දී ඔවුනට නන්නද සහ විමල් අහිමි විය. දෙවන වටයේ දී කුමාර කණ්ඩායම අහිමි විය. තෙවන වටයේ දී අනුර දිසානායක ව්‍යපාරිකයෙකු සමග සන්ධාන ගත විය. දැන් අගවිනිසුරුවරිය සම්බන්ධ ප්‍රශ්ණයේ දී ඔවුන් පෙරමුණ ගෙන සිටියි. මෙවර කුමක් සිදුවෙිද යන්න අප දන්නේ නැත.
පසුගිය කාලයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් සිය වැටුප් වැඩි කර ගන්නට දැවැන්ත අරගලයක් කලෝය. නමුත් ඒ අරගලය වැටුප් වැඩ්කර ගන්නට කරන අරගලයක් යැයි අමුවේ කියන්නට බැරි නිසා අධ්‍යපනයට සියයට හයක් වෙන් කරණු යනුවෙන් බෝඩ් ලෑල්ලක් එල්ලා ගත්හ. අවසානයේ ඔවුනට එස්.බී දිසානායකට වඩා බැසිල් රාජපක්ෂ විශ්වාස කරන්නට සිදුවිය. අධ්‍යපනය වෙනුවෙන් සියයට හයක් වැඩි කරනවා තබා ආචාර්යවරුන්ගේ මූලික ඉල්ලීම වූ වැටුපවත් ඔවුනට වැඩිකර ගන්නට බැරිවිය. අවසානයේ ඒ අරගලයෙන් අපට ඉතිරිවුයේ විහිලුකාරයන් පමණි. මේ ගැන පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන නිර්මාල් කියනනේ තමන්ගේ වැටුප තමන්නට මතක නැති බවය. නීතිඥවරුන්ගේ රැස්වීම අමතා කතා කරන මහීන් මෙන්ඩිස් කැමරා ඉදිරියේ හැසිරෙන හාස්‍යජනක ආකාරය මොනතරම්ද යත් ඔහු කතා කරන විට සියල්ලෝම නොපෙනෙන්නට සිනාසෙයි.
දැන් අගවිනිසුරු ශිරාණි බණ්ඩානායක වෙනුවෙන් ද බොහෝ දෙනෙක් එකතු වී ඇත. මේ සන්ධානය කෙතරම් කලක් පවතිනු ඇතිද?
ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරුයෙක පත්කළ විට කුමක් සිදුවනු ඇත්ද? සමස්ථ දෝෂාභියෝග ක්‍රියාදාමය සම්බන්ධයෙන් විධිමත් දේශපාලනික කියවීමක් අවශ්‍යව ඇත. ඒ පිළිබදව විධිමත් අකාරයෙන් දේශපාලනිකව අදහස් දැක්වීමක් අප විසින් ඉදිරිපත් කරන්නෙමු.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,