Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුල් ම නිදහස් දා #lka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල් ම නිදහස් දා #lka

මුල් ම නිදහස් දා උළෙලේ විසිතුරු සිතුවම්

මැවූ විස්කම් සිත්තරා..

අද අප පසු කරන්නේ 65 වැනි නිදහස් සමරුවයි. 1815 මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඩුවේ දී එහි රැස් වූ අදිකාරම්වරුන්, දිසාවේවරුන් හා අනිකුත් උඩරට රදළ ප්‍රධානීන් ඉදිරියේ කියවනු ලැබූ උඩරට ගිවිසුම ඇත්ත වශයෙන් ම අත්සන් කළේ මාර්තු 10 වැනිදාය. එදා නිල වශයෙන් උඩරට ගිවිසුමෙන් ඉංගී‍්‍රසින්ට පවරා දුන් පසු ඉංගී්රසින්ගේ යටත් විජිතයක් වෙමින් අපට අහිමි වූ නිදහස යළි අපට ලැබුණේ 1948 පෙබරවාරි 4 වැනිදායි. බි්රතාන්ය අධිරාජ්‍යයේ කොටසක්ව තිබූ අපේ රටේ පාලනය නිල වශයෙන් අපේ අතට ලැබුණේ එදාය. ලේ බිඳුවක්වත් නොසොල්වා ලබා ගත් ඒ නිදහස සැබෑ නිදහසක් ද නැද්ද යන්න තවමත් විවාදාත්මක පවතින්නක්. ඞී. ඇස්. සේනානායක මහතා මුල් වී ලැබුණු ඒ නිදහස ගැන එදා විරුද්ධවාදීන් එතුමාට අවලාද නැඟුවා. තවමත් එතුමාට විරුද්ධවාදීන්ගෙන් නැෙඟන අවලාද අවසන් වෙලා නැහැ.

එදා මුල්ම නිදහස් උළෙල පැවැත් වුණේ අද නිදහස් ස්මාරකය පිහිටුවා ඇති ස්ථානයේයි. ඒ පිළිබඳ නිල උත්සවය පැවැත් වුණේ 1948 පෙබරවාරි 10 දාය. මේ පින්තූර පසුපස කතාව හරිම අපූරුයි! ඒ උත්සවය පැවැත් වූ ආකාරය පිළිබඳව අපට ඇති එකම ‘ඇසින් දුටු සාක්ෂිය’ එම උළෙලෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කළ එවකට තරුණ ඉංජිනේරුවරයකු වූ එච්. ආර්. පේ‍්‍රමරත්නයන් විසින් කළ වර්ණ තෙල් සායම් චිත්රයයි. එකල මෙරට වර්ණ ඡායාරූප පහසුකම් නොවූ නිසා එම වර්ණ චිත්‍රය එම අවස්ථාවේ පැවති තත්වය මොනවට නිරූපණය කළා.

අපට නිදහස පිරිනැමීම උත්සවාකාරයෙන් සිදු කරන්නට තීරණය කළත් ඒ සඳහා සුදුසු, ප්‍රමාණවත් ශාලාවක් ලංකාවේ එවකට තිබුණේ නෑ. ඒ නිසා එම උත්සවයට ශාලාවක් සූදානම් කිරීම පැවරුණේ එවකට තිබුණු ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවටයි. එහි මුල් පුටුවල හිටියේ සුදු ජාතික ඉංජිනේරුවන්. ඔවුන්ට දේශීයත්වය ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඒ නිසා ඔවුන් ඒ කටයුත්ත පේ්රමරත්නයන්ට පැවරුවා.

ඒ අනුව ප්‍රථම නිදහස් උළෙල පැවැත්වීමට සුදුසු තැනක් සොයා, උළෙල සඳහා එම ස්ථානය පිළියෙල කිරීම පේ‍්‍රමරත්නයන් බාර ගත්තා. එසේ තෝරා ගත්තේ යුද්ධ කාලේ ගුවන්යානා නවතා තැබූ හැඟරයක්. එය යකඩ හා වානේ තහඩුවලින් විශාල මඩුවක් වැනි එකක්. එහි උත්සවයක් පැවැත්වීමට හැකි යැයි බැලූ බැල්මට කාටවත් කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ.

ඒත් ඔහු එය කෙටිකාලයක් තුළ ලස්සන උත්සව ශාලාවක් බවට පත් කළා. ඒ සඳහා ඔහු සුදු රෙදි යාර 20,000ක්, වර්ණවත් කඩදාසි යාර 20,000ක් හා ගෝනි රෙදි යාර 9,000ක් යොදා ගත්තා යැයි සඳහන් වෙනවා. ඒ විශාල ශාලාවේ වහලය ඇතුළත හා කුලූනු අතර ඔහු උඩරට රැලිපාලම් යෙදුවා. දේශීය සංකේත, අපේ සංස්කෘතික උරුමයන් කියාපාන චිත්‍ර රටා හා සැරසිලි මේ උත්සව ශාලාව අලංකාර කිරීමට එක් කළා. ලංකාවේ භාවිත වූ සිංහ කොඩි ඇතුළු පැරණි ධජපතාක ආදියත් යාපනයේ නාන්දි කොඩිත්, මුස්ලිම් සංස්කෘතික සංකේත ආදියත් යොදා ගත්තා.

මේ සියල්ල කළ පේ‍්‍රමරත්නයන් එවකට ඔහුගේ විෂයභාර අමාත්‍යවරයා වූ ශී‍්‍රමත් ජෝන් කොතලාවල මහතාගෙන් තමන් වෙනුවෙන් කළේ එකම එක ඉල්ලීමක් විතරයි. ඒ උත්සවය ඒ අවස්ථාවේදී ම චිත්‍රයට නඟන්නට අවසරය පමණයි. ඒ අවසරය ඔහුට ලැබුණා. ප්‍රථම නිදහස් උළෙලේ විසිතුරු තෙල් සායම් චිත්‍රය නිර්මාණය වූයේ එහෙමයි. එවැනි ඓතිහාසික උත්සවයක් එහි විසිතුරු දර්ශනතලය නිම වූ ඉංජිනේරුවරයාගේ අතින් ම උත්සවය පැවති අවස්ථාවේ දී ම චිත්‍රයට නැඟීම ලෝකයේ එතෙක් සිදු නොවූ විස්මිත, දුලබ, විරල දෙයක් කියලයි මට හිතෙන්නෙ.

එච්. ආර්. (හපුගොඩ රන්කොත්ගේ) පේ‍්‍රමරත්නයන් විද්‍යාවත් කලාවත් එක සංකලනය වූ විචිත්‍ර චරිතයක්. අසීමිත දක්ෂතාවලින් හෙබි ඔහු ඉංජිනේරුවෙක් පමණක් නොවෙයි, චිත්‍ර හා මූර්ති ශිල්පියෙක්. කලා රසිකයෙක්, භාෂාව, සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳ ප්‍රාමාණික උගතෙක්. මහනුවර ඉපිද ධර්මරාජ විදුහලෙන් හා කොළඹ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු බි්රතාන්යයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධි ලබා පැමිණ කලක් මරදානේ කාර්මික විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කළා. පසුව රජයේ වැඩ දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහුට ප්‍රථම නිදහස් උළෙලේ වැඩ කටයුතු පැවරුණේ එහි කනිෂ්ඨ ඉංජිනේරුවකුව සිටියදීයි. ඒ ස්ථානයේ දැන් ඉදිකර ඇති නිදහස් ස්මාරකය ඉදිකිරීමේදීත් ඔහු විශාල කාර්යභාරයක් ඉටු කළා. අද ජනපි‍්‍රය සංකේතයක්ව පවතින ‘යාපහුවේ සිංහයා’ ඊට එක් කිරීමේ ගෞරවය හිමි වන්නේත් ඔහුටයි.

උත්සව ශාලාව සැලසුම් කළ පේ‍්‍රමරත්නයන්ගේ ම තෙලිතුඩින් නිම වූ ප්‍රථම නිදහස් උළෙලේ අසිරිය. බි්රතාන්ය කිරීටය නියෝජනය කරමින් ඊට සහභාගි වූ ග්ලෝස්ටර් ආදිපාදයන් හා එම ආර්යාවත්, නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඞී. ඇස්. සේනානායක ඇතුළු ප්‍රභූ පිරිසත් එහි අසුන් ගෙන සිටි අයුරු.

විස්කම් සිත්තරා - එච්. ආර්. පේ‍්‍රමරත්න

මා නවයුගය ප්‍රධාන සංස්කාරකව සිටිද්දී එක් වසරක නිදහස් සැමරුම වෙනුවෙන් පළ කළ ‘නවයුගය’ කලාපයේ කවරය සඳහා එදා පේ‍්‍රමරත්න මහතා සිත්තම් කළ ප්‍රථම නිදහස් උළෙල යොදා ගැනීමට මට අවශ්‍ය වුණා. පේ‍්‍රමරත්න මහතා විසින් තමන් එදා ඇඳි වර්ණ චිත්‍රය පසු කලෙක ජනාධිපති මන්දිරයේ දී එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට පිරිනමා තිබුණා. එය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර විවෘත කරන ආකාරයත් ඊට පසු දිනක පුවත්පත්වල පළ වී තිබුණා. මේ මතකය නිසා මම එහි ඡායාරූප පිටපතක් ලබා ගැනීමට අවසර පැතූ ලිපියක් ලියා, ඡායාරූප ශිල්පියකු සමග එවකට නවයුගයේ සේවය කළ විශේෂාංග ලේඛකයකු වූ සමන්ත මල්ලවආරච්චි සහෘදයා ජනාධිපති මන්දිරයට පිටත් කර හැරියා. ජනාධිපති මැඳුරේ තැන්පත් කර තිබූ සෑම පින්තූරයක් ම නරඹා පැය කීපයකට පසු ව ඒ පින්තූරය එහි නොමැති බව කියමින් ඔහු ආපසු ආවා.

ඒත් ඒ ආවේ හිස් අතින් ම නෙවෙයි. ඒ පින්තූරය මුද්‍රණය කළ විශේෂ නිදහස් සමරු කලාපයකුත් සමගයි. කුඩා ප්‍රමාණයෙන් කළ මුද්‍රණයක් නිසා එය අපට කෙළින්ම අපේ අවශ්‍යතාව සඳහා යොදා ගන්න බැරි වුණා. ඒ නිසා චිත්රශිල්පී විමල් ලොකුලියන ලවා එය නවයුගය කවරය සඳහා අලූතින් ප්‍රතිනිර්මාණය කරන්නට අපට සිදු වුණා. මේ පින්තූරය නැති වීම ගැන නවයුගයේ පළ වූ පසු ඒ පිළිබඳව සොයා බලන්නට එංගලන්තයේ පදිංචිව සිටින පේ‍්‍රමරත්නයන්ගේ එකම පුත් ලංකාවට ආවා. ඔහු ඒ ගැන රහස් පොලිසියට පැමිණිල්ලක් පවා කළා. එහෙත් ඒ පරීක්ෂණවලින් පලක් වූ බවක් වාර්තා වුණේ නැහැ.

මෙහි පළ වෙන්නේ නවයුගය සඟරාවේ කවරයේ පළ වූ ඒ පින්තූරය නෙවෙයි, පේ‍්‍රමරත්නයන් විසින් ඇඳි සිත්තම අස්ථාන ගත වෙන්නට පෙර ගත් එහි ඡායාරූපයක්. මෙය ලබා ගත්තේ නාලක ගුණවර්ධනයන්ගේ  Moving Images, Moving People! වෙබ් අඩවියෙන්. පේ‍්‍රමරත්නයන් පිළිබඳව මෙහි ඇතුළත් නොවන තවත් විස්තර නාලකගේ ’සිවුමංසල කොලූ ගැටයා’ තීරු ලිපි මාලාවේ ‘මුල්ම නිදහස් උළෙලේ විශ්ව කර්මයා’ යන ලිපියෙන් කියවන්න පුළුවන්.

ලිපිය ගත්තේ:- පර්සි ජයමාන්න ගෙන්

[QUOTE="Supunqw, post: 17840653, member: 225222"] [b]මුල් ම නිදහස් දා #lka[/b] [CENTER][SIZE=6][COLOR=DarkSlateGray]මුල් ම නිදහස් දා උළෙලේ විසිතුරු සිතුවම් මැවූ විස්කම් සිත්තරා.. [SIZE=4] [/SIZE][/COLOR][/SIZE][SIZE=4]අද අප පසු කරන්නේ 65 වැනි නිදහස් සමරුවයි. 1815 මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඩුවේ දී එහි රැස් වූ අදිකාරම්වරුන්, දිසාවේවරුන් හා අනිකුත් උඩරට රදළ ප්‍රධානීන් ඉදිරියේ කියවනු ලැබූ උඩරට ගිවිසුම ඇත්ත වශයෙන් ම අත්සන් කළේ මාර්තු 10 වැනිදාය. එදා නිල වශයෙන් උඩරට ගිවිසුමෙන් ඉංගී‍්‍රසින්ට පවරා දුන් පසු ඉංගී්රසින්ගේ යටත් විජිතයක් වෙමින් අපට අහිමි වූ නිදහස යළි අපට ලැබුණේ 1948 පෙබරවාරි 4 වැනිදායි. බි්රතාන්ය අධිරාජ්‍යයේ කොටසක්ව තිබූ අපේ රටේ පාලනය නිල වශයෙන් අපේ අතට ලැබුණේ එදාය. ලේ බිඳුවක්වත් නොසොල්වා ලබා ගත් ඒ නිදහස සැබෑ නිදහසක් ද නැද්ද යන්න තවමත් විවාදාත්මක පවතින්නක්. ඞී. ඇස්. සේනානායක මහතා මුල් වී ලැබුණු ඒ නිදහස ගැන එදා විරුද්ධවාදීන් එතුමාට අවලාද නැඟුවා. තවමත් එතුමාට විරුද්ධවාදීන්ගෙන් නැෙඟන අවලාද අවසන් වෙලා නැහැ. [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-arzRon9HT0g/UQ26GvwUlLI/AAAAAAAAHpM/yU5gHcx6Gz4/s400/1.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] එදා මුල්ම නිදහස් උළෙල පැවැත් වුණේ අද නිදහස් ස්මාරකය පිහිටුවා ඇති ස්ථානයේයි. ඒ පිළිබඳ නිල උත්සවය පැවැත් වුණේ 1948 පෙබරවාරි 10 දාය. මේ පින්තූර පසුපස කතාව හරිම අපූරුයි! ඒ උත්සවය පැවැත් වූ ආකාරය පිළිබඳව අපට ඇති එකම ‘ඇසින් දුටු සාක්ෂිය’ එම උළෙලෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කළ එවකට තරුණ ඉංජිනේරුවරයකු වූ එච්. ආර්. පේ‍්‍රමරත්නයන් විසින් කළ වර්ණ තෙල් සායම් චිත්රයයි. එකල මෙරට වර්ණ ඡායාරූප පහසුකම් නොවූ නිසා එම වර්ණ චිත්‍රය එම අවස්ථාවේ පැවති තත්වය මොනවට නිරූපණය කළා. අපට නිදහස පිරිනැමීම උත්සවාකාරයෙන් සිදු කරන්නට තීරණය කළත් ඒ සඳහා සුදුසු, ප්‍රමාණවත් ශාලාවක් ලංකාවේ එවකට තිබුණේ නෑ. ඒ නිසා එම උත්සවයට ශාලාවක් සූදානම් කිරීම පැවරුණේ එවකට තිබුණු ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවටයි. එහි මුල් පුටුවල හිටියේ සුදු ජාතික ඉංජිනේරුවන්. ඔවුන්ට දේශීයත්වය ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඒ නිසා ඔවුන් ඒ කටයුත්ත පේ්රමරත්නයන්ට පැවරුවා. [/SIZE] [SIZE=4] ඒ අනුව ප්‍රථම නිදහස් උළෙල පැවැත්වීමට සුදුසු තැනක් සොයා, උළෙල සඳහා එම ස්ථානය පිළියෙල කිරීම පේ‍්‍රමරත්නයන් බාර ගත්තා. එසේ තෝරා ගත්තේ යුද්ධ කාලේ ගුවන්යානා නවතා තැබූ හැඟරයක්. එය යකඩ හා වානේ තහඩුවලින් විශාල මඩුවක් වැනි එකක්. එහි උත්සවයක් පැවැත්වීමට හැකි යැයි බැලූ බැල්මට කාටවත් කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ. [/SIZE] [SIZE=4] ඒත් ඔහු එය කෙටිකාලයක් තුළ ලස්සන උත්සව ශාලාවක් බවට පත් කළා. ඒ සඳහා ඔහු සුදු රෙදි යාර 20,000ක්, වර්ණවත් කඩදාසි යාර 20,000ක් හා ගෝනි රෙදි යාර 9,000ක් යොදා ගත්තා යැයි සඳහන් වෙනවා. ඒ විශාල ශාලාවේ වහලය ඇතුළත හා කුලූනු අතර ඔහු උඩරට රැලිපාලම් යෙදුවා. දේශීය සංකේත, අපේ සංස්කෘතික උරුමයන් කියාපාන චිත්‍ර රටා හා සැරසිලි මේ උත්සව ශාලාව අලංකාර කිරීමට එක් කළා. ලංකාවේ භාවිත වූ සිංහ කොඩි ඇතුළු පැරණි ධජපතාක ආදියත් යාපනයේ නාන්දි කොඩිත්, මුස්ලිම් සංස්කෘතික සංකේත ආදියත් යොදා ගත්තා.[/SIZE] [SIZE=4] මේ සියල්ල කළ පේ‍්‍රමරත්නයන් එවකට ඔහුගේ විෂයභාර අමාත්‍යවරයා වූ ශී‍්‍රමත් ජෝන් කොතලාවල මහතාගෙන් තමන් වෙනුවෙන් කළේ එකම එක ඉල්ලීමක් විතරයි. ඒ උත්සවය ඒ අවස්ථාවේදී ම චිත්‍රයට නඟන්නට අවසරය පමණයි. ඒ අවසරය ඔහුට ලැබුණා. ප්‍රථම නිදහස් උළෙලේ විසිතුරු තෙල් සායම් චිත්‍රය නිර්මාණය වූයේ එහෙමයි. එවැනි ඓතිහාසික උත්සවයක් එහි විසිතුරු දර්ශනතලය නිම වූ ඉංජිනේරුවරයාගේ අතින් ම උත්සවය පැවති අවස්ථාවේ දී ම චිත්‍රයට නැඟීම ලෝකයේ එතෙක් සිදු නොවූ විස්මිත, දුලබ, විරල දෙයක් කියලයි මට හිතෙන්නෙ. [/SIZE] [SIZE=4] එච්. ආර්. (හපුගොඩ රන්කොත්ගේ) පේ‍්‍රමරත්නයන් විද්‍යාවත් කලාවත් එක සංකලනය වූ විචිත්‍ර චරිතයක්. අසීමිත දක්ෂතාවලින් හෙබි ඔහු ඉංජිනේරුවෙක් පමණක් නොවෙයි, චිත්‍ර හා මූර්ති ශිල්පියෙක්. කලා රසිකයෙක්, භාෂාව, සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳ ප්‍රාමාණික උගතෙක්. මහනුවර ඉපිද ධර්මරාජ විදුහලෙන් හා කොළඹ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු බි්රතාන්යයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධි ලබා පැමිණ කලක් මරදානේ කාර්මික විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කළා. පසුව රජයේ වැඩ දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහුට ප්‍රථම නිදහස් උළෙලේ වැඩ කටයුතු පැවරුණේ එහි කනිෂ්ඨ ඉංජිනේරුවකුව සිටියදීයි. ඒ ස්ථානයේ දැන් ඉදිකර ඇති නිදහස් ස්මාරකය ඉදිකිරීමේදීත් ඔහු විශාල කාර්යභාරයක් ඉටු කළා. අද ජනපි‍්‍රය සංකේතයක්ව පවතින ‘යාපහුවේ සිංහයා’ ඊට එක් කිරීමේ ගෞරවය හිමි වන්නේත් ඔහුටයි. [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-sw476oCT4oQ/UQ26je2I4ZI/AAAAAAAAHpU/xayKbPyIZo0/s640/1.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=4] උත්සව ශාලාව සැලසුම් කළ පේ‍්‍රමරත්නයන්ගේ ම තෙලිතුඩින් නිම වූ ප්‍රථම නිදහස් උළෙලේ අසිරිය. බි්රතාන්ය කිරීටය නියෝජනය කරමින් ඊට සහභාගි වූ ග්ලෝස්ටර් ආදිපාදයන් හා එම ආර්යාවත්, නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඞී. ඇස්. සේනානායක ඇතුළු ප්‍රභූ පිරිසත් එහි අසුන් ගෙන සිටි අයුරු.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-YqvHXh-09ZA/UQ28HA02glI/AAAAAAAAHpc/z0Saqx4QrUM/s320/1.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=4] විස්කම් සිත්තරා - එච්. ආර්. පේ‍්‍රමරත්න[/SIZE][/CENTER] [SIZE=4] මා නවයුගය ප්‍රධාන සංස්කාරකව සිටිද්දී එක් වසරක නිදහස් සැමරුම වෙනුවෙන් පළ කළ ‘නවයුගය’ කලාපයේ කවරය සඳහා එදා පේ‍්‍රමරත්න මහතා සිත්තම් කළ ප්‍රථම නිදහස් උළෙල යොදා ගැනීමට මට අවශ්‍ය වුණා. පේ‍්‍රමරත්න මහතා විසින් තමන් එදා ඇඳි වර්ණ චිත්‍රය පසු කලෙක ජනාධිපති මන්දිරයේ දී එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට පිරිනමා තිබුණා. එය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර විවෘත කරන ආකාරයත් ඊට පසු දිනක පුවත්පත්වල පළ වී තිබුණා. මේ මතකය නිසා මම එහි ඡායාරූප පිටපතක් ලබා ගැනීමට අවසර පැතූ ලිපියක් ලියා, ඡායාරූප ශිල්පියකු සමග එවකට නවයුගයේ සේවය කළ විශේෂාංග ලේඛකයකු වූ සමන්ත මල්ලවආරච්චි සහෘදයා ජනාධිපති මන්දිරයට පිටත් කර හැරියා. ජනාධිපති මැඳුරේ තැන්පත් කර තිබූ සෑම පින්තූරයක් ම නරඹා පැය කීපයකට පසු ව ඒ පින්තූරය එහි නොමැති බව කියමින් ඔහු ආපසු ආවා. ඒත් ඒ ආවේ හිස් අතින් ම නෙවෙයි. ඒ පින්තූරය මුද්‍රණය කළ විශේෂ නිදහස් සමරු කලාපයකුත් සමගයි. කුඩා ප්‍රමාණයෙන් කළ මුද්‍රණයක් නිසා එය අපට කෙළින්ම අපේ අවශ්‍යතාව සඳහා යොදා ගන්න බැරි වුණා. ඒ නිසා චිත්රශිල්පී විමල් ලොකුලියන ලවා එය නවයුගය කවරය සඳහා අලූතින් ප්‍රතිනිර්මාණය කරන්නට අපට සිදු වුණා. මේ පින්තූරය නැති වීම ගැන නවයුගයේ පළ වූ පසු ඒ පිළිබඳව සොයා බලන්නට එංගලන්තයේ පදිංචිව සිටින පේ‍්‍රමරත්නයන්ගේ එකම පුත් ලංකාවට ආවා. ඔහු ඒ ගැන රහස් පොලිසියට පැමිණිල්ලක් පවා කළා. එහෙත් ඒ පරීක්ෂණවලින් පලක් වූ බවක් වාර්තා වුණේ නැහැ.[/SIZE] [SIZE=4] මෙහි පළ වෙන්නේ නවයුගය සඟරාවේ කවරයේ පළ වූ ඒ පින්තූරය නෙවෙයි, පේ‍්‍රමරත්නයන් විසින් ඇඳි සිත්තම අස්ථාන ගත වෙන්නට පෙර ගත් එහි ඡායාරූපයක්. මෙය ලබා ගත්තේ නාලක ගුණවර්ධනයන්ගේ [/SIZE] [SIZE=4][URL="http://nalakagunawardene.com/"]Moving Images, Moving People! [/URL]වෙබ් අඩවියෙන්. පේ‍්‍රමරත්නයන් පිළිබඳව මෙහි ඇතුළත් නොවන තවත් විස්තර නාලකගේ ’සිවුමංසල කොලූ ගැටයා’ තීරු ලිපි මාලාවේ ‘මුල්ම නිදහස් උළෙලේ විශ්ව කර්මයා’ යන ලිපියෙන් කියවන්න පුළුවන්.[/SIZE] [SIZE=4][COLOR=DarkRed][B]ලිපිය [/B][/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]ගත්තේ:- [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]පර්සි ජයමාන්න ගෙන්[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom