Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුලතිවු වනයේ සැඟවුණු වන්නඩි පාළම හා අමුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලතිවු වනයේ සැඟවුණු වන්නඩි පාළම හා අමුණ

. පුරාණයේදී පදවිය වැවෙන් උතුරු ප්‍රදේශයේ ප්‍රධාන ජල මාර්ග වූයේ යාන් ඔය හා මා ඔයයි. යාන් ඔය හබරණ ආශ්රිත ප්‍රදේශයෙන් ආරම්භ වී ත්‍රිකුණාමල මුහුදට උතුරින් පුල්මුඩේ ප්‍රදේශයෙන් මුහුදට සම්බන්ඳ වෙනවා. පදවිය වැවෙන් මා ඔයට ජලය එක්වෙනවා. මා ඔය මුහුදට වැටෙන්නේ මා ඔය කෝකිලායි කලපුවෙන්.

ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා මාස 4 තුල විශාල ජාල ප්‍රමාණයක් අද මෙම ඇළවල් හරහා ප්‍රයෝජනයක් නොමැතිව මහ මුහුදට එක්වෙනවා. නමුත් පුරාණයේ මෙම ජලය පදවිය, වාහල්කඩ ඇතුළු විශාල හා කුඩා වැව් විශාල ප්‍රමාණයක් පෝෂණය කලබව පෙනෙනවා. පුරාණ ශ්‍රී ලංකාවේ ගංගා හා වෙනත් දියපහරවල් හරහා බඳින ලද උසින් අඩු බැමි අමුණු ලෙස හැඳින්වෙනවා.

මෙම අමුණු මගින් ගංගාවේ ජල කඳ වෙනත් ඇල මාර්ග වලට හරවා කෙත්වතු වලට හෝ වෙනත් වැව් පිරවීම සඳහා භාවිතා කරන උනා. වන්නඩි අමුණ තිබෙන්නේ මුලතිවු දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වැලිඔය ග්‍රාමයේ රූස්ස කැලයක් හරහා ගලායන දියපහරක් හරස් කරමින්. මෙම අමුණ ගොඩනැගීමට ගත් ගල් කුට්ටි මත ඇති ගල්කටු සලකනු අනුව මෙම අමුණ අනුරාධපුර යුගයට අයත් බව නිර්ණය කොට තිබෙනවා. උතුරු දිශාවෙන් 223 බලසේනා මූලස්ථානයටද, දකුණු දෙසින් සමූහ ගොවිපළකටද, නැගෙනහිරින් යාය 5-6 කෙත් යායටද, බටහිරින් නිකවැව ගම්මානයටද මායිම් ව පවතින මෙය

අනුරාධපුර දිස්ත්‍රීක්කයත් වන්නි දිස්ත්‍රීක්කයත් වෙන් වන මායිමේ පිහිටා තියනවා. මෙම අමුණ සදා තිබෙන්නේ කිවුල් ඔය හා මා ඔය එක්වන ස්ථානයට තරම පහතින්. පදවිය වැවේ එක්රැස් වෙන අමතර ජලය ගලා යන්නේ මා ඔය ඔස්සේයි. මා ඔය කෝකිලායි කලපුවෙන් මුහුදට එක් වෙනවා. මෙම ජලපහර හරස් කොට සෑදූ අමුණෙන් ජලය එතැන් සිට වැලි ඇල ඔස්සේ පහළ පිහිටි නික වැව, කිරිඉබ්බන් වැව, ආදී වැව් පෝෂණයට යොදා ගෙන තිබෙනවා. වන්නඩි අමුණ දිගින් මීටර් 200ක් පමණ වෙනවා. පළල මීටර නමයක් පමණ සහ උස ආසන්න වශයෙන් මීටර 2.5 – 3 අතර වෙනවා.

මේ අමුණ සෑදීමට විශාල ගල් කුට්ටි භාවිතා කළ අයුරු අදටත් දැකගන්නට පුළුවන්. මෙහි එක් ගල් කුට්ටියක් සෙන්ටිමීටර 60ක් පමණ පළල සහ මීටර 1.8+ දිග වෙනවා. මෙම අමුණට කිලෝමීරයක් පමණ ඊසාන දෙසින් පරාක්රමපුර සිට වැලිඔය මාර්ගය අසබඩ වැලිඔය මහා සෑය දැකගන්නට පුළුවන්. මෙම පුරාණ විහාරයේ ලෙනට පිටුපසින් විශාල ගල් කුට්ටි නිමවූ ගල් කොරි කිහිපයක නටබුන් තිබෙනවා. මෙහි කුට්ටි කරනලද නමුත් ප්‍රයෝජනයට නොගත් ගල් කුට්ටි කිහිපයක් දැකගගන්න පුළුවන්.

මෙම ගල් කුට්ටි වන්නඩි අමුණේ ගල් හා සමාන වන අතර මෙම ගල් කොරිය අසල වෙනත් ශෛලමය නිර්මාණ නැති නිසා මෙය අමුණට ගල් සැපයූ ස්ථානයක් ලෙස හඳුනාගැනීමට පුළුවන්. වර්තමානයේ මෙහි ජලය පිට කිරීමට සෑදූ දොරටු දෙකක නටබුන් දක්නට ලැබෙනවා දැනට ස්ථාන තුනකින් අමුණේ ගල් රූරා වැටී තිබෙනවා. එක් වර්ෂයකදී පදවිය වැව පිටාර ගලා මා ඔස්සේ ආ ජලපහර මෙම අමුණට දරාගත නොහැකිව ගල් බැම්ම බිඳී ගිය බව ප්‍රදේශවාසීන් පවසනවා. මෙම අමුණේ නටබුන් අතර උතුරු දිසා කෙලවරේ ගල් කුට්ටි වලට ඉහළින් ගඩොල් අතුරා ඇති අයුරු දැක ගන්නට පුළුවන්. මේ මගින් මෙම අමුණ ගඟ හරහා ගමන් කිරීමට පාලමක් ලෙස ද භාවිතා වූ බව නිර්ණය කරන්න පුළුවන්.

එම නිසා මෙය වන්නඩි පාලම ලෙස ද හඳුන්වනවා. දැනට ගල්වංගුව ලෙස හදුන්වන ප්‍රදේශය හරහා වැටී තිබුන පුරාණ ගමන් මාර්ගයක් මේ පාළම හරහා ගිය බව ජනප්රවාදයේ එනවා.ඒ බව සනාථ කළ හැකි සාධක ද ඒ අවට ප්‍රදේශ වලින් හමුවී තිබෙනවා. 1961 වර්ෂයේ පදවිය ජනපදවාසීන් පිරිසක් විසින් කිවුල් ඔයෙන් කෙත් බිම් හරහා යන ජලය එක් කර ගැනීම සඳහා කුඩා ඇල මාර්ගයක් කපමින් සිටියදී පසට යටවී තිබී හමු වූ ලිග්ගල් තුනක් ද, හැන්දක් ද, අළු ද හමූවී තිබෙනවා.

ඒ ආකාරයටම අදටත් වැල්ලෙන් යටවී පවතින විශාල පාදමක් ද, සමූහ ගොවිපළ ආසන්නයෙන් දැකගත හැකියි. එම පාදම එදා මහසෙන් රජු විසින් පදවි වැව ආසන්නයේ ඉදි කළ පාදමකට ඉතා කිට්ටු නෑකම් කියන්නක් බව ජනපද වාසීන්ගේ අදහසයි. එලෙසම පාළම අවසන් වන ස්ථානයේ ඇති ස්ථුපයක නටඹුන්ද දක්නට ලැබෙනවා. මෙම යෝධ නිර්මාණය පිළිබදව කිසිම පත පොතක හෝ සෙල්ලිපියක සඳහන් නොවීම නිසා කවදා, කෙදිනක,කවුරුන් විසින් මෙය නිර්මාණය කළාද, යන්න නිශ්චිත කර ගැනීමට නොහැකි වී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ ග්‍රන්ථයේ මෙම පාලමට යාමට ඇති මාර්ගය මෙසේ සඳහන් වෙනවා.

“මෙම ස්ථානයට ළඟාවීම සඳහා විය පරාක්රමපුර සිට වැලිඔය මාර්ගයේ ගමන් කරන වැලිඔය පාලම පසුකර මීටර් 500 පමණ ඉදිරියට ගමන් කළ යුතුය. එහිදී මෙම මාර්ගයෙන් වම් පසට හැරී කිලෝමීටර 1.5 ක් පමණ ගමන් කර විට මෙම පුරාවිද්‍යා සාධක දක්නට ඇත” නමුත් විකිපීඩා වාර්තාවක මෙම පාලමට ඇති ගමන් මග මෙසේ සඳහන් වෙනවා. “… පරාක්රමපුර නගරය මධයේ සිට කිලෝමීටර 5 කට ආසන්න දුරකිනි. පරාක්රමපුර නගර මධයේ සිට කිලෝමීටර 1 1/2 ක දුරට උතුරු දෙසට තාර දැමූ මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට බටහිර දිශාවට කිලෝමීටරයක දුරක් 11 වෙනි බෙදුම් ඇළට (ඩී 11) යාබද මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට උතුරු දිශාවට කිලෝමීටර 2 1/2 පමණ දුරක් කටු පඳුරු වන ලැහැබවල් මැදින් වැටී ඇති පුංචි අඩිපාරක් දිගේ යා යුතුය.” ඉහත ගමන් පෙන්වීම් යම් පරස්පර විරෝධීතාවයක් පෙන්නුම් කරන අතර කිලෝ මීටර 2-3ක වෙනසක් පෙන්වනවා. නමුත් කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය පුරාවිද්‍යා බලපෑම් වාර්තාවේ

මෙම ස්ථානයේ GPS අගය දක්වා තිබෙනවා. එය බොහෝ දුරට විකිපීඩියා පිටුවේ දක්වන ස්ථානය හා සමානතාවයක් දක්වනවා. AmazingLanka.com හි පලවූ ලිපියකි.[ATTACH=full]146911[/ATTACH][ATTACH=full]146912[/ATTACH][ATTACH=full]146913[/ATTACH][ATTACH=full]146914[/ATTACH]

[QUOTE="IMUNA, post: 26963827, member: 392391"] මුලතිවු වනයේ සැඟවුණු වන්නඩි පාළම හා අමුණ . පුරාණයේදී පදවිය වැවෙන් උතුරු ප්‍රදේශයේ ප්‍රධාන ජල මාර්ග වූයේ යාන් ඔය හා මා ඔයයි. යාන් ඔය හබරණ ආශ්රිත ප්‍රදේශයෙන් ආරම්භ වී ත්‍රිකුණාමල මුහුදට උතුරින් පුල්මුඩේ ප්‍රදේශයෙන් මුහුදට සම්බන්ඳ වෙනවා. පදවිය වැවෙන් මා ඔයට ජලය එක්වෙනවා. මා ඔය මුහුදට වැටෙන්නේ මා ඔය කෝකිලායි කලපුවෙන්. ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා මාස 4 තුල විශාල ජාල ප්‍රමාණයක් අද මෙම ඇළවල් හරහා ප්‍රයෝජනයක් නොමැතිව මහ මුහුදට එක්වෙනවා. නමුත් පුරාණයේ මෙම ජලය පදවිය, වාහල්කඩ ඇතුළු විශාල හා කුඩා වැව් විශාල ප්‍රමාණයක් පෝෂණය කලබව පෙනෙනවා. පුරාණ ශ්‍රී ලංකාවේ ගංගා හා වෙනත් දියපහරවල් හරහා බඳින ලද උසින් අඩු බැමි අමුණු ලෙස හැඳින්වෙනවා. මෙම අමුණු මගින් ගංගාවේ ජල කඳ වෙනත් ඇල මාර්ග වලට හරවා කෙත්වතු වලට හෝ වෙනත් වැව් පිරවීම සඳහා භාවිතා කරන උනා. වන්නඩි අමුණ තිබෙන්නේ මුලතිවු දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වැලිඔය ග්‍රාමයේ රූස්ස කැලයක් හරහා ගලායන දියපහරක් හරස් කරමින්. මෙම අමුණ ගොඩනැගීමට ගත් ගල් කුට්ටි මත ඇති ගල්කටු සලකනු අනුව මෙම අමුණ අනුරාධපුර යුගයට අයත් බව නිර්ණය කොට තිබෙනවා. උතුරු දිශාවෙන් 223 බලසේනා මූලස්ථානයටද, දකුණු දෙසින් සමූහ ගොවිපළකටද, නැගෙනහිරින් යාය 5-6 කෙත් යායටද, බටහිරින් නිකවැව ගම්මානයටද මායිම් ව පවතින මෙය අනුරාධපුර දිස්ත්‍රීක්කයත් වන්නි දිස්ත්‍රීක්කයත් වෙන් වන මායිමේ පිහිටා තියනවා. මෙම අමුණ සදා තිබෙන්නේ කිවුල් ඔය හා මා ඔය එක්වන ස්ථානයට තරම පහතින්. පදවිය වැවේ එක්රැස් වෙන අමතර ජලය ගලා යන්නේ මා ඔය ඔස්සේයි. මා ඔය කෝකිලායි කලපුවෙන් මුහුදට එක් වෙනවා. මෙම ජලපහර හරස් කොට සෑදූ අමුණෙන් ජලය එතැන් සිට වැලි ඇල ඔස්සේ පහළ පිහිටි නික වැව, කිරිඉබ්බන් වැව, ආදී වැව් පෝෂණයට යොදා ගෙන තිබෙනවා. වන්නඩි අමුණ දිගින් මීටර් 200ක් පමණ වෙනවා. පළල මීටර නමයක් පමණ සහ උස ආසන්න වශයෙන් මීටර 2.5 – 3 අතර වෙනවා. මේ අමුණ සෑදීමට විශාල ගල් කුට්ටි භාවිතා කළ අයුරු අදටත් දැකගන්නට පුළුවන්. මෙහි එක් ගල් කුට්ටියක් සෙන්ටිමීටර 60ක් පමණ පළල සහ මීටර 1.8+ දිග වෙනවා. මෙම අමුණට කිලෝමීරයක් පමණ ඊසාන දෙසින් පරාක්රමපුර සිට වැලිඔය මාර්ගය අසබඩ වැලිඔය මහා සෑය දැකගන්නට පුළුවන්. මෙම පුරාණ විහාරයේ ලෙනට පිටුපසින් විශාල ගල් කුට්ටි නිමවූ ගල් කොරි කිහිපයක නටබුන් තිබෙනවා. මෙහි කුට්ටි කරනලද නමුත් ප්‍රයෝජනයට නොගත් ගල් කුට්ටි කිහිපයක් දැකගගන්න පුළුවන්. මෙම ගල් කුට්ටි වන්නඩි අමුණේ ගල් හා සමාන වන අතර මෙම ගල් කොරිය අසල වෙනත් ශෛලමය නිර්මාණ නැති නිසා මෙය අමුණට ගල් සැපයූ ස්ථානයක් ලෙස හඳුනාගැනීමට පුළුවන්. වර්තමානයේ මෙහි ජලය පිට කිරීමට සෑදූ දොරටු දෙකක නටබුන් දක්නට ලැබෙනවා දැනට ස්ථාන තුනකින් අමුණේ ගල් රූරා වැටී තිබෙනවා. එක් වර්ෂයකදී පදවිය වැව පිටාර ගලා මා ඔස්සේ ආ ජලපහර මෙම අමුණට දරාගත නොහැකිව ගල් බැම්ම බිඳී ගිය බව ප්‍රදේශවාසීන් පවසනවා. මෙම අමුණේ නටබුන් අතර උතුරු දිසා කෙලවරේ ගල් කුට්ටි වලට ඉහළින් ගඩොල් අතුරා ඇති අයුරු දැක ගන්නට පුළුවන්. මේ මගින් මෙම අමුණ ගඟ හරහා ගමන් කිරීමට පාලමක් ලෙස ද භාවිතා වූ බව නිර්ණය කරන්න පුළුවන්. එම නිසා මෙය වන්නඩි පාලම ලෙස ද හඳුන්වනවා. දැනට ගල්වංගුව ලෙස හදුන්වන ප්‍රදේශය හරහා වැටී තිබුන පුරාණ ගමන් මාර්ගයක් මේ පාළම හරහා ගිය බව ජනප්රවාදයේ එනවා.ඒ බව සනාථ කළ හැකි සාධක ද ඒ අවට ප්‍රදේශ වලින් හමුවී තිබෙනවා. 1961 වර්ෂයේ පදවිය ජනපදවාසීන් පිරිසක් විසින් කිවුල් ඔයෙන් කෙත් බිම් හරහා යන ජලය එක් කර ගැනීම සඳහා කුඩා ඇල මාර්ගයක් කපමින් සිටියදී පසට යටවී තිබී හමු වූ ලිග්ගල් තුනක් ද, හැන්දක් ද, අළු ද හමූවී තිබෙනවා. ඒ ආකාරයටම අදටත් වැල්ලෙන් යටවී පවතින විශාල පාදමක් ද, සමූහ ගොවිපළ ආසන්නයෙන් දැකගත හැකියි. එම පාදම එදා මහසෙන් රජු විසින් පදවි වැව ආසන්නයේ ඉදි කළ පාදමකට ඉතා කිට්ටු නෑකම් කියන්නක් බව ජනපද වාසීන්ගේ අදහසයි. එලෙසම පාළම අවසන් වන ස්ථානයේ ඇති ස්ථුපයක නටඹුන්ද දක්නට ලැබෙනවා. මෙම යෝධ නිර්මාණය පිළිබදව කිසිම පත පොතක හෝ සෙල්ලිපියක සඳහන් නොවීම නිසා කවදා, කෙදිනක,කවුරුන් විසින් මෙය නිර්මාණය කළාද, යන්න නිශ්චිත කර ගැනීමට නොහැකි වී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ ග්‍රන්ථයේ මෙම පාලමට යාමට ඇති මාර්ගය මෙසේ සඳහන් වෙනවා. “මෙම ස්ථානයට ළඟාවීම සඳහා විය පරාක්රමපුර සිට වැලිඔය මාර්ගයේ ගමන් කරන වැලිඔය පාලම පසුකර මීටර් 500 පමණ ඉදිරියට ගමන් කළ යුතුය. එහිදී මෙම මාර්ගයෙන් වම් පසට හැරී කිලෝමීටර 1.5 ක් පමණ ගමන් කර විට මෙම පුරාවිද්‍යා සාධක දක්නට ඇත” නමුත් විකිපීඩා වාර්තාවක මෙම පාලමට ඇති ගමන් මග මෙසේ සඳහන් වෙනවා. “… පරාක්රමපුර නගරය මධයේ සිට කිලෝමීටර 5 කට ආසන්න දුරකිනි. පරාක්රමපුර නගර මධයේ සිට කිලෝමීටර 1 1/2 ක දුරට උතුරු දෙසට තාර දැමූ මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට බටහිර දිශාවට කිලෝමීටරයක දුරක් 11 වෙනි බෙදුම් ඇළට (ඩී 11) යාබද මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට උතුරු දිශාවට කිලෝමීටර 2 1/2 පමණ දුරක් කටු පඳුරු වන ලැහැබවල් මැදින් වැටී ඇති පුංචි අඩිපාරක් දිගේ යා යුතුය.” ඉහත ගමන් පෙන්වීම් යම් පරස්පර විරෝධීතාවයක් පෙන්නුම් කරන අතර කිලෝ මීටර 2-3ක වෙනසක් පෙන්වනවා. නමුත් කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය පුරාවිද්‍යා බලපෑම් වාර්තාවේ මෙම ස්ථානයේ GPS අගය දක්වා තිබෙනවා. එය බොහෝ දුරට විකිපීඩියා පිටුවේ දක්වන ස්ථානය හා සමානතාවයක් දක්වනවා. AmazingLanka.com හි පලවූ ලිපියකි.[ATTACH type="full"]146911[/ATTACH][ATTACH type="full"]146912[/ATTACH][ATTACH type="full"]146913[/ATTACH][ATTACH type="full"]146914[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom