Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුල්ලෙරියා සටන සිදුවී වර්ෂ 467 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීතාවක යටත් කිරීමේ පෘතුගීසි සැලසුම

ක්‍රි.ව.1559 දී එවකට කොලබ ප්‍රතිකාල් ප්‍රධාන සෙන්පති වූ Jom Gorge de Menses Baroche විසින් සීතාවක රාජ්‍යය සම්පූර්ණයෙන්ම යටත් කරගැනීම සදහා සැලසුම් සකස් කල අතර ඒ අනුව ප්‍රථමයෙන් මාපිටිගම බලකොටුවට පහර දී විනාශ කර ඉන්පසුව සීතාවක අභ්‍යන්තරය වෙත ආක්‍රමණය දියත් කිරීම සඳහා සැලසුම් සකස් කෙරිනි. මේ අනුව කොළඹ සිට කැලණි ගඟ දකුණු ඉවුර ඔස්සේ ගඟට සමාන්තරව ගොඩබිම හරහා පාබල ආක්‍රමණයක් සැලසුම් කෙරුනු අතර ගංගාව ඔස්සේ ඔරු, පාරු යොදාගනිමින් සැපයුම් ආදිය (logistics) සැලසුම් කෙරිනි. කැලණි ගංගාවේ උතුරු ඉවුරේ සියනෑ කොරළයේ පිහිටා තිබූ මාපිටිගම බලකොටුව වෙත පහරදීම සදහා ගංගාව තරණය කිරීම අවශ්‍ය වූ අතර ප්‍රථමයෙන් දකුණු ඉවුරේ ස්ථාපනය කරන ලද සීතාවක ආරක්ෂක සංවිධානය විනාශ කර ඉන් පසුව කැලණි ගංගාව තරණය කිරීමට සැලසුම් කරන ලදැයි මූලාශ්‍ර විශ්ලේෂණයෙ කිරීමේදී පෙනීයයි. මෙම සැලසුම් පිලිබද දැනුවත් වූ එවකට සීතාවක හමුදාවන් මෙහෙයවූ ටිකිරි කුමරුන් විසින් ආක්‍රමණයට මුහුණදීම සදහා විශිෂ්ඨ සංග්‍රාමික සැලැස්මක් සකස් කල අතර ඒ අනුව පියවර කීපයක් ඔස්සේ ආක්‍රමණයට මුහුණ දීමට තීරණය කෙරිණි. මෙහිදී ආක්රමණික සේනා සීතාවක රාජ්‍යයේ සමීපයට පැමිණීමට පෙර ඔවුන්ගේ සංග්‍රාමික හැකියාව හැකිතාක් දුර්වල කිරීම සදහා වික්‍රමසිංහ මුදලි යටතේ කුඩා සේනාංකයක් හේවාගම සිට කැලණි ගගේ දකුණු ඉවුර ඔස්සේ ඉදිරියට මෙහෙයවුනු අතර මුහුණට මුහුණලා හමුවූ ප්‍රතිකාල් සේනාව සමග දරුණු සටන් ඇවිලුනු අතර මෙහිදී සීතාවක සේනාංක වෙත සැලකියයුතු හානි සිදුවූ අතර උපක්‍රමශීලී ලෙස ආපස්සට පසුබැසීම සිදුවිය. මෙහිදී මීටර 1800 කට වඩා දුරකට අඛණ්ඩ වෙඩි බලයක් ලබාදිය හැකි berco ජංගම කාලතුවක්කු (mobile artillery ) ඉතාම තීරණාත්මක විය. මෙම අතරමග සටන් මගින් ප්‍රතිකාල් සේනා වලටද තදබල හානි සිදුවූ අතර ඔවුන්ගේ වෙඩිඋණ්ඩ, වෙඩිබෙහෙත් ආදී යුධෝපකරණ (ordanance) විශාල ලෙස වැයවී තිබුනි. ඊට අමතරව සඳහන් කලයුතු වැදගත් කරුණක් වන්නේ කොලබ මූල කදවුරේ සිට විශාල දුරක් පැමිණ තිබූ බැවින් ඔවුන්ගේ සැපයුම් මාර්ග තුනී වී (overextended logistics) තිබීමයි. සීතාවක පසු බැසීමෙන් ධෛර්යවූ පරංගි සෙන්පති මෙන්සස් සීතාවක සේනාව හඹාගෙන යාමට තීරණය කල නමුත් තත්වයේ බැරෑරුම් කම වටහාගත් පළපුරුදු සෙබළුන් එයට එරෙහිවූ බැවින් මුල්ලේරියාව / අඹතලේ ප්‍රදේශයේ කැලණි ගංගාවේ දකුණු ඉවුරේ ගගට ආසන්න තැනිතලා වගුරු බිමක කඳවුරු ගත වීමට තීරණය කරනු ලැබීය.

ටිකිරි කුමරුන්ගේ විශිෂ්ඨ සංග්‍රාමික සැලැස්ම

(Tactical battle plan of Tikiri Bandara)

මේ අතර තම සටන් සැලසුමේ ඊලඟ තීරණාත්මක පියවර ක්‍රියාත්මක කිරීමට කටයුතු කල ටිකිරි කුමාරයන් යුහුසුලුව ඉදිරි මහා ප්‍රහාරය සැලසුම් කරන ලදී. ඒ අනුව පෘතුගීසි කදවුරේ ස්ථානගතවීම හා අවට භූගෝලීය පිහිටුම සලකා පෙරමුණු දෙකකින් ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන ලද අතර කොරතොට, අතුරුගිරිය හා හෝකන්දර ආදී ප්‍රදේශවල ඉලංගම් සටන්හි නිපුණ පළපුරුදු සටන්කරුවන් දහසක පමණ සේනාංකයක් ඉතා රහසිගතව පෘතුගීසි කදවුරු සංකීර්ණයට පිටුපසින් ( කොළඹ දෙසට) කැලණි ගගට සමාන්තරව රදවන ලද අතර එහි අරමුණ වූයේ ඉදිරිපසින් එල්ලවන ප්‍රහාරයකදී සතුරු සේනා කොළඹ දෙසට පසුබැසීම වැළැක්වීමටය. (අංක 2 සිතියම) මෙය ඉතා විශිෂ්ඨ සංග්රාමෝපායක් බව පසුව සිදුවූ සිදුවීම් වලින් පැහැදිලි විය.

ප්‍රධාන ප්‍රහාරය පෘතුගීසි කදවුර ඉදිරිපසින් පළල් මුහුනතක් (wider battle front) ඔස්සේ සැලසුම් කරන අතර එහි අරමුණ වූයේ පෘතුගීසි කාලතුවක්කු වෙඩි බලය පටු මුහුණතකට සංකේන්ද්‍රණය ( artillery concentrations) වීමෙන් ඇතිවියහැකි විනාශය වැළැක්වීමය. ප්‍රහාරක පෙරමුණෙහි මධ්‍යය සන්නද්ධ හස්තීන් සහිත ප්‍රධාන ප්‍රහාරක සේනාංකයෙන්ද දෙපස සහ පැති ආරක්ෂාව ( flank defenses ) පලිස්කරුවන් ආදීන්ගෙන සමන්විත සේනාංක දෙකකින් සමන්විත විය.

ප්‍රධාන අභියෝගය වූයේ අතිශය විනාශකාරී කාලතුවක්කු වෙඩි පරාසය (Artillery firing range) හැකි උපරිම වේගයෙන් තරණය කොට පෘතුගීසි ඉදිරිපෙළ වෙත කඩාවැදීම වන අතර ඒ සදහා සටන් මුහුණතේ සන්නාහ සන්නද්ධ හස්තීන් පෙරටු කරගෙන ඔවුන්ගේ ආවරණය යටතේ කඩු, පලිස්, හෙලි ආදියෙන් සන්නද්ධ පාබල සේනා ඉදිරියට මෙහෙයවන ලදී. මෙහිදී කාලතුවක්කු ප්‍රහාර වල අධික ශබ්දය හේතුවෙන් හස්තීන් කුලප්පුවී යාම් සිදුවූ අතර පාලනය සදහා විශාල දම්වැල් ආදිය යොදාගත් බවට සාධක ඇත. සටනක සාර්ථකත්වය සදහා ඉතා වැදගත් වන අණ හා පාලනය ( command and control) පවත්වා ගැනීම සදහාද මෙවැනි ප්‍රහාරයක්දී ඉතා වැදගත් වන ධෛර්යය හා උද්යෝගය ( morale ) පවත්වා ගැනීම සදහාද තරුණ ටිකිරි කුමරුන් අශ්වයකු පිට අරා සම්පූර්ණ සටන් පෙරමුණ ආවරණය වන සේ වේගයෙන් අසු විහිදුවාලමින් නොනවතින රැළි සේ සේනා ඉදිරියට මෙහෙයවන ලදී. කාලතුවක්කු වෙඩි පරාසය සම්පූර්ණ කල පසු පෙර සදහන් කල Archebus පුද්ගල ගිනි අවි පරාස දුර (මී. 80) තරණය කර නැවත නැවතත් වෙඩි බෙහෙත් යොදා පහරදීමට පෙර සතුරු ඉදිරි පෙළ බිදදැමීම සීතාවක අණදෙන්නන්ගේ අභිලාෂය විය. ප්‍රතිකාල් ඉදිරිපෙළ වෙත කඩා වැදුනු හෙලි, කඩු, දුනු, පලිස් ආදියෙන් සන්නද්ධ සීතාවක සෙබළුන් හා පෘතුගීසි සෙබළුන් අතර මුහුණට මුහුණලා දරුණු සටන් ඇති වූ අතර ලෝක යුද ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මුල්ලේරියා මහා සංග්‍රාමය ඇවිලී යන්නට විය. වෘත්තීය හා නවීන යුධ ශිල්ප ක්රමයන්හි හසල වූ පෘතුගීසි හා ලස්කිරිඤ්ඤ සෙබළුන් ඉතා නිර්භීතව සටන් කලමුත් ක්‍රමක්‍රමයෙන් නියත පරාජය නොවැළැක්විය බව පැහැදිලි වන්නට විය.

මහා වටලෑම (අංක 1 සිතියම)

මේ අතර පෘතුගීසි ඉදිරිපෙළ වේගයෙන් බිද වැටෙනු දුටු සංග්රාමශූර ටිකිරි කුමරු ප්රමුඛ සීතාවක අණදෙන්නන් පෘතුගීසි මහා සේනාව පුර්ණ වශයෙන් වැටලීම සදහා පැති ආරක්ෂක සේනා දෙපසට මෙහෙයවමින් (Outflanking maneuvers) සතුරු සේනාව දෙපසින් වැටලීම සිදු කරනවිට පසුපස (පස්සපොරොත්තුවේ) ස්ථානගත කර සිටි සිටි හේවාගම් කෝරළයේ විශේෂ සේනාංකය ගස් කදන් ආදිය කපා දමමින් සියලු ප්‍රවේශ මාර්ග අවහිර කරමින් පෘතුගීසින් ට මදකුදු පසුපසට ( කොළඹ දෙසට) පසුබඇසීමට නොහැකි වනසේ වැටලීම සම්පූර්ණ කිරීම සදහා එක්විය. සුප්‍රකට "කැනී" මහ සටනේදී (battle of Cannae) කාර්තේජියන් මහසෙන්පති හැනිබල් විසින් දැවැන්ත රෝම සේනාව වැටලූ පරිද්දෙන් සීතාවක සේනාවෝ ප්‍රතිකාල් සේනාංකය මුලුමනින්ම වටකොට විනාශකිරීම ආරම්භ කරනලදී. ඉතිහාසයේ සදහන් වන පරිදි පැය 16 ක පමණ කාලයක් අඛණ්ඩව පැවැතී සටනේදී ක්‍රමක්‍රමයෙන් ප්‍රතිකාල් යුද සංවිධානය බිදවැටුනු අතර පූර්ණ පරාජය නොවැළැක්විය බව දිස්වුනු විට පෘතුගීසි සෙන්පති මෙන්සස් නැවත සටන් පෙළ ගොඩනැගීමට මහත් ලෙස උත්සාහ ගත්තද එය අසාර්ථක වූ බැවින් පසුපසට පසුබැසීම සදහා උත්සාහ ගන්නා විට ගස් කදන් ආදිය යොදා සියලු පසුබැසීමේ ප්‍රවේශ අවහිර කොට තිබුනි. මෙම තීරණාත්මක මොහොතේදී අනපේක්ෂිත ලෙස ඇන්ටෝනියෝ ලොම්බා (Antonio dias de Lomba) නමැති ප්‍රතිකාල් යුද නිලධාරියා විසින් ප්‍රබල 'Berco' කාලතුවක්කු ප්‍රහාරයක් ( Artillery barrage ) සීතාවක සේනා වෙත එල්ලකිරීම හේතුවෙන් මොහොතකට සීතාවක සටන් රේඛාව බිදවැටුනු අතර එම අවසරයෙන් ඉතිරි වී සිටි ඉතා සුළු සංඛ්‍යාවක් වූ පෘතුගීසි හා ලස්කිරිඤ්ඤ සෙබළුන් පිරිසකට පමණක් උතුරු දෙසින් පිහිටි කැළණි ගංගාවේ ස්ථානගත කරතිබූ පාරු වෙත යාන්තමින් ලගාවීමට හැකි වූ අතර දහස්ගණනක් වූ අතිබහුතරයක් පෘතුගීසි ආක්රමණික සේනාව සම්පූර්ණයෙන් විනාශයට පත්විය. අනභිභවනීය යැයි සලකන ලද පෘතුගීසි යුද කීර්තිය තීරණාත්මක ලෙස පරාජයට පත්විනි.සංග්‍රාමයේ තීව්‍රතාවය හා පරිමාණය කොතරම් දැයි කිවහොත් ගලාගිය රුධිරයෙන් මුල්ලේරියා වගුරුබිම/ වෙල හි ජලය රත් පැහයට හැරවුනු බව ඉතිහාසයේ සදහන් වී ඇත. ටිකිරි කුමාරයන්ගේ විශිෂ්ඨ සංග්‍රාමික තීරණයක් වූ හේවාගම් කෝරළයේ විශේෂ සේනාංකය පෘතුගීසි සේනාවේ පසුපස ස්ථානගත කිරීම මගින් කොළඹ වෙත පසුබැසීම වැළැක්වීම ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූවක් බව මූලාශ්‍ර විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වෙයි.

මුල්ලේරියා සටනින් ඇතිවූ අවමන් සහගත පරාජයෙන් ඇතිවූ අපකීර්තිය මගහරවා ගැනීම සදහා ගෝවෙන් අතිරේක සේනා සහය ලබාගත් පෘතුගීසින් නැවතත් ප්‍රහාරයක් දියත් කිරීමට උත්සාහ ගත් අතර සීතාවක සෙන්පති උඩහමුල්ලේ වික්‍රමසිංහයන්ගේ නායකත්වයෙන් රග්ගහවත්තේදී එම ආක්‍රමණයද අන්ත පරාජයකට ලක්කෙරිනි. ක්‍රිව 1565 වනවිට සීතාවක යුද ශක්තිය දරාගත නොහැකි වූ පෘතුගීසි ආධිපත්‍යය කෝට්ටේ රාජ්‍යයයේ ප්‍රදේශ වලින් ගිලිහී කොළඹ කොටුවට පමණක් සීමාවිය.

තම ලෙයින්, මසින් හා ජීවිත මතින් අප්‍රමාණ පරිත්‍යාග කරමින් ලෝක යුධ ඉතිහාසයේ තම නාමය රන් අකුරින් සනිටුහන් කරමින් මාතෘ භූමියේ ගෞරවය රක්ෂා කල හේවාගම් කෝරළය ඇතුළු සීතාවක වීරෝධාර ජනතාවට මෙම කුඩා සටහන උපහාරයක් වේවා යයි ප්‍රාර්ථනා කරමි.

- කපිතන් (විශ්‍රාමික) රංග කටුගම්පල

මූලාශ්‍ර :

1.Rajavaliya - edition of Rev. Watuwatte Pemananda Thero

2. Ceylon and Portuguese from 1505 to 1658 by Peiris PE

3. The Historic Tragedy of Ceilao by Joao Ribeiro, PE Peiris

4. THE HISTORY OF CEYLON, FROM THE EARLIEST TIMES TO 1600 A.D.

by João de Barros, Diogo do Couto and Donald Ferguson

page of Piero Perondi

සීතාවක හා හේවාගම් කෝරළයේ ජනප්‍රවාද

[QUOTE="හෙළයෙක්, post: 31571365, member: 503645"] සීතාවක යටත් කිරීමේ පෘතුගීසි සැලසුම ක්‍රි.ව.1559 දී එවකට කොලබ ප්‍රතිකාල් ප්‍රධාන සෙන්පති වූ Jom Gorge de Menses Baroche විසින් සීතාවක රාජ්‍යය සම්පූර්ණයෙන්ම යටත් කරගැනීම සදහා සැලසුම් සකස් කල අතර ඒ අනුව ප්‍රථමයෙන් මාපිටිගම බලකොටුවට පහර දී විනාශ කර ඉන්පසුව සීතාවක අභ්‍යන්තරය වෙත ආක්‍රමණය දියත් කිරීම සඳහා සැලසුම් සකස් කෙරිනි. මේ අනුව කොළඹ සිට කැලණි ගඟ දකුණු ඉවුර ඔස්සේ ගඟට සමාන්තරව ගොඩබිම හරහා පාබල ආක්‍රමණයක් සැලසුම් කෙරුනු අතර ගංගාව ඔස්සේ ඔරු, පාරු යොදාගනිමින් සැපයුම් ආදිය (logistics) සැලසුම් කෙරිනි. කැලණි ගංගාවේ උතුරු ඉවුරේ සියනෑ කොරළයේ පිහිටා තිබූ මාපිටිගම බලකොටුව වෙත පහරදීම සදහා ගංගාව තරණය කිරීම අවශ්‍ය වූ අතර ප්‍රථමයෙන් දකුණු ඉවුරේ ස්ථාපනය කරන ලද සීතාවක ආරක්ෂක සංවිධානය විනාශ කර ඉන් පසුව කැලණි ගංගාව තරණය කිරීමට සැලසුම් කරන ලදැයි මූලාශ්‍ර විශ්ලේෂණයෙ කිරීමේදී පෙනීයයි. මෙම සැලසුම් පිලිබද දැනුවත් වූ එවකට සීතාවක හමුදාවන් මෙහෙයවූ ටිකිරි කුමරුන් විසින් ආක්‍රමණයට මුහුණදීම සදහා විශිෂ්ඨ සංග්‍රාමික සැලැස්මක් සකස් කල අතර ඒ අනුව පියවර කීපයක් ඔස්සේ ආක්‍රමණයට මුහුණ දීමට තීරණය කෙරිණි. මෙහිදී ආක්රමණික සේනා සීතාවක රාජ්‍යයේ සමීපයට පැමිණීමට පෙර ඔවුන්ගේ සංග්‍රාමික හැකියාව හැකිතාක් දුර්වල කිරීම සදහා වික්‍රමසිංහ මුදලි යටතේ කුඩා සේනාංකයක් හේවාගම සිට කැලණි ගගේ දකුණු ඉවුර ඔස්සේ ඉදිරියට මෙහෙයවුනු අතර මුහුණට මුහුණලා හමුවූ ප්‍රතිකාල් සේනාව සමග දරුණු සටන් ඇවිලුනු අතර මෙහිදී සීතාවක සේනාංක වෙත සැලකියයුතු හානි සිදුවූ අතර උපක්‍රමශීලී ලෙස ආපස්සට පසුබැසීම සිදුවිය. මෙහිදී මීටර 1800 කට වඩා දුරකට අඛණ්ඩ වෙඩි බලයක් ලබාදිය හැකි berco ජංගම කාලතුවක්කු (mobile artillery ) ඉතාම තීරණාත්මක විය. මෙම අතරමග සටන් මගින් ප්‍රතිකාල් සේනා වලටද තදබල හානි සිදුවූ අතර ඔවුන්ගේ වෙඩිඋණ්ඩ, වෙඩිබෙහෙත් ආදී යුධෝපකරණ (ordanance) විශාල ලෙස වැයවී තිබුනි. ඊට අමතරව සඳහන් කලයුතු වැදගත් කරුණක් වන්නේ කොලබ මූල කදවුරේ සිට විශාල දුරක් පැමිණ තිබූ බැවින් ඔවුන්ගේ සැපයුම් මාර්ග තුනී වී (overextended logistics) තිබීමයි. සීතාවක පසු බැසීමෙන් ධෛර්යවූ පරංගි සෙන්පති මෙන්සස් සීතාවක සේනාව හඹාගෙන යාමට තීරණය කල නමුත් තත්වයේ බැරෑරුම් කම වටහාගත් පළපුරුදු සෙබළුන් එයට එරෙහිවූ බැවින් මුල්ලේරියාව / අඹතලේ ප්‍රදේශයේ කැලණි ගංගාවේ දකුණු ඉවුරේ ගගට ආසන්න තැනිතලා වගුරු බිමක කඳවුරු ගත වීමට තීරණය කරනු ලැබීය. ටිකිරි කුමරුන්ගේ විශිෂ්ඨ සංග්‍රාමික සැලැස්ම (Tactical battle plan of Tikiri Bandara) මේ අතර තම සටන් සැලසුමේ ඊලඟ තීරණාත්මක පියවර ක්‍රියාත්මක කිරීමට කටයුතු කල ටිකිරි කුමාරයන් යුහුසුලුව ඉදිරි මහා ප්‍රහාරය සැලසුම් කරන ලදී. ඒ අනුව පෘතුගීසි කදවුරේ ස්ථානගතවීම හා අවට භූගෝලීය පිහිටුම සලකා පෙරමුණු දෙකකින් ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන ලද අතර කොරතොට, අතුරුගිරිය හා හෝකන්දර ආදී ප්‍රදේශවල ඉලංගම් සටන්හි නිපුණ පළපුරුදු සටන්කරුවන් දහසක පමණ සේනාංකයක් ඉතා රහසිගතව පෘතුගීසි කදවුරු සංකීර්ණයට පිටුපසින් ( කොළඹ දෙසට) කැලණි ගගට සමාන්තරව රදවන ලද අතර එහි අරමුණ වූයේ ඉදිරිපසින් එල්ලවන ප්‍රහාරයකදී සතුරු සේනා කොළඹ දෙසට පසුබැසීම වැළැක්වීමටය. (අංක 2 සිතියම) මෙය ඉතා විශිෂ්ඨ සංග්රාමෝපායක් බව පසුව සිදුවූ සිදුවීම් වලින් පැහැදිලි විය. ප්‍රධාන ප්‍රහාරය පෘතුගීසි කදවුර ඉදිරිපසින් පළල් මුහුනතක් (wider battle front) ඔස්සේ සැලසුම් කරන අතර එහි අරමුණ වූයේ පෘතුගීසි කාලතුවක්කු වෙඩි බලය පටු මුහුණතකට සංකේන්ද්‍රණය ( artillery concentrations) වීමෙන් ඇතිවියහැකි විනාශය වැළැක්වීමය. ප්‍රහාරක පෙරමුණෙහි මධ්‍යය සන්නද්ධ හස්තීන් සහිත ප්‍රධාන ප්‍රහාරක සේනාංකයෙන්ද දෙපස සහ පැති ආරක්ෂාව ( flank defenses ) පලිස්කරුවන් ආදීන්ගෙන සමන්විත සේනාංක දෙකකින් සමන්විත විය. ප්‍රධාන අභියෝගය වූයේ අතිශය විනාශකාරී කාලතුවක්කු වෙඩි පරාසය (Artillery firing range) හැකි උපරිම වේගයෙන් තරණය කොට පෘතුගීසි ඉදිරිපෙළ වෙත කඩාවැදීම වන අතර ඒ සදහා සටන් මුහුණතේ සන්නාහ සන්නද්ධ හස්තීන් පෙරටු කරගෙන ඔවුන්ගේ ආවරණය යටතේ කඩු, පලිස්, හෙලි ආදියෙන් සන්නද්ධ පාබල සේනා ඉදිරියට මෙහෙයවන ලදී. මෙහිදී කාලතුවක්කු ප්‍රහාර වල අධික ශබ්දය හේතුවෙන් හස්තීන් කුලප්පුවී යාම් සිදුවූ අතර පාලනය සදහා විශාල දම්වැල් ආදිය යොදාගත් බවට සාධක ඇත. සටනක සාර්ථකත්වය සදහා ඉතා වැදගත් වන අණ හා පාලනය ( command and control) පවත්වා ගැනීම සදහාද මෙවැනි ප්‍රහාරයක්දී ඉතා වැදගත් වන ධෛර්යය හා උද්යෝගය ( morale ) පවත්වා ගැනීම සදහාද තරුණ ටිකිරි කුමරුන් අශ්වයකු පිට අරා සම්පූර්ණ සටන් පෙරමුණ ආවරණය වන සේ වේගයෙන් අසු විහිදුවාලමින් නොනවතින රැළි සේ සේනා ඉදිරියට මෙහෙයවන ලදී. කාලතුවක්කු වෙඩි පරාසය සම්පූර්ණ කල පසු පෙර සදහන් කල Archebus පුද්ගල ගිනි අවි පරාස දුර (මී. 80) තරණය කර නැවත නැවතත් වෙඩි බෙහෙත් යොදා පහරදීමට පෙර සතුරු ඉදිරි පෙළ බිදදැමීම සීතාවක අණදෙන්නන්ගේ අභිලාෂය විය. ප්‍රතිකාල් ඉදිරිපෙළ වෙත කඩා වැදුනු හෙලි, කඩු, දුනු, පලිස් ආදියෙන් සන්නද්ධ සීතාවක සෙබළුන් හා පෘතුගීසි සෙබළුන් අතර මුහුණට මුහුණලා දරුණු සටන් ඇති වූ අතර ලෝක යුද ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මුල්ලේරියා මහා සංග්‍රාමය ඇවිලී යන්නට විය. වෘත්තීය හා නවීන යුධ ශිල්ප ක්රමයන්හි හසල වූ පෘතුගීසි හා ලස්කිරිඤ්ඤ සෙබළුන් ඉතා නිර්භීතව සටන් කලමුත් ක්‍රමක්‍රමයෙන් නියත පරාජය නොවැළැක්විය බව පැහැදිලි වන්නට විය. මහා වටලෑම (අංක 1 සිතියම) මේ අතර පෘතුගීසි ඉදිරිපෙළ වේගයෙන් බිද වැටෙනු දුටු සංග්රාමශූර ටිකිරි කුමරු ප්රමුඛ සීතාවක අණදෙන්නන් පෘතුගීසි මහා සේනාව පුර්ණ වශයෙන් වැටලීම සදහා පැති ආරක්ෂක සේනා දෙපසට මෙහෙයවමින් (Outflanking maneuvers) සතුරු සේනාව දෙපසින් වැටලීම සිදු කරනවිට පසුපස (පස්සපොරොත්තුවේ) ස්ථානගත කර සිටි සිටි හේවාගම් කෝරළයේ විශේෂ සේනාංකය ගස් කදන් ආදිය කපා දමමින් සියලු ප්‍රවේශ මාර්ග අවහිර කරමින් පෘතුගීසින් ට මදකුදු පසුපසට ( කොළඹ දෙසට) පසුබඇසීමට නොහැකි වනසේ වැටලීම සම්පූර්ණ කිරීම සදහා එක්විය. සුප්‍රකට "කැනී" මහ සටනේදී (battle of Cannae) කාර්තේජියන් මහසෙන්පති හැනිබල් විසින් දැවැන්ත රෝම සේනාව වැටලූ පරිද්දෙන් සීතාවක සේනාවෝ ප්‍රතිකාල් සේනාංකය මුලුමනින්ම වටකොට විනාශකිරීම ආරම්භ කරනලදී. ඉතිහාසයේ සදහන් වන පරිදි පැය 16 ක පමණ කාලයක් අඛණ්ඩව පැවැතී සටනේදී ක්‍රමක්‍රමයෙන් ප්‍රතිකාල් යුද සංවිධානය බිදවැටුනු අතර පූර්ණ පරාජය නොවැළැක්විය බව දිස්වුනු විට පෘතුගීසි සෙන්පති මෙන්සස් නැවත සටන් පෙළ ගොඩනැගීමට මහත් ලෙස උත්සාහ ගත්තද එය අසාර්ථක වූ බැවින් පසුපසට පසුබැසීම සදහා උත්සාහ ගන්නා විට ගස් කදන් ආදිය යොදා සියලු පසුබැසීමේ ප්‍රවේශ අවහිර කොට තිබුනි. මෙම තීරණාත්මක මොහොතේදී අනපේක්ෂිත ලෙස ඇන්ටෝනියෝ ලොම්බා (Antonio dias de Lomba) නමැති ප්‍රතිකාල් යුද නිලධාරියා විසින් ප්‍රබල 'Berco' කාලතුවක්කු ප්‍රහාරයක් ( Artillery barrage ) සීතාවක සේනා වෙත එල්ලකිරීම හේතුවෙන් මොහොතකට සීතාවක සටන් රේඛාව බිදවැටුනු අතර එම අවසරයෙන් ඉතිරි වී සිටි ඉතා සුළු සංඛ්‍යාවක් වූ පෘතුගීසි හා ලස්කිරිඤ්ඤ සෙබළුන් පිරිසකට පමණක් උතුරු දෙසින් පිහිටි කැළණි ගංගාවේ ස්ථානගත කරතිබූ පාරු වෙත යාන්තමින් ලගාවීමට හැකි වූ අතර දහස්ගණනක් වූ අතිබහුතරයක් පෘතුගීසි ආක්රමණික සේනාව සම්පූර්ණයෙන් විනාශයට පත්විය. අනභිභවනීය යැයි සලකන ලද පෘතුගීසි යුද කීර්තිය තීරණාත්මක ලෙස පරාජයට පත්විනි.සංග්‍රාමයේ තීව්‍රතාවය හා පරිමාණය කොතරම් දැයි කිවහොත් ගලාගිය රුධිරයෙන් මුල්ලේරියා වගුරුබිම/ වෙල හි ජලය රත් පැහයට හැරවුනු බව ඉතිහාසයේ සදහන් වී ඇත. ටිකිරි කුමාරයන්ගේ විශිෂ්ඨ සංග්‍රාමික තීරණයක් වූ හේවාගම් කෝරළයේ විශේෂ සේනාංකය පෘතුගීසි සේනාවේ පසුපස ස්ථානගත කිරීම මගින් කොළඹ වෙත පසුබැසීම වැළැක්වීම ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූවක් බව මූලාශ්‍ර විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වෙයි. මුල්ලේරියා සටනින් ඇතිවූ අවමන් සහගත පරාජයෙන් ඇතිවූ අපකීර්තිය මගහරවා ගැනීම සදහා ගෝවෙන් අතිරේක සේනා සහය ලබාගත් පෘතුගීසින් නැවතත් ප්‍රහාරයක් දියත් කිරීමට උත්සාහ ගත් අතර සීතාවක සෙන්පති උඩහමුල්ලේ වික්‍රමසිංහයන්ගේ නායකත්වයෙන් රග්ගහවත්තේදී එම ආක්‍රමණයද අන්ත පරාජයකට ලක්කෙරිනි. ක්‍රිව 1565 වනවිට සීතාවක යුද ශක්තිය දරාගත නොහැකි වූ පෘතුගීසි ආධිපත්‍යය කෝට්ටේ රාජ්‍යයයේ ප්‍රදේශ වලින් ගිලිහී කොළඹ කොටුවට පමණක් සීමාවිය. තම ලෙයින්, මසින් හා ජීවිත මතින් අප්‍රමාණ පරිත්‍යාග කරමින් ලෝක යුධ ඉතිහාසයේ තම නාමය රන් අකුරින් සනිටුහන් කරමින් මාතෘ භූමියේ ගෞරවය රක්ෂා කල හේවාගම් කෝරළය ඇතුළු සීතාවක වීරෝධාර ජනතාවට මෙම කුඩා සටහන උපහාරයක් වේවා යයි ප්‍රාර්ථනා කරමි. - කපිතන් (විශ්‍රාමික) රංග කටුගම්පල මූලාශ්‍ර : 1.Rajavaliya - edition of Rev. Watuwatte Pemananda Thero 2. Ceylon and Portuguese from 1505 to 1658 by Peiris PE 3. The Historic Tragedy of Ceilao by Joao Ribeiro, PE Peiris 4. THE HISTORY OF CEYLON, FROM THE EARLIEST TIMES TO 1600 A.D. by João de Barros, Diogo do Couto and Donald Ferguson page of Piero Perondi සීතාවක හා හේවාගම් කෝරළයේ ජනප්‍රවාද [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom