Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
මුදලාලිලා යනු ව්‍යවසායකයන් නොවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදලාලිලා යනු ව්‍යවසායකයන් නොවෙයි

" බිස්නස් එකක් කරන එක ජීවිත අරමුණක් මිසක පාට් ටයිම් දෙයක් නොවෙයි. බිස්නස් එකකටත් වෙනම ජීවිතයක් තියෙනවා. ඒක ආදරෙන් කැපවීමෙන් බලාගන්න ඕන දෙයක් මිසක් පාට් ටයිම් කීයක් හරි හොයාගන්න කරන දෙයක් නෙවෙයි. හොඳ ජීවිත අරමුණක් ලෙස ව්‍යාපාරයක් කරන්න හිතනවා නම් පමණක් අලුත් ව්‍යාපාරයකට අත ගහන්න. නැත්නම් ඔය කරන දේ කරගෙන ඉන්න. පාට් ටයිම් ව්‍යාපාරවලට වැඩි පැවැත්මක් නැහැ. හරි ඉක්මනට ඒක අවසන් වෙනවා. මොකද ගැඹුරු ජීවිත අරමුණක් ලෙස ඒක බලාගන්නේ නැති නිසා.

ව්‍යාපාරයක් කරන්න මහ මුදලක් ඕන කියලා බොහෝ දෙනෙක් හිතනවා. නමුත් අවශ්‍ය වෙන්නේ මූලික ධනයක් නොවෙයි. හොඳ අරමුණක් අදහසක් සහ ඒ වෙනුවෙන් කැපවීමට තරම් හොඳ හදවතක් පමණයි. මූලිකව කීයක්හරි ඕන තමයි. නමුත් ඒක නෙමේ වැදගත්ම දේ. හොඳ අදහසක් නැත්නම් හොඳ ව්‍යාපාරයක් බිහිවෙන්නේ නෑ. වටින්නේ අදහසයි. අදහසක් ව්‍යාපාරයකට පරිවර්තනය කරන්න පහසුයි. නමුත් මුදල් ටිකක් බිස්නස් එකකට පරිවර්තනය කරන එක අපහසුයි. සල්ලි ටිකක් වියදම් කරපු පළියට එතන ව්‍යාපාරයක් බිහිවෙන්නේ නෑ.

ව්‍යාපාරික අදහසක් අනුන්ගෙන් ණයට ගන්න එක ඒතරම් වටින්නේ නෑ. වටින්නේ අවශ්‍ය කරන උපදෙස් අරන් ඔයාගේම අලුත් අදහසක් සමඟ ව්‍යාපාරයක් ගොඩනඟන එකයි. අලුත් අදහස් මත පටන්ගන්නා ව්‍යාපාර හැමවිටම හොඳ තැනකට එනවා. කොපි කිරීම ව්‍යාපාරික කලාව නොවෙයි. කෙනෙක්ට හරියන ව්‍යාපාරය ඔබට හරි නොයන්න පුළුවන්. කෙනෙක් දියුණු වූ ව්‍යාපාරය එයාට සුබයි. නමුත් ඒක ඔයාට අසුබ වෙන්න පුළුවන්. ඒ නිසා කොපි කිරීමේ හෝ ෆොටෝකොපි ගැසීමේ ව්‍යාපාරික කලාව වෙනුවට ඔරිජිනල් අදහසක් එක්ක බිස්නස් එක පටන් ගන්න බලන්න.

සියල්ලටම පෙර කේන්දරය අරගෙන නැකැත්කරුවො කේන්දර බලන අය ළඟට යන්න එපා. කේන්දරෙයේ කොටු දොළහ කවදාවත් ඔබට සුබදායක විදිහට ඉන්නෙ නෑ. හැමදාමත් ග්‍රහයො ඉන්නේ ඔබට විරුද්ධවයි. එම නිසා වඩාත් වටින්නේ නැකැත් හෝ කේන්දරයේ වාසනා ග්‍රහ යෝග නොවෙයි. ඔබේ අදහස සමඟ ඔබ ජීවත්වෙන එකයි. ඒ වෙනුවෙන් ඔබ එකතුකරගන්නා කරුණු අත්දැකීම් සහ පරිචයයි. එය මුලින්ම ගන්න. බිස්නස් හරියනකොට ග්‍රහයොත් උදව් කරන්න ගනීවි. සුබ නැකැත් බැලීම, රාහු කාලය බැලීම සාමාන්‍ය විදිහට කරන්න. කමක් නෑ. නමුත් ඒක නෙවෙයි මූලිකම දේ.

මූලික මුදලක් නෑ. බිස්නස් එක කරන්න තැනක් නෑ. උදව්වට කෙනෙක් නෑ. බිස්නස් එකට හොඳ නමක් නෑ. ඒක කරන්න අරක නෑ මේක නෑ කියමින් ව්‍යාපාරය කිරීම ප්‍රමාද කරන්න එපා. ඔබේ අදහස හෙට කෙනෙක් අරගෙන අලුත් බිස්නස් එකක් එක්ක එන්න පුළුවන්. හැමවිටම අප්පමාදෝ අමත පදං කියන වැකිය සිහිකරගන්න. ප්‍රමාද වෙන්න එපා. අද කරන්න තියෙන දේ අදම කරන්න. නිකමට හිතන්නකෝ ඔබ දවල් ආහාර පැකට් හදන ව්‍යාපාරයක් පටන් ගන්න යනවා කියලා. මුලින්ම පැකට් 500 ක් හදන්න ඔබ ළඟ මුදල් නෑ. ඒ තරම් සේවකයොත් නෑ. තැනකුත් නෑ. ඇයි 500 ක් ගැන හිතන්නේ. පටන් ගන්න පාර්සල් 10 කින්. ඒක හොඳින් ඉල්ලුමක් සහිතව යනකොට පැකට් 25 ක් දෙන්න. ඒ පැකට් 25 ත් යද්දී පැකට් 50 ක් කරන්න. පැකට් 100 ක් යද්දි පළවෙනි උදව් කරන්නා ළඟට ගන්න. එහෙම කරනකොට කවදාවත් වැටෙන්නේ නෑ. ව්‍යාපාරය ගැන ඔයාට හොඳ දැනුමකුත් එනවා.

අපි සාමාන්‍යයෙන් දන්න දේවල් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හැමෝටම තියෙනවා. ඒක ව්‍යාපාරයක් කරන්න මදි. දන්න දේ දැනුමක් කරගන්න ඕන. ඒ කියන්නේ අත්දැකීම් සමඟ ඔප මට්ටම් කරගන්න ඕන. වටින්නේ දැනුමයි. නොලේජ් එකයි. ව්‍යාපාරයකට ඒක රුපියල් කෝටියකට වඩා වටිනවා. දැනුම ගන්න පුළුවන් හැම දේකින්ම ඒක ගන්න. ඇවිදින්න. කතාකරන්න. පොත් බලන්න. රවුමට යන්න. අත්දැකීම් ගන්න පිපාසාවකින් පෙළෙන්න. එදාට ව්‍යාපාරයක් කරන එක හරිම පහසු දෙයක් වෙනවා.

පළවෙනි යතුරෙන්ම දොර ඇරෙනවා කියලා හිතන්න එපා. යතුරු කැරැල්ලේ අන්තිම යතුරෙන් හරි දොර දවසක ඇරෙනවා. එම නිසා අදහස් වෙනස් කරන්න එපා. කැපවීම අඩු කරන්න එපා. දිගටම ක්‍රියාකාරීව ඉදිරියට යන්න. හොඳ මානසික මට්ටමකින් ඉන්න. අපි දෙයක් මාකට් එකට දාපු ගමන්ම කට්ටිය ඇවිත් පෝළිමට අරගෙන යන්නෙ නෑ. කිසිම දෙයක් එහෙම ගිහිනුත් නෑ. දෙයක් සාර්ථක කරගන්න අතිශය දරුණු දුකක් විඳින්න වෙනවා. ඒ දුක විඳින්න හදවත සූදානම් කරගෙනම බිස්නස් එකට අතගහන්න.

බිස්නස් එකක් පටන් ගත්ත ගමන්ම බිස්නස් කාරයෙක් වෙන්න යන්න එපා. රත්තරන් බඩු එල්ලගෙන කොයි වෙලෙත් ෆෝන් එක කනේ ගහගෙන අලි ඔලුවෙන් ජීවත් වෙන්න යන්න එපා. ඔබ තවම සාර්ථක වුනේ නෑ. සාර්ථක වුනත් සරල වෙන්න. වටින්නේ බිස්නස් කාරයෙක් වෙන එක නොවෙයි හොඳ ව්‍යවසායකයෙක් වෙන එකයි. හොඳ සංවිධායකයෙක් වෙන එකයි. වටින කළමණාකරුවෙක් වෙන එකයි.

විලාසිතාවට බිස්නස් කරන්න එපා. රස්සාවක් කරන එක ඊට වඩා හොඳයි. ව්‍යාපාරයක් කරන්න ඕන හදවතින්ම ව්‍යාපාරයට ආදරය කරන අය විතරයි. සාර්ථක වෙන්නෙත් එහෙම කෙනෙක් විතරයි. 'මං බිස්නස් කරන්නේ' කියලා ලෝකයට උජාරුවට කියාගෙන යන අය හරි ඉක්මනට වැටෙනවා නමුත් කුඹලෙක් වගේ හිමින් හිමින් යමක් ගොඩනඟන කෙනා දවසක සත් මහල් ප්‍රාසාද තනනවා. ලෝකය දකින්න ඕන ඔබේ ප්‍රොඩක්ට් එක මිසක් ඔබව නොවෙයි. බොහෝ දෙනා කරන බිස්නස් එක ලෝකයට පේන්නෙත් නෑ. ඒත් එයා මාර බිස්නස් කාරයෙක් වගේ පෙන්වනවා. වැරැද්දක් තියෙනවා.

ව්‍යාපාරයක් කරනවා නම් වෙන වැඩක් කරන්න බෑ. ඒක තමා ඇත්ත. ව්‍යාපාරයට මුළු හදවතම දෙන්න වෙනවා. දහසක් වැඩ තියෙනවා නම් ඒ වැඩ වලට අතිශය කාර්යබහුල වෙලා නම් බිස්නස් එක දැන්ම පටන්ගන්න එපා. කල් දෙන්න. මොකද ව්‍යාපාරයක් බාගෙට කරන්න බෑ. පාට් ටයිම් කරන්න බෑ. බාගෙට බිස්නස් කරලා තියෙන දේත් නැතිකරගන්න එපා. සම්පූර්ණ මානසික කායික ශක්තියම ව්‍යාපාරයට යොදවන්න. මොකද යොදවන අනිත් දේවල් අඩුයි නේ. ඒ නිසා මේකවත් හරියට දෙන්න ඕන.

ව්‍යාපාරයක් පටන් ගන්න කළින් ඒ ගැන කාත් සමඟවත් කියවන්න එපා. අලුත් අදහස් ගැන උජාරුවෙන් කයිවාරු ගහන්න එපා. වැඩ වලින් ලෝකයට මැජික් එක පෙන්වන්න. වචන වලින් මැජික් පෙන්වන්න අමාරුයි. වැඩ වලට විතරයි බිස්නස් වලදි ලකුණු ලැබෙන්නේ. කයිවාරු වලට ලැබෙන්නේ බිංදු විතරයි. ගල් ලෙනක සැඟවිලා හරි හරි දේ මාකට් කරන්න. ඊට කළින් වචනයක්වත් ඒ ගැන ඒ ගැන කතා නොකරන තරමට හොඳයි

ව්‍යාපාරයක් කරනවා කියන්නේ කලාවක්. නැතුව වෙන දෙයක් නොවෙයි. කලාවක් පිහිටන්නේ සත්‍ය අභ්‍යාසයෙන් සහ පුහුණුවීමෙන් කියලා පඬිවරයෝ කියලා තියෙනවා. ඔබට සත්‍ය අභ්‍යාසයක් ඕන. ඒ වගේම හොඳ පුහුණුවක් ඕන. මේ දේවල් වෙනුවෙන් නිදි නැති රාත්‍රීන් සිය ගණනක් ඔබට කැපකරන්න වෙනවා. පස්සේ කාලෙක අටට නිදාගෙන අටට නැගිටින්න පුළුවන්. ඒත් ව්‍යාපාරයක සුහුඹුල් අවධියේදී ඔබට එකට නිදාගෙන දෙකට නැගිටින්න වෙනවා. ඒක තමා තිත්ත ඇත්ත. ඒ වෙනුවෙන් සූදානම් පමණක් බිස්නස් කරන්න එන්න.

බිස්නස් කරන කෙනෙක්ට හොඳ ඉවක් තියෙන්න ඕන. කතාවට කියන්නේ මීටරයක් තියෙන්න ඕන කියලා. වෙළඳපොල හැසිරෙන්නේ කොහොමද? අලුත් නිෂ්පාදනයක් මාකට් කරන්නේ කොහොමද? තරඟකාරයෝ සමඟ හැප්පෙන්නේ කොහොමද? කියලා ඉවෙන් තේරුම් ගන්න වෙනවා. ඒ ඉව ලේසියෙන් කෙනෙක්ට පිහිටන්නේ නෑ. ඉව හදාගෙන තමයි යන්න වෙන්නේ. කොටියෙක්ට වගේ ඉවක් නැත්නම් බිස්නස් කරන්න බෑ. අල්ලපු ගෙදර අය ගැනවත් නොදන්න, තමන් ඉන්න පළාතේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද කියලාවත් නොදන්න, පාරක තොටක ඇවිදලා නැති පාරක් තොටක් දන්නේ නැති, මිනිස්සු හැරෙනකොට කියන්න බැරි කෙනෙක්ට බිස්නස් කරන්න බෑ. බිස්නස් කරන්න ඊට වඩා පුළුල් අවබෝධයක් තියෙන්න ඕන.

බිස්නස් කරනකොට සරු දේ ගන්නත් නිසරු දේ අහක දාන්නත් හොඳ මානසිකත්වයක් තියෙන්න ඕන. ගොඩක් බිස්නස් කරන්න එන අය කරන්නේ සරු දේ අහක දාලා නිසරු දේ ළංකරගන්න එකයි. බිස්නස් එක පටන් අරන් මාසෙන් දෙකෙන් වහලා රට පනින්න වෙන්නේ එහෙම අයටයි. සල්ලි ටිකක් අතපත ගාන්න පටන්ගත්ත ගමන් පාටි දාගෙන කට්ටිය වටකරගෙන අල්ල පනල්ලේ සල්ලි විසිකරමින් බොතල් කඩමින් හැසිරෙන්නේ ව්‍යාපාරිකයෝ නෙමෙයි. නිකං මුදලාලිලා බව මතක තබා ගන්න. මුදලාලිලා යනු ව්‍යවසායකයන් නොවෙයි.

ව්‍යාපාරිකයෙක්ගේ හැමදේම ලස්සන වෙන්න ඕන. එයා කතාකරනකොට හරි හැඩයි. අඳින පළඳින විදිහ පිළිවෙලයි. ගමන බිමන සන්සුන්. කතාකරන්න කළින් එයා හිතනවා. අන් අයට ගරු කරනවා. ගෙවල් දොරවල් හරිම පිළිවෙලයි. තමන්ගේ බිරිඳ සැමියා දරුවන් දෙමාපියන් සමඟ හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. අල්ල පනල්ලේ වියදම් කරන්නේ නෑ. අහුවෙන දේ කන්නේ නෑ. අහුවෙන කෙනා සමඟ බොන්නේ නෑ. හැමදේකම නියමිත රටාවක් තියෙනවා. හොඳ හැම ව්‍යාපාරිකයෙක්ගේම මේ රටාව හඳුනාගන්න පුළුවන්. අන්න ඒ රටාව තමයි සාර්ථකත්වයේ රටාව. ඒක නිසා තමයි ව්‍යාපාරයක් මලක් වගේ පිපෙන්නේ.

ව්‍යාපාරයක් කරන්න හිතන කෙනෙක් වෙලාවට අන්තිම තත්පරයට වැඩ කරන්න ඕන. වෙලාවට වැඩ කරන්න බැරි කෙනෙක්ට බිස්නස් කරන්න බෑ. එයා කියන වෙලාවට එනවා. කියන වෙලාවට යනවා. කියන දේ කරනවා. කරන දේ පමණක් කියනවා. කිසිම කෙනෙක්ව රස්තියාදු කරන්නේ නෑ. ඒ වගේම එයා රස්තියාදු වෙන්නෙත් නෑ. ව්‍යාපාරිකයෙක් කළමනාකරණය කරන හොඳම දේ තමයි කාලය. මොකද එයාට අහක දාන්න කාලයක් නෑ. හැම තත්පරයක්ම වටිනවා. ඒක හොඳින් මතක තබාගන්න.

ව්‍යාපාරයක් කරනකොට තම ව්‍යාපාරයට දරුවෙක්ට වගේ ආදරය කරන්න ඕන. ඒකට කවදාවත් ගරහන්න නරකයි. 'මේක මහ වහුතු බිස්නස් එකක්', 'මේක මම හැමදාම කරන්නේ නෑ', 'මේක එච්චර ලාභ එන බිස්නස් එකක් නෙවෙයි', 'මේවත් බිස්නස් ද?' වශයෙන් තමාගේම ව්‍යාපාරයට ඔහු ගරහන්නේ නෑ. එයට අප්‍රමාණව දරුවෙක්ට වගේ ආදරය කරනවා. එහෙම වුණාම ව්‍යාපාරයට ඔහු ආදරය කරන රටාවෙන්ම ව්‍යාපාරයත් ඔහුට ආදරය කරන්න පටන් ගන්නවා. මොකද ව්‍යාපාරයටත් ජීවිතයක් හදවතක් තියෙන නිසා.

අමාරුම දේ තමා අල්ලාගෙන ඉන්න අමාරුකම. බොහෝමයක් බිස්නස් කරන්න එන අය අල්ලාගෙන ඉන්න දන්නේ නැහැ. දෙයක් දරාගෙන ඉස්සරහට යන්න බෑ. ඒ ඉවසීම නෑ. ව්‍යාපාර වලදී සෑහෙන දුරක් සෑහෙන කාලයක් අල්ලාගෙන යන්න වෙනවා. මේ පොරොත්තු කාලය නැත්නම් ප්‍රොබේෂන් පීරියඩ් එක හැම ව්‍යාපාරයකම තියෙනවා. මේ කාලය කෙනෙක් අසාමාන්‍ය ලෙස ඉවසාගෙන දරාගෙන සිටිය යුතුමයි.

හොඳ ව්‍යාපාරිකයෙක් හොඳ සිහින දකින්නෙක් විය යුතුයි. සිහින නොදකින කෙනාට බිස්නස් කරන්න බෑ. තම ව්‍යාපාරය ගැන ඔහු දකින සිහින හරිම සුන්දර විය යුතුයි. ඒ සිහින මැවෙන්නේ අහසේ තමයි. නමුත් ඔහු ඊළඟ මොහොතේ සිටම මේ සිහින වලට පොළවේ සිට අත්තිවාරම් දමාගෙන යනවා. එයයි ව්‍යාපාරික කලාව. " - උපුටා ගැනිමකි

https://www.facebook.com/groups/217168605495703/permalink/398107444068484/

[QUOTE="kavindu84, post: 24205307, member: 561840"] [b]මුදලාලිලා යනු ව්‍යවසායකයන් නොවෙයි[/b] [SIZE="4"]" බිස්නස් එකක් කරන එක ජීවිත අරමුණක් මිසක පාට් ටයිම් දෙයක් නොවෙයි. බිස්නස් එකකටත් වෙනම ජීවිතයක් තියෙනවා. ඒක ආදරෙන් කැපවීමෙන් බලාගන්න ඕන දෙයක් මිසක් පාට් ටයිම් කීයක් හරි හොයාගන්න කරන දෙයක් නෙවෙයි. හොඳ ජීවිත අරමුණක් ලෙස ව්‍යාපාරයක් කරන්න හිතනවා නම් පමණක් අලුත් ව්‍යාපාරයකට අත ගහන්න. නැත්නම් ඔය කරන දේ කරගෙන ඉන්න. පාට් ටයිම් ව්‍යාපාරවලට වැඩි පැවැත්මක් නැහැ. හරි ඉක්මනට ඒක අවසන් වෙනවා. මොකද ගැඹුරු ජීවිත අරමුණක් ලෙස ඒක බලාගන්නේ නැති නිසා. ව්‍යාපාරයක් කරන්න මහ මුදලක් ඕන කියලා බොහෝ දෙනෙක් හිතනවා. නමුත් අවශ්‍ය වෙන්නේ මූලික ධනයක් නොවෙයි. හොඳ අරමුණක් අදහසක් සහ ඒ වෙනුවෙන් කැපවීමට තරම් හොඳ හදවතක් පමණයි. මූලිකව කීයක්හරි ඕන තමයි. නමුත් ඒක නෙමේ වැදගත්ම දේ. හොඳ අදහසක් නැත්නම් හොඳ ව්‍යාපාරයක් බිහිවෙන්නේ නෑ. වටින්නේ අදහසයි. අදහසක් ව්‍යාපාරයකට පරිවර්තනය කරන්න පහසුයි. නමුත් මුදල් ටිකක් බිස්නස් එකකට පරිවර්තනය කරන එක අපහසුයි. සල්ලි ටිකක් වියදම් කරපු පළියට එතන ව්‍යාපාරයක් බිහිවෙන්නේ නෑ. ව්‍යාපාරික අදහසක් අනුන්ගෙන් ණයට ගන්න එක ඒතරම් වටින්නේ නෑ. වටින්නේ අවශ්‍ය කරන උපදෙස් අරන් ඔයාගේම අලුත් අදහසක් සමඟ ව්‍යාපාරයක් ගොඩනඟන එකයි. අලුත් අදහස් මත පටන්ගන්නා ව්‍යාපාර හැමවිටම හොඳ තැනකට එනවා. කොපි කිරීම ව්‍යාපාරික කලාව නොවෙයි. කෙනෙක්ට හරියන ව්‍යාපාරය ඔබට හරි නොයන්න පුළුවන්. කෙනෙක් දියුණු වූ ව්‍යාපාරය එයාට සුබයි. නමුත් ඒක ඔයාට අසුබ වෙන්න පුළුවන්. ඒ නිසා කොපි කිරීමේ හෝ ෆොටෝකොපි ගැසීමේ ව්‍යාපාරික කලාව වෙනුවට ඔරිජිනල් අදහසක් එක්ක බිස්නස් එක පටන් ගන්න බලන්න. සියල්ලටම පෙර කේන්දරය අරගෙන නැකැත්කරුවො කේන්දර බලන අය ළඟට යන්න එපා. කේන්දරෙයේ කොටු දොළහ කවදාවත් ඔබට සුබදායක විදිහට ඉන්නෙ නෑ. හැමදාමත් ග්‍රහයො ඉන්නේ ඔබට විරුද්ධවයි. එම නිසා වඩාත් වටින්නේ නැකැත් හෝ කේන්දරයේ වාසනා ග්‍රහ යෝග නොවෙයි. ඔබේ අදහස සමඟ ඔබ ජීවත්වෙන එකයි. ඒ වෙනුවෙන් ඔබ එකතුකරගන්නා කරුණු අත්දැකීම් සහ පරිචයයි. එය මුලින්ම ගන්න. බිස්නස් හරියනකොට ග්‍රහයොත් උදව් කරන්න ගනීවි. සුබ නැකැත් බැලීම, රාහු කාලය බැලීම සාමාන්‍ය විදිහට කරන්න. කමක් නෑ. නමුත් ඒක නෙවෙයි මූලිකම දේ. මූලික මුදලක් නෑ. බිස්නස් එක කරන්න තැනක් නෑ. උදව්වට කෙනෙක් නෑ. බිස්නස් එකට හොඳ නමක් නෑ. ඒක කරන්න අරක නෑ මේක නෑ කියමින් ව්‍යාපාරය කිරීම ප්‍රමාද කරන්න එපා. ඔබේ අදහස හෙට කෙනෙක් අරගෙන අලුත් බිස්නස් එකක් එක්ක එන්න පුළුවන්. හැමවිටම අප්පමාදෝ අමත පදං කියන වැකිය සිහිකරගන්න. ප්‍රමාද වෙන්න එපා. අද කරන්න තියෙන දේ අදම කරන්න. නිකමට හිතන්නකෝ ඔබ දවල් ආහාර පැකට් හදන ව්‍යාපාරයක් පටන් ගන්න යනවා කියලා. මුලින්ම පැකට් 500 ක් හදන්න ඔබ ළඟ මුදල් නෑ. ඒ තරම් සේවකයොත් නෑ. තැනකුත් නෑ. ඇයි 500 ක් ගැන හිතන්නේ. පටන් ගන්න පාර්සල් 10 කින්. ඒක හොඳින් ඉල්ලුමක් සහිතව යනකොට පැකට් 25 ක් දෙන්න. ඒ පැකට් 25 ත් යද්දී පැකට් 50 ක් කරන්න. පැකට් 100 ක් යද්දි පළවෙනි උදව් කරන්නා ළඟට ගන්න. එහෙම කරනකොට කවදාවත් වැටෙන්නේ නෑ. ව්‍යාපාරය ගැන ඔයාට හොඳ දැනුමකුත් එනවා. අපි සාමාන්‍යයෙන් දන්න දේවල් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හැමෝටම තියෙනවා. ඒක ව්‍යාපාරයක් කරන්න මදි. දන්න දේ දැනුමක් කරගන්න ඕන. ඒ කියන්නේ අත්දැකීම් සමඟ ඔප මට්ටම් කරගන්න ඕන. වටින්නේ දැනුමයි. නොලේජ් එකයි. ව්‍යාපාරයකට ඒක රුපියල් කෝටියකට වඩා වටිනවා. දැනුම ගන්න පුළුවන් හැම දේකින්ම ඒක ගන්න. ඇවිදින්න. කතාකරන්න. පොත් බලන්න. රවුමට යන්න. අත්දැකීම් ගන්න පිපාසාවකින් පෙළෙන්න. එදාට ව්‍යාපාරයක් කරන එක හරිම පහසු දෙයක් වෙනවා. පළවෙනි යතුරෙන්ම දොර ඇරෙනවා කියලා හිතන්න එපා. යතුරු කැරැල්ලේ අන්තිම යතුරෙන් හරි දොර දවසක ඇරෙනවා. එම නිසා අදහස් වෙනස් කරන්න එපා. කැපවීම අඩු කරන්න එපා. දිගටම ක්‍රියාකාරීව ඉදිරියට යන්න. හොඳ මානසික මට්ටමකින් ඉන්න. අපි දෙයක් මාකට් එකට දාපු ගමන්ම කට්ටිය ඇවිත් පෝළිමට අරගෙන යන්නෙ නෑ. කිසිම දෙයක් එහෙම ගිහිනුත් නෑ. දෙයක් සාර්ථක කරගන්න අතිශය දරුණු දුකක් විඳින්න වෙනවා. ඒ දුක විඳින්න හදවත සූදානම් කරගෙනම බිස්නස් එකට අතගහන්න. බිස්නස් එකක් පටන් ගත්ත ගමන්ම බිස්නස් කාරයෙක් වෙන්න යන්න එපා. රත්තරන් බඩු එල්ලගෙන කොයි වෙලෙත් ෆෝන් එක කනේ ගහගෙන අලි ඔලුවෙන් ජීවත් වෙන්න යන්න එපා. ඔබ තවම සාර්ථක වුනේ නෑ. සාර්ථක වුනත් සරල වෙන්න. වටින්නේ බිස්නස් කාරයෙක් වෙන එක නොවෙයි හොඳ ව්‍යවසායකයෙක් වෙන එකයි. හොඳ සංවිධායකයෙක් වෙන එකයි. වටින කළමණාකරුවෙක් වෙන එකයි. විලාසිතාවට බිස්නස් කරන්න එපා. රස්සාවක් කරන එක ඊට වඩා හොඳයි. ව්‍යාපාරයක් කරන්න ඕන හදවතින්ම ව්‍යාපාරයට ආදරය කරන අය විතරයි. සාර්ථක වෙන්නෙත් එහෙම කෙනෙක් විතරයි. 'මං බිස්නස් කරන්නේ' කියලා ලෝකයට උජාරුවට කියාගෙන යන අය හරි ඉක්මනට වැටෙනවා නමුත් කුඹලෙක් වගේ හිමින් හිමින් යමක් ගොඩනඟන කෙනා දවසක සත් මහල් ප්‍රාසාද තනනවා. ලෝකය දකින්න ඕන ඔබේ ප්‍රොඩක්ට් එක මිසක් ඔබව නොවෙයි. බොහෝ දෙනා කරන බිස්නස් එක ලෝකයට පේන්නෙත් නෑ. ඒත් එයා මාර බිස්නස් කාරයෙක් වගේ පෙන්වනවා. වැරැද්දක් තියෙනවා. ව්‍යාපාරයක් කරනවා නම් වෙන වැඩක් කරන්න බෑ. ඒක තමා ඇත්ත. ව්‍යාපාරයට මුළු හදවතම දෙන්න වෙනවා. දහසක් වැඩ තියෙනවා නම් ඒ වැඩ වලට අතිශය කාර්යබහුල වෙලා නම් බිස්නස් එක දැන්ම පටන්ගන්න එපා. කල් දෙන්න. මොකද ව්‍යාපාරයක් බාගෙට කරන්න බෑ. පාට් ටයිම් කරන්න බෑ. බාගෙට බිස්නස් කරලා තියෙන දේත් නැතිකරගන්න එපා. සම්පූර්ණ මානසික කායික ශක්තියම ව්‍යාපාරයට යොදවන්න. මොකද යොදවන අනිත් දේවල් අඩුයි නේ. ඒ නිසා මේකවත් හරියට දෙන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගන්න කළින් ඒ ගැන කාත් සමඟවත් කියවන්න එපා. අලුත් අදහස් ගැන උජාරුවෙන් කයිවාරු ගහන්න එපා. වැඩ වලින් ලෝකයට මැජික් එක පෙන්වන්න. වචන වලින් මැජික් පෙන්වන්න අමාරුයි. වැඩ වලට විතරයි බිස්නස් වලදි ලකුණු ලැබෙන්නේ. කයිවාරු වලට ලැබෙන්නේ බිංදු විතරයි. ගල් ලෙනක සැඟවිලා හරි හරි දේ මාකට් කරන්න. ඊට කළින් වචනයක්වත් ඒ ගැන ඒ ගැන කතා නොකරන තරමට හොඳයි ව්‍යාපාරයක් කරනවා කියන්නේ කලාවක්. නැතුව වෙන දෙයක් නොවෙයි. කලාවක් පිහිටන්නේ සත්‍ය අභ්‍යාසයෙන් සහ පුහුණුවීමෙන් කියලා පඬිවරයෝ කියලා තියෙනවා. ඔබට සත්‍ය අභ්‍යාසයක් ඕන. ඒ වගේම හොඳ පුහුණුවක් ඕන. මේ දේවල් වෙනුවෙන් නිදි නැති රාත්‍රීන් සිය ගණනක් ඔබට කැපකරන්න වෙනවා. පස්සේ කාලෙක අටට නිදාගෙන අටට නැගිටින්න පුළුවන්. ඒත් ව්‍යාපාරයක සුහුඹුල් අවධියේදී ඔබට එකට නිදාගෙන දෙකට නැගිටින්න වෙනවා. ඒක තමා තිත්ත ඇත්ත. ඒ වෙනුවෙන් සූදානම් පමණක් බිස්නස් කරන්න එන්න. බිස්නස් කරන කෙනෙක්ට හොඳ ඉවක් තියෙන්න ඕන. කතාවට කියන්නේ මීටරයක් තියෙන්න ඕන කියලා. වෙළඳපොල හැසිරෙන්නේ කොහොමද? අලුත් නිෂ්පාදනයක් මාකට් කරන්නේ කොහොමද? තරඟකාරයෝ සමඟ හැප්පෙන්නේ කොහොමද? කියලා ඉවෙන් තේරුම් ගන්න වෙනවා. ඒ ඉව ලේසියෙන් කෙනෙක්ට පිහිටන්නේ නෑ. ඉව හදාගෙන තමයි යන්න වෙන්නේ. කොටියෙක්ට වගේ ඉවක් නැත්නම් බිස්නස් කරන්න බෑ. අල්ලපු ගෙදර අය ගැනවත් නොදන්න, තමන් ඉන්න පළාතේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද කියලාවත් නොදන්න, පාරක තොටක ඇවිදලා නැති පාරක් තොටක් දන්නේ නැති, මිනිස්සු හැරෙනකොට කියන්න බැරි කෙනෙක්ට බිස්නස් කරන්න බෑ. බිස්නස් කරන්න ඊට වඩා පුළුල් අවබෝධයක් තියෙන්න ඕන. බිස්නස් කරනකොට සරු දේ ගන්නත් නිසරු දේ අහක දාන්නත් හොඳ මානසිකත්වයක් තියෙන්න ඕන. ගොඩක් බිස්නස් කරන්න එන අය කරන්නේ සරු දේ අහක දාලා නිසරු දේ ළංකරගන්න එකයි. බිස්නස් එක පටන් අරන් මාසෙන් දෙකෙන් වහලා රට පනින්න වෙන්නේ එහෙම අයටයි. සල්ලි ටිකක් අතපත ගාන්න පටන්ගත්ත ගමන් පාටි දාගෙන කට්ටිය වටකරගෙන අල්ල පනල්ලේ සල්ලි විසිකරමින් බොතල් කඩමින් හැසිරෙන්නේ ව්‍යාපාරිකයෝ නෙමෙයි. නිකං මුදලාලිලා බව මතක තබා ගන්න. මුදලාලිලා යනු ව්‍යවසායකයන් නොවෙයි. ව්‍යාපාරිකයෙක්ගේ හැමදේම ලස්සන වෙන්න ඕන. එයා කතාකරනකොට හරි හැඩයි. අඳින පළඳින විදිහ පිළිවෙලයි. ගමන බිමන සන්සුන්. කතාකරන්න කළින් එයා හිතනවා. අන් අයට ගරු කරනවා. ගෙවල් දොරවල් හරිම පිළිවෙලයි. තමන්ගේ බිරිඳ සැමියා දරුවන් දෙමාපියන් සමඟ හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. අල්ල පනල්ලේ වියදම් කරන්නේ නෑ. අහුවෙන දේ කන්නේ නෑ. අහුවෙන කෙනා සමඟ බොන්නේ නෑ. හැමදේකම නියමිත රටාවක් තියෙනවා. හොඳ හැම ව්‍යාපාරිකයෙක්ගේම මේ රටාව හඳුනාගන්න පුළුවන්. අන්න ඒ රටාව තමයි සාර්ථකත්වයේ රටාව. ඒක නිසා තමයි ව්‍යාපාරයක් මලක් වගේ පිපෙන්නේ. ව්‍යාපාරයක් කරන්න හිතන කෙනෙක් වෙලාවට අන්තිම තත්පරයට වැඩ කරන්න ඕන. වෙලාවට වැඩ කරන්න බැරි කෙනෙක්ට බිස්නස් කරන්න බෑ. එයා කියන වෙලාවට එනවා. කියන වෙලාවට යනවා. කියන දේ කරනවා. කරන දේ පමණක් කියනවා. කිසිම කෙනෙක්ව රස්තියාදු කරන්නේ නෑ. ඒ වගේම එයා රස්තියාදු වෙන්නෙත් නෑ. ව්‍යාපාරිකයෙක් කළමනාකරණය කරන හොඳම දේ තමයි කාලය. මොකද එයාට අහක දාන්න කාලයක් නෑ. හැම තත්පරයක්ම වටිනවා. ඒක හොඳින් මතක තබාගන්න. ව්‍යාපාරයක් කරනකොට තම ව්‍යාපාරයට දරුවෙක්ට වගේ ආදරය කරන්න ඕන. ඒකට කවදාවත් ගරහන්න නරකයි. 'මේක මහ වහුතු බිස්නස් එකක්', 'මේක මම හැමදාම කරන්නේ නෑ', 'මේක එච්චර ලාභ එන බිස්නස් එකක් නෙවෙයි', 'මේවත් බිස්නස් ද?' වශයෙන් තමාගේම ව්‍යාපාරයට ඔහු ගරහන්නේ නෑ. එයට අප්‍රමාණව දරුවෙක්ට වගේ ආදරය කරනවා. එහෙම වුණාම ව්‍යාපාරයට ඔහු ආදරය කරන රටාවෙන්ම ව්‍යාපාරයත් ඔහුට ආදරය කරන්න පටන් ගන්නවා. මොකද ව්‍යාපාරයටත් ජීවිතයක් හදවතක් තියෙන නිසා. අමාරුම දේ තමා අල්ලාගෙන ඉන්න අමාරුකම. බොහෝමයක් බිස්නස් කරන්න එන අය අල්ලාගෙන ඉන්න දන්නේ නැහැ. දෙයක් දරාගෙන ඉස්සරහට යන්න බෑ. ඒ ඉවසීම නෑ. ව්‍යාපාර වලදී සෑහෙන දුරක් සෑහෙන කාලයක් අල්ලාගෙන යන්න වෙනවා. මේ පොරොත්තු කාලය නැත්නම් ප්‍රොබේෂන් පීරියඩ් එක හැම ව්‍යාපාරයකම තියෙනවා. මේ කාලය කෙනෙක් අසාමාන්‍ය ලෙස ඉවසාගෙන දරාගෙන සිටිය යුතුමයි. හොඳ ව්‍යාපාරිකයෙක් හොඳ සිහින දකින්නෙක් විය යුතුයි. සිහින නොදකින කෙනාට බිස්නස් කරන්න බෑ. තම ව්‍යාපාරය ගැන ඔහු දකින සිහින හරිම සුන්දර විය යුතුයි. ඒ සිහින මැවෙන්නේ අහසේ තමයි. නමුත් ඔහු ඊළඟ මොහොතේ සිටම මේ සිහින වලට පොළවේ සිට අත්තිවාරම් දමාගෙන යනවා. එයයි ව්‍යාපාරික කලාව. " - උපුටා ගැනිමකි[/SIZE] [URL="https://www.facebook.com/groups/217168605495703/permalink/398107444068484/"]https://www.facebook.com/groups/217168605495703/permalink/398107444068484/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom