වඳින එක ප්‍රාථමිකයි. කාට හරි වඳින එකෙන් අදහස් කරන්නෙ වන්දනා ලබන පුද්ගලයා වඳින පුද්ගලයාට වඩා උසස් බවක්. Objects වලට වැඳල තේරුමක් නෑනේ කොහොමත්. කාටවත් වඳින්න අවශ්‍ය නෑ. බුදුහාමුදුරුවො කිව්වෙත් නෑ උන් වහන්සේට වඳින්න කියලා. පිදිය යුත්තන් පුදන්න කියල කිව්වෙ උන් වහන්සේ.
"අසෙවනා ච බාලානං, පණ‍්ඩිතානඤ‍්ච සෙවනා
පූජා ච පූජනෙය්‍යානං එතං මඞ‍්ගලමුත‍්තමං"
මොකද වැන්දා කියල ඒක පිදිය යුත්තන් පිදීමක් නෙමෙයි. ඒක ප්‍රාථමික වහල් කමක්. පිදිය යුත්තන් පිදීම කියන්නෙ ලාභ ප්‍රයෝජන අරමුණු කර නොගෙන පිදිය යුත්තන්ට සැලකීම. උදව් කිරීම.